නැවතුණු තැනින් .....................
අද තමයි ජේතවන සංරක්ෂණය පිළිබඳ කථා කරන්නේ
මම පසුගිය ලිපියෙන් සංරක්ෂණය කියන්නේ මොකක්ද? සංරක්ෂණ මුලධර්ම පිළිබඳව විග්‍රහ කළා. අද මා පවසන්නේ ජේතවනයේ කොත වර්තමාන තත්වයෙන් සංරරක්ෂණය කළ හේතුවයි.
පසුගිය ලිපියෙන් මා මූලික අගයන් 3ක් පිළිබඳව පැවසුවා. ඒවා නැවත අනු අගයන්වලට ද බෙදී යනවා . එහිදී
පසුගිය ලිපියෙන් මා මූලික අගයන් 3ක් පිළිබඳව පැවසුවා. ඒවා නැවත අනු අගයන්වලට ද බෙදී යනවා . එහිදී
- ඓතිහාසික අගය
- ආශ්චර්යමත් අගය
- පුරාවිද්‍යාත්මක අගය
- ආගමික අගය
- සංස්කෘතික අගය
- දේශපාලන අගය
මේ අනුව යම් ස්මාරකයක් සංරක්ෂණයේදී එම ස්මාරකයේ වඩාත් රැකගත යුතු අගයන් පිළිබඳ මැන බැලීමක් සිදුකරනවා. ඉන්පසුව එම අගයන් රැකෙන පරිදි සංරක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා. එහිදි මෙම ස්මාරකයේ මුල් ස්වරුපය, එහි ඓතිහාසික බව, පුරාවිද්‍යාත්මක අගය, ආශ්චර්යමත් බව ආදිය පිළිබඳව මෙහිදී සැළකිළිමත් වෙනවා. එය ස්මාරකයේ ස්වරූපය අනුව වෙනස් වෙනවා.
ඒ අනුව ජේතවන සංරක්ෂණයේදී ද මේ කරුණු පිළිබඳව සැළකිළිමත් වූණා. මෙය ඉතා සරළ කාර්යයක් ලෙස ඔබට හැඟුනත් මෙය ඉතා දුෂ්කර කාර්යයක් බව කිව යුතුයි. මෙම සංරක්ෂණ කටයුතු වෙනුවෙන් අධ්‍යයයන කටයුතුවලටම වසර 10 කට අධික කාලයක් ගතවුණා. ඊට හේතුව ඔබ දන්නා පරිදි මෙය ගඩොලින් තැනූ ස්මාරකයක්. අභයගිරිය ද ගඩොලින් තැනූ ස්මාරකයක්. නමුත් මේ සඳහා භාවිතා කරන ලද ගඩොල දිගින් අඩු පළලින් වැඩි හා පැතලි ගඩොලකි. මෙම ගඩොල නිර්මාණය කළේ කෙසේදැයි යන්න පිළිබඳව අපේ වර්තමාන ශිල්පීන් නොදැන සිටි නිසා මෙවැනි පුරාවිද්‍යා ස්මාරක ඇති බංගලාදේශයට ඔවුන්ව පිටත්කර එම ගඩොල් තාක්ෂණික දැනුම ඔවුන්ට ලබාදීමට සැලැස්වීය. ඉන්පසුව එම දැනුම ලබාගත් ශිල්පින් මෙහි පැම්ණ අනුරාධපුරයේ යම් ස්ථානයක මෙම ගඩොල් සඳහා යොදා ගත හැකි මැටි වර්ග පිළිබඳව අධ්‍යයනයක් කර එම මැටි සුලබ ප්‍රදේශයක් ආසන්නයේ පෝරණුවක් සාදා එම විහේෂ ගඩොල් නිෂ්පාදනය ඇරඹුවා. මෙම ගඩොලෙහි අනිවාර්යයෙන්ම බුද්ධ වර්ෂය යෙදිම සිදුකළා. එය අනිවාර්ය නිතියක්. ඉන්පසුව සංරක්ෂණ කටයුතු ආරම්භ කළා .
මෙම ගඩොල් බැඳිමට භාවතා කළේ ද වෙනස්ම බදාමයකි.එනම් උළු කුඩු,මකුල් මැටි,දහයියා කුඩු ආදී අමුද්‍රව්‍ය එක්කරන ලද්දකි. මෙම උළු කුඩුකිරීමටද යම් යන්ත්‍රයක් සකස් කරනු ලැබුවා.එය අභයගිරියේ ස්ථුපය අසළ ඉදිකළා .
ජේතවනයේ මුල් ස්වරූපය |
ජේතවනයේ හතරැස් කොටුව සංරක්ෂණය |
ගර්භය හරහා ගඩොල් ඉහළට ගෙනයාම |
ගර්භය සංරක්ෂණය |
මෙහිදී ප්‍රතිසංස්කරණය මෙන්ම පුනරුත්ථාපනය යන සංරක්ෂණ මූලධර්ම දෙකම උපයෝගී කරගත්තා.මෙහිදි කොත සංරක්ෂණය කිරීම පිළිබඳව පැන නැගුණ ප්‍රධාන ගැටලුව නම් මෙම කොතෙහි මුල් ස්වරූපය දැක්වෙන කිසිම සාක්ෂියක් හමු නොවීමයි. ඡායාරූප,සිතියම් ආදි කිසිවක් මෙහි මුල් ස්වරූපය පිළිබඳ අදහසක් ලබා ගැනිමට සොයා ගත නොහැකි වි තිබෙනවා.එවන් අවස්ථාවක දි අප හිතුමතේට මෙහි සංරක්ෂණ කටයුතු සිදුකළහොත් එහි තිබෙන සම්පූර්ණ ස්වූපයේ හැඩය වෙනස් වීමටත් එමෙන්ම අප ඉහත දක්වන අගයන් හානියට පත්වීමටත් ඉඩ තිබෙනු දුටු පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රබලයින් දැනට තිබෙන පරිදිම එහි සංරන්ෂණය නිමා කිරීමට ඉඩ සැළැස්සුවා.
ලිපියේ අවසානය
විචාරක දියණිය
පස්වරු 1500 පැයට
ලිපියට ස්තූතියි...
ReplyDeleteස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
Deleteවිචාරක දියණිය
අදනේ මේ බ්ලොග් පිටුව දැක්කේ. ඔක්කොම ට්ක කියවන්න ඔනේ.
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
Deleteවිචාරක දියණිය
මට කරන්නට තිබුනේ වෙහෙරේ සංවර්ධනයට ගෙනා ගඩොල් අදින එකය . තවද වෙහෙරේ වැවී ඇති ගස් කපන්නට මෙන් ම , පුරාවිද්‍යා කැණීම් කරන තැන් වල ඉවත ලන පස් කූඩ වලින් ගෙන ඉවත් කිරීමත් ය .
ReplyDeletehttps://magelokaya01.blogspot.com/2018/10/blog-post.html
එහෙනම් ඔඉ මට වඩා ප්‍රායෝගික අත්දැකීම් රැසකට මුහුණ දෙන්න ඇති. විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් ලෙස මට මෙහි හතරැස් කොටුවේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කරන්න අවස්ථාව සැලසුුණා. මගේ ලිපියේ අඩුපාඩු ඇත්නම් පෙන්වා දෙන්න.
Deleteවිචාරක දියණිය
පැරණි දාගැබ් අධ්‍යයනයෙන් මෙහි කොත් කැරැල්ලෙන් ඉහල හැඩය අනුමාන වශයෙන් ආසන්නයට වත් හඳුනාගැනීමට නොහැකි වීම නම් පාඩුවක්.
ReplyDeleteඔව් ඒක ඇත්තටම විශාල පාඩුවක් තමයි. නමුත් අරමං ලිපියේ පවසා තිබෙන පරිදි අපිට හිතුමතේ වැඩකළ නොහැකියි. ඒ වගේම තවත් තැනක තිබෙන දෙයක් මෙතෙන්ට සාපේක්ෂ කරණය කරන්නත් නොහැකියි.
Deleteවිචාරක දියණිය
This comment has been removed by the author.
ReplyDeleteජනසාන්ත අයියගේ ලිපි හොරකං කරනවා මෙන්න මෙයා .......... https://m.facebook.com/Royalcadetnagoda
ReplyDeleteමම කාගේවත් ලිපි හොරනං කරන්නේ නෑඑක සමාන අදහස් තියන ලිපි තියෙන්න පුළුවන්
ReplyDeleteවිචාරක දියණිය