හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

08 September 2014

මගේ කැමරා ඉතිහාසය සහ ළඟදි ගත්ත ෆොටෝ ටිකක්

1195436790606908375johnny_automatic_man_with_a_camera.svg.med
 ඡායාරූප ශිල්පය මගේ එක් විනෝදාංශයක්. මා ඡායාරූප ශිල්පය ගැන මූලික කරුණු උගත්තේ, 1960 දශකයේ මැද භාගයේදී, මගේ පාසලේ තිබුණු ඡායාරූප සංගමයට බැඳීමෙන්. ඒ කාලයේ මා බොක්ස් කැමරාවක් පවා පාවිච්චිකර තිබෙනවා. ඒ කාලයේදී බොක්ස් කැමරාවටත් සෑහෙන තැනක් ලැබුණා. යුද බිමේ සිටියදී පවා, මගේ අතේ කැමරාවක් තිබුණා. යුද බිමේදී ලබාගත් ඡායාරූප 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට පත්වුණා, නිසි පරිදි සුරක්‍ෂිත කර නොගැනීම නිසා. ඒ ඡායාරූප අතර, ඓතිහාසික සහ සංග්‍රාමික වශයෙන් ද වටිනා ඡායාරූප රැසක් තිබුණා.  'වෙච්ච දේට එන්න සෙයියරදු' කිව්වලුනේ. :D  
ඉහත පින්තූරය ගත්තේ මෙතනින් 

   ඡායාරූප ශිල්පය ගැන මා තුළ උනන්දුවක් ඇතිවීමට තවත් හේතුවක් වුණේ, මගේ පියා, මා කුඩා කාලයේදී, සෑම පාසල් නිවාඩුවකදීම පාහේ, අපේ මුළු පවුලම රැගෙන, වන්දනා, විනෝද, අධ්‍යාපන, චාරිකාවක යෙදීම සහ, ඒ යන සෑම අවස්ථාවකදීම පාහේ, කැමරාවක් කාගෙන් හෝ ඉල්ලාගෙන ගොස්, පින්තූර ගැනීම නිසයි. එවැනි කලුසුදු පින්තූර රාශියක්, අපේ ගෙදර ඒ කාලේ තිබුණත් අද ඒවා අතුරුදන්. පහත දක්වන්නේ ඒ කාලයේ තිබුණු බොක්ස් කැමරාවක්. මෙහි පටල පටියේ ප්‍රමාණය 120mm ලෙසයි මට මතක තියෙන්නේ. 

a0533979c0ba356255cb9200328d72639511b7
පින්තූරය ගත්තේ මෙතනින් 

   ඉන්පසු කාලයේ මා දුටු හොඳම කැමරාව වුණේ 127mm ප්‍රමාණයේ කැමරාවයි. එය පහත දැක්වෙන පින්තූරයේ පෙන්වන කැමරාවේ හැඩයට ආසන්නයි.

front-view-antique-folding-medium-format-camera-10515135
   
   1960 දශකයේ දී ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පීන් අත තිබුණු ප්‍රබලම අවිය වුණේ, රොලිෆ්ලෙක්ස් Rolleiflex  වර්ගයේ කැමරාවයි. මට මතක හැටියට 120mm ප්‍රමාණයේ කැමරාවක් වූ මෙය, මහා බලගතු කැමරාවක් ලෙස එකල බොහොම ප්‍රසිද්ධව තිබුණා. මම මේ කැමරාවත් වාර දෙකක් හෝ තුනක් පාවිච්චි කර තිබෙනවා.

Rolleiflex-Automat-Model-3-02
පින්තූරය ගත්තෙ මෙතනින් 
   

   කතාව වේගයෙන් ඉදිරියට රැගෙන යනවානම්, 35mm පටලපටි කැමරා පැමිණි යුගයේ, මහා විප්ලවවාදී විශ්වකර්මයා ලෙස සැළකුණේ, Yashica Electro 35 කැමරාවයි. මේ කැමරාව ඒ ගැන හොඳ පුහුණුවක් ලබා නැති අයට පාවිච්චි කරන්නට බැහැ. ක්‍රියාකාරිත්වය තරමක් සංකීර්ණයි. 

Yashica-Electro-35-GL
පින්තූරය ගත්තෙ මෙතනින් 
   
   ඇත්තටම මට මගේම කියා කැමරාවක් ගන්නට ලැබුණේ 1980 දශකයේදීයි. මුලින්ම ගත්ත කැමරාව Olympus වර්ගයේ එකක්. මේ කැමරාවෙන් මට, යුදබිමේ පින්තූර පවා, සාර්ථකව ලබාගන්න පුළුවන් වුණා. හුරුබුහුටි නමුත්, හොඳ පැහැදිලි පින්තූර ගන්න පුළුවන්. මේ කැමරාවෙන් මා ලබාගත් ඡායාරූප, අපැහැදිළි බවකින් තොරව, 12 x 10 ප්‍රමාණයට පවා විශාලනය කර තිබෙනවා. 


appareils photo présentés sur le site www.NETWORK-ERROR.com/photo
පින්තූරය ගත්තේ මෙතනින් 
  

   මීළඟට මගේ කැමරා මිතුරා බවට පත්වුණේ Yashica Zoomate 90 නමැති කැමරාවයි. සම්පූර්ණ ස්වයංක්‍රීය කැමරාවක් වුනත්, ඉතා තියුණු පින්තූර ගැනීමට මේ කැමරාවෙන් හැකිවුණා. මෙහි zoom power එක ඒ කාලයේ හැටියට ඉතා ප්‍රබලයි. මේ කැමරාවේ තිබෙන ලොකුම දුර්වලකම වුණේ ඉක්මනින් බැසයන බැටරියක් තිබීමයි. නැවත ආරෝපණය කළහැකි බැටරියක් මේ කැමරාව වෙනුවෙන් එකළ තිබුණේ නැහැ. මේ කැමරාවේ 90 මෝස්තරයේ පින්තූරයක් හොයාගන්න හැකිවුණේ නැහැ. මෙහි තිබෙන්නේ 70 මෝස්තරය. හැඩයෙන් එක සමානයි. 

5230932690_ba310455e7_z
පින්තූරය ගත්තෙ මෙතනින් 
   

   35mm පටල පටි කැමරාවක් වශයෙන්, අවසාන වරට මා පාවිච්චි කළේ, පහත දැක්වෙන යශිකා කැමරාවයි. මේ කැමරාවේ කාච පද්ධතිය, ඉදිරියට සහ පසුපසට ගෙනයන flex කොටස, ඉක්මණින් කැඩෙනවා. එවිට සම්පූර්ණ කාච පද්ධතියම මිලදීගෙන සවි කලයුතුයි. flex කොටස එයටම සවිවූවක්. ඒ නිසා මේ කැමරාව අවුරුදු තුනකින් පමණ අත්හැර දැම්මා. අදටත් සිහිවටනයක් ලෙස තිබෙනවා.


61bscJEvqTL._SX522_
පින්තූරය ගත්තෙ මෙතනින්
   
   එක දෙයක් කියන්න අමතක වුණා. මේ කාලයේදී මා, වෘත්තීය මට්ටමේ ඇනලොග් කැමරා කීපයක් ඉල්ලාගෙන පාවිච්චි කිරීමෙන්, අත්දැකීම් රාශියක් ලබාගත්තා. එහෙත් ඒවා මිලදීගන්න තරම්, මට වත්කමක් තිබුණේ නැහැ.

     පසු කාලයේදී මට, ඩිජිටල් කැමරා ගැන අහන්න දකින්න ලැබුනා. (අසමි දකිමි) ඒ ගැන වඩ වඩාත් කරුණු හොයන්නත් මා පෙළඹුනා. (අසමි දකිමි + සොයමි) පොත්පත් හොයාගෙන කියෙව්වා. ඩිජිටල් කැමරා පාවිච්චි කරන අය සමග සාකච්ඡා කළා, වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරා කීපයක් අතපත ගා, ටිකක් එහාට මෙහාට වනන්නත් ඉගෙනගත්තා. නමුත් වෘත්තීය මට්ටමේ ඩිජිටල් කැමරාවක මිළ අහපුවාම, මගේ රුධිර පීඩනය වැඩිවන නිසා, මෙන්න මේ වගේ පුංචි ඩිජිටල් කැමරාවකින් සෑහීමකට පත්වුණා.


83414
පින්තූරය ගත්තෙ මෙතනින් 
   
   මෙය Sony DSC W360 මෝස්තරය. මේ කැමරාවෙන් සෑහෙන සතුටුදායක පින්තූර රාශියක් ගන්න මට හැකියාව ලැබුණා. නමුත් ඒ පින්තූර වලින් මා 100% ක් තෘප්තියට පත්වුණේ නැහැ. අද මා පාවිච්චි කරන්නේ, Sony DSC H300 කැමරාවක්. මෙය ඩිජිටල් කැමරා වර්ගීකරණයේදී බ්‍රිජ් කැමරා - Bridge Camera යන වර්ගීකරණයටයි වැටෙන්නේ. 

37142iB0997A5977CBB611
පින්තූර ගත්තෙ මෙතනින් 
   

   මේ කැමරාවෙන් මට වෘත්තීය මට්ටමේ කැමරාවකින් ගන්නා ඡායාරූප වලට සෑහෙන තරම් ආසන්න මට්ටමේ පින්තූර ගන්න පුළුවන් වුණා. මේ කැමරාවේ තිබෙන ෆ්ලෑෂරය, පොපප් ෆ්ලෑෂරයක්. නමුත් එහි බලය, මට අවශ්‍ය ගුණාත්මක බව ලබානොදෙන නිසා, මම ස්ලේව් ෆ්ලෑෂරයක් එකතුකරගත්තා. (ඒ සඳහා මට මග පෙන්වූ වෙනීට මගේ ප්‍රණාමය පුදකරනවා) ඒ මෙන්න මෙහෙමයි.


Exif_JPEG_420
   

   මෙතනදී මම කළේ, ඝන ඇලුමිනියම් තහඩුවක, කැමරාව සහ ෆ්ලෑෂරය, මවුන්ට් කරන්න අවශ්‍ය ආකාරයට සකසා ගැනීමයි. මේ ඇටවුම, මා ළඟ තියන ට්‍රයිපොඩ් එකෙත්, මෙහෙමම සවි කරන්න පුළුවන් වීම විශේෂ වාසියක්. මේ ඇටවුම අතේ තියාගෙනත්, කිසිදු අපහසුවකින් තොරව පින්තූර ගන්න පුළුවන්. මේ ෆ්ලෑෂරය, කැමරාවේ පොපප් ෆ්ලෑෂරය සමග, ස්ලේව් යුනිට් එකක් හැටියට ක්‍රියාත්මක වෙනවා, වයර් සම්බන්ධතාවක් නැතුව. අවශ්‍යවිට ෆ්ලෑෂරය ගලවා අතට අරන්, සුදුසු පරිදි අල්ලාගෙනත් පින්තූර ගන්න පුළුවන්. එමෙන්ම මේ කැමරාවෙන් Manual Mode පින්තූර ගන්න පුළුවන්වීම ගැන, මම හුඟක් සතුවෙනවා. පහත දක්වන පින්තූර වලින් බොහොමයක් ඒ විදිහට ගත්ත ඒවා.

   හැබැයි මේ ඔක්කොම කළත්, මම තවමත් බොහොම ආධුනිකයකු බව, මා කවදාවත් අමතක කරන්නේ නැහැ. අදටත් මම ඡායාරූපකරණය ගැන ඉගනගන්නවා, ඡායාරූප සංස්කරණය ගැන ඉගෙනගන්නවා. දැනට මම පෙරුම්පුරන්නේ, මේ පහළින් ඉන්න එක්කෙනා අයිතිකරගන්නයි. නමුත් දැනටනම් ඒක හීනයක් විතරයි, මෙයාගේ මිළ ගණන් එක්ක බැලුවම. ලක්ෂ 10 - 12 වටින බඩුත් ගෙවන්න දෙන මේ රටේ, කැමරා විතරක් එහෙම දෙන්නේ නැතිවීම ගැන දුකයි. මෙන්න ඉන්නවා ඒ සිහිනය.


nikon-d3200-kit-with-18-55-mm-vr-lens-slr-400x400-imada6rquvzcspxw
   
   හොඳයි, දැන් ඇති නේද කැමරා ගැන කිව්වා. එහෙනම් මෙතන ඉඳලා බලමු මගේ පින්තූර. මේ සියල්ලම ගත්තෙ අර Sony DSC H300 කැමරාවෙන්.


1

2

3

4

5

6

6a

7

7a

8

9

10

11

11a

   නිල්, කහ, රතු, කොළ, යන වර්ණ පමණක් වෙන්කරගෙන, අනෙක් සියලු වර්ණ කළු හෝ අළු පැහැයට හරවා, පින්තූර ගැනීමේ පහසුකම, මේ කැමරාවේ තියනවා. මේ තියෙන්නේ, ඒ ආකාරයට ගත්, පින්තූර කීපයක්.

12

13

14

15

පහත දැක්වෙන පින්තූර ගත්තේ, මේ කැමරාවේ zoom කිරීමේ හැකියාව මැන බලන්නයි.

16
මීටර් 20 ක් දුර සිට 


17
මීටර් 15 ක් දුර සිට


18
මීටර් 50 ක් දුර සිට 


මෑතකදී මට ජාතික සත්වෝද්‍යානයට යන්නට අවස්ථාවක් ලැබුණා. මේ එහිදී ගත් පින්තූර කීපයක්.

19

20

21

22

23

24

25

26

27

   ඡායාරූප සංස්කරණය පිළිබඳව මා ලබාගත් අත්දැකීම් අනුව නිමැවූ පින්තූර දෙකක් සමගින් මේ ලිපිය අවසන් කරනවා.

28

   මේ දැරිවි ඉන්නේ ගාලු මුවදොර වෙරළේ. මෙතන තවත් විශාල පිරිසක් හිටියා. දැරිය මුහුදු රැල්ළට අසුවෙයි යන බියෙන්, ඇගේ මව ඇය අසළම සිටියා. ඔවුන් සියලුදෙනා ඉවත්කර සංස්කරණය කර තිබෙන්නේ.

29

   මේ දීර්ඝ ලිපිය ඉවසීමෙන් බැලූ ඔබ සැමගෙන් මා ඉල්ලන්නේ, මේ පින්තූරවල තියන අඩුපාඩු හැකිතරම් කියන්න. එය මට කරන ලොකුම උපකාරයක්.


my-signature-for-blog[1]    2014 සැප්තැම්බර් මස 07 දින 1328 පැය

100 comments :

  1. නෝනා මහන්සියෙන් සාත්තු කරලා හදාගත්ත මල් ගස් ටිකේ ෆොටෝ අල්ලලා වැඩ්ඩා වගේ දානවා නේද? :-P

    ඡායාරූපකරණය ගැන කිසිදු දැනීමක් නොමැත.. එනිසා ඉහත ඡායාරූපවල ගුනාගුන කීමේ හැකියාවක්ද නොමැත..

    ReplyDelete
    Replies
    1. මේ මල් ගස් වලට අයිතිකාරියෝ තුන් දෙනෙක් ඉන්නවා.
      1. නෝනා.
      2. ඉස්සරහ ගෙදර නෑනා (මගේ අයියගේ නෝනා).
      3. අසල්වැසි නිවසක නෝනා. :e

      Delete
    2. ඔය අල්ලපු ගෙවල්වල තියෙන මල්වල ෆොටෝ ගහන්ට යද්දි ටිකක් පරෙස්සමින්.. :-P

      ඇත්තම කියනවානම් විචාරක ඡායාරූපකරණය ගැන මටත් ලාවට වගේ දැනුමක් තියෙනවා.. මේ පිංතූරුවල ගුනාගුන කියන්ට මට වඩා වැඩ්ඩො ඉන්න නිසයි මම මොකුත් නොකියා ඉන්නම් කියලා හිතුවෙ.. කමක් නෑ කියලාම දාඤ්ඤංකො..

      ඔය මල් පිංතූරුවල සමහර ඒවායෙ ආලෝකකරණයේ දුර්වලතා තියෙනවා.. 12 හා 20 ඉතා හොඳ මට්ටමක තියෙනවා..

      සත්තුන්ගෙ පිංතූරු මල්වලට වඩා ප්‍රශස්තයි.. 24 අර ඉස්සරහින් තියෙන කම්බි දැල (හරි මොකක් හරි එක) මග ඇරගන්ට පුළුවන් වුනානම් ඉතාම හොඳ ෂොට් එකක්.. 28 හා 29ත් බොහොම හොඳයි.. ඡායාරූප ගැනී‍මේදී ආනතිය (සිංහලෙන් කිවුවොත් ඈන්ගල් එක) ගැන තව සැලකිලිමත් වෙන්ට.. 22ත් හොඳ ෂොට් එකක්, ඒත් අර වටේ තියෙන ගහකොලත් ඉස්මතුවෙලා පේන නිසා කුකුළාට ඇහැ යනවා හොරයි..

      Delete
    3. අල්ලපු ගෙවල්වල තියෙන්නෙම ඔය පින්තූරවල වගේ මැද හරී.................ලොකුවෙච්ච මල් අප්පා.

      දැක්කනේද දැන දැනත් මොකුත් නොදන්නවා වගේ හිටිය හැටි. අම්මපා අහුවුනා නම් දෙකක් ඇනලා ස්තුති කරන්නේ මගේ අඩුපාඩු පෙන්නලා දුන්නට.

      නැවතත් බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන.

      Delete
    4. කොටියගෙ පින්තූරේ ගත්තෙ කැමරාව දැලට හේත්තු කරලා. ලෙන්ස් එක රින්ගවන්න බැහැ දැලේ කොටු පුංචියි. දැලට උඩින් එබෙන්න බැහැ දැල හුඟක් උසයි.

      Delete
    5. මම මේ බූර නොදන්න දේවලුත් තියනවද කියලා අහන්ඩත් හදලා නිකා හිටියා... :D

      Delete
    6. තව ගුරු මුෂ්ටියක් කියලා දෙන්නම් විචාරක:

      හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්ට ඕන නම් තමන් ගත්ත නරක පින්තූර හංගලා හොඳ ටික විතරක් අනිත් අයට පෙන්නන්ට ඕන. :-D

      හොඳ ඡායාරූප ශිල්පියෙක් අපට පින්තූර 10ක් පෙන්නනවා කියන්නෙ ඒ සෙට් එකේ තව අපට නොපෙන්නන පින්තූර 90ක් තියෙනවා කියන එකයි. යම් දෙයක් ෆොටෝ ගන්න කොට එකක් අරන් නිකං ඉන්ට එපා. හැකි හැම විදියටම, ඈන්ගල් කීපෙකින් පින්තූර 10ක්-12ක් ගන්ට (මොකද රීල් නාස්ති වෙනවා කියලයැ) පස්සෙ මේ අතරින් හොඳම ටික තෝරගෙන අනිත් ටික මකලා දාන්ට පුළුවන් නෙ. එහෙම කලොත් තමා වැරැදි අඩුපාඩු හදාගන්ට ‍ලේසි වෙන්නෙ.

      @ සෙන්නා,

      එහෙම මහා ලොකුවට දන්නෙ නෑ සෙන්නො. ඔය එහෙං මෙහෙං අත ගා ගත්ත දැනුමක් තමා තියෙන්නෙ. ගොඩ වෙදකං කියන්නෙ, ආන්න එවුවා. :-)

      Delete
    7. දැලයි දිවියයි දෙකම focus (පැහැදිලි) වෙන විදිහට ක්‍රමයක් තියනවද?

      Delete
    8. ඔවු. දිවියට චුට්ටකට දැළ ගාවට එන්ට කියන්ට ඕන.. :-P

      Delete
    9. කෞශල්‍යSeptember 11, 2014 at 2:24 AM

      @Pra Jay
      ඔව් බූරා කියන ක්‍රමේ දිවියා අහන්නෙම නැත්නම් තව විදියක් තමයි ෆොටෝ දෙකක් අරගෙන පසු සැකසුම් (post processing) වලින් එකිනෙක සමපාත කරන එක
      හැබැයි කොච්චර කලාත්මක වෙයිද කියන එක ප්‍රශ්නයක්. දැන් දිවියාගේ ෆොටෝ එකක් ගන්නවානම් බොහෝ දුරට subject එක වෙන්නේ දිවියානේ. දැන් ඒක උඩින් හොඳින් focus වෙච්ච දැලක් වගේ දෙයක් තිබුනොත් ඒක රූපමය බාදාවක් වෙනවා බලන කෙනෙකුට මොකද මිනිස් ඇස (සහ මොලය) හැම තිස්සෙම තියුණු (sharp) රූපයකට ඇදෙන නිසා. ඒ නිසා තමයි single theme ෆොටෝ එකකට හැකි තරම් වෙනත් ආරළු බූර්ලු වලින් තොරව තිය ගන්නේ සහ (composition) එහෙම බැරිනම් ඒවා එක්කෝ unfocus (unsharp) හෝ අඩු ආලෝක (low exposure) තත්ත්ව වලින් තබන්නේ. කලින් කිව්වා වගේ අපේ ඇහැ සහ මොලය හැම තිස්සෙම ෆොටෝ එකේ මුලින්ම ඇදෙන්නේ
      1. තියුණු (sharp) object
      2. හොඳින් ආලෝකකරණය වුන (well exposed and bright) object
      තැන වලටයි.
      උදාහරණ ලෙස බලන්න ෆොටෝ 27 සහ 30 දී main subject එක පොඩ්ඩක් බාදා වෙනවා වගේ දැනෙනවා නේද? ඊට සාපේක්ෂව 24 දැලක් තිබුනත් එක එච්චර ඇසට ගෝචර වෙන්නේ නැහැ නේද?
      ඒ වගේම තමයි සමහර ෆොටෝ ඔය guide line කඩලා ගන්න අවස්ථාත් තියෙන බව අමතක කරන්න හොඳ නැහැ.

      Delete
    10. කෞශල්‍ය, Thanks. මට දැනගන්න ඕන වුනේ subject එක කූඩුවක ඉන්න දිවියෙක්නම් , දෙකම පැහැදිලිව ගන්නෙ කොහොම්ද කියන එක. උත්තරය ෆොටෝදෙකක් සමපාත කරන එක එතකොට. Thanks again.

      @Bur, Thank you too, Dr. Burlittle

      Delete
  2. කැමරාකරණය කියන්නේ මගෙත් ආසම විෂයක්. හැබැයි ඉගෙනගෙන නා කවදාවත්..
    ෆොටෝ ටික පංකාදු පහයි.. හැබැයි මල් වල ෆොටෝ ටික එච්චර මගේ හිතට ඇල්ලුවේ නා. ඒවා තව ටිකක් වෙනස් කෝණ වලින් ගත්තනම් හොඳයි වගේ හිතුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නාඩියෝ. අප්පොච්චියේ ඔය මල් පොටෝ කෙලින්න ගිහින් අවට ගෙවල්, තාප්ප, බිත්ති, නොවැටෙන්න ගන්න එක එපාම වුණා.

      Delete
    2. මල් වල ඡායාරූප වලට වඩා සතුන්ගේ ඡායාරූප බොහොම ලස්සනයි.

      Delete
    3. කොයි සතාද වැඩියෙම ලස්සන?

      Delete
    4. මටනම් 24. 28න් පොඩි ඉඟියක් දෙනවා හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න ඕනා කරන ඇහැක් විචාරක සෑර්ට තියනවා කියලා..

      Delete
    5. ස්තුතියි සෙන්නා, තව හුඟක් දුර යන්නවෙයි. බලමුකෝ.

      Delete
  3. කැමරාවට මාත් මාර ආසයි.. මං නම් මුලින්ම පාවිච්චි කලේ රීල් දාල කැනන් එකක්.. කැමරාව කෝම වුනත් ෆොටෝ ගන්න කෙනා මත තමයි ෆොටෝ එකේ ලස්සන තියෙන්නේ..

    පින්තූර ටික නම් මරු..

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ අදත් සමහර අය පරණ කැමරා අතහැරලා නැහැ. නමුත් වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඩිජිටල් ක්‍රමය.

      පින්තූර ලස්සනයි කියන්නේ එහෙනම් මාත් ලස්සනයි ඈ?

      Delete
  4. මේක නම් මගෙත් විනෝදාංශයක් , විචාරක මාමේ මේ සතුන්ගේ පින්තූරු නම් හරිම professional ගතියක් තියෙනවා. මම නම් ඉතින් ගුගල් දෙයියගෙන් තමා ජායාරූප ශිල්පීය දැනුම ලබා ගන්නේ, කොච්චර හොද කැමරාවක් තිබුනත් කැමරාව හසුරන පුද්ගලයා මත තමා පින්තූරයේ ලස්සන රදා පවතින්නේ 7.5mpix. සැම්සුන් ඩිජිටල් කැමරාවකින් ගත්ත මගේ පින්තූර එකතුවක් මේ ලින්ක් එක දිගේ ගියොත් දැක ගන්න හැකි වේවී http://shanu1987.blogspot.it/2013/12/blog-post.html?showComment=1410125626409&m=1#c1599732588813544071 , nikon d3200 ක් ඉක්මනින් ඔබ අතට පත් වේවායි පතමි! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානු. බොහොම ස්තුතියි. ඇත්තටම කැමරාවක් හැසිරවීමේ පළමුවැනි කාරණය තමයි ඉවසීම. මම ඔයා දුන්න ලින්ක් ඒකෙන් ගිහින් බලන්නම්. බලමුකෝ අර 'නිකොනී' ව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා.

      Delete
  5. ඔය තියෙන්නෙ එලකිරි ලෙසටම.
    රියලි ඉන්ටරෙස්ටින්.
    අර ආයුධ ගැනයි ආගම් ගැනයිනම් ලියන්න එපෝ

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි. නමුත් මගේ ප්‍රතිපත්ති නම් වෙනස් වෙන එකක් නැහැ.

      Delete
  6. මල්වල පින්තූරු ටික හරිම ලස්සණයි. ෆොටෝ ගත්තට ඒ ගැන දැනුමක් නෑ. ඒත් අරන් තියෙන ඒවා ඉහල මට්ටමකින් තියෙන බව පේනවා... :-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි. මම කැමති කවුරුහරි මේ පින්තූරවල අඩුපාඩු කියලා දෙනවානම්.

      Delete
  7. ලෙසටම තියනවා නේද භාණ්ඩෙ පොඩි වුනාට.. මටත් ඔය ගැන ලොකු දැනුමක් නෑ.. කැමරාව මානලා ෆොටෝ එකක් ගන්න විතරයි දන්නෙ...(අසම දකිමි අමතක කරමි :D )

    මගේ ලඟ තියෙන්නෙ මෙන්න මේක.. ඒකත් එළ භාණ්ඩෙ.. පොල්ගස් කරටි වල ඉන්න කූඹින්වත් ෆොටෝ ගන්න පුළුවන්... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සෙන්නා, මේ කැමරාවේ උපදෙස් පත්‍රිකාවක් විතරයි කැමරාව සමග දෙන්නේ. නමුත් පිටු 184 ක් සහිත ඉතා දීර්ඝ විස්තර ඇතුළත් වෙනම උපදෙස් පොතක් සෝනි අඩවියෙන් බාගන්න පුළුවන්. මම ඒ පොතෙන් තමයි කැමරාව ගැන අවබෝධයක් ලබාගත්තේ. ඔයාගේ කැමරාවත් හොඳ පින්තූර ගන්න පුළුවන් එකක් බව පෙනෙනවා. අපි දෙන්නගෙම කැමරාවල තියෙන්නේ CCD සෙන්සර්. නමුත් හොඳ ඩිජිටල් කැමරාවක තියෙන්නේ COMS සෙන්සර්.

      Delete
    2. CMOS = complementary metal-oxide semiconductor යනුවෙන් නිවැරදි වියයුතුයි.

      Delete
    3. //පොල්ගස් කරටි වල ඉන්න කූඹින්වත් ෆොටෝ ගන්න පුළුවන්... :)// නයාගෙ පෙනේ ලොකූකූකූකූකූකූකූ... :b

      Delete
    4. සෙන්නෝ, මෙන්න මේ හරියගේ ඇඟට දාපන්කෝ ඔය නයා මග රැකලා ඉඳලා හවස වැඩ ඇරිලා එනකොට.

      Delete
    5. තැඹිලි ගෙඩි පොල් ගෙඩි වගේ පේන්ට ෆොටෝ ගහන්ට පුළුවන්නම් ඒක සිරා කැමරාවක් වෙන්ට ඇති නේද සෙන්නො? :-P

      Delete
    6. පොල්ගහේ කරටියේ ඉන්න කූඹියෙක් පොටෝ ගහලා පෙන්වනකම් විශ්වාස කරන්න බෑ. :p

      Delete
    7. පොහ්.....සෙන්නා අදම පිචැස් එකක් ගහලා නේද වැඩ කිඩ පෙන්නන්ඩ. මම කියන්ඩද සෙන්නා, හවසට හරියා වැඩ ඇරිලා යනකොට, මූණේ තියන වලවල් පෙනෙන විදිහට පිචස් එකක් ගහලා දුන්නනම්, ආයේ මේ වගේ කතා කියන්ඩ එන්නේ නෑ.

      Delete
    8. ඔන්න මම සෙන්නගේ ෆොටෝ එක මෙතනට දානවා. දැන් මෝහකද කියන්නේ හරී සහ බූරා (සෙන්නා, මේ අඩවියේ කමෙන්ට්ස් වලටත් පින්තූර සහ වීඩියෝ දාන්න පුළුවන්)

      [im]https://jangun.files.wordpress.com/2014/09/p9080003.jpg[/im]

      Delete
    9. බූරා / හරී,

      ඕක ඔය කැමරාවෙ නිශ්පාදන දෝශයක්.. පොල් තැඹිලි වෙලා තමා පේන්නෙ.. :P

      ස්තූතියි විචාරක මහතා..

      Delete
    10. @සෙන්නා,
      ඕක බිම ඉඳලද ගත්තේ?

      @Wicharaka,
      http://pinthooralokaya.blogspot.com/2014/09/blog-post.html

      Delete
    11. http://www.calgaryindians.com/images/joke/joke2477.jpg

      Delete
    12. //මේ අඩවියේ කමෙන්ට්ස් වලටත් පින්තූර සහ වීඩියෝ දාන්න පුළුවන්//

      කොහොමද එහෙම කරන්නේ කියල කියල දෙනවද

      Delete
    13. හරී, ඇත්තම කිව්වොත් මේක එච්චර උස ගහක එකක් නෙමේ.. ගත්තෙත් ටිකක් උඩක ඉඳලා.. කුඹි පේන්න කියලා කතාවට කිව්වත්, සෑහෙන්න පැහැදිලි රූපයක් ගන්න පුළුවන් තරමට සූම් කරන්න පුළුවන්..

      Delete
    14. @ සෙන්නා. මට මතක්වුණේ අර අපි පුංචි කාලේ අහපු සුදු හකුරු හදන කතාව. කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. දැන් කියනවා ටිකයි සූම් කරන්න පුළුවන් කියලා. දැන් අරුන් දෙන්න ගේ ලනගට ඇවිල්ලා හූ කියලා යයි. :e

      @ හරී. බොහොම ස්තුතියි අර දුන්න ලින්ක්ස් වලට.

      @ අටම්. මෙන්න මේ දෙකම බලන්න. හැබැයි බලාගෙන අර කෝඩ්ස් දාන්න ගිහින් වැරදුනොත් බ්ලොග් එක විකාර වෙනවා. මට එහෙම වෙලා පැය ගානක් මහන්සිවෙලා හරියටම හරිගියා.

      http://helplogger.blogspot.com/2012/03/add-videosimages-in-bloggerblogspot.html

      https://www.youtube.com/watch?v=v-f1v1jpJv8

      Delete
    15. Adding an image to a blog comment is straightforward. Here’s the piece of code you need.

      [img src=" "]

      Simply insert the http:// address of your uploaded image between the quote marks above, then replace the square brackets [ ] with < > and you’re done.

      අවශ්‍ය පින්තූරයේ URL එක img src " " කියන එකේ උධෘත ලකුණු දෙක මැදට පේස්ට් කරන්න. එතන දෙපැත්තේ තියන [ ] වරහන් අයින් කරලා ඒ වෙනුවට < > දෙක දාන්න. ඊට පස්සේ ඒ ඔක්කොම කොපි කරලා කමෙන්ට් එකේ පේස්ට් කරන්න. කමෙන්ට් එක පබ්ලිෂ් වුනාමයි පින්තූරේ පෙනෙන්නේ.

      Delete
    16. හපොයි මේක මට කොරන්ඩ බැ
      වෙලාවක ඔය පැත්තේ එන්නං
      බ්‍රෑන්ඩ් එක හැනපියර්

      Delete
  8. බොහොම සුන්දර විනෝදාංශයක් , මගෙත් විවේකය ගෙවෙන්නෙ මේ විනෝදාංශය සමඟින් . සියළුම සේයා රූ අලංකාර වුවත් ‍, 31 වන ඡායාරූපය මගේ හිතට සුන්දර හැඟිමක් ගෙනාවා .
    ස්තුතිය ඔබට

    ReplyDelete
    Replies
    1. මම අහලා තියනවා දරුවන්ගේ ඡායාරූප ගැනීමේදී, ඔවුන්ට නිදහසේ ඉන්න දීලා පින්තූර ගන්න ඕනෙ කියලා. 31 සහ 32 පින්තූර දෙකේම ඉන්න දරුවන් දන්නේ නැහැ පින්තූර ගන්නවා කියලා.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
  9. මමත් මේ සබ්ජෙක්ට් එකට ආසයි. හැබැයි මට කැමරාවක් නෑ. ඉස්සර මට පෝන් කැමරාවක් වත් තිබ්බෙ නෑ. එහෙම තිබ්බා නම් බ්ලොගේට දාන්න ගොඩාක් පින්තූර ගන්න තිබ්බා. මගෙ පෝන් කැමරාවෙන් නම් ළඟ පින්තූර බොහෝම අපූරුවට ගත්තෑකි. ඒත් දුර ඒවා සූzම් කළාම අන්තිම සවුත්තුයි.

    මම නම් හිතන විදිහට හොඳ පින්තූරයක් කියන්නෙ ශිල්පීය දක්ෂතාවය + හොඳ තත්වයේ කැමරාවක්. කැමරාවක් තිබ්බටම මදි. ඒකෙ තියෙන දේවල් එහා මෙහා කරලා ගන්න දැනගන්න ඕනා.

    මේ පෝස්ටුව කියෙව්වම මට හිතුනා මගේ ෆෝන් කැමරාවෙන්ත් එහෙමම ගන්න පුළුවන් විදි මම හොයලා බලලා නෑ නේද කියලා. අදම හොයන්න ඕනා.

    විනෝදා\ශය නම් හොඳයි. ටිකක් ගණන්. විචාරක මහත්මයාට මම සුභ පතනවා හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න. ඒ වගේම ඔය වගේ වයසක ඉඳන් අලුත් දේවල් ඉගෙනගන්න දක්වන උනන්දුවට මට පුදුමයි. මමත් ලොකු උනාම ඒ වගේ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ෆෝන් කැමරා නම් හොඳ ඒවා තියෙන්නේ රු 45000 විතර ෆෝන්වල. හැබැයි අර මම ඊයේ පෙරේදා ලිව්ව තන්තිරිමලේ ලිපියේ පින්තූර ගත්තෙ 2.5 MP තියන මගේ ෆෝන් කැමරාවෙන්.

      ඇත්තටම මම දැකලා තියනවා සමහරු ෆෝන් කැමරා වලින් අඩු රිසොලූෂන් තිබුනත් පුදුම ලස්සන පින්තූර ගන්නවා. ඒක කරන්නේ අර ඔයා කියලා තිබුණ දක්ෂතාවයෙන් තමයි.

      කැමරා සෙල්ලම් හැමදාම මිල අධිකයි. මම මේ වනවිට සෑහෙන මුදලක් යට කරලා තියනවා.

      ලොකුවුනාම මේ වගේ දේවල් කරනවා කිව්වේ කොච්චර විතර ලොකුවුනාමද?

      Delete
    2. මගේ එක 5 MPලු. ඇති නේද? ඒකෙ වැඩ ටික දැනගත්තානම් දැනට ඇතිවෙයි. මේ මොහොතේ නම් කැමරාවකට යට කරන්න නෝ මනී.

      Delete
  10. Tumani,

    photos tikanam athatama lasanai photography gana nam mama dane na.


    Kohomawunath ara po### ano ta duna uthareta nam sathutui ikmanatama milatary post ekak labei kiyala hithanawa ah! Ara sihina cam eka gannath puluwan wei kyala htanawa

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බුද්ධි ඇගයීම ගැන. එක එක විදිහේ බ්ලොග් කියවන අය ඉන්නවනේ. සමහරුන්ට හමුදාව අපථ්‍යයි (allergic) මොනවා කරන්නද?

      ළඟදීම ඉතා වැදගත් හමුදා ලිපියක් දෙන්නම්.

      Delete
  11. කැමරාවක් ගන්න ක්‍රමයක් තිබ්බේ නැති කාලෙ මාත් කැමරා පිස්සෙක්.පස්සෙ පිස්සුව හොඳඋනා.ඒ වෙද්දී කැමරා හය හතක හිමිකරුවෙක්.
    ඒ උනාට මම ආවෙ මල් පිංතුර බලන්න නොවෙයි,පැරණි ඡායාරූප හෝ ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති යුද්ධයේ ඡායාරූප බලන්නටයි.හැකි නම් ආයෙම සැරයක් ඒ පිංතුර දාන්න.

    ReplyDelete
    Replies
    1. පැරණි ඡායාරූප බොහොමයක් විනාශ වෙලා තියෙන්නේ හැලපෙ මම දැනට ඉතුරුවෙලා තියන පින්තූර ටිකක් හරිගස්සලා වෙනම ලිපියක් දාන්න හිතාගෙන ඉන්නවා.

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
  12. සමාවෙන්න විචාරක බොස්..ෆොටෝග්‍රෆි ගැන නම් මගේ දැනුම එච්චර විසාල නැහැ.

    මොනවා වුනත් කට පුරා කියන්න පුළුවන් ෆොටෝ ටිකනම් ලස්සනයි කියල. තාක්ෂණික අඩු පාඩු ඇති. එත් ඉතින් එව්වා විග්‍රහ කරන්නන තරම් ඔය සබ්ජෙක්ට් එක මම ඉගෙනගෙන නැහැ නොව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. ඔව් අපි බලමු ශාස්ත්‍රය දන්න අය අඩපාඩු කියලාදෙයි නේ.

      Delete
  13. මගේ නං හිතට ඇල්ලුවේ විචාරක තුමා අරං තියන විචාරක තුමාගේම පිංතූරේටයි.. අර අංක 26න් තියෙන්නේ හරිම තාත්විකයි, ස්වාභාවිකයි, මේ ඡායාරූපයෙන් අංකුර ඡායාරූප ශීල්පියේකුගේ තියුණු ඇස විද්‍යාමාන වෙනවා... (ඇත්තටම කව්ද අප්පා මේ පොටෝ එක ඇල්ලුවේ)..

    -- ඔය පොටෝ ඇල්ලිල්ල ගැනනං මගේ දැනුම සූන්‍යයි.. ලස්සනට පොටෝ අල්ලන්න විචාරක තුමාට හැකියාව ලැබේවා කියා පතනවා...

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. යකෝ 26 ඉන්නේ ඔරන්උටං ගේ ගෑණි. මම ඉන්නේ 24. අපේ උන්දෑ 24 දැක්ක ගමන් කිව්වා ඔයා ඉතිං එදත් අදත් ඔහොමනෙ කියලා.

      Delete
  14. විචාරක මල් වලටලමයි හිත නේද ? මේ ෆොටෝ වල අඩු පාඩුව තමා නාරිලතා පුෂ්පයක් නැතිවීම

    ReplyDelete
    Replies
    1. පලඩෝ යන්න, නාරිලතා පුෂ්පේ.. යකෝ වයසක මහත්තයකුට ඉන්න නොදෙන අලුකුත්තේරුවෝ...

      Delete
    2. බයවෙන්න එපා මට දුවලා දෙන්නෙක් ඉන්නවා.

      Delete
    3. ඕ යේස්. මටත් ආරංචියක් ආවා ඉවානයගෙ ගෙදර නං යටලීයෙ නාරිලතා පුෂ්ප තියනවා එලෝකෝටියක් කියලා..

      කොහෙදෑ මේ රෙද්දෙ රටේ ස්ලැබ් නෙවැ තියෙන්නෙ. යටලී කොයින්ද.. … නෙද්දකිං. තූ විතරක්

      Delete
    4. ඉතිං පත්තරයෝ මෙහෙන් ඔහාට යටලීයක් ආනයනය කරගනින්කෝ.

      ඒක නෙවෙයි මම දවස් දෙකක්ම උඹට කෝල් කළා. අර ඉතාලි බාසාවෙන් කියන කුණුහරපෙ ඇහුන නිසා කට් කළා.

      Delete
    5. දුවලා දෙන්නෙක් ඉන්නවද ? හප්පේ ... අපි සලකනවා හොඳටෝම මදි .... දැන් මම පොඩි බෑනද ලොකු බෑනාද එතකොට

      Delete
    6. තෝ තුවක්කුවේ බෑනා....!! ගොහින් බලපන්කො බෑනා වෙන්න........
      අම්මපා මම සල්ලි දීලා ඇරන් දෙනවා ගල්කටස් එකක්, තොට කුඩුවෙන්න වෙඩි තියන්න,

      Delete
    7. නාරිලතා පුස්පේ ගැන කිව්වාම විදානයට මලපැනලා මොකෝ......???

      Delete
    8. ඉවානයට හෝ විදානේට බෑණා වීමේ චාන්ස් එක දෙන්නේ මෙහෙමයි. රුපියලේ කාසියක් උඩ දානවා ටයිල් පොළොවේ. රුපියල පැත්ත උඩට හැරිලා වැටුනොත් දෙන්නටම හුළං. රාජ්‍ය ලාංඡනය පැත්ත උඩට හැරිලා වැටුනොත්, ඒත් දෙන්නටම හුළං. රුපියලේ කාසියේ දාරයෙන් කෙලින් අතට හිටියොත් අන්න දෙන්නටම ලැබෙනවා බෑණා පදවි.

      Delete
    9. ඉවාන් & විදානේ....
      ඔං මොකැ කියන්නේ....!!!!

      Delete
    10. විචාරකට මතකද ෂෝලේ ෆිල්ම් එකේ ඔය වගේ සීන් එකක් තියෙනවා. අමිතාබ්ටයි ධර්මේන්ද්‍රටයි පාරෙදි කෙල්ලක් මුනගැහිලා, දැන් මුන් දෙන්නා රණ්ඩුවෙනවා කවුද කෙල්ල ගාවට කතාකරන්ට යන්නෙ කියලා. අන්තිමේදි කාසියක් උඩ දානවා. ඒක වැටෙන්නෙ අර කිවුවා වගේ කෙලින් අතට.

      Delete
  15. හිහික්... පට්ට ඈ...
    අර නිකෝන් එක ලස්ස හතරාමාරක් නේද...
    මාත් ඕකක් විපරං කොරා...
    ගාණ දැක්කම බැලුවෙ නෑ වගේ සේප් වෙලා හිත හදාගත්ත...
    පොටෝ වලට අංක දාල වෝට මාක් දාල නැතිබංගස්තාන කරනවට වඩා ඒව ප්‍රයෝජනයට ගන්න පුලුවං විදියට මොකවත්ම නොකර ඉන්ස්ටග්‍රෑම් හරි ඒවගේ පිංතූර බෙදාගන්න අඩවියකට හරි එකතු කලොත් මොකද...

    ඔව් දැං විචාරක තුමා කියයි ඕව කට්ටිය ගන්නව සමහරු තමන්නෙ නමින් පළ කරනව අරක මෙක කියල...
    එහෙම ගන්නෙ හොද හන්ද නෙව.. එක්කෙනෙක් හරි ස්තූතිවන්ත වෙයි නේද...
    මං මේගැන යසනාත් ධම්මික බන්ඩාර මහත්මයටත් කීව.. මොකද එතුමත් මේ වැඩේම කරනව.... ඒකට උත්තරයක් නොලැබුනා ඒත් ඊට පස්සෙ දාල තිබ්බ සමහර පොටෝ වලට වෝට මාක් එකක් දාල නැතිව තිබ්බ...
    මං කියන්නෙ නෑ ඒකම කරන්න කියල ඒත් ප්‍රයෝජනයක් වෙන කෙනෙක් වෙනුවෙන් පරාර්තකාමීව අන්තර්ජාලයට එකතු කලොත් සතුටක් ලැබෙන්නැති වෙයිද

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. Nikon D 3200 තියනවා රු 65000 සිට ඉහලට. නිකොන් වලම තව මෝස්තරයක් තියනවා ලක්ෂ හතරහමාරට.

      අංක දැම්මේ ඒ ඒ ෆොටෝ එක ගැන අදහස් ප්‍රකාශ කරන අයගේ පහසුවටයි. වැඩ දන්න කෙනෙකුට වෝටර්මාක් මකන්න පුළුවන්. ඔන්න ඔහේ වැඩ දන්න කෙනෙක් ගත්තාවේ. මගේ මොකද.

      බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      Delete
  16. ඔය Kodak, Fuji, Agfa වගේ film වල අනන්‍ය වර්ණ පෙරන ක්‍රමයක් තියෙයි නේද විචාරකතුමා?
    ඒ නිසා දර්ශනයේ බහුලව ඇති වර්ණය අනුව film එක මාරු කරන්න වුනා හොඳ නිමාවක් ඇති පින්තූරයක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ එහෙම මතයක් තිබුනා. නමුත් මම දන්න ප්‍රවීණ කැමරා ශිල්පීන් තමන් හුරුවූ වර්ගයේ ෆිල්ම් රෝල් විතරයි පාවිච්චි කලේ. කොඩැක් සහ ඇග්ෆා තමයි බොහොම කාලයක් කීර්තිනාමය තියාගෙන හිටියේ. පසු කාලයේදී ආනයන වියදම අධික වූ නිසා තමයි වෙනත් නිෂ්පාදන වලට හැරෙන්න සිදුවුණේ.

      Delete
  17. ඔන්න තවත් නොදන්න අතීතයක් ගැන දැනගත්තා. ඔබට බොහෝම ස්තූතියි විචාරක.

    මේ ලිපිය අපේ සංචාරකයටනම් ගොඩක්ම වටී.

    ReplyDelete
    Replies
    1. අතීතය පැත්තක තියලා මගේ පින්තූරවල අඩුපාඩු කියලා දෙන්නකෝ.

      Delete
    2. එහෙම කියන්න තරම් අඩුවක් පාඩුවක් නෑ. අනික ඔය සබ්ජෙක්ට් එක ගැන මගේ දැනුම බිංදුවයි. කොහොම උනත් මටනම් ෆොටෝ ටික උපරිම ලස්සනයි.

      Delete
  18. මාත් සෑහෙන අස කරන දෙයක් තමා ඔය පොටෝ පොටෝ ගැහිල්ල, ඒ ගැන ඉගෙනගෙනත් නෑ, ලග ඇති කැමරාවකුත් නෑ, මට තියෙන ඔල්මාදෙ තරම දන්න අපේ උන් මට කැමරාව දෙන්නේ නෑ, වෙන මුකුත් හින්ද නෙමෙයි, දකින දකින මගුල පොටෝ ගහන හින්දා,

    ReplyDelete
    Replies
    1. කොම උනත් 27 වෙනි පින්තූරේ ඉන්න විචාරක තුමා නිකන් හැන්ඩියා වගේ ඉන්නවා ඈ....!!!!

      Delete
    2. ඔහේ වැඩිය කයිය ගහන්න ආවොත් මම ඔය කූඩුවේ දැළ අයින් කරනවා හරිය? මෙන්න මේ වගේ.

      [im]https://jangun.files.wordpress.com/2014/09/copy.jpg[/im]

      Delete
    3. හප්පට සිලි.....!!!
      විචාරක සෑර්ව දැන් තමා හරියට පෙන්නේ.....!!!!!

      Delete
    4. ඔහේ හිටු කියලා ඇඟට පනින්නද?

      Delete
  19. මමත් ඕ ලෙවල් කරන කාලෙ ඉඳල ෆොටෝ ගහලනං තියෙනව. ඔය කලාත්මක ෆොටෛා් ගැනිල්ලක් ගැනනං තාම මම දන්නෙ නෑ. :D
    විචාරකගෙ ෆොටෝ ටිකනං හොඳ තත්වෙ තියෙනව කියල කියන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න. නමුත් මටනම් හිතෙන්නේ යායුතු දුර බොහොම වැඩියි කියලයි.

      Delete
  20. මාත් ඉතිං ඡායාරූප පිස්සෙක් නිසා ඔහේ දන්න දෙයක් කියලා දාන්න හිතුණා.

    හොඳ ඡායාරූපයක් මූලිකවම බිහිවෙන්නේ මම හිතන හැටියට ඡායාරූපයේ සංයුතියෙන් (composition). ඒ කියන්නේ, අපි ඉලක්ක කරන දෙය ඡායාරූපයේ තියන තැන, ඒකෙ දිශාව, අපි ඒක ඡායාරූපයට නගන කෝණය, පසුබිමේ මොනවද තියෙන්නේ, සහ ඡායාරූපයක් හැටියට ඒකෙ සමතුලිත බවක් තියනවද කියන එකේ. ඒ දේවල් සපුරනවා නම් අඩු තාක්ෂණයෙන් වුණත් හොඳ ඡායාරූප ගන්න පුළුවන්.

    අංක 13
    දැන් මේ ඡායාරූපයේ කහ පාට මල මැදටම වෙන්න තියන එක එච්චර සුදුසු නැහැ. ඒ වගේම ඇහැට බාධා කරන විදිහට වහලයේ කොටසක්, අහසේ තීරුවක් එහෙම තියනවා. Rule of Thirds කියන්නේ මේ වගේ අවස්ථා වලදි හොඳින් පාවිච්චි කල හැකි සැකැස්මක්. එතනදි වෙන්නේ ඡායාරූපයේ රාමුව සිරස් සහ තිරස් අතට සමාන තීරු තුනකට බැගින් බෙදෙන විදිහට සිරස් ඉරි දෙකකුයි, තිරස් ඉරි දෙකකුයි (හිතෙන්) ඇඳගන්න එක. මේ ඉරි කැපෙන ලක්ෂ්‍ය හතරක් තියනවනේ එතකොට. ගොඩක් කැමරා වල මේක ඩිස්ප්ලේ සෙටින්ග්ස් වලම තියනවා. ඒ මල යන්තම් උඩට හැරිලා දකුණු පැත්තට මුහුණ ලා තියන නිසා, අර ලක්ෂ්‍ය වලින් වම් පැත්තේ පහල ලක්ෂ්‍යයට සමපාත කලා නම් වඩා හොඳයි. මේ ඡායාරූපයට වඩා තව සූම් වෙන්නත් ඕනේ. ටිකක් මේ වගේ

    මේ තියෙන්නේ ඔය වගේ ඡායාරූපයක සැකැස්ම සඳහා පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද 10ක්.
    10 Top Photography Composition Rules

    ReplyDelete
    Replies
    1. ඔබට අනෙක වාරයක් තුතියි මේ දුන්න අගනා උපදෙස් වලට. අර තොරතුරුත් ගිහින් බලන්නම්. මගේ කැමරාවේ අර කොටු ජාලය තියනවා. මීට පස්සේ ප්‍රයෝජනයට ගන්නම්. නැවතත් බොහොම ස්තුතියි.

      Delete
  21. මම ගත්ත පෝටෝ කැල්ලක් මෙතනට දාන හැටි කියලා දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ක්‍රම කීපයක් තියනවා ජාලයේ හොයලා බැලුවොත් ෆොටෝ එක ඉස්සර වෙලාම කුඩා ප්‍රමානයකය 400 x 400 තරමට හදාගන්න. නැත්නම් කමෙන්ට් එකට දැම්මම පැත්තක් කැපෙනවා. ඊට පස්සේ එක අප්ලෝඩ් කරගන්න තමන්ගේ සයිට් එකට හෝ ජාලයට. එම URL එක කොපි කරලා මෙන්න මේ කෝඩ් එක ඇතුළට කොපි කරගන්න. [im] [im] මැද ස්පේස් තියන්න එපා. දැන් ඒ මුළු එකම කොපි පේස්ට් කරන්න කමෙන්ට් එකට. කමෙන්ට් එක පබ්ලිෂ් වුනාට පස්සෙයි පින්තූරේ පෙනෙන්නේ.

      Delete
    2. මෙන්න මේ ලෙඩේ මීට පෙරත් තිබුණා. ආයෙත් ඇවිත්. html code එකක් ගහලා කමෙන්ට් එක පබ්ලිෂ් කලාම අර කෝඩ් එක අතුරුදහන් වෙනවා මෙතනත් ඒකම වෙලා. ඒ නිසා කෑලි වලට කඩලා දාන්නම්.

      [ වරහන, ඒක ඇතුලේ සිම්පල් im අකුරුදෙක, දැන් වරහන වහනවා] ඊළඟට ස්පේස් නොතියා ඔබේ පින්තූරයේ url එක copy and paste කරන්න. දැන් ආයෙත් අර වරහන [, ඊළඟට ස්පේස් නොතියා im අකුරු දෙක ආයෙත් ] වරහන. දැන් ඔය මුළු කෝඩ් එකම copy paste කරන්න ඔයාගේ කමෙන්ට් එකේ. කරලා පබ්ලිෂ් කරන්න.

      Delete
    3. එහෙම වෙන්නෙ ලෙඩක් නිසා නෙවෙයි.. කමෙන්ට් බොක්ස් එකේ අපට HTML tags පාවිච්චි කරන්ට පුළුවන්නෙ.. උදා: <b> </b> වගේ ඒවා.. මේවා පබ්ලිෂ් වෙද්දි HTML tags ටික interpret කරලා ඒ අනුව අවශ්‍ය ෆෝර්මැට්ස් execute කරනවා. උදා: <b> </b> තිබ්බානම් ඒ අකුරු ටික බෝල්ඩ් කරනවා..

      මේ නිසා < (less than) හා > (greater than) කියන සලකුණු දෙක ඇතුළෙ ඔයා මොනවා ටයිප් කලත් ඒවා interpret කරනවා.. ඒවා වැලීඩ් HTML නම් execute කරනවා, නැත්තම් ignore කරනවා.. ඒකයි HTML කෝඩ් එක අතුරුදහන් වෙන්නෙ..

      < හා > පෙන්නන්ට අවශ්‍ය නම් & l t ; සහ & g t ; කියන විශේෂ සලකුණු දෙක පාවිච්චි කරන්ට. (අතරමැද ස්පේස් නැතුව)

      Delete
    4. බොහොම පින් මේ කරපු උදව්වට.

      Delete
    5. අනේ මට තේරෙන්නේ ණෑ අයියන්ඩි. අයි ටි බුවා අල්ලගෙන අහගන්නම්.

      Delete
  22. නරක නෑ! මාත් කැමරාවක් ගන්න හිතං ඉන්නව ලොකුවුනාම.

    ReplyDelete
    Replies
    1. කොච්චර විතර ලොකුවුනාමද? දැන් පොඩිද?

      Delete
  23. කෞශල්‍යSeptember 11, 2014 at 4:01 PM

    ආයුබෝවේවා විචාරක තුමනි, අපූරුම උත්සාහයක්. "මල් හතයි" :)

    මේක මගෙත් දැන් සෑහෙන්න කලෙක ඉඳන් බොහොම ආශාවෙන් කරන විනෝදාංශයක්. හරිම සන්තෝසයි තව සහෝදර 'නිෂ්පල' (වැරදුනා නිශ්චල) ජායාරූප ශිල්පය ගැන උනන්දුවක් දක්වන පිරිසක් මෙහෙම හරි හමු වුනු එක ගැන. ඉතින් තවත් පොඩි සාස්තර කාරයෙක් හැටියට මගේ අදහසක් දෙකක් එකතු කරන්නට හිතුවා.

    මල් පින්තූර හොඳයි. මට හිතෙන හැටියට bridge camera වල aperture අගය 35mm වලට සාපේක්ෂව බොහොම අඩුයි. එහෙම කරන්නේ මෙම camera පාවිච්චි කරන්නේ බොහෝ විට උපරිම depth of field රඳවා ෆොටෝ ගැනීමටයි. එයින් වෙන්නේ ෆොටෝ එකේ ළඟ සිට දුර දක්වා ඇති සියලුම දේ sharp focus එකේ තබා ගැනීමටයි. මෙවැනි camera landscape හෝ සමූහ ජායාරූප ගැනීමට සුදුසු වුනත් single theme (උදා තනි මලක්) ෆොටෝ ගැනීමෙදී පොඩි අපහසුතාවයකට පත් වෙනවා. මොකද single theme එකකදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ තනි subject එක sharp focus එකේ තියාගෙන වටේ පිටේ තියෙන අනිත් ආරළු බූරළු out of focus කරලා දාන්න. එතකොට බලන්නගේ ඇස යන්නේ අර single subject එකට විතරයි. මෙහෙම කරන්න පුළුවන් විශාල apeture අගයක් (උදා F1.4 - F2.8 වැනි) රඳවා ගැනීමෙන්. අවාසනාවකට වගේ මෙවැනි apeture අගයන් ලබා ගත හැක්කේ SLR වගේ camera වලයි. නමුත් ලෝකේ හොඳම camera එක තමන්ගේ අතේ තියෙන camera එක නිසා අපි කල යුත්තේ කැමරාවේ හැටියට ජායාරූපය ගැනීමයි. මට හිතෙන විදියට එක උපක්‍රමයක් නම් කැමරාවේ macro mode එක පාවිච්චි කරලා subject එකට හැකි තරම් ආසන්න වීම. එවිට subject එකට වටේ පිටේ තියෙන අනවශ්‍ය දේවල් අයින් කරගන්න පුළුවන්. single theme ෆොටෝ එකක් හැකි තරම් සරල වෙන තරමට හොඳයි.

    යම් පසු සැකසුම් (post processing) ක්‍රමවේදයක් හැදෑරීමත් හොඳ දෙයක්. මම බොහොම වෙලාවට පාවිච්චි කරන්නේ Lightroom සහ Nik software tool. කලාතුරකින් photoshop. Nik software tool එක නම් photo වැඩ වලට කියාපු මල් හතේ tool එකක්. torrents පාරක් දාල ගන්න පුළුවන්. try කරලා බලන්න.

    ඒ වගේම තව exercise එකක් හැටියට කරන්න පුළුවන් වැඩක් තමයි එක subject එකක් තෝරාගන්න. (උදා මලක්). එය කෝණ කිහිපයකින් ජායාරූපගත කරන්න. සැකැස්ම (composition) වෙනස් කරමින් ජායාරූපගත කරන්න. මෙයම උදේ ඉර නැග එන වෙලාවට හා සවස ඉර බැස යන වෙලාවට කරලා බලන්න. ෆොටෝ එක ගන්න වෙලාවේ එකක්වත් මකන්න එපා. පස්සේ computer එකට අරගෙන බලන්න. (හැබැයි ගෙදර නෝනා ගෙන් කාලේ කනවා කියල කොසු මිටි පාර කෑවොත් වග කියනු නොලැබේ)

    ReplyDelete
  24. කෞශල්‍ය, මට හිතාගන්න බැහැ ඔබට කොහොම ස්තුති කරන්නද කියලා, ඉතා සරලව, එහෙත් වැදගත් කරුණු රාශියක් කියාදීම පිළිබඳව.

    මගේ කැමරාවේ manual mode එකට ගියාම aperture value එකත් iso value එකත් වෙනස් කරන්න පුළුවන්. ඔබේ උපදෙස් අනුව එහෙම වෙනස් කරලා බලන්නම්.

    ඔබේ අනෙක් උපදෙස් ටිකත් බොහොම වටිනවා. ඒ අනුව ක්‍රියාකරන්නම්.

    අපේ උන්දැට දැන් තේරිලා තියෙන්නේ පැන්ෂන් ගත්තට පස්සේ මේ මිනිහට පිස්සු කියලා. ඒ නිසා කරදරයක් නැතුව මගේ වැඩ කරගන්න පුළුවන් :e

    නැවතත් බොහොම ස්තුතියි.

    ReplyDelete
  25. බොහොම ස්තුතියි මේ දුන්න ලින්ක් එකට. දැණුම ලබා ගැනීමේ සීමාවක් නැතුවා වගේම වයස බාධාවක් නෙවෙයිනේ.

    ReplyDelete
  26. පින්තුර ගනිල්ලා ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ මම නම්. දැනගන්න කැමරාවක් තියෙන්න එපැයි. ;)

    ReplyDelete
    Replies
    1. ඔය පොඩි කැමරාවක් අරන් ටිකක් වනලා බලන්නකො

      Delete
  27. ඔවු. දිවියට චුට්ටකට දැළ ගාවට එන්ට කියන්ට ඕන

    ReplyDelete
    Replies
    1. කරුමේ කියන්නේ මම උගේ බාසාව දන්නේ නැහැනේ :e

      Delete
  28. අපූරුයි 1960 දශකය වෙද්දී නම් මම ඇත්තේවත්නෑ අපි ඉතින් 80 දශකයේ අන්තිම ටිකේ උපන්න එවුන්නේ... :p
    හොඳ පින්තූර තියෙනවා. ඒත් ඉතින් පින්තූර වල ගුණ දොි කියන්න මෙතැන නම් ඉඩ මදි වෙයි. නරකද facebook ඡායාරූප සමූහයක් එක්ක එකතු වුනොත්. මම නම් ගොඩක් ඉගෙන ගත්තේ ඒවා වලින්.
    ඡායාරූපකරණය ගැනත් ලිපි පෙලක් ලිව්වා. වෙලාවක http://sulakkhana.blogspot.com/ පැත්තේ කැරකිලා බලන්න. ඉගෙන ගන්න දෙයක් තියේවි සමහර විට. හැබැයි ඉතින් මේ තරම් ඉතිහාසයක් තියෙන කෙනෙක් නිසා සමහර විට මගේ වැරදි තිබුනොත් ඒවා වුනත් හදන්න බැරිවෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුලා. හැකිතරම් මගේ අඩුපාඩු පෙන්වා දෙන්න.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }