හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 May 2020

ස්තූපයේ විකාශනය - 3 කොටස

නැවතුනු තැනින්.........................

3.  පේසාව  හෙවත්  මාළක 

           මාළක යනු ස්තූපයේ පේසා වළළු හඳුන්වන නාමයයි. ඉන්දියාවේ මෙය "මේදි" යනුවෙන් හඳුන්වනු ලැබ ඇත. මහාවංශයේ මෙය "පුෂ්පධාන" යන නමින් හඳුන්වා ඇත. එහි තේරුම "මල් පුදන ස්ථානය යන්නයි".  අතීතයේ දාගැබ්වල ගර්භය පිහිටා තිබුණේ මෙම වටකුරු මාළකයන් තුනක ඉහළම ස්ථානයේ ය. මේවායේ උඩුමාළය ඊට පහතින් ඇති මාළයට වඩා විශ්කම්භයෙන් කුඩාය.  සාංචි ස්තූපයේ ඇත්තේ මෙවැනි මාළක එකකි. දිව්‍යාවදානය නම් කෘතියේ සඳහන් පරිදි  සාංවි ස්තුපයේ මාළක ඉදිකර ඇත්තේ පොළෝ මට්ටමේ සිට ගර්භය ඉදිකර පසුබව සඳහන් වේ.  මහාථූප වර්ණනාවට අනුව ගර්භය  සඳහා පීඨයක් වශයෙන්  මාළකයන් පළමුව ඉදිකර තිබී ඇත . 


මුල් කාලයේ සැදැහැවතුන් බුදුන් පිදිම සඳහා රැගෙන එන මල් තැබීම පිණිස මෙම මාළකය භාවිතා කොට ඇත. අතීතයේ  වන්දනාකරුවන් විසින් ගෙන එන ලද මල් හෝ සුවඳ  දුව්‍ය සහ පහන් තැබීම පිණිස භාවිතා කරන ලද වේදිකාවක් හෝ ගැටියක් ලක්දිව වර්තමාන කුඩා ස්තූපවල පාදය වටේ දක්නට ලැබේ.  ශ්‍රී ලංකාවේ විශාල ස්තූපයන්හි මාළක ඉතා උස්ව පිහිටි බැවින් මේ කටයුත්ත සඳහා භාවිතා නොකරන ලදැයි සිතිිය හැකිය. මුදුන් මාළකයේ පූජා ද්‍රව්‍ය තැබීමට පහත මාළකයන්ට නැඟිය යුතු හෙයින් එය එසේ නොකරන්නට ඇතැයි සිතිය හැකිය. එහෙත් මාළකයන්ට භාවිතා කළ පැරණි නම එලෙසින්ම පැවතිණි.  මෙම මාළකය ස්තූපය වටා ප්‍රදක්ෂිණා පථයක් ලෙස භාවිතා කළ බව පෙනේ .


අනුරාධපුරයේ ස්තූපයන්හි මාළක තුනට වර්තමාන සිංහල ව්‍යවහාරයෙහි හැඳින්වූයේ තුන් මහල් පේසාව හෙවත් පේසා වළළු කියාය.  ලක්දිව පැරණි ස්තූප බොහෝ ගණනක පේසාව ඉදිවී ඇත්තේ ගඩොළින්ය. ඒවායේ බොරදම් හා අවශේෂ ගෘහ නිර්මාණ කොටස් ආරක්ෂා වි තිබුණේ ස්තූප කිහිපයක පමණි. බොහෝ ස්තූපවල පේසාවේ පාදයන් බොරදම්වලින් යුක්ත වේ.  අභයගිරි දාගැබේ පාද බොරදමේ කොටසක් නෙළුම්පෙතිවලින් සරසා තිබේ. මැද පේසාව ද මේ ආකාරයෙන් සරසා තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.  මෙම පේසාවන් සඳහා ගරාඳි වැටවල්ද සකසා තිබී ඇත.  අනුරාධපුරයේ මහා ථූපයට "හත්ථිචේදි' ඉදිකරවූ බව කියවේ.  "චේදි"  යනු ගරාඳි වැටය.  පේසාවට නැගිම සඳහා ගඩොළින් හා ගලින් පඩිපෙළවල් තනා තිබී ඇත. මේවා බොහෝමයක් පසුකාලීනව ඉදිකළ බවට සාක්ෂි ලැබි තිබේ. 


නිලගිරි සෑය පේසාව




අභයගිරිය පේසාව 


බොරදම්

4.  ගර්භය 

              ස්තූපයක ගර්භය යනුවෙන් හඳුන්වන්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ස්ථානයයි.  මෙම ගර්භය හැඳින්විම සඳහා විවිධ නම් භාවිතා කර ඇත. දිව්‍යාවදානය  නම් ග්‍රන්ථයේ මෙය "අණ්ඩ" ලෙස හඳුන්වා ඇත  එමෙන්ම උදර,  ඝට, කුම්බ, කුච්ඡ, ථූප, චේති ආදි නම්වලින්ද මෙය හඳුන්වා ඇත.  විනය ක්ෂුද්‍රකවස්තුව "ඝට' යනුවෙන් ද වංසත්තප්පකාසිනියේ " කුච්ඡ" ලෙස ද හඳුන්වා ඇත. " ථුප" හා "චේති" යන නම් දෙකෙන්  ගොඩ යන අරුත දෙයි.  එහි හැඩය අනුව තුඹස,  ථුප යන නම භාවිතා කොට ඇතැයි  වැලිවිටියේ සෝරත හිමියෝ සඳහන් කරති. ( සුමංගල ශබ්ද කෝෂය ) ධාතු ගර්භය පිහිටියේ  ගැබ අභ්‍යන්තරයේය. ධාතු ගර්භය  පිළිබඳ  අතිශයෝක්තිය විස්තරයක් මහාවංශයේ හා  ථුපවංශයේ  සඳහන් වි ඇතැයි සැළකේ.

        

ඉහත සඳහන් ගර්භයේ පිහිටි ධාතු ගර්භය ස්තූපයේ වැදගත්ම වාස්තු විද්‍යා අංගය වේ. ඊට හේතුව ධාතුන් වහන්සේලා ඇතුළු වැදගත් වටිනා පූජා වස්තු තැන්පත් කරන්නේ මෙහිය.  ගර්භය අභ්‍යන්තරයේ විවිධ උස මට්ටම්වල ධාතු ගර්භ පිහිටා ඇත. ප්‍රධාන ධාතු ගර්භයට අමතරව තවත් ධාතු ගර්භ පිහිටා ඇත.  මේ පිළිබඳව සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක සාධක බොහොමයක් හමුවී තිබේ.  පඩුවස්‌නුවර කන්දේ ගෙදර ස්‌තූපයේ එක්‌ ධාතු ගර්භයක්‌ හමුවන අතර තෝපාවැව දැගැබේ ප්‍රධාන හා උප ප්‍රධාන ගර්භ 3 බැගින් 6 ක්‌ විය.  එසේම දැදිගම ස්‌තූපයෙන් විශාල ප්‍රමාණයේ ගර්භ 2 ක්‌ හමු විය. 

ධාතුවංශයට අනුව සේරුවිල චෛත්‍යයේ ධාතු ගර්භය තුන්මහල් පේසාව නිමවා ඉන්පසු ධාතු ගර්භය නිර්මාණය කර ඇත. රුවන්වැලි මහා ථූපයේ ද ධාතු ගර්භය පිහිටුවීමේදී උක්‌ත ආකාරයට සිදුකර ඇත. දැදිගම, සෝමාවතී හා පොළොන්නරුව පබළු යන දාගැබ්හි ගර්භ ස්‌තූපයේ ඉහළ මට්‌ටමේදී දැකගත හැකි අතර පුලියන්කුලම, විජයාරාම හා ශිලාචේතිය යන ස්‌තූපවල ධාතු ගර්භ පේසා මට්‌ටමට පහළ පිහිටුවා ඇත. ස්‌තූප මධ්‍යයේ ධාතු ගර්භය පිහිටිය යුතු බවට මත පැවතිය ද දැලිවල ස්‌තූපයේ ධාතු ගර්භය ස්‌තූපය මධ්‍යයේ පිහිටුවා නොමැත.

ධාතු ගර්භය පිහිටා ඇත්තේ  මුදුන් පේසාව මට්ටමේය.  පොළව ම්ට්ටමට යටින් පිහිටි ගර්භයක් සහ කොටස්වලට බෙදූ  භාජනවල ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇත.  මෙම යන්ත්‍ර ගල් පිළියෙල කොට ඇත්තේ දාගැබේ අත්තිවාරම තුළ මංගල වස්තු තැන්පත් කිරිම සඳහාය.  මංගල වස්තු තැන්පත් කරන ලද්දේ පේළි 3 4 ‍හෝ 5 බැගින් සකස්කළ සම සතරැස් සිදුරු 9ක් 10 ක් හෝ 25 ක්සහිත ගල් පුවරුවක් තුළය.  මෙම ගල්පුවරු නටඹුන්ව ගිය සිද්ධස්ථාන අසළ දැකගත හැකිය 



ස්තූපයක අභ්‍යන්තරය
සිදුරු ලෙස ඇත්තේ යන්ත්‍ර ගල 


සීගිරි දාගැබේ එකිනෙකට එකිනෙකට උඩින් පිහිටි ධාතු ගර්භ 3ක් විය. මින් මුදුන් දාගැබ නිධන් හොරුන්ගේ ග්‍රහණයට හසුවී විනාශ වී තිබේ. දෙවන ධාතු ගර්භයේ එක් පැත්තක දිග අඩි 7කි අඩි 5යි අඟල් 8ක් ගැඹුරුය. එහි හුනු බදාම හා ම්ට්ටම් නොකළ ගල් අල්ලා තිබි ඇත. ගඩොල් අල්ලා නිමවූ පතුල මත යන්ත්‍ර ගල නමින් හැඳින්වූ කරඩු විහේෂයක් විය.  එය පැත්තක දිය අඟල් 10 ක් වූ සමචතුරස්‍ර කාමර 25 කින් සෑදී තිබිණි.  එම කාමර වෙන් ළුි ඇත්තේ අඟල් 5ක් පමණ පළල ඇති ගල් හරහට තැබිමෙනි. යන්ත්‍ර ගලට ඉහළින් එක් එක් බිත්තියේ සම සතරැස් සිදුරු 2 බැගින් දක්නට ලැබී ඇත.


පැරණි චෛත්‍ය ගර්භයේ  දක්නට ලැබෙන තවත් විශේෂ අංගයක් ලෙස මහාමේරුව හැඳින්විය හැකිය. එය ගර්භය මත පිහිටි හතරැස් ගල් ටැඹකි. මහාමේරුවට සියලු ලක්ෂණවලින්යුත් ගලක් තෝපා වැව දාගැබෙන් හමුවී තිබේ.  එහි හතර පැත්තේ ගැටි 7ක් තිබී ඇත. එයින් මහාමේරුව වටා ඇති සත් කුළු පව්ව නිර්මාණය කරඇතිබව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.  මෙය තැන්පත් කර ඇත්තේ කුඩා රුකුල් ගල් 3ක් මතය.  එයින් මහාමේරු පර්වතය ත්‍රිකූටයකින් නැගෙන බව දක්වා ඇත.  ගලෙහි පහත කොටස අත්තිවාරමට යටවි තිබි ඇත. එමගින් පෙන්වීමට උත්සාහ දරා ඇත්තේ මහාමේරුව යට කොටස සාගරයට යටවි ඇති බවයි.  පර්වතයේ පැති හතර වර්ණ හතරකින් යුත්කව තිබි ඇත. මෙහි ගලට පහළින් නාග රුවක්ද තැන්පත් කර තිබේ.  එයින් මහාමේරු පව්ව යට නා ලොව තිබෙන බව පෙන්වා ඇත. මෙම මහාමේරුව බුද්ධ චරිතයේ සළකුණක් ලෙස යොදාගත් බව ද සැළකේ. 



පොළොන්නරු කිරි වෙහෙර




මෙතනින් අදට හමාර කරමි  

අන්තර්ජාලය 
එස්  පරණවිතාන - ලංකාවේ ස්තූපය



විචාරක දියණිය‍ පස්වරු 2200 පැයට





















































  

16 comments :

  1. හින්දු වේද සාහිත්‍යයේ එන මහාමේරුව කොහේමද අපේ දාගැබ් වගට ආවේ?

    ReplyDelete
    Replies
    1. අපට ආවේණික විදියට මෙම නිර්මාණයන් සිදුකළාට අපට ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණවලින් මුවමුනින්ම මිදෙන්න හැකියාව තිබුණේ නෑ
      විචාරක දියණය

      Delete
  2. Replies
    1. ++++++++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  3. අර යන්ත්‍ර ගලේ පොටෝ එක ස්ථූපයක එකක් නෙවෙයි, මට මතක හැටියට ජේතවනාරාමයෙ පිළිම ගෙයි යන්ත්‍ර ගල. පොඩ්ඩක් බලන්න...

    ReplyDelete
    Replies
    1. මම මේක ගත්තෙ අන්තර්ජාලයෙන් මට අවශ්‍ය වුණේ යන්ත්‍රගල යන්න මොකක්ච කියන එක පෙන්වන්න.. ඔබනිවැරදි ඇති බොහොම ස්තූතියි එය පෙන්නුවට
      විචාරක දියණිය

      Delete
  4. Replies
    1. බොහාම ස්තූතියි මල්ලී ඔබේ ප්‍රතිචාරයට
      විචාරක දි්‍යණිය

      Delete
  5. විචාරක තුමා හිටියනම් ලොකු ටොක්කක් හම්බෙනවා මාතෘකාවට.

    ReplyDelete
    Replies
    1. මට ඔබ කියන දෙය පැහැදිලි නෑ
      විචාරක දියණිය

      Delete
    2. විකාශය = Telecast / Broadcast
      විකාශනය = Gradual development

      Delete
    3. අකුරේ වෙනස ඇත්ත තමයි මමට දන් ඒක තේරුණේ තාත්තා හිටියනම් කනවා තමා දැන් නිවැරදි කරන්නම්
      විචරක දියණිය

      Delete
  6. අපි ස්කොලේ යද්දිත් මෙහම පාඩමක් ඉගෙන ගත්තා. තව වැඩි පුර තොරතුරු ටිකක් ඉදිරිපත් කලොත් ගොඩක් හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහාම ස්තූතියි ඉදිරියේ මෙහි අනිකුත් අංගත් විස්තර කරනවා
      විචාරක දියණය

      Delete
  7. චෛත්‍යය ගැන මේ විස්තරය නම් අද තමා දැනගත්තේ. ගර්භයේ හිස් අවකාශයක් තියන බව සමහර ගුරුවරු වත් අද පිළිගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒන පිටට පෙනෙන්නෙ නැති කොටසක් නිසා සමහරු ඇත්තටම ඒක ගන දන්නේ නෑ චෛතයක ධාතු තැන්පත් කිරීමක් වැනි අවස්ථාවකදි තමයි ගර්භ අභ්‍යන්තරය දකින්න පුළුවන් වෙන්නේ එම නිසා ඒ පිළිබඳව පුදුම වෙන්න දෙයක් නෑ
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }