හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 May 2020

නිල අම්බරයෙන් මැකීගිය තරු දෙකක් - දෙවැන්න

ලංකාවෙ සිටින  සුවහසක් සිනමා රසිකයන් සිංහල සිනමාවට මෙන්ම හින්දි සිනමාවට දක්වන්නේ පුදුමාකාර ඇල්මක්. මේකට හේතුව අපේ කාලාවේ මූලාරම්භය සිදුවුණේ ඉන්දියාවෙන් විමයි. ඈත අතිතයේ ඉඳලම සුවහසක් සිනමා රසිකයන් අමන්දාන්නදයට පත්කළ ඒ හින්දි චිත්‍රපට සහ ඒවායේ ගීත සමඟ ලාංකික සිනමා රසිකයා සිටියේ බොහොම  ඉහළ තැනකයි.


ඉන්දියාවේ සිනමා වංශ කථාව ගැන සාකච්ඡා කරද්දි  මහා වෘක්ෂයන් දෙකක් වගේ මේ සිනමාවේ මුල් ඇදගත්ත සිනමා පවුල් දෙකක් තියනවා. ඒ තමයි කපූර් පවුල  සහ ඛාන් පවුල . ඉන්දියාවේ කෙතරම් සිනමා තාරකා තාරතාවියන් බිහිවුණත් මේ පවුල් දෙකත් ඔවුන් හා කරට කර තරඟ වදිනවා.  ඉතින් පසුගිය දවසක මේ කපූර් පවුලෙ තුන්වන පරම්පරාව නියෝජනය කරන මහා දැවැන්ත පුරුකක් අපෙන් සමුගත්තා.  ඒ තමයි රිෂී කපූර් 

මේ මහා සිනමා වෘක්ෂයේ පදනම තමයි පෘතවිරාජ් කපූර්.  සිනමා අධ්‍යක්ෂවරයෙක්,  නිෂ්පාදකවරයෙක්, රංගධරයෙක්  වශයෙන් ඔහුගේ‍‍  භූමිකාව නිරූපනය වුණා.  වයස  අවු 17 දි විවාහ විමත් සමග  දරුවන් 6 දෙනෙකුගේ පියෙක්  වුණා.  ඔහුගේ වැඩිමහල්ම පුතා තමයි රාජ් කපුර්.  1924 දි තමයි ඔහු උපන්නෙ.  ඊළගට ශම්මි කපුර්, ශෂි කපූර් දරුවන් , ඉන්පසු  බාල අවධියේ දි අනෙක් පුතුන් දෙදෙනා  මිය යනවා නිවුමෝනියාවෙන් හා වසක් ශරීර ගත විමෙන්.  අනෙක් දරුවා දියනියක්.  ඇය නමින් උර්මිලා කපුර් (වර්තමානයේ සියාල්) 

කෙසේ වෙතත් පෘතවිරාජ්ගේ මේ පුත්‍රයන් තිදෙනාම සිනමාවේ පතාකයෝධයන් වන්නේ ගහේකටු උල් නොකල යුතුයයි යන්න සැබෑවක් කරමින්. එයිනුත් රාජ් කපූර් පියාගේ අඩිපාරේම  යමින් රංගනය,  නිෂ්පාදනය,  අධ්‍යක්ෂණයට පිවිසුණා. 1946 දී ඔහු ක්‍රිෂ්නා කපූර් සමග යුගදිවියට එළඹුණා.  ඉන්පසු ඔහු පුත්‍රයන් තිදෙනකුගේ හා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වුණා.  ඔවුන් නමින් රාජීවු කපුර්, රන්දිර් කපුර්,  රිෂි කපුර්,  රීමා කපූර් , රිතු කපූර් ( වර්තමානයේ නන්දා)  ඉතින් මේ රිෂිකපුර් ඉපදුනේ ඔන්න ඔය විදියටයි .




රාජ් කපුර් ක්‍රිෂ්ණා කපූර්

                                               


සහෝදරන්  පස්දෙනා  ඉහළ  වමි කෙළවරේ රාජීවිර් කපූර්  රීමා කපූර්
පහළ වම් කෙළවරේ රන්දිර් කපූර් රිතු කපුර්  රිෂි කපුර්


1952  සැප්තැමිබර් 4 වන දින උපත ලද  රිෂි කපූර් බද්‍ර යෞවන අවධියේම රාජ්කපූර් විසින්  සිනමාවට හඳුන්වාව දෙන ලදී.  ඒ 1970 දි තිරගත කරන ලද මේරා නාම් ජෝකර් චිත්‍රපටයෙනි.  එම  සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් ලබාලම ළමා රංගධරයාට හිමිවන ජාතික සිනමා සම්මානය හිමිවිය . මෙහිදී ඔහුට මෙම සිනමාපටය ඔහුගේ ප්‍රථම සිනමා පටය වුවත් ඔහු ඉතා කුචා අවධියේ සිය පියාගේ තවත් සිනමාපටයක් වූ ශ්‍රී 420 සිනමාපටයේ ගීතමය ජවනිකාවකට එක්වීමට මොහුට හැකිවිය.  ඒ ඉතා කුඩා අවධියේය.  


ඉන්පසුව 1973 දි  තම පියා විසින්ම අධ්‍යක්ෂණය කරන ලද බොබී සිනමා පටයෙන් එක රැයින් හින්දි සිනමාවේ සිහින කුමරා බවට පත්වන්නට හැකිවිය. මෙහිදී ඔහු සමග රඟපෑ ඩිම්පල් කපාඩියා නම් රංග වේදිනියගේ ද පළමු සිනමා ආගමනය විය.   මෙය එම දශකයේ බොක්ස් ඔෆීස් වාර්ථා බිඳ දැමූ සිනමාපටයක් විය. මෙම සිනමාපටය වෙනුවෙන් වසරේ විහිෂ්ටතම නළුවා ලෙස අභිශේක ලබන්නට රිෂි කපුර්ට හැකියාව ලැබිණි. මෙම චිත්‍රපටයේ අඩංගු සියලු ගිත  එක රැයින් ජනප්‍රිය විය. 



ඉන්පසු ඔහුට විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ වාණිජ හා කලාත්මක  සිනමාවේ  බොහෝ සිනමාපට සඳහා දායක වන්නට අවස්ථාව  ලැබිණි. ඒ අතර කේල් කේල් මේ,  කබී කබි , හම් කිසිසේ කම් නහි,  ආමර් අක්බර් ඇන්තනි, පති පත්නි ඔර්වො, නයාදෝර්, කර්ස් ,  දිවානා,  නාගිනා,  සර්ගම්,  දාමිනි,  දෝ ප්‍රේමි,  නසීබ්,   ප්‍රේම් රෝග්,  කුලි,  සාගර් ආදී විශාල චිත්‍රපට රැසකට දායක විය.  සිනමා දිවියේ ඔහුගේ දිර්ඝකාලීන  පෙම්වතියක්  වූ  නීතු සිං  සමඟ 1980 දී  මොහු යුග දිවියට එළඹ්යේය. එම විවාහයෙන් ඔවුන්ට රිද්දිමා නම් දියනියක්ද රන්බීර් නමින් පුතෙක්ද ලැබිණි . දියනිය මේ වනවිට විවාහ වි ඇති අතර ඇයටද දියනියක් සිටියි.  ඔහුගේ පුත්‍රයා වන රම්බිර් කපූර් මේ වනවිට ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්වන අතර ඔහුගේ පෙම්වතිය වන්නේ ආලියා භට් ය .




නිතු සිං සහ රිෂි කපුර් යුවල 


රිෂි කපූර් සිය බිරිඳ හා දරුවන් 


ඔහු මියයන තෙක්ම රංගනයේ යෙදුන නළුවෙකි.  ඔහුගේ පරම්පරාවේ මෙන්ම ඔහුගෙන් පසු පරම්පරාවේ නළුවන් හා ද උරෙන්උර ගැටී කටයුතු කිරීමට ඔහුට හැකිවිය. ඒවායේදි සම්මාන පවා දිනා ගැනීමට ඔහුට හැකිවිය.  රාජු චාචා,  යේ හේ ජල්වා,  හම් තුම්, ෆනා , නමස්තේ ලන්ඩන්,   ඕම් ශාන්ති ඕම්,,  ඩෙලි 6,  පටියාලා හවුස්, අග්නිපත්,  ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් , ජබ්තක් හේ ජාන්,  හවුස් ෆුල් 2 ,  බේෂරම්,   කපූර් ඇන්ඩ් සන්ස්,  මුල්ක් මෙවැනි අද්විතිය නිර්මාණ රැසකට දායක වූ ඔහුගේ අවසාන සිනමාපටය වූයේ ද බොඩි  සිනමාපටයයි. තම පුත්‍රයාටද සිනමාවේ දොරකවුළු විවිර කරදුන් අතර,  අද කපූර් පවුලේ සිවුවන පරම්පරාවේ සහෝදර සහෝදරියන් වන කරිෂ්මා, කරීනා මෙන්ම  රාජ් කපූර්ගේ ප්‍රතිභාවන් ද මැනවින් විදහා දක්වමින්  රන්බිර් කපූර් දක්ෂ මෙන්ම ජනප්‍රිය නළුවෙකුව සිටියි.


මොහු විසින් 2017 දි කෘතියක් නිකුත් කර ඇති අතර,  ආ අබ් ලෝට් චලේ මොහු විසින් අධ්‍යන්ෂණය කළ ප්‍රථම හා එකම සිනමා පටයයි.



2018 වර්ෂයේදී මොහුට ප්‍රථම වරට ලියුකේමියා රෝග තත්වයක් පෙන්නුම් කර  ඇති අතර, 2019 දී ඇටමිදුළු සැත්කමකට භාජනය කරන ලද අතර, එය සාර්ථක වී ඇත. එහෙත් 2020 අප්‍රේල් 29 දින හුස්ම ගැනිමේ අපහසුවකින් රෝහල් ගත කරන ලද  රිෂි කපූර් 30 වන දින අවුරුදු 67 දී  සුවහසක් සිනමා රසිකයන්ට සමුදී මෙලොවින් සමු ගත්තේය.

විචාරක දියණිය.

පස්වරු1800 පැයට






14 comments :

  1. Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචරක දියණිය

      Delete
  2. ඉන්දියානු සිනමාව ගැන නම් ලොකු අවබෝධයක් නැහැ, එත් මේ ටිකේ ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිපදෙනෙක්ම සමුගත්තා දැක්කා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  3. මම හිතන්නේ ඔහු බොලිවුඩ් කර්මාන්තයේ දීප්තිමත් තාරකාවන්ගෙන් කෙනෙක්..

    OFFICE2010|Setup

    ReplyDelete
    Replies
    1. සැබවින්ම ඔව්. පොලිවුචයට කෙතරම් නව නිළියන් සිටියත් තාරකාව් වෙන්න හැමෝටම බෑ. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  4. අපේ තාත්තා හින්දි චිත්‍රපටි ලෝලියෙක් උන නිසා පොඩි කාලෙම ඛන්නා ල, කපුර් ල මට සෑහෙන්න සෙට් උනා.. 67 කියන්නේ නම් යන්න වයසක් නෙවෙයි.. ඒත් ජිවිතේ විඳපු සහ අනිත් අයට විඳින්න සලස්සපු මිනිස්සු නිසා දුකක් නෑ! ඔහුට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. අපි ඔහුට සුබ ගමන් කියමු මගේ පියා තමයි මාවත් හින්දි සිනමා ලෝලියෙක් කලේ
      විචාරක දියණිය

      Delete
  5. අනෙක් කපූර්ලා පිළිබඳව කෙසේ වෙතත් රාජ් කපූර් මගේ ප්‍රියතම නළුවෙක්! මේ ලිපිය සියළු කපූර්ලාව එක් කල ගෙත්තමක්! ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  6. හොඳ වෙලාවට මං නං ඔය එකෙකු ගැනවත් දන්නේ නෑ. ඔබේ කාලයේත් නොවේ නේද?

    මං නං භච්චන් නමැත්තාගේ චිත්‍රපටයක් 1970 දශකයේ දී නැරඹූ පසු නැවත හින්දි චිත්‍රපටයක් ලෙස නැරඹුවේ ෂාරුක් ඛාන් රඟපෑ එකක්. නමුත් මෑතක දී සොයා ගත්තා එකල අප නැරඹූ අන්කූර් මෙන් මනරම් වෙනත් කලාත්මක හින්දි චිත්‍රපට තිබෙන බව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිවාරයට 70 දශකය කියන්නෙ සිංහල‍ සිනමාව වගේම හින්දි සිනමාවෙක් ස්වර්ණමය යුගයයි ඒනිසා මමත් වඩ ාකැමති එකල සිනමාවටයි
      විචාරක දියණිය

      Delete
  7. මට මතක තිබුණු හැටියට රාජ් කපූර් බැන්දෙ ජෙනිෆර් කියල ඉතාලි කාන්තාවක්.... පොඩ්ඩක් හොයල බලන්නං.

    ඒ වගේම, මේ ලිපියෙ අන්තර්ගතියෙ විචාරකගෙ සුපුරුදු ලියවිලිවල සේයාවක් පේනවා. ඒක දිගටම පවතීවා...!

    ReplyDelete
    Replies
    1. මං දන්න හැටියට ඒ ජෙනිරේ කියන ඉතාලි ජාතික කාන්තාව බැන්දෙ ශෂි කපූර්. ඔබ මගේ ලියවිලිවලින් ඔහුව දකිනවනම් ඒ තමයි මගේ සතුට. මේ බ්ගොගයෙන් මා බලාපොරොත්තුවෙන වෙනත් කිසිවක් නෑ.
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }