මෙම බ්ලොග් අඩවිය අත්හදාබැලීමක් බව කාරුණිකව සලකන්න
කාලයේ වැළිතලාවට යටවී ගිය ලේඛකයෙකු ගැන කෙටි සටහනක්
ජොනී ශ්‍රී වර්ණසිංහ ගැන වර්තමාන පාඨකයන් අසා ඇත්තේද යැයි මට සැකයක් තිබේ. ජොනී ශ්‍රී වර්ණසිංහ යන නම යොදා ගූගල් සෙවුමක් කල විට ලැබුනේ කුරුණෑගල ජොනී පිලිබඳ විස්තර මිස මේ ලේඛකයා ගැන නොවේ. ඒ නිසා රණ බළලුව නම් ලමා කථාව ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ ලේඛකයා පාඨකයන් ගේ මතකයෙන් සදහටම ඈත් වී යාමට පෙර ඔහු ගැන කෙටි සටහනක් ලිවීම සුදුසු බව සිතේ.
රණ බළලුව පොත මා කියවූයේ ඉතා කුඩා කාලයේදීය. ඒ වන විට මා දෙකේ පන්තියේ ඉගෙනුම ලැබුවා විය හැකිය. කුඩා ලමයෙකු සහ පිට ග්‍රහලෝකයෙකින් පැමිණි අපූරු පූසෙකු පිලිබඳ ඒ කථාව ලමා සිත් චමත්කාරයට පත් කලේය.ජොනී ශ්‍රී වර්ණසිංහ රණ බළලුව පොත ලියූ කාලයේ ET චිත්‍රපටය නිර්මාණය කල ස්ටීවන් ස්පිල්ට්බර්ග් උසස් පාඨශාලා සිසුවෙකු වන්නට ඇති.
රණ බළලුව පොත ලියූ ජොනී ශ්‍රී වර්ණසිංහ මගේ පියාගේ මිතුරෙකු විය. නමුත් ජොනී හෝ වැඩිහිටියන් කිසිවෙකු රණ බළලුව ගැන අප ඉදිරියේ කථා නොකලේය. රණ බළලුව පොත ලිව්වේ ජොනී අන්කල් බව මා දැනගත්තේ බොහෝ කාලයකට පසුවය. ඒ වන විට (1982) ජොනී ශ්‍රී වර්ණසිංහ හෝටල් කර්මාන්තයට අවතීර්ණව තිබුනි. ඔහුගේ බිරිඳ වුයේද ප්‍රන්ස කාන්තාවකි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශා වලින් නිතර කථා කල ජොනී අන්කල් මා කුඩා කාලයේ එනම් 1974 කාලයේ පමණ ආශාවෙන් කියවූ රණ බළලුව පොත ලියූ ලේඛකයා බව අහම්බයෙන් දැන ගත් විට මට විශාල විශ්මයක් දැනුනි. ඉංග්‍රීසියෙන් සහ ප්‍රන්ස භාශාවෙන් ඉතා චතුරව කථා කරන මේ පුද්ගලයා ලමා මනසට ගෝචර වන පරිදි කදිම සිංහල වචන යොදා ගනිමින් රණ බළලුව පොත ලියූ බව අදහා ගැනීමටවත් නොහැකි විය.
සමකාලීන ලේඛකයන් ගෙන් සහ විචාරකයන් ගෙන් දිරිමත් කිරීමක් නොලැබූ ජොනී ශ්‍රී වර්ණසිංහ පොත් ලිවීම අත් හලේය. තවද ජොනී ශ්‍රී වර්ණසිංහ ජනතා ලේඛක සංගමයේ ලේඛකයෙකු නොවූ නිසා ලේඛකයන් මත අණසක පතුරවා සිටි බලධාරීන් ද ඔහුව ගාම්භීර ලේඛකයෙකු ලෙස සැලකුවේ නැත. සිංහල ළමා සාහිත්‍යයේ දිදුලන මිණි කැටයක් වූ රණ බළලුව ගැන ජොනී අන්කල් කථා කරනවා මා අසා නැත. 1984 පමණ කාලයේ රණ බළලුව පොත ගැන මම පියා මාර්ගයෙන් ජොනී අන්කල් ගෙන් විමසුවෙමි. ඔහු දුන්නේ ඉතා උදාසීන පිලිතුරකි. අපේ කාලයේ දහසක් ලමුන් චමත්කාර ලෝකයකට ගෙන ගිය රණ බළලුව පොත ගැන එහි නිර්මාතෘ තුල තිබුනේ මිශ්‍ර හැඟීම් ය.
ජොනී ශ්‍රී වර්ණසිංහ තවමත් ජීවතුන් අතර සිටිනවා යැයි මම නොසිතමි. ඔහු ප්‍රන්සයේදි අප්‍රකටව මිය යන්නට ඇත. නමුත් රණ බළලුව පොත කියවූ දහසකුත් පාඨකයන් තුල ජොනී ශ්‍රී වර්ණසිංහ මැවූ චමත්කාරය තවමත් පවතී.ඒ නිසා මේ පොත යළි මුද්‍රණය කොට වර්තමාන ලමා පරපුරටද රණ බළලුව කියවීමට ඉඩ සැලසීමට යමෙක් උත්සහයක් ගන්නේ නම් මැනවි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
අළුතින්ම එකක් ගහලා නේද අපේ විචාරක තුමා ? අර අනිකෙ කමෙන්ටුවක් කොටන්න වෙනම ඒකෙ එකවුන්ට් එකට ලොග් වෙන්න වෙනවා අප්පා..මේකට මාරු වෙච්ච එක ගැන නම් මම පුද්ගලිකව සතුටුයි !
ReplyDeleteස්තුතියි වෙනි. මට මේක තවම අලුත්. ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. කොහොමහරි ඉදිරියට යන්න බලන්නම්.
DeleteCheers. I like this very much
ReplyDeleteRemove Word verification
Settings - Comments and post - Word Verification - NO
OK
ReplyDelete