මේ ලිපි පෙළ වෙනුවෛන් ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තූතියි. ඒ නිසා හොඳ සාරවත් ලිපි පෙළක් ඉදිරිපත් කරන්න හැකිවූණා. මේ ලිපි පෙළේ අවසාන ලිපිය අද පළකරනවා.
ස්තූපයේ තිබෙන අවසාන අංගයන් කිහිපය තමා අද විග්‍රහ තරන්නේ ...................
ඡත්‍රය
ඡත්‍රය සවිකරන ලද්දේ යෂ්ටිය මතය. මෙය හැඩයෙන් කුඩයක් හා සමාන කොටසකි. මෙම ඡත්‍රයන් ලීයෙන් හා ගලින් නිර්මාණය කර තිබී ඇත. ඇතැම් දාගැබක ඡත්‍ර 2ක් හෝ ඊට වැඩි ගණනක් විය. දාගැබක කොත් කැරැල්ලේ විකාශනයේ ආරම්භය මෙයයි. මෙම ඡත්‍රය පිළිබඳ වැඩිදුරටත් වංශකථාවල විස්තර සඳහන් වේ.
ආමණ්ඩගාමිණී අභය රජු දවස ( ක්‍රි. ව. 78 - 89 ) රුවන්වැලිසෑයේ ඉදිකළ ඡත්‍රයට ඉහළින් තවත් ඡත්‍රයක් ඉදිකළ බව වංශකථා සඳහන් කරයි. එසේම මෙම රජතුමා විසින් ථූපාරාම දාගැබ සඳහා ද ඡත්‍රයක් සවිකළ බව වැඩිදුරටත් සඳහන් වේ. වෝහාරිකතිස්ස රජු දවස ( ක්‍රි. ව. 269 - 291) අභයගිරි දාගැබේ ඡත්‍රයක් පිහිටුවා තිබේ. ධාතුසේන රජු දවස පැරණි දාගැබ් තුනක ඡත්‍රයන් ප්‍රතිසංස්කරණය කොට රන් ආලේප කරන ලද අතර අලුතින් ඡත්‍රයක් ද පිහිටුවා ඇත. ලංකාවේ ස්තූපවල දක්නට ලබෙන තවත් වැදගත් අංගයක් නම් පළිගු වළල්ලයි. මෙය දස ලක්ෂයක් අගනා මහා මැණිකක් ආරක්ෂා කිරිමට යොදන ලද පළිගු වළල්ලක් ලෙසත් විදුලි කෙටිමෙන් ආරක්ෂා විමටත් යොදන ලද බව මහාවංශටීකාවේ සඳහන් වේ. මේ අනුව ඡත්‍රාවලිය මස්තකයේ කුඩා චෛත්‍යයක හැඩයට කපන ලද විශාල මැණිකක් තිබි ඇත. පැරණි සිංහල දාගැබක ඡත්‍රය පිහිටවූ ආකාරය දැක ගැනීමට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ස්තූපයක හැඩයෙන් යුත් තඹ කරඬුවේ උපරිභාගය ප්‍රයෝජනවත් වේ .
|
ඉන්දියාවේ සාංචි ස්තූපයේ ඡත්‍රය
|
7. දේවතා කොටුව
ලංකාවේ මධ්‍යකාලීන යුගයේදී ස්තූපවල උපරිභාගයේ වැදගත් විකාශනයක් සිදුවිය. එහිදී දාගබ්වල හතරැස් කොටුවේ මැද සිට ගඩොලින් කළ වෘත්තාකාර සිලින්ඩරයක් හැඩැති කොටසක් නිර්මාණය වි තිබේ. එය දේවතා කොටුවයි. මෙවැනි නිර්මාණයක් අභයගිරි දාගැබේ දැකගත හැකිවී තිබේ. පාදමේ සිට අඩඅ 355ක විෂකම්භයකින් පිහිටි මෙම සිලින්ඩාකාර කොටසේ විශ්කම්භය අඩි 30කි උස අඩි 15කි. පාදිමේ දී අඩි 68 ක විශ්කම්භයක් පමණක් ඇති පොළොන්නරු කිරි වෙහෙරේ හතරැස් කොටුව මත පිහිටි සිලින්ඩරය අඩි 9යි අඟල් 6ක විෂ්කම්භයකින් ද අඩි 7යි අඟල් 8 ක උසින් ද යුක්ත වේ. මෙම සිලින්ඩරයේ පාදම බොරදම්වලින් ද මතුපිට බිත්ති කුඩා කුළුණු වලින් ද සමන්විත වේ. මෙම කුළුණු අතර දෙඅතින් නමස්කාර මුද්‍රාව දක්වන දේවතා රූප වේ.
එමනිසා මෙය දේවතා කොටුව නමින් හැඳින්වේ. මේවා ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථයන්හි "සුරා කොෂ්ඨ "යන නමින් හදුන්වා ඇත. "සුරා" යනු "දේවතා " යන්නත් "කොෂ්ඨ " යනු "කොටුව" යන්නත් වේ. මෙම සිලින්ඩාකාර කොටස් විවිධ ගෘහ නිර්මාණ සැරසිලිවලින් සමන්විතය. කිරිවෙහෙර දේවතා කොටුවේ බහිරව රූප 12ක් දක්නට තිබි ඇත. මේ වන විට බොහෝ සෙයින් ඒවා දිරා පත් වී ඇත.
|
දේවතා කොටුව
|
8. කොත් කැරැල්ල
දාගැබ්වල මුල්කාලයේ ඉදිකරන ලද ඡත්‍රාවලිය පසුව කොත් කැරැල්ලක් දක්වා විකාශනය විය. මෙය දේවතා කොටුවෙන් ආරම්භ වී ඉහළට යනු ලැබේ. එය කේතුවක හැඩයකින් යුක්තය. එමෙන්ම වටකුරු ලෙස නිර්මාණය වී තිබේ. මුලින් කේතුවක හැඩයට වටකුරු ලෙස ගොස් අවසාන වේ. මේවා ගඩොලින් ඉදිකර තිබී ඇත. කොත් කැරැල්ලේ ද බොරදම් නිර්මාණ තිබි ඇත. මෙම බොරදම් එකපිට එක තැබු විට කුඩාවන ආකාරයෙන් නිර්මාණය වි තිබේ. එහිදි එය ඡත්‍රාවලියක් ආකාරයෙන් දිස්වේ.
|
කොත් කැරැල්ල
|
|
රුවන්වැලි සෑයේ කෛාත් කැරැල්ල
|
9. චූඩා මාණික්‍යය
චෛත්‍යයේ මුදුනතහිම දක්නට ලැබෙන්නේ චූඩා මාණික්‍යයයි. මෙය බොහෝ විට ච්‍යෛයට පළන්දවන ලද්දේ රජවරු විසිනි. මෙය වටිනා මැණක්වලින් හෝ පළිඟුවලින් නිර්මාණය කර ඇත.
|
රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය
|
චෛත්‍යයක අංග විස්තර කෙරෙන ලිපි පෙළ මින් නිමාවට පත්වන අතර, තවත් නැවුම් ලිපියකින් අපි හමු වෙමු.
විචාරක දියණිය
පස්වරු 14 40 පැයට
ඔබගේ ලිපි අසාවෙන් කියවීමි. ඉතා වැදගත් තොරතුරු අධන්ගුව තිබුණා. තවත් එවැනි ලිපි ඉධිරිපත් කිරීමට ධෛර්ය ලැබේවා
ReplyDeleteයි පතමී.
බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ඉදිරියේදී මේ බ්ලොග් පිටුවේ මෙවැනි ලපි වැඩියෙන් පළවේවි
Deleteවිචාරක දියණිය
ගොඩක් හොඳයි. සම්පූර්ණයි...
ReplyDeleteමීළඟට අපි මොනවද කියවන්න යන්නෙ?
අපි බලමු අපි දැකපු අභයගිරියෙ නොදැකපු දේවල් ගැන
Deleteවිචාරක දියණිය
නියමයි. මට එකතු කරන්න එකක් / දෙකක් හරි තියෙයි...
Deleteලිපි නං ඉතාම හොඳයි. කරුණාකර " පඥ්චාවාස " විහාර හා එහි සැළසුම ගැන සවිස්තර ලිපියක් පළ කරන්න
ReplyDelete