වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත
මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත්
ග්‍රන්ථයක් පිළිබඳව
කෙරෙන හැඳින්වීමකි.
මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ.
සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, බෝම්බ/කාලතුවක්කු/යුද ටැංකි/බිම් බෝම්බ/මර උගුල්/මෝටාර් වෙඩි/ ප්‍රහාර වලට නිරාවරණයවී, තුවාල ලබා හෝ නොලබා දිවි රැකගන්නා සෙබළුන්ගේ මානසිකත්වය, බරපතළ ලෙස වෙනස්වීම් වලට භාජනය වන බවත්, එය Shell Shock යනුවෙන් හඳුන්වන බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු තුළ ඇතිවන මානසික අසමතුලිතතාව හේතුකොටගෙන, ඔහු, උන්මත්තක/අපරාධකාරී/සමාජ විරෝධී/ පුද්ගලයකුගේ තත්වයට පත්විය හැකි බවත්, මනෝවිද්‍යාඥයන් විසින් සාධක සහිතව පෙන්වාදී තිබෙන්නේ පළමුවැනි ලෝක සංග්‍රාම අවධියේ සිටයි. මෙම මනෝ ව්‍යාධී තත්වය, සෙබළුන්ට පමණක් නොව, සෙබළුන්ගේ පවුල්වල අයටත් ඇතිවියහැකි බව සොයාගෙන තිබෙනවා.
තම පුතා/පියා/සහෝදරයා/දුව/අම්මා/සමීප ඥාතියා/ දීර්ඝ කාලය යුද්ධයේ යෙදීසිටීම නිසා කුමන මොහොතක හෝ ඔහු/ඇය මියයාමට ඉඩ ඇති බවට සිත තුළ ඇතිවන කම්පනය හෝ ඇත්තටම එසේ මියයාම හෝ ආබාධිත තත්වයට පත්වීම නිසා ඇතිවන දුක සහ කම්පනය හේතුවෙන්ද, සුනාමි/සුළි සුළං/ගංවතුර/නායයෑම්/ වැනි ස්වභාවික විපත් වලට ලක්වීමෙන් තම පවුලේ අයගේ ජීවිත/ළඟම ඥාතීන්ගේ ජීවිත නැතිවීම සියැසින් දැකීමේ ප්‍රතිඵලයක් වශයෙන් පවා මෙවැනි මනෝ ව්‍යාධී තත්වයන් ඇතිවිය හැකි බවද මනෝවිද්‍යාඥයන් පෙන්වාදෙනවා. මේ තත්වය හඳුන්වන්නේ,
Post Traumatic Stress Disorder = PTSD
යනුවෙන්. මේ මානසික ව්‍යාධී තත්වය නිසා පුද්ගලයකු තුල ඇතිවන මානසික වෙනස්වීම් ඉතා බරපතළයි. ඔහුට හොඳ නරක/සදාචාරය/එදිනෙදා කටයුතුවලදී අවශ්‍ය තාර්කිකව සහ සංසන්දනාත්මකව සිතීමේ හැකියාව/ අහිමිව යනවා. සමහරවිට මෙය පිටතට පෙනෙන අතර සමහරවිට නොපෙනෙන්නටත් ඉඩ තිබෙනවා. මේ නිසයි මනෝවිද්‍යාඥයන් කියන්නේ මේ සෑම දෙනාම සායනික ප්‍රතිකාර/ප්‍රතිකර්ම සඳහා යොමු කිරීම් අතිශයින් වැදගත්වන බවත්, නොඑසේනම් සිදුවන්නේ සියදිවි නසාගැනීම්/අපචාර/අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා වර්ධනයවී බරපතල සමාජ ගැටළු ඇතිවියහැකි බවත්.
වෛද්‍ය රුවන් එම් ජයතුංග තම මනෝවිද්‍යා ග්‍රන්ථය සම්බන්ධව සකසා ඇති කෙටි වීඩියෝවක් ඔබවෙත ගෙන එන්නට මා අදහස් කළා. මෙය හඳුන්වා තිබෙන්නේ Shell Shock to palali Syndrome යනුවෙන්. ඊලාම් යුද්ධයේදී යාපනය අර්ධද්වීපය පුරා සිටි සියළුම සෙබළුන් බාහිර ලෝකය සමග සම්බන්ධ කළ මර්මස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොලයි. නිවාඩු යන/එන සෙබළුන් ප්‍රවාහනය, ආහාර සහ ඖෂධ සැපයුම්, අවි ආයුධ සහ පතරොම් සැපයීම, වෛද්‍ය සේවා ලබාදීම, තුවාල ලත් සෙබළුන් හදිසි ප්‍රතිකාර සඳහා කොළඹට හෝ අනුරාධපුරයට රැගෙනයාම, සෙබල මළසිරුරු කොළඹට ප්‍රවාහනය කිරීම, ආදී සේවා ගණනාවක් සඳහා තිබුණු එකම මධ්‍යස්ථානය වූයේ පලාලි ගුවන්තොටුපොළයි.
ඒ කාලයේ මා කන්කසන්තුරේ ප්‍රදේශයේ සේවයේ යෙදී සිටියදී ලද අත්දැකීම් අපමණයි. සමහරවිට මාස හතරකට පහකට පමණ පසු දින පහක පමණ නිවාඩුවක් ලබා (ලංකාවේ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම පලාලි සිට රත්මලාන ගුවන් තොටුපොල දක්වා යායුතුයි. ඉන්පසු පාරේ බස් එකකින් ගෙදර යන්නේ. සමහර අයට ගෙදරට ළඟාවෙන්න දින දෙකකට ආසන්න කාලයක් වැය වෙනවා) පලාලි ගුවන් තොටුපොළට එන්න හදවිට හෝ ගුවන්තොටුපොළට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා අද ගුවන්යානා එන්නේ නැහැ කියලා. ගුවන් තොටුපොළට එන්නේ භට පිරිස් යොදවා මාර්ග දෙපස ආරක්ෂක මුර යොදවලයි. එය ඉවත් කලපසු ආපසු යන්න බැහැ. ගුවන්තොටුපොළේ ඉඳලා පහුවදා උදේ ආරක්ෂක මුරය යෙදුවම ආපහු කඳවුරට යනවා.
සමහර දවස්වලට කියනවා අද එළවලු මස් මාළු කිසිවක් ලැබෙන්නේ නැහැ ගුවන් යානා එන්නේ නැති නිසා කියලා. අපි නිකම් බත් තම්බාගෙන ලුණු ඉහලා කනවා. බත් එක්ක කන්න යාපනයේ ගෙවතු වලින් මුරුන්ගාකොල කඩා ගන්නවා. ඒ ප්‍රදේශයම ජනශූන්‍යව පැවතුනේ. වරක් මා බඩගින්නේ ඉන්නහැටි බලන්න බැරි සොල්දාදුවෙක් පැපොල් ගකට නැග්ගා පැසුණු පැපොල් ගෙඩියක් කඩා බත්කන්න මාළුවක් උයන්න. ඔහු පැපොල් ගසේ සිටියදී, එල්.ටී.ටී.ඊ. ස්නයිපර් ප්‍රහාරයකට ලක්වී මියගියා. හොඳයි දැන් අපි වෛද්‍ය යයතුංග වෙත යොමුවෙමු. ඔහු විසින් කර තිබෙන හැඳින්වීම කියවා, ඉන්පසු වීඩියෝව නැරඹීමෙන් ඔබට පුළුල් අවබෝධයක් ලැබෙනු ඇති.
Shell Shock to Palali Syndrome
වෛද්‍ය ජයතුංග විසින් රචිත PTSD Sri Lankan Experience නමැති ග්‍රන්ථය ඇසුරෙන් සැකසු තවත් වීඩියෝවක් පහත දක්වනවා.
මනෝවෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා සහ වෛද්‍ය රුවන් ජයතුංග එක්ව ශ්‍රී ලංකා යුදහමුදා සෙබළුන් තුළ ඇතිවන පශ්චාත් යුද මානසික ආතතිය ගැන දක්වන ලද අදහස් සහිත මෙන්න මේ ලිපියත් කියවන ලෙස මා ඔබට ඇරයුම් කරන්නට කැමතියි.
2013 නොවැම්බර් මස 19 දින 0849 පැය
යුද්ධයේ ඇති බිහිසුණු බව දන්නේ යුද්ධයේ උන් සොල්දාදුවයි ... එතනට මිතුරා හෝ සතුරා අතර වෙනසක් ද නැත .. යුද්ධය දිනා තිබියදීත් යුද්ධය දිනු සෙබළුන්ටත් මෙවැනි මානසික ගැටළු ඇති වන වා නම් එයින් පරාජය වූ එල් ටි ටි යේ සෙබළුන්ගේ මානසිකත්වය ගැන සිතා ගැනීමටද නොහැක .. එහි බරපතල සාධක ය වන්නේ ඔවුන්ද වර්තමාන සමාජයේ පුරව්සියන් වීමයි ... හමුදාවේ පමණක් නොව යුධ්ද්යට ගොදුරු වූ සටන් වැදුණු සියල්ලුම දෙනාත් ඊට මැදිවූ සිවිල් වැසියනුත් පුනරුත්තාපන ය කල යුත්තේ එබැවිනි ... එය එසේ සිදුවනු වෙනුවට හමුදාව තුල පවතී මානසික ප්‍රතිකාර ඒකකයත් එකතරා නිලධාරියකුගේ උවමනාවට අඩපන කල බව චෝදනා එල්ලවුණා ....
ReplyDeleteහමුදාව තුළ තිබුණු මානසික ප්‍රතිකාර ඒකකය එක නිලධාරියකු විසින් අඩපණ කළානම් යුද හමුදාපති තුමා ලැජ්ජා වියයුතුයි. එය ඇත්තද නැත්තද කියා සොයාබලා නිසි පිළියම් යෙදීම යුද හමුදාපති තුමාගේ වගකීමක්.
Deleteඔබ හරි. යුද්ධයට මැදිවූ සියළු දෙනා පුනරුත්ථාපනය කළ යුතුයි. එය රජයේ වගකීමක්.
මේකට කොමෙන්ටුවක් දාන්න ගිය මහන්සියක්. ඔබේ wordpress ලිපියට යා නොහැක.අහම්බෙනි මෙය හමුවුනේ.
ReplyDeleteයුද්ධය කෙසේ කීවත් අමානුශිකයි.හැමෝගෙම තියෙන්නෙ රතු ලේ. අයි සටන් කරන්නෙ?
මෙන්න මෙහෙම කියන අයත් ඉන්නවා. ඒත් යුද්ධය අවශ්‍ය වෙන වෙලාවල් තියනවා.උතුරේ යුද්ධය රට බේරා ගන්න කරපු එකක්. මේ හැම දේකටම පස්සෙ සොල්දාදුවන්ගේ සහ වැසියන්ගේ මානසික තත්වය ගැන දැඩි අවධානයකින් සිටිය යුතුයි කියන එකයි මගේ අදහස.
යුද්ධයක් ඇති කරන්නෙත් යුද්ධය අවසන් කරන්නෙත් දේශපාලකයෝ. සොල්දාදුවා තරම් සාමයට කැමති වෙන කවුරුවත් මේ ලෝකේ නැහැ. සොල්දාදුවා කරන්නේ තමන්ට ලැබෙන නීත්‍යානුකූල අණ පිළිපැදීම පමණයි.
Delete