පැරණි පුවත්පත් ඇසුරෙන් වරින් වර බ්ලොග් ලිපි පලවෙනවා. අපේ බ්ලොග් රචකයන් කීප දෙනෙකුම එවැනි පැරණි පුවත්පත් වල පලවී තිබුණු විවිධ තොරතුරු ඇසුරෙන් ලිපි ලියා තිබුණා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ අපේ කාමරේ සිරා නොවැ. මේ ඊයේ පෙරේදා මටත් අපේ ගෙදර පරණ පොත් පෙට්ටියක තිබිලා පත්තර කෑලි ටිකක් ලැබුණා. ඔන්න ඔබටත් බලන්න මම ඒවා පහත දක්වනවා.
මේ දවස්වල අපේ රටේ කැසිනෝ කෙළිය ඇරඹීමේ මහා විවාදය ඕසෙටම නැගලා යනවානේ. අපේ අමුණුගම ගොයියා නෙව මේ දවස්වල එකසිය ගානට අර ජේමිස් පැකර් සුද්දාගේ ගොම්පස් අල්ලන්නේ. සංචාරක කර්මාන්තය ගැන 1983 දී දිනමිණේ තිබුන කතුවැකියක් මේ. දැනුත් දිනමිණ ඉන්නේ මේ ප්‍රතිපත්තියෙමද කියලා හොයලා බලන්න වටිනවා.
චැඃ ..........කරුමෙට මේක පල කොරලා තියෙන්නේ අප්‍රේල් පළමුවැනිදාවක ය. ඒ නිසා මේ තියෙන්නේ ඒකාලේ අප්‍රේල් 1 විහිළුවක් කියලා දිනමිණ කාරයා දැන් කියන්න බැරි නැත.
ඊළඟට ලැබුන පත්තර කෑල්ලේ තිබුනේ අද බොහොම අභාවයට ගොස් තිබෙන අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය ගැන සටහනක්. කාන්තාව සහ පේෂකර්මාන්තය අතර තිබෙන්නේ සදා නොසැළෙන බැඳීමක් නේ. විජය රජුට ලංකාවේදී මුලින්ම මුණගසුනෙත් පෙහෙකම් ලියක්නේ. අපි කුඩා කාලයේදී බොහෝ ගම්වල අත්යන්ත්‍ර මගින් රෙදි විවීම පැවතුනා. ඒවා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වුණා. රජයේ පෙහෙකම්හල වැනි ගැඹුරු නාම පද එන්නට කලින්, අපේ ගැමියෝ මේවා හැඳින්වූවේ, "වියන ඉස්කෝලේ" නමින්. ඒවා භාර ගුරුවරිය "වියන ඉස්කෝලේ හාමිනේ " කියලයි හැඳින්වුණේ. ඒ කාලේ හිටිය තරුණියන් මේවාට ගියේ රෙද්ද හැට්ටේ ඇඳලා බවත් මට මතකයි. 1960 දශකයේදී අද වගේ ඇඟලුම් කම්හල් තිබුණේවත් එවැනි දෙයක් ගැන අපි අහලාවත් තිබුණේවත් නැහැ. මේ ගැමි තරුණියන්ව අදවගේ "ගාමන්ට් කෙල්ලෝ" වැනි අපහාසාත්මක යෙදුම් වලට ලක්වුණේත් නැහැ.
ඒ කාලේ රු 15000 ක් කියන්නේ අද ලක්ෂ 10 ක් වගේ. නමුත් අවංකව ඉදිකිරීම් කළා අද වගේ කොමිස් ගැහිලි නැති නිසා.
මේ තරුණියන්ගෙන් බොහොමයක් අද අත්තම්මලා වෙලා ඇති. තවත් අය ජීවතුන් අතර නැතුවත් ඇති. බලන්න ඔබ දන්නා කියන අයත් මේ පින්තූරවල ඉන්නවාද කියා.
මෙතනින් එහා තිබෙන දේවල් ගැන මම මොකුත් කියන්නේ නැහැ. ඔබට හිතෙන දේවල් ඔබම කියන්න.
මෙතැනදී නම් මොකුත් නොකියා බැහැ. රු 170/- ට සාරි තිබුන කාලේ සාමාන්‍ය පුද්ගලයකුගේ මාසික වැටුප රු 350 - 400 වගේ තිබුණේ.
මේ පහළින් තියන නම් හොඳද බලන්න. සමහර නම් කියවන්න ගියාම දිව උළුක් වනවා.
කාන්තාවන්ගේ ඇඳුම් ගැන කවදත් සමාජයේ අවධානය යොමුවෙනවානේ. මෙන්න ඒ කාලේ ලිපියකින් කොටසක්.
ඒ කාලේ අදවගේ 119 අංකය හෝ ජංගම දුරකථන හෝ නොතිබුන නිසාත්, ගෘහස්ථ දුරකථන එතරම් නොතිබුන නිසාත්, එක්තරා බෝඩින් කාරයින් පිරිසක්, අනුන්ට කරදරයක් වී තිබෙන්නේ මෙහෙමයි.
ත්‍රිරෝද රථයට අපි නම් කීයක් කියනවද? මෙන්න ඉංග්‍රීසි වචනය ඒ ආකාරයෙන්ම සිංහලයට ගෙන ඇති ආකාරය.
තවත් පරණ පත්තර ටිකක් ලැබේවායි කියන ප්‍රාර්ථනයත් සමග ලිපිය අවසන් කරනවා.
මරු. ඈ තව නැද්ද..
ReplyDeleteතව හොයන්න උත්සාහ කරනවා ලැබුනොත් දාන්නම්
ReplyDeleteඋත්තර දෙන කොට ඒකට යටින් තියෙන රිප්ලයි බටං එක ඔබන්න එතකොට හරි
Deleteහොඳයි හොඳයි එහෙම කරන්නම්.
Deleteඅනික් දේවල් එක්ක බලද්දි බියර් පොඩ්ඩක් ගණං වැඩී වගේ නේද?
ReplyDeleteඅනේ ඔව් ප්‍රසන්න. මුන් ඒ කලෙත් අපි වගේ පොදු ජනතාව ගැන හිතලා නැහැ.
Deleteහප්පට සිරි අසූ ගනන් වලත් පත්තර වල භාවිතා වෙලා තියෙන්නෙ මහ අමුතු භාශාවක් නේද ? "සෑහෙන" අමුතුයි.. :D
ReplyDeleteඔටෝ රික්ශෝව කියන වචනෙ හරි මම හිතන්නෙ, ඉස්සර තිබුනෙ රික්ශෝව, මිනිහෙක් ඇදගෙන යන එක. මේක ඔටෝ යන හින්දා ඔටෝ රික්ශෝව.
අපේ නැන්දා ( අර අපි වතුර ගේන්න ගියේ ) පේශකර්ම ගුරුවරියක්. ඇය දැන් ජීවතුන් අතර නෑ. මම හිතන්නෙ අත්යන්ත්‍ර පේශකර්මාන්තයත් දැන් ජීවතුන් අතර නෑ..
දැනුත් සමහර ප්‍රදර්ශනාගාර දාලා තියනවා අත්යන්ත්‍ර රෙදිපිළි කියලා. බුදු අම්මෝ ගණන් ඇහුවම කලන්තේ හැදෙනවා.
Deleteඅසූ ගණන්වල පත්තර වල මම දකින වෙනස දැනට වඩා පිටුව දිග පළලින් වැඩිවීම පමණයි.
ඔව් මම හිතන්නෙ තාම ටිකක් තියනවා ලක්සැලේ එහෙම. අම්මෝ ඒවයෙ ගනන් ඇහුවම හෙළුවෙන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.
Deleteමට පේන්නෙ විචාරකගෙ ගෙදර කටුගෙයක් වගේ. මාත් පත්තර එකතු කරනව අද ඉඳල. අවුරුදු ගානකින් මේ වගේ පෝස්ටුවක් දාන්න. :-)
ReplyDeleteඅපේ ඇත්තී විසින් ඉවත්කරන ලද පරණ පත්තර කෑලි ටිකකින් තමා මේ නිධානය පහළවුණේ.
Deleteරාජ්,
Deleteදාහේ කොල මිටියකුත් එතනම හංගන්න. පස්සේ සීතලට ගිනි තපින්න ගන්න පුළුවනි.
අපේ ආච්චීලා ගේ ගෙදර පෙට්ටගමේ 1940-50 දශකවල රසවාහිනී ව2ග් සඟරා තිබුණා. ඒවා කොහේද කියා හොයලා බලන්න ඕනෑ.
ඒ රසවාහිනී සඟරා ටික මටනම් පෙනෙන්නේ නිධානයක් වගේ. එකසිය ගානට බ්ලොග් ලිපි ලියන්න පුළුවන් ඒ ටික හොයාගත්තොත්.
Deleteඔය රසවාහිනි සඟරා එකතුවක් තිබුනා අපේ බන්දුල අයියා ගාව..සෝවියට් දේශය සහ රේඩියෝ සඟරාවත් තිබුනා...රසවාහිනි එක පිටුවකින් එක පෝස්ට් එකක් ලිව්වැහැකි...
Deleteවිචාරක......මම වර්ඩ්ප්‍රෙස් වුනත් කම්පියුටර් නොලෙජ් සීරෝ...පබ්ලිශ් කරන්න සහ ස්පැම් චෙක් කරන්න විතරයි දන්නේ.
දන්නා බොහෝ දෙනෙක් කියන්නේ වර්ඩ්ප්‍රෙස් හරිම හොඳයි හැබැයි ලෙඩක් ආවොත් ගොඩ යන්න නම් මහාචාර්ය දැනුමක් තියෙන්න ඕනේ කියලයි. wordpress.com තමයි ලෙඩ දෙන්නේ. සල්ලි ගෙවලා ගන්න wordpress.org ලෙඩ නැහැ. මගේ අඩවිය ඒ විදිහට upgrade කරන්න 99 US$ ඉල්ලනවා එක අවුරුද්දකට.
Deleteහරි අගෙයිනේ . කොහොමද මෙච්චර කල් පරෙස්සම් කර ගත්තේ .
ReplyDeleteඒක අහන්න ඕනේ අපේ ලොක්කීගෙන්ම තමා.
Deleteකොට්ටල තියෙන්නෙ අපේ ගමට වෙළෙන් එහා පැත්තෙ,ඔය පේෂකර්ම මධ්‍යස්ථානය 1977 වනතුරු ඉතාම ජයට ක්‍රියාත්මක වුණා,ඔතනින් පුහුනුවෙන තරුණියන් රට පුරාම බලවේග පෙහෙකම්හල්වල සේවයට ගියා.
ReplyDeleteපසුකාලීනව මෙයත් අභාවයට ගියත් ඔය ගොඩනැගිල්ල තාම තියෙනව.දැන් එහි මොන කර්මාන්තයක් ක්‍රියාත්මක වෙනවද කියල හරියටම දන්නෙ නෑ,වෙලාවක ඔය පාරෙන් යද්දී බැහැල බලන්න ඕනෑ.
මම හිතුවා හරියටම හරි. මම හිතුවා කවුරු හරි මේ කොට්ටල කියන ගම ගැන දන්නා කෙනෙක් කමෙන්ට් එකක් දායි කියලා. හරිම වටිනා වැඩක් වර්තමාන තත්වය වාර්තා කරන්න පුළුවන් නම්.
DeleteDear Mr. Wicharaka..
DeleteKottala hand-loom centre is still in operation and it is the best hand-loom cetre in Western province. And my wife is working their as a instructor. So, it is great pleasure if you can scan and send me the whole paper page of this article.
email:susira_ind@yahoo.com
What a surprise to me Mr Ind. I thought that hand-loom era has gone. I am so sorry and highly shame to inform you that I have discarded all those paper cuttings after getting scanned copies of them. If you like I can e mail those scanned photographs without text I added.
Deleteමම නිතර මේ ස්ථානය පසුකරමින් යනවා. කලක් අභාවයට ගොස් තිබුණා. වත්මන් තත්ත්වය ගැන ඉන්ඩ් දාල තියනවනේ.... අපේ ගම් පළාතත් මේ ඉසව්වෙම තමා විචාරක තුමා.
Deleteඉන්ඩ් මම උත්සාහයක් ගන්නම් ඔබට ඒ පිටුව සොයා දෙන්න. මට ඔබේ මේලය ඉන්බොක්ස් කරන්න මගේ බ්ලොගට හෝ fb එකට
ස්තුතියි නලින්. ඔබට පුලුවන්නම් ලොකු උදව්වක් මගේ අතපසුවීම මගහරවා ඒ පිටු හොයාදීම.
Deleteඒ පුවත්පතම සොයාගත්තා විචාරක මං එහි පොටෝ කොපියක් අරගන්නම් යාලුට මගේ මේලය දෙන්න
DeleteMr Ind, send an e mail to this address
Deletendilruksha@gmail.com
susira_ind@yahoo.com
DeleteMr. Naleen & Mr. Wicharaka,
DeleteThank you very much both of you for kind & quick response. I already send an e-mail to Naleen.
විචාරක......තව පත්තර ගොඩාක් ලැබේවා .....නගින්දාස් එක දැන් නැද්ද?...අපේ තාත්තාගේ නංගි කෙනෙක් අත්යන්ත්‍ර තැනක වැඩ කරා...වීවින් එකට යනවා කියලා යන්නේ. අර නූල් ඔතන එකෙන් තමයි ජොබ් එක පටන්ගන්නේ...ඊට පස්සේ තමයි රෙදි වියන මැෂිමට දාන්නේ වැඩට.
ReplyDeleteමගේ ගාව තියෙනවා අපේ දුව ඉපදුනු අසූනවයෙ නොවැම්බර් ඒ දිනේ දිවයින පත්තරේ......ඒකේ තියෙනවා දුටුතැන තොරතුරු සපයන්න කියලා,,,,සෝමවංශ අමරසිංහගේ. ෆොටෝ එකක් නැතිනිසා අතෙන් ඇඳපු චිත්‍රයක් තියෙන්නේ.
නගින්දාස් එක තියනවද කියලා මම දන්නේ නැහැ. පිටකොටුවේ හරස් වීදි වල මෑතකදී මම ඇවිදලා නැහැ. නමුත් 1960 - 70 දශකවල නගින්දාස් ගියේ ලොකුම පවුල් වල අය තමයි. අනේ අර අසූ නවයේ පත්තරේ විස්තරටික ලියන්නකෝ. හරිම වටිනා තොරතුරු.
Deleteනගින්දාස් ඇත..
Deleteබුදු අම්මෝ අපේ උන්දැ දැනගත්තොත් මං ඉවරයි. සාරි දඩයක් වදිනවාමයි.
Deleteමරු නම් ටික.
ReplyDeleteකොල්ලන්ට "ටයිල්, කෙලොන්ට "ටස්කනි".
ඔතන කොල්ලොන්ට "ටර්පන්ටයි, ටකරන්" වගේ නම් දාන්න මිස් වෙලාද කොහෙද!
හිහ් හී..........මටත් හිනා ගියා සමහර නම් දැකලා.
Deleteමේවාත් හොඳයි.. අතුරු කතා වැඩියෙන් යනවනම්. නැත්නම් ඉතින් කියවන්න දෙයක් නෑ නේ..
ReplyDeleteඅම්මපා ඇත්ත. මම ඔන්න ඔහේ ලියලා දැම්මා වැඩිය අතුරු කතා නොකියා.
Deletehttp://en.support.wordpress.com/enable-disable-comments/
ReplyDeleteවිචාරක මේක කියවලා බලන්ට.
බොහොම ස්තුතියි.බලන්නම්.
Deleteඅර 'ට' යන්නෙන් එන නම් ලිස්ට් එක පරිස්සමින් අයින් කරලා තියාගත්තා. :D
ReplyDeleteදැන් ඉතින් මෙතනට තමා එන්ට වෙන්නේ කමෙන්ට් දාන්ට.:(
හොහ් හෝ....................මෙච්චර ඉක්මනට?
Deleteකොතන දැම්මත් කමෙන්ට් එක කමෙන්ට් එකමනේ.
එකාලෙත් රාජපක්ෂලා ජුලම්පිටිය එක්ක සම්බන්ධයි එහෙනම්, අනික විචාරක් උන්නෙහෙ දිනමිණ සිළුමිණ ට අප්‍රේල් පළවෙනිදායි වෙන දවසකයි වෙනසක් නෑ එකාලෙත් අද කාලෙත්
ReplyDeleteඅම්මපා ඇත්ත තමයි අර අමුඩෙයි ......යි වගේ තමයි ඒ සම්බන්ධය.
Deleteඔව් ඔව් දැන්නම් දිනමිණ හැමදාම අප්‍රේල් පළවෙනිදා වගේ.
මේ කමෙන්ටුවයි උත්තරෙයි දෙකම හෙළා දකිනවා.....
Deleteඔබේ අයිතියට ඉඩ දෙනවා.
Deleteවැරැද්ද දිනමිණ නොවේ ඒ ඒ වකවානුවන් හි රාජ්‍ය බලය තියන තැනයි..පවතින රජය කුමක්ද දිනමිණ මතයද රාජ්‍ය මතයමයි.
ReplyDeleteහරියට හමුදාවේ කර්නල්වරයෙකුගේ නියෝගයක් කපිතාන්වරයා පිළිපැදිය යුතු වගේමයි.
ඇත්ත ඇත්ත. එදා සිට අද දක්වා එහෙමම තමයි.
Deleteමමත් මේ කොමෙන්ටුවයි උත්තරයයි දෙකම හෙලා දකිනවා :D
Deleteතව හෙලා හෙලා හෙලා හෙලා දැකීම් කීයක් එයිද දන්නෙ නෑ.
Deleteඅලුත් ගෙදරක පදිංචියට ඇවිල්ලා නේද ? කලින් ගෙදර ගේට්ටුව වහලා තියෙද්දී මම හිතුවා යන්නම පලච්චිද කියලා ....මේ ඒක නෙවේ මම පොඩ්ඩක් කාමර වලට ඉබිකම් කරලා බැලුවට කමක් නැහැද ? අලුත් තීන්ත සුවඳට මන් ආසයි .......... කුපාඩි කමට නම් නෙවේ ආයුබෝවන් .......
ReplyDeleteදැන් සති දෙකතුනක් වෙනවා මේ කඩේ පටන් අරන්. අර කඩේ වැහුවේ නැහැ. තාක්ෂණික දෝෂයක් නිසා කමෙන්ට්ස් දොර වැහිලා ගියා. තවම දඟලනවා ඇරගන්න. මේකේ හැම තැනම ඇවිදලා බලලා හොඳ නරක කියන්න.
Deleteපරන ප්‍රවෘති ටික නම් මරු.. අර "ට" අකුරින් පටන් ගන්න නම් සෙට් එක ඔක්කොටම වැඩිට මරු.. ඒකේ නැත්තේ ටාසන් විතරයි..
ReplyDeleteකොහොමද ගෑණු ළමයෙකුට 'ටකය' කියලා නම දැම්මොත්?
Deleteවවුලෝ එලවිල්ල කොහොම වුනත්...වවුලෝ එල්ලෙන්න පටන් ගනියි.D
Delete+++
Deleteමේ දවස්වල ගෙදර ''ඇස් පහ' සංකල්පයවත් ක්‍රියාත්මක වෙනවද?
ReplyDeleteමොන ඇස් පහද අනේ. දැන් කවුරුවත් ඉස්සර වගේ ඇස් ගහන්නෙවත් නැහැ.
Deleteමම බැලුවා විචාරකගේ ලිපිය මොකද මගේ රෝලේ අප්ඩේට් උනේ නත්ති කියලා මේ අලුත් තැනක් නේ .... සමහර පත්තර අපි ඉපදෙන්නත් කලින් එව්ව ... හි හි හි
ReplyDeleteහුඟ දෙනෙක් ඉල්ලුවා බ්ලොගර් එකක් පටන්ගන්න කියලා. ඉතින් පටන්ගත්තා. මේකත් ඔයාගේ බ්ලොග් රෝලට දාගන්න. බොහොම ස්තුතියි පැමිණීම සහ අදහස් දැක්වීම ගැන.
Deleteමගේ නම මතක් කිරීම ගැන ස්තූතියි විචාරක තුමා....ඒත් මටත් කලියෙන් මෙවැනි පරණ පත්තර බ්ලොග් ලිපි ලෙස පල කරලා මටත් ඒ සදහා අවධානය ඇති කලේ චන්දන. ඔහුට මොනවා වෙලාද දන්නෙ නෑ. දැන් බ්ලොග් එක ලියන්නෙ නෑ.
ReplyDeleteකාන්තා සමිතියෙ නම නම් පංකාදුයි..හරියට කිචි ගුණේ වගේ...මේ නම අද භාවිතාවෙ නැතුව ඇති...ඒකයි කවදාවත් අහලා නැත්තෙ... පුයර දැන්වීමෙ ඉන්න දැරිවි නම් අද කාලෙ දැන්වීමකට උනත් ගැලපෙන පෙනුමක් තියෙන්නෙ...ඇගේ විලාසිතාවත් එහෙමයි. බලන්න ඒ කාලෙත් සියරට දේ සිරිසැප දේ කියලා ගල් පොල්ම තමයි ගහලා තියෙන්නෙ....මේ දැන්වීම් අතරින් මගේ හිත ගත්තෙ අන්තිම එක...ඔය තුන් රෝද රථ මාදිලියෙ පසු පස රෝද වලට බල සැපයුම තිබ්බෙ බයිසිකල් චේන් වගේ දම්වැල් විශේෂයකින්...අද නම් දකින්නවත් නෑ මෙවැනි පැරණි රථ...ලංකාවට තුන් රෝද රථ හදුන්වා දුන් 1979 වසරටම විකිණිලා තියෙන්නෙ රථ 3යි. රෝද තුනේ ගමන ගැන විශ්වාසයක් නොතිබීම තමයි එයට හේතුව.
බොහොම ස්තුතියි සිරා මේ දීර්ඝ අදහස් ගොන්නට. මම හිතන්නේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමගම අපේ රට හොඳ නරක දෙපැත්තෙන්ම වෙනස් වුනා.
Deleteසමහර ගම්වල නම වර්තමානයට ගැලපෙන්නේ නැහැ වගේ හැඟීමක් ඇතිවූ නිසා වෙනත් නම් යොදා තිබෙනවා.
මම 7-8 පන්තිවල ඉගෙන ගත්ත කාලේ (1960 දශකයේ) මම හිතන්නේ මුළු ලංකාවටම තිබුනා ඉතාලියෙන් ගෙන්වූ ත්‍රිරෝද රථ 50 - 60ක් විතර. ඒවා පාවිච්චි කලේ භාණ්ඩ ප්‍රවාහනයට පමණයි. සම්පූර්ණයෙන් වැසුණු පෙට්ටියක් තමා තිබුනේ. පසුපසින් එක දොරක් සහිතව.
විචාරක තුමා නිධානයක් ගොඩ දාලානේ.
ReplyDeleteඅර මැදමූලනේ රාජපක්ෂ මෙනෙවිය අපේ රජතුමා ගේ නෑයෙක් ද?
'ට' නම් ටික නම් මරුම තමා. ඔය නම් ටික අපේ අම්මාට දෙන්න ඕනා, මොකද සමහර අය එනවා අපේ අම්මා ගාවට ළමයි ට නම් අහලා.
ස්තූතියි මේ නිධන් වස්තූ ටික අපිත් එක්ක බෙදා ගත්තාට.
පොඩි ඉල්ලීමක්, මේ පත්තර පිටු කිහිපයක් මුහුණුපොතේ පළ කලාට කමක් නැද්ද?
මේ නිධානෙ ගොඩ දාලා මටනම් සත පහක්වත් ලැබුණේ නැහැ. අපේ රජ පවුලේ කට්ටියටනේ නිධාන් ලැබෙන්නේ. 1 වෙනි පොර්සි රජුගෙන් තමයි අහන්න වෙන්නේ අර කාන්තා පංචස්කන්ධය ඥාති ද කියලා.
Deleteදාගන්න දාගන්න මූණුපොතේ. බලන්න මගේ මූණු පොතෙත් වැටිලා ඇති.
හිනාකාලා මැරෙනවා විචාරක.....පළවෙනි පර්සි රජ්ජුරුවෝ!!!!!!!!!
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete