හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

06 May 2015

ඕයි සනත් නන්දසිරී......... බුද්ධාගම කන්න එපා!

Sanath Nandasiri
 සනත් නන්දසිරි කියන්නේ, කිසි කමකට නැති මිනිහෙක්. 1960 දශකයේ ඇවිලුණු ගිනිදැල් කියලා, (ලව් එක බ්රේක් නම් ගිනිතියාගනින් කියලා නේද ඒ සිංදුවෙන් කියන්නේ?) මහා ගිනි විජ්ජුම්බර ගීතයක් කියාගෙන, මේ මිනිහා යන්තම් ගීත ලෝකයට ආවා. ඊට පස්සේ මිනිහා, බොහොම අමාරුවෙන්, ඔය එක එක්කෙනාට වැඳ වැඳ, යන්තම් සින්දු කිව්වා. අපි හරිම අප්පිරියාවෙන් එව්වා ඇහුවේ. අදත් ඉතින් අහන්ඩ එව්වා නැති නිසා අහනවා.

   ඒ මදිවට මේ මිනිහට, මහාචාර්ය පට්ටමකුත් දුන්නනේ, විශ්ව විද්‍යාලේ. මිනිහා ඉන්දියාවට ගිහින්, පගාවක් දීලා, 'සංගීත් නිපුන්' කියලා උපාධියක් සල්ලි වලට අරං ආවා. ඔව්වා පෙන්නලා තමයි, මේ අපි ඔහෙලා ඔක්කොමව රවට්ටගෙන ඉන්නේ. මෙයාගේ නෝනා, කතෝලික පවුලකට නේද අයිති. ඒක වෙන්ඩෑ මේ මිනිහා මුළු බුද්ද සෑසනේම කාලා දාන්ඩ හදන්නේ.

   මේ යකා, අපේ සාමනේර හාමුදුරුවරු ගැන, මහා අලුගුත්තේරු සිංදුවක් කියලා තියනවා. බල්ලොවත් අහන්නේ නෑ ඒ සින්දුව. මිනිහා ඕක රේඩියෝ චැනල් වල පොරචාරය කොරගන්නේ, ඒ චැනල් වලට, මිනිහගෙ අතින් සල්ලි ගෙවලා. අර, 'බෝ මළුවේ මල් සුවඳට මුසුවී' කියලා සිංදුවක් තියෙන්නේ. අන්න ඒක.

   මේ සිංදුව කොච්චර භයානක, අපහාසාත්මක, අශ්ලීල, අර ලීල, මේ ලීල, ද කියලා විස්තර කරලා, ධර්ම නිධාන නමැති අඩවියේ දීලා තිබුණා, නන්දසිරි ගොයියට බඩ යන්ඩ. මෙන්න ධර්ම නිධාන අඩවියේ, අදාළ ලිපියේ, තිර රූපයක්.


Screenshot (4)

   ලිපිය කියෙව්වට පස්සේ මටත් ඉතිං නානාප්පරකාර දේවල් හිතුණා. අනේ කොච්චර වුනත්, නන්දසිරි ගොයියා හොඳ එකා නේද කියලා හිතුණා. මාත් ඉතිං ඔය හිතට ආව දේවල් ටිකක් ලිව්වා. මේ තියෙන්නේ ලියලා පළ කොරපු කොමෙන්ටුව. 

Screenshot (10)

     ඔන්න ඉතිං කොමෙන්ටුව කොටලා මම ගියා මගේ වෙනත් වැඩකට. ඇවිල්ලා බැලුවා, මොකද අර අඩවියෙන්, මගේ කොමෙන්ටුවට දෙන උත්තරේ කියලා. හුටා.......! මගේ කොමෙන්ටුව නැහැනේ. ඒක ගෙඩිය පිටින් කපා දාලා.

   පොහ්...........මම හිතන්නේ සනත් නන්දසිරි කියන්නේ ගීත ත්‍රස්තවාදියෙක් වෙන්ඩ ඇති. ඒ නිසයි පාඨකයන්ටවත් එයා ගැන කියන්ඩ දෙන්නේ නැත්තේ.

   හැබෑටම මොකද මේ ගැන ඔය ඇත්තෝ හිතන්නේ?


2015 මැයි මස 05 වැනි දින 1857 පැය

60 comments :

  1. බැනලා යන්න හිතාගෙන ආවේ. අනේ කාලේ වනේ වාසේ .
    ඔයාගේ කමෙන්ට් එක ගැන ආඩම්බරයි

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඔයා බනිනකොට නරක වචනත් කියනවද?

      මෙගේ කමෙන්ට් ඒක කපා දැමීම ගැන නම් ඇතිවෙන්නේ අප්පිරියාවක්.

      Delete
  2. ඔන්න කොමෙන්ට් එකට තැනක් දුන්න.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16854-2015-05-05-21-45-58

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්. තවත් සෑහෙන දෙනෙක් දැනුවත් වෙයි මේ ගැන.

      Delete
  3. විචාරකට වුණු දේම තමයි මටත් වුනේ!

    ඔය අඩවියේ කමෙන්ටු පළ කරන්නේ නෑ. අපේ කාලය යනවා විතරයි. මගේ නිර්වචනයකට අනුව එය බ්ලොග් එකක් නොවෙයි. අර නලින්ද සිල්වා තව හොඳයි.

    මේ ලිපියට මා කමෙන්ටුවක් දැම්මා මෙන්න මේ වගේ.

    "අයියෝ එක සින්දුවක් නිසා බ්ලාස් යනවාද සිංහලබෞද්ධ සාසනේ වගේ සංස්ථාවක්? තව අවුරුදු 2,400 ක් ලංකාවේ පැවතීමට නියමිතයි නේද? අනික විෂ්ණු දෙයියන් ඒකට ඉඩ දේවිද?"

    තමන්ගේ කමෙන්ටුව පළවෙනවාදැය් බලන්න කමෙන්ට්ස්වලට සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවනි නේ වර්ඩ්ප්‍රෙස් වලත්. මං එහෙම කරළා බැලුවාම තමයි දැක්කේ කාලෙකට කලින් ඔය අඩවියේ ජයන්ත චන්ද්‍රසිරි ගේ ගැමුණු චිත්‍රපටිය ගැණ තිබුණු ලිපියටත් මං කමෙන්ටුවක් දාලා තියෙනවා. ඒකත් ඔය වෙබ් අඩවියේ අයිතිකරු පළ කරලා නෑ!

    ReplyDelete
    Replies
    1. අපේ අදහස් වලට උත්තර නොදීම තමයි මට නම් පේන්න බැරි.
      එතනිනුත් එහාට ගිහින් අපේ කොමෙන්ට් ඉවත් කරනවානම් බ්ලොග් සම්ප්‍රදාය නොදන්න නිදහස් චින්තනය නොපිළිගන්න අධිකාරී මනසක් තිබෙන නරුම කෙනෙක් කියල කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා.
      දැන් විචාරකගෙ කොමෙන්ට් එක ඉවත් කළාට වැඩක් වුනාද
      ඔහු පෝස්ට් එකක්ම දාල.
      මේ අය නිදහස් චින්තන සුළි සුලග වළක්වන්න මකුළු දැල් බදින පිරිසක්.

      Delete
    2. @ රසිකොලොජිස්ට් - RasikologistMay 6, 2015 at 5:06 AM

      බෞද්ධ දර්ශනය අනුගමනය කරන අඩවියක් නම්, අන් මතය ඉවසා, ඒ ගැන මතවාදීව අදහස් හුවමාරු කරගත යුතුයි. බුද්ධ ධර්මය දේශනා කලේ හිට්ලර්ද කියලා හිතෙනවා, මේ අයගේ මෝඩකම දැක්කම.

      @ මධ්‍යස්ථ මතධාරියාMay 6, 2015 at 10:10 AM

      මට හිතෙන්නේ මේ අඩවිය තමන්ම ලියලා තමන්ම කියවන අඩවියක් වෙන්න ඇති.

      මගේ චූන් - මටම චූන්

      Delete
  4. ලියන්නකෝ "විචාරක" ඒ සින්දුව ගැන "විචාරයක්"!

    ReplyDelete
    Replies
    1. අම්මෝ......බැනුම් අහන්න හොඳම වැඩක්.

      Delete
    2. ඔය සින්දුවේ වැරද්දක් තියනවා කියලා පෙන්නන්න ගිහින් මටත් කාලෙකට කලින් සැරයක් ඇනුනා... "කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා" කියල කියන තැන... අම්ම මිය ගිහින් කියන එක අඟවන්න සසරින් එතෙරවෙලා කියන එක දාලා තියනවා (වැරදි ලෙස ) කියලා තමයි මගේ අදහස වුණේ. ඒත් මම වැරදියි.

      Delete
  5. මේ ගීතය ළමා මනස එළෙසින්ම විදහාපාන්නට ලියවුණු ගීත අතලොස්ස අතරින් එකක්. මේකත් මේ අභිධර්මය එක්ක පටලෝගන්නවානම් ඊට වඩා විහිලුවක් නෑ. අනික ළමා හිතකට නිසගයෙන් එන සිතිවිලි කොහොමද ආගමක් ධර්මයක් තුලින් හිරකරලා තියන්නෙ?
    ඔබ දුන්නු ලින්ක් එකෙන් ගිහින් බැලුවා. කෝ...? නෝ කමෙන්ට්ස්!

    ඇවිලුණු ගින්දැල් ගීතයෙන් කියවෙන්නේ ගිනි නිවන භටයෙකුගේ අත්දැකීමක් :e

    ReplyDelete
    Replies
    1. //ඇවිලුණු ගින්දැල් ගීතයෙන් කියවෙන්නේ ගිනි නිවන භටයෙකුගේ අත්දැකීමක්// ඇවිළුණු ගිනිදැල් නිව නිව යද්දී.. ඈ මට හමු වූවා.. හැක්. :) පිච්චිලාද දන්නෑ හිටියේ නේද අර නවදැලි හේනක පෑව වැඳිරි රුව වගේ..

      Delete
    2. @ මධුමාධවී රස සරණියMay 6, 2015 at 7:45 AM
      ළමයෙකුට තියන තරම්වත් මොලයක් නැති අයද මේ අඩවි පවත්වාගෙන යන්නේ කියලා හිතෙනවා මධු.

      ඇවිලුණු ගිනිදැල් ගීතය ඇසුරින් 'කැමිලස්' නමැති සුප්‍රසිද්ධ කාටූන් ශිල්පියා සෑහෙන කලකට ඉහතදී කාටූන් එකක් ඇන්දා. ඒ කාටූන් එකේ ඉන්න පෙම්වතාගේ, පෙම්වතියගෙ දණහිසෙන් පහල කොටස දකිනවා පෙම්වතාගේ කටකාර මල්ලි. ඒ කොටස පිරිමියකුගේ වගේ රෝම කූප ගහනයි. අර මල්ලි කියනවා, 'රන් කෙඳි දහරින් පෙරී පෙරී ඉතිරී - ඈ මට හමුවූවා' කියලා. :e

      @ කල්‍යාණ මිත්‍රMay 6, 2015 at 7:56 AM

      අම්මපා අලුත්ම සංකල්පනාවක්. සනත් නන්දසිරි දැක්කොත් බෙල්ලේ වැල දාගන්නවා :e

      Delete
  6. /////සමහරක් බොදු ගීත වෙළඳ වටිනාකම නිසාම මිසදිටු ආගමිකයෙක් අතින් ගැයුනද ඒවායේ පද රචනය කිසිසේත් බොදු විරෝධී නොවීය. අර්ථය ඉතා උසස් විය. පද රචනා බොහෝමයක් පූජණිය හිමිවරයෙක් අතින් සිදුවූ බැවින් අදටත් ඒවායේ අගය කියා නිමකල නොහැක. ඒවා නිසා අල්-හාජ් නම් සත්ව ඝාතක ඉස්ලාම් ගායකයාට අනවශ්‍ය වටිනාකම් නොලැබිය යුතු නමුත් ඔහු ගැයූ ගීත ප්‍රතික්ෂේප නොකල යුතු ඒවා බව රහසක් නොවේ///
    නන්දසිරියට ගහපු එකටත් වැඩිය අදාල ලිපි රාජයාගේ මට අල්ලලම ගිය කොටහ ඔය ටික.. අනේ අම්මපා අපේ මහ පරම්පරාවේ උන්ට හෙන ගහන්න අච්චර 'අති පූජ්‍ය' පද රචනා ටික සුනිමල බොදු කටහඬකින් කියන්න එක සිංහල බෞද්ධ ගායක උත්තමයෙක්වත් උන්නේ නැද්ද ඒ දවස්වල අර තඩි මුස්ලිම් අල්හාජ් නම් සත්ව ඝාතකයාටම ඕක කියන්න දුන්නේ. දැන් ඉතින් ප්‍රතික්ශේප නොකර පාරිශුද්ද වෙසක් මංගල්‍යය පුරාවට අප්පිරියාවෙන් හරි උගේ තම්බි කටෙන් පහරපු ඒ අති පාරිශුද්ධ ධර්ම ගීත ටික අහමු. මුංගෙ අම්මලාට කෙලින්ඩ වෙන එකෙක්වත් ඒ තරම් හිතට දැනෙන 'අපේ බෞද්ධ ගීත' අසූ කෙළක් කියල නෑනේ.

    'අහෝ ධර්ම නිධාන- නිදාගෙනම දකී මොක්පුර'

    ReplyDelete
    Replies
    1. @ කල්‍යාණ මිත්‍රMay 6, 2015 at 8:07 AM

      එක්කෝ මේ අඩවිය කරන්නේ මුලින් වෙන ආගමක ඉඳලා පස්සේ බුද්ධාගමට ආව කෙනෙක්. එහෙම නැත්තං පන්සලක ඇබිත්තයෙක්. බෞද්ධ දර්ශනයේ මූලික හරයවත් නොදැන, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, වපුරනවා, සාප කරනවා, බනිනවා, අපහාස කරනවා.

      අනේ මේ බෞද්ධයොද? එහෙම නැත්නම් ජේතවනාරාමෙට ගල් ගහලා, වඳුරන්ගෙන් බණ අහපු අයද?

      Delete
  7. MAMATH, MEHI VICHAARAYAN BOHOMAYAKATA, EKAGAI. NAMUTH, MEMA VICHAARAYANAM, PILIGANNA BAHA. VICHARAKA, NAWATHATH, GEETHAYA ASANNA! KIYAWANNA! EVITA, OBATA OBAGE VARADDA THYREYVI. MAMATH BODUNUWEK!

    ReplyDelete
    Replies
    1. නිදහස් අදහස් දැක්වීමට ඔබට ඇති අයිතියට ගරු කරනවා.

      ගීත සංකල්පනාවක් කියන්නේ ස්වාධීන චින්තනය මෙහෙයවා කරනු ලබන නිර්මාණයක්. (අදනම් බහුලව තියෙන්නේ එක එක පුස්සන් විසින් කළ කොපි කිරීම් විතරයි) එවැනි නිර්මානයකදී, ගීත රචකයා, අපූර්වත්වයක් මවනවා. (අපූර්ව = පූර්වයේ හෙවත් පෙර නොතිබුණු) ඒ තුළ ඔහු කැටිකරන්නේ, ෙසෟන්දර්යයයි.

      'නවදැලි හේනක පෑව වැඳිරි' රුව ගීතයේදී, සෝමතිලක ජයමහ කියනවා;

      'මිසදිටු සුරඟන රූසිරු කුමටද - හද දුටු ජනපද කලණ හොඳා' කියලා.

      කතාවේ හැටියට මේ කියන්නේ, නන්ද කුමාරයා, බුදුහාමුදුරුවන්ට. ඉතින් බලන්නකෝ, අර 'ධර්ම නිධාන' කට්ටිය, මේ ගීතය නිසා, සෝමතිලක ජයමහව මරන්නත් ඉඩ තියනවා.

      කරුණාරත්න දිවුල්ගනේ කියනවා;

      'ලාදලු බෝපත් සෙමෙන් සැලෙන සේ යසෝධරා දේවී - වාවනු බැරිතැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක්වී' කියලා.

      ඔය තලේබාන් බුද්ධාගම් කාරයෝ කියයි, මෙතන 'ඇසුර' කියන්නේ සංසර්ගය කියලා.

      ගීත සාහිත්‍යය සහ ආගමික මතවාද පටලවාගන්නෝ, නුවණැත්තෝ නොවෙති.

      Delete
  8. බොදු ගී ඇපයට තබා ගැලවුණු ගායකයා

    Monday, May 16, 2011

    පසුගිය දවසක සංගීතයෙන් නිපුන වෙච්ච් ගායකයෙක් ලොකු අමාරුවක වැටුනලු.

    ගායකයාගේ පන්ති ආපු පොඩි ළමයෙකුට පාර්ලිමෙන්තුපාරේ වාහනේ ඇතුලේ අමුතු සංගීත පාඩමක් කියාදෙන්න ගිහින් පොලිසියේ අතටම අහුවුනාලු.

    පොලිසියෙන් ගායකයා අධිකරණයට ඉදිරිපත්කලාම ගායකයා වෙනුවෙන් පෙනිහිටිය නීතිඥයා කියල තියෙන්නේ මේ ගායකයා බෞද්ධ ආගම වෙනුවෙන් ගීත ගායන කරලා තියන නිසා නිදහස් කරන්න කියල.ඊට පස්සේ තමයි විනිසුරුවරයා නිදහස් කරලා තියෙන්නේ.

    ..

    ඔය කියන්නෙත් මේ ලිපියේ සදහන් වන පොරම ගැනයි. මිනිහගේ මුණ දැක්කම පේනවනේ කුප්ප පෙනුම.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත නම් බොදු ගීත ගයන අයට ළමා අපචාර කරන්න බලපත්‍රයක් දෙමු. බැලගෙඩි කඩන එකාටයි බොදුගී ගයන එකාටයි නීති දෙකක් බෑ.

      තව වාසියක් තියනව මේ බලපත්‍ර ක්‍රමයෙ. එතකොට බොදුගී කියන එකෙක් ලග පාතක හිටියම දෙමවුපියන්ට තමන්ගෙ ළමයි පරිස්සන් කරගන්න පුළුවන්.

      Delete
    2. මේ කියලා තියෙන සීන් එක නං ඇත්ත තමයි. ලංකාදීප පත්තරේ වැඩ කරන මගේ යාලුවෙකුත් ඔය කතාව තහවුරු කලා ඒ දවස් වල. වෙබ් සයිට් වල නං සනත් නන්දසිරිගේ නමත් එක්කම ප්‍රවෘත්තිය ගියා. පොරගේ මිනිබිරියක් වෙන්න තරම් බාල කෙල්ලෙක් එක්ක කියනවනේ ඔහොම ගිහිං තියෙන්නේ. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ නිකං යෑ.

      Delete
    3. ගීතය කෙසේ වෙතත් ළමා අපචාර සිද්ධිය ඇත්තනම් මට මූ ගැන මාර පිළිකුලක් තියෙන්නෙ. මම ඒක කළින් දැනගෙනහිටියෙ නෑ .
      බොදු ගී කියනව කියල බේරුනා නම් වස විලිලැජ්ජාවක් අපි ඔක්කොටම.

      මිණිබිරියකගෙ වයසෙ දරුවෙකුට අපරාධයක් කළා කියන්නෙ මොන තිරිසනෙක්ද . මූට බ්ලොග් වලින් ගහනව හොදටම මදි.
      ඇනෝ ඔබ ඒ පුවත්පත් වාර්තාව ට ලින්ක් එකක් දෙන්න බැරිද

      Delete
    4. @ AnonymousMay 6, 2015 at 9:00 AM,
      AnonymousMay 6, 2015 at 10:27 AM,
      මධ්‍යස්ථ මතධාරියාMay 6, 2015 at 2:52 PM

      මහත්වරුනි, මේ සම්බන්ධයෙන් මාහට කීමට ඇත්තේ මෙපමණකි.

      මේ ලිපිය ලිවීමෙන් මා අදහස් කළේ, සනත් නන්දසිරි මහතාට චරිත සහතික දීම නොවේ. ගීත සංකල්පනාවක් වැරදියට වටහාගෙන, අසාධාරණ විවේචනයක යෙදෙන, බමුණු මතධාරීන් ගේ අමනොඥ කම පිළිබඳව, සංවාදයක් පැවැත්වීමයි.

      සනත් නන්දසිටිට ගල් ගහන්නට, පළමුවැනි ගල එල්ල කලයුතු ශුද්ධවන්තයා, ඔබ අතරින් කුමන තැනැත්තාදැයි මම නොදනිමි. එය දන්නේ ඔබේ හෘද සාක්ෂිය පමණි.

      කුණු රෙදි සේදීම මෙහි නොකර, වෙනත් තැනකට යාම යෙහෙකි.

      Delete
  9. සනත් නනදසිරිගේ තවත් ගීයකට කචල් එකක් වැටුනා..

    "ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ.... දාං අඳින්නේ..."

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ, ඒ ගීත සංකල්පනාවේ විරුද්ධ පැත්ත කියවෙන පදමාලාවක් සහිතව, ගීතයක් ගැයුවා. පදමාලාව මට මතක නැහැ.

      Delete
    2. කෝපී කඩේ දාං අඳින ගැටව් හපන්නු..

      Delete
    3. ආකාසෙ තාරකා මුදෙ මඩ උනත් අරන් එන්නට
      කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු ගැටව් හපන්නු ....//

      පුරන් කුඹුරු පාළු හේන් නැ ගම්මානේ
      ගමේ ගොඩේ ගැටවුන්ටයි ඒ සම්මානේ
      වැලි මිරිකා වතුර උනත් ගන්න හපන්නු
      ගමේ කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු

      හඳපානේ ගැටවුන්ගේ සීපද රාවේ
      අපේ කමට කිරි උතුරන අසිරිවාදේ
      ගැමිලියන්ගේ හීන රටේ රඟන හපන්නු
      ගමේ කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු

      කඩේ පිළේ රංචු ගැසී සමගි බලේයා
      උත්තම රජගොල්ලෝ වගේ ඉන්න රගේයා
      රටේ තොටේ නැති බැරි කම් මකන හපන්නු
      ගමේ කෝපි කඩේ දාන් අදින ගැටව් හපන්නු

      ගායනය - සනත් නන්දසිරි
      https://soundcloud.com/sinduano/akase-tharuka-original-recording-sanath-nandasiri-1970s

      Delete
  10. ඔය අඩවිය ටිකක් ඕවර් යන එකක් තමයි. මේ වගෙ ඒව හොදටම සිනාසෙන්න තමයි හොද. මේ ගීතය අස්වාභාවික ජීවන රටාවකට හුරු කරපු ළමයෙකුගෙ මානසික අවුල ගැන යි කියන්නෙ. සම්පූර්ණ ඇත්ත.

    හැබැයි ඔය ගීතයෙන් සාමනේර හිමිවරුන් හා සංඝයා වහන්සෙල හෑල්ලුවට පත්වෙනව කියන එකත් එකපාරටම බැහැර කරන්නත් බෑ. පොඩි ළමයි මහන කරන එක මම නම් අනුමත කරන්නෙ නෑ. ප්‍රශ්න ඔක්කොටම මුල එතන.
    තව ගීතයක් තියනව පුතාව මහණකරපු තාත්තෙක් විලාප දෙන එකක්. මෙහිදී අපි හාමුදුරුවරුන්ගෙ පැත්තෙනුත් බලන්න ඕන.

    ඔයිට හපන් පෝස්ට් එකක් ගියා මොහිදීන් බෙග් ගැන. එතන මොහිදීන්ගෙ ගීත විචාරයට ලක් කරල තිබුනෙ ඔහු කොහෙද ගිහින් සත්තු මැරුව ඒ නිසා සින්දු හොද නෑ කියල. අපූරු විචාර සම්ප්‍රදායක්.

    ධර්ම නිධාන කියන්නෙ බලන්න සුදුසු අඩවියක්. මෙහෙම හිතන අයත් ඉන්නවනෙ කියල දැණගන්න.

    ReplyDelete
    Replies
    1. //මෙහෙම හිතන අයත් ඉන්නවනෙ කියල දැණගන්න.//

      මටත් හිතුනේ ඒකමයි. අන්තවාදය මොනවගේ එකක්ද කියල තේරුම් යනව. ඉස්ලාම් අන්තවාදීන් ඉන්න එක එතරම් පුදුමයක් නෙමෙයි ආගමේ දෘඪ බව නිසා. ඒත් අන්තවාදය කියන දේ ඕනෑම දෙයකට යොදාගන්න පුලුවන් කියන එක ඔප්පුවෙනව මේ බ්ලොග් එකෙන්. බෞද්ධාගම ඉගන ගත්තත් මේ වගේ හිතන්න පුලුවන් අය ඉන්නවයි කියල පුදුම හිතුන

      Delete
    2. @ මධ්‍යස්ථ මතධාරියාMay 6, 2015 at 9:54 AM

      ඔබේ කමෙන්ට් එකේ අන්තිමට කියලා තියනදේ හරිම වැදගත්

      //ධර්ම නිධාන කියන්නෙ බලන්න සුදුසු අඩවියක්. මෙහෙම හිතන අයත් ඉන්නවනෙ කියල දැණගන්න//

      ඇත්තටම අපිට බෞද්ධ දැක්ම පිළිබඳව සතුටුදායක අවබෝධයක් තියන නිසා, මෙවැනි අඩවි කියවා, 'අනේ මේ මිනිස්සු කරන විකාර' කියලා, හිතන්න පුළුවන්. නමුත් එවැනි දැක්මක් නැති අය, සම්පූරණයෙන් නොමග යනවා. අන්‍යාගමිකයන් මෙවැනි දෑ කියවීමෙන්, වෛරය ගොඩනැගෙනවා. මේ අඩවියේ භාෂා විලාශයද අඩවියේ පරමාර්ථයට ගැලපෙන්නේ නැහැ.

      @ Pra JayMay 6, 2015 at 7:25 PM

      මෙය පැහැදිලිවම අන්තවාදී හැඟීම් වලින් යුක්තව ලියන අඩවියක්. මේ අල්ලාගෙන ඉන්නේ, නිර්මල බෞද්ධ දර්ශනයේ වැරදි කොනකින්. මෙවැනි අඩවි වලින්, බුද්ධාගමට කරන්නේ, නැවත සැකසිය නොහැකි තරම් බලවත් හානියක්.

      Delete
  11. ඔය ධර්ම නිධානය කියවන මගුලට මම නං යන්නෙ නෑ වගේම කිසිදු ප්‍රචාරයක් දෙන්න වටින්නෙ නෑ. උංගෙ අැති ධර්මයකුත් නෑ. ජාතිවාදය-ආගම්වාදය පැතිරවීම තමයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවන්ගේ දැක්ම අනුව නම් මොවුන්ට අනුකම්පා කලයුතුයි. නමුත් එක අතකට බලනකොට, පිස්සන්ට අනුකම්පා කලාට, මෝඩයන්ට අනුකම්පා කිරීමේ තේරුමක් නැහැ රාජ්.

      Delete
  12. සනත් නන්දසිරි ත්‍රස්තවාදියෙක්ම තමා
    නැත්නම් රහත් උන භික්ෂූනි වහන්සේ කෙනෙකුට යසෝදරා කියලා නමින් කතා කරයිද?

    ReplyDelete
    Replies
    1. සින්දුවේ හැටියට එහෙම කෑගහන්නේ සනත් නන්දසිරි නෙවි බුදු හාමුදුරුවෝ

      Delete
    2. @ JPMay 6, 2015 at 10:47 AM

      අම්මපා එකත් ඇත්ත.

      @ මැලේ රාළMay 6, 2015 at 7:04 PM

      යකෝ, ධර්ම නිධාන අඩවියෙන් එයි උඹව අල්ලන් යන්න, බුද්ධාගමට අපහාස කළා කියලා.

      Delete
  13. අනේ මන්ද ඔය නිදාන ගැනනං

    ReplyDelete
    Replies
    1. අපිට තමයි පිස්සු.

      Delete
  14. යකෝ විචාරක... මම අද වෙනකං දැනං හිටියේ නෑ මසුරා උනාට මේ සනත් නන්දසිරියා බෞද්ධාගම කන්න ආපු එකෙක් විත්තිය...

    ReplyDelete
    Replies
    1. අම්මපා මේ ධර්ම නිධාන අඩවියේ ඇත්තන්ගේ මොලේට වැටහෙනතුරු, අපිත් දැනගෙන හිටියේ නැහැනේ, මේ මිනිහා මෙච්චර වසවර්තියෙක් කියලා.

      Delete
  15. හොඳ දෙකක් කියන්න හිතාගෙන ආවෙ. ඒත් කොරවෙලා ගියා අන්තිමේදී. මේව හරි අවදානම් වැඩ ළමයෝ...

    "කොහොමද අම්මේ එහෙම කරන්නේ..
    අම්මත් සසරින් එතර වෙලා.."

    මේ, මේ ගීයෙ මාව වඩාත් සසංවේදී කරවන කොටස. ඇත්තටම ඒක කොච්චර අසරණ හැඟීමක්ද සාමණේර හිමි නමකට..

    ReplyDelete
    Replies
    1. අරවගේ ලිපි දැක්කම අපේ මොළෙත් කොර වෙනවා සඳුමල්.

      අම්මපා මේ මිනිස්සු සින්දු අහන්නේ රසවිදින්නද වැරදි හොයන්නද?

      Delete
  16. මම ඉතුවේ අටමා වගේ අපේ මාමණ්ඩියත් හොඳට දාලා පොස්ට් එකක් ලියලා කියලා........
    සනත්ගේ එදා මෙදා තුර වගේ තේමාවලින් යුතු ගීත එදා ඉඳලා අද වෙනකම්ම වෙන කවුරුත් කියලා නැතුව ඇති ...
    මොනවා උනත් සින්දුව අහලා රස විඳිනවා ඇරෙන්න ගායකයන්ව අදහන්න වත් විචාරය කරන්නවත් යන එකනම් පට්ට මෝඩකමක් වගේ තමයි මටනම් පෙන්නේ

    ReplyDelete
    Replies
    1. හො න් ද ට් ට දාලා ථමයි ඉ..න් න්.. නේ. ඇයි මො ක් ක් ක් ඛ ද?

      මේ ඊයේ පෙරේදා දවසක, පුංචි සාදයකදී, අපි යාළුවො කීපදෙනෙක් එදා මෙදාතුර ගීතය කියලා, සෑහෙන වෙලාවක් ඒ ගැන සාකච්ඡා කළා. භාවාර්ථ රැසක් උපදවන මෙවැනි ගීත අද දුර්ලභයි.

      හරියට හරි. කිසිම ගායකයකු අනවශ්‍ය ලෙස පූජනීයත්වයට පත්කලයුතු නැහැ. ඔහුගේ ගායනය ඇගයීමකට ලක්කලාම ඇති.

      Delete
  17. Replies
    1. https://www.youtube.com/watch?v=VsG9Mze1BdA

      ඔන්න සෙන්නා මම ඒ ගීතය දැම්මා මෙතනට. ගීත සංකල්පනා එක්ක ආගම පටලවාගන්න හදන්නේ තලේබාන්, බෝකෝ හරාම්, isis වගේ අන්තවාදීන් විතට්‍රයි. බෞද්ධ දර්ශනය අන් මත ඉවසන දර්ශනයක් කියන ඒක මේ උන්නැහේලට අමතකයි.

      Delete
  18. මමත් සින්දුව නම් අහල තියනවා.. හැබැයි මෙහෙමයි- මගේ අදහස-
    කෙනෙක් පැවිදි ජීවිතයට ඇතුල් වෙන්න ඕනේ ගිහි ජීවිතය සම්පූර්ණයෙන්ම අතෑරලා. පොඩි හාමුදුරුවෝනේ කියල ඒකෙ වෙනසක් නෑ. ඒ ඉතුරු වෙලා තියන බැඳීම් ක්‍රම ක්‍රමයෙන් නැති කරන්න ගුරු හාමුදුරුවරු දැනගන්න ඕනේ. දැන් වෙලා තියන්නේ ඒක නෙවෙයිනේ.
    ගුරු හාමුදුරුවරු දේශපාලනය, අර මගුල, මේ උත්සවය, අර සමිතිය, මේ සමිතිය වගේ එව්වල හූ ගාල වැඩ. නැත්තම් බිස්නස් වැඩ. ඉතින් පොඩි හාමුදුරුවරු අයාලේ.. උපාසක මහත්තුරුන්ට වඩා දැන් ඉන්නේ අම්මලා.. ඒ ගොල්ලොත් මහණ උනාට තාම පොඩි ළමයිනේ කියල අවවාදයක් දෙන්නෙත් නෑ.. ඉතිං සිවුරු හැරලා යන තැනටම ඒ හිත ආපහු ගිහි ජීවිතයට බැඳෙනවා.. ඒ පසුබිම උඩ, මේ වගේ ගීතයක වැරද්දක් මම නම් දකින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. වයස අවුරුදු පහක හයක, එපමණක් නෙවේ 15 කට වුනත් අඩු දරුවකු, බුදු සසුනට ඇතුලත් කරනවා නම්, ඒ දරුවාගේ දෙමව්පියන්ගේ කැමැත්ත පමණක් ප්‍රමාණවත්ද? ඒ දරුවා භික්ෂු ජීවිතය ගැන දන්නේ මොනවාද? එවැනි දරුවන් රැවටිලි වලට, අතවර වලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩියි නේද?

      මමනම් හිතන්නේ වයස අවුරුදු 16 පසුවු විටයි සසුනට ඇතුළු වියයුත්තේ. එමෙන්ම ඊට පෙර පන්සලේ නවතාගෙන ඉතා දීර්ඝ වශයෙන් භික්ෂුභාවය ගැන කරුණු කියාදී, කැමතිනම් පමණයි සසුනට ඇතුළු කරගත යුත්තේ.

      එයින් ලැබෙන ඉතා ඉහලම ප්‍රතිලාභය තමයි දුසිල් මහණුන් බිහිවීමට ඇති ඉඩකඩ බොහෝදුරට අඩුවීම.

      ලොකු හාමුදුරුවරුන් බොහොමයක් ප්‍රමාණවත් තරම් ඉහල දැණුමැත්තන් නොමැතිවීම අභාග්‍ය සම්පන්න තත්වයක්.

      Delete
  19. මේක බෞද්ධයෙක් කොරන එකක් වෙන්න බෑ.. ටිකක් විතර කල්පනා කරන්න ඕනෙ දෙයක්.මොකද මඩ ගහන්න ඕන අය එක එක ඇඳුම් ඇඳගෙන වැඩේ කොරනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලබ්ස්, ඕනෙවට වඩා මොලේ වැඩිවීම නිසාත් පිස්සු හැදෙනවනේ. මේ අඩවිය කරන/කරවන අය, බුද්ධාගම් ඔස්තාර් ලා වෙන්න ඇති. නැත්නම් මේ අහක යන අහිංසක සිංදුවක් අල්ලාගෙන මැරෙන්න හදන්නේ ඇයි?

      හොඳයි අපි මොහොතකට හිතමු මේ සින්දුව වැරදියි කියලා. මේකද අද අපේ රටේ ශාසනයට තියන ලොකුම අභියෝගය?

      වලිගෙ පාගාගෙන, කඩුල්ලත් එක්ක අල්ලලා අමුඩේ ගහගෙන නටන, මේ වගේ අය, ශාසනයට කරන්නේ විනාශයක්.

      Delete
  20. විචාරක තුමාගේ කමෙන්ටුව ඒකේ පලනොවුන එකේ සිංදුව ගැන හොද විචාරයක් ලියලා දාන්න මහත්තයෝ මෙතන.. අපි බලන්නම්..

    ReplyDelete
    Replies
    1. මා හිතනවා දිනේෂ් මේ කමෙන්ට් වලින් වැඩි හරියක්, හරියට විචාරයක් වගේ තමා. ඇත්තටම මගේ පරමාර්ථය වුනෙත් මේ සිද්ධිය පිළිබඳව හොඳ සංවාදයක් ඇතිකරන්නයි. ඔබ සියලුදෙනාම ඉතා බුද්ධිමත්ව ඊට සහභාගිවීම ගැන ස්තුතියි.

      ගීත විචාරයක් පසුව කරමු.

      Delete
  21. මම නම් කැමතිම ගීතයක්.ඔබගේ අදහස වාරණය කිරීමෙන් පෙනි යන්නේ ඒ බ්ලොග් අඩවිය 'ඒකාධිපතියෙක්'විසින් පවත්වා ගෙන යන්නක් බවයි.එසේ නොවේ නම් ඔහුට තිබුනා ඔබේ අදහස එහි පල කර ඔහුගේ ප්‍රති උත්තරය ඒ සඳහ ලබා දෙන්නට.

    ReplyDelete
    Replies
    1. ආගමික ඒකාධිපතියෙක් වගේ නේද? මා හිතන්නේ ඒ අය කැමති, තමන්ට ආවඩන කමෙන්ට් වලට විතරයි. ඒ නිසාමද කොහෙද, ඒ අඩවියේ බොහොමයක් ලිපිවලට, එක කමෙන්ට් එකක්වත් ලැබිලා නැහැ.

      Delete
  22. කියන සිංදුවෙන් ගායකයාගෙ චරිතය මනින්න පුලුවන්ද කියන එක නම් ගැටලුවක්. එක්කො සිංදුව දිහා බලන්න ඕනෙ. නැත්නම් ඒක කියන මනුස්සයා දිහා බලන්න ඕනෙ. සිංදුවෙන් ඒක කියන කෙනා මනින්න පුලුවන් නම් අද කාලෙ ඇහෙන සමහර සිංදු වල තියෙන වචනත් එක්ක ඒ ගායකයෝ ගැන කියන්න දෙයක් ඉතුරු වෙයිද....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ අඩවියෙන් මේ ගීතය ගැන විචාරයක් කලානම් කමක් නැහැ. එහි තිබෙන්නේ අවලාදයක්. අනික ගායකයා කියන්නේ ගීතරචකයාගේ සංකල්පනාව සිය හඬින් ඉදිරිපත් කරන්නාටයි. මේ විචාරයේදී, ගීත රචකයා ගැන වචනයක්වත් කියන්නේ නැහැ. හරියට සනත් නන්දසිරි, 'අනේ මට මෙන්න මෙහෙම තියන ගීතයක් ලියලාදෙන්න' කියලා ගීත රචකයාට කිව්වා වගේ හිතලයි, අවලාද නගන්නේ.

      ඇත්තටම ඔබ කියනවා වගේ, අද කාලේ සමහර ගීත ගැන කතාකරන්න ගියොත්, මහා වියවුලක් ඇතිවෙනවා.

      Delete
  23. විචා,

    ඔය අදාළ පොස්ටුවේ පලවෙනි ඡේදේ කියෝන කොටම ලියන එකා කොහොම එකෙක්ද කියන එක හිතා ගන්න පුළුවන් වුනා. එතනින් එහාට මොකුත් කියන්න මම කැමති නැත. මෙවන් දැනුවත් කිරීම් කිරීම ගැන ඔබට බොහොම ස්තුතිවන්ත වෙමි. ඔබේ කමෙන්ටුව ඉතා අගය කොට සලකමි.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ. මං හිතන්නේ මොළේ උඩ වාඩිවෙලා තමයි ලියනවා ඇත්තේ. මගේ කමෙන්ට් එක පළකරලා එහි හරි වැරැද්ද විවේචනය කළානම්, මනුස්සයෙක් කියලා හිතන්න තිබුනා. දැන්නම් පෙනෙන්නේ මනුස්ස වේශයෙන් ඉන්න තිරිසනෙක් කියලා.

      ආගම් අන්තවාදයෙන් ඇස් අන්ධවුන මේ වගේ අය ගැන, හිනහත් යනවා. දුකකුත් හිතෙනවා.

      ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  24. කෝ යකෝ මගේ කමෙන්ටුව?
    විචා මේක හරියන්නෙ නෑ එක බොලග් එකක් තියා ගං

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්. කොටන්න කලින් බලපන් වර්ඩ්ප්‍රෙස් ද බ්ලොගර් ද කියලා. කෝකේ දැම්මත් මොකද මෙන්ඩො, කමෙන්ට් එක මට වටිනවා.

      Delete
  25. බෝ මළුවේ, යසෝධරා, නවදැලි හේනක වගේම ලා දළු බෝපත් වැනි සින්දු ලියවිලා තිබෙන්නේ අපි වැනි ලෞකික ජීවිත වල බැඳුන අය අතින්. මම නම් හිතන්නේ, ඒ ගීත වලින් කෙලෙස් නසපු කෙනෙක් දකින අකාරය නෙවෙයි කියවෙන්නේ. අපේ පවුල් බැදීම් එක්ක ඒ දිහා බැලුවම, අපිට ඒ අත හැරීම කොයිතරම් අමාරුද ? වේදනාත්මකද කියන එක තමයි මම කියපු ගී 4ම කියවෙන්නේ. අපේ පෘතග්ජන මනසින් ඒ චරිත වලට ආදේශ වෙලා ඒ අවස්ථා දිහා බැලුවම අපිට දැනෙන වේදනාව ඒ ගීත වල තිබෙන බවක් තමයි මට නම් හිතෙන්නේ. බෝ මළුවේ ගීතය ගැන හිතුවොත්, මම පොඩි කාලෙට ගිහින් අම්මගෙන් යාලුවොන්ගෙන් ඈත් වෙලා හිතුවොත් දැනෙන තනිකම එකේ මම දකිනවා. යසෝධරා, ලා දළු බෝපත් සින්දු ගැන කිවොත්, මගේ බිරිඳ අත හැරලා මහන වෙලා ඉන්නවනම් ඇය ගැන දැනෙන හැගීම සහ වෙන්වීමේ වේදනාව තමයි එහි තිබෙන්නේ. නව දැලි හේනක ගීතයේ තිබෙන්නේත් එවැනි සිදුවීමක්. අපි වැනි සාමාන්‍ය මිනිස්සු මේ චරිත වලට ආදේශ වෙලා බැලුව උන්වහන්සේලා කල කැපකිරීම කොයි තරම් අපහසු වටිනා එකක්ද කියන එක අපට පෙන්වීම මිසක් ඒ වෙලාවේ ඒ සැබෑ චරිත හිතපු සිතිවිලි විකුර්තිව නිරූපණය කිරීමක් මේ ගීතවල් වෙන්නේ නැහැ. මේ වැරදි වටහා ගැනීම නිසා තමයි ගැටලුව ඇති වෙන්නේ.

    ( මම සනත් සහ දිවුල්ගනේ කියන කැපිලි කාරයෝ දෙන්නටම කැමති නැහැ )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ අදහස් වලට.

      සාහිත්‍ය නිර්මානයක විවිධ ගැඹුරු පැති, විවිධ කෝණ වලින් බැලීමේ හැකියාව, ඔබට තිබෙන බව පෙනෙනවා. ඇත්තටම සාහිත්‍ය නිර්මාණයක, කලා නිර්මාණයක, ඇතුලාන්තයේ තිබෙන අර්ථය කුමක්ද යන්න අවබෝධ කරගැනීමටත්, සාහිත්‍ය/කළා දැණුම මෙන්ම, මිනිස් චර්යා පිලිබඳ අවබෝධයක් ද තිබිය යුතුයි. මෝඩයෙකුට පුළුවන්, සීගිරි ලලනාවන්ගේ චිත්‍ර දිහා බලාගෙන හස්තෝපක්‍රමයේ යෙදෙන්න. නමුත් බුද්ධිමතා දකින්නේ එහි ඇති කලාත්මක බව පමණයි.

      කලාකරුවකුගේ පෞද්ගලික චරිත ලක්ෂණ අපට වැඩක් නැහැ. ඔහුගේ නිර්මාණ කාර්යයයි අපට වැදගත්.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }