හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 May 2014

සතුරා සමග සෙනෙහසින් - Stockholm Syndrome

   මේ කතාව කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මා කියන්නට උත්සාහ කරනදේ ඔබ වටහාගනු ඇතැයි කියා මා තුළ දැඩි විශ්වාසයක් තියනවා. සමහරු කියනවා මම මානසික වශයෙන් පීඩනයට පත්වෙලා ඉන්නවා කියලා. දොස්තරවරු කියනවලු ඒ තත්වයට කියන්නේ Stockholm Syndrome කියලා. මට ඒ මොකවත් තෙරුම්ගන්නවත්, පිළිගන්නවත් අවශ්‍ය නැහැ. මට වැදගත් මගේ කතාවයි. මම ඒ කතාව කියනකම් ඔබ අහගෙන ඉන්නවා නේද? ඔබ මාව තේරුම් ගත්තොත් මට ඒ ඇති.

   ඔබට පුලුවන්ද ඔබේ සතුරා සමග ස්නේහයෙන් බැඳෙන්න? ඔහු ඔබට දරුණු ලෙස සලකද්දීත්, ඔහුට වචනයකින්වත් විරුද්ධ නොවී ඉන්න? ඔහු කවුදැයි කියා තවමත් හරිහැටි නොදැන, ඔහු සමග හැමදාම ඉන්නට වුනත් කැමතියි කියන්න? ..........මම එහෙම කළා.........

   කතාව ඉවරවුනාම ඔබ කියයි මට පිස්සු කියලා. ඔව් මම දන්නවා මට පිස්සු. හැබැයි මට පිස්සු හැදෙව්වේ මගේම මාමා. මගේ සුන්දර ළමා ලෝකය විනාශ කරලා, ඔහුගේ සිතැඟි පරිදි, මාව මල් කැකුළක්, බෝනික්කියක්, වගේ කියා රවටා, මා විනාශ කලේ ඔහු. ඔහුගෙන් ලැබුනේ වැඩිහිටියකුගෙන් බලාපොරොත්තුවෙන රැකවරණය නෙවෙයි. විනාශය, වේදනාව, බලාපොරොත්තු සුන්වීම, කලකිරීම. මගේ අම්මා? ඔව් අම්මා.......එදා මම ඒ ඔක්කොම අම්මට කිව්වම, අම්මා කිව්වේ, කාටවත් කියන්න එපා කියන එක විතරයි. ඇයි අම්මේ එහෙම කළේ?..........ඇයි?....ඇයි?

  මගේ නම 'වීරා ත්‍රිපාටි'. මගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහුට බොහොම බලගතු දේශපාලනඥයන් සහ ලොකු ලොක්කන් සමග සමීප සබඳතා තියනවා. 'විනේ' කියන්නේ මගේ අනාගත සැමියා. අපේ විවාහය තීන්දුයි. මම හරිම කැමතියි ත්‍රාසය මුසු නිදහසට. මම විනේට පෙරැත්ත කළා හයිවේ එක දිගේ රාත්‍රියේ කාර් එකෙන් ටිකක් දුර යමු කියලා. ඔහු මුලදී අකමැති වුනත් මගේ දැඩි ඉල්ලීම නිසා එකඟ වුණා. 

21

  නමුත් අපි දෙන්නම නොසිතූ ඉරණමකට ගොදුරුවෙන්න සිදුවුනා අපිට. කාරෙකට ඉන්ධන ලබාගන්න ගිය වෙලාවේදී එක්තරා පිරිසක් විසින් මාව පැහැරගනු ලැබුවා. ඔවුන් කවුද මට මොනවා වෙයිද කියන එක මට හිතාගන්නවත් බැරිවුණා.

22


3


7

   එතැන් සිට මට අත්වුණේ මහා පුදුම ඉරණමක්. මාව පැහැරගත් පිරිස දෙකඩ වුණා. එයට හේතුව මගේ පියා බලගතු පුද්ගලයකු කියා දැනගත් පසු, තමන් අමාරුවේ වැටෙයි කියා හිතපු පිරිසක් වෙන්වී යාම නිසයි. නමුත් මා පැහැරගත් 'මහබීර් භාති' නමැති පුද්ගලයා මා රැගෙන රට පුරාම නොනවතින ගමනක යෙදෙන්න පටන්ගත්තා. එක තැන රැඳුනොත් මා සොයාගනියි කියන බයටයි ඔහු එහෙම කළේ. මෙන්න මේ ලොරියෙන් තමයි මාව අරගෙන ගියේ.

4

   මුලදී මේ ගමන මට විශාල කරදරයක්, හිරිහැරයක්, වදයක්, ලෙසයි දැණුනේ. නමුත් මගේ හිතේ ඉස්සර ඉඳලා තිබුන නිදහස සහ ස්වාධීනත්වය කියන හැඟීම් ඉස්මතු වුණේ මෙන්න මේ වෙලාවෙදියි. මාමගේ අතවර නිසා මට අපේ ගෙදර පෙනුණේ අපායක්, ගිනිගොඩක්, හිරගෙයක්, වගේ. එදා විනේ එක්ක නිදහසේ රවුමක් යන්න හිතුනෙත් ඒ නිසයි. මට ඕනේ කිරිල්ලියක් වගේ නිදහසේ පියාඹන්න. ඉතින් දැන් හිරකාරියක් ලෙස වුනත්, මම යන්නේ එක්තරා නිදහස් ගමනක් කියලයි මට හිතුණේ. ඒ නිසා මාව පැහැරගත් මහබීර් ට මම කිව්වා, මම පැනලා යන්නේ නැහැ මට නිදහසේ ඉන්න දෙන්න කියලා. 

5

  මට වැටහුනා මහබීර් ටිකෙන් ටික මාව තේරුම් ගන්න බව. මෙතෙක් දවස් ලොරියේ පිටිපස්සේ හංගගෙන ගිය මට, ලොරියේ ඉදිරිපස අසුනේ ඉඳගෙන යන්න අවස්ථාව ලබුණේ, මම කරපු එක පුදුමාකාර වැඩක් නිසා. එක තැනකදී පොලීසියෙන් ලොරිය පරීක්ෂා කරද්දී, මම කාටවත් හොයන්න බැරිවෙන්න ලොරිය ඇතුළේ හැංගුනා. ඒ නිසා වෙන්න ඇති මහබීර් ටිකක් මට බුරුලක් දුන්නේ.  ඒ ගමන්ම මහබීර් සමග වචනයක් දෙකක් කතාකරන්න මට පුළුවන්කම ලැබුණා. මම උත්සාහ කළේ හැකිතරම් ඔහුගේ සිතට එබී බලන්නයි. නමුත් ඔහුගේ හිතේ තියෙන්න ඇත්තේ, මාව ඇපයට තියා කප්පම් ගන්න බවත්, හැකිනම් මාව ගණිකා මඩමකට විකුනන්න ඔහු නොපැකිලෙන බවත්, මම දැනහිටියා. ඒ ඔක්කොම එහෙම වුනත්, මට ඔහු සමග කිසියම් සුහදතාවක් ගොඩනගාගන්න ඕනෑවුණා.

13


9

   තමන් මහා දරුණු මිනීමරුවෙක් මංකොල්ල කාරයෙක් කියලා මහබීර් මට බොහොම දරදඬු විදිහට කියලා තිබුණා. නමුත් මට හිතුනා ඔහුට තවත් ටිකක් ළංවී බලන්න. මහබීර් කුඩා කාලයේදී ඔහුගේ මව කියාදුන් නැලවිලි ගීතයක් මට අල්ලාගන්න පුළුවන් වුණා. මම ඒ ගීතය ටිකෙන්ටික මුමුනද්දී ඔහු වෙනස්වුනා. හරියට නයි නලාවේ හඬින් දැපනේ වැටෙන නයකු වගේ.

14

   ඔහුගේ ගල් හිත මොලොක් කරන මන්තරේ මට අහුවීමේ ප්‍රඵලය වුණේ, ඔහු තුළ මා කෙරෙහි යම් සෙනෙහසක්, අනුකම්පාවක්, වැනි හැඟීමක් ඇතිවීමයි.

8


12

   නමුත් ඔහුට හිතෙන්න ඇති ඔහුගේ ප්‍රධාන අරමුණ මේ විදිහට මා එක්ක බැඳීමක් ඇතිකරගන්න එක නෙවෙයි කියලා. අනික් අතට මාව නිකම්ම අතහැරලා දාලා යාමෙන් මට අනතුරක් වෙයි කියන හැඟීමත් ඔහු තුළ තියෙන්න ඇති. ඒ නිසා ඔහු එක් දිනක් මාව රැගෙන පොලීසියක් ළඟට ගොස් මට කරුණාවෙනුත්, තදිනුත්, කිව්වා පොලීසියට භාරවෙන්න කියලා. නමුත් මට ඕනෑවුණේ මහබීර් එක්ක යන මේ කෙළවරක් නොදත් ගමනේ දිගටම යෙදීම මිසක් ආපහු ගෙදර යාම නෙවෙයි.

15


29

   අන්තිමේදී ඔහු තීරණයක් ගත්තා. ඔහු මාවත් රැගෙන ඉන්දියාවේ ඇති සුන්දරතම ප්‍රදේශයක් වන කාශ්මීරයට ගියා. ඒ ගමන මගේ ජීවිතයේ සුන්දරතම අත්දැකීමක් වුණා. ඔබ කවදාහරි බස් රථයක වහලය මත නැගී ගමන් කර තියනවද. සීතල හිම කඳු අතරින් ගිය ඒ ගමන මටනම් දැනුනේ දිව්‍ය ලෝකයට යනවා වගේ.

16


25


26


27

  කාශ්මීරයෙදී අපි එඬේර ගම්මානයක ජනතාව සමග මිතුරු වුණා. ඔවුන් අපිට නවාතැන් දුන්නා ඔවුන්ගේ නිවහනක. ජීවිතයේ පළමුවෙනි වතාවට, මම, අර පෙම්වතුන්ගේ සිහිනයක් වන, ලස්සන පලාතක ඈත කන්දක හදපු, පුංචි ගෙයක මගේ සිතගත් කෙනා එක්ක තනිවුනා. එදා ඔහුගේ සිත මුළුමනින්ම විවර වුණා. ඔහු කුඩා දරුවකු මෙන් හඬා වැලපුනා. ආදරය, සෙනෙහස, අනුකම්පාව, ප්‍රේමය, ආත්මාවබෝධය, වැනි සියලු සීමාවන් පසුකර යන්නට අපි දෙදෙනාට හැකිවුණේ ඒ සුන්දර පරිසරය තුළදීයි.

19


20

  ඒ පුංචි නිවහනේ ගතකල රාත්‍රියෙන් පසු මට දැනුනේ මගේ ජීවිතයේ සියල්ල සම්පූර්ණ වූ බවයි. පසුදා උදේ ඔහු ඒ පුංචි නිවහනට පහළින් ඇති මිටියාවතේ සිටියා. මා ඔහු දෙස බලාගෙන, කවදත් ටිකක් සැර මගේ කට පාවිච්චි කරමින් හිටියා. ඒ වෙලාවේ...............

23

  ඔව්, ඒ වේලාවෙන් පස්සේ මොකද වුණේ කියලා ඔබම බලනවානම් තමයි හොඳ.

Highway_Hindi_Film_Poster
my-signature-for-blog[1]     2014 මැයි මස 15 දින 2225 පැය

43 comments :

  1. ටිකක් වෙනස් කතා තේමාවක්.. බලන්නං විචාරක තුමා.

    ගොඩක් සැර පරුෂ/දාමරික /මැර ගති තියන මිනිස්සුන්ගෙ ඇතුලට එබිල බැලුවොත් බොහොම හොඳ/අවංක මිනිහෙකුත් ඉන්නවා..එහෙම අය එක්ක ගනුදෙනුව හරිම ලේසියි හරියට කරනවනං..හැබැයි අන්දන්න ගිහින් මාට්ටු උනොත් සඳ ගුටි :D

    (( මං කියන්නෙ මේ පිස්තෝල කට්ටක් ඉනේ ගහගත්තම අං ආපු එලොවටත් මෙලොදටත් නැති කේඬෑරි පං ගස් වාගෙ ඇමතියන්ගෙ අතකොලු වෙච්ච කුඩ්ඩො නෙමෙයි.. උං හොඳා පිස්තෝලෙ අයිං කරාම හිටවන්න පඹයන්ට හේන් වල...)) ඕ යේස් .!!

    ReplyDelete
    Replies
    1. ඔයා කියලා තියනවා වගේම මේක ටිකක් වෙනස් කතාවක් තමයි මල්ලි. ඒ නිසයි ඔක්කොමලා එක්ක බෙදාහදාගන්න හිතුවේ.

      Delete
    2. මේ පත්තර මල්ලිත් එහෙම තමයි විචාරක තුමණි ,, ලෝඩ් වගේ ටෝක්ස් දුන්නට අපි දැක්කම මේම නැමෙන්නේ මේම බයේ :)

      Delete
    3. මල්ලි මොකද කියන්නේ? සහයෝගෙන් දෙමුද රිටන් එකක්? උඹ ගහපන් මම දුවන්නම්.

      Delete
    4. බොරු කියන්නෙ මොකටද විචාරක සෑර් .. ඔය ගෑණු උදවිය එක්ක හැප්පිලා දිනන්ඩ ලේසි නෑ. අඬල හරි දිනනවා . ඕ යේස් !! අම්මපා..මං හැමදාම ඔය ටොපිය කන එකා නෙවැ .:D

      Delete
  2. මේ රෙද්ද හරියන්නේ නැ , කාර් ගැන ලියල ආරක්ෂක ඇමති කමට කෙලවගත්තා , කෝ කෝ අර පුරාවිද්‍ය පත්විම් ලිපියත අරංඑමු මෙහාට , චිත්‍චරපටි සංස්ථාව දෙන්ඩ

    ReplyDelete
  3. යකෝ කෝ මම දාපු කමෙන්ට්. කෝල් එකක් ගන්ඩත් බෑ මොකක්ද වෙලා තියෙන්නේ?

    ReplyDelete
  4. බලලම කියන්නං.

    ReplyDelete
    Replies
    1. බලන්න වටිනවා රාජ්.

      Delete
  5. අප්පට සිරි මුල් ටික කියෙවද්දි මං වල් වැදුණා පස්සේ නං ටික ටික වැටහුණා... සැම මිනිසා තුළම දෙවියා මෙන්ම යක්ෂයාද ඇත. අප අවදි කරගත යුත්තේ කොයි කෙනාද යන්න අපේ වගකිමක්.... එය පසක් කරන තවත් කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඔය පත්තර කාරයෝ තමයි උගන්නලා තියෙන්නේ මේ විදිහට ලියන්න කියලා.

      බලන්න වටින ලස්සන චිත්‍රපටියක් නලින්.

      Delete
  6. ලස්සණ කතාවක්. බලන්ටම ඕනි. නලු නිලියෝ අලුත් අය වගේ. දන්නපාටක් පේන්ට නෑ. :)

    මගේ අලුත් පෝස්ට් එක update වෙලා නෑ... :(

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි මගෙත් හිත ගියේ මේ අලුත් නළු නිලි යුවල සෑහෙන තරම් දක්ෂතා දක්වලා තියන නිසා. ඒ වගේම සාම්ප්‍රදායික වට්ටෝරු හින්දි චිත්‍රපටියක් නෙවෙයි. සින්දු නැටුම් නැහැ. පොඩි කෑලි දෙක තුනක් විතරයි තියෙන්නේ.

      ඔයාගේ පෝස්ට් එක අප්ඩේට් නොවුනේ මොකද කියා බලන්නම්.

      Delete
    2. මේ සටහන කියවත්දී මට මතක් වුණේ පොඩ්ඩිව. මට හිතුණා පොඩ්ඩි මේකට කැමති වෙයි කියලා.

      Delete
  7. එක වෙසක් කාලෙක මම එකෙක් ඇදගෙන ගියා හින්දි සෝ එකක් බලන්න ලිබර්ටි එකේ. ඌ අපේ අම්මගේ ගුණ ගායනාවකුත් කරලා, සෝ එක බලන්නෙත් නැතුව යන්න ගියා සබ් ටයිටල් නෑ කියලා. ආන් ඒ වගේ උන්ට මේ වගේ පෝස්ට් මාර වටිනවා. සෝ එක බලන්න දෙයක් නෑ. බැලුවා වගේ තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. මොකටද අනේ කොල්ලෙක් අල්ලන් ගියේ කෙල්ලෙක් එක්ක යන්න එපැයි ෂෝයි එකට තුරුල් වෙලා බලන්න තිබ්බා ඉදගෙන : :f

      Delete
    2. මේක අර සින්දු හතයි ෆයිට් නවයයි වර්ගයේ එකක් නෙවෙයි. බොහොම වෙනස්. සම්පූර්ණයෙන් අලුත් නළුනිලියෝ ඉන්නේ.

      සමහර අයට හින්දි පිචෑර්ස් අල්ලන්නේ නැහැ.

      හ්ම්...........ඔන්න මාතලන් උඹම උත්තර දීපන් අපූර්විට. අපි ඔව්වට නෑ.

      Delete
    3. අපූ මිස්.. ගෑල්ලමයෙක් අරං ගියානං කන් දෙකේ ඇබ දෙකක් ගහං තමා ෆිල්ම් එක බලන්න වෙන්නේ.. සබ් ටයිට්ල් තිබ්බනං ඒත් අවුලක් නෑ.. :D

      Delete
    4. ඇයි ගෑණු ළමයි කෝදුරුවොද කන් වල රිංගන්න,, :n

      Delete
    5. රිංගනවනං බැරියෑ බං.. කන් දෙකට මී පැනි වක්කරනවනේ ළඟ ඉඳං !!

      සැප කනේ කියන්නෙ ආ๬ ඒකයි :D

      Delete
    6. පත්තරේ කිව්වා වගේ ගෑණු ළමයි එක්ක ෆිල්ම් බලන්න පුළුවන්ය. උරේ උඩ නිදාගන්නවයි, අයිස් චොක් අරන් ඉල්ලනවයි. ෆිල්ම් එකේ ඉන්න උන් අරයා වගේ නේද, මෙයා වගේ නේද කියලා අහනවයි. ඒ මොකද එහෙම වෙන්නේ කියලා අහනවයි. තව අපේ අංගෝපාංග අරවා මේවා අදිනවයි මළ වදේ. එක දවසක් පිටිපස්සේ හිටපු එකෙක් බැන්නා අපි ආවේ රා තිරේ පෙන්නන එකක් බලන්න මිසක් තමුසෙලා දෙන්නගේ කතා අහන්න නෙමෙයි කියලා.

      ඒ නිසා ගෑණු ළමයි එක්ක ෆිල්ම් බලන්න යන්නේ ගෙස්ට් හවුස් වලට. එතකොට කියවන එක උනත් නවත්තන්න පුළුවන් නේ. නැද්ද පත්තරේ..

      Delete
    7. හත් ඉලව්වයි මේ මොනව කියනවද මහාචාරිතුමා.. ඔය කොල්ලො කුරුට්ටො හෝල් එකේ තියන බොක්ස් වලට රිංගන්නෙ කටවල් සද්ද වැඩි නිසා..ඒ ගියත් සද්දෙ නං අන්තිම පේලිවලට ඩීංගක් ඇහෙනවා හෑස් හූස් ගාලා..පොඩි සමාවක් දෙමු !!

      මාත් මුලදි මුලදි ඕවට ගෑටුවා මොකෝ ගෙස්ට් වලට ගත්තෙ නෑනෙ බං අයිඩින්ටිය නැතුව..මං හිතන්නේ ඒවයි කාමර සවුන්ඩ් පෲෆ් ද කොහෙද..ඒක ගත්ත ගමං මොනාද එක බස් එකයි පැය හයයි ගලේවෙල හරහා කොළඹ.!!!

      Delete
    8. ඒකනේ මල්ලි අර අලුත බැඳපු ගෑණු ළමයෙක් එයාගෙම අමම්ට කියලා තියෙන්නේ 'ඉතින් අම්මමනේ කියලා තියෙන්නේ කටේ මොකුත් තියනකොට කතාකරන්න එපා කියලා'

      Delete
  8. වෙනස්ම විදිහෙ කතාවක්, නිවාඩු වෙලාවක බලන්න ඕනා.

    මට හිතෙන්නේ විචාරක මහත්තයත් ඔය තුවක්කු, බෝම්බ එක්ක හිටියට මේ වගේ මෘදු වෙන හදවතක් තියෙන එක්කෙනෙක් කියලා පෙන්නන්න තමා මේක ලිව්වේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබතුමාට කියන්න මේ චිත්‍රපටිය මගේ හිත බොහොම තදින් බැඳගත්තා.

      තුවක්කු බෝම්බ කොච්චර අතපත ගෑවත් යුද්දේ ඉවර වුනාම එක අතකට කලකිරීමක් තමයි ඉතුරුවෙන්නේ.

      Delete
  9. වෙනස් විදිහේ ලස්සන කතාවක් වගේ... බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි තුෂානි. සින්දු තියෙන්නෙත් පසුබිමෙන් ඇහෙන්න. පෙම් ජවනිකා, එතකොට මල්වතුවල නැටුම් එහෙම නැහැ.

      Delete
  10. අනිවාර්යයෙන්ම බලන්න ඕන කියල හිතෙන ෆිල්ම් එකක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ෂෙහාන් මේ චිත්‍රපටිය බර්ලින් සිනමා උළෙලත් නියෝජනය කර තිබෙනවා. හරිම වෙනස් විදිහකට ගලායන්නේ.

      Delete
  11. ශෝක් ෆිල්ම් එක ,, ඔයත් ඔක්කොම නොකියා නැවත්තුවා නේද කුතුහලය මෙවුවා කරලා :h

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කිව්වොත් අගයක් නැහැනේ. අනික මේ චිත්‍රපටිය ආවේ මේ අවුරුද්දේ පෙබරවාරි වල. ඉතින් තවමත් පෙන්නන චිත්‍රපටියක ඔක්කොම කතාව කියන එක හොඳ නැහැනේ. :b

      Delete
  12. අනිවාර්යෙන්ම බලන්න ඕන කතාවක්. අපිටත් නිදහසේ ෆිල්ම් බලන්න නම් විචාරක මහත්තයා වගේ පෙන්ෂන් ලයිෆ් එකට එන්න ඕන

    ReplyDelete
    Replies
    1. එහෙමම හිතන්නත් එපා. කොයි දේටත් කාලය හොයාගන්නවා වගේ චිත්‍රපටියක් බලන්නත් මාසෙකට දෙකකට වරක්වත් කාලය හොයාගන්න පුළුවන් නේද?

      මේ කතාව බොහොම සිත්ගන්නාසුළුයි. ඒ නිසාම බලන්න වටිනවා.

      Delete
  13. හ්ම්ම්ම් බලන්න ඕන ෆිලුම තිබුණා වගේ මතකයි එ.ආර් රහමන් නේද මේකේ සංගිතය කරලා තියෙන්නෙ ????? ඔත්තුවට ස්තුතියි.....

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ.ආර්.රහමන් කවදත් දක්වන ඔහුගේ සංගීත පෙළහර මෙහිදීත් නොඅඩුව පෙන්වලා තියනවා. ඒ සංගීතයෙන් චිත්‍රපටියට පුදුමාකාර ප්‍රාණයක් එක්වෙලා තියනවා. බාගෙන හරි බලන්න. කැමරා කොපියත් හොඳට තියනවා කියලා මට යාලුවෙක් කිව්වා.

      Delete
  14. //"ඔබට පුලුවන්ද ඔබේ සතුරා සමග ස්නේහයෙන් බැඳෙන්න? ඔහු ඔබට දරුණු ලෙස සලකද්දීත්, ඔහුට වචනයකින්වත් විරුද්ධ නොවී ඉන්න? ඔහු කවුදැයි කියා තවමත් හරිහැටි නොදැන, ඔහු සමග හැමදාම ඉන්නට වුනත් කැමතියි කියන්න? ..........මම එහෙම කළා........."//

    මම හිතුවේ විචාරක තුමා මේ හාමිනේ එක්ක ගතකල විවාහ ජීවිතේ ගැන කියන්ට යනවා කියලා :D

    මටත් ඔය හින්දි පිචෑර් නම් අල්ලන්නේ නෑ අප්පා

    ReplyDelete
    Replies
    1. අපොයි හාමුනේ එක්ක ගතකල ජීවිති දෙවැනි ලෝක යුද්ධය වගේ :e

      බොළඳ හින්දි චිත්‍රපටි නම් මමත් කැමති නැහැ. මෙය වෙනස් ආරක කතාවක්.

      Delete
  15. මමත් බොහොම සීමිත හින්දි චිත්‍රපටි ප්‍රමාණයක් තමයි බලලා තියෙන්නේ. ඒවා ඔක්කොම සුපිරි ඒවා. මේකත් ඒ කොලිටියේ එකක් වගේ. මගේ ගාව තියෙනවා ජපන් චිත්රපටයක් මේ කතාවට බෙහෙවින් සමානයි. ගෙදරක තනි වෙච්ච කෙල්ලෙක්ව වයසක පොරක් උස්සන.

    ReplyDelete
    Replies
    1. ආයෙ දෙකක් නෑ ඒ ජපං ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය අපේ කෙන්ජි මාම වෙන්ඩ ඕනැ !!!

      Delete
  16. පලවෙනි චේද තුන කියවද්දී මට හිතුනා විචාරක කොටි කෙල්ලෙක්ටවත් ලව් කරාදෝ කියලා. තුන්වෙනි චේදේ කියවද්දී මට හිතුනා විචාරකගේ මාමා මහා කුපාඩියෙක් කියලා. එත් පස්සේ තමි තේරුනේ මේක චිත්‍රපටියක් කියලා

    ReplyDelete
  17. විචාරක විස්තරය ලියලා තියෙන විදිහට ෆිල්ම් එක බලන්නම හිතෙනවා. මමත් ඩාන්ස් ෆයිට් හිංදිනම් බලන්න ආස නැහැ. වෙලාවක් තියෙනවා නම් බලන්න MR &MRS IYER කියන "English හිංදි" ෆිල්ම් එක. ටිකක් පරණයි. මිනිස් හිත ගැන තවත් ලස්සනට කියවෙනවා. අපර්නා සෙන්ගේ ෆිල්ම් එකක්.

    ReplyDelete
  18. ඕං මං නං ඕක බැලුවා..... කියලා නිම කරන්න බැරි රසයක් තියෙන්නේ.... දැන් තියන සමාජයේ එක පැතිකඩක් තමයි මේකෙන් නිරූපනය කරනේ..... ආ මෙන්න මෙතනින් බා ගන්න..... ඕන්නං සිංහල සබ්ටයිට්ල්ස් වුත් තියේ.... http://www.baiscopelk.com/highway-2014-%E0%B7%83%E0%B7%90%E0%B6%B4-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1-%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7/

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }