හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 December 2013

බුදු අම්මෝ...... මෙන්න පෑනෙන් වෙඩි තියනවෝ.........! The Pen Pistol


  -pen-pistol-පෑන කියන උපකරණය තිබෙන්නේ ලියන්න මිසක් වෙඩි තියන්න නෙවෙයි කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි එක්තරා කියමනක් තිබෙනවා 'පෑන කඩුවට වඩා බලවත්' කියලා. එයින් අදහස් කරන්නේ, අවි ආයුධ රැගෙන සටන් කිරීමට මිනිසා යොමු කිරීමට වඩා, බලවත් විනාශයනක් කරා යාමට, පෑනෙන් ලියන අදහස් මගින්, මිනිස් සිත තුළ හැඟීම් ඇති කළහැකියි කියන එකයි. ඒක අදටත් එහෙමම සිද්ධවෙනවානේ. සමහරෙකුට ජනමාධ්‍ය තවත් සමහරෙකුට ජඩ මාධ්‍ය වෙනවා. පෑනෙන් නොලිව්වත් බ්ලොග් ලිවීමත් ලේඛන කලාවක්නේ.
  බ්ලොග් ලිවීමෙනුත් මිනීමැරෙන වැඩ කරන්න පුළුවන් නේද? හොඳයි, මේ කඩුවක් වගේ කියලා කියන පෑන, පිස්තෝලයක් කරගත්තොත් මොකද වෙන්නේ? බොහොම භයානකයි නේද? හොඳයි, මම අද ඔබට කියලා දෙන්න යන්නේ පෑනෙන් වෙඩි තියනහැටි. මොනවා? ..........ඔව් ආයේ දෙකක් නෑ, මම අද කියලාදෙනවා පෑනෙන් වෙඩි තියන හැටි. හොඳයි, එහෙනම් පටන්ගම්මුද කතාව.
  ලෝකයේ අනෙක් සතුන්ට වඩා උසස් මනසක් (මන+උස් = මිනිස්) තියන මිනිසා, තම වර්ගයාගේ සැනසීම මෙන්ම වැනසීම වෙනුවෙන්ද එකසේ ක්‍රියාකරනවා. විවිධ ආගම් කතුවරුන්, ජන නායකයන්, සමාජ සේවකයන්, එසේ මානවහිතවාදීව ක්‍රියාකරන අතර, තවත් පිරිසක් වෙහෙසෙන්නේ, මිනිසා වනසන, විවිධ යුද්ධායුධ නිපදවීමටත්, ඒවා පාවිච්චි කිරීම සඳහා මිනිසා පොළඹවා, එමගින් ධනය රැස්කිරීමටත්.
  යුද්ධය කියන හැඟීම ඇතිවෙන්නෙත්, සාමය කියන හැඟීම ඇතිවෙන්නෙත්, මිනිස් සිතතුළමයි. මිනිසා ඈත අතීතයේ සිටම, ආයුධ පරිහරණය කලබව අපි දන්නාවනේ. පොළොවෙන් අහුලාගත් ගල් කැටයකින් සතුරාට දමා ගැසීමෙන්, ආයුධ පාවිච්චිය ඇරඹු මිනිසා, අද පාවිච්චිකරණ ආයුධ මොනවගේද කියලා අපිට හිතාගන්නවත් බැරිතරම් පුදුමයි. පහසුවෙන් සඟවාගෙන යාහැකි ආයුධ තමයි කවදත් ජනප්‍රිය වෙන්නේ. හමුදා කටයුතු වලදී පාවිච්චි කරන ආයුධ මෙන් නොව, එදිනෙදා සමාජයේ මිනිසුන් අතර ගැවසීමෙදී ක්ෂිනිකව පාවිච්චි කළහැකිවීම, පහසුවෙන් ප්‍රවාහනය කළහැකිවීම. හඳුනාගැනීමට නොහැකි ස්වරූපයකින් තිබීම, වැනි සාධක නිසාමයි කුඩා ප්‍රමාණයේ ආයුධ වඩාත් ජනප්‍රියවී තිබෙන්නේ. පෑනක් ලෙස පෙනෙන පිස්තෝල පමණක් නොවෙයි, ජංගම දුරකතනයක් ලෙස පෙනෙන පිස්තෝල මෙන්ම, කැමරාවක් ලෙස පෙනෙන පිස්තෝලත් අද නිපදවා තිබෙනවා. ලෝකප්‍රකට සිනමා අධ්‍යක්‍ෂ, ජේම්ස් කැමරන් විසින්, 1994 දී අධ්‍යක්ෂණය කළ, 'True Lies' චිත්‍රපටියේදී, වීඩියෝ කැමරාවකට සවිකළ පිස්තෝලයකින් වෙඩි තබා, ත්‍රස්තවාදී නායකයකු මරණ හැටි පෙන්වනවා. 
  පෑනක් මෙන් පෙනෙන පිස්තෝලයක් නිපදවීම කෙරෙහි, මිනිසාගේ අවධානය යොමුවී තිබෙන්නේ, අද ඊයේ නොවෙයි. 1950 දශකයේදී පවා, ඒ ගැන සැලසුම් සකස්කර තිබෙනවා. මේ බලන්න ඒ සැළැස්ම.
original_fountain-pen-pistol-framed-print
  මෙයින් පෙනෙනවා නේද මෙවැනි අවියකට විශාල ඉල්ලුමක් තිබෙන බව. රහසිගතව, පුද්ගලයකුට ආසන්නවී, ඔහුව ඝාතනය කිරීම සඳහා, මෙවැනි අවියක් බොහොම ප්‍රයෝජනවත් වෙනවා. සාමාන්‍යයෙන්, යුද හමුදාවක් මෙවැනි අවි පාවිච්චි කරන්නේ නැහැ. එයට හේතුව, මෙවැනි අවියකින් වෙඩි තැබීම සඳහා, සතුරාට මීටර් දෙකක්වත් ලඟින් ඉන්නට සිදුවීමයි. සමහරවිට, මෙවැනි අවි ලෝකයේ ප්‍රබල ඔත්තු සේවා සාමාජිකයන්ට නිකුත්කර ඇති.
  ලංකාවෙනම් මා දන්නා තරමින්, මෙවැනි අවි, ජාතික ඔත්තුසේවය පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන, ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය, කමාන්ඩෝ රෙජිමේන්තුව හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය, මෙවැනි අවි පාවිච්චි කරන බවක්, මම අසා/දැක නැහැ. නමුත් මෙවැනි අවි, කීපවරක් ලංකාවේ පොලීසියට අසුවූ අවස්ථා, මම අසා/දැක තිබෙනවා. මේ පහළ පින්තූරයෙන් දක්වා තිබෙන්නේ, මගේ අවධානයට ලක්වූ, එහි ආසන්නතම සිදුවීම. මේ ලිපිය ලියන්නට මට සිතුනෙත්, මේ පුවත්පත් වාර්තාව කියවීමෙන් අනතුරුවයි. 
Screenshot (4)
  පෑන් පිස්තෝලයක් කියන්නේ පෑනක් ද පිස්තෝලයක් ද? ඇත්තටම පෑන් පිස්තෝලයක් කියන්නේ පිස්තෝලයක් වැනි අවස්ථානුකූලව වැඩිදියුණු කළ, වෙඩි තැබීමක් කළහැකි, උපකරණයක්. (improvised firing device)  ඒ කියන්නේ නෛතික වශයෙන් සලකා බලනවිට ගිනි අවියක්. (fire arm)  ලෝකයේ කිසිම රටක, මෙවැනි අවි සඳහා ඉඩදෙන්නේ නැහැ. එයට හේතුව, මෙය එතරම්ම භයානක, හානිකර, අවියක් නිසයි. ලෝකයේ විවිධ රටවල නිපදවා ඇති පෑන් පිස්තෝල කීපයක පින්තූර, මීළඟට මම ඔබට පෙන්වන්නම්. 
Pen Gun
00-pistol-pen-gun
homemadezipgun
images
  දැන් පෙනෙනවා නේද මේ අවිය භයානකයි කියලා. ළඟටම ඇවිත් 'ටොක්' ගානතුරු කවුරුවත් දන්නේ නැහැ. ඔන්න මම පහළින් දානවා පොඩි වීඩියෝවක් මේ අවියෙන් වෙඩි තියන හැටි පෙන්වන.  බයිට් ඉවරවෙන එක පැත්තක තියලා, ටිකක් බලන්න මේවා. මෙහෙ විතරයි මෙව්වා මෙහෙම පෙන්නන්නේ.



මේ වගේ පින්තූර සියගණනක්, අන්තර්ජාලය තුළ මට දකින්න ලැබුනත්, ලිපිය දික්ගැස්සෙන නිසා ඒවා ඇතුළත් කරන්නේ නැහැ. ඔව් ඔව්, මම දන්නවා මම දන්නවා, ඔය ප්‍රශ්නේ ඊළඟට අහන බව. කොහොමද මේ පිස්තෝලයක් හදන්නේ. හරි හරි කියලා දෙන්නම්. හැබැයි පුතෝ, නොදන්නා මගුල් කරන්ඩ ගිහින්, ශරීරයේ වටිනා අවයව කැඩිලා බිම වැටුනා කියන්ඩ එහෙම එපා. ආයේ මම එහෙම නැහැ මොනවා හරි කරගෙන, අර එක කිඹුලෙකුට උනා වගේ, ‘ඤව් ඤව්’ ගාලා කතා කරන්ඩ වුනොත්.
  පෑන් පිස්තෝල හදන්න පාවිච්චි කරන උපකරණය අපේ රටේනම් නිකුත් කරන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැනි ආරක්ෂක අංශ වලට පමණයි. නමුත් ලෝකයේ බොහෝ රටවල, කඳු නැගීම, දුෂ්කර ප්‍රදේශ ගවේෂණය, වනයේ සංචාරය, වැනි ත්‍රාසජනක ක්‍රියාවල නිරතවන අයට විවෘත වෙළඳපොලෙන් මේ උපකරණය මිළදීගන්න පුළුවන්. (එයට හේතුව ඒ රටවල බොහෝ දෙනා මෙයින් නිසි ප්‍රයෝජනය ගන්නවා හැර, පිස්සු කෙළින්න යන්නේ නැති නිසා)
  මේ උපකරණයට සිංහලෙන් නමක් මම අහලා නැහැ. ඒ නිසා, ‘පෞද්ගලික ආපදා සහ අනතුරු අඟවනය’ කියලා නමක් මම හැදුවා. ඉංග්‍රීසියෙන් කියන්නේ Signal kits personnel distress කියලා. මගේ පරිවර්තනයට වඩා අර්ථවත් පරිවර්තනයක්, මා ඔබෙන් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ආරක්ෂක හමුදා වෙත නිකුත් කරන්නේ, දකුණු කොරියාවේ නිෂ්පාදිත උපකරණයක්. මේක ලස්සන කැන්වස් මල්ලක දාලා තියෙන්නේ. අපි ජංගම දුරකථනය දාගෙන යන පවුච් එක වගේ, මේ පවුච් එකත් නිළ ඇඳුමේ බඳපටියේ පැළඳගන්න පුළුවන්. 
1
  ලෙහන්න තියන මල්ල ඔබලා බලන්නේ මොකටද? ලෙහලම බලමු. ඔන්න මම මල්ල ලිහනවා. හා……එන්ඩේ, එන්ඩේ, හැමදාම නෑ, හැම තැනම නෑ අද විතරයි අද විතරයි. :D
2
  පේනවා නේද මල්ල ඇතුලේ තියන බඩු ගොඩ? මේ මල්ලේ නියම විදිහට නම් සුදු, කොළ, රතු, යන පාටවලින් කෑලි 3 බැගින් තියෙන්න ඕනේ. මෙතන කෑලි තුනක් අඩුවෙන් තියෙන්නේ ඒවා පාවිච්චි කරලා නිසයි. මොකටද එහෙම පාට තුනක්? අපිට පුළුවන් කලින් සම්මතයක් ඇතිකරගන්න සුදු පාට එකක් ගැහුවොත් ඒකෙ තේරුම මේකයි, රතුපාටනම් මේකයි, කොළපාට නම මේකයි කියලා. එළියට අරගෙන බලමු මොනවද මේවායින් කරන්න පුළුවන් කියලා.
3
ෆ්ලෙයාර් එකක් කියන්නේ පුංචි ගිනි බෝලයක් අහසට යවන්න පුළුවන් පතරොමක් වගේ එකක්.
ෂූටර් කියන්නේ ඒ ෆ්ලෙයාර් එක පත්තු කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා උපකරණය.
4
  ඉතින් මේක මොකටද පාවිච්චි කරන්නේ? අර මම කලින් කිව්වා වගේ, අනතුරක් ආපදාවක් ඇඟවීමට තමයි පාවිච්චි කරන්නේ. හිතන්නකෝ ඔයා කැලේ අතරමං වුනා කියලා. ඔයා ළඟ ජී.පී.එස්. උපකරණයක් නැහැ, හරියටම තැන කියන්න. ඔයා දුරකථන/ගුවන්විදුලි පණිවිඩයක් දුන්නා කියලා හිතන්න, මම අතරමං වුනා කියලා. ඔයා බේරගන්න එන පිරිස කියනවා ආපහු ඔයාට, හරි, අපි දැන් ඔයා කියපු පැත්තට ලං වෙලා ඉන්නේ, ඔයා ඉන්න තැන පෙන්නන්න ෆ්ලෙයාර් එකක් ගහන්න කියලා. ඔන්න දැන් තමයි වෙලාව මේ උපකරණයෙන් වැඩ ගන්න.
5
  ෆ්ලෙයාර් එකක් දවල් වුනත් රෑ වුනත් අහසට විදින්න පුළුවන්. මහ දවල් වුනත් මෙයින් පිටවෙන ආලෝක ගුලිය (පුංජය) කි.මී. 2 ක් විතර ඈතට පෙනෙනවා. රෑටනම් කි.මී. 10 ක් විතර ඈතට පෙනෙනවා. (මීදුම, වර්ෂාව, වලාකුළු, ගස්කොලන්, කඳු, වැනි බාධක නැත්නම්) ෆොස්පරස් වැනි වෙඩි බෙහෙත් වර්ගයක් තමයි පත්තුවෙන්නේ. අඩි 150 ක් පමණ ඉහළට යන මේ ආලෝක ගුලිය, කාලගුණ තත්වය අනුව, තත්පර 4 ත් 12 ත් අතර කාලයක් දැල්වී පවතිනවා. උපරිම කාලය දැල්වෙන්නේ, සුළං රහිත වියලි කාලගුණයක් තිබුණොත්. මමතුමා නම් මෙව්වා පාවිච්චි කරලා තියෙන්නේ, පුහුණුවේදී පමණයි. යුද්දෙදි මේවා පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. හමුදාවේ එළිමහන් රාත්‍රී සාද වලදී ජොලියට නම් ගහලා තියනවා.  හැබැයි මතකතියාගන්න, ෆ්ලෙයාර් එකට බාධාවන ගොඩනැගිලි, ගස්වල අතු, විදුලි කම්බි, වැනි මොකුත් නැති තැනක ඉඳලයි විදින්න ඕනේ. නැත්නම් ඈතට පෙනෙන්නේ නැහැනේ. ඒ වගේම ඔබ ඉන්න තැන වටේ තියන ගොඩනැගිලි, ගස්, කඳු වැනි බාධක ආසන්නයේම තියනවානම්, ඔබට සිදුවෙනවා ඉන්න තැන වෙනස් කරන්න හෝ ඒ උස් ගොඩනැගිල්ලකට/ගහකට/කන්දකට නගින්න. 
6
  ඉතිං ඔය ෆ්ලෙයාර් එක පත්තු වෙන්නේ කොහොමද? ගිනි බෝලය ඉහළට යන්නේ කොහොමද? මේකයි වෙන්නේ. සාමාන්‍ය පතරොමක වගේ, (මේ, ඔන්න ඉතිං දැන් අහන්න එපා පතරොම් ගැන. එව්වා මතක නැතිකරාද? මතක නැතිනම් ආයෙත් ගිහිං බලලා එනවා හොඳයි) මේ ෆ්ලෙයාර් එකෙත් කැප් එකක් තියනවා. ෂූටර් එකේ තියනවා ඒ කැප් එකට වදින ෆයරිං පින් එකක්. එය වැදීමෙන් කැප් එක පත්තුවෙලා දෙන ගිනි බලයෙන්, ෆ්ලෙයාර් එක ඇතුලේ තියන වෙඩිබෙහෙත් ගිනිගන්නවා. ඉන් අධික පීඩනයක් ඇතිකරනවා. අර පාට වෙඩිල්ලත් ගිනි ඇවිලෙනවා. අධික පීඩනය නිසා, ගිනි බෝලය, ෆ්ලෙයාර් එකේ උඩ පැත්තේ තියන, ඉතා තුනී ඇලුමිනියම් ආවරණය කඩාගෙන, අහසට පනිනවා.
10
7
8
9
  ඉතිං මේ විස්තරෙන් කිව්වේ මේක පත්තු කොරන හැටි විතරයිනේ. අපිට ඕනේ ඒක නෙවෙයි. කොහොමද මේකෙන් පිස්තෝලයක් හදන්නේ කියන එක. හරි හරි ළමයා. ඉස්සරවෙලා මේ උපකරණයේ කතන්දරේ නොකියා, එක සැරේම කිව්වනම්, ෆ්ලෙයාර්ස් ෂූටර් එකක් ගන්න. ඒක වැඩි දියුණු කරන්න. ඊට පස්සේ පතරොමක් දාලා වෙඩිතියන්න කියලා, ඔයාට තේරෙනවද? නැහැනේ. ඉතින් දැන් අහගන්න පෑන් පිස්තෝලය හදන හැටි. දැන් මේ උපකරණය හොඳින් නිරීක්ෂණය කරන්න. මේ උපකරණයේ තියනවා;
  • 1. පිස්තෝලයක බැරල් එක හෙවත් බටය හා සමාන බටයක්.
  • 2. පිස්තෝලයක හෝ තුවක්කුවක මෙන් පතරොමක් පත්තු කිරීම සඳහා අවශ්‍ය පීඩනය දෙන ෆයරිං පින් එකක්.
  • 3. එම ෆයරිං පින් එක සමග ඈඳුණු ට්‍රිගර් (කොකා) යාන්ත්‍රණයක්.
  ඉතිං හත් ඉලව්වේ මේකට පතරොමක් ඔබාගන්න ක්‍රමයක් හදාගත්තනම්, දෙන්ඩ පුළුවන්නේ අහවල් එක ටෝං ගාලා කුඩුවෙන්ඩ. හා……..ඔන්න දැන් තේරෙනවද රඟේ? ඒ නිසා තමයි මේ උපකරණය බොහොම භයානක වෙන්නේ. වැරදි පුද්ගලයකුගේ අතට ගියොත්.
452514_sub2
  පතරොම ඇතුළු කිරීම සඳහා යාන්ත්‍රණය සකස් කරන්නේ කොහොමද කියන එක නම් කියන්න බැහැ. නුවණැත්තෝ සිතත්වා. මම එහෙම කියන්නේ මේ උපකරණ සමහර හමුදා සාමාජිකයන් අතේ තවමත් තිබෙන නිසා. මොකද මෙය තුවක්කුවක් මෙන් ආපසු බාරදියයුතු ගිනි අවියක් නෙවෙයි. ෆ්ලෙයාර්ස් ඉවරනම් ෂූටර් එක විසි කරලා, අළුත් කිට් එකක් ගබඩාවෙන් ලබාගන්නවා. ඒ නිසා මෙව්වා රටපුරා සෑහෙන්න තිබෙන්න පුළුවන්. නිකං මොකටද පනින රිලවුන්ට ඉනිමං බඳින්නේ? මෙය පිස්තෝලයක් බවට පරිවර්තනය කරගැනීමෙන් පසු, මිලිමීටර් 9 පිස්තෝල පතරොමක් යෙදිය හැකි ආකාරයට සැකසිය හැකි අතර, අති දක්ෂ වෙඩික්කරුවකුට මීටර් 4 – 5 අතර දුරක සිට, පුද්ගලයකු ඝාතනය කරන්න පුළුවන්. මීටර් 2 ක් ලඟට එන්න පුළුවන්නම් පහසුවෙන් ඉලක්කය ගත හැකියි.
 මීට පෙර මා ඔබ සමග ලිපි ගණනාවකින් සාකච්ඡා කර තිබෙනවා විවිධාකාරයේ තුවක්කු ගැන.  ඒ සෑම තුවක්කුවකටම අදාළ ගතිලක්ෂණ (characteristics) මා  ඔබට එහිදී පෙන්වාදී තිබෙනවා. නමුත් මෙය, ලෝකයේ කොහෙවත් සම්මත ගිනි අවියක් නොවන නිසා, මෙයට අදාළ ගතිලක්ෂණ දැක්විය නොහැකියි. මේ ආකාරයට සැකසු අවියක්, මමත් දැක තිබෙන්නේ එකම එක වරක් පමණයි. ඒ, පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අවියක්. එය නිරීක්‍ෂණය කිරීමෙන් තමා, මෙය සාදා ඇති ආකාරය මමත් දැනගත්තේ.
  මේ අවියේ ඇති වාසි අවාසි මොනවාද?
  වාසි:-
  • පහසුවෙන් සඟවාගෙන යන්න පුළුවන්.
  • අතේ තියාගෙන සිටිද්දීත්, නොදන්නා කෙනෙකු හිතන්නේ පෑනක් කියලා.
  • ක්‍ෂණිකව අතට ගෙන වෙඩි තැබිය හැකියි.
  • ශබ්දය අවමයි. ඒ නිසා ගොඩනැගිල්ලක් තුළදී වුණත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. සයිලන්සරයක් සවිකළ හැකිනම් වඩාත් භයානකයි.
  • නාගරික පරිසරයක ශබ්දය (වාහන, සංගීතය, වෙනත් එවැනි දෛනික හඬ) වැඩි නිසා මේ අවිය ඒ හඬ තුළ නොඇසීයන්න පුළුවන්වීම වාසියක්.
අවාසි:-
  • වරකට එක පතරොමයි දාන්න පුළුවන්. ඒ නිසා සෑමවිටම පළමුවැනි පතරොමෙන්ම ඉලක්කය සපුරාගත යුතුයි. දෙවැනි පතරොමක් පාවිච්චි කරන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්.
  • අමතර පතරොම් ගෙනයාම අනතුරුදායකයි. මේ උපකරණය පෑනක් වගේ පෙනෙන්න සාක්කුවේ ගහගෙන යන්න පුළුවන්. මගදී පරීක්ෂා කිරීම් වලදී පවා අවධානයට ලක්වෙනවා අඩුයි. නමුත් තමන් සන්තකයේ පතරොම් තිබිලා අහුවුනොත් ඉවරයි නේද?
  • කල්පැවතීම ගැන සහතික වන්නට බැහැ. මේ උපකරණය සාදා තිබෙන්නේ කෙටි කලක් පාවිච්චි කර ඉවත දැමීම සඳහායි. ඒ වගේම මෙය ඉක්මනින් මළකඩ කනවා.
  • මෙයට කොහෙවත් අමතර කොටස් නැහැ. ඒ නිසා අලුත්වැඩියා කරන්න බැහැ.
  ඔන්න ඉතින් තවත් තුවක්කු කතාවක් අපි මේ විදිහට අවසන් කරනවා. මා ඔබට මේවා කියාදෙන්නේ එදිනෙදා දැනුම දියුණු කරගන්නට මිසක්, මේවා අත්හදා බලන්නට නොවන බව අවධාරණය කරනවා.
  ‘අසමි දකිමි සොයමි’ දිය සළකුණ සහිත ඡායාරූප හැර, අනෙකුත් සියලුම ඡායාරූප සහ තොරතුරු ලබාගත්තේ, පහත දැක්වෙන මූලාශ්‍ර වලින්.
මූලාශ්‍ර;
my-signature-for-blog[1]
2013 දෙසැම්බර් මස 20 වැනි දින 0859 පැය

56 comments :

  1. අම්මෝ............පුදුමත් හිතුණා මේක කියවලා..
    මෙව්වා බලන්ට ඉතිං මෙහෙටම එන්ට එපායැ

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ. බලමුකෝ තව ඉස්සරහට මේවගේ තවත් දේවල් ලියන්ඩ.

      Delete
  2. බොහොත් බොහොත් ප්යාර් කර්තාහු ත්තා. නියමයි. අර කිට් එක හොයාගෙන හදාගන්නවට වඩා සුදුසු ගනකම් ඇති බට කෑල්ලක් හොයාගෙන කරන්න පුළුවන්. ග්‍රිල් එකක් යකඩ කපන කියතක් විතරයි ඕන කරන්නේ. නැත්නම් අපි දන්නවයි මොකෝ වෑල්ඩින් වැඩ. මේ ලිපියටනම් ගොඩක් තුති. දැන් මම කියන්නම් ඔයාට මීට වඩා ඉක්මනින්, ලේසියෙන් පෑන් පිස්තෝලයක් හදන හැටි. හදන හැටි කිව්වට, අවශ්‍ය උපකරණ ටික විතරක් කියන්නම්. හදන හැටි නම් රහසක්. එත් හිතුවොත් හදා ගන්න පුළුවන්. එකට ඕන කරන්නේ බෝල් පොයින්ට් පෑනකුයි, පිස්තෝලයකුයි, රබර් පටියකුයි.

    ReplyDelete
    Replies
    1. අනේ දිලීප මහත්තයො පුලුවන්නම් අපිට කියල දෙනවද ඒ කොහොමද කියල...ගොඩක් වටිනවා.

      Delete
    2. මම හිතන්නේ ඔබ තමයි පලමුවනියා, එකම කමෙන්ට් එක මගේ අඩවි දෙකේම දමපු. බොහොම ස්තුතියි ඒ ගැන. මේ විදිහට පිස්තෝල හැදුවට මොකද, වෙඩිල්ල පිටවුනාම ක්ෂණිකව මාර්ගය වෙනස්වී ඇදට යන්න ගන්නවා. එය විශේෂයෙන් නිවැරදි කලයුතුයි. බෝල් පොයින්ට් පෑන් පිස්තොලේ ගැන විස්තර මෙතන නොදැම්මේ ලිපිය දිග වැඩිවන නිසා.

      Delete
    3. ඔන්න දිලීප නියම වැඩේ. දාමුද ටියුෂන් පන්තියක්? පෑන් පිස්තෝල පන්තිය කියලා.

      Delete
    4. ඔව් පුළුවන්. එත් කව්ද පන්තියේ කාඩ් මාක් කරන්නේ? ;)

      Delete
  3. අපේ එවුවන්ට ඕකක් අහු උනොත් ෆ්ලෙයා ගැහිල්ල කොහොම වෙතත් එකෙක් දෙන්නෙක් බාවල තමයි නවතින්නෙ.

    'යුද්දෙදි මේවා පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.'
    ඒ කියන්නෙ ෆ්ලෙයාර් එකක් ගහල මම මෙතනයි ඉන්නෙ කියල LTTE එකට කියන්න විචාරක තුමාට අවස්ථාවක් ලැබිල නෑ. :D

    ReplyDelete
    Replies
    1. බාවන්න ගිය එවුන් සෑහෙන ගණනක් අන්න කූඩුවේ කූරු ගනිනවා.

      හැබැයි එල්.ටී.ටී.ඊ. උන් දැනගත්තනම් මම ඉන්නේ කියලා පස්ස නොබලා දුවනවා. මොකද මගේ සුවඳට උන් බයයි.

      Delete
  4. අපේ පැත්තෙ අයියා කෙනෙකුත් හදලා තිබුනා මේ වගේ පොඩි අයිටම් එකක් බෙල්ලෙ සුරයක් වගේ එල්ලන් යන්න පුලුවන් එකක්.ඒකයි තව මිනිහ හදපු අයිටම් වගේකුයි අහුවෙලා පොර තාම ඇතුලෙ

    ReplyDelete
    Replies
    1. මේවා කොහොම හංගාගෙන ඉන්න හැදුවත් එලියට එනවා. නීතිවිරෝධී දේවල් කලාම ප්‍රතිවිපාක ලැබෙනවා. ඒ නිසා මේ දැනුමෙන් පමණක් සතුටු වුනාම ඇති.

      Delete
  5. වැදගත් ලිපියක්..දැන් ඉතින් ගම්වල ඉන්න කොල්ලෝ කුරුට්ටො උණ බට තුවක්කු හදන එක නවත්තල පෑන් තුවක්කු හදන්න පටන් ගනීද දන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. කාලයේ තාලයට හැඩගැසෙනනවා කියන්නේ ඒකට තමා.

      Delete
  6. ඔන්ලි ෆෝ ඇකඩෙමික් පර්පස් කියල තියා ගන්න බරිද

    ReplyDelete
    Replies
    1. ෂූටර් එකක් නම් තියාගන්න පුළුවන්. නමුත් පෑන් පිස්තෝලයක් නම් තියාගන්න බැහැ.

      Delete
  7. මේ ගැන අහලා තිබ්බට, සවිස්තරව විස්තර දැන ගත්තේ අදයි. මනස උසස් වූවන් තම වර්ගයාව විනාශ කරන්න තම උසස් මනස යොදාගන්න එක කවදා නතර වෙයිද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. වෙඩි තියපන් කියන්න, වෙඩි තියනහැටි උගන්වන්න, ඕනෙතරම් අය ඉන්නවා. වෙඩි තැබීම් වළක්වාගන්න අය තමයි හිග.

      Delete
  8. මං ආසම ජාතියේ ලිපියක් ...ස්තුති ඔබ තුමාට මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරනවට ..මං ආස නැහැ වෙඩි තියලා මරන්න,, වද දීලා මරන්න ආස

    ReplyDelete
    Replies
    1. අම්මෝ......ඔමායා, වද දීලාවත්, වෙඩි තියලවත්, කවදාවත් කාවවත් මරන්න හිතන්න එපා. ඔබේ සතුරා කවදාහරි ඔහුගේ ඉරණමට මුහුණ දෙනවා. හිතෙන් ශක්තිමත් වෙනවා කියන්නේ වෛර කරනවා කියන එක නෙවෙයි. තමන්ගේ මානසික ස්ථාවරභාවය වැඩිදියුණු කරගැනීමයි. සමාව දෙන්න බැරිනම් අමතක කරන්න, මගහරින්න, ඈත්වෙන්න, තමන්ගේ සිත සැහැල්ලු කරගන්න. එදාට ඔයාට මේ සල්ලි, වස්තුව, තනතුරු, ඔක්කොම එපාවෙනවා.

      ඔයා මගේ දරුවෙක් වගේ නිසා තව එක අවවාදයක් දෙනවා. මේ අවවාදය දෙන්නේ පළමුවැනි සහ අන්තිම වතාවට. ඉතා කල්පනාකාරීව තෝරාබේරාගෙන, ඉදිරි අවුරුදු කීපය ඇතුලත හැකිනම් විවාහවෙන්න බලන්න. එයින් ඔබට මුලින්ම ලැබෙන්නේ ආරක්ෂාවයි. දෙවනුව ස්ථාවරත්වයයි. තුන්වනුව පවුල් ජීවිතයයි.

      Delete
    2. හි හි වද දීලා කියන එකෙන් අදහස් කලේ කායිකව නෙමේ .. මගේ ක්‍රමය නම් මට වෛර කරන්නාට ඕනෙවට වඩා ප්‍රේම කිරීමයි ,,,

      ඔබ යමෙකුට වෛර කරනවා යනු ඔබ වස පානය කර ඔබේ සතුරා මිය යනතුරු බලාසිටිකි කියලා බුදු සාදු කියලා තියෙනවා ,, ඒ නිසා මං කාටවත් වෛර කරන්නේ නැහැ

      Delete
    3. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඔයා ජීවිතය තේරුම් අරන් තියනවා. මට හරි සතුටුයි.

      Delete
    4. අයියෝ විචාරක මහත්තයා මෙයා ඉන්නේ ඇපිට වඩා ගව් ගානක් ඉස්සරහින්

      වැද්දන්ගෙන් බණ අහල ඉරහද උලා කාල ජේතවනාරාමෙට ගල් ගහලා ඇවිත් ඉන්නේ

      Delete
    5. ඔමායා මොකද කියන්නේ. මට එව්වොත් හොඳ ඊශ්‍රායල් පිස්තෝලයක් මම ඉතුරු හරිය බලාගන්නම්.

      Delete
    6. මං වාගේ ගෙම්බෙක් මරන්ඩ මොකටද බං පිස්තෝල

      Delete
    7. ඇක්චුවලි මං ජේතවනාරාමෙට ගල් ගහලා නැහැ පන්සලේ දෙබර කුඩේට ගල්ගහලා පන්සල් වත්තේ තැඹිලි ගස්වලින් ගෙඩි කඩලා නායක හාමුදුරුවන්ගෙන් සල්ලි මාටියා ගහලා තියෙනවා /// හි හි පිස්තෝලයක් නම් තියෙනවා දැනුත් අපේ ගෙදර

      Delete
    8. අටමෝ මදි නේද මෙකි කරලා තියන දේවල්.

      ඊළඟ සැරේ ලංකාවට එනකොට අර පිස්තොලේ නොවරදවාම අරං එන්න. ඔමායා බබා

      Delete
  9. මවුන්ට්බැට්න් සාමිවරයා සතුව රන් ආලේපිත පෑන් පිස්තෝලයක් තිබිලා තියෙනවා. ජෝද්පූර් වල මහරාජා තමයි මේක ඔහුට තෑගි කරලා තියෙන්නේ. අකමැත්තෙන් ලිපියකට හෝ ගිවිසුමකට අත්සන් කරන්න වුනොත් මේ පෑනෙන් වැඩගන්න පුළුවන්.මේ ලිපිය කියවා බලන්න. ඔබ කැමති වෙයි. ඔබ පෝස්ට් එකක් දාන්න වෙන මහන්සිය ඉහලින්ම අගය කරන්න ඕන.
    http://www.dailymail.co.uk/news/article-2264027/Gun-disguised-gold-plated-pen-gifted-Lord-Mountbatten-goes-hammer.html

    ReplyDelete
    Replies
    1. ඔය සම්පූර්ණ ලිපියම මම කියෙව්වා, එහි තිබෙන පින්තූරත් කොපිකරගත්තා, මේ ලිපිය ලියන්න කලින්. තවත් පැරණි ලිපි ගොඩක් හොයාගත්තා මෙවැනිම පෑන් පිස්තෝල කතා කතා ඇතුලත්. නමුත් ඒ ඔක්කොම ලියන්න ගියානම් ලිපිය කොටස් දෙකකටවත් ගෙනියන්න වෙනවා. නමුත් මට අවශ්‍යවුනේ එක ලිපියකින් අවසන් කරන්න. ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ ගැන දැක්වූ උනන්දුවට.

      Delete
  10. මගේ කොමෙන්ට් එක නැහැ ස්පෑම් එකේ බලන්න

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා තිබුනේ නැහැ. ඊශ්‍රායලයේ සිට මෙහාට එන්න ආරක්ෂක කපොලු ගොඩක් ඇති. ඔයා දන්නවද ලෝකයේ දියුණුම යුද තාක්ෂණයක් තියනවා ඊශ්‍රායලයට. මම එහෙම ඔහේ හිටියනම් එකසිය ගානට ඒවා ලියන්න තිබුණා.

      Delete
    2. ඔව් මං දන්නවා ටිකක් ,, එයාලගේ ශ්‍රම බලකාය සහ යුද්ධය සදහා සුදුසු පිරිස ඉතාම සුළු පිරිසක් වුනාට එයාලා ලග රහස් තාක්ෂණයක් තියෙනවා ,,ඊයේ පෙරේදා යුධ ටැංකි පුහුණුවීම් වලදී 4 දෙනෙක් අසාධ්‍යයි කීවා ඊට පස්සේ දෙන්නෙක් මැරුණා. ඒ වගේම බෙන්ගුරියන් ගුවන්තොටුපලේ වෙනමම අංගනයක් තියෙනවා නියමුවන් රහිත බ්‍රුනෝ යානා සදහාම .. හැමදේම ඉතාම රහසිගතයි

      Delete
    3. ඊශ්‍රායල් සමාජය ගැන තොරතුරු ලැබෙනවානම් ලිපියක් දෙකක් ලියන්න. බොහොම රසවත් දේවල් ඇති. ඔවුන්ගේ සමාජය, ආගම, දර්ශනය, පෞද්ගලික නිදහස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහන කටයුතු, අදායම සහ වෙළඳපොල, ඔයවගේ මාතෘකා ගොඩක් හොයාගන්න පුළුවන් ටිකක් උත්සාහ කලාම.

      Delete
    4. http://omageheena.blogspot.co.il/search/label/%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA

      මේ ලින්ක් එකේ තියෙනවා මං ලියපු ලිපි , මගේ බ්ලොග් එකේ තියෙනවා වෙනම ටැබ් එකක ඉශ්රායෙල් සංස්කෘතිය කියලා මං ලියපු ලිපි කීපයක් ඔවුන්ගේ අවුරුද්ද සහ විශේෂ දින පිලිබදව ,, වෙලාවක් තියේනම් කියවන්න ඔයාට යමක් ලැබේවි

      Delete
    5. හොඳයි මම වෙලාවක බලන්නම්.

      Delete
    6. මා ඉතා ආදරයෙන් කියන්න කැමතියි ඊශ්‍රයලයේ ඉන්න ළමයට කරුණාකරලා එහේ ඉදන් එයාලගේ යුද සහ බුද්ධි තොරතුරු කොමන්ට් කරන එක නවත්වන්න. තාක්ෂණික පෙරහන් තියෙනවා මොනිටර් කරන

      Delete
  11. මම වාසනාවන්තද අවාසනාවන්තද මන්දා
    අර 495කට මිල නියම කරලා තියන විදිහේ එකක් මම අතට අරන් බලලා තියනවා. ගෝල්ඩ් පාට එකක් . ඇත්තටම පෑනක් වාගේ , බුලක් එක ඇතුල් කරන්නෙ කමිස සාක්කුවට රදවන්න තියන කොක්කක් වාගේ කොටස තියන උඩ පැත්තෙන් , රියල් බුලට් හතරක් පොර ගාව තිබ්බා . ඒකේ අයිතිකාරයා දැනට මිය පරලොව ගිය , ගීත ලොව පතාක යෝදයෙකුගේ බෑනනුවෙක්

    ReplyDelete
    Replies
    1. ඒක නොගත්ත එක වාසනාව. නැත්නම් උඹවගේ ගිනිපුක් කාරයෙක් ඕක අරගෙන අන්තිමට කරගන්නදේ මම කියන්න අවශ්‍ය නැහැනේ.

      Delete
    2. හූ ඈ අටමෝ

      Delete
    3. ඔන්න මම කියලා එහම නෙවෙයි ඔය හූ කිව්වේ.

      Delete
    4. නාකි පප්පලයි හුජ්ජකල්ලොයි හු කියුවට අපි සැලෙයි , අපිනං ගනි ඔය මලකඩ කාපු කුන්ඩවාලි , ‍පලාතක් -මනිලායන්ඩ gs පතුරමක් දාන්ඩ පලුවන් එකක් මට හදත හැකි පැයකින් දෙකකිං

      Delete
    5. ඔමායා මොකද කියානේ. දෙමුද මූට ගේමක්.

      Delete
  12. You must have medals given for bravery. Why don't you right about them. Not about the medals but that actions that led to you receiving them. If not you (since you want to keep your identity a secret) maybe someone who was under you that you know of. It would be a first hand account unlike what so called "defence journalist" write.

    ReplyDelete
    Replies
    1. Well Sir, I really appreciate your idea and looking forward to proceed with some accounts in my mind. only thing is I must get the consent of those persons I am referring with. Thank you for your contribution.

      Delete
  13. මෙහෙම ආයුදයක් ගැන සැරින් සැරේ එහෙන් මෙහෙන් අහලා තිබුනා. මේක හරිම භයානකයිනෙ..

    ආයුදේ ගැන කිව්වට ඒක හදන විධි ගැන කියන එකනම් සදාචාර සම්පන්න නෑ කියලා මට හිතෙනවා විචාරක මහත්තයෝ. අපිට මේ තියන පුරස්න හොඳටම ඇති. අනිත් එක මේක ඔබ තුමාට පුරස්නයක් වෙන්නත් පුලුවන්... ඒ ගැනත් ටිකක් හිතන්න.

    ReplyDelete
    Replies
    1. තවමත් මෙව්වා ලෝකය පුරාම කරක්නවා. අපේ රටෙත් සෑහෙන ගණනක් ඇති.

      මේ ආයුදේ ඉතාම ලස්සනට හදන හැටි, අඩුපාඩු සකස් කර ඉලක්කය නිවැරදි කරගන්න හැටි, අන්තර්ජාලයේ ඉතා පැහැදිලිව තියනවා සෙන්නා. මම ඒවා නොදැම්මේ ලිපිය දික්ගැහෙන නිසා. අර පින්තූර මම ගත්තේ මා ළඟ තියන එකකින් නෙවෙයි.

      Delete
  14. ඔය වගේ ගැජට් බැජට් පාවිච්චි කරන්නේ ජේමිස් බණ්ඩලා :-)
    විචාරක අහලා තියෙනවද කාලෙකට ඉස්සර ලන්ඩන් නගරයේදි උග්‍ර විස පෙලට් එකක් කුඩ ගන් එකකින් ෆයර් කරලා ජෝර්ජි මාර්කොව් කියන ප්‍රසිද්ධ බල්ගේරියන් රේඩියෝ ජර්නලිස්ට් කෙනෙක් කේජීබී එකෙන් කපුට් කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ජේම්ස් බොන්ඩ් ට ගැජට් හදන කම්හලේ මෙව්වා හැදුවද දන්නේ නැහැ. ඔය 'කුඩමිටි පිහියේ' කතාව මම කියවලා තියනවා. මෙතනට නොදැම්මේ දිග වැඩිවෙන නිසා.

      Delete
  15. තුන් සැරයක්ම කියවන්න අරන් අත හැරලා දැන් තමයි මුල ඉදල කියවල ඉවර කලේ.
    මෙවැනි සවිස්තාත්මක ව ඔබතුමා ලියපු ලිපියක් උඩින් පල්ලෙන් කියවීම මහා අපරාදයක්.
    ඉතාමත් පැහැදිලිව ලියා අපව දැනුවත් කිරීම ගැන අදත් විචාරක තුමාට මගේ ප්‍රණාමය...!
    අර චුච්චන් කොල්ල චු කරන එක මරු... :) .

    ReplyDelete
    Replies
    1. හෙමින් කියවපු එක හොඳයි මේ වගේ තාක්ෂණික කරුණු සහිත ලිපි හදිස්සියෙන් කියවන්න බැහැ.

      කෙන්ජි, ඔයාට ලියන්න බැරිද 'යකුසා' ලා ගේ වැඩ කිඩ ගැන ලිපියක්.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. මගේ ගෝලයා ජපානේ අවුරුදු පහක් කරක් ගහල ඇවිත් කියන්නේ යකුසෝ කියන්නේ එහෙව් ලොකු එවුන් නෙවෙයි ය අපේ අයියලා උන්ටත් ගුටි දෙන්නේය කියල.. ඇත්තද ඒ ??

      Delete
  16. අප්පා බයත් හිතෙනවා..!තාක්ෂණික කාරනා පැහැදිලි කිරීම නම් උපරිමයි..!

    ReplyDelete
    Replies
    1. මිනිසා ගුණධර්ම අතින් ඉහළ පහළ යන ආකාරය අනුව තමයි සියල්ල සිදුවන්නේ.

      Delete
  17. අනේ මන්දා විචාරක මහත්තයෝ.. මේ වැඩෙන් ලංකාවේ එවුන් පෑන් පිස්තෝල කොරයිද?

    ReplyDelete
  18. හුඟ දෙනෙක් ඔය පෑන් පිස්තෝල නිකං ජොලියට සහ ත්‍රිල් එකට තමයි ළඟ තියාගන්නේ. ඒ නිසා මම හිතන්නේ නෑ ලොකු තර්ජනයක් ඇතිවෙයි කියලා.

    ReplyDelete
  19. මරු මරු උත්සාහ කරලා බලන්ට ඕනා.....

    ReplyDelete
    Replies
    1. උත්සාහ කරලා බලලා පොලිස් කූඩුවේ ඉන්නකොට අපිටත් කියන්ඩ ඈ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }