ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම ගැන අහලා ඇති. ඒ වගේම ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගෙනත් ඇති. දැනට මාස දෙකතුනකට පෙර, මට අවස්ථාවක් ලැබුණා, බොහොම නිදහසේ, නිස්කලංකව, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගන්න. මා මෙසේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, සාමාන්‍ය මිනිසකු ලෙස, තන්තිරිමලේ පුදබිමට ගිය පළමුවැනි අවස්ථාවයි මේ. මීට පෙර මා, මේ පුදබිමට කීප වතාවක් ගොස් ඇතත්, ඒ සෑම අවස්ථාවකම, හමුදා රාජකාරි වලට අදාලව ගිය අතර, මෙසේ නිදහසේ ඇවිදින්නට ඉඩක් ලැබුණේ නැහැ. එදා, මේ ප්‍රදේශය හමුදා ආරක්ෂාව යටතේ පැවති අතර, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වූ ප්‍රදේශයක්ව පැවතුණා. යුද්ධයෙන් පසු, ඉතා සාමකාමී නිදහස් පරිසරයක් මෙහි දකින්නට ලැබීම මහත් සතුටක්. අවට ජනාවාසද වේගයෙන් සංවර්ධනය වන බව පෙනුණා. (මේ ලිපියේ ඇති සමහර පින්තූර මත ක්ලික් කර විශාල කර බැලිය හැකියි) මා හිතනවා ඔබට මුලින්ම, තන්තිරිමලේ පිහිටීම විස්තර කරදීමට. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටි තන්තිරිමලේ ප්‍රදේශය, අනුරාධපුර නගරයේ සිට, කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.
තන්තිරිමලේ ඉතිහාසය, ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස තරම් ඈත අතීතයකට උරුමකම් කියනවා. මේ පුදබිම, ඉතා විශාල ගල් තලාවන් කීපයක් අතර විහිදී තිබෙන අතර, එම ගල් තලාවන්හි විශාලත්වය, අක්කර 225 ක් පමණ වන බව දැනගන්නට ලැබුණා.
බොහෝ දෙනා තන්තිරිමලේ රජමහා විහාරය වන්දනාමාන කරගන්නට යන්නේ, එහි ඇති, පිහිටි ගලේ නෙලූ ප්‍රතිමා වන්දනාමාන කරගන්නටයි. එයින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ, එකිනෙකට තරමක් දුරින් පිහිටි, සැතපෙන පිළිම වහන්සේ සහ සමාධි පිළිම වහන්සේයි.
මේ පිළිම වහන්සේලා දකිනවිට, ඔබට නිතැතින්ම මතක් වන්නේ, පොළොන්නරුවේ ගල් විහාරය බව අමුතුවෙන් කීම අනවශ්‍යයි. නමුත්, පොළොන්නරුවේ පිළිමවල ඇති සියුම් සහ සවිස්තර බව, මේ පිළිමවල දකින්නට නැහැ. මේ පුදබිමේ පිළිම නෙලීමේ වැඩකටයුතු අවසන් කිරීමට මත්තෙන්, විදේශීය (දකුණු ඉන්දියානු) සතුරු ආක්‍රමණ ලංකාවට එල්ලවූ බවත්, එබැවින් සෙල් පිළිම නිසිපරිදි නිමවීමට නොහැකිවූ බවත්, ඉතිහාසයේ සඳහන්. ඒ බවට සාක්‍ෂි, පහත දැක්වෙන පින්තූරයේ ඇති, වැඩ අවසන් නොකළ පිළිම වලින් තහවුරු වෙනවා.
මේ පුදබිම, අතීතයේදී මහා සංඝාවාසයක්ව පැවති බව තහවුරුවෙන ලක්ෂණ, මෙහි දකින්නට ලැබෙනවා.
මේ පුවරුවේ සඳහන් පොත්ගුලේ පින්තූර, පහත දක්වනවා.
මීට පෙර මා ඔබට කියා ඇති, අපේ ගමේ පන්සලේ සෙල් පිළිමයක් නෙළන බව. ඉතින්, මේ තන්තිරිමලේ ගමනට තවත් හේතුවක් වුණේ, අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියාට, මෙහි ඇති පිළිම නරඹා, කිසියම් අවබෝධයක් ලබාගැනීම සහ, අපේ ලොකු හාමුදුරුවන් සමග ඒ ගැන සාකච්ඡා කරමින්, අපේ පන්සලේ පිළිමය, නිසි පිළිවෙලට/පිළිවෙතට/පිරිවිතරයට/ අනුව සකසා ගැනීමයි. මේ පහත පින්තූරයේ, ඔබේ වම් අත පැත්තේ කෙලවර ඉන්නේ, අපේ ශිල්පියා වන, පතිරණ මහතා. (පිළිම නෙලීම පිළිබඳව, ඔහු ඉන්දියාවේ විශ්ව විද්‍යාලයක උපාධිධරයකු වන අතර, දැනට ඔහු කර තිබෙන නිර්මාණ විශ්මයජනකයි) ඊළඟට ඉන්නේ අපේ ලොකු හාමුදුරුවෝ. ඊළඟට අපේ පන්සලේ වැඩ වෙසෙන සාමනේර හිමිනමක් සහ අපේ දායක සභාවේ සභාපති ඉන්නවා. (මම තමයි රථාචාර්ය සහ කැමරාකරු)
ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන් සිටි ගල් ලෙන් සහ, ඔවුන් විසින් අඳින ලද ගුහා චිත්‍ර, තන්තිරිමලේ විහාරාරාම සංකීර්ණ පරිශ්‍රයේ, තරමක් දුරින් පිහිටි පර්වතයක පාමුල, දකින්නට ලැබෙනවා. එතනට යන්නේ, වනගත අඩිපාරක් දිගේ. එය සුන්දර අත්දැකීමක්. පහුගිය යුද්ද කාලේ නම්, මේ හරිය තනිකරම හමුදා කඳවුරක්. මෙම විහාරස්ථානය සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාවට, බලසේනාවක් Brigade යොදවා තිබුණා, මීට නුදුරින් පිහිටි චෙඩ්ඩිකුලම් ප්‍රදේශයේ.
මේ ලිපිය කියවන ඔබ, සමහරවිට බෞද්ධයකු නොවුනත්, පරිසර චාරිකාවක් ලෙස, තන්තිරිමලය ප්‍රදේශය නැරඹීම, ඉතා වැදගත් බව, මතක් කරන්නට කැමතියි. ඒ සුන්දර පරිසරයේ පින්තූර කීපයක් පෙන්වමින්, මේ ලිපිය අවසාන කරනවා.
ගිහිල්ලම බලන්න වෙනවා.......
ReplyDeleteහවසක රැවන්වැලි සෑය ලගට යන්න අමතක කරන්න එපා.
Deleteමෙන්ඩියා ……
Deleteවිශ්ෂ්ටයි මෙන්ඩියා විශිෂ්ටයි … !!!!!
බලපු ගමන් දැක්කේ "තංකිරිමලේ" කියලා...
Delete@ සංජය. ඔව් සංජය එකවරක් හෝ ගිහින් බලන්න.
Delete@ මෙන්ඩා. නිවන් සුවය වගේ සහනයක් දැනෙනවා එතනට හවසට ගියාම.
@ පත්තරේ. ඇයි යකෝ මේ ලිපිය විශිෂ්ඨ නැද්ද?
@ විදානේ. උඹේ ඔලුවේ තියෙන්නේ ඔව්වා විතරයිනේ. චික් විතරක් පව්කාරයා.
මමනම් ගිහිල්ලම නෑ ඔය පැතිවල .... දවසක පුළුවන් වුනොත් යන්න ඕනා.. ස්තූතියි මේ විස්තරයට.
ReplyDeleteසෙන්නා යන්න අටමස්ථානේත් ඇතුලත්ව මේ තැන් වැදපුදාගෙන නුවර/තිසා වැවේ නලා හැන්දාවක රැවන්වැලි සෑය ලග ඉන්න එක ඡිවිතේ අමතක නොවන දෙයක් වේවි.
Deleteමෙන්ඩා, බොහොම ස්තූතියි අදහසට.. දවසක යන්න ඕනා... මම බොහොම පොඩි කාලේ තමා අනුරාධපුරේ ගිහින් තියෙන්නෙ.. පොලොන්නරුව ඇහැටවත් දැකලා නෑ..
Deleteඅපේ අම්මා මට කිව්වා මම ඉපදිල දවස් දෙකෙන් ගෙදර අරන් යන ගමන් රුවන් වැලි සෑයට එක්ක ගියාලු. ඒකෙ ගැට්ට උඩින් තිබ්බම මම චූ පාරක් දැම්මලු..ලේසි පුතයෙක් නෙමෙයි හරිය..
Deleteඋඹ තැනකට ගියා කියන්නෙ ආයි මක්කද
Deleteඅර කීමටත් කියන්නෙ දේශකයා කන්නෙලියෙ ගියා වගේ කියලා . … :D
මමත් අනුරාධපුරයෙන් ගියාට අනුරාධපුරයට ගිහින් නෑ. මිහින්තලයේ නම් ගියා. පොළොන්නරුවෙත් ඔක්කොම බැලුවා.
Delete@ සෙන්නා. ආගමික චාරිකාවක් ලෙස නොව පරිසර චාරිකාවක් ලෙස යන්න. ඉතාම වතින පරිසරයක්.
Delete@ දේශා. අම්මපා උඹ පන්සලෙත් ජ්ජ කරපු පුතයෙක් එහෙනං ඈ. මදිනේ අපි සලකනවා.
@ පත්තරේ. මොකක්ද බං ඒ කතාව.
@ හරී. යන්නකෝ අලුත් කාරෙකේ නුවරඑළිය හරහා තන්තිරිමලේ. :D
ඩබල් සැලියුට් අපේ ප්‍රන්තේ ගැන ලිව්වට.
ReplyDeleteඑල ද බ්‍රා
පත්තර මලයන්ඩි ගල් බෝතලයකුත් අරන් දුවලා වරේ අපේ බෝසා අපේ පුරේට බැහැලා.
අනුරාදපුරේ හුළඟත් සැපයි බං .. උඹ කිව්වා වාගෙ මචෝ අයිනක් අල්ලං හැන්දෑවට රුවන්වැලිසෑයෙ බැම්මට හේත්තුවෙලා ඉඳගත්තම කොහොමද හිතට තියන සෑනසිල්ල.. ඈ
Delete@ මෙන්ඩා. යකෝ අනුරාධපුරේදීත් ගල් බෝතල්?
Delete@ පත්තරේ. නොදකින් උඹ රුවන්වැලි සෑයේ බැම්මට හේත්තුවෙලා ගල් ගැහුවද?
දන්නවද විචිරක තුමා වැඩක්... අපි අනුරාපුරේ ගිය වෙලාවක තන්තිරි මලේ යන්න කියල ගියා... ඒත් ගියෙ වෙන කොහෙවත්...
ReplyDeleteනෙළුම් කුලමෙන් නතර වුණා...
ඒත් ඊළග මාසෙ දවසක් අපිට තියේ...
හිහි
හිහ් හී...........නියම වැඩක්නේ වෙලා තියෙන්නේ. ඔයා දන්නවද අනුරාධපුරේ තියනවා රවුන්ඩ්අබවුට්ස් හැටහුටහමාරක්. මමත් අනුරාධපුර හරහා යන්න දන්නවා. අම්මෝ අර වට රවුං වල යන්න ගියොත් කොහේ යයිද මන්දා.
Deleteතන්තිරිමලයේ මා එක් වතාවක් සංචාරය කලා..... පිලිම වලට වඩා..... මං පරිසර සුන්දරත්වය රස වින්ද.....විචාරකතුමනි.......
ReplyDeleteඇත්තෙන්ම සිත තදින් බැඳගන්නා පරිසරයක්.
Deleteකදිමයි කදිමයි.. විචාරකයෙනි...
ReplyDeleteමා අනුරපුර ඉපදී එහිම වාසය කොට පසුව කොළඹට එළවන ලද්දෙක්මි. ඒ කෙසේ වෙතත් කිසිම අවස්ථාවක මසා හට තන්තිරිමලේ පුදබිම වෙත යාමේ අවකාශ නොලැබිණි. සියළු කරුණු කාරණා (පිහිටීම පිළිබඳවත්) ඉදිරිපත් කිරීම සම්බන්ධව මාගේ නොවක් ස්තුතිය පිළිගන්න මැති තුමණි..
ප්‍රිති..ප්‍රිති අපේ ප්‍රන්තේ තවත් එකෙක්
Deleteවරේවා … ගමේ එකා.. ජයවේවා !!!!!!
Deleteප්‍රීති එපා !!!
Delete- බොබසේ -
@ දේශා. ඔව් මට මතකයි අනුරාධපුරේ හන්දියක් තියනවා දේශකයා එලවපු හන්දිය කියලා. අදනේ දන්නේ එහෙමෙ එලවා තියෙන්නේ උඹව කියලා.
Delete@ මෙන්ඩා. ඒ කියන්නේ උඹත් අනුරාධපුරෙන් එලවපු එකෙක්?
@ පත්තරේ. ඇයි යකෝ ගමේ ඒකා ගම කාලානේ.
@ ප්‍රීතිය නැතිකලොත් නම් පුතෝ ඉපදෙන ඔක්කොමලව බොබසේ එකේම මහණ කරන්න තමයි වෙන්නේ.
ගිහින් නැත. යන්නට සිතක් ඇත. කොහොමද පිළිමෙ වැඩ. දාන්නකො පින්තූරු ටිකක්.
ReplyDeleteගිහින් බලන්න එක වරක්වත්. වන්දනාවයි, පරිසර චාරිකාවයි දෙකම එකවර කරන්න පුළුවන්.
Deleteපිළිමේ හැදීම ගැන ළඟදීම ලිපියක් පළකරනවා.
පොඩි කාළේ ගියාට පස්සෙ ගිහිල්ලම නෑ. සිරි මහ බෝධිය මුලින්ම ගෙනාවේ මෙතනටය කියලා කතාවකුත් තියෙනවා..
ReplyDeleteමම හිතුවා ඔයා සංචාරකයන් සමග එහෙම ගිහිල්ලා ඇති කියලා. මෙතන බෞද්ධ විහාරස්ථානයක් නොවුනානම් සංචාරක ව්‍යාපාරයෙන් ට්‍රිලියන් වලින් උපයන්න තිබුනා.
Deleteඅපේ බෞද්ධ සිද්ධස්ථාන වල තියෙන නීතී රීතී වැඩියි.. හාන්දුරුවරුන්ට බෞද්ධයයි, විදේශීය සංචාරකයයි අඳුනගන්න බෑ.. ඒ නිසා ඔවුන් ඒ තැන්වලට යන්න කැමති නෑ.. දෙගල්දොරුව කියන්නේ නුවර යුගයේ චිත්‍ර තියෙන හොඳම පන්සල.. සංචාරකයෙක් ගෙනිච්චම පැයක් විතර ඉන්න ඕන හාන්දුරුවෝ යතුරු අරගෙන එනකන්..
Deleteඅර සමාධි පිළිමෙ පරිමව හොඳ උනාට බෙල්ල නෑ. සැතපෙන පිළිමෙ සිවුඅ ඇඟට ඇලිල ඉරියව්වට නොගැලපෙන්න. ඔබේ පිළිමෙදි ඒ දේවල් ගැන්ත් අවධනය යොමු කරන්න.
ReplyDeleteහරියට හරි ඉන්දික. මේ පිළිම පොළොන්නරුවේ පිළිමවල අහලකින්වත් තියන්න බැහැ. අපි මේ ගමනේදී කලෙත් පොළොන්නරුවේදී ගත්ත පින්තූර සමග සංසන්දනය කරමින් සාකච්ඡා කිරීමයි. මේ පිළිමවල පරිමාණයේ තිබෙන අඩුපාඩු අපේ ශිල්පියා හොඳට පැහැදිලි කළා.
Deleteස්තුතියි අදහසට.
මටත් තාම යාමට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ඔබ හොඳ විස්තරයක් කරල තියෙනව.
ReplyDeleteහරිම ශාන්ත දාන්ත සහ විචිත්‍රවත් පරිසරයක් ප්‍රසන්න. එක වරක්වත් ගිහින් බලන්න.
Deleteදේවියන්ට ස්තුති වේවා.
ReplyDeleteඅදත් අර කාලකන්නි ආයුධ පාඩම නෑ
ඒත් පොඩි අවුලක්.
ඔය ආගම්, පිලිම, බෝධි, පංසල් වගේ කොටින්ම කියනව නම් සියලුම ආගම්ද මට අරහං
අපිටත් එහමයි හැම වේලාවෙම අනුන්ගේ ඇද විතරක් හොයන හොද දෙයකවත් හොදක් නොදකින උන් අරහං
Deleteඇනෝ බොසා.…
Deleteසුවපත් වේවා……. ඕ යේස් !!!!
@ AnonymousSeptember 6, 2014 at 1:43 PM
Deleteදේවියන්ට ස්තුතිවෙවා කිව්වේ මොන දේවියද? රුක්මණීදේවි ද?
පංච තන්ත්‍රය කියවා බලන්න. එතකොට ඔය අමනුෂ්‍ය ලක්ෂණ දුරුවෙයි.
@ ඇනෝ,
Deleteසියලුම ආගම් අරහං නම් දැන් ඔය මොන දෙවියන්ටද ස්තූති කරන්නෙ!? අදේවවාදී දෙවියෙක් ද? :-D
ඔබලාගේ ගමෙත් දැන් බෙලි නැති පිළිම අඹාවිද අරයා? :)
ReplyDeleteකෝ විචාරක, අර ප්‍රාග් ඓතිහාසික මානවයන් විසින් අඳින ළද චිත්‍ර වල චායාරූපයක් නැතෙයි?
බෙලි නැති = නොබෙල් :e
Deleteඑක පින්තූරයක් පෙන්නන්නම්. නමුත් ඒ චිත්‍ර පැහැදිලිව පෙනෙන්නේ නැහැ.
[im]https://jangun.files.wordpress.com/2014/09/21.jpg[/im]
ස්තුතියි විචාරක!
Deleteපැහැදිලි මදි නම් තමා. මෙයින් ගියා ඈති. එකක් දෙවෙනි පෑතිස් රජු දවසේ ගලේ කොටපු ඒවගෙත් ඉස්පිලි-පාපිලි නැති කොට, ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ගැන කවර කතාද? අනෙක මේ වගේ ගලුත් "කන්-ගැට්ටල" ගෙන් මේ තරමින් වත් බේරිලා තියන එක ලොකු දෙයක් නේ.
මටත් හිතෙනවා අනාගතේදී ආශ්චර්යයට යන ගමනට පාරවල් හදන්න මේ අක්කර 225 ගල්තලාවම කළුගල් වලට කඩයි කියලා. :e
Deleteමාමන්ඩියේ මොකදෝ මට නොකියාම
ReplyDeleteතන්තිරිමලේ ගෑටුවේ උඹ තනියෙන්ම
කිව්වා නම් කුකුලා ගෙන දෑතින්ම
එනවා අම්මපා තනියට දෙපයින්ම
:D
යාලු මනමාලයට පත්තර මල්ලිද?
Deleteආයි මක්කද මෙන්ඩා.. ආයි දෙන්නං වෙඩිම මළගෙයක් වෙන්ඩ !!!
Deleteපත්තරයව ගත්තොත් ඕන මගුල් ගෙයක් මළගෙයක් වෙන එක අහන් දෙයක් ද , චක් විතරක්
Deleteඑහෙනම් මාව ගනින්
Deleteඅජන්තව ගත්තනං හරි
Delete@ ඉවාන්. මම හුඟක් ඉස්සර බං සුදු කොල්ලොත් එක්ක ට්‍රිප් ගියේ. :e
Delete@ පත්තරයා. කොටියම කාපිය.
යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රදේශයක් මේ සටහන ගොඩක් අගෙයි......බූදු පිළිම තුලින් බුදුන්වහන්සේගේ කරුණාව ,මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කිරිම තරම් තාක්ෂණිය ගිල්පීය දැනුම,ප්‍රතිභා ශක්තිය හා කලා කෞෂලය ඉතාම උසස් මට්ටමක පැවති බව පෙන්නුම් කරනවා තන්ත්‍රිමලේ හිදි පිළිමය තුලින්...මට හිතෙනවා අපේ රටේ හිටිය ගල්වඩුවන්ගේ කලා ශිල්පය කොච්චර විශිෂ්ඨද කියලා.
ReplyDeleteමම මෑත කාලයේදී පොළොන්නරුවට ගියවෙලාවෙත්, මේ තන්තිරිමලේ ගමනේදීත්, පිළිම දිහා බලාගෙන, පළමුව එහි කලාත්මක ලක්‍ෂණත්, දෙවනුව එයින් නිරූපිත බුදුගුණත් සිහිකළා.
Deleteඒ අවසානයේදී, මගේ සිතට නිතැතින්ම නැගුණේ, සුනිල් එදිරිසිංහගේ, 'සියුමැලිද මේ තරම් කළුගල්' කියන ගීතය සහ අමරදේව ශූරීන්ගේ, 'ඇඟිලි තුඩුයි ගල් කටුවයි බුදු බැතියයි එක්වෙලා' කියන ගීතය.
ස්තුතියි ලිපිය ඇගයීම ගැන.
මමත් ගිහින් තියෙන්නේ එක පාරයි.. පින්තූරත් එක්ක විස්තරේ කියෙව්වහම ආපහු පාරක් යන්න ඕනේ කියලා හිතුනා..
ReplyDeleteනිදහසේ ගිහින් බලන්න තුෂානි. හරිම ලස්සනයි.
Deleteවිචාරක තුමා. බොහොම පැහැදිලි. වටින විස්තරයක්..ඒ වගේම සමාජ මෙහෙවරක් .. බොහෝම ස්තුතියි ඕං !!!!!
ReplyDeleteස්තුතියි මල්ලි. මම හිතන්නේ මෙතන ගැන නොදන්නා අයත් සෑහෙන ගණනක් ඇති අපේ රටේ. ඒ නිසයි ලිව්වේ.
Deleteමම අවුරුදු 2ට ඉස්සල්ලා ඔතෙන්ට ගියා,,ඔය සැතපෙන පිළිමෙට නිධන් හොරු වැඩේ දීලා නේද,,පස්සෙ ඔන්න නාමල් කුමාරයා ඒක පිළිසකර කරා කියලා තියෙන්නේ ඔයාමඩුව දැයට කිරුල යටතේ..ඔයාමඩුව දැයටකිරුළ කාන්තාරේ බැලුවෙ නෑද ඔහොම්ම,,,,
ReplyDeleteඔතන කාශ්ටක පරිසරයක් උනාට පරිසරය සුන්දරයි,,ඒත් ඔය පුරාවස්තු ආරක්ශා කිරීම නම් මට සෑහීමකට පත් උනේ නෑ,,ඒ එක්කම අපේ සංචාරකයන්ගේ පරිසරය ආරක්ශා කිරීමත් අන්තිමයි..ඔතන විනාශ කරලා කුණු පුරෝලා
මම අහලා තියෙනවා 'ජාතියට තොප්පිය' එතනට ගෙනිච්චෙ එතන නිධන් වදුලක් තිබ්බ නිසා කියලා
Deleteස්තුතියි ඩිලාන් ඔබේ විස්තරයට. මම නොකියා හිටිය දෙයක් කියන්නම්. ඒ පිළිමය හදලා නෙවෙයි කාලා reela සිමෙන්ති බදාම වලින් හදන්න ගිහින් වැඩේ අනාගෙන තියෙන්නේ. අපේ ශිපියා අඬ අඬා වගේ කිව්වා මහා අපරාධයක් කියලා.
Deleteකුණු ඉවත් කරන්න හමුදාව දාලා තියනවලු. දැන් හමුදාවේ ජොබ් එක ඒකනේ.
@ හරී. STF එක එක්තරා ප්‍රදේශයක් දින කීපයක් කාටවත් යන්න නොදී මුරකළ බවත්, එකවරම හෙලිකොප්ටරයක් ඇවිත් මොකක්හරි අරං ගියබවත් ඒ පැත්තේ අය කියනවා.
ශිපියා නොව ශිල්පියා වියයුතුයි.
Delete1. ඔයාමඩුව කියන්නේ ආසියාවේ ආශ්චර්‍යමත් නගරයක් නේද?
ReplyDelete2. //අපේ පන්සලේ පිළිමය නෙලන ශිල්පියාට, මෙහි ඇති පිළිම නරඹා, කිසියම් අවබෝධයක් ලබාගැනීම// ඇයි ගල් විහාරයේ පිළිමයේ අනුරුවක් කිව්වා නේද? තවත් මොනවද බලන්නෙ? :)
3.අනුරාධපුරයේ ඉඳන් කොච්චර දුරද?
4. ස්තුතියි කවදාවත් ගිහිල්ලා තැනක් ගැන විස්තර කිව්වට. මම කාලෙකට කලින් සඟරාවකින් කියෙව්වා තන්තිරිමලේ ගැන.
1 වැරදියි. නිවැරදි නම ඈස් චාරිය
Delete2 මෙහිදී බලන්නේ පොලොන්නරුව සහ මේ පිළිමය සංසන්දනාත්මකව බලන විට, පිළිමය නෙලීමට භාවිතා කර ඇති ශිල්ප ක්‍රම, පරිමාණය රැගෙන තිබෙන ආකාරය, සැතපෙන ඉරියව්ව නිසි පරිදි පිලිබිඹුවේද, සහ මට නොවැටහෙන තවත් ශිල්පීය කරුණු.
3 කිලෝමීටර් 40 යි.
ස්තුතියි ඇගයීම ගැන. අමතක කරන්න එපා, නුවරඑළිය හරහා තන්තිරිමලේ :e
මට පේන්නෙ මොකක් හරි දෙපැත්ත කැපෙන කියමනක් වගේ :e
Deleteමගේ ප්‍රතිපත්තියට අනුව පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි ඔක්කොම කියවලා මේ කොමෙන්ටුව දැමුවෙමි
ReplyDeleteහැබැයි ඉතින් අර ඉවානයා වගේ එකෙක්ට දුව දෙනවා කිව්වම කොමෙන්ටුවක් නෙවි ළඟ පාත තිබ්බනම් ගලකින් ගහන්න හිතෙන්නේ,,,,,, ඊට වැඩිය නරකද දුවව කපලා ගඟේ මුදේ දැන්මානම්
Deleteප්‍රතිපත්තිය?.................... මං කිව්වා කියලා හිතාගන්නවා හොඳයි.
Deleteඇයි යකෝ අමාරුවෙන් හොයාගත්ත ඉවානයත් නැතිවුනොත් කෙල්ල දෙන්නේ උඹටද?
//කෙල්ල දෙන්නේ උඹටද?//
Deleteහි,,,, හි.... විලිලාජ්ජවේ සංතොසේ බැරුවා මාමණ්ඩි
ඔන්න පාත්වුනා එකටත් හෙනහුරෙක් , පල යන්න මැරුම් නොකා මෙතන, ඕවට අහුවෙන්න එපා මාමණ්ඩි ....
Deleteමතකයන් අළුත් කරන විස්තරයක්, විචාරක තුමා...
ReplyDeleteස්තුතියි විස්තරයට..
ජ ය වේ වා !!!
බොහොම ස්තුතියි. දැන් බොහෝ දෙනා නිතර චාරිකාවල යෙදෙන නිසා ඒ ගැනත් හිතලයි ලිව්වේ.
Deleteවිචාරක,
ReplyDeleteපිංතූරුවල තියෙන watermark එක තව චුට්ටක් පැහැදිලි වුනත් කමක් නෑ.. සමහර ඒවායෙ තියෙන watermark එක පේන්නෙ නෑ.. අනික watermark එක දාන්ට ඕන පිංතූරෙ මැදින්, නැත්තං ඒ කෑල්ල crop කරලා අයින් කරන්ට පුළුවන්..
photoshop වල brush එකක් හදලා සේව් කරගත්තනම් ලේසියෙන්ම watermarks දාන්ට පුළුවන්..
මම watermark එක දැක්කෙත් මේ කමෙන්ට් එකට පස්සෙ. watermark එක යෙදීම සම්බන්ධව මට මෙහෙම අදහසකුත් තියෙනවා. අපි ජාලෙන් පින්තූර ගනිද්දි බලා නොබලා ගන්නවානම් අපි දාන පින්තූරෙට watermark දාන්නෙ ඇයි කියලා හිතෙනවා.
Deleteබොහොම ස්තුතියි බූරා,
Deleteමම ෆොටෝෂොප් ඉගෙනගෙන නැහැ. මේ කරලා තියෙන්නේ බොහොම සරල මෘදුකාංගයකින්. මෙතැනදී මම කලේ අවශ්‍ය පින්තූර ඔක්කොටම Batch watermark එකක් දීමයි. ඒ නිසා තමයි සමහර පින්තූරවල වෝටර්මාක් එකේ කොටසක් විතරක් පෙනෙන්නේ.
හොරා කොහොමටත් හොරකම් කරනවනේ.
මම හෙට අනිද්දම ෆොටෝෂොප් ඉගෙනීම අරඹනවා. දැනට දන්නේ brightness, colour, contrast, size, contact sheet, වගේ දේවල් හදාගන්න විතරයි.
දුන්න උපදේශයට බොහොම ස්තුතියි.
@ හරී. ජාලයෙන් ගත්ත පින්තූරයක් හොයාගන්න පුළුවන්නේ පහසුවෙන්ම, ඒ පින්තූරය ජාලයටම දමා බැලීමෙන්. මේ පින්තූර මම දුකසේ අරගෙන, සංස්කරණය කරපු ඒවා නිසයි වෝටර්මාක් කළේ.
Delete@ විචාරක,
Deleteමමත් කවදාවත් හරිහමන් විදියට photoshop ඉගෙනගෙන නෑ.. අවශ්‍යතාව අනුව මේ දේ කරන්නෙ කොහොමද කියලා අන්තර්ජාලෙන් හොයා බලනවා.. ඉස්සර ජාලෙ නැති කාලෙ ඒකට උදවු වුනේ help files.. photoshop විතරක් නෙවෙයි graphic designing software ගැන මගේ තියෙන හැම දැනුමක්ම එහෙම ඉගෙනගත්ත ඒවා තමා.. :-)
photoshop වලත් batch watermarks දාන්ට පහසුකම් සලසලා තියෙනවා.. මෙන්න මෙතැන තියෙනවා ඒ ගැන පොඩි tutorial එකක්..
@ හරී,
watermark දැමීම/ නොදැමීම ගැන තියෙන්න සදාකාලික විවාදයක්.. පොඩ්ඩක් ජාලෙ search කරලා බලන්ට.. :-)
බොහොම ස්තුතියි බූරා. ෆොටෝෂොප් ටිකක් ඉගෙන ගන්නම වෙනවා මම ඡායාරූප ශිල්පයටත් උනන්දුවක් තියන නිසා.
Deleteලංකාවට ගිය වෙලාවක බලන ලිස්ට් එකට එකතු කරගත්තා... :-)
ReplyDeleteකවද්ද ඉති ඔය ලිස්ට් එක ක්‍රියාත්මක වෙන්නේ. තවම නැද්ද වඩාගෙන යන්න එක්කෙනෙක්, දෙන්නෙක්, තුන්දෙනෙක්, හතර..............................
Deleteමේ ගැන දැන ගත්ත එක හොඳයි විබාගෙත් ඉවර උන හන්දා ඇවිදින්න යන්න තැන ටිකක් හොයා හොයා හිටියේ..
ReplyDeleteමටත් තාම යාමට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් ඔබ හොඳ විස්තරයක් කරල තියෙනව.
ReplyDeletehttp://findcracked.blogspot.com/2015/04/ashampoo-red-ex-10-free-download.html
ReplyDeleteAshampoo Red Ex 1.0 Free Download
Make your eyes Red or any color
That was a great place to go and visit. It is one of the historical place in the world. download free software
ReplyDeleteInteresting post.Such a useful information you share.
ReplyDeleteCrack Download Software | Latest Software
well likes to visit it from all over the world. download full software
ReplyDeleteIt was a historical place which almost every one knows about it. download crack software
ReplyDeletenice sharing...!!!!! Thank you so much.
ReplyDeleteSoftware Crack | Free Download Software
Thanks for taking the time to share such a nice information.
ReplyDeleteDownload Free Software
Thanks for this great article, Keep it up and update your interesting share.
ReplyDeleteSEO Crash Course | SEO Tips and Tricks | Free SEO Training
Great posts such a nice information, I was searching it since a long time. Keep it up and update your interesting share.
ReplyDeleteFree Software Download Full Version