හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 November 2013

ඇඳුම් මැදිල්ල තමයි එපාවෙන වැඩේ - Ironing Your Cloth


man-hates-ironing_1
  දිනපතා අඳින ඇඳුම් ස්ත්‍රික්කයකින් මැදගැනීම, සමහර අයටනම් එපාම කරුපු වැඩක්. අද කාලයේ තිබෙන බොහොමයක් ඇඳුම්, මදින්නේ නැතිව අඳින්නත් පුළුවන්. නමුත් එවැනි ඇඳුම් අතරින්, පිරිමි අය අඳින කමිස සහ කලිසම් වලින් බොහොමයක්, නොමැද ඇන්දොත්, අවලස්සන පෙණුමක් එන බවත් රහසක් නෙවෙයි. 'අනේ ඔන්න ඔහේ ඕනේ එ(පු)කක් කවුරු බලන්නද කවුරු දකින්නද' කියලා අඳින අයත් ඉන්නවා. නමුත් කාර්යාල සේවයේ යෙදෙන අයට එහෙම ආවට ගියාට ඇඳුම් අඳින්න බැහැනේ. මැදිවිය පසුවූ බොහෝ දෙනෙක් ඇඳුම් ගැන එතරම් සැළකිලිමත් වෙන්නේ නැහැ. නමුත් දිනපතා ටයි එකක් අඳින/අඳින්නේ නැති එහෙත් තම බාහිර පෙනුම රැකියාව කෙරෙහි බලපාන ආකාරයේ රැකියාවක යෙදෙන අයටනම්, වයස කුමක් වුනත් ඇඳුමේ පෙණුම වැදගත් වෙනවා. සමහර වෘත්තීන්හි යෙදීසිටින අය, රැකියා ස්ථානයට ඇඳගෙන එන කලිසම් කමිස දැක්කම 'අනේ අනිච්චං' කියවෙන අවස්ථාත් තියනවා. මොකද ඒ අය දුප්පත් අය නෙවෙයි. නොසැළකිල්ල හෝ කම්මැලිකම නිසයි ඔවුන් අපිළිවෙලට ඇඳුම් අඳින්නේ. විශේෂයෙන්ම පිරිමි ගුරුවරුන් බොහොම කල්පනාකාරී වියයුතුයි සිසු දරුවන් ඉදිරියේ අඳින ඇඳුම්වල පෙණුම ගැන. ඇඳුමෙන් මිනිහෙක් මනින්නෑ කියලා කවුරු කොහොම කිව්වත්, යම් පුද්ගලයකුගේ පෞරුෂත්වය කෙරෙහි ඔහුගේ/ඇයගේ ඇඳුමෙන් කිසියම් බලපෑමක් එල්ල වෙනවා. (පින්තූරය ගත්තේ මෙතනින්)
  මහත්වරුන්ගේ කමිසයක් සහ දිග කලිසමක් කඩිනමින් සහ නිවැරදිව මැදගන්නේ කොහොමද යන්න කියාදෙන මෙන්, මට ඉල්ලීම් ආවේ, දැනට සෑහෙන කලකට ඉහතදී මා ලියන ලද,  සපත්තු පොලිෂ් කිරීම පිළිබඳ ලිපිය සහ ඉන පටියක් පැළඳීම ගැන ලියන ලද ලිපිය පළකිරීමෙන් පසුවයි. නමුත් අද තමයි ඒ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් වුනේ. ප්‍රමාදය ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.
  රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේත් බොහොමයක් ආයතනවල කාර්ය මණ්ඩලයේ ඇඳුම පිළිබඳව විශේෂ උපදෙස් අද කාලයේ ලැබෙනවා. මෙතනදී නෝනලාට නම් එච්චර කරදරයක් නැහැ. සාරි අඳින්න කියලා නියෝග කලත් ඒවා මැදලා අඳින ඇඳුම් වර්ගයක් නොවන නිසා, (වොයිල් වැනි සාරි මදින අයත් ඉන්නවා) ප්‍රශ්නයක් නැහැ. (කලකට ඉහත මා දැන සිටි පාසල් ගුරුවරියක් සිටියා සාරි 600 ක් හිමි. සාමාන්‍යයෙන් අහන්න දකින්න අමාරු දෙයක්. ඇය සතුව දොර තුනේ අල්මාරි තුනක් තිබුණාලු මේ සාරි තබන්න. ඇය කිසිවිටක එක සාරිය දෙවරක් අඳිනු දැක නැති බව ඒ ගුරුමණ්ඩලයේ සිටි ගුරුවරියන් මා සමග කියා තිබෙනවා. (ඒගොල්ලෝ කිව්වනම් ඇත්තම තමයි. මොකද එයාලා එච්චරම හොඳ 'උනන්දුවීලා' නේ. :D)
  නෝනලා මෙහෙම කරද්දී, මහත්තයලා තමයි අමාරුවේ වැටෙන්නේ, දිනපතා රාජකාරිය සඳහා අඳින කමිස කලිසම් මදින්න ගියාම. දැන් කාලේ තියන විදුලි ස්ත්‍රික්ක ක්‍රියාත්මක කලාම, විදුලි මීටරය කැරකෙන්නේ විදුලි පංකාවක් වගේ. මීටරයේ වීදුරු ආවරණය නැත්නම් විදුලි පංකාවක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් :D :D  නෝනලා කෑගහනවා කරන්ට් එක යනවා වැඩියි කියලා. ඒ වගේම තමයි වැඩට යන්න පිටත් වුනාට පස්සේ, ආයේ මතක්වෙනවා ස්ත්‍රික්කය නිවා දැමුවාද නැද්ද කියලා. සංසාරේ එපා වෙන්නේ ඒ වෙලාවට. ඒ වගේමයි දැන් තියන සමහර රෙදි. පොඩ්ඩක් උෂ්ණත්වය වැඩියෙන් තියලා මැද්දොත් රෙද්ද උණුවෙලා ඇකිළිලා යනවා. අද කාලේ හොඳ කමිසයක කලිසමක මිල ඇහුවම අමුඩ ගහගෙන වැඩට යන්න හිතෙනවා. :D :D
  Charcoal_ironඅනේ අපේ පුංචි කාලේ ඇඳුම් මැද්දේ පොල්කටු අඟුරු දාන 'ඉස්තිරික්කෙන්' ඒ කාලේ අපි ඇඳපු ටොකටලිසම් (හමුදාවේ කොටකලිසම් නැහැ. තියෙන්නේ ටොකටලිසම් :D) එංගලන්තෙන් ගෙනාපු ඉස්තරම් ඩ්‍රිල් රෙද්දෙන් මහපුවා. පොල්කටු අඟුරු ඉස්තිරික්කේ එකසියගානට රත්කරලා මැද්දත් කිසිම පුරස්නයක් නැහැ අගේට මැදෙනවා. ඒ ස්ත්‍රික්කය හදලා තිබුනේ පිත්තලෙන් හෝ චීනච්චට්ටි නමැති මිශ්‍ර ලෝහයෙන්. කිලෝ 2 ක් විතර බරයි. :D ඒ කාලේ ලොන්ඩරිවල තිබුන පිත්තල ඉස්තිරික්ක, දැන් කාලේ තියන ත්‍රිරෝද රථයකට වඩා පොඩ්ඩයි පුංචි. :D පඳුරු තැලුවා කියලා හිතන්න එපා. මෙව්වා නොකියාම බැරි දේවල්නේ.
Iron
space 2
Ironing Lady
space 2
  හොඳයි දැන් බහිමුකො මාතෘකාවට. හැබෑටම මොකද මේ ඇඳුම් මැදිල්ල මේ තරම් මහා පුරස්නයක් වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මහත්වරුනි, තමුන්නාන්සේලාගේ කම්මැලිකොමත් ටිකක් විතර (සමහරවිට හුඟක් විතර) බලපානවා ඔය ඇඳුම් මැදිල්ල මහා අවුලක් වීමට.  හොඳයි ඔන්න අපි පටන්ගන්නයි යන්නේ ඇඳුම් මැදිල්ල. මොනවද සම්පූර්ණ කරගතයුතු ප්‍රධාන කරුණු. ප්‍රධානම කරුණ ඉතිං මදින්න ඇඳුම් තියෙන්නේ එපායැ. ඒ කෙහෙම්මල් නෙවෙයි ඇඳුම් නැත්නම් රෙද්දද මදින්නේ. :D අම්මපා රෙද්දත් මදිනවා නේන්නම්. හරි මෙන්න මේකයි රෙදි මැදීම සඳහා ඔබෙන් සමහර ඇය විවිධ ආකාරයේ මතුපිටවල් පාවිච්චි කරනවා. නමුත් නිර්දේශිත හොඳම ක්‍රමය තමයි රෙදි මැදීමේ මේසයක් Ironing Table පාවිච්චි කිරීම. ගන්නකොට නිකම් ගින්දර වගේ මේසයක් ගන්න ඈ.
Sexy Girl Ironing
  ඉතිං ඔය කොහෙද බලන්නේ. මම කිව්වේ රෙදි මදින මේසය ගැන. හරියන්නෑ වැඩේ. මේ මේසේ අතෑරලා වෙන එකක් බලමු. ඇත්තටම මේ ඉහත රූපයේ තිබෙන ආකාරයේ රෙදි මදින මේස ඉතා අඩුමිලට ගන්න තියනවා. නමුත් එයින් බොහොමයක් කල්පැවතීම අතින් ඉතා දුර්වලයි.  එමෙන්ම රෙදි මදිනවිට මේසය එහා මෙහා පැද්දෙනවානම් එය එතරම් සුදුසු නැහැ. දුර්වල යකඩ පයිප්ප රාමුවක් මත, යන්තම් අටවන ලද ලෑල්ලක් සහිත එවැනි මේස, කිසිදු වැදගැම්මක් නැහැ. මේ පහත තියන පින්තූරයේ තියනවා හොද මේසයක්. නමුත් ඇත්තම කියනවනම් සමහරු කරන්නේ ගෙදර ටයිල් පොලොව මත ඝන රෙද්දක් එලා ඒ මත තබාගෙන ඇඳුම් මැදීමයි. මෙහිදී අධික ලෙස උෂ්ණත්වය අපතේ යනවා. ඔබ සාමාන්‍ය මේසයක් මත තබා ඇඳුම් මදින්නේනම් මෙන්න මේ වැඩේ කර බලන්න. ඔබ දන්නවා නේද, ඇසුරුම් සඳහා ගන්න ඝන ඊයම් කොළ විශේෂයක් තිබෙනවා, එක පැත්තක් ඊයම් කොලය, අනික් පැත්ත දුඹුරු පාට තරමක් ඝන කඩදාසි. අන්න ඒ කොලයක් අරගෙන කඩදාසිය පැත්ත යටටත් ඊයම් කොලය පැත්ත උඩටත් සිටින සේ, එය මේසය මත එලා, ඉන්පසු තරමක් ඝන කපු රෙදි දෙකක් ඊයම් කොලය මත  එලා, ඇඳුම් මැදීම කරන්න. එවිට උෂ්ණත්වය අපතේ යාම බොහෝ දුරට අවම වෙනවා. විදුලි බිල අඩුවෙනවා. 
Aris-Wood-Ironing-Board
  ඊළඟට සළකා බලන්න ඕනේ, ඔබ පාවිච්චි කරන ස්ත්‍රික්කය මොනවගේ එකක්ද කියන කරුණ.මම කලින් සඳහන් කළ ආකාරයට, අපි කුඩා කාලයේදී තිබුන ඝන කපු රෙදි බොහොමයක් ඉතා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. නමුත් වර්තමානයේදී කෘතීම කෙඳි මිශ්‍ර ඇඳුම් තමයි බහුලව තිබෙන්නේ. ඒ නිසා ඒ ඒ රෙද්දට අවශ්‍ය උෂ්ණත්වය කුමක්ද කියා සෑම නිමි ඇඳුමකම පාහේ සංකේතයකින් දක්වනවා. ඔබ බොහෝ දෙනෙක් එය දන්නවා. නැවත මතක් කිරීමක් ලෙස සඳහන් කරන්නම්. අපි බලමු සාමාන්‍යයෙන් සෑම ඇඳුමකම පාහේ තියන ලේබලයක්.
carelabelමේ ලේබලයේ උපදෙස් සියල්ල වචන වලින් විස්තර කර තිබෙනවාට අමතරව සංකේතත් යොදලා තිබෙනවා. නමුත් සමහර ඇඳුම් වල තිබෙන්නේ සංකේත පමණයි. මේ නිසා මා හිතුවා සංකේත පිලිබඳ සවිස්තර සටහනක් ඔබට දෙන්න. පින්තූරය වෙනම ගෙන බලන්න.
gar0800ස්ත්‍රික්කයේ උෂ්ණත්වය පිලිබඳ ඇති සංකේත වලින් කෙරෙන විස්තර ඇතුලත් පින්තූර දෙකක් මීළඟට පෙන්වන්නම්.
consejos-lavado-6_en
space 2
chart
දැන් ඉතින් මේ ටික බලලා හාපෝ............මේ මොන මගුලක්ද කියලා මේ පහල තියන පින්තූර වගේ වෙන්න එපා  :D  මේවා මහා විශාල සංකීර්ණ තොරතුරු නෙවෙයි. 
steam-dryers-eliminate-ironing-1
16522019-fed-up-housewife-sitting-amongst-her-clean-laundry-piled-on-the-ironing-board-daydreaming
හොඳයි. ඔන්න මෙතැන් සිට මම පින්තූර වලින්ම පියවරෙන් පියවර විස්තර කරනවා කොහොමද කමිසයක් සහ කලිසමක් මදින්නේ කියන එක. අපි මුලින්ම බලමු කොහොමද කමිසයක් මදින්නේ කියන එක. සමහරවිට ඔබ දීර්ඝ කාලයක් පුරුදුවී සිටින වෙනත් ක්‍රම ඇති. නමුත් මම කියන්නේ මම හමුදාවෙන් ඉගෙනගත් ක්‍රමයයි. මටනම් මේ ක්‍රමය හරි පහසුයි. 
1
space 2
2
space 2
3
space 2
4
space 2
5
space 2
6
  කමිස මැදීම පිලිබඳ වීඩියෝ යූ ටියුබ් එකේ තියනවා. නමුත් මම ඒවා මෙතනට නොදාන්නේ ඔබේ කාලය ඉතිරි කරන්නයි.  අපි ඉක්මනින්ම යමු නේද කලිසමක් මදගන්න. උඩ කෑල්ල මැදලා යට කෑල්ල නොමැද අඳින්න බැහැනේ. එහෙම වුනොත් මෙන්න මෙහෙම කරගන්න තමයි වෙන්නේ. :D :D
Head_up_ass_zpsbb559eb7
  කලිසම මැදීමනම් කමිසය මැදීම තරම් සංකීර්ණ නැහැ. නමුත් කලිසමේ ඉදිරිපස තිබෙන ප්ලීට්ස් නිවැරදිව මැදගැනීමට නම් හොඳින් පැතලිව තබා ප්ලීට් එකේ නියමිත දිග පමණක් මැදිය යුතුයි. මෙන්න ඒ පිලිබඳ පින්තූර.
T1
space 2
T2
space 2
T3
space 2
T4
T5
  මීට වඩා විස්තර කලයුතු දේ ඇතත් ලිපිය දිග වැඩිවන නිසා මෙතෙකින් අවසන් කරනවා. ප්‍රශ්න අසා තවත් කරුණු තහවුරු කරගන්න පුළුවන් නේ? ලිපිය දිගයි වගේ පෙනුනත් ඇත්තටම වචන 1000 කට ටිකක් වැඩියෙන් තියෙන්නේ.
සියළුම පින්තූර Google Images වෙතිනි
my-signature-for-blog[1]
2013 නොවැම්බර් මස 12 වැනි දින 2336 පැය

26 comments :

  1. බුදු අම්මෝ ඒකත් ලේසි කෙලියක් නෙමෙයි එහෙනං.. තැන්කුයි තැන්කුයි විස්තරේට...

    ReplyDelete
    Replies
    1. කොයිදේද අනේ දැන් කාලේ ලේසි :D

      Delete
  2. හැමදාම ලිපි දානව නං මාත් මෙතෙන්ටම එනව. අර හෙන්රි ඩෙනිම හැදුව වගේ......

    ReplyDelete
    Replies
    1. කොහොමහරි වැඩිදියුණු කරගන්න බලන්නම්.

      Delete
  3. දැන් අපි එන්න ඕන මොන පැත්තටද?

    ප්‍රයෝජනවත් දෙයක්. මම නම් එතරම් මදින ඇඳුම් අදින්නේ නැහැ. කලිසම් මදින විට සාක්කු මදින බව දන්නේ අදයි.

    ReplyDelete
  4. පුලුවන්නම් දෙපැත්තටම එන්න. :D මේ අඩවිය තවම අප්ඩේට් වෙන්නේ නැහැ. එයට හේතුව මොකක්ද කියලා මම දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. [co="blue"]"මේ අඩවිය තවම අප්ඩේට් වෙන්නේ නැහැ"[/co] කියලා ඔබ අදහස් කරන්නේ search engine වලට අහු නොවීමද. සාමන්යෙන් ඔබ අලුතෙන් හදපු බ්ලොග් එකක් හෝ සයිට් එකක් search engine වලට අහු වෙන්න ටික දවසක් යනවා. සතියක් දෙකක්

      Delete
    2. ඔව් මම අදහස් කලේ සර්ච් එන්ජින් වලට අහු නොවීම පිළිබඳව තමයි. නමුත් ඊයේ (නොවැම්බර් 14) ඒ ප්‍රශ්නය විසඳිලා තිබුනා. මට මේ ප්‍රශ්නය වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේදී ආවේ නැහැ. එය මුලින්ම සැකසු මොහොතේම සර්ච් එන්ජින් වලට වැටුනා.

      Delete
  5. මම කවදාවත් කමිසෙ පිට, පිට පැත්තෙන් මදින්නෑ.. ඇතුලෙන් විතරයි.. කලිසම් මදින්න ගන්නෙ කකුල් වලින්... මේ ක්‍රම අත් හදා බලන්න ඕනා. ආමි ක්‍රමනම් ඉතින් වරදින්න විදිහක් නෑනෙ...

    බ්ලොගර් වලට ආපු එක හොඳයි... මේක දාගන්න ඕනා බ්ලොග් රෝලට..

    ReplyDelete
    Replies
    1. අත්හදා බලලා ප්‍රතිඵල කියන්න.

      මොකක්දෝ හේතුවක් නිසා මේ අඩවිය සර්ච් එන්ජින් වලින් පෙන්වන්නේ නැහැ. බ්ලොගර් මට තවම අලුත් දෙයක් නිසා දන්නා කෙනෙකුගෙන් අහගෙන ඒ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.

      Delete
  6. මේක තව ටිකක් පිලිවෙලක් කරලා , පරණ ලිපි ටිකත් මේකට දාමු

    ReplyDelete
    Replies
    1. පරණ ලිපි ගන්න උත්සාහ කලත් හරිගියේ නැහැ. මම පස්සේ කියන්නම් විස්තරේ.

      Delete
  7. මමත් ඇඳුම් මදින්න හරිම කම්මැලියි, මදින්න ඕනේ නැති ඒවා තමයි ඉතින් වැඩිපුර අඳින්නේ.
    වටිනා ලිපියක්. තාම නම් අදාළ නැහැ, ෂර්ට් කලිසම් මැදලා දෙන්න සිද්ද වෙච්ච කාලෙක ප්‍රයෝජනයට ගන්න බුක්මාක් කරගත්තා ඔන්න :D

    ReplyDelete
    Replies
    1. කොහොමද හොඳට ෂර්ට් එකක් කලිසමක් මැදලා දුන්නම ලැබෙන උම්මා ගොඩ? ඒ නිසා දැන්මම ඉගෙනගන්න.

      Delete
  8. කොමෙන්ට් ටිකත් එකපාරටම පේන විදියට දාන්න.
    Settings, Comment Location, Embedded

    ReplyDelete
    Replies
    1. ඒ විදිහට හදලා තියෙන්නේ නමුත් මොකක්හරි ප්‍රශ්නයක් තියනවා. හොයලා බලන්නම්.

      Delete
  9. හපොයි... ඇඳුම් මදිනවා කියන්නේ මට නම් මරනවා වගේ වැඩක්.. ඒත් ඉතින් සමහර වෙලා වට නොකර බැරි වෙනව..
    ආන්න ඒ වගේ නොකරම බැරි වෙලාවක තමීසයක් මදින්න සිද්ද වුනොත් මෙන්න මේ විදිහට ට්‍රයි කරලා බලනවා..

    ReplyDelete
    Replies
    1. අපි බලාපොරොත්තු නැති වෙලාවල් එනවා මැදලා අඳින්න වෙන. එදාට මේක ප්‍රයෝජනවත් වෙයි.

      Delete
  10. ස්තුතියි විචාරම මහතා.අම්මප දැන්නෙ හරියට දන්නෙ මෙක කොරන හැටි.

    ReplyDelete
    Replies
    1. මේකත් එක සෙල්ලමක් තමා. මම අදත් පින්දෙනවා මේ සෙල්ලම මට උගන්නපු හමුදා නිලධාරීන්ට.

      Delete
  11. ගොඩාක් ප්‍රයෝජනවත් මාතෘකාවක්. මම කමිසය අයන් කරන කොට අන්තීමට අයන් කරන්නේ පිට පැත්ත. හැබැයි ඒක කරනකොට සමහර වෙලාවට ඉස්සරහ පැත්ත පොඩි වෙනවා. ස්තූතියි මේ ගැන පිළිවෙලට පැහැදිළි කළාට.

    ඒ වගේම බ්ලොගර් වලට ආපු එකත් හොඳයි. ඔන්න මේක මගේ බ්ලොග් රෝලට එකතු කර ගත්තා.

    ReplyDelete
    Replies
    1. මමත් බොහොම අමාරුවෙන් තමයි මේ සෙල්ම අල්ලාගත්තේ. දැන් නම් බය නැතුව නිවැරදිව කරන්න පුළුවන්. ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  12. ඉතාම වැදගත් බ්ලොග් ලිපියක් .......... මහන්සිය නම් අපතේ යන්නේ නැහැ කවදාවත් .......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන මම හිතනවා සෑහෙන පිරිසක් යම් දැනුමක් ලබන්න ඇති කියලා.

      Delete
  13. මට නම කලිසමයි කමිසෙයි මදින්න යන්නේ දිනදී දෙකකටත් අඩුවෙන් කම්මැලි කම නිසා. දැන් ඉතිං මායියා ඉන්න නිසා වැඩේ ගොඩ

    ReplyDelete
    Replies
    1. අපොයි මටනම් අපේ මායියාගේ මැදිලි අල්ලන්නේ නැහැ. මමම මදගත්තේ නැත්නම් හිතට හරි නැහැ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }