පුද්ගලයකුගේ හෝ ආයතනයක ප්‍රගතිය පිළිබඳව මනින්න කොපමණ මිණුම් දඬු තිබෙනවාද? ඒ හැම මිණුම් දණ්ඩකටම වඩා හොඳම මිණුම් දණ්ඩ වන්නේ, ඒ පුද්ගලයා හෝ ආයතනය සතු මානව සබඳතා කියලයි, මටනම් හිතෙන්නේ. මා හිතුවේ, විශ්‍රාම දිවිය ඇරඹු පසු, මගේ මානව සබඳතා බොහොමයක් ගිලිහීයනු ඇති කියායි. මොන බොරුද. අදත් යුද හමුදාවේ බොහෝ දෙනෙක්, නොකඩවා මා සමග මිත්‍ර සබඳතාව පවත්වාගෙන යනවා. මා හොඳින් ඉන්නවාදැයි අමතන දුරකථන ඇමතුම් දෙක තුනක්වත්, එක සතියකට ලැබෙනවා. හමුදා කඳවුරුවල තිබෙන උත්සව වලට නිරතුරු ආරාධනා ලැබුනත්, ඒ සියල්ල පිළිනොගන්නේ, සෞඛ්‍ය තත්වය ගැන සිතා බලා. "මට මහළු වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ" කියන්නේ නිකමටයැ. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී මම හැටවන වියට පාතබන්න සූදානමින් ඉන්නවා, ඒ අල්ලපනල්ලේ මොකුත් අතුරු ආන්තරාවක් සිදු නොවුනොත්.
2011 දෙසැම්බර් 15 වැනිදා පටන්ගත් මේ වැඩේට, එහෙනම් අවුරුදු දෙකක් ගතවුනා ඈ. අනේ මන්දා, මටනම් හිතෙන්නේ ඊයේ පෙරේදා වගේ. මොනවද ඉතින් නිදාගන්න ගියාම මොකක්හරි කාරණයක් ඔළුවට එනවා. පහුවදා උදේම පොඩි කෙටුම්පතක් ලියනවා. (දැනට අවසන් නොකළ කෙටුම්පත් අටක් තියනවා) ඔන්න ඔහොමයි මේ ලියවිල්ල දිගට දිගට ඇදීයන්නේ. හැබැයි ලියන්න නම් දේවල් තව මහා ගොඩක් ඔළුවේ තියනවා. බලමුකෝ, ඉඩ ලැබෙන විදිහට ලියමු. මම මොහොතකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි, මගේ පළමුවැනි වර්ෂ පූර්ණ ලිපියට. වෙලාවක් තියනවනම් මෙතනින් ගිහින් බලන්නකෝ.
එදා මම ඔබට කිව්වා මම කොහොමද බ්ලොග් ලිවීමට පෙළඹුනේ කියලා. අම්මපා දැන්නම් අබිං කෑවා වගේ තමයි. මොනවාහරි නොලියා ඉන්නම බැහැ. ඒ වගේම බ්ලොග් නොකියවා ඉන්නත් බැහැ. බ්ලොග් ලියන කෙනෙකුගෙන් ඇහුවොත් ඇයි ලියන්නේ කියලා, නොයෙකුත් පිළිතුරු ලැබෙන්න පුළුවන්. අපි කාටවත් මේ සමාජයේ තනිවී ඉන්නට බැහැ. අපේ චිත්තාවේග පිට නොකර ඉන්නට බැහැ. අනෙකුත් සෑම ලේඛන සහ ප්‍රකාශන මාධ්‍යවල යෙදෙන්නන් කරන්නේත් එයමයි. ඉතින් බ්ලොග් ලියන අපිත්, අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වලට වඩා පෞද්ගලිකත්වය විදහා දක්වමින්, චිත්තාවේග පිටකරමින් ලියන එකයි කරන්නේ කියලයි මමනම් හිතන්නේ.
අපේ උන්දැට පෙන්නන්න බැරි වැඩක් තමයි මම කොම්පියුටර් කොටන එක. මෙන්න උදාහරණයක්.
මම පණ කඩාගෙන මගේ සිතුවිලි පරිගණකයේ ලියමින් ඉන්නවා...........
අපේ උන්දැ මගේ ළඟට එනවා............ (මම හරිම අකමැතියි මම බ්ලොග් ලිපි ලියන වෙලාවට කවුරුහරි මට බාධා කරනවානම්. මොකද අර සිතුවිලි සහ හිතෙන් හදාගත් සැළැස්ම අවුල් වෙනවා)
අපේ උන්දැ:- "මොනවද දවල්ට උයන්නේ"............
මම:- "මොනවද තියෙන්නේ"...........
අපේ උන්දැ:- "ඕනේ දෙයක් තියනවා".........
මම:- "එහෙනම් ඔය හැම්, බේකන්, චිකන්, බීෆ්, මට්න්, ඔක්කොම හදන්ඩකෝ"......
අපේ උන්දැ:- "අනේ මේ, විකාර කරන්නේ නැතුව කියනවද මොනවද උයන්නේ කියලා. ඔය මගුල බදාගත්තම ඔයාට මෙලෝ සිහිය නෑ." ............
මම:- "හරි ඔයා ගිහින් බත් එක උයන්ඩ පටන්ගන්ඩකො මම ටක් ගාලා එනවා"........(නමුත් එය කවදාවත් වෙන්නේ නැත. මේකේ එල්ලිලා ඉන්නකොට ඔරලෝසුව කැරකෙන්නේ විදුලි පංකාවක වේගයෙන්දැයි සිතෙන්නේ, ටිකක් වෙලා ලියා නවත්වා වෙලාව බැලූවිටය. සමහර දිනවර රාත්‍රී එක පසුවී ඇති බව දැක්කාම, වහාම මේ මගුල නිවා දමා, හමුදා පුහුණුවට පින්සිද්ද වෙන්න, ගෙදර කිසිදු ලයිට් එකක් නොදමා, හොර පූසා වගේ, සද්ද නැතුව ගිහින් ඉතා සෙමෙන් ඇඳේ වැතිරෙමි. ඊට පෙර, හඬ නොනැගෙන ලෙස රාත්‍රී විදුලි බුබුල නිවමි. මොන පිස්සුද, අපේ උන්දෑ තප්පරයෙන් ඇහැරී, 'බලන්ඩ වෙලාව කීයද කියලා. හැබෑටම ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ඔයවැඩේට ඇබ්බැහි වෙලා කියලා ඈ' කියා අසනවිට, මම දෙතොල් තදකර ගනිමි. සතියකට දින දෙකක් හෝ තුනක් විතරයි මම කුස්සියේ වැඩට සහාය වෙන්නේ........කවදා කාපු ටකරං ද?....... ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ කිව්වලුනේ ....හමුදාවේ අතට පයට සියල්ල තියාගෙන ඉඳලා, පැන්සොන් ගත්තම තමයි රඟේ තේරෙන්නේ)
සමහර දවස්වල කන්න ගියාම මම ටිකක් අකමැති දේත් තිබේ. "මේ මොනවද" කියා ඇසුවොත්, "ඇයි මම අහනකොට ඔයාමනේ හා කිව්වේ" යන පිළිතුර ලැබෙයි. මම ගොළුවෙමි. බ්ලොග් කෙළිය නිසා, ඇය, "මොනවද උයන්නේ" කියන ප්‍රශ්නය ඇහුවම, බේරෙන්නට මොකක් හෝ කියා ඇතිබව පසක්වන්නේ, කෑම කන විටදී ය. මම රෑට බත් කන්නට අකමැතිය. ඒ හමුදාවේ පුරුද්දය. ඒ වගේම, නූඩ්ල්ස් වගේ දේවල් කන්න මට 'ආයුධ සැට් එක' ඕනෑය. එව්වා මේසෙට තියලා නොතිබ්බොත් මම කරන්නේ බුකවාගෙන ඉඳීමය. එවිට ටක් ගාලා එව්වා ලැබේ.
හැබැයි අපේ ඇත්තී අතින් හැදෙන දිව්‍ය භෝජන ගැන ආයේ කියන්ඩ දෙයක් නැතිය. මට තිබෙන්නේ බැට් කිරීම පමණි. රසට උයන්න පිහන්න පුළුවන් බිරිඳක් ලැබීමත්, මිනිහෙකුගේ පූර්ව කුසළ කර්ම පලදීමක් කියලයි මට හිතෙන්නේ.
නමුත් ඇගේ මූණ ටිකක් හරි මදිය. මම කුස්සියට ආවේ නැති නිසාය. අපේ ගෙදර ඉන්නේ අපි දෙන්නා පමණි.
(නාකි ලව් එක නැගලා යන්නේ ඔන්න ඔහොම වෙලාවටය)
ලොකු දුව ගෙදර එන්නේ සති අන්තයට පමණි. චූටි දුව මාස කීපයකට වරකි. දැන්නම් "වෙද ඉස්කෝලේ" අන්තිම විභාගයත් ඉවර වෙන්න ආසන්නයි. බලමුකෝ ඊට පස්සෙවත් මේ ළමයා ටික දවසකටවත් ගෙදර එයිද කියලා.
අපේ ගෙදර ඉන්න පූසා සහ බල්ලා (බැල්ලී) පුදුම වාසනාවන්තයෝය. අපි දෙන්නාගේ තනියට ඉන්න උන් දෙන්නා, දැන් පවුලේ සාමාජිකයන් වගේය. උන්ට වෙනම කෑම උයන්න අවශ්‍යයි. "සැබී" අපේ සුරතල් බැල්ලී, කන දේවල් අපේ පූසා "මිෂිකා" කන්නේ නැත. ඉතින් පොළට ගියාම, මාළු කඩේට ගියාම, උන්ට වෙන වෙනම දේවල් ගන්න ඕනෑය. මට පවු කියා හිතෙන්නේ, මම කොම්පියුටර් කොටන අතරේ, අපේ ඇත්තී, මේ දෙන්නා එක්ක කතා කරමින් කුස්සියේ වැඩ කරන එකටය. ඒ වගේ වෙලාවට මම කොම්පියුටරය නිවා නොදමාම කුස්සියට ගොස් ටිකවෙලාවක් හිඳිමි.
අපේ ගෙදර ඉන්න පූසා සහ බල්ලා (බැල්ලී) පුදුම වාසනාවන්තයෝය. අපි දෙන්නාගේ තනියට ඉන්න උන් දෙන්නා, දැන් පවුලේ සාමාජිකයන් වගේය. උන්ට වෙනම කෑම උයන්න අවශ්‍යයි. "සැබී" අපේ සුරතල් බැල්ලී, කන දේවල් අපේ පූසා "මිෂිකා" කන්නේ නැත. ඉතින් පොළට ගියාම, මාළු කඩේට ගියාම, උන්ට වෙන වෙනම දේවල් ගන්න ඕනෑය. මට පවු කියා හිතෙන්නේ, මම කොම්පියුටර් කොටන අතරේ, අපේ ඇත්තී, මේ දෙන්නා එක්ක කතා කරමින් කුස්සියේ වැඩ කරන එකටය. ඒ වගේ වෙලාවට මම කොම්පියුටරය නිවා නොදමාම කුස්සියට ගොස් ටිකවෙලාවක් හිඳිමි.
ඇත්තටම උන් දෙන්නාත් කතා නොකරනවා විතරය. උන්ගේ හැඟීම් දැන් අපට හොඳින් දැනේ. මේ කියන්නේ මොකක්ද කියා අපට පහසුවෙන් වැටහේ. සැබීට හොරෙන් අපේ ගෙදර ගේට්ටුවට අත තියන්නටවත් කාටවත් බැරිය. සමහර වෙලාවට ඌ බුරනවිට අපට පුදුම හිතෙන්නේ ඒ මොහොතේම කවුරුන් හෝ අපේ ගේට්ටුව අසල සිට අපට කතාකරනු ඇසීමෙනි. මිෂිකා ගෙවල් ගානේ රස්තියාදුවේ ගියත්, සැබී කවදාවත් ගෙදරින් එළියට යන්නේ නැත. අපේ දුවලා දෙන්නා ගෙදර ආවාම, උන්ට ඊට වඩා දෙයක් නැත. උන්ට රජ සැළකිලි ලැබෙන්නේ එවිටය. මුන් දෙන්නා දවසපුරා දකින්නට නැත්නම්, අපි දෙන්නාටම පාළුව තවත් තදින් දැනෙනු ඇත. ජීවිතේ හැටි ඔහොම තමයි. හැමදාම පවුලේ හැම දෙනාම එකට බදාගෙන ජීවත්වෙන්න ලැබෙන්නේ නැත. ජීවිතය කියන්නේ එක්වීම් සහ වෙන්වීම් ගොඩක් නේද? එය අවබෝධ කරනොගත්තොත් පිස්සු හැදෙනවා.
මම බ්ලොග් ලියන්නට පටන්ගත්තේ, වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට බව, මේ අඩවිය කියවන ඔබෙන් බොහෝ දෙනෙකු දන්නවා. මුල් කාලයේදී මගේ බ්ලොග් කෙළියට ගුරුහරුකම් දුන්නේ හීනලන්තයේ හරී. සෑහෙන කලක් තිස්සේ වර්ඩ්ප්‍රෙස් ක්‍රමයට හුරුවී සිටි නිසා, මට එය පහසුයි. බ්ලොගර් මෙන් නොව එහි සියළු දේ තිබෙන්නේද සිංහලෙන්. මේ බලන්න.
වම් පැත්තේ කළුපාට තීරුවේ තිබෙන සුදු අකුරු සහ දකුණු පැත්තේ සුදුපාට තීරුවේ තිබෙන කළු අකුරුද කියවා බලන්න. සියළු සැකසුම් සඳහා උපදෙස් 99%ක් තිබෙන්නේ සිංහලෙන්. එමෙන්ම වර්ඩ්ප්‍රෙස් වලදී ලැබෙන කමෙන්ට්ස්, සංස්කරණය කරන්න පුළුවන්. සමහරවිට අනවශ්‍ය දේ ලියලා තිබුනොත්, ඒ කොටස් ඉවත්කර, කමෙන්ට් එක පළකරන්නට හෝ අකුරු/වචන වැරදියට ටයිප් කර තිබුනොත්, ඒවා පවා නිවැරදිව යළි ටයිප් කර පළකරන්න පුළුවන්. කමෙන්ට්ස් වලට එතනදීම පිළිතුරු ලියන්නට හැකිවීමත් පහසුවක්. පහත දැක්වෙන්නේ ප්‍රතිචාර පිටුවකින් කොටසක්.
ඒ වගේම, බ්ලොගර් පාලකයන්, විසින් කාලීනව පොඩි පොඩි සම්මාන දෙනවා. මේ පහත දක්වන්නේ ලිපි 25, 50, 100, ආදියටත්, පළමුවැනි වර්ෂ පූර්ණයටත්, කියවන්නන් විසින් තරු ලකුණු ලබාදීම පිළිබඳවත්, මගේ අඩවියේ තත්ත්ව තොරතුරු (statistics) පිටුවේ, මාවෙත පිරිනමා ඇති සම්මානයි. තවත් තොරතුරු මෙතනින් සහ මෙතනින් බලන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මා ලියන ලිපියක් එක දිනකදී 200 ක පමණ පිරිසක් කියවනවා. ඊට වඩා අතිශයින් වැඩි පාඨක පිරිසක් කියවන සිංහල බ්ලොග් අඩවි ඇති බව, මා දන්නවා. නමුත් මට ලැබෙන පාඨක ප්‍රතිචාර ප්‍රමාණය ගැන, මා අතිශයින් තෘප්තිමත් වෙනවා. මා විශ්වාස කරන්නේ, මා ලියන දේවල යම් හරයක් ඇති නිසා, ඒ ප්‍රේක්ෂක අවධානය මේ අඩවිය වෙත යොමුවන බවයි. යුද හමුදාව සහ විවිධ අවි ආයුධ සම්බන්ධ තොරතුරු, මෙතරම් ආකර්ෂණයක් ඇතිකරනු ඇතැයි මා මුලදී සිතුවේ නැහැ. නමුත් මා බලවත් විමතියට පත් කරමින්, සෑහෙන පාඨක පිරිසක් මේ අඩවියට පැමිණෙනවා. මෙතෙක් මා ලියන ලද ලිපි වලින්, අදටත් නොකඩවා වැඩිම පිරිසක් කියවන ලිපිය ලෙස, දත්ත වාර්තාවේ සටහන් වන්නේ, "රිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනස" යනුවෙන්, මා ලියන ලද ලිපියටයි.
හුදු ජනප්‍රියත්වය ලබාගැනීම උදෙසා, හරසුන්, අසභ්‍ය, අශ්ලීල, දේ ලිවීම, මට තරම් නොවන බව, මා බ්ලොග් ලිවීම අරඹා, ඉතා කෙටි කලකින් වටහාගත්තා. බොහෝ දෙනෙකුට සිතන්නටවත් අපහසු, එවැනි කරුණු කන්දරාවක් මතකයේ ඇතත්, ඒ සියල්ල සදාකාලයටම සඟවන්නට මා තීරණය කළා. ඒවා ලිව්වානම්, අද මගේ අඩවිය දිනකට 200ක් නොව 2000ක් බලනු ඇති. එහෙත් ඒ මට්ටමට වැටෙන්නට මට ඇවැසි නැත. සමහර අඩවිවල, මා දන්නා එවැනි කතාවල, කටින් කට ගොස් ශේෂවූ කොටස්, තමන්ගේ නිර්මාණයක් මෙන් ලියා තිබෙනු දකින මට, අනුකම්පාවක් සමග සිනහ පහළවන්නේ, එහි මුල් කතාව ඒ රචකයා දන්නේනම්, කෙළෙස ලියයිද කියා සිතීමෙනි. අසභ්‍ය දෑ නොලියා සිටීමේ තීරණය ගන්නට තවත් හේතුවක් වුනේ, මගේ මිත්‍රයකු සමග මේ ගැන සාකච්ඡා කරද්දීය. 'හොඳයි, කවදාහරි කොහොම හරි, ඔයාගේ දරුවෙක් දැනගත්තොත්, මේවා ලියන්නේ ඔයා කියලා, එදාට ඔයා මොකද කරන්නේ?' යනුවෙන් ඒ මගේ මිතුරා විමසන ලද පැනය, මට මහත් මගපෙන්වීමක් වුනා. ලියන අය ලියන්න. ඒ ගැන විරුද්ධවීමට හෝ නැවැත්වීමට, බලයක් හෝ අයිතියක්, මට කිසිසේත් නැත්තේමය.
ඉතින් මේ විදිහට ලියමින් යන මම, මේ ඊයේ පෙරේදා ලිපි 200ක් ලියා සම්පූර්ණ කළා. වෛද්‍ය ජයතුංග ගේ කාව්‍ය නිර්මාණ ගැන ලියන ලද ලිපියත් සමගයි ලිපි 200 සම්පූර්ණ වුණේ. ඒ සමගම මතක්වුණා, හෙට අනිද්දා ද්විවර්ෂ පූර්ණය එළඹෙනවා නොවේදැයි කියා. ඒ නිසා ඒ නිමිති දෙකම එක්කර මේ ලිපිය ලියන්නට හිතුවා. 'අවුරුදු දෙකයි පියවර දෙසීයයි' කිව්වේ ඒ නිසයි. එතකොට ලක්ෂ එකහමාර? ඒ තමයි කාරුණික, ආදරණීය, ඔබ සැමදෙනා. අද මේ මොහොත වනවිට මේ අඩවිය වෙත පැමිණි පාඨක සංඛ්‍යාව 166,250 ක්. ඒ ධනය මා ලැබුවේ, ඔබේ ආදරයෙන්, හා සහයෝගයෙන් බව, ඔබ සැමවෙත, කෘතවේදීව, ශීර්ෂ ප්‍රණාමය පුදකරමින් ප්‍රකාශකර සිටිනවා.
පාටියක් දාන්න වටිනවා නේද? දැන් මොන පාටිද අනේ මේ නාකි මට. ඔන්න පරණ පාටියක පින්තූරයක්. මේක බලලා හිතෙන් ඒ පාටියට ආපහු ගියාම ඇති.
හැමදාම හංගගෙන ඉන්න මගේ මූණ පෙන්නන්නත් හිතුවා. ආය මොකටද හැමදාම හැංගෙන්නේ. ඔන්න එහෙනම් බලාගන්නකෝ ඔය පාටිය තිබුන කාලෙම ගත්ත පින්තූරයක් තමා මේකත්.
පසුගිය දිනවල මට අපහසුතා දෙකකට මුහුණ දෙන්න සිදුවුණා. පළමුවැන්න මම එතරම් ගණන්ගන්නේ නැහැ. ඒ තමයි, විවිධ රටවලින් මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය වෙත පැමිණෙන අමුත්තන්ගේ, රටවලට අයත් ධජය පෙන්වන දර්ශකය, හදිසියේ ක්‍රියාවිරහිත වීම. එහි ඒ වනවිට රටවල් 95 ක ධජ සටහන්ව තිබුණා. එය නැවත ක්‍රියාත්මක කළමුත්, කලින් සටහන් වූ සියල්ල මැකීගොස් තිබුණා. මේ වනවිට නැවතත් රටවල් කීපයකින් අමුත්තන් පැමිණ තිබෙනබව එහි සටහන් වෙනවා.
දෙවැන්න නම් බරපතළයි. මට වළක්වාගත නොහැකි තාක්ෂණික දෝෂයක් නිසා, වර්ඩ්ප්‍රෙස් අඩවියේ ලිපිවලට ලැබෙන පාඨක ප්‍රතිචාර ලිවීමට ඇති කවුළුව, වැසීගියා. සති තුනක් පමණ පැවති මේ තත්වය, මා තුළ බලවත් සිත්වේදනාවක් ජනිත කළා. 'ළිඳට වැටුණු මිනිහා ළිං කටෙන්ම ගොඩ එන්නේ ඕනේ' කියලා කියමනක් තියනවනේ. ඒ නිසා මම www.wordpress.com අඩවියේ අස්සක් මුල්ලක් නෑර සොයා බැලුවා. අවසානයේ අද තමයි විසඳුම ලැබුණේ. අනාගතයේදී මේ අර්බුදයට යම්කිසි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් රචකයකු මුහුණ දුන්නොත්, මෙන්න විසඳුම. මේ සඳහා මග පෙන්වීමක් කර තිබුණු පොඩ්ඩිටත් ස්තුතිවන්ත වෙනවා.
- Go to the Posts -> All Posts screen in your blog dashboard.
- Select the posts you would like to modify or check the box next to “Title” column at the top to select all posts on that page.
- Select Edit from the Bulk Actions drop down menu.
- Click the Apply button.
- Change the options for Comments and Pings to Allow or Do not allow.
- Click the Update button.
- Repeat with your Pages.
සමහර දිනවල දුරකථනයෙන් සම්බන්ධවී, පැයගණන් මා ලවා මගේ බ්ලොගර් අඩවියේ වෙනස්කම් කරවමින්, එය ගොඩදාගන්නට අවශ්‍ය සියළු ගුරුහරුකම්, කිසිදු ගුරුමුෂ්ටියකින් තොරව ලබාදුන්, ලක්මාල් කන්දෙවිදානේ ට, මගේ විශේෂ ගෞරවය පුදකරන්නට මෙය අවස්ථාව කරගන්නට කැමතියි.
මේ වැකිය වර්ඩ්ප්‍රෙස් අඩවිය බලන අයට පමණයි. මා, මෙයට සමගාමී බ්ලොගර් අඩවියක් ආරම්භ කළබව, ඔබෙන් සමහරකු තවමත් දන්නේ නැති නිසා, එහි ලිපිනය මේ සමග දක්වනවා. http://wicharaka.blogspot.com
පාඨක සබඳතා වැඩිදියුණු කරගැනීම සඳහා, මූණු පොතට මෙන්ම Google +, Twitter, Linkedin, වෙත, සම්බන්ධවන ලෙස, සමහර පාඨකයන් ඉල්ලාසිටි නිසා, දැන් ඒ සියල්ල වෙත සම්බන්ධවී සිටිනවා. ඉදිරි කාලයේදී විවිධ මාතෘකා රැසක් ඔබවෙත ගෙන එන්නට, මා සැළසුම්කර තිබෙනවා. හමුදාව සම්බන්ධ වැදගත් ලිපි ඒ කෙටුම්පත් අතර තිබෙනවා.
මේ වැකිය වර්ඩ්ප්‍රෙස් අඩවිය බලන අයට පමණයි. මා, මෙයට සමගාමී බ්ලොගර් අඩවියක් ආරම්භ කළබව, ඔබෙන් සමහරකු තවමත් දන්නේ නැති නිසා, එහි ලිපිනය මේ සමග දක්වනවා. http://wicharaka.blogspot.com
පාඨක සබඳතා වැඩිදියුණු කරගැනීම සඳහා, මූණු පොතට මෙන්ම Google +, Twitter, Linkedin, වෙත, සම්බන්ධවන ලෙස, සමහර පාඨකයන් ඉල්ලාසිටි නිසා, දැන් ඒ සියල්ල වෙත සම්බන්ධවී සිටිනවා. ඉදිරි කාලයේදී විවිධ මාතෘකා රැසක් ඔබවෙත ගෙන එන්නට, මා සැළසුම්කර තිබෙනවා. හමුදාව සම්බන්ධ වැදගත් ලිපි ඒ කෙටුම්පත් අතර තිබෙනවා.
සාමාන්‍යයෙන් මා ලියන ලිපියකට, මාධ්‍ය රූප රාශියක් අවශ්‍ය වෙනවා. වීඩියෝ දර්ශන අවශ්‍ය වෙන අවස්ථාත් බොහොමයි. ඒ නිසා මා ලියන්නේ සෙමින්. ලිපියක මාධ්‍ය රූප සංස්කරණයත් තරමක වෙහෙසකර කාර්යයක්. කෙසේවෙතත්, ඔබේ දැණුමට යමක් එක්කරණ, තවත් දෑ බොහොමයක්, ඔබවෙත ගෙන ඒමේ අභිලාශය පෙරදැරි කරගනිමින්, මෙතෙක් විවිධාකාරයෙන් මට මගපෙන්වූ, සියලු ජ්‍යොෂ්ඨ බ්ලොග් කරුවන් වෙත ප්‍රණාමය පුදකරමින්, පාඨක ඔබ සැමදෙනා වෙත ද, මගේ භක්ත්‍යාදර පූර්වක ප්‍රණාමය පුද කරමින්, ලිපිය අවසන් කරනවා.
2013 දෙසැම්බර් මස 14 දින 2149 පැය
//මේකේ එල්ලිලා ඉන්නකොට ඔරලෝසුව කැරකෙන්නේ විදුලි පංකාවක වේගයෙන්දැයි සිතෙන්නේ,// මේ කොටස ඇත්තම ඇත්ත .. ඔයාගේ ලිපිය ගොඩක් ආසාවෙන් කියවූවා විචාරක තුමණි.ඒ වගේම බ්ලොගර් වලට වඩා හොද පහසුකම් මේකේ තියෙන බව අදයි දැක්කේ ,, ඔයාගේ ෆොටෝ එක දැක්කම මට මතක් වුණේ හිට්ලර්ව හි හි , , මගේ පුසගේ නම චාර්ලි ඔයාලගේ මිශිකාව දැක්කම එයාව මතක් වුණා.
ReplyDeleteඔන්න ඔයා පළවෙනියා වෙලා මේ අඩවියේ මට සුබ පතන්න පැමිණි අය අතරින්. ෂඃ අම්මපා මට ආඩම්බරයි මාව හිට්ලර් වගේ පෙනෙනවානම්.
Deleteඔයාට බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.
විචාරක තුමාගේ දෙකයි දෙසියට මම ඉතසිතින් සුභ පැතුමන් සමගින්,
ReplyDeleteඔබ තුමාට දිර්ගායුෂ පතමි...!
බොහොම ස්තුතියි කෙන්ජි. මේ දිරිගැන්වීම් මට හරියට වටිනවා.
Deleteද්විවර්ෂ පූර්ණයට හා ද්විත්ව ශතකයට හදවතින්ම සුබපැතුම් විචාරක මහතා ! තව තවත් වටිනා දෑ අපට බෙදා දීමට නිදුක්, නිරෝගී දීර්ගායුශ පතමි !
ReplyDeleteහුඟක් අයට තියන අවුල තමන්ගෙ සුපුරුදු බ්ලොගර් අකවුන්ට් එකෙන්ම කමෙන්ට් කරන්න බැරිවීමයි. වර්ඩ්ප්‍රෙස් එකට වෙනම ගිණුමක් නඩත්තු කරන්න වීම අමතර කරදරයක්. මටනම් කලින්ම ඉඳන් වර්ඩ්ප්‍රෙස් අකවුන්ට් එකක් තිබුනා සී නිවුස් එකේ කාලයක් කමෙන්ට් කරපු නිසා. බලාගෙන යනකොට වර්ඩ්ප්‍රෙස් වැඩිය හොඳයි වගේ. මම යනවා බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට..ද්විවර්ෂ පූර්ණයට හා ද්විත්ව ශතකයට හදවතින්ම සුබපැතුම් විචාරක මහතා ! තව තවත් වටිනා දෑ අපට බෙදා දීමට නිදුක්, නිරෝගී දීර්ගායුශ පතමි !
හුඟක් අයට තියන අවුල තමන්ගෙ සුපුරුදු බ්ලොගර් අකවුන්ට් එකෙන්ම කමෙන්ට් කරන්න බැරිවීමයි. වර්ඩ්ප්‍රෙස් එකට වෙනම ගිණුමක් නඩත්තු කරන්න වීම අමතර කරදරයක්. මටනම් කලින්ම ඉඳන් වර්ඩ්ප්‍රෙස් අකවුන්ට් එකක් තිබුනා සී නිවුස් එකේ කාලයක් කමෙන්ට් කරපු නිසා. බලාගෙන යනකොට වර්ඩ්ප්‍රෙස් වැඩිය හොඳයි වගේ. මම යනවා බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට.. :D
හද පත්ලෙන්ම ස්තුතියි සෙන්නා. මගේ මුල් කාලයේ සිටම මා සමගම පැමිණෙමින්, පෞද්ගලිකව මගේ දුක සැප සොයාබලමින්, ඔබ කල දිරිගැන්වීම්, ඔබට ලියන්නට හැකි දේවල් මට ලියන්නට ඉඩ දීමෙන්, ඔබ දැක්වූ පරිත්‍යාගශීලී භාවය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
Deleteවර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් කියන දෙකෙන් වඩා හොඳ මොකක්ද කියලා මටත් හරියටම කියන්න බැහැ. සිතා බලා තීරණයක් ගන්න.
ඇහ් මොකක්ද මගෙ කමෙන්ට් එකට වෙලා තියෙන්නෙ ? ඒකත් ද්වි වෙලානෙ. :D මමත් කියන්න හිටියෙ අමතක වුනා හිට්ලර් වගේ තමා..
Deleteඔන්න වර්ඩ්ප්‍රෙස් වල අගේ. ඔය කමෙන්ට් එක වර්ඩ්ප්‍රෙස් වල දැම්මානම් අර දෙපාරක් ලියවිලා තිබුන ටික අයින් කරන්න තිබුණා.
Deleteහිට්ලර්ගේ නෑදෑයෝ එයිද දන්නෙනෑ මාව එහෙ එක්කරගෙන යන්ඩ.
දෙවර්ෂ පුර්ණ මෙව්වා එකක් මගෙන් විචාරක මහතාණෙනි.මම නම් සරල මනුස්සය වෙච්චි බ්ලොගර් හොදා.
ReplyDeleteමට එක අතකට පුදුමයි මගියාණනි මම මේ මෙව්වා එක අවුරුදු දෙකක් මෙව්වා කර කියලා හිතනකොට. ඔබ වැනි ය දෙන දහිරිය නිසා තමයි මම දිරිමත් වෙන්නේ. බොහොම ස්තුතියි සුබපැතුමට.
Delete'මේකේ එල්ලිලා ඉන්නකොට ඔරලෝසුව කැරකෙන්නේ විදුලි පංකාවක වේගයෙන්දැයි සිතෙන්නේ' ඕක ලියන ඔබතුමාට විතරක් නෙමෙයි කියවන මටත් වෙන ප්‍රශ්නයක්.
ReplyDeleteසාමාන්‍ය බ්ලොග් ලිපියක් ලියල හිට්ස් ගන්නවට වැඩිය මේ වගේ තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ලියන බ්ලොග් එකකට හිට්ස් ගන්න අමාරුයි තමයි. ඒත් මේ වගේ දේක අගය වටහාගත්ත කෙනෙක් මේ වගේ බ්ලොග් එකක් මගඇරල යන්නෙ නෑ.
මටනං බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් කියල වෙනසක් නෑ. මොකට ඒ දෙකේම මට ප්‍රෝපයිල් තියෙන නිසා.
ඔබතුමාගෙ ලිපි 200 ටත්, අවුරුදු දෙකටත් සුබ පතනව. තව ඉදිරියටත් මේ වගේ ලිපි ලියන්න ශක්තිය, ධෛර්යය, දීර්ඝායුෂ ලැබෙන්න කියල පතනවත් සමගම.
ඇත්තටම බ්ලොග් කෙලියත් එක්තරා ඇබ්බැහියක් තමා ප්‍රසන්න. ලියන එකා ඇඹලයා වගේ ඇලිලා ඉන්නවා නොලියන එවුන්ට පෙන්නන්න බැහැ.
Deleteබොහොම ස්තුතියි. අනේක වාරයක් පිං සුබ පැතීම ගැන.
මගේ මව සහ පියාත් ගුවන් හමුදාවේ සේවය කලේ. පියා ජිවතුන් අතර සිටියා නම් මේ වන විට ඔබගේ වයසේ ඇති.
ReplyDelete......
ඔබට යම් දුකක් හෝ සිත්වේදනාවක් දැනුනානම් මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. ජීවිතය කියන්නේ හමුවීම් සහ වෙන්වීම් ගොඩක් කියලා මම මේ ලිපියේදී ලිව්වෙත්, මටත් එවැනි අත්දැකීම් රාශියක් තිබෙන නිසා. අපේ පවුලේ අයියලා මල්ලිලා හතර දෙනාගෙන් අද ඉන්නේ මම විතරයි.
Deleteසුභපැතුම්.බොහොම දේවල් ඉගෙනෙගත්තා ඔබේ බ්ලොග් එකෙන්.ඔය ෆොටෝ එකනම් සෑහෙන පරන එකක් නේද?තරු දෙකයිනෙ තියෙන්නෙ
ReplyDeleteහද පත්ලෙන්ම ස්තුතියි ඔබේ සුබ පැතුමට. ඔබේ දැනුමට යමක් එකතුවුනානම් එය මට මහත් සතුටක්.
Deleteඇත්තටම මේ පින්තූර දෙකම 1980 දශකයේ ඒවා.
අපි අම්මගේ බඩෙත් නැතුවා ,,අම්මි ඉස්කෝලේ යනවා :D
Deleteඒක තමයි කෙල්ලේ මං උඹට එක දවසක් කිව්වේ මට සීයා කියන්න කියලා.
Deleteමුලින්ම ඔබට සුභ පතමි. ඔබ බ්ලොග් අවකාශයේ මහා හිදැසක් පිරවූවෙකි. හමුදාවන් සම්බන්ධ යාවත්කාලීන වන බ්ලොගයක අවශ්‍යතාවය තිබියදී එය සපිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව මම දනිමි. මිතුර ඔබට ජය!!!
ReplyDeleteඔබේ මේ ලිපියේ එක් කොටසක් මට මහා වදයක් විය. එනම් විශ්‍රාමයෙන් පසු ඔබ දෙදෙනා පමණක් තනිව නිවසේ වසන බව කීමයි. මේ මහා වදයට මට ද කෙදිනක හෝ මුහුණ පාන්නට වන්නේය. එය මට මතක් විය. එහි ඇති බරපතලකම පසක් විය. වන්නාටය.... ඉවසමු... තනිව ආවා නම්...... යනවා නම්...... දිවිසයුරේ මොන තනියක්ද? නමුත් අතහැර යා නොහැකි දේ ඇති බව පසක් විය!!!
අග ඉඳලා මුලට උත්තර දෙන්නම්. තනිකම මට හුරුවුනේ මා කුඩා කාලයේ සිටමයි. ඔහේ පැත්තකටවී ඉඳීම මට එතරම් අරුමයක් නොවෙයි. මගේ ජීවිතයේ තිබෙන්නේත් එක්වීම් වලට වඩා වෙන්වීම්. ඒ නිසා හිත ටිකක් ගල්වෙලා තියනවා ඕනෑම දේකට මුහුණ දෙන්න. ක්ෂණික වෙනස්වීම් මට එතරම් අමාරු දෙයක් නෙවෙයි. දින දෙකතුනකින් ඒ අළුත් තත්වයට හැඩගැහෙනවා. ගෑණු දරුවෝ කවදා හරි අපිව දාලා යනවනේ. මම ඒ තත්වය තේරුම්ගත්තේ මගේ අක්කලාගේ විවාහය තුලින්.
Deleteඔබට අනේක වාරයක් පින් දෙනවා මගේ අඩවිය ඇගයීම සහ සුබ පැතීම පිළිබඳව. මා ඉදිරියට යන්නේ ඔබවැනි අයගේ ආශිර්වාදය තුලින් ලැබෙන ශක්තිය නිසා බව ස්තුතිපූර්වකව සඳහන් කරනවා.
අවුරුදු දෙකක් අදිනවා කියන්නේ ලේසි කෙලියක්ද..ඒ වගේම ලිපි 200ක් ලියනවා කියන්නේ?? බ්ලොග්කරණයේ (වචනෙ හරිද මන්ද???) දිග ගමනක් යන්ට සුභ පතනවා... බොක්කෙන්ම!
ReplyDeleteඔබ කාලීනව මා සමග හමුදා තොරතුරු පිළිබඳව අත්දැකීමෙන්ම හුවමාරු කරගත් අදහස් මා දිරිගැන්වීමට සමත් වූ බව කියන්නේ ඉතාම ස්තුතිවන්ත වෙමින්. ගහට ගහක් හමුවුනා වගේ මට බ්ලොග් අවකාශයේදී ඔබ හමුවීම හරියට වටිනවා. සුබ පැතුමට හද පත්ලෙන්ම ස්තුතිවන්ත එනවා.
Deleteදෙකයි දෙසියට ඉරිසියාවත් කොනක තදකර ගනිමින් හදවතින්ම සුභපතමි ..... ඔබ මා පියාගේ වයසට මදක් අඩුවෙන් සිටියත් ලිවිමෙහිදී සම වයසේ කොලු ගැටයෙක් බව පෙන්වමින් ලියන මේ හියව අගය කරන්නෙමි
ReplyDelete'හොඳයි, කවදාහරි කොහොම හරි, ඔයාගේ දරුවෙක් දැනගත්තොත්, මේවා ලියන්නේ ඔයා කියලා, එදාට ඔයා මොකද කරන්නේ?'
මෙහෙම කියමින් ඔබට අගනා උපදෙසක් දුන් ඒ අනගි යහලුවාටත් මගේ සුභාශින්ෂණ පිරිනමන්න....
හෙහ්.....මොකට ඊරිසියා කරන්නද. ඔයාට තව දිග අනාගතයක් එහෙමම තියනවනේ ඕනෑ තරමක් ලියන්න.
Deleteඇත්තටම මගේ මිත්‍රයා නියම කල්‍යාණ මිත්‍රයෙක්.
බොහොම ස්තුතියි අගය කිරීම ගැන.
දෙවර්ෂ පූර්ණයටත් ලිපි දෙසීයටත් මම සුබ පතනවා විචාරක...තව තවත් ලිපි ලියන්න කියලා ඉල්ලා සිටිනවා .... ඔබ ලියු ඇඳුම් අයන් කිරීම , සපත්තු පොලිෂ් කිරීම වැනි ලිපි තමයි ඉතාම වටින්නේ..එතෙක් මෙතෙක් පත්තරේක වත් පල නොවූ මාතෘකා ඒ ..... දිගින් දිගටම මහන්සියෙන් ලිපි ලියන්න... මහන්සිය අපතේ යන්නේ නැහැ... කවද හරි අපි මැරුණ දාට දරුවෙක් හරි බලයි මේක ලිව්වේ මගේ තාත්ත කියලා .... ඒ ඇති හොඳටම .........
ReplyDeleteබොහොම ස්තුතියි සහන්. කාට හෝ මගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්වීම මා කරගන්නා කුසල කර්මයක් කියයි මම හිතන්නේ. ඔබ නිතරම මා දිරිගැන්වීම මට මහත් රුකුලක්. ඇත්ත තමයි අපි මේ ලෝකය හැරදා ගියත් අපේ නිර්මාණ කාලයක් යනතුරු ඉතුරුවී තිබිය යුතුයි.
Deleteසුභ පැතුම් විචාරකතුමනි.. තව ඉස්සරහටත් අත්දැකීම් මේ වගේම ලියන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. මේ ලිපියේ ගෙදර අත්දැකීම් දකිද්දී හිතුනේ මහළු විය කොච්චර සුන්දරද කියලා මටනම්..
ReplyDeleteබොහොම ස්තුතියි දිනේෂ් ඔබේ සුබපැතුමට. ඔබේ දිරිගැන්වීමෙන් තමයි මම ඉදිරියට යන්නේ. ජීවිතය හරියට අවබෝධ කරගත්තොත් හැමදාම සුන්දරයි. නමුත් එය අපි හිතන තරම් පහසු නැහැ.
Deleteමගේ උණුසුම් සුභ පැතුම්. තව ඉදිරියටත් අපිත් එක්ක මේ දැනුම බෙදාගන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteහිට්ලර් ට නෑකමක් එහෙම තියනවද? :P
ඔබතුමාගේ ආගමික කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා. මා බෞද්ධයකු වුවද මේ දිනවල මේ ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයකට වසර 125ක් පිරීමේ උත්සවයට විවිධාකාරයෙන් (ලිපි ශීර්ෂ සකසාදීම, විවිධ මුද්‍රණ කටයුතු, ඇරයුම්පත් සැකසීම, ලිපි ටයිප් කරදීම) උදව් දෙනවා. මා විශ්වාස කරන ධර්මය අනුව එය පිනක්. ඔබතුමන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ සුබපැතුම් මාවෙත එවීම ගැන.
Deleteස්තූතියි විචාරක තුමා. මම දැක්කා ඔබතුමා ගේ ඒ උදව් කිරීම් පිළිබඳව හරී ගේ බ්ලොගයේ සඳහන් කර තිබෙනවා. ස්තූතියි එවැනි උදව් වලට.
Deleteවිචාරක......හෘදයාංගම සුභ පැතුම්!!!!!!!!
ReplyDeleteඅවුරුදු දෙකයි දෙසීයට වඩා මට මේ ලිපිය හරි වටිනවා...ඔබේ පවුලේ කතාවත් මට ඉතා සමීපයි. අපේ ගෙදරත් අපි දෙන්නා විතරයි. දුව ඉගෙනගන්න ගොහින්...කම්පියුටරය සහ මම එක්වෙනවාට වයිෆ්ගේ එච්චර කැමැත්තක් නැහැ. මොකද ගලවාගන්න අමාරු නිසා.
ඒ හැමටම වඩා ඔබේ වර්ඩ්ප්‍රෙස්ස් පිලිබඳ සටහන් මටත් වටිනවා. ඒකටත් ස්තූතියි!!
ඔබටත් බිරිඳටත් නිදුක් නිරෝගි සුවයත් පතනවා.
ඔබටත් බොහොම ස්තුතියි අරූ, එක අතකට අපි හැමදෙනාම ඒකාකාරී ජීවිතවලට කොටුවෙලාද මන්දා. මගේ ලිපියෙන් ඔබට යම් ප්‍රයෝජනයක් ලැබීම ගැන සතුටුවෙනවා. මා දිරිගැන්වීම ගැන ඔබට පින්දෙනවා. ඔබේ පවුලේ සියලු දෙනාටම නීරෝගී බව සහ සතුට ප්‍රාර්ථනා කරනවා.
Delete//ඔය මගුල බදාගත්තම ඔයාට මෙලෝ සිහිය නෑ//
ReplyDeleteඔහෙත් එහෙමද , මෙහෙත් එහෙමයි , කොහෙත් එහෙමද කොහෙද
හැබැයි වැඩිකල් නොගිහින් බ්ලොග්කාරයින්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය කියලා එකක් හදාගෙන මොකක්හරි මහා ගිනිවිජ්ජුම්බරයක් වෙනවා සිකුරුයි.
ReplyDeleteඔන්න ඕක නං විචාරක තුමාට හොද බිරිදක් ලැබුන නිසා හොදා. අපිට උනා නං පතෝලෙන් ඔළුව පලල එලවනවා දෙකක් නැහැ. කොහොම උනත් ඇබ්බැහැය ගැන කතා කරන්න නං හොදනෑ. ඒක ඒ තරම්ම ඇබ්බැහියක්..
ReplyDeleteඅවුරුදු දෙකකට පස්සේ හරි ඇස් කන් ඇරිලා බ්ලොගර් ආපු එක ලොකු දෙයක්.. මාත් වර්ඩ්ප්‍රෙස් ඒවට යන්න හරිම අඩුවෙන්... අරුණිගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට යන්නේ කියන්න දෙයක් තිබ්බොත්ම විතරයි නැත්නං ඔය මේල් එකට එන එක නිකං කියවල ඉන්නවා. ඒ සෙතේමයි අනිත් අයටත්. හැබැයි අවුල මේල් එකෙන් හරි මම කියවන්නේ අරුණි විතරයි.. ඉතිං ඒක නිසා විචාරක ආපු එකට සතුටුයි. මටත් හැකිනං උදව්වක් දෙන්නං ලාවට... ජය වේවා ඔබගේ උත්සාහය අගය කරමි බොක්කෙන්ම...
මමත් ගුටිකාපු දවසට උදව්වක් ඉල්ලන්නම්.
Deleteඔන්න එහෙනම් අපිත් මේ පැත්තට ගොඩ වුනා...දෙසීයයි දෙසීයට බොක්කෙන්ම සුබ පතනව.
ReplyDeleteසියල්ලටම පෙර ඔබව ආදරයෙන් පිලිගන්නවා. බොහොම ස්තුතියි දිරිගන්වනසුළු සුබපැතුමට.
Deleteපරක්කු උනාට සමාවන සේක්වා......
ReplyDeleteතව තවත් ඉදිරියට යන්න හැකියාව ලැබේවා......!
ජයෙන් ජය . :D
මොන සමාවක්ද අනේ. කොහොමහරි ආවනේ. බොහෝම ස්තුතියි ඔබේ සුබ පැතුමට.
Delete