හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 May 2015

කෝ අර කලාකිරිඤ්ඤෙ

1
   මොනවා? කලාව + කිරිඤ්ඤය = කලාකිරිඤ්ඤය? ඒක යකාගේ සිංහල වචන සන්ධි කිරීමක්නේ. අපොයි!..... කලාකිරිඤ්ඤෙ කියන නම ටයිප් කරන්නත් අමාරුයි. අනේ මන්දා හැමදාම අර යුනිකෝඩ් එකට වඩා මේක හොඳයි, මේකට වඩා අරක හොඳයි, කිව්වට මොකද, ඉතා පහසුවෙන්, සඤ්ඤක, මහාප්‍රාණ, ටයිප් කරන්න තවම මොන කෝඩ් එකටවත් බැහැ වගේ. 

   'කලාකිරිඤ්ඤෙ? ඒ මොකක්ද? කලාවට සම්බන්ධ දෙයක්ද? ඔය ඉහළින් තියන පින්තූරේ දැක්කම හිතෙන්නේ ඒ වගේ. එහෙමත් නැත්නම්........ විස්කිරිඤ්ඤ වගේ එකක්ද?'

   'හෙහ් හෙහ්..... කාල තියනවා නේද විස්කිරිඤ්ඤ? හැබැයි කලාකිරිඤ්ඤෙ කන්ඩ බෑ. කලාකිරිඤ්ඤෙං පුළුවන් කාපු විස්කිරිඤ්ඤා වමාරවන්ඩ. කලාකිරිඤ්ඤෙං හරියට දෙක තුනක් වැදුනොත් ඉතිං උඩුකුරුඤ්ඤං තමා. ආයෙ දෙකක් නෑ වැදුනොත් වැදුනමයි.'

   'අනේ ඉතිං ඔය විච්චූරණ නවත්තලා හිටං, කියනවකො හිටං, මොකද්ද ඔය කලාකිරිඤ්ඤෙ කියන්නේ කියලා හිටං'.

   හරි හරි, ඔන්න එහෙනම් විච්චූරණ නැතුව, පට්....ටාන් ගන්නම්කො විස්තරේ.

   කලාකිරිඤ්ඤෙ කියන්නේ ආයුධයක්. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, 'නකල් ඩස්ටර් - Knuckle Duster' කියලා. අපේ රටේ සම්පූර්ණයෙන් තහනම් ආයුධයක්. ලෝකයේ සමහර රටවලත් තහනම්. දැන්නම් අපේ රටේ දකින්නට නැති තරම්. තියනවානම් කලාතුරකින්වත් එකක් දෙකක් පොලීසියට අහුවෙන්න එපායැ.

   ඔබ අතරින් සෑහෙන දෙනෙක් මේ ආයුධය ගැන දන්නවා ඇති. නමුත් මට හිතෙනවා, නොදන්නා අයත් සෑහෙන්න ඇති කියලා. ඒ නිසයි මේ ලිපිය ලියවෙන්නේ. 

   මේ ආයුධය මම මුලින්ම දැක්කේ 1966 දී පමණ. අපේ අයියාගේ යාලුවෙක් තමයි, මේක අපේ ගෙදරට ගෙනාවේ. ඒ කාලයේදීත් එය තහනම් ආයුධයක්. ඒ නිසා, බොහොම රහසිගතවයි ඒක තියාගත්තේ. එය නිපදවා තිබුණේ, මීහරක් අඟකින් කපාගත් කොටසකින්. හරියටම, මෙන්න මේ පහළ තිබෙන රූපයේ හැඩය තමයි තිබුණේ.

Knuckle Duster

   මොකක්ද මේ කුණුහරපෙ? මේකෙන් මක්කැයි කොරන්නේ? මට ඉතින් කටට එන එක කියාගන්න විදිහක් නෑ මෙතන.

   ඔන්න ඔහොම නේද හිතෙන්නේ මේක දැක්ක ගමන්. පොඩ්ඩක් ඉන්නකෝ. මෙය මේ ආකාරයෙන්ම සුදු යකඩෙන් සකසා තියනවා මා දැක්කේ, 1968 පමණ කාලයේ. එය විදේශීය නිෂ්පාදනයක්. ඒ කාලේ මෙව්වා සෑහෙන්න ලංකාවේ තිබුණා, මම හිතන්නේ. 

   මොකක්ද මේකෙන් කරන්නේ? බලන්න පහළ රූපය. මුලින්ම, මේ රූපයේ තියන විදිහට, පහරදීම සඳහා තමන්ට හුරු අතේ,  මේක පැළඳගන්නවා. ඊළඟට?........ ඊළඟට මොනවද ඉතින්, මූණ නාලුවෙන්න නෙළනවා. 

82400489

   දැන් ඔන්න ආයුධය හඳුනාගත්තා. ඊළඟට බලමු මේකේ තියන විවිධ හැඩයේ නිෂ්පාදන කීපයක්. ඇඟ හිරිවැටෙනවා එව්වා දැක්කම. 

2

3

4

5

   හැබෑටම මේකෙන් නෙළුවම එච්චරටම අමාරුද ඈ?

   අමාරුද? එහෙනම් ඔන්න බලාගන්ඩකො, මේකෙන් කාපු දෙන්නෙකුගේ පින්තූර. 

6

7


   හොඳයි, කොයි ආයුදෙත් පාවිච්චි කරන්න ගියාම වරදින අවස්ථා තියනවනේ. මෙන්න මේ ආයුදේ පාවිච්චි කරන්න ගිහින් වැරදිච්ච අවස්ථාවක්. සනීපයි නේද? 

8

   සෑම ආයුධයක්ම, සෑමදාම, එකම පෙනුමෙන් හෝ හැඩයෙන් හෝ ප්‍රමාණයෙන් හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ පවතින්නේ නැහැනේ. ඒ ඒ ස්වභාවයන්, කාලීනව වෙනස් වෙනවා. මෙන්න බලන්න මේ ආයුධයේ කාලීන වෙනස්කම් සිදුවී ඇති ආකාරය. 

9

   දැක්කා නේද? පිහියයි නකල් ඩස්ටර් එකයි එකට සම්බන්ධ කරලා. 

10
11
12

    මේවා කාන්තා අත්බෑග් තමයි. නමුත් බලන්න, ඉතා සූක්ෂ්මව එහි නකල් ඩස්ටර් එකක් සවිකර තියනවා. අද ලෝකයේ කාන්තාවන්ට වෙන හිරිහැර ගැන හිතලා වෙන්න ඇති, මේ විදිහට නිපදවන්න ඇත්තේ.

   මේවා ලංකාවේත් ගන්න තියනවාද කියලා හොයාබැලීම, ලංකාවේ නෝනලාගේ වගකීමක්. අර 'බුස්කැට් ක්‍රෙලෙවාර්ඩ්' ද මොකද්ද කියලා එකක් තියනවා නේද කොළඹ? ඔය මාතලන් එහෙම කැරකෙනවා ඒ පැත්තේ නිතරම. අහලා බැලුවොත් හොයලා දෙයි.

   මම හිතන්නේ, මේ පින්තූර දැක්ක ගමන්, පොඩ්ඩියි, ඔමායයි, ලෝකේ පෙරළලා හරි, මෙව්වා එකක් (සමහරවිට දෙකතුනක්) ගනියි.

   නෝනලාට විතරක් නෙවෙයි කාටත් හරියන එව්වාත් තියනවා.

   මේක ජංගම දුරකතනයක් නෙවේ. ඒ වගේ පෙනෙන්න හදපු කලාකිරිඤ්ඤයක්.

13

    තද වෙච්ච ගමන්, මිටෙන් අල්ලාගෙන ඉන්න ගමන්, කෝප්පේ ගැහුවා බිත්තියේ. ඔන්න කලාකිරිඤ්ඤයක් අතේ. මරු නේද?

14

   පතරොම් ඉවරනම්, දමලා අනින එකයි ඇත්තේ.

15

  හෝව්, හෝ.......ව්! තවම කතන්දරේ ඉවර නෑ.

   මෙව්වා යුද්ධායුධ ලෙස වැඩිදියුණු කරලා තියනවා අතීතයේදී. ඒකට කිව්වේ,  කලාකිරිඤ්ඤ පිස්තෝලය හෙවත්, Knuckle Duster Pistol කියලා. මෙන්න බලන්ඩකො ඒ භාණ්ඩේ.

මේකේ කෑලි තුනක් තියනවා. නකල් ඩස්ටර්  එක, පිහිය, පිස්තෝලය. 

Apache Revolver

   හෙහ් හෙහ්, කොහොමද බඩු? මේක හදලා තියෙන්නේ කොයි කාලේද දන්නවද? සැළැස්ම හදලා තියෙන්නේ 1860 දී. මුලින්ම නිපදවලා තියෙන්නේ 1869 දී. බෙල්ජියම තමයි, මේ ආයුදේ උපන් රට. මෙන්න අනිකුත් වැදගත් තොරතුරු.

  • අවියේ බර : අවුන්ස 8 යි = ග්‍රෑම් 385 යි.
  • පිහිතලය හකුලා තිබෙනවිට අවියේ දිග : අඟල් 4.3" = මි.මී 105 යි.
  • පිහිතලය දිගහැර තිබෙනවිට අවියේ දිග : අඟල් 7.8" = මි.මී.200 යි. 
  • යොදවන උණ්ඩ වර්ගය : .27 = මි.මී. 7 ප්‍රමාණයේ උණ්ඩ.
  • එක වරකට ඇතුළු කළහැකි උණ්ඩ ගණන : 6 යි. 
   මේ අවියට තුවක්කු බටයක් නැහැ. රිවෝල්වර් චේම්බර් එකම තමයි, බැරල් එක හැටියට ක්‍රියා කරන්නේ. ඒ නිසා, මීටර් හතරකට පහකට වඩා දුර වෙඩි තියන්න බැහැ. නමුත්, කාගේ හරි ළඟට ගිහින් වැඩක් දෙන්න, හොඳටම ප්‍රමාණවත්. ඔන්න ඉතිං, ඇයි දැන් අහන්නේ, රිවෝල්වර් එක, චෙම්බර් එක, බැරල් එක, ගැන? එව්වා මම කිව්වේ හුඟක් ඉස්සරනේ.

   මේ අවිය ගැන වීඩියෝ එකක් තියනවා මෙන්න බලන්න. තප්පර 24 යි යන්නේ. ඒ නිසා බලන්න.




   වැඩේ මෙතනින් නැවතිලා නැහැ. තව තවත් ඉදිරියට ගෙන යමින්, විවිධ නිෂ්පාදන කරලා තියනවා. මීටත් වඩා කුඩාවට තව එකක් හදලා තියනවා. මෙන්න බලන්න.




 හෙහ් හෙහ් හෙහ්.............මොකද හිතෙන්නේ? එතනින් ඉවරයි කියලද? නෑ නෑ, මෙන්න ඊටත් වඩා කුඩා එකක්. පින්තූරේ විතරයි තියෙන්නේ. 

Screenshot (2)


   ඉතිං දැන් කාලේ මෙව්වා නැද්ද නිකං, අපි වගේ මොඩ් (මෝඩ?) කොල්ලන්ට ගැලපෙන එව්වා? තියනවා තියනවා. අද වෙනකොට හැම එකක්ම ඉලෙක්ට්‍රොනික් නේ. මක් කිව්වා? ඔව් අම්මපා, ඒකයි අරකයි විතරයි තවම ඉලෙක්ට්‍රොනික් වෙලා නැත්තේ. කවුද දන්නේ අනාගතේදී වෙන්නත් පුළුවං......නැද්ද මං කියන්නේ? ඔන්න බලාගන්ඩකො, අද තියන විද්‍යුත් නකල් ඩස්ටර් එක.


Screenshot (1)


   හෙහ් හෙහ් හෙහ්, කොහොමද වැඩේ? වෝල්ට් 950,000 ක කම්පනයක් දෙන්න පුළුවන්. ඇ.ඩො. 40 යි. ඔන්න ගන්නවානම් බඩු. මේක ගැනත් පොඩි වීඩියෝ එකක් තියනවා. ඒකත් බලන්ඩකො.





   මොකද දැන් හිතෙන්නේ? විද්‍යුත් කලාකිරිඤ්ඤයක් කොහොම වෙතත්, නිකං කලාකිරිඤ්ඤයක් වත් හදාගන්ඩ පුලුවන්නම් හොඳයි කියලා හිතෙන්නැද්ද? හදිස්සියකට එකෙකුගේ දෙන්නෙකුගේ හොම්බ කට කඩලා යන්න අනින්න පුළුවන්නේ. අනේ අපි එහෙම ඕං දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, ඕනේ කෙනෙක් ඉන්නවානම්, මෙන්න මෙතනට ගිහින් ඉගෙනගන්න එකයි ඇත්තේ. හැබැයි ඔව්වා පාවිච්චි කොරලා, හිරේ විලංගුවේ වැටිච්චහම, මේ අහක ඉන්න අපිට එහෙම දොස් කියනවා එහෙම නෙවෙයි  ඕං.

    මේ මාතෘකාව ඔස්සේ තවත් කරුණු සාකච්ඡා කරන්නට හැකි වුණත්, මා හිතනවා, දැන් මේ ලිපිය අවසන් කළයුතුයි කියා. සමාජයේ එදිනෙදා සිදුවීම් පිළිබඳව නොලියා, යළිත්, අවි ආයුධ සහ සංග්‍රාමික කරුණු ඇතුළත් ලිපි ලියන ලෙස, බොහෝ දෙනෙකුගෙන් ඉල්ලීම් ලැබුණා. ඒ නිසා, නුදුරේදී එවැනි ලිපි කීපයක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.


2015 මැයි මස 25 වැනි දින 0014 පැය


86 comments :

  1. ආයුධ බෝම්බ ඉවර වෙලාද ඒපාර කලාකිරිඤ්ඤ??
    අනේ මෙ මනුස්සයටනම් පිස්සු

    ReplyDelete
    Replies
    1. පල කාලකන්නියා යන්න. තොපි වගේ අපතයෝන්ට කොයි එකත් නරකයි.

      Delete
    2. @ AnonymousMay 25, 2015 at 4:56 AM

      මිත්‍ර ප්‍රතිරූපකයා. ඔව්, මිත්‍ර ප්‍රතිරූපකයා. මම නුඹව හැඳින්නෙමි. මිත්‍රයකු ලෙස පෙනීසිටිමින්, පිටුපසින් සිට පිහියෙන් අනින, දුෂ්ඨ, අධම, නිහීනයකුට, මිත්‍රයකු වශයෙන් සැළකීමේ විපාකය තමයි මේ ලැබෙන්නේ.

      මම තට සාප කරමි. තා පිරිහේවා. තා අගතියට යේවා. තා නුදුරේදීම විනාශ වේවා. මිත්‍ර ප්‍රතිරූ'පකයා'

      Delete
    3. පකයා යනුවෙන් අගමැති ද හඳුන්වන හෙයින්, එනමින් හැඳින්වීම ගරු නම්බු දීමක් විය හැක ;)

      Delete
  2. කළාකිරිඤ්ඤෙනං දැකලා තිබුණා. අර රැලි රැලි වගේ තියෙන පිහියට මක්කැයි කියන්නෙ විචාරක තුමා? තව චිත්‍රපටිවලදි දැකලා තියෙනවා අරාබි රටවල පාවිච්චි වෙන උල් දෙකක් තියෙන පිහියකුත්.

    ReplyDelete
    Replies
    1. I think its combat surveillance knife aka Rambo knife. I designed one. But i can upload the image here. Can any one help me to embed it here plz.

      Rider

      Delete
    2. See this,
      http://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

      I think the blog writer should change these codes in his template first to enable the readers to add images/videos.

      Delete
    3. Rambo knife has teeth along its blade.
      I meant the knife with curves that shown under "Knuckle Duster Pistol".

      Delete
    4. එක තමයි කළා හැලිච්ච කිරිඤ්ඤෙ

      Delete
    5. @ මධුමාධවී රස සරණියMay 25, 2015 at 7:29 AM

      ඉංග්‍රීසියෙන් නම් එවැනි රැළි වැටුණු තලය සහිත පිහියට කියන්නේ Kris කියලා. මට හිතෙනවා ඒ නම අපේ කිරිච්චිය කියන වචනයෙන් ඉංග්‍රීසි භාෂාවට බිඳී ගියා කියලා. කිනිස්ස, කිරිච්චිය කියන වචන වලට ආසන්නයෙන් යන වචනයක් Kris කියන එක.

      මෙන්න මෙතන තියනවා විස්තර


      @ AnonymousMay 25, 2015 at 8:44 AM

      No sir, it is not the Rambo Knife. You can insert a picture in to your comment like this
      [im#]url of the relevant picture[/im] that is tha html code.

      Blogsite administrator has to do initial work to insert relevant html codes to the Blogger template which will facilitates readers to add pictures or videos to their comments. This site is provided with that facility. If you want to insert a Youtube Video just add video url yo your comment and it will automatically published.
      [im#]https://jangun.files.wordpress.com/2012/10/rambo-2.jpg?w=900[/im]


      Here you can see a picture of a Rambo Knife. Most Suitable name is Survival Knife.

      [im#]https://jangun.files.wordpress.com/2012/10/rambo-2.jpg?w=900[/im]

      Delete
    6. You can't see the html code here I will provide the same again.
      type this without gaps (space) first [, then im#], then the url of the picture, and then, [/im] that s the html code.

      Delete
    7. This code typing sucks. let me type it again.

      first [, and then im#], after that the relevant URL, and then [ again, after that im]

      Delete
    8. ක්‍රිස් එකේ ඔරිජින් එක මැලේසියා ඉන්දුනීසියා ජාවා පැත්ත
      කිරිච්චි කියන වචනය ජා හේවායන්ගේ ක්‍රිස් එකෙන් සිංහලට ආව වෙන්න පුලුවන්.
      හැබැයි රැලි සහිත බ්ලේඩ් තියන කිනිසි කඩු හා හෙල්ල තල යුරෝපයේ, අරාබියේ , ඉන්දියාවේ තිබුනනෙ.
      නේපාලි ගුර්කා වරුන්ගේ Kukri එක කර්ව් එකයි. අරාබි අප්‍රිකානු ඒවගේ ඒවත් තියනවනෙ. ඒවගේ ගොඩක් සමහරවිට ආභාෂයක් ඇතිව හෝ නැතිව එකවගේ ආයුධ ඇතිවෙලා තියනව

      Delete
    9. @ Pra JayMay 26, 2015 at 1:32 PM

      මම ඔය පිහියා වර්ග ගැන ලිපි දෙකක් ලිව්වා කලකට ඉහතදී. එතැනදී ඔය කුක්රි පිහිය ගැනත් ලිව්වා.

      ඒ ලිපිය මෙතනින් බලන්න

      Delete
  3. ලංකාවට එන දවස් කිට්ටුවෙලා ගන්න ඕනා මෙව්වයින් එකක් දෙකක් ......

    ReplyDelete
    Replies
    1. බුදු අප්පොච්චියේ, රේගුවෙන් බේරෙන්නේ කොහොමද?

      Delete
  4. විද්‍යුත් කලාකිරිඤ්ඤයක් නම් මාත් ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. කාට වැඩක් දෙන්නද හදන්නේ ළමයා?

      Delete
  5. කලාකිරිඤ්ඤයක් මගේ ලඟත් තියනව. අපේ තාත්ත තරුණ ක‍ාලෙ හදපු එකක්. මීහරක් අඟකින් තමයි හදල තියෙන්නෙ. උම්බලකඩකෑල්ල වගේ ලස්සනේ බෑ.ටිකක් අතපතගාල දාඩිය ටිකක් එහෙම ගෑවුනාම දිලිසෙනව.

    (වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොග්ස්පොට් අඩවි දෙකේ මොකක් හරි අවුලක් තියනව. ඒ වගේම මීට කලින් ඉල්ලපු ඉල්ලීමක් ඉෂ්ට උනෙත් නෑ .තාම. ෆෝන් එකෙන් ලාංකීය සින්ඩියට ගිහිල්ල ලිපි දෙකට ගිහිල්ල බලන්න දෙකම යන්නෙ වර්ඩ්ප්‍රෙස් අඩවියට. (කම්පියුටරෙන් නං ඒ අවුල නෑ) ඒ වගේම බ්ලොග් අඩවිය ක්ලික් වෙද්දි වර්ඩ්ප්‍රෙස් එකට යන වෙලාවලුත් තියනව. ඔය කියන අවුල් හැදුවෙ නැත්තං මේ, මේ අඩවියට දාන අන්තිම කමෙන්ටුව. මොකද ඩේටා කියන්නෙ සල්ලි. එහෙම නැත්තං වර්ඩ්ප්‍රෙස් එකෙන් ලිපිය කියවල විතරක් යන්නං. කමෙන්ට‍ු බෑ)

    ReplyDelete
    Replies
    1. ඒ වගෙම මේකෙ තියෙන රූපයක් ක්ලික් කළාම වර්ඩ් ‍ප්‍රෙස් එකේ තමයි ඒව ලෝඩ් වෙන්නෙ. මෙතනම ඒ රූපෙ ලොකුවට පේන්න හදන්න බැරිද.
      (ඔය රාජ් ගාව අර ගැජට් එකත් තියෙනව. ඒ හින්න විචා තුමා පරිස්සමෙන්) :D

      Delete
    2. @ රාජ්.

      මම මේ බ්ලොග් වැඩ ගැන මහා ලොකු දැනුමක් තියන මිනිහෙක් නෙවෙයි. හැමදාමත් අලුතෙන් යමක් ඉගෙනගනිමින් තමා මේ වැඩේ කරන්නේ. ජංගම දුරකථනයකින් බලන්න මේ අඩවිය හදනවා කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මට කියලා දෙන්න. එතකොට කරන්නම්. මගේ බ්ලොගර් අඩවියටයි වර්ඩ්ප්‍රෙස් අඩවියටයි යන්න ලේසිම විදිහ තමයි 'සිංහලයා සින්ඩිය' සින්ඩිකේටරයෙන් යාම. ඒ සින්ඩියේ මගේ අඩවි දෙකම පැහැදිලිව පෙන්නනවා. 'ලාංකීය සිතුවිලි' අඩවියට අදත් ඉල්ලීමක් කළා මගේ බ්ලොගර් අඩවියට ලියාපදිංචියක් ඉල්ලලා. නමුත් ඔවුන්මට ලබාදුන් සංකේත අංකය ගැහුවම පෙන්වන්නේ වෙනත් අඩවියක ලිපියක් ඇතුළත් වූ බවයි. එය මට විශාල ගැටළුවක්.

      @ ප්‍රසන්න

      රූප නම් කොහොම බැලුවත් එකයි නේද. මම බ්ලොග් ලියන්නේ වර්ඩ්ප්‍රෙස් එකේ. ඊට පස්සේ බ්ලොගර් එකට කොපි කරනවා.

      හෙහ් හෙහ් රාජ් අර ගැජට් එක අරන් එයිද මාව හොයාගෙන.

      Delete
    3. විචා,
      මාත් කියන්නෙ අමුතුවෙන් මොකුත් නොකර හිටියනං ඇති කියලයි. මෙතන වෙන්නෙ මේකයි.
      ඔන්න මම ෆෝන් එකෙන් එද්දි ලාංකීය එකේ අඩවි දෙක පෙන්නන්නෙ මෙහෙමයි.

      කෝ අර කලාකිරිඤ්ඤෙ [ යාම් : 22 ] | අසමි දකිමි සොයමි | 2015-05-24 14:25:57
      කෝ අර කලාකිරිඤ්ඤෙ [ යාම් : 14 ] | | 2015-05-24 14:16:12

      උඩ තියෙන්නෙ වර්ඩ්ප්‍රෙස් එක. ඒක ක්ලික් කලාම අවුලක් නැතිව වර්ඩ්ප්‍රෙස් එකට යනව.
      යට තියෙන්නෙ බ්ලොගර් එක. ඒක ක්ලික් කලාමත් යන්නෙ වර්ඩ්ප්‍රෙස් එකටමයි. මේ අවුල තියෙන්නෙ ෆෝන් එකෙන් යද්දි විතරයි.

      මොකක් හෝ අවුලක් තියනව. බලමු කාටහරි පුළුවන්ද හේතුව කියන්න කියල. පුළුවන් නං ‍බ්ලොග් එකේ ඉස්සෙල්ල ලියල ඊට පස්සෙ වර්ඩ්ප්‍රෙස් එකට දාල බලන්න.
      පින්තූර දානකොටත් කෙලින්ම ෆොල්ඩර් එකක තියන පින්තූර ඇඩ් කරන්න. මට තේරෙන විදියට කොපි කිරීමෙන් වෙන අවුලක් වෙන්න ඕන.

      බැරි නං කලාකිරිඤ්ඤයකට මුහුණ දෙන්න සූදානං වෙන්න!

      Delete
    4. http://blogger-hints-and-tips.blogspot.com/2012/05/mobile-templates-for-blogger-and-why.html

      මට තියන ගැටළුව තමයි මේ අඩවියට එනකොට බ්‍රවුසර් එක හිරවෙලා ප්‍රොසෙසර් පාවිච්චිය ඉහල නගින එක. මං හිතන්නෙ ඒක වෙන්නෙත්, පින්තූර ටික වර්ඩ්ප්‍රෙස් එකේ තියන නිසා වෙන්න ඇති. පින්තූර බ්ලොගර් වලටම අප්ලෝඩ් කරනවා නම් දැනට තියන විදිහට වඩා පහසුවෙන් විශාල කරල බලන්න හෙම පහසුයි. කොහොම වුණත් කමක් නෑ, පුළු පුළුවන් විදිහට ඇවිත් යන්න එන්නම් කෝ.

      Delete
    5. බොහොම ස්තුතියි, මීළඟ ලිපිය බ්ලොගර් එකේ ලියලා, පලකරලා, ඊට පස්සේ වර්ඩ්ප්‍රෙස් එකට කොපි කරන්නම්.

      Delete
    6. ඔය ඇනෝ කියල තියෙන එක මටත් වෙනව මේ ළඟදි ඉඳල මේකට එනකොට. ඒ මදිවට මොකක්ද ස්ක්‍රිප්ට් එකකුත් රන් වෙනව කියනව.

      Delete
    7. ආං ලාංකිය එකේ දැං මේක පෙන්නනව.

      Delete
    8. ඔව් ප්‍රසන්න. පුදුම දුකක් විඳලා නැවත ලියාපදිංචියක් කරගත්තා.

      Delete
    9. මේ පින්තූර වෙන සයිට් එහෙක ලින්ක් එකක් විදියට බ්ලොගර් එකේ දානකොට ඩවුන්ලෝඩ්වෙන්න වෙලාව වැඩියි, බයිට් වැඩියි. ඒ නිසා බ්ලොගර් එකටම අප්ලෝඩ් කරන්න

      Delete
  6. ෂා මරුනේ, මගේ ලඟත් තියෙනවා මී හරක් අන් වලිනුයි, වානේ වලිනුයි හදපු දෙකක්ම. මේවයින් පහර දෙන තැන් වගේම ක්‍රමත් තියෙනවා. ඒ ඒ විදි වලින් පහර දුන්නම අවුරුදු දෙක තුනක් එක තැන වෙන්න හරි, මරණයෙන් කෙලවර වෙන්න හරි සලකන්න පුළුවන්. කොහොම වෙතත්. සාර්ථක සම්ප්‍රදායික අවියක්

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපොඉය ලියද්දී ලැබුණා මේ අවියෙන් පහරදෙන ආකාරය ගැන වීඩියෝ සහ පින්තූර නමුත් ඒවා මෙහි පලකලේ නැත්තේ නුසුදුසු යයි හිතුන නිසා. ඇත්තටම මෙය භයානක අවියක්.

      Delete
  7. ඔන්න අපිගාවනං ඕව නෑ. තිබුණනං කලාවෙන්ම විස්කිරිඤ්ඤ වෙන්න දෙන්න තිබුණ.
    අර ඉලෙක්ට්‍රික් ගැජට් එක පාවිච්චි කරන්න ගිහිල්ලනං අපේ උං තමන්ටම කෙලෝගන්නව.

    ReplyDelete
    Replies
    1. අම්මෝ මේකෙන් එකක් කෑවම ඇති ආත්ම ගණනකට.

      ඉලෙක්ට්‍රික් ගැජට් එක ලංකාවට ගෙන්වන්න ඉඩ දෙන එකක් නැහැ.

      Delete
  8. අර විද්‍යුත් එක නම් තනියෙන් ගමන් යන කාන්තාවන් පාවිච්චි කරනවා නම් වටිනවා නේද?

    ReplyDelete
    Replies
    1. //මහා කළු ලාංකිකයාMay 25, 2015 at 9:46 AM//

      තනියෙන් ඉන්න කාන්තාවන් ට පාවිච්චි කරන්න බැටරි ඔපරේටෙඩ් ඒවා තියෙනවා ...

      http://sexuality.about.com/od/vibrators/ht/use_a_vibrator.htm

      Delete
    2. @ මහා කළු ලාංකිකයාMay 25, 2015 at 9:46 AM

      ඔව් කාන්තා හිංසනය ගැන හිතලා වෙන්න ඇති හදන්න ඇත්තේ.



      @ Sa rasaMay 25, 2015 at 5:33 PM

      මහත්තයෝ මහත්තයාට මේකනේ පෙන්නන්න ඕනෙවුනේ.

      [im#]http://f.tqn.com/y/sexuality/1/W/i/K/three-vibrators.jpg[/im]

      මහත්තයා බොහොමයක් බ්ලොග් අඩවිවල මහා ප්‍රාඥයෙක් වගේ පොර ටෝක් දෙනවා. නමුත් මහත්තයාගේ අභ්‍යන්තර මානසිකත්වය විකෘති කාමයෙන් යුක්ත බවයි පෙනෙන්නේ. ඒකයි මේ වගේ ප්‍රස්තුතයට අදාළ නැති දේවල් කියන්නේ.

      මහත්තයා ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙලෙන බව පෙනෙනවා. 'සපත්නී රෝෂය' කියන්නේ මොකක්ද කියලා දන්නවද?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඔබතුමා හරි ය... ස ර ස තුමා වැරදිය.. වැරි ම වැරි සොරි ය.

      Delete
  9. මටනම් මඥ්ඥං වගේ.. මොනවා උනත් දෙන්න නම් පුලුවං එකෙක්ට දෙන්නෙක්ට හොත්තිරිපඤ්ඤං වෙන්න.. xකලාකිරිඤ්ඤයක් ගන්න කවුරු හරි එනවනම් කියාපියෝ මාත් ඉන්නේ ඒ ලඟම මටත් එකක් ගන්න යන්නෝනි.. එහෙනං දැනට ගොහිං එඥ්ඥං විචාරක තුමා..

    ReplyDelete
    Replies
    1. ඔයාට මොකටද නකල් ඩස්ටර්. ඇදලා ඇරපන්කො මිටමොලවලා හොම්බ කට කැඩිලා යන්න. :e

      බොහොම ස්තුතියි. මම දැනගෙන හිටියේ නැහැ නෙලුම් යායේ මේ ලිපිය පළවුණ බව.

      Delete
    2. //මම දැනගෙන හිටියේ නැහැ නෙලුම් යායේ මේ ලිපිය පළවුණ බව.// මම පල කරල තමයි මේ ලින්ක් එක දැම්මේ දැන ගන්න.. හැක්. ඔහොම බෑ දැන් ටිකක් වැඩිපුර සළකන්න වෙනවා මේ නෙලුංයායේ ඇඩ්ඩිං මහත්තයට දැන්.. ඕං..

      Delete
    3. අම්මපා? එකට ඇඩ්ඩින්ලා බන්දවා ගන්නවද? කවද දන්නේ අප්පා. කලින් දන්නවනම් ඉල්ලුම්පත්තරයක් දාන්න තිබුණා.

      Delete
  10. ඉස්සර මමත් ඔව්ව දැකල තියෙනව, දැන් නං වැඩිය පාවිච්චියක් වෙන්නෙ නැති තරම් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉස්සර අපේ ගම්වල හිටිය ගණන්කාරයෝ ළඟ මෙව්වා තිබුණා. දැන් නම් දකින්න නැහැ එච්චර.

      Delete
  11. හී හී...පොඩ්ඩි නම් අර ෆෝන් කිරිඤ්ඤා එක ගන්නවාමයි. :P

    ReplyDelete
    Replies
    1. එතකොට අර හෑන්ඩ් බෑග්? අරයට කියන්න එව්වා එකකුත් අරන් දෙන්න කියලා.

      Delete
  12. කලාකිරිඤ්ඤයකින් එකෙකුට ගහල මාව පොලිසිත් අරන් ගියා. හැබැයි මම කිවුවෙ මම ගැහුවෙ අතින් කියල විශ්වාස කලේ නෑ. අවවාද කරල සාමදාන කලා. පලවෙනි රූපයේ තියන විදිහෙ එකක්.විද්‍යුත් නකල් ඩස්ටර් එකක් අපේ එකෙක් ගාව තියනව අම්මෝ ඒකෙන් පොඩි ටච් එකක් දුන්නම දුම් විසිවෙනව.
    මතක් කලාට ස්තූතියි ආයෙ එකක් හොයාගන්න ඕනෙ. එකෙක් ඉන්නව නෙලල දාන්ඩ.

    ReplyDelete
    Replies
    1. විචාරක කියල 'එකෙක්' ද?

      Delete
    2. @ කම්මලMay 25, 2015 at 12:44 PM

      හෑ..........................බලනකොට උඹ කිරිමේල් කාරයෙක් නේ. ඇත්තටම කම්මලේ, මීහරක් අං නකල් ඩස්ටර් එකෙන් ගැහුවම හොයන්න බැහැ මොකෙන්ද ගැහුවේ කියලා.

      ඔව්, ඉලෙක්ට්‍රොනික් එක මහා භයානකයි.

      යකෝ, එක පාරක් පොලීසි ගියා මදිද ආයෙත් අමාරුවේ වැටෙන්න හදන්නේ.

      @ Praසන්னMay 25, 2015 at 2:22 PM

      අඩ්ඩො..........ව්, වරෙන්කො බැරිවෙලාවත් අපේ ගෙවල් පැත්තෙන් යන්න.

      Delete
    3. ප්‍රසා , උඹ හදන්නෙ මට මලකඩ කාපු තුවක්කුවකින් වෙඩි පාරක් කවන්නද ?

      විචාරක තුමා, මී හරක් අඃ නකල් ඩස්ටර් එකකින් තමයි ගැහුවෙ ඒක අපේ පංතියේ එකෙක්ගෙ. ඉස්සර ඉතින් මොලේට කලින් අතපය ක්‍රියාත්මක වෙච්චි කාලෙනෙ. දැන් හතර පෝයට සිල් ගන්න උපාසක

      Delete
    4. ප්‍රසා , උඹ හදන්නෙ මට මලකඩ කාපු තුවක්කුවකින් වෙඩි පාරක් කවන්නද ?

      විචාරක තුමා, මී හරක් අඃ නකල් ඩස්ටර් එකකින් තමයි ගැහුවෙ ඒක අපේ පංතියේ එකෙක්ගෙ. ඉස්සර ඉතින් මොලේට කලින් අතපය ක්‍රියාත්මක වෙච්චි කාලෙනෙ. දැන් හතර පෝයට සිල් ගන්න උපාසක

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. //විද්‍යුත් කලාකිරිඤ්ඤයක්//
    විද්‍යුත් ද? විදුලි ද?
    ඕක විදුලි එකක් නේද?
    විද්‍යුත් කියන්නෙ e නෙමෙයිද? (මං හරියටම දන්නෙ නෑ. වැරදිවෙන්න පුලුවන්)
    විද්‍යුත් කලාකිරිඤ්ඤයක් කියන්නෙ ඔය මාතලන්ගෙ සමහර පෝස්ට්වගේ ඒවට කියල මං හිතුවෙ

    ReplyDelete
    Replies
    1. මේකේ තියන විද්‍යුත් පරිපථයකින් තමයි අධි වෝල්ටීයතාව හදන්නේ. ඒ නිසා විද්‍යුත් කියන එක හරි නේද?

      හෙහ් හෙහ්, මාතලන් වෙලාවකට අපේ ඔලුව හිරිවැටෙන්න ගහනවා එයාගේ ලිපි වලින්.

      Delete
  15. විචාරක බලල තියනවද american guns කියන ටීවී ෂෝ එක?
    එකෙත් පෙන්නුවා ඔන්න ඔය වගේ තුවක්කුවක්. ඕක පාවිච්චි කරලා තියෙන්නේ ඉස්සර කව්බෝයි කාලේ හිටිය සූදු අන්තුවො ලු. (උන් ගැන මම හිතන්නේ ප්‍රා දන්නවා ඇති. සූදු අන්තුවෝ ගැන ඔන්න. සූදු කෙලින එක ගැන එහෙම නෙවේ ඈ )

    http://www.free-tv-video-online.info/player/gorillavid.php?id=2sp2eraz7n06 මෙන්න බඩු

    ReplyDelete
    Replies
    1. OLD-

      https://www.google.lk/search?q=gamblers+gun&sa=X&biw=1438&bih=653&tbm=isch&tbo=u&source=univ&ei=0vViVbbDN4OwuATmuoPYAQ&ved=0CBsQsAQ

      NEW -

      http://www.washingtontimes.com/multimedia/collection/best-concealed-carry-handguns/?page=3

      Delete
    2. @ Prince of MoonshineMay 25, 2015 at 3:35 PM

      අනේ නැහැ ප්‍රින්ස්. මම හොයාගෙන බලන්නම්. ඉදිරියේදී මෙවැනි අවි ගැන ලිපි කීපයක් එනවා. ඒ ලිපිවල ඔබ කියන තොරතුරු ඇතුළත් වෙනවා.

      @ Pra JayMay 25, 2015 at 3:47 PM

      මේ විස්තර දැනටමත් මා ළඟ තියනවා. ඉදිරියේදී ලියන්නම්.

      Delete
  16. ඇම්බැක්කෙ දේවාලයේ අංගම්පොර කලාකිරිඤ්ඤා ෆයිටර්ස් ලී කැටයම

    http://en.wikipedia.org/wiki/Embekka_Devalaya#/media/File:Embekka_Wrestlers_2.JPG

    ReplyDelete
    Replies
    1. මේක නේද අදාළ පින්තූරේ? මේකේ පෙනෙනවා නකල් ඩස්ටර් දාගෙන ඉන්න බව.

      [im#]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSkJhni1rr4sqckiRWri_-6Be2f8NZqz5UjeeRAcPOiDZLHvniUVQ[/im]

      Delete
    2. [im#]https://jangun.files.wordpress.com/2015/05/maxresdefault.jpg[/im]

      Delete
    3. අම්මප බොල කලාකිරිඤ්ඤ දාගෙන පොර අල්ලන්නෙ කවුද?

      Delete
    4. හිහ් හී....මම හිතන්නේ දෙන්නම උත්සාහ කරන්නේ අනිකාගේ කලාකිරිඤ්ඤ පාරෙන් බේරෙන්න.

      Delete
  17. මාත් ඕක දැකල තියෙනවා. අපේ රටේ අංගම්පොර කරන අයගෙ තියෙන ආයුධ සෙට් එකේ මේකත් තියෙනවා නේද ප්‍රා ඔය උඩින් කියනවා වගේ. මම දැක්ක ටීවී එකේ අර අංගම්පොර වලට ප්‍රසිද්ධ එක්කෙනෙක් එක්ක(ඒ පුද්ගලයගෙ නම මතක විදිහට අජන්ත හරි ලලන්ත වගේ එකක්) කරපු වැඩසටහනක.

    හොඳ විස්තරයක් විචාරකතුමා.

    ReplyDelete
    Replies
    1. විකිපීඩියාවේ කියන්නේ 17 වැනි ශතවර්ෂයේ නිපදවූ ආයුධයක් කියලා. නමුත් මට හිතෙන්නේ අපේ සංස්කෘතියේ ඊටත් කලින් මේක තිබුණා කියලයි.

      Delete
  18. සමහර ඩයල් ඉන්නෙ 'නකල් එකක් වත් සාක්කුවෙ නැතුව ටවුන් බහින්න බෑ බං' කියන.අන්න උන්ට දෙන්න ඕනෙ ඔය ඉලෙක්ට්‍රික් එකක් සාක්කුවේදි ශෝට් වෙන විදිහට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිහ් හී.........උඹටත් මාට අයිඩියා එන්නේ. සාක්කුවේ තියෙද්දී කරන්ට් වැදුනොත් උන් වඳභාවයට පත්වෙනවා. ආයේ දෙකක් නෑ.

      Delete
  19. මාෂල් ආර්ට් කරණ අය නකල්ස් කියලා යූස් කරන්නේ මේවමද ? මේ කෙන් ගහන්න ඉතින් ළඟටම යන්න එපෑයෑ...

    ReplyDelete
    Replies
    1. මේවා විවිධ රටවලදී, විවිධ හැඩයෙන් හෑ ප්‍රමාණයෙන් යුක්ත වෙනවා. ආත්මාරක්ෂක සටන් කලාවේදී මේවා පාවිච්චි කරන අවස්ථා තිබෙන බව සමහර චිත්‍රපටිවල එහෙම පෙනෙනවා නේද?

      Delete
  20. කොහොමද මේක. ඇඟිලි දිග ඇරලා තියෙන කල් පේන්නෙ නෑ. ෂිවාජි කියන මරාටි රජතුමා මැරුවෙ මේකෙන්.
    https://dthorat.files.wordpress.com/2014/02/bagh-nakh.jpg

    වැඩි විස්තර
    http://en.wikipedia.org/wiki/Bagh_naka

    ReplyDelete
    Replies
    1. [im#]https://dthorat.files.wordpress.com/2014/02/bagh-nakh.jpg[/im]

      ඔන්න පින්තූරය මෙතනට දැම්මා. මේ අඩවියේ කමෙන්ට්ස් වලට පින්තූර සහ වීඩියෝ දාන්න පුළුවන්.

      බොහොම භයානක අවියක් නේද. මරණීය තුවාල කරන්න පුළුවන් වගේ.

      බොහොම ස්තුතියි ඔබට.

      Delete
    2. මම දන්නා හැටියට නම් ශිවාජි කියන මරාටි අධිරාජ්‍යයා මේකෙන් පහර දීල තමා වෙන කාවදෝ මරල තියෙන්නේ. ජෙනරාල් කෙනෙක්වද කොහෙද.

      Delete
  21. අපි 10 පන්තියේ හිටපු කාලයේ උණ නිසා නකල් ඩස්ටර් (යකඩ කෑලි පාස්සලා ), නන්චකු ( කොසු මිටවල් දෙකක් කොටට කපාගෙන කක්කුස්සි දම්වැලක් කොට දෙකේ මුහුනත් වලට තියා ඇණ ගසා ) හදාගෙන හිටියා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ......ඉස්කෝලේ ගිය කාලේ එක එක උණ හැදෙනවා කාලෙන් කාලෙට.

      අපි කවුබෝයි චිත්‍රපටි බලපු කාලේ සපත්තුවේ හීල් එකට ගිනිපෙට්ටියේ කූරු ගහන වෙඩි බෙහෙත් පටි කෑල්ල අලව ගන්නවා. සාක්කුවෙන් ගිනිකූරක් අරන් සපත්තුවේ හීල් එකේ ගහලා පත්තු කරලා පෙන්නුවම කොල්ලෝ හොල්මං වෙනවා.

      ඔය නන්චකු එකක් කරකවන්න ගිහින් මගේ ඔලුවේ වැදුනා ටෝන් ගාලා.

      Delete
    2. //ඔය නන්චකු එකක් කරකවන්න ගිහින් මගේ ඔලුවේ වැදුනා ටෝන් ගාලා.//

      Finally , an explanation :P

      Delete
    3. ඊට පස්සේ තමා බ්ලොග් ලියන්න පටන්ගත්තේ :e

      Delete
    4. //ඊට පස්සේ තමා බ්ලොග් ලියන්න පටන්ගත්තේ // පේනවා පේනවා :P

      Delete
  22. පිටකොටුවේ නාට්ටාමිල ගාවත් බඩු තියෙනවා මං කිව්වේ නක්ල් ඩස්ට්.. වාහන කාරයෙක් තග දැම්මොත් පාක් කරපු ගමන් බොඩිය දිගේ ඇදගෙන යනවා. දැන්නං අඩුයි.. ඒක

    ReplyDelete
    Replies
    1. උඹ කලින් කරපු ජොබ් එක නිසා දන්නවා කියලා මට එක්කෙනෙක් කෝල් කරලා කිව්වා මේ කමෙන්ට් එක දැකලා.

      නාටාමිලා එක්ක හැප්පෙන්නේ ත්‍රී වීල් කාරයෝ. ඉස්සර ටැක්සි කාරයෝ.

      Delete
  23. අපේ ගෙදරත් එකක් තිබුනා මතකයි ...ගෙදර ගියවෙලාවක හොයන්න ඕනෑ .(බාත්රුම් වලට පොළොංගු දාන එවුන්ට නෙලන්න ඕනෑ ) වටිනා විස්තරයක් විචාරකතුමෝ .මට මතක් උනේ දඬුබස්නාමානය ...

    "රකිනා දිවි සිට වග වැලහින්නේ
    බැවිනා කිරිපොවමින් ඔහු යන්නේ
    ලකුණා පෙර පිං නැති බව දන්නේ
    රැක්නා දිවි මෙම ලෙස කුමරුන්නේ

    සදා පුරය කරනෙමිනි කැලේයා
    කියා වැදුනි මහ සෙනග කැලේයා
    සදා සෙනග ගල් කරපු කැලේයා
    එදා පසිඳු විය දෙවියො කැලේයා"

    සංගීත සංයෝජනය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස (කෝල්මුර කවි ඇසුරින් )

    https://www.youtube.com/watch?v=nIuSTqTjU8Y

    ReplyDelete
    Replies
    1. මම හරිම ආසා කරන ගීයක් සින්දුවෝ. අර ඇම්බැක්කේ කැටයම ඒ රූප මාලාවේත් තියනවා.

      හෙහ් හෙහ්, ඇරපිය පොළොන් කතා කාරයට පොළඟා කෑවා වගේ වෙන්න.

      Delete
  24. සිරා පොස්ටුවක්. නිවාඩු පාඩු වෙලාවක නැවත කියවන්න ඕනෑ. මේවා තියාගෙන මෙහෙ ඇවිදිනවා නම් බොරු.

    ReplyDelete
    Replies
    1. හැබැයි අජිත් මේ හා සමාන ආයුධ ලෝකය පුරාම තියනවා. අපි මෙතෙත් දැක නැති මොස්තරත් ඇති. හරිම භයානකයි. ගැහුවේ මොකෙන්ද කියලා හොයන්න බැරිවෙන්න ගහන්න පුළුවන්.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  25. ඔබට ස්තුතියි...

    ReplyDelete
  26. විචාරක තුමා...ගුවන් යානා නශක අවි පිළිබඳ පොඩි ලිපියක් පල කල හැකිද?

    ReplyDelete
  27. Wicharaka pls help.. oya nuckle gena dapu post eka baluwa. Eke hadana widiya thibuna link eka weda nahane. Pls help. Kohomada hadanne.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }