නොසිතූ විදිහට ටික දිනක් පරිගණකයෙන් ඈත් වී ඉන්නට සිදුවුණා. පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ සිදුවුණ අවමංගල්‍යයන් දෙකක් සහ, තුන් මාසයේ පින්කමක් නිසා, විශාල ලෙස කාලය සහ ශ්‍රමය කැප කරන්නට සිදුවුණා. අළු යට ගිණි නමින් ලියන්නට ආරම්භ කළ ලිපියේ දෙවැනි කොටස සකසන්නට ඉඩ නොලැබුණේ, ටෙලිකොමා මට කළ අරියාදුව නිසයි. ටෙලිකොමා ගේ මාර්ග බාධකය ඉවත්වුණේ, අගෝස්තු 31 රෑ 12 ට යි. නමුත් අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශ්‍රමය හා කාලය කැපකිරීමේ යුද්ධයේ යෙදී සිටින අතර, එහේ මෙහේ දුවන ගමන් ලැබුන විවේකයේදී, සහෘද බ්ලොග් වල කමෙන්ට් එකක් දෙකක් දමනවා හැරෙන්නට, වෙනත් කිසිවක් කරගන්නට ඉඩක් ලැබුනේ නැහැ. ඔය අල්ල පනල්ලේ, 'ජනෙල් 10' ලැබුණත්, ඒ ගැන ලියන්න හිතාගෙන හිටිය ලිපියත්, අතපසුවී ගියා. පසුගිය දිනවල මා ලද අත්දැකීම්, අපේ අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳව නැවත සිතා බැලීමක් කරන්නට, මා තුළ පෙළඹීමක් ඇතිකළා. ඒ නිසයි මේ කෙටි ලිපිය ලියන්නේ.
පසුගිය දිනවල අපේ ප්‍රදේශයේ මරණ දෙකක් සිදුවුණා. එකක් නව යෞවනයේ සිටි තරුණයකුගේ මරණය. 23 හැවිරිදි ඔහු මියගියේ, වන සතුන් නැරඹීම සඳහා ජාතික වනෝද්‍යානයක යමින් සිටියදී, ඔහු ගමන්ගත් ජීප් රථය පෙරළීමෙනුයි. ඉදිරි පස වම් පැත්තේ අසුන්ගෙන සිටි ඔහු, රථයෙන් එළියට වැටීමෙන් පසු, ජීප් රථය ඔහුගේ ඇඟ මතටයි පෙරළී තිබෙන්නේ. දැඩි සත්කාර මැද එක් දිනක් පමණයි ඔහු ජීවත් වුණේ. අපේ රටේ තවමත්, හදිසි ආපදා සඳහා කඩිනම් ආධාර ලබාදීම අතින් අපි ඉන්නේ, ප්‍රාථමික මට්ටමකයි. මේ තුවාලකරු, ගුවන් මගින්, ප්‍රධාන පෙළේ රෝහලකට ගෙනයන්නට හැකිවුනා නම්, ජීවිතය රැකගන්නට තිබුණා.
දෙවැනි මරණයත් අපේ අසල්වැසි, මගේ හිතවතකුගේ මවගේ මරණය. ඇය 77 හැවිරිදි, ඉතා නිහඬ, පිනට ලැදි ජීවිතයක් ගතකළ මාතාවක්. බොරු විච්චූරණ කවදාවත් ඇය ළඟ තිබුනේ නැහැ. කවදාවත්, කාගේවත් ඇද කුද හෙව්වේ නැහැ. කිසිම කෙනෙකුගේ වැරැද්දක්, නරකක් කියනවා මා අසා නැහැ. ඇය මට සැළකුවේ ඇගේ බාල සහෝදරයකුට වගේ. දීර්ඝ කාලයක සිට ඇය විවිධ අසනීප තත්වයන් කීපයකින් පෙළුනත්, තනිවම දෛනික වැඩකටයුතු කරගත්තා. මීට පෙර ද ඇය හදිසියේ අසනීපවී, රෝහල් ගතකර සුවය ලබා පැමිණියත්, මෙවර රෝහල් ගතකර පැයකට පමණ පසු, මියගියා.
ඉහත සඳහන් තරුණයාගේ අවමංගල්‍යය, ඔහුගේ මවට අයත් (ඇත්තටම ඔහුට අයත්) අපේ ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත්වෙනු ඇතැයි අප සිතුවත්, අපේ ප්‍රදේශයට කිලෝමීටර් හත අටක් දුරින් පිහිටි, ඔහුගේ සහෝදරියගේ නිවසේ පවත්වන්නට, ඒ පවුලේ අය විසින් කටයුතු සූදානම් කෙරුණා. මේ නිසා, අපේ සමීප සහයෝගය, ඒ අවමංගල්‍ය කටයුතු සඳහා ලබාදෙන්නට අපහසු වුණා. කෙසේ වෙතත්, ඒ පවුලෙන් ලැබුණ විවිධ ඉල්ලීම් නිසා, කොතරම් දුෂ්කරතා තිබුණත්, විවිධ ආධාර උපකාර කරන්නට අපට සිදුවුණා. මේ අවමංගල්‍ය දෙකේදීම, පොදුවේ මා නිරීක්‍ෂණය කළ කරුණු, අප තවමත් පරණ හණමිටි කරපින්නාගෙන යන ජන කොට්ඨාශයක් නොවේද යන සිතුවිල්ල, මා සිත තුළ ජනිත කළා. අර තරුණයාගේ අවසන් කටයුතු සිදුකරන්නට පෙර දිනයේදී තමයි අර මව මියගියේ. මේ නිසා අපෙන් සෑහෙන පිරිසකට, තම රැකියා වලින් නිවාඩු ලබාගෙන, (පෞද්ගලික අංශයේ රැකියා කරන අය ඉතා දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නා) කොටස් දෙකකට බෙදී, මේ අවමංගල්‍ය දෙකේ වගකීම් බෙදාගෙන කරන්නට සිදුවුණා. පාර දෙපස තණකොළ කපා පිරිසිදු කිරීමේ සිට, කෑම පිසින ලද භාජන ඔසවාගෙන යාම, ඒවා සෝදා පිරිසිදු කිරීම දක්වා, දහසකුත් එකක් කාර්යයන්හි නියැලෙන්නට, අපට සිදුවුණා.
එපමණක් නොවෙයි, දෙවැනි අවමංගල්‍යය අවසන් කළ ඊයේ දිනයේම රාත්‍රියේ, අසල්වැසි තවත් හිතවතකුගේ සහෝදරිය මියගොස්, තුන් මසක් පිරීමේ මතක ධර්ම දේශනාව සහ දානය (දානය මේ ලිපිය ලියන්නට පටන් ගත් අද, එනම්, සැප්තැම්බර් 5 වැනි දිනට යෙදී තිබුණා) යෙදී තිබුන නිසා, ඒ සඳහා අවශ්‍ය සහයෝගය, ආධාර උපකාර කරන්නටත් සිදුවුණා. මේ නිසා, කාර්ය බහුල, වෙහෙසකර, දින ගණනාවක් ගතකරන්නට, අපේ ප්‍රදේශයේ සුබසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් සියළුදෙනාටම පාහේ සිදුවුණා.
පසුගිය දින කීපය තුළ, මා නිරීක්‍ෂණය කළ කරුණු, පහත දක්වනවා.
- මංගල්‍ය කටයුතුවලදී කෙසේ වෙතත්, අවමංගල්‍ය කටයුතු වලදී බොරු මහන්තත්තකම්, ආරූඪ කරගන්නට ධනය වැය කරමින්, විවිධ සැරසිලි, අලංකරණ, කරන්නට මෙතරම් වෙහෙසක් ගන්නේ ඇයි? තමන්ට නැති තත්වයක් ලෝකයට පෙන්වීමට විනා, මියගිය කෙනාට ගෞරවයක් ලබාදීමට නෙවෙයි නේද?
- විවිධ ප්‍රභූවරුන්, මැති ඇමති වරුන්, උසස් රාජ්‍ය නිළධාරීන් වෙත, දූතයන් මගින් පණිවිඩ යවා, ඔවුන් විනාඩි පහකට හෝ අවමංගල්‍ය නිවස වෙත ගෙන්වා ගන්නට, මෙතරම් වෙහෙසෙන්නේ ඇයි?
- තමන්ට මුදල් වියදම් කිරීමේ ශක්තිය තිබුණු පළියට, පිටින් ඔප දැමූ ලෑලි පෙට්ටියකට, ඉතා විශාල මුදලක් ගෙවන්නෙත්, කිලෝමීටරයකට රුපියල් 1000 කට වඩා අය කරන, අති විශේෂ අවමංගල රථයක් යොදාගන්නෙත්, තමන්ගේ හිතට බොරු කරගන්නටත්, ලෝකයාට බොරුව මවා පෑමටත් නොවේද?
- යාන්ත්‍රිකව නිපදවන කිරිකෝපි සඳහා යන වියදමෙන්, කුලියට පුද්ගලයන් දෙදෙනෙකු යොදවා, විදුලි බෝයිලේරුවකින් ජලය උණුකොට, එකවර, කිරි තේ, කිරි කෝපි, කහට තේ, බෙලිමල්, වැනි පාන කීපයක් සැකසිය හැකියි. නමුත්, අහවල් වෙළඳ නාමයේ එක දුන්නම නම්බුව වැඩියි. (සීනිත් වැඩියි)
- එක ළඟ අවමංගල්‍ය එකකට වැඩි ගණනක් සිදුවූ විටක, ඒ සෑම අවමංගල්‍ය නිවසකටම, ගමේ සමිතියෙන් ලබාදෙන සුබසාධක පහසුකම් සියල්ලම, එකවර ලබාදිය නොහැකි බව දැන දැනත්, අපේ අවමංගල්‍යයට ප්‍රමුඛත්වය ලැබියයුතු යැයි සෑම පාර්ශවයක්ම සටන් කරන්නේ ඇයි?
- තමන්ට හැකියාවක් නොතිබුණත්, මානුෂිකත්වය උදෙසා, සමහර නිවෙස් වලින්, ඉතා දුකසේ උයා පිහා ගෙනගොස් ලබාදෙන ආහාරවල, රසගුණ විවේචනය කරන්නේත්, ඒ ආහාර නිසිපරිදි පරිභෝජනය නොකොට ඉවත ලන්නේත් ඇයි? පසුගිය දිනවල, එක් අවමංගල්‍ය නිවසකට සමිති සාමාජිකයන්ගේ වියදමෙන් ලබාදුන් ආහාර අති විශාල ප්‍රමාණයක්, (රෝද දෙකේ ට්‍රැක්ටර් ට්‍රේලරයක් පිරෙන ප්‍රමාණයේ තොග දෙකක් ඌරු කොටුවකට යැවුණා) ඉවත ලා තිබෙනු දුටු මට, දැඩි කළකිරීමක් ඇතිවුණා.
- මියගිය අය ගැන බොරු වර්ණනා කරමින්, කාලය කා දමන දීර්ඝ ගුණ කථන ගණනාවක් පවත්වන්නේ, කාව සතුටු කිරීමටද? තමන්ගේ ඥාතියාට මෙපමණ ආදරයක් තිබුණා නම්, ජීවත්ව සිටියදී ඒ ආදරය නොදැක්වුවේ ඇයි?
- එවෙලේ ලියාදෙන කොළ කෑල්ලක තිබෙන දේවල්, වඩා වර්ධනය කරමින්, මියගිය අය ගැන පෞද්ගලිකව තොරතුරු නොදන්නා භික්ෂූන් වහන්සේ, විප්‍රකාර අනුශාසනා කරන්නේ ඇයි?
- ප්‍රදේශවාසී අනෙකුත් නිවැසියන් අපහසුතාවයට පත්කරමින්, ඔවුන්ගේ ගෙවතුවල අති ගස්, නිවාසයේ වහලය, ප්‍රයෝජනයට ගනිමින් කොඩිවැල් අදින්නේත්, වාහන නැවත්වීමට ඉඩ නැති බව දැන දැනත්, ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට බාධාවන පරිදි, අවමංගල නිවස වෙත එන වාහන නවත්වා තබන්නේත්, නීති විරෝධී ලෙස විදුලි ආලෝකය යොදාගන්නේත්, ශෝක ප්‍රකාශ බැනර්, අසල්වැසි නිවෙස්වල වැටේ සවිකරන්නේත්, ඇයි?
- කාඩ් සෙල්ලම් කිරීම, කැරම්, දාම්, සෙල්ලම් කිරීම නොකළොත් නිදිමරන්න බැරිද? මහා හඬින් උසුළු විසුළු කරමින්, එසේ ක්‍රීඩා කිරීම සදාචාරාත්මකද? විශාල පිරිසක් රෑ එළිවනතුරු මළ ගෙදර සිටියේ නැත්නම්, මළ සිරුරට පණ එයිද?
ඔබටත් කියන්න බොහෝ දේ ඇති. අපි සංවාදයක යෙදෙමුද?
2015 සැප්තැම්බර් මස 06 වැනි දින 0023 පැය
මනු සතාගේ ප්‍රධානතම අවශ්‍යතාවයක් වන අන් අයගේ පිළිගැනීම (Recognition) ලබා ගැනීමට හැකි අවස්ථාවක් ලෙස මංගල සහ අවමංගල උත්සව සැළකීම නිසා. මෙහිදී ඔබ ඉදිරිපත් කර ඇති ප්‍රශ්ණ කිසිවෙක් ප්‍රසිද්ධියේ නොවිමසන නිසා. ඔබ සඳහන් කළ දේවල් කිරීමෙන් තමන් ඉහල සමාජයක ගැවසෙන හා පිළිගැනෙන බව අන් අයට ඒත්තු ගැන්වීමට අවශ්‍ය නිසා. අනුන් ඇත්තටම සිතන දේ ඔවුන් තමන් ගැන සිතනවා යැයි සිතන දේ එක සමාන යැයි සිතන නිසා.
ReplyDeleteතව කරුණක් නම් අන් අයගේ මංගල සහ අවමංගල අවස්ථාවන් හී කෙරෙන දේවල් ගැන විවේචනය කරන අයත් තමන්ගේ එවන් අවස්ථාවලදී එම දේවල් එම විදිහට කිරීමට පෙලෙඹේ.
සහතික ඇත්ත. මම හිතාගත්තා මගේ අවමංගල්‍යය පැවැත්වියයුතු ආකාරය පිලිබඳ උපදෙස් මාලාවක් අපේ ගෙදර යට දෙන්න.
Deleteහොඳ අදහස. එය පිළියෙල කල පසුව බ්ලොග් එකේ පළ කරන්න. එවිට කැමති අයට පුළුවන් එය ලබාගෙන අවශ්‍යනම් තමන්ගේ රුචියට පොඩි වෙනස් කම් කොට තම තමන්ගේ කැමැත්ත ලෙස පවුලේ අයට දන්වා තියන්න. එවිට ඔබගේ මෙම පෝස්ට් එකෙන් සුළු වුවත් යහපතක පටන් ගැන්මක් වෙයි.
Delete//යාන්ත්‍රිකව නිපදවන කිරිකෝපි //
ReplyDeleteමේක ගැන නම් එච්චරම විරුද්ධකමක් දැනුනේ නෑ. හැමෝගෙම ශ්‍රමය හා කාලය ඉතුරු වෙනවනේ.
හැක්... එහෙනං පොඩ්ඩි නෙස්කැෆේ පෙරේතියක් වගෙයි. :D
Deleteවිකාරනං දොඩවන්න එපා ප්‍රසන්න අයියා.. සලිලි දීලා බොන්න බැරිඑකේ නිකං හම්බෙන්නේ මල ගෙදරකදි විතරයි... ඒකටත් කෙලවන්නද කොහෙද මේ විචාරක උන්දෑ හදන්නේ...
Deleteඔය නෙස්කැපේ වැඩේට මං නං මනාපයි. මොකද අතින් හදල දෙනකොට කෝප්ප පිරිසිදු කිරිල්ල අරහේ මෙහේ සතුටු දායක මට්ටමක නැ ,
Deleteමං දන්න තැනක මැෂිමක් තියෙනවා.... උඹලාට මළගෙවල් වලට ඔ්නේ වුණාම කියපං... අා උඹලාම මැරුණ දවසකට මංගානේ ඒක නිකම්ම දෙන්නං.... අපි ඉතින් ෆිට් ඒකනේ..... අාය අපෙන් කියලත් මොනවා හරි තියෙන්නේ ඒපැයි නේද ??????
Delete//අා උඹලාම මැරුණ දවසකට මංගානේ ඒක නිකම්ම දෙන්නං.// එතකොට ඉතිං මැෂිම අල තම්බන්නද?
Delete/මං දන්න තැනක මැෂිමක් තියෙනවා.... උඹලාට මළගෙවල් වලට ඔ්නේ වුණාම කියපං../
Deleteමං දන්න මැෂින් හදන එකෙක් හිටියා ඌ ගිය සතියේ බල්ලෙක් යටකරලා දං එඩ්ස් හදාගෙන
මොන බිස්කට්ද දෙන්නෙ ක්‍රිම් බිස්කට් නම් එනවා නැත්නම් බෑ
Delete@ පොඩ්ඩි.
Deleteමෙහේ ඒ මැෂිමක් කුලියට දෙන්නේ එක බීම කෝප්පයක් රු 22 ගණනේ වැටෙන විදිහට. මළ ගෙදර දින තුනක් තිබුණොත් කෝප්ප 1000 ක් විතර හදන්න වෙනවා. ඒ කියන්නේ රු 22000 ක්. ඒ වෙනුවට මිනිස්සු දෙන්නෙකුට කුලිය ගෙවලා, තේ කුඩු, සීනි, කිරිපිටි, කෝපි කුඩු, බෙලිමල්, කිතුල් හකුරු, දෙන්න පුළුවන් රු 10000 ට පොඩ්ඩක් වැඩියෙන්.
@ විදානේ.
උඹ අවුරුද්දකට දවස් කීයද ගෙදරින් තේ බොන්නේ. මළ ගෙවල් හොයා හොයා ගිහින් බොන එකනේ කරන්නේ.
@ අටම්.
අන්න මම පොඩ්ඩිට කියලා තියනවා වියදම් විස්තරේ. වීදුරු හෝදන්න ඕනේ නැහැ. ඔය පාවිච්චිකර අහකදාන කෝප්ප ගත්තම ඉවරයි.
@ කුරුටු.
විදානයා දෑවැද්දට ඔය මැෂිමක් ඉල්ලුවලු.
@ මෙන්ඩා
හෙයාර් ක්‍රීම් බිස්කට් හොඳයිද?
වැඩිදෙනෙක් මේකෙදි බලන්නේ වියදමට වඩා පහසුව. තේ වගේ දෙයක් දෙනකොට අවශ්‍ය කරන බඩු බාහිරාදිය(කෝප්ප/වීදුරු), පිරිසිදු කිරීම, කිසි දෙයක් ඕනෙ නෑ. අනිත් එක තමයි ඉඩකඩ මොකද අපි දැන් දහ අතේ ණයවෙලා පර්.10ක අටවාගන්න ගෙදර කුස්සියේ ඉඩ තියෙන්නේ යන්තම් එකෙක්ට හැරෙන්න විතරයි. මැෂිමට මේ මොනවත් අවශ්‍ය නෑ, පොඩි ඉඩක තබන යන්ත්‍රය පැය කීපයකට වරක් නැවත පිරවීම විතරයි, පොඩි එකෙක්ටත් නෙස්කැෆේ අරන් බෙදන්න පුළුවන්.
Deleteඒ වගේම, මමත් ඇතුළු බහුතරයක් නෙස්කැෆේ බොන්න අකමැති වුනත් (සීනි හින්දද, පහුවදාට ** ආඩම්බර බලන්න වෙන හින්දද දන්නෑ) එ් වෙනුවට වෙන පහසු විකල්පයක් නෑ (Monopoly).
මම ප්‍රදර්ශණවලදී නම් දැකල තියනවා තේ/ඔසුපැන් හදන මේ වගේ මැෂින්, ඒත් එ්වා මෙහෙම තැනක පාවිච්චි කරන්න කුලියට ගන්න තියනව කියලනම් හිතන්නෑ. ඒ වගේම මළ ගෙවල්වල 'රාත්‍රී තේ සැපයීම' වගේ සේවයක් සපයන කේටරින් සර්විස් එකකුත් ඇති කියල මම නම් හිතන්නෑ. මේ වගේ විකල්ප දීප ව්‍යාප්තව තියනවනම් කවුරුත් අනිවාර්යයෙන්ම එ්වට යොමු වෙනවා.
ඉඩකඩ ඇරුනහම ප්‍රධානම ප්‍රශ්ණේ තමයි පවුලේ සාමාජිකයන් ගාන. ඉස්සර පවුලක් ගත්තහම ලමයි 10 - 15ක් හිටියට දැන් එකයි නැත්නම් දෙකයි. ඉතින් කවුද වැඩ කරන්නේ?
මමත් පෞද්ගලිකව හදන පානයන් බොන්න අකමැති පිරිසිදුකම කියන සාධකය උඩ.
Deleteඅපේ ආච්චිගේ මළගෙදරදි පිරිසක් අත හෝදලා තිබුනේ හදලා තිබ්බ බීම එකෙන්.
මනුසතා තුළ ඇති හිනමානය තමා කෙටිම පිළිතුර.....
ReplyDeleteඔව් නලින් ඒකත් එක හේතුවක්.
Deleteනලීන්,
Delete+++++
ඇය් ට්‍රැෆික් එක
ReplyDeleteළමයි ඉස්කෝල වලට අරන් යන වාහන දැඩි දුෂ්කරතාවයකට මුහුණ දුන්න මග ඇහිරෙන විදිහට නවත්වා තිබුණු වාහන නිසා.
Deleteමේ අවමගුල් උත්සව දෙකේ කවි ගායනා, කවි මුද්‍රිත ශෝක ප්‍රකාශ යනාදිය තිබුණා ද?
ReplyDeleteඒ එකක්වත් තිබුණේ නැහැ. තිබුණා නම් සාහිත්‍ය රසයවත් විඳින්න තිබුණා.
Deleteඅවමංගල්‍ය දැන්වීමක ප්‍රයෝජනය අදාල විස්තර දැන්වීම පමණක් උවත් අඩු වියදමින් කළු සුදු දැන්වීම් මුද්‍රණය කරගැනීමට තිබියදී විශාල වියදමක් දරා ඡායාරූපය වර්ණයෙන් මුද්‍රණය කිරීමට වෙහෙසෙන්නේ ඇයි?
ReplyDeleteඕව ඔක්කොම බොරු ලොකුකම් පෙන්නන්න කරන වැඩනෙ විචා මහත්තයො. දැන් මලගේක තත්වෙ මනින්නෙ එතන තියෙන ඩිජිටල් බැනර් තොගේ වැඩිවෙන පිළිවෙලට.
මමනං තදින්ම විරුද්ධ පොලිතීන් වලින් සැරසිලි කරන එකට. අපේ අලුත් ජනාධිපතිතුමා පොලීතින් ගැන දැඩි තීරණ ගන්නවයි කියල තිබුණ. මමනං කියන්නෙ කිසිම උත්සවයක සැරසිලි වලට පොලිතීන් භාවිතා කිරීම වහාම තහනම් කළ යුතුයි.
සම්පූර්ණයෙන් එකඟයි ප්‍රසන්න. අපි හිතනවා දැන් ඉන්න පරපුර මෙහෙම නොකරයි කියලා. ඒත් උනුත් කරන්නේ ඒටිකමයි.
Delete01. / ඇය මට සැළකුවේ ඇගේ බාල සහෝදරයකුට වගේ./ වැඩිමහල් ලෙස නිවරදි විය යුතුයි...
ReplyDelete02. /රෝද දෙකේ ට්‍රැක්ටර් ට්‍රේලරයක් පිරෙන ප්‍රමාණයේ තොග දෙකක් ඌරු කොටුවකට යැවුණා/ ඒ සේරම තනියම කෑවද?
03. අපරාදේ අර කොල්ලා, වන සත්තු බලන්න නං විචාරක මහත්තයාගේ ගෙදර එන්න කිව්වනං හරිනේ..
හරි දැං මගේ අදහස..
මනස්ගාත කල්පනා කරන්නැතුව ලෝකේ පෙරලෙන විදියට පෙරලෙන්න දෙන්න විචාරක මහත්තයා..
ජ ය වේ වා !!!
ඔන්න පේනව නේද විචා අංකල් නිකං හම්බෙන නෙස්කැෆේ කෝප්පෙකට කරන්න පුලුවං දේ. :P
Deleteඒ විදානේ අපි නෙස්කැෆේ පාටියක් දාමුද???? පර්ල් ඒකේ හවසක සෙට් වෙලා....
Deletehttp://cvpsur.blogspot.com/2014/08/blog-post_8.html
Deleteපර්ල් එකේ නෙස්කැපේ ගැන මගෙන්
@ විදානේ.
Delete1. වැඩක් නෑ. මගේ සෙන්ටර් බෝල්ට් ගිහිල්ලා
2. අපේ එවුන් මට හොරෙන් ඒ අගනා ආහාර අතුරුදහන් කොරලා.
3. නාකි දඬු ලේනෙක් විතරක් බලන්න ඇවිල්ල වැඩක් තියෙයිද?
@ ප්‍රසන්න.
විදානයා මළ ගෙදරකට ගියාම ඉන්දගන්නේ නෙස්කැෆේ මැෂිම පෙන දුරින්ලු.
ඒකනේ .... "මිය ගියේ ඔබ නොව අපය...." කියලා ළොකු බැනර් එකක් දාන්නේ..
ReplyDeleteමම දාන්න ආපු කමෙනට් එක මේ යකා දාලා , බලන්නකෝ මාමේ .......................
Delete@ මාතලන්. අම්මපා සහතික ඇත්ත. කරුමේ කියන්නේ එකෙක්වත් ඒක තේරුම් නොගන්න එක.
Delete@ ඉවාන්. උඹ බැනර් එකක ලිව්වලු නේද 'මියගියේ අප නොව ඔබය' කියලා?
එක දෙයක් කියලා නෑ.. මළ ගෙදර පැත්තක ඉඳන් සෙට් වෙලා 'අරවා' අටක් ගිල දාපු එක ගැන.. හැක හැක..
ReplyDeleteමඟුලකදී බැරි උනත් මරණයකදී නම් මාත් කොහොම හරි ගිහින් දවසක් දෙකක් ඒ මිනිස්සුත් එක්ක ගත කරලා එනවා. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියනවනේ.. ඉතින් දුක තුනී කර ගන්න මිනිස්සු ළඟ ඉන්න එක වටිනවා. බොරු සෝබන කරන එකේ තේරුම නම් ඉතින් ඉන්න උන්ගේ සායම බේරා ගැනීම තමයි.
එව්වා ගිල්ලේ මළ ගෙදරදී නෙවෙයි. මළ ගෙදර අවසන් කරලා ඇවිත් මගේ මිත්‍ර පරණ නැවියෙකුගේ ගෙදර ඉඳන්.
Deleteශ්‍රම දායකත්වයෙන් බොහෝ දේ කරලා දුන්නා මමත්. නමුත් බොරු සෝබන තමයි දිරවන්නේ නැත්තේ.
ඕවා ඉතින් හණමිටි දේවල් කියලා කියන්ටත් බෑ. කාලෙන් කාලෙට පලාතෙන් පලාතට වෙනස් වෙවී ආව දේවල්. හොඳ කෑලියි බොරු කෑලියි දෙකම සම සමව තියෙනවා.
ReplyDeleteඉස්සර කාලේ පැය 24න් වැඩේ කම්මුතුයි. දැන් නෙ දවස් ගනන් තියාගෙන ඉන්නෙ.
මිනී කුණු කර කර තියාගැනීම මහා ගොන් පාට එකක්. හොඳ කෑලි හලලා බොරු කෑලි වැඩිකරගෙන තියෙන්නේ අද බොහොමයක් ප්‍රදේශවල.
Deleteජීවත්ව ඉන්න කාලේ මියගිය කෙනාට “හරියට සැලකුවේ නැහැ.සලකන්න බැරි වුණා “ කියන පසුතැවිල්ල වක්‍රව ප්‍රකාශ වෙනබව මට පෙනුන දෙයක්.
ReplyDeleteඑතකොට“ එවා වෙනුවෙන් කරන්න පුලුවන් මෙච්චරයි “ කියන එක.
මළ ගෙවල්වලින් අතින් හදන බිම බොන්න මිනිස්සු මැලියි.
ජීවත්ව හිටිය කාලේ නොසලකා හැරලා දැන් බොරු සෝබන කරන්නේ තමන්ගේම හිත රවට්ටගන්න නේද?
Deleteනෑ නෑ මම කිව්වේ සිසිල් බීම නෙවෙයි. තේ, කෝපි, ආදිය ගැන. ඒ සඳහා ඉවත දමන කෝප්ප යොදාගන්න පුළුවන්.
//කාඩ් සෙල්ලම් කිරීම, කැරම්, දාම්, සෙල්ලම් කිරීම නොකළොත් නිදිමරන්න බැරිද?//
ReplyDeleteසෑර් මගුලක් කියනවා .. ඒ කුණ අපිනෙ දන්නෙ..මළගෙදර මිනිය නැතත් "ඇම්ඩා"යි කාඩ් පැක් එකයි කැරම් බෝඩ් එකයි ඕනැමයි ..ඕ යේස්
වයසට ගිහිං වෑර් මාරු වෙලාද කොහෙද විකාර දොඩනවා
Deleteවයසට ගිහිං වෑර් මාරු වෙලාද කොහෙද විකාර දොඩනවා 2
Deleteවයසට ගිහිං වෑර් මාරු වෙලාද කොහෙද විකාර දොඩනවා 3
Delete//"ඇම්ඩා"යි කාඩ් පැක් එකයි කැරම් බෝඩ් එකයි ඕනැමයි ..ඕ යේස්//
Deleteඕව නැත්තං මගුල් ගෙයක් නෙ , නැද්ද බං.?
This comment has been removed by the author.
Deleteකම්මල ගෙ දෙකයිද වැදුනෙ. අර නලින් අයියගෙ වගේ තුන වදින් නැද්ද?
Deleteතුන වදිනවා අතන ප්‍රෙසා්... මේ මට මතක් වුණේ හැලපෙ අයියගේ අම්මගේ මලගෙදර දවස... කෝ මේ එදා ගිය අනිත් කස්ටිය.
Deleteඅපේ සීයත් අන්තිම කාලෙ ඔයවගේ අපබ්‍රංස කීවා .. ෆ්ලෑෂ්බෑක් එකේ රිදම් ගහන්න යනවය කීවා..විධායකේ අහෝසි කරනවයි කීවා..අනේ හරියට සුමානයයි හිටියේ ඇංජිම සීස් උණා :D
Deleteනැතුව කම්මලේ :D අරක්කු තියනවා බෑන්ඩ් එක ඉන්නවා කට්ටිය අඬනවා .. ජෝඩුව පිටත් වෙන වෙලාවයි මිනිය උස්සන වෙලාවයි දෙකම එක වගේ..බැනර් ටික නැත්තං කෙළියා .හැක් හැක්
Delete//අපේ සීයත් අන්තිම කාලෙ ඔයවගේ අපබ්‍රංස කීවා .. ෆ්ලෑෂ්බෑක් එකේ රිදම් ගහන්න යනවය කීවා..විධායකේ අහෝසි කරනවයි කීවා..අනේ හරියට සුමානයයි හිටියේ ඇංජිම සීස් උණා //
Deleteනෙදකිං තොගේ කට , අවකැපෙන කතා කියන්ඩ එපා මූසලයෝ , එලියට ගිහින් තුතු කියල කෙලගහල වර
මං ලඟදි ගිය හලාවත මලගෙයක එකපාර බෑන්ඩ් එකක් ගැහැව්වා ... හොඳ වෙලාවට පිටරටින් ආව ලොකු මහත්තයෙක් ඒක නැවැතුව. නැත්නම් මිනිය නැගිටිනව, පණපිටින් හිටිය එකෙක් දෙකෙන් වල පල්ලට යනව
Deleteඅඩේ කිවුවත් වගේ ඇංජිම සීස් වෙලාද මන්දා තාම මේ මනුස්සයා නෑනෙ.
Delete//හොඳ වෙලාවට පිටරටින් ආව ලොකු මහත්තයෙක් ඒක නැවැතුව. නැත්නම් මිනිය නැගිටිනව///
Deleteමං මේ කියම්දෝ නැද්දෝ .. ඉල්ලං කන්ඩ වෙයිදෝ කියල නොකිය නොකිය හිටියෙ ප්‍රා..සිරාවටම :D
මෙතන ඉතින් උයාගෙන කන ආකි චෙෆ් සහ මැෂින් චෙෆ් ලොකු මහත්තුරු දෙන්නයිනෙ ඉන්නෙ.
Deleteඅපි ඔක්කොම ඉල්ලගෙන තමයි කන්නෙ. බලන්න අර ගෝලාකාර පූස් මහත්තය, ඕනවෙලාවක මොනව ලිව්වත් කනව
//ගෝලාකාර පූස් මහත්තය, ඕනවෙලාවක මොනව ලිව්වත් කනව //
Deleteඇයි කුඩ පාරවල්. සපත්තු පාරවල් :D :D
ඒ කුණ අපිනෙ දන්නෙ..මළගෙදර මිනිය නැතත් "ඇම්ඩා"යි කාඩ් පැක් එකයි කැරම් බෝඩ් එකයි ඕනැමයි ..ඕ යේස්
Deleteඑකගයි...නැත්නම් ඒවා මල ගෙවල්ද?
අපේ සීයත් අන්තිම කාලෙ ඔයවගේ අපබ්‍රංස කීවා .. ෆ්ලෑෂ්බෑක් එකේ රිදම් ගහන්න යනවය කීවා..විධායකේ අහෝසි කරනවයි කීවා..අනේ හරියට සුමානයයි හිටියේ ඇංජිම සීස් උණා//
මල ගෙදර යන්න ඉස්සර චෙක් කරලා බලන්න වෙනවා නෙස්ැෆේ කැරම් බෝඩ් කාඩ් පැක් ඇවලබල්ද කියලා
ඊට කලිං බලපං ගල් බෝතල් කීයක් ඇවලබල්ද කියල.
Deleteඅඩෝ වරත්තු පත්තරයා .. තෝ ජීවත් වෙන අන්තිම දවස් ටික අම්මප
Delete@ පත්තරේ.
Deleteඑහෙනම් රාත්‍රී විදුලි ආලෝකයෙන් මහ පාරේ සීමිත ඕවර් තරගයක් තියමුද?
@ විදානේ/අටම්/කුරුටු.
වයර් මාරුවුණේ උඹලව ආශ්‍රය කරන්න ගත්තට පස්සේ.
@ කම්මල.
උඹලගේ ගෙදර හින්නේ මළ ගෙවල් වලින් ගෙනාව කාඩ් පැක් නේද?
@ පත්තරේ.
උඹත් දැන් සීයගේ වයසට ලඟයි නේද?
@ ප්‍රා.
පූසා ගෝලාකාරද ත්‍රිකෝණාකාරද?
@ ඉවාන්.
බයවෙන්න එපා මම කියලා දෙන්නම් පිස්තොලෙන් වෙඩි නොතියා මිටෙන් ගහන හැටි.
......//..එවෙලේ ලියාදෙන කොළ කෑල්ලක තිබෙන දේවල්, වඩා වර්ධනය කරමින්, මියගිය අය ගැන පෞද්ගලිකව තොරතුරු නොදන්නා භික්ෂූන් වහන්සේ, විප්‍රකාර අනුශාසනා කරන්නේ ඇයි?....
ReplyDeleteසෑම තැනකම ඇත්තටම වෙන්නේ ඔකම තමයි.දරැවෝ අට දෙනෙක් හිටපු එක් වයසක අමිමා කෙනෙක් දරැවෝ වෙනස්කමි කරලා ඉන්න තැනක්වත් නැතිව මැරිලා ගියා.හැබැයි මිනිය තියාගන්න නමි හැමෝම උනන්දු උනා.මල ගෙදරත් ආදායමක් කරගන්න තමයි ට්‍රයි එක.අපි පෞද්ගලිකව දන්නවා ඒ අමිමට කිසිම දරැවෙක් සැලකුවෙි නැ.එත් අනුශාසනාවෙිදි ගමෙි පන්සලේ හාමුදුරැවෝ ලොකු දරැවගේ ඉදල පොඩි එකාට එනකමි දිග ගුණවර්ණාවක් කලා.ඉන් පස්සේ මෙ දරැවෝ අමිමව ඇහැක් වගේ බලා ගත්ත විදිය අනිත් අයටත් ආදර්ශයක් කීවා.මම දැනට ගිය මල ගෙදරකදි එකම එක අවස්ථාවක විතරක් ඉතා හොද අනුශාසනාවක් අහන්න ලැබුනා වසබීලා මැරැණ කෙනෙකුගේ මල ගෙදරක.හාමුදුරැවෝ අනවශ්‍ය වර්ණනා කිරිමි මොකවත් කලේ නැ.ඉතා කෙටියෙන් අර්ථවත් අනුශාසනාවක් කලා හැමෝටම දැනෙන විදියට ජීවිතය හා මරණය කියන කරැණු මුල් කරගෙන.
පස්ස පැත්තෙන් හිනා යන්නේ මැරිච්ච එකා පැත්තක තියලා, දරුවෝ ගැන, පරම්පරාව ගැන, බයිලා ගහන එකටයි. අම්මපා සමහර හාමුදුරුවරු නිකම් ජෝකර්ලා වෙනවා.
Deleteතමන්ට නැති තත්වයක් තියෙනවා කියලා පෙන්නන එක මනුස්ස ස්වභාවයක්නෙ. ඔන්න ඔහෙ ගණන් ගන්නෙ නැතුව ගියා, උදවු කරන්න ඕනෙ නම් කලා, නයිටක් ගැහුවා ආවා. පුළුවන් නම් අනික් අයට ආදර්ශයක් වෙන්න කියලා අපෙ මරණයක් සිද්ද උනු වෙලාවට බොරු සෝබන නැතුව ඉවරයක් කරලා දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ඕකට. අපෙ අප්පච්චිගෙ මරණෙ කටයුතු කලේ නම් ඕව මුකුත් නැතුව. එක කොඩියක්වත්, බැනර් එකක්වත් දැම්මෙත් නෑ, ඒ දවස් වල තිබුණු ගණන් අඩුම පෙට්ටියක් ගත්තෙ. ගුණ කතන එකක්වත් තිබ්බෙත් නෑ. ලොකු හාමුදුරුවො අනුශාසනාවක් කලා, ස්තුති කතාව කලා අපෙ වත්ත කෙලවරේම සෑය හදලා පිච්චුවා. උඩට ඇදපු සුදු රෙද්ද විතරයි.
ReplyDeleteමම ඊයේ ඒ පැත්ත මගහැරලා හිටියා. හත් දවසේ දානය දිනය පැමිණෙන තුරු ගමේ අය ඒ ගෙදරට කෑම දෙන්න ඕනෙලු. නියමයි නේ? එක එක පලාත්වල තියන ගොන්පාට් සමහර අය තවත් පළාත්වලට හඳුන්වා දෙනවා.
Delete/ඔබටත් කියන්න බොහෝ දේ ඇති. අපි සංවාදයක යෙදෙමුද?/
ReplyDeleteඒක පාරටම සංවාදයක කියන ඒකේ "ද" යන්න දැක්කේ "ස" යන්න විදියට චැහ්....
දැක්කත් සැපයි :D
Delete@පත්තරේ - තාම වාරකන්ද? :P
Delete@ විදානේ.
Deleteසිංහයෙක් කවද්ද ඉත්තෑවෙක් එක්ක.....................
@ පත්තරේ.
හූ.................ඔන්න ඉවානයා උඹ දන්නෙත් නැතුව අර මධුවගේ ගිරවා කළ වැඩේ කරලා.
මම අඳුරන කොල්ලෙක් මැරුනා. මම මලගෙදරට ගියෙනෑ මම හමුල දී හිතුවේ ඒ මම නොදන්න කෙනෙක් කියලා.යන අයටත් කිව්වා ජීවිතේට නොදැකපු කෙනෙක්ගේ මලගෙදරකට යන එක එයාගේ නෑයන්ට කරන හිරිහැරයක්. ඉස්ලාමයට අනුව මැරුණු අයගේ නෑයන්ට ශෝක වෙන්න දීලා පැත්තකට වෙන එක වඩා සුදුසුයි කියලා.
ReplyDeleteපස්සේ මේ මගෛ් යාලුවෙක් කියා දැනගත්තාම මම මල ගෙදරට ගිය කෙනෙක්ගෙන් ඇහුවා කොහොමද මල ගෙදර අය ශෝකෙන්ද හිටියෙ කියලා.
ඌ කිව්වා නෑ කට්ටියම සන්තෝශෙන් හිටියේ අපි යනකොට එතන කොක්ටේල් පාටියක්, හත් දවසේ ඩීජේ එක්ක් තිබ්බා, තුන්මාසේ කැබරේ එකක් තියනවා. මම ඇහුව එතකොට අවුරුද්දේ දානයක් දෙනවද කියා අවුරුද්දට ස්ට්‍රිප් ඩාන්සර්ලා ගෙන්වනවා කිව්වා.
පස්සේ ඌ කිව්වා උඹ ශෝකද අහනවා, අපි යනකොට මැරුන කෙනාගේ අම්මටයි අක්කටයි අඬලා අඬලා පන නෑ.එකම පුතා මැරුනාම උන් දරා ගන්න කොහොමද?
මේ ලිපියේ මම කියලා තියන තරුණයාත් ඒ වගේමයි. එකම පුතා. අක්කා සහ අම්මා විතරයි ළඟ හිටියේ. තාත්තා ඈත් වෙලා වෙන දිහාවක ඉන්නේ. එදා ඒ අම්මා අඬපු විදිහට කාගේත් ඇස්වලට කඳුළු ආවා.
Deleteමෙහෙමයි අයියේ
ReplyDeleteතරහගන්ඩ එපා , ඔයා නිකං හිතල බලන්ඩ ඔයාට දැන් හැමදේම මොකක්හරි ඇදයක් පේනවා නේද , ...ඕක ඔයාට විතරක් තියන දෙයක් නෙමෙයි , අපේ අම්මයි තාත්තයි උනත් දැං දැං එහෙමයි
නිරීක්ෂණය - විචාරකමහතා සහ අටමාගේ අම්මා තාත්තාගේ හැසිරීම ඒකවගේ
Deleteනිගමනය - විචාරකතුමාටත් ඔලුව ලොකු තට්ටය පෑදුණු මානසික රෝගී දරුවෙකු අැත......
නිගමනය 2 - පියා සේවය කල අලිමංකඩ වවුනියාව ආදි ප්‍රදේශවල හා මායිම් ගම්මාන ආශ්‍රිතව තවත් මානසික රෝගී දරුවන් සිටිය හැක .…
Deleteඑලයින්මන්ට් ප්‍රශ්නයක්?
Deleteනෑ බ්රේක් ප්‍රශ්නයක් මං හිතන්නේ
Deleteනෙදකින් මූ වගේ චාරයක් නැති එකෙක්......අයියා.....ඔහොමත් කියනවද වෑසක උපාසක මහත්තැන්ට
Delete@ අටම්.
Deleteඇද නැති දේවල් ගොඩක් දැකලා අහලා හොයලා බලලා තියන නිසයි ඇද දෙයක් දක්කම් ඒක ඇදයි කියන්නේ. හිතලා බලන්න ඕනෙම ක්ෂේත්‍රයක සෑහෙන කාලයක් අද්දැකීම් තියන කෙනෙක් මෙවැනි විවේචන වලට පෙළඹෙනවා. විවේචනයේදී ඉදිරිපත් කරන කරුණු තාර්කික සහ සාධනීය නැත්නම් විතරයි එයට වලංගු භාවයක් නැතිවෙන්නේ.
@ කුරුටු.
කොච්චරවුනත් ඒකා හොඳ එකා.
@ පත්තරේ
කවුද උඹට කිව්වේ මම මාසෙකට නඩත්තු වාරික කීයක් ගෙවනවද කියලා.
@ප්‍රා.
බැලන්ස්ටාෆ් ගිහිල්ලා.
@ ඉවාන්.
නිතරම ගහනවා හිටං ඒ වුනාට වදින්නේ නෑ හිටං
@ චෙෆාකි
තමන්ට වැඩිය අවුරුද්දක් විතර වැඩිමල් කෙනෙකුටනේ කියලා තියෙන්නේ.
මෙහෙමයි විචාරකතුමෝ.............
ReplyDeleteඅපිනම් මේ කතාවට ඒකගයි.... අපේ උන් තේ මැෂිමක් අල්ලං උඩ පැන්නාට අනික් නාඩගම් ගැන කතා කරන්නෑ.. මේවා විකාර තමා.. මැරුණ ඒකා මළා... ඉන්නකං පැත්ත බලපු නැති උන් මේ කරන දේවල් නාඩගං නෙමෙයිද??? මේවා විකාර
/මැරුණ ඒකා මළා.../
Deleteපොස්ට් එක දාලා දවස් කීයක් වෙනවද අනිවා මෑන් මැරිලා
පලයව් යන්න , විචා මාමට මැරෙන්න දෙන්න නා යකෝ මම ඉන්නකං
Delete@ කුරුටු.
Deleteවිකාර කියලා දැන දැනත් එව්වා කරන එක තමයි 21 වැනි සියවසේ ලොකුම විහිලුව.
@ විදානේ
උඹ කතාකරන්නේ වලපල්ලේ ඉඳගෙනද?
@ ඉවාන්
මගෙ සුදු බෑනන්ඩිට.............................
විචාරක තුමා මේ ප්‍රශ්නය මේ පෝස්ට් එකට අදාලව නම් නෙවෙයි. මට දැනගන්න ඕනි ඇයි සමාජවාදි රටවල හමුදා පෙලපාලි වල පාද තබන ආකාර්ය වෙනස්? විශේෂ හේතුවක් තිබෙනවද?
ReplyDeleteහෙහ් හෙහ් හෙහ්, ඔයත් අහන ජාති මේ මළගෙවල් මැද්දේ. හොඳයි හොඳයි කමක් නෑ.
Deleteමෙන්න මේකයි හේතුව. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ධනවාදී සහ සමාජවාදී බල කඳවුරු අතර සීතල යුද්ධ වඩාත් උග්‍ර අතට හැරුනා. තම තමන්ගේ අනන්‍යතාව ලෝකය පුරා පැතිරවීම ගැන විශේෂයෙන් සමාජවාදී රටවල් උනන්දු වුනා. ඒ අනුව තම ත්‍රිවිධ හමුදා සරඹ තමන්ට ආවේණික ක්‍රමයකට හදාගත්තා. ඔවුන්ගේ ගමන වේගවත් සහ ආවේගශීලී මෙන්ම ප්‍රහාරාත්මක බව පෙන්නන්නයි මෙහෙම කරලා තියෙන්නේ. නමුත් ඒ ගමන් විලාශයෙන් බොහෝ දුරක් ගමනේ යෙදීම නම් අපහසුයි ශරීරයටත් වෙහෙසකරයි අගුනයි. පාද වැල විකෘතිතා ඇතිවන්නට ඉඩ තිබෙනවා.
ඇනෝ එල ද බ්‍රා
Deleteමළ ගිය ඇත්තාගෙන් ගතහැකි අවසාන පොරෝජනේද ගැනීම හෙවත් වේස්ට් මැනේජ්මොන්ට්.
ReplyDeleteබලපං මේ විචාරකයා වේලක් දෙවේලක් පිරිමහගන්න එකට කෙලින්නයි හදන්නේ..
Delete@ මධු
Deleteවේස්ට් මැනේජ්මන්ට් කොහොම වෙතත් පරිසර දූෂණය නම් සිද්ද වෙනවා, කොඩි බැනර්, ඉවත දමන ආහාර, ප්ලාස්ටික් කෝප්ප යනාදියෙන්.
@විදානේ
හෑ........................ඔහේ කවදා ඉඳලැයි මළකුණු වළඳන්නේ?
විචා තුමා, මම මේක හොඳ ද? නරක ද? කියලා කතා කරන්නේ නෑ. නමුත් මම මටත් පහුගිය දවස් කීපයේ දකින්න ලැබුනු එකිනෙකට වෙනස් මලගෙවල් දෙකක් ගැන විතරක් කියන්නම්.
ReplyDelete1. ඒ ගෙදර මිය ගොස් සිටියේ පියා. දරුවන් තිදෙනෙක් සිටියා. ඔවුන් රටේ ඉහල යැයි සම්මත රැකියා කරන පිරිසක්. නමුත් තම පියාගේ අවසන් කටයුතු කිසිඳු ගුන කතනයකින් තොරව නිමා කිරීමට කටයුතු කලා. කතා කරන්න බලාගෙන ඇවිත් හිටපු සියලු දෙනාට නිකන්ම යන්න සිද්ද වුනා. (මෙහි අර කෝපි යන්තරේ තිබුනි.)
2. මේ ගෙදර ආච්චි අන්තරා වෙලා හිටියේ. දරුවන් හත් අටදෙනෙක් සිටියත් අවසාන කාලේ මේ ආච්චි බලා ගත්තේ ලේලියක් විසින්. දරුවන් නිකමටවත් බලන්න ආවේ නෑ. මේ ලේලි විවාහ වී සිටි ආච්චිගේ පුතා ද මේ ලේලිය ව හැර ගොස් තිබුනා. (දරුවන් සිව්දෙනෙකු සමග) නමුත් ඇය ජීවිකාව ගෙන යමින් මේ ආච්චිටත් හැකි පමනින් සැලකුවා. අඩුම තරමේ අල්ලපු ගෙදර සිටි දුව හෝ බලා ගත්තේ නෑ. මිය ගිය පසු දරුවන් ආවා. ඔවුන්ට රිසි ලෙස අවමංගල්‍ය සැලසුම් කලා. නමුත් අවසානයේදී අනෙක් සියලූම දෙනාගේ නම් මහ හඬින් කීවත් මේ ලේලියගේ නම කිසි විටක සඳහන් නොකිරීමට ඔවුන් කටයුතු කළාදැයි මට සිතුනා. මේ අවමංගල දින තුන තුල තවත් හොඳ හොඳ කෙලි තිබුනා.
1. නිකම්ම කඩේ වැසීම හොඳ නැහැ. හාමුදුරුවන්ගේ අනුශාසනයක්, එක ගුනකතනයක් සහ ස්තුති කථාව පැවැත්වීම ප්‍රමාණවත්.
Delete2. තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට තමගේ මෑණියන්ගේ මළ සිරුර යොදාගන්න අය මිනිස් රූපයෙන් සිටින මළ පෙරේතයන් කියා තමයි මමනම් හිතන්නේ.
විචාරක අඩවිය පැත්තේ ආවේ සෑහෙන කාලෙකින්.
ReplyDeleteමේ මාතෘකාව ගැන මමත් ලොකු බ්ලොග් පෝස්ට් එකක් ලියල තියාගෙන ඉන්නවා. මටත් මේ වගේම අත්දැකීම් දෙකතුනක් තියනවා. ඒක වෙලාවට එලියට දාන්නම්.
මටත් පෙන්නන්න බෑ ඔය බොරු සෝභන වැඩ. අනික් එක තමා දැන් මළගෙවල් වලට මිනිස්සු යන්නේ කන්න බලාගෙන. ඉස්සර නම් මිනිස්සු මළගෙදරකිං නෙවේ ඒ අහලපහල ගෙදරකින් වත් කෑවේ නෑ. විසබීජ සහ අනික් දේවල් නිසා. ඒත් දැන් මුන් යන්නෙම කා කියාගෙන. මම නම් පෞද්ගලිකව මළගෙදරකට ගියහම කන්නේ නෑ.
කන්න දෙන්නත් හරියට මගුල් ගෙදරකට වඩා වියදම් කරනවා මිනිස්සු.
මම නම් කියන්නේ පාංශුකූලය දීලා ආගමික වතාවත් කරලා මිනිය වලලන්න/පුච්චන්න ඕනේ ගෙනාපු දවසෙම. මොන මගුලක්ද ආය ඕක තියාගෙන පූජා පැවැත්තුවා කියල පණ එනවා කියලය.
බොහොම ස්තුතියි කාලෙකට පස්සේ ආවට. ඔබේ ලිපියත් හැකි ඉක්මනින් ලියන්න.
Deleteමම නොකියා හිටිය දෙයක් ඔබ කියා තිබුණා. කෑම කන්න විතරක් සමහරු එනවද කියලා මට හිතුන වාර අනන්තයි. ඒ මදිවට ගෙදර ඉන්න අයටත් කෑම ඔතාගෙන යනවා. කෑම වලින් පවා තම නම්බුව මහන්තත්තකම පෙන්නන්න උත්සාහ කරන මානසික රෝගීන් ඉන්නවා.
ඉතාම අඩු කාලයකින් අවසන් කටයුතු නිමකිරීමයි හොඳ.
Mama ape ammata thaththata kiyala thiyenne ohela wayasata giyahama specialist dr la langata posh hospital walata ekkan gihin boru sobana karaawata wada hondin intapuluwan kale ohela uparima santhosen thiyanawa kiyala. Mokada api kawuruth marena minissu. Ey maranedi pada show pennanne? Oya weya karana laksha ganan ey jiwath weddi wiyadam karanta beri? Ey oya kiyana guna gaayanaa jiwath wela indiddi muunatama kiyanna beri?? Mewwa loku pada show mr. Wichaaraka. Honda lipiyak..!!
ReplyDeleteසහතික ඇත්ත. අම්මගේ තාත්තගේ උපන් දිනයකට දරුවෝ ඇවිත් පරණ කතා කියලා අම්මව/තාත්තව සතුටු කරලා යන්න පුළුවන් නම් ඒ දෙමව්පියන්ගේ ආයුෂ වැඩිවෙනවා. එවැනි සාදයක් පවත්වා දෙමව්පියන්ගේ ගුණ කථනයක් කරන්න පුලුවන්නම් ඒ පවුල්වල සමගිය වර්ධනය වෙනවා.
Deleteපෝස්ට් එකේ අදහසටත් වඩා වටින අදහසක්. වටිනාකම තේරෙන අය දැන්ම කරමු.
Deleteපොදර්ශන කාමය කියල එකක් තියෙනව නේහ්...
ReplyDeleteමට මතක එච්චරයිලු
මෝඩකම පෙන්වීමේ මානසික රෝගය කිව්වනම් තමා ගැලපෙන්නේ.
Deleteමේවට මොන සංවාදද බං.. ඕකට කියන්නේ මිනිස් චෛතසිකය හා ඒ සම්බන්ධ අතුරු ක්‍රියාවන් කියලයි. කවදත් ඕවා ඔහොමයි. මට කියහං පුලුවන් නං සැප - දුක ආදි අෂ්ඨ ලෝ දහම අනුව ජීවත් වෙන මිනිහෙක්..
ReplyDeleteවිදානේ මයා
Deleteසටිෆිකෙට් ඇත්ත. අර බෆර් එක තලපු කතාව උනත්.... නේද?
Delete@ දේශ්.
Deleteමම කියන්නේ මේකයි. ලෝකේ කොහෙවත් නැති ගොන්පාට් සමාජ සම්මතයන් කියා පිළිගැනීමෙන් අපි පෙන්නන්නේ අපි ගොන්නු කියලා නේද?
මරණ මඟුල් ආදියට පොහොසත් රටවල සාමාන්‍ය ජනතාව වියදම් කරන ගාණටවඩා ලොකු ගාණක් දුප්පත් රටවල දුප්පත් මිනිස්සු වියදම් කරන එක හරිම ඛේදජනක දෙයක් !
ReplyDeleteමේවාට මගපෙන්වීම් පටන්ගන්න ඕනේ පාසලෙන්.
Deleteමළ ගෙවල් ගැන නම් කතා බොහෝමයි.
ReplyDeleteඅතීතයේ ලොකු වත්කම් තිබිච්ච හා පස්සෙ කාලෙක ඔක්කොඅම නැතිවෙලා අතේ සතේ නැති උනත් පරණ විදිහට ර්‍අස්පොට් එක තිබ්බ ගෙදරක මළගෙයක් උනා. මේ මිනිස්සුන්ගෙ රැස්පොට් හින්දා අසල්වාසීන්වත් කන්න බොන්න ටිකක් දෙන්න ගියේ නෑ. අපේ ගෙදරින් එක දවසක දවල් වේල දුන්නා. මෙන්න කාලා බීලා ඉවර වෙල ඒ ගෙදර නාකි දුවෙක් කියනවලු. රෑට නම් බත් වලට වඩා ඉඳිආප්ප තිබ්බ නම් හොඳයි කියලා. ඉඳිආප්ප ඔක්කොටම හදාගෙන එන්න කියලත් හොඳට දෙහි දාලා සම්බෝල, කිරිහොදි, මාළු හොදි හදන් එන්න කියලත් අම්මට නියෝග කළාලු. ඊටපස්සෙ ඉතින් සිද්ධ උනේ වතුර උගුරක්වත් ගිහින් නොදීපු එක.
කියලා වැඩක් නෑ. මේ ඊයේ පෙරේදා නැතිවුණු කාන්තාවගේ මළ ගෙදර ආහාර සැපයීම සම්බන්ධීකරණය කරන්න එක නෝනා කෙනෙකුට කිව්වා. එයා අනික් නෝනලාට නියෝග දෙන්න පටන්ගත්තා. අන්තිමට අනික් නෝනලා දමලා ගහලා යන තත්වයට පත්වුනා. බොහොම අමාරුවෙන් වැඩේ සමථයකට පත්කරගත්තේ.
Deleteඕකට කොරන්න තියෙන්නෙ අපි අපේ ඒවා වත් පිලිවෙලකට කොරන එක.
ReplyDeleteඅපේ කිරිඅම්ම නැති උනා ගෙදරම.පාන්දර 3ට විතර.පහුවදා හවස 3 වෙනකොට ආදාහනාගාරයේ ආදාහනය කලා.නායක හාමුදුරුවරු දෙන්නෙක් හිටපු නිසා ඒ දෙන්නා අනුශාසනා කලා.අප්පච්චි ස්තූතිය ප්‍රකාශ කලා.ඉවරයි.කොඩි නෑ..පෝස්ටර් නෑ..
හැබැයි ගමේ මිනිස්සු තරහ උනා කතා දුන්නෙ නෑ කියලා.
නෑයො තරහ උනා එනකල් තියන් හිටියෙ නෑ කියලා.
(උන්ට නම් ඉතින් කිරිඅම්ම අසනීපෙන් ඉන්න කාලෙ ආපු නැති එක නාපු එකමයි හොඳ.)
එහෙම පොඩි වල් වාසිත් වදිනවා..
ජයවේවා..!!
මමත් හිතාගත්තා මගේ අවමගුල සරලව කලයුතු ආකාරය දැක්වෙන උපදෙස් මාලාවක් අපේ ගෙදර අයට දීලා තියන්න.
Deleteකවුරු තරහවුනත් නැතත් කමක් නැහැ බොරු සෝබන නැතුව.
හැමෝම දරුවන් දොස්තරවරු, ඉංජිනේරුවෝ කරන්න උත්සාහ කරත් යහපත් දේවල්, තැනට සුදුසු නුවන ඔවුන්ට ඔවුන්ට ලැබෙන්නේ නෑ. පාසලෙන් ලැබිය යුතු දේ නෙවි අද ලැබෙන්නේ. උදාහරණයක් විදියට, තනියම ඇඳුමක් මදගන්න, සපත්තු පිරිසිදු කරලා පොලිෂ් කරගන්න, තනියම වැසිකිලියක් පිරිසිදු කරගන්න වත් දන්නේ නෑ. නමුත් ඒවායෙන් තමයි පටන්න ගන්න ඕන.
ReplyDeleteඑකඟයි. අද අධ්‍යාපනය කියන්නේ විභාගය නමැති කඩුල්ලෙන් පනින්න රේස් අශ්වයන් පුහුණු කිරීමක්. ක්‍රීඩා පැත්තට යොමුවන දරුවන් අතර ජය පරාජය විඳ දරාගැනීමේ හැකියාව අඩුයි. දෙමව්පියන් සෑහෙන පිරිසකගේ ඔලු හිස්. දරුවන්ට අවවාද කිරීමට හෝ මග පෙන්වීමට අවශ්‍ය ලෝක විෂයය දැනුම, සදාචාරාත්මක දැනුම, ඉතා අඩුයි. ගෙදර රූපවාහිනිය පාලනය කරන්නේ දරුවෝ. රූපවාහිනියේ පෙන්වන හරසුන් බොළඳ කතා කෙල හල හලා අම්මලා බලන්නේ දූවරු සමග. දෙමව්පියන් බොහොමයක් දරුවන්ගේ සේවකයන් වෙලා.
Deleteආගමික මත කුමක් වුවත් මම අදටත් අනුමත කරන්නේ මුස්ලිම් භක්තිකයන්ගේ දිනක් ඇතුලතදී මරණයේ අවසන් කටයුතු සිදුකිරීමේ චාරිත්‍රයයි.
ReplyDelete‘පණ සුන් සිරුරක් ලඟ තබාගෙන හඬා වැලපීමෙන් හෝ ගෞරව කිරීමෙන් අපට මෙන්ම මියගිය කෙනාටද ලැබෙන දෙයක් නැති අතර, බොහොමයක් ආගම් වලට (විශේෂයෙන්ම බුදු දහමට) අනුව කල යුත්තේ ඔහු හා අප වෙනුවෙනේ පින් රැස් කිරීමයි.’
මගේ ගුරුවරයෙක් හා සමීප මිත්‍රයෙක් වන අයෙක් ඔහුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය ලියා තිබෙනවා. සියලු කරුණු මතක නැතත් ප්‍රධාන කරුණු කීපයක් මට මතකයි.
1. මිය ගිය දිනය තුලදීම අවසන් කටයුතු සිදුකිරීම.
2. මරණය ආරංචිවී නිවසට පැමිණෙන අයට උත්සව අවස්ථාවකදී මෙන් හොඳින් කෑම බීම දී සැලකීම.
3. මේ මුළු කාලය පුරාවටම ඔහුගේ ගීත එකතුවේ ඇති ගී (මෙහි 90%ක්ම ඇත්තේ අමරදේවයන්ගේ හා නන්දා මාලනියන්ගේ ගීතය) නිවසේ වාදනය කිරීම.
වැදගත්ම කාරණය නම්, මේ සියලු දේ සඳහා අවශ්‍ය මුදල් ඔහු බැංකු ගිණුමක තැම්පත් කර තිබීමයි.
ඔව්, මුස්ලිම් වරුන් නෙවෙයි, මේ විශ්වයේ වෙනත් ග්‍රහලොවකින් හරි කමක් නැහැ හොඳ ආදර්ශයක් ලැබෙනවානම් එය අනුගමනය කලයුතුයි.
Deleteඅද බොහෝ දෙනා බෞද්ධ දර්ශනය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි වරුන්ට ලොකු තැනක් ලැබෙන බුද්ධාගමක් හදාගෙන යැදීම් සහ ඇදහීම් තුළින් විමුක්තිය හොයනවා.
මමත් ළඟදීම මගේ අවසන් කටයුතු කලයුතු ආකාරය ලියා තබනවා.
එන යාලුවන්ට බොන්න ගල්
Deleteඑන්නැති යාලුවන්ට?
Deleteඔය මළගෙවල් වල බුරු ගහන්න නැතුව ඇති නේද...
ReplyDeleteඅපේ පැතිවල ගොඩ වෙලාවට මළගෙවල් කියන්නේ පොලිසියෙන් පනින්නේ නැති ලයිෂන් සහිත බුරු පොළවල්...
බූරු ගහන බූරුවෝ දැන් සෑහෙන්න අඩුයි නේද?
ReplyDeleteඑහෙම කියන්න එපා බූරුවන්ට දුක හිතෙයි.....
Deleteගමකට ගිහින් බලන්න ඕනේ විචාරක ඒවා දකින්න...
Deleteබුරු ගහන එකා බුරුවෙක් වෙනවනම් කැසිනෝ ගහන එකා, බුකියේ ඔට්ටු අල්ලන එකා හොඳ වෙන්නේ කොහොමද විචෝ...
මම හිතන්නේ අපිට එහෙම හිතෙන්නේ ඒ ඒ භාවිතය තියෙන සමාජ මට්ටම් වලට සාපේක්ෂවදෝ කියලා...
දැනට මා පදිංචිව සිටින ප්‍රදේශයට ආසන්න සමහර ගම්වල, මළ ගෙවල් ආශ්‍රිත බූරු පිටි, මා කීපවතාවක් දැක තිබෙන නිසයි, බූරුවා ගහන බූරුවෝ කිව්වේ.
Deleteමෙතන කැසිනෝ කාරයෝ ගැන කතා කරන්න අවස්ථාවක් තිබුනේ නැහැ. (කැසිනෝ කාරයා සහ රේස් ඔට්ටු අල්ලන්නා හොඳයි කියලා මා කියා නැහැ. නොකියූ දෙයක් අධ්‍යහාරයෙන් ගත්තේ ඇයි?) ඒ නිසා, කතාවට අදාළ බූරුවා ගහන බූරුවෝ ගැන විතරයි කිව්වේ. කැසිනෝ ගැහීමත් වැරදියි. නමුත් උන් කැසිනෝ ගහන්නේ මළ ගෙදරක නෙවෙයි. වෙනස ඒකයි.
මළ ගෙදරක් පාදක කරගෙන සූදු කෙලින එකා මොනතරම් පහත් මානසිකත්වයක් තියන එකෙක්ද? ඌ මිනිස් රූපයෙන් ඉන්න මළපෙරේතයෙක් නෙවෙයිද?
මේ සියල්ලටම හේතුව මමත්වය කියලයි සිතෙන්නේ
ReplyDeleteසත්තකින්ම ඔව්.
Delete