කොරෝනා කාලේ දීපු නිවාඩුවට හරියන්න දැන් කාර්යාලයේ වැඩ ඩබල් වෙලා නිසා පසුගිය සතියේ ලියන්න බැරිවුණා. ඔන්න අද ඉඳලා අලුත් ලිපි පෙළක් පළවෙනවා. මේකත් ලිපි කීපයක් ලියන්න වේවි .
හොඳයි එහෙනම් අද ලිපියේ පිවිසුමට මා විසින් අභගිරියේ ඓතිහාසික තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරනවා .
අභයගිරියේ ඓතිහාසික පසුබිම
අභයගිරියේ ඓතිහාසික තෙරතුරු විමසිමේී දී වංශකථාවලින් පැවසෙන තොරතුරු මෙහිදී වැදගත් වේ. දීප වංශයේ සඳහන් තොරතුරුවලට අනුව ගිරි නම් නිඝන්ඨයාගේ වාස භූමියේ තැනූ හෙයින් අභයගිරි ලෙස හඳුන්වා තිබේ. මෙය වළගම්බා රජතුමා ( ක්‍රි. පු. 103 - 89 - 77) විසින් තමාගේ නාමය වන අභය හා ගිරි යන නාමය එක්කර අභයගිරි විහාරය තැනූ බව නිකාය සංග්‍රහයේ සඳහන් වේ. අභයගිරිය හැඳින්වීමට උත්තර විහාර, අභය උත්තර විහාර, අභයතුර විහාර, මහා විහාර, භාගිරි විහාර යන නම් භවිතා කර ඇත.
මහාවංශයේ සඳහන් තොරතුරුවලට අනුව අනුරාධපුර රාජධානි සමයේ මහාරත්තක නම් සෙනෙවියා ඛල්ලාටනාග රපුගෙන් රාජ්‍යය පැහැරගත් අතර, ඔහු මරා වට්ටගාමිණී අභය හෙවත් වළගම්බා රජතුමා රාජ්‍යය ලබා ගත්තේ ය. ( ක්‍රි. පු. 103 ) සිය රාජ්‍යත්වයෙන් 5 වැනි වර්ෂයේ දී නකුල ජනපදයේ ථීය බ්‍රාහ්මණයා විසින් කැරැල්ලක් ඇතිකරන ලදී. ඒ අතරම ඔහුට සොළී ආක්‍රමණයකටත් මුහුණ දීමට සිදුවේ. පාත්‍රා ධාතුවත්, සෝමා දේවියත් රැගෙන පළායන රජතුමා දැක ථීය බ්‍රාහ්මණයා "මහා කළු සිංහලයා පළා යනවා " යැයි හඬ නැගුවේ ය. ඒ අවස්ථාවේ ම රජු විසින් නැවත රාජ්‍යය ලබාගත් වහාම මෙහි වෙහෙරක් ඉදිකරන බවට සිතා ගත්තේ ය. පලා යන රථයේ වේගය වැඩිකිරීමටත්, සොළීන් හනික ලුහු බඳින නිසාත්, සෝමා දේවිය පාත්‍රා ධාතුව ද රැගෙන, රථයෙන් බිමට බැස, රජුගේ ජීවිත ආරක්ෂාව සැළසී ය. සෝමා දේවියත්, පාත්‍රා ධාතුවත් සොළීන් සතුවිය. ඉන්පසු වසර 13 ක් වනගත වාසය කරමින් කුපික්කලතිස්ස තෙරුන් ඇසුරේ සිටි ඔහු, ( ක්‍රි. පු. 89 ) දී අවසන් සොළී පාලකයා වු දාඨිය මරා නැවතත් රජවිය.
රජ වු වහාම ගිරි නිඝන්ඨාරාමය තිබූ ඉඩමේ විහාරයක් ඉදිකළේ ය. ගිරි නම් බ්‍රාහ්මණයාගේ ඉඩමේ සෑදූ හෙයින් ගිරි යන්න ද තමාගේ නමේ අභය යන කොටස එක්කර අභයගිරි යයි ඊට නම් තැබී ය. ඉන්පසු සිය කාතගුණවේදීත්වය පුදකරමින් මෙම විහාරය කුපික්කලතිස්ස මහ රහතුන් ප්‍රමුඛ සංඝයාට පූජාකරන ලදී. ලංකා ඉතිහාසයේ පළමු පෞද්ගලික ආරාම පූජාව මෙයයි. අක්කර 5ක පමණ භූමි භාගයක් මේ අභයගිරි විහාරය සතු විය. පසුව ලංකාවේ මහා අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් බවට පත්වී අනුරාධපුර සමයේ විශ්ව විද්‍යාලයක් දක්වා වර්ධනය විය. එහිදී දෙස් විදෙස්, ගිහි පැවිදි දෙපක්ෂයම පාලි, සංස්කෘත හැදෑරිමට පැමිණියහ. එසේ පැමිණි විදේශිකයන් අතර ෆාහියන් හා හි්‍යුං සාන් යන භික්ෂූන් දෙපළ වැදගත් වේ.
ෆහියන් හිමිගේ වාර්තා අනුව මහානාම රජුගේ ( ක්‍රි. ව. 410 - 430 ) කාලයේ දී උන්වහන්සේ මෙරටට පැමිණ තිබේ. මහානාම රජු විසින් චීන අධිරාජ්‍යයා සමග ඉතා සමිප සබඳතා පවත්වා ඇති අතර, තත්කාලින ලංකාවේ ශාසනික තොරතුරු රැසක් මෙම ෆාහියන් හිමිගේ වාර්ථාවල සඳහන් වේ. මෙරට අවුරුදු දෙකක් නැවතී උන්වහන්සේ සිය අධ්‍යාපන කටයුතු ද සංචාරක කටයුතු ද සිදුකර ඇත. උන්වහනන්සේ පවසන අන්දමට භික්ෂූන් 5000 ක් පමණ මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. පස්වන සියවසේ මුල් භාගයේ ශ්‍රි ලංකාවෙ ශාසනික තොරතුරු ෆහියන් වර්තාවලින් ගම්‍යමාන වේ.
|
අභගයගිරි ස්තූපය
|
මහා විහාර වාස්තු විද්‍යා සැළැස්ම
බුදු සසුනේ ව්‍යාප්තියත් සමග ඇරඹුණු මහා විහාර ඉදිකිරීමේ තාක්ෂණය සුවිශේෂී වේ. මෙම ආරාම සැළැස්ම බිහිවූයේ ස්තූපය කේන්ද්‍ර කරගෙනය. එහිදි එය ස්තූපය වටා පරිවෘත්තයක් ලෙස පිහිටන සේ අංග වලට බෙදා ඇත. එමෙන් ම ස්තූපයට මුහුණ ලා දිශා හතරෙන් දොරටු ද , උස් ප්‍රාකාර ද මෙම සැලැස්මට අයත් ය. මෙම වාස්තු විද්‍යා නිර්මාණයන් ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය.
මේ අනුව සැම ප්‍රධාන මහා විහාරයක ම ස්තූපය වටා විහාර අංග ඇතුළත් නිර්මාණ, මහා විහාරයට අයත්ව තිබුණේ යයි සලකනු ලබයි. ඒ අනුව
- ස්තූපය
- බෝධිඝරය
- උපෝසථඝරය
- පිළිමගෙය
- ධර්මශාලාව
- සන්නිපාත ශාලාව
- පංචාවාස
- ජනතාඝර
අද ලිපිය මෙතනින් හමාර කරමි.
මහා වංශය පලමු වෙළුම - බටුවන්තුඩාව දේවරක්ෂිත සංස්කරණය
කහඳවආරචිචි චන්ද්‍රදාස - සිංහල දිප වංශය
සෙවෙිරත්න අනුරාධ - පුරාණ අනුරාධපුරය
විචාරක දියණිය
පස්වරු 1500 පැයට
ටීජී කුලතුංග සර් කියනව ඔය මහාවංශයෙ කතාව අපහාසයට කියපු කතාවක් වෙන්න ඇති කියල. ඒ් කාලෙ ගොඩක් විහාර හැඳින්වුණේ "ගිරි" කියල. උත්තර මේඝගිරි, දක්ඛිණ මේඝගිරි, වෙස්සගිරි... ආදී වශයෙන්. ඉතින් අභය රජු හදපුු ඒක අභයගිරි වෙන්න ඇති කියල එයා කියනව.
ReplyDeleteඔබතුමා තියන කථාව හරි වෙන්න පුළුවන්. මහාවංශය අපි විසින් තොරතුරු සපයා ගැනීමට මූලාශ්‍රයක් විදියට ගුරුකොට ගත්තද එය මහානාම හිමියන් ලියුවේ තත්කාලීන දේහපාලන, සමාජ, ආර්ථික තොරතුරු ලියා තැබීමටයි. පොතේ අවසානයේ හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසයි කියලා ලියලා තියෙන්නෙ ඒකයි. එම නිසා මේ පොත පුද්ගලානුබද්ධව ලියවුනු පොතක්. මාහානාම හිමි තමන්ට කැමති වරිතවලට වැඩි ඉඩකුත් අකමැති චරිත පිළිබඳ සුළු හැඳින්වීමකුත් කරනවා. ඒකට උදාහරණය තමියි, දුටුගැමුණු රජු වෙනුවෙන් පොතේ පරිච්ඡේද 11ක් වෙන්කරනවා. හැබැයි වළගම්බා, ධාතුසේන, මහසෙන් පිළිබඳ ලියන්නේ එක් පරිච්ඡේදය බැගින්. අපට තත්තාලීන තොරතුරු ලබාගන්න වෙන ග්‍රන්ථයක් නොමැති නිසා මෙය භාවිතා කරාට 100% නිවැරදි කියන්න බැහැ. මේ මගේ ප්‍රථම උපාධි නිබන්ධනය. මේකෙදි මම ටී. ජී. කුලතුග මහතාගේ ග්‍රන්ථ ද යොදා ගත්තා. හැබැයි, මූලාශ්‍රවලට එතුමාගේ පොත්වලින් උපුටා ගැනීම් තළේ නෑ.
Deleteවිචාරක දියණිය
එකඟයි... මාත් යමක් ලිව්වා ඒ කාලෙ. ඔයා කැමති වෙයිද බලන්න...
Deleteඅභයගිරිය විකාශය සහ ලංකාවේ දර්ශනයට එහි බලපෑම...
වැදගත් ලිපියක්!
ReplyDeleteබොහොම ස්තූතියි ඔබතුමාගේ ප්‍රතිචාරයට
Deleteවිචාරක දියණිය
මාගේ ත්‍රීශූලය බ්ලොගය පිලිබඳ විස්තර ඔබගේ බ්ලොග් අඩවියට එක් කරන ලෙස කරුනාවෙන් ඉල්ලමි. රෝහිත https://thrishuulaya.blogspot.com/2020/07/blog-post_20.html
ReplyDelete