හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 September 2015

බලුකිරියා තවමත් පුරාණය වළඳයි

Shit Eating Dog
බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව. 

   මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා තිබෙන ටික හොඳයි කියල පාඨකයෝ කිව්වොත්, බඩ පිනුම් ගහමින්, නහය තද කරගෙන, මගේ ඉතුරු පුරාණයත් වළඳනවලු. මගේ පුරාණය බලුකිරියාට එතරම්ම රසවත්ලු. ඔබට බැරිද බලුකිරියට කියන්න, ඔච්චරම ආසානම් ඔබේ පුරාණයත් වළඳන්න කියලා. 



පේනවා නේද එපා කියද්දීත් බලුකිරියා පුරාණය වළඳන හැටි?

මේ බලන්න, පුරාණය වළඳන්න එපා කියා, මීට පෙර මා ඉල්ලාසිටි ආකාරය


Screenshot (17)
   

   ඉතින් මෙහෙම ඉල්ලුවට වැඩක් නැහැනේ. පුරාණය අනුභව කිරීම නවත්තලා නැහැනේ. පුරාණය වැළඳීම දිගටම කරගෙන ගිහින්. මේක ඉවසගන්න බැරි සාමාජිකයෙක්, මේ කක්කා හොරාට, හොඳ පදවලින්ම කියලා තියනවා. උගේ කක්කා හොරකමේ තරම. ඒ සාමාජිකයාට මාගේ ගෞරවනීය ස්තුතිය හිමිවෙනවා. මේ බලන්න. මම එක වචනයක් විතරයි සුදු පාටෙන් වහලා තියෙන්නේ. ක්ලික් කරලා, ලොකු කරලා බලන්න. 




   මේ පුඟුලා අමාරුවේ වැටෙන්නේ, විෂයයට අදාළව කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවමයි. මොකද, මේ මිනිහා නොදන්නා විෂයයක කරුණු හොරකම් කරලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් අහපු තැන්වල, මේ ගොබ්බරාළ නිහඬව ඉන්නවා. මේ බලන්න.



   හැබැයි මෙව්වා මෙහෙම වෙද්දීත්, ලක්ෂ පහකට වැඩි, මහා සාමාජික බලහමුදාවක, බ්‍රිගේඩයක, සේනාංකයක, අයිතිකාර, උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්‍රාත් බල කඩදාසිකාර, බලුකිරි ඇඩ්මින් (ඇඩ්ඩින්?) ගොයියට, වගේ වගක් නෑ.

   අයියා චූන් එකේ, ඔහෙ කකුල වන වනා, හඳමාමා වගේ ඉන්නවා. ඉතිං ඔච්චර ලොකු ඇඩ්ඩින් අයියෙකුට, ලැජ්ජාව කියලා අංශු මාත්‍රයක්වත් නැද්ද, තමන්ගේ මහා බලුකිරි හමුදාවේ ඉන්න, සමහර හොරිකඩ බල්ලන්, මේ අපි වගේ නාකි පැන්ෂන් කාරයකුගේ ලිපි, අමු අමුවේ හොරකම් කරන තුරු ..... සමග නිදිවදින්න?

අම්මපා මුන් ජන්ම දායාදය ලැබුවේ මොකුන්ට දාවද?

2015 සැප්තැම්බර් මස 21 වැනි දින 2347 පැය  

105 comments :

  1. සිඳින සිඳින තරමට සුවඳයි සුධවල සඳුන් ගසේ.
    ඔය උඩ පෙන්නපු සාමාජිකයාගෙ කමෙන්ටුව මම මෙතනට උපුටා දාන්න හිටියෙ ලිපිය මුල කියවද්දි. ඔහොම එළ කොල්ලො ටිකක් එළකිරියෙ ඉන්නවා. මගේ එකක් (නෙමේ කීපයක්) දාපු වෙලෙත් එහෙම කොල්ලෙක් ඔය විදිහටම කොක්ක ඇද්දා. සමාජ ජාල වල වැදගත්ම ලක්ෂණයක් විචාරක තුමා ඕක. හොරකම් කරලා සදහටම ඉන්න බෑ හැංගිලා. බැංකුවක් කැඩුවා වගේ තමා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ එවුන්ට නම් ලේසි වෙන්නේ නැහැ අපිව සිඳින්න. මුන්ගේ නිරුවත් පෙන්නන්නයි මේක දැම්මේ. මුන් කරන්නේ මූණ හඳුනගන්නවට සරම උස්සලා මූණ වහගන්නවා වගේ වැඩ.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අපේ මොළයේ තියෙනවා කොටසක් ලැජ්ජාව දැනෙන තැනක්. මට මතක විදිහට අනු මස්තිශ්කයේ. සමහර අයට ඒ කොටස පිහිටලා නැතුව ඇති. එහෙම නැත්නම් උවමනාවෙන්ම ඒ කොටස අකර්මන්‍ය කරලා ඇති. ඒ අයට නම් හොරකම් කරල අහුවුනත් කිසිම ගාණක් නැහැ. හෙටත් කරනවා. ඔවුන් එක්තරා විදිහක මානසික ලෙඩ්ඩු කියලයි මම හිතන්නේ. මනෝ මන්දිරට හරි දොස්තර ජයතුංගට මේක වෛද්‍ය විද්‍යාත්මකව කියා දෙන්න පුලුවන් වෙයි. මේවගේ දේවල් ගැන නිර්මාණ කරුවාට ඌරු ජුවල් නගින එක සාධාරණයි. ඒ උනාට මානසික ලෙඩාටනම් අහුවුනත් ගාණක්වත් නැහැ. එතකොට ඒක ශාරීරිකව නරකක් වන්නේ නිර්මාණ කරුවාටයි. මම දන්න විදිහට තරහ ගියාම ශරීරයට ශ්‍රාවය වන හෝමෝන තරහ නිමුනාම ආපහු යන්නේ නැහැ. ඒක නිසා මේවා දිහා උපේක්ශාවෙන් බලන්න. ඔබට තිබෙන හැකියාව සහ දැනීම ඔහුට නැහැ. හොරකම් කරපු දෙයින් විඳින තාවකාලික සතුටක් විතරයි ඔහුට තියෙන්නේ. මානසික ලෙඩ්ඩුන්ට අනුකම්පා කරන්න. තරහ නොගෙන.

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලාම මුන්ට මොලේ කියන එක පිහිටලා තියෙන්න ඕනෙනේ. ඒක නැති හින්දා තමයි මෙහෙම හැසිරෙන්නේ.

      මට මුන් ගැන තරහක් නෙවෙයි ඇතිවෙන්නේ අනුකම්පාවක්. බොළඳ මානසිකත්වයේ ඉන්න අබබ්බයෝ.

      Delete
  4. Copying someone is flattering because it shows you want to be like that person. කියල කවුද කිව්වලු

    ReplyDelete
    Replies
    1. " Imitation is the sincerest form of flattery "

      එහෙම නැත්නම් චයිනීස් මොටෝ එක " You make it ; we fake it "

      Delete
    2. //" You make it ; we fake it "//
      මගේ ඉස්සර වයිෆුත් ඔය වගේ එකක් කිව්ව හික්ස්

      Delete
    3. @Ian,
      ඒ අවස්ථාවෙ ඒක ෆේක් කරන්නෙ ඒගොල්ල තමයි කියල මතයක් තිබුනට පිරිමිත් කරනව සමහර වෙලාවට ! :-D

      කෙසේවෙතත් විචාරකගේ ප්‍රෙශර් අඩු කිරීමේ පුණ්‍යකර්මයට සම්මාදම්වීමට වෙනත් පිංවතුන්ටත් ආරාධනා කරමු

      Delete
    4. Pra & Ian,

      Women might be able to fake orgasms, but men can fake a whole relationship - Sharon Stone

      Published In aid of " Reducing Wicharaka's Pressure" project.

      Delete
    5. ප්‍රාට 9mm බුලට් එකක් අනුමෝදං කරයි අපේ සෑර් ආවම:D

      Delete
    6. @ Ian

      මුට පුළුවන් එකමදේ කොපි කිරීම විතරයි. මුන් මේ ලෝකෙට ඉපදුනෙත් හොර කොපියක් හැටියට වෙන්න ඇති.

      @ Pra

      බොහොම ස්තුතියි. වටිනා කියමන්.

      @ Ian

      මොනවා කීවෙනි වයිෆ්ද? :e

      @ Ravi

      සුපිරියි රවී. සෑහෙන්න හිනා ගියා මගේ ප්‍රෂර් එක අඩුකිරීමේ ව්‍යාපෘතිය ගැන අහලා. බොහොම ස්තුතියි. මේ වෙලාවේ මගේ පිහිටට ආවට.

      @ පත්තරේ

      9 mm තරම් ලොකුවට ඕනේ නැහැ .22 එකක් හොඳටම ඇති.

      Delete
  5. හිත කූල් ඩවුන් වෙන්නත් එක්කල මේක කියවන්න, සර්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. අනේ මට සර් කියන්න එපා. විචාරක කිව්වම හොඳටම ඇති. ඔබේ අඩවියේ කමෙන්ට් එකකුත් දැම්මා. ඔබේ අඩවිය මගේ බ්ලොග් රෝලටත් දාගත්තා.

      Delete
  6. පත්තරේ ඉක්මනට වරෙන්.. අපි යමු.. ගේමට..

    ReplyDelete
    Replies
    1. අන්තරාදායකයි.
      කැකුණ කන්න ගිය හබන් කුකුලො ඌරන්ට පෑගිලා දිවංගත වූ අවස්ථාද ඇත.

      Delete
    2. Pra,

      දිවංගත වෙන්නෙ ජන නායකයො. හබං කුකුළො වෙන්නෙ අපවත්...:)

      Delete
    3. "අපවත්" ?
      හබන් කුකුලො විතරක් නෙමෙයි රවි, අපවත් ස්වර්ගස්ථ කරයි තමයි විචාරක ඉන්න මූඩ් එක අනුව
      එනිසා අප අපේ වත සඟවා ගත යෙහෙක කිව්වලු

      Delete
    4. ආවා බොස් ඩබල් එකේ……

      කාටද කින්ද මන්ද අදාල නෑ …… වනාගෙන වනාගෙන යං.. පස්සෙ සොරි කියන්න බැරියැ … හැක්

      Delete
    5. අන්න පත්තර උන්නාන්සෙ ඉස්පිරිට් එක !!!. එහෙම තමා ඉන්න ඕනෙ.
      මං බ්ලොග් කියවන්න පටන් ගත්ත කාලෙ කොයිතරම් සම්බාව්යද මන රන්ජනීයද? ( මගෙ නොහැකියාවන් ගැන කොයිතරම් ඔබතුමාල ස්නයිපර් හා පොට් ශොට් කලත් ) ඒ කාලෙ තිබුන උත්කුරුස්ට වලි හා ඉමිහිරි කැකුණ දැන් නෑනෙ. ෂිහ්. දැන් ඉතින් අපි නිශ්ශබ්ද අසහනයෙන් ශාන්තව සීරියස් කමෙන්ට් කරගෙන දුකසේ කල් ගෙවනව

      Delete
    6. ප්‍රාට මේ සෙතේ උදා කලේ මාතලන් වෙන්ට ඕන. හැක්.. හැබෑට බං ඒ වගේ සුමිහිරි වලි දැන් නෑ නේ...

      Delete
    7. @ දේශ්
      උඹට තවම හොඳට දුවන්න පුලුවන්ද?

      @ Pra
      චෑ චෑ කුකුලා කිව්ව එක වැරදියි. කොච්චර උනත් දේශ් හිත හොඳ එකා.

      @ Ravi
      අපවත් වුන කුකුල්ලු ආහාරට ගැනීමේ වරදක් නැහැ නේද?

      @ Pra
      නෑ නෑ කමෙන්ට් කියවන්න පටන්ගත්ත වෙලාවේ ඉඳලා හිනාව නවත්තගන්න බැරුව ඉන්නේ.

      @ පත්තරේ
      රෙදි තමයි වනන්න වෙන්නේ.

      @pra
      ඉතිං අප්පා පටන්ගන්නකො වලියක් අපි සපෝට් ඒකට එනවා කියලා පැත්ත පලාතක නෑවිත් ඉන්න හැටි බලන්න.

      @දේශ්
      ලින්ක් එකක් දාපන්කෝ පරණ වලියක.

      Delete
  7. ඕක විචාට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. හොඳ ලිපි ලියන බොහෝ දෙනෙකුට වෙලා තියෙන දෙයක්.
    ලිපිය හොරකං කරපු එකාටත් වැඩිය මානසික ලෙඩක් තියෙන්නෙ ඕක කරන බල්ලට තමයි. අර උඩ කොමෙන්ට් එක දාල තියෙන සාමාජිකය පැහැදිලිව පෙන්නල තියෙද්දිත් මේ ලිපි අයින් කරන්නෙ නැතුව තියෙන්න අරින හින්ද.

    ReplyDelete
    Replies
    1. මහන්සිවෙලා ලියන් ම්නුස්සයනෙ බං දුක දන්නේ !!!

      Delete
    2. මේ වගේ ටෙක්නිකල් පෝස්ට් එක කොපි කරාම අදින්න ඉස්සෙල්ල කරන්න තියෙන්නේ ගිහිල්ල ටෙක්නිකල් ප්‍රශ්ණ අහල ඌව කිච කරන එක. ගිය චන්දෙට ඉස්සෙල්ල බැඳුම්කර ගැන බොරු පෝස්ට් දාපු උන්ට ඕක කළාම එකෙක් පෝස්ට් ඩිලීට් කරගෙන දිව්ව. සමහරුන්ට නම් ගාණක් නැහැ

      Delete
    3. @ ප්‍රසන්න
      ඔව් මට කීපදෙනෙක් කියලා තියනවා බලුකිරියෝ විශේෂෙන් කොපි මස්තාන්ලා කියලා.අපොයි ඔය සයිට් ඇඩ්ඩින් වහාම මනෝවෛද්‍ය ප්‍රතිකාර ගතයුතුයි.

      @පත්තරේ
      මානසික රෝගීන්ට අනුකම්පා කරනවා කියලා හිතාගත්තා.

      @Ian
      ඇත්තටම මමත් හිතාගත්තා මීට පස්සේ මගේ පෝස්ට් හොරකම් කරන එවුන්ගෙන් ඔයවගේ ප්‍රශ්න අහන්න.

      Delete
    4. //මහන්සිවෙලා ලියන් ම්නුස්සයනෙ බං දුක දන්නේ !!!//
      ++++++++++++++++++++++++++++
      පත්තරේ මහන්සි වෙලා දෙයක් කරලා පැත්තක ඉන්න වාසුවෙක් ඇවිත් නිකම්ම උස්සන් යනකොට මොනාද හිතෙන්නේ ...

      Delete
  8. විචාරක විසින් තම ලිපියේ "අවුරුදු 60 කට ආසන්න පුද්ගලෙයෙකි" ය කියා ලිවූ වැකිය උපුටා දක්වද්දී "හැට පැනපු" ලෙසට එය වෙනස් කිරීම ගැනත් මගේ අප්‍රසාදය පළ කරමි!

    ඔවැනි දෙයක් මටත් වරක් සිදුවුණා. මං නං කළේ, එතැනට ගොස් සාමාජිකත්වය ගෙන මෙය මුල් ලිපිය සහ ඒ ගැන සංවාදය මෙතනින් බලන්න, අදාල අනිත් ලිපි මෙතනින් බලන්න යනාදී ලෙස කියමින් ලින්ක් සහිත කමෙන්ටු එකට එකක් දැමීමයි.

    ReplyDelete
    Replies
    1. හුට්ට බටා මුන් මගේ වයසත් ඇඩිට් කොරලද?

      මට අප්පිරියයි මේ වගේ හොරු ඉන්න සංසදයක සාමාජිකත්වය ගන්න. නැත්නම් මමත් infiltration attack එකක් දෙනවා.

      Delete
  9. අයින්ස්ටයින් සාපේකෂ්තාවාදය පිළිබඳ දේශන පවත්වද්දි වරක් එතුමාගේ ඩ්‍රයිවර්වත් දේශනය කරන්නට යොමු කරපු කතාව විචාරකතුමා අහල තියනව ද ? මෙතනදි වෙලා තියෙන්නේ අයින්සටයින්ගෙන් ඉවත් වූ රියදුරා සාපෙක්ෂතාවාදය ගැන දිගින් දිගටම දේශන කරන්න ගියා වගේ වැඩක්. හැබැයි මේ ලිපියට පස්සෙ වුනත් මේ කියන එවුන් ලිපියේ පෙන්වන ජාතියෙ ලජ්ජානැති පිරිසක් නිසා හැදෙන එකක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. අහල තියනවා, අහල තියනවා ගුණසිංහ මහත්තයෝ.

      මුන්ට ලැජ්ජාවක් නැත්තේ 'සහජාත' එවුන් නොවන නිසා. :e

      Delete
  10. ඕකුන් හදන්න බෑ , රසික කිවුව වගේ එතනට ගිහින් කමෙන්ට් වලින් දෙන්ඩ ඕනෙ රිදන්ඩ. :g

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දෙක ගානෙ නේද Mr. Smith ?

      Delete
    2. කම්මලේ එතනට ගියොත්නං එලකිරිය වහන්න වෙනව. :D

      Delete
    3. ඔව් ඔව්. ඔහොම පෝස්ටුත් දාපං දෙක ගානෙ.
      එකක් උඹට අනික එළකිරි ඇඩ්ඩිං සෑර්‍ට :D

      Delete
    4. කම්මලයට තියෙන ලෙඩේ ඇවිල්ල නිදන්ගත ද්විත්ව ටීකා සහලක්ෂණය ( Chronic Double Comment Syndrome )

      Delete
    5. මම වහ කනව මෙහෙම නිංගිරාවක් ජීවිතේට වෙලා නෑ

      Delete
    6. මම වහ කනව මෙහෙම නිංගිරාවක් ජීවිතේට වෙලා නෑ

      Delete
    7. කොයි එකටත් ඩිලාන්ගෙන් බෝතල් දෙකක් ඉල්ල ගන්න.

      Delete
    8. අඩේ මෙහෙම දිගටම ගියොත් කම්මල්ට නිඹුල්ලුම හම්බවෙයිද මන්ද..මහ ජංජාලයක් එහෙම වුනොත්. විජහට ලෙඩේ හොඳ කරගං...:)

      Delete
    9. ඕක රවියෝ ඉනිෂියල් ෆෝල්ට් එකක්.. කම්මලේ යකඩ තලන කොට උඹට ඇහිල තියේද හයියෙන් ගහපු එක පාලනය වෙන්න තව පොඩ්ඩක් ඒ සැනින්ම හෙමින් වදිනවා. ඉතිං කම්මලේ යකඩ තලන කොට එක පාරට දෙපාරක් අනිවා තැලෙනවා. ඒකයි මේ යකාට තියෙන අවුල.. බේත් නෑ.. හැක්..

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. අඟල් දෙකක් ඉහලින් නොබැලීමේ වරද! දේශාගෙ කමෙන්ටුව මාත් දැම්මා මිටිය පොලා පැනීම ගැන. දැන් හරි! මැකුවා.

      Delete
    12. @ කම්මල
      කොහොමද කම්මලේ, බල්ලොත් එක්ක බුදියන්න යන්නේ? ඒ නිසයි නිකං ඉන්නේ. ස්තුතියි අදහසට.

      @ Ravi
      කොහෙන්ද යකෝ ඔව්වා හොයාගන්නේ? ඔය ලෙඩ ලිස්ට් එකම දාලා පෝස්ට් එකක් ලියන්න බැරිද?

      @දේශ්
      කම්මලට උඹව අහුවුනොත් රත් කරලා තලලා දෙපැත්ත කැපෙන පිහියක් හදනවා ෂුවර්

      @ මධු
      කොයි අඟල් දෙකද? උඹේ උස ගැනද ඔය කියන්නේ?

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. තමා ලියපු දෙයක් වෙන කෙනෙක් උගේ වගේ දාල තියෙනවා දැක්කාම කේන්ති යන එක පට්ට සාධාරණයි. මීට වඩා හොඳයි වැල සයිට් එකක් හදාගෙන ඒකට එක විසිට්ස් ගානෙන් ආතල් එකක් ගත්තා නම්. නොදකින්.

    ReplyDelete
    Replies
    1. නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිද ලංකාවේ ??????????

      Delete
    2. නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිද ලංකාවේ ??????????

      Delete
    3. මෙන්න මෙයාටත් කම්මලයගේ ලෙඩේ බෝවෙලා.

      Delete
    4. @ විකේන්ද්‍රික
      සාදරයෙන් පිළිගන්නවා. බලුකිරියත් එක්තරා ආකාරයක වැල සයිට් එකක් තමා.

      @ malmi hi
      මේ අපේ රට ගැනද ඔය කිව්වේ? අනේ මන්දා............

      Delete
  13. මගේම කළිසම ගජේට ඇඳගෙන උගේ වගේ යනවා - අමරදේව ශූරීන්

    ReplyDelete
    Replies
    1. මෙතන වෙලා තියෙන්නේ මගේ කලිසම කරේ ඔතාගෙන ඌ හෙළුවෙන් යනවා :e

      Delete
  14. මෙන්න අරහේ දාලා
    http://www.elakiri.com/forum/showpost.php?p=19005180&postcount=80

    Wicharaka kiyana pudgalaya kisima dinaka ohuge post ekak copy kara athi bawa apita report kara naha. Report kaloth api aniwaryen ain karanawa kiwwama ohu kiyanawa ohuta ehema karanna ona kamakuth nahalu. Issarahata ehema report karanneth nahalu. Digatama elakiri ekata mada gaha gaha lipi liyanawalu.

    Apita post daana ayage ID copy wage deyak verify karan post eka danna issella post karana kenagen letter ekak aran post eka ohumada liwwe kiyala verify karala dannalu.

    Eta passe mama itha hondin thathwaya therun karala ahuwama thama copy karapu link eka ohoma ewwe. Eeta passe api eka ain kala.
    Pora eeta passe apita loku hamuda pampori kathandara samaga kunuharpa walak ewala thibba.

    Thamange post ekak copy kalama eka report karannawath bari loku uddachcha kamak thiyana oya pudgalayaata loku manasika prashnayak thiyana bawa nam penawa.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අබ්බබ්බයකු සමග මට කිසිම ගනුදෙනුවක් නැත. මේ අබබ්බයට සිංහලෙන් ටයිප් කරගන්නවත් බැහැ මහලොකු ඇඩ්ඩින් කෙනෙක් වුනාට.

      මේ අබබ්බයා හිතාගෙන ඉන්නේ ඔහු මහා විශාල අඩවියක දේවත්වයෙන් පිදෙන කෙනෙක් කියාය. මෙවැනි පල්වුන දෙයියලාගේ පශ්චාද් භාගයට 'තඃ' යන හඬින් පා පහරක් දී ඔහු පල්වුන දෙයියෙක් කියා මතක් කරදීම පමණයි කලහැක්කේ.

      ඔහුගේ බලුකිරි අඩවියේ ඉන්න හොර හැත්ත, අපේ ලිපි හොරකම් කරන කරන සෑමවිටම, අපි ඔහුට වැඳවැටී යදින්න කියා කියන්නේ, උපතින්ම තමන් සතු ජඩ මානසිකත්වය නිසාය. මේ ලිපියේ මුලින්ම තිබෙන තිර රූපයෙන්, මා පෙන්වා තියෙන්නේ, මීට පෙර මගේ ලිපියක් හොරකම් කළ අවස්ථාවක් ඒ බව මේ ඇඩ්ඩින් ගොයියට ඊ මේල් මගින් දන්වන ආකාරයයි. ඇයි අපිට වෙන වැඩ නැද්ද මේ බැලූ අඩවියේ හොරු හැත්ත සමග පැටලෙනවාට වඩා?

      මේ ඇඩ්ඩින් ගොයියා ගණිකා මඩමක පාලනයටනම් හොඳයි. පොලීසියෙන් පැන්නම එදාට ශේප් කරගන්නවා. අයෙත් ගණිකා මඩම පටන්ගන්නවා. බලුකිරි ගණිකා මඩමේ ඇඩ්ඩින් අන්න ඒ වගේ පිම්පියෙක්.

      සිංහලෙන් ලියාගන්න බැරි මේ වගේ අබබ්බයෝ හොඳ පරණ බෝතල් පත්තර එකතුකරන්න.

      Delete
    2. මට දුක, මේ අබබ්බයා, 'පුරාණය වළඳනවා' කියන එකේ තේරුම දන්නේ නැතිවීමයි.

      Delete
  15. දැන් උස්සපු එකාට යන්න වෙන්නෙ රෙදි නැතුවනේ. හොරු සමග හෙලුවෙන් යමු අපි විචාරක තුමා.

    ReplyDelete
    Replies
    1. මුන් ජීවිතේට රෙදි අඳින එවුන් නෙවෙයිනේ නලින්. මුන් 'සහජාත' එවුන් නෙවෙයි.

      Delete
  16. ලැජ්ජා නැතිකම ඇඅ මොකක්ද එකටත් වඩා ලොකුයි කියනවනෙ. ඔය වගේ උන්ට කොච්චර බැන්නත් වැඩක් නෑ. ඒක උන්ට දැනෙනෙත් නෑ. අපි කේන්තියෙන් කෑ ගහන එකත් උන්ට විනෝදයක් වෙලා තියෙන්නෙ. අනික ඔය වගේ උන් හරි දක්ෂයි වචන වලින් දිනන්න. කියන්න හේතු ඕනෙ තරම් තියෙනවා. ඒත් වැරැද්ද නම් වැරදිලාවත් පිලිගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ගණිකාවකට වේසි කියලා බැන්නට වැඩක් නැහැනේ. ගණිකා වෙබ් අඩවියක් කරවන එකාට පිම්පියා කිව්වත් වැඩක් නෑ.

      Delete
  17. මම නම් එළකිරි එකට බැස්සා........ අන්න ඒකා ලින්ක් එක දාලා.... කාලකන්නියා........

    ReplyDelete
    Replies
    1. වෙබ් ගණිකා මඩමකට යන්න ලැජ්ජයි ඒ නිසා යන්නේ නැහැ.

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. පුගුලා කියන්නෙ වදුර ට නේද නැද්ද.. ඔය වචනෙ තේරුම සිංහල ඩිස්සනේරියෙ වත් නෑ...
    ඕ වගේ එකක් මං ඊයෙ දැක්ක මුරකරුවා ද මොකද්ද මංද ෆේස්බුක් පිටුවක මාතෙගෙ අර පොත් පෝස්ටුව අමුවෙන්ම හොරකං කරල මං කමෙන්ටුවක් දැම්ම ඒත් රිප්ලයි එකක් ආයෙ නෑ බැලින්නං ඒ පෝස්ට් එක ඩිලීට් කරල
    හිහික්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, පුඟුලා කියන්නේ ඉතිං පුද්ගලයා කියන එකනේ.

      දන්නවද මේ ලිපියේ මාතෘකාවේ තියන, 'පුරාණය වළඳනවා' කියන්නේ මොකක්ද කියලා.

      සහජාත ලක්ෂණ නැති අබබ්බයෝ වෙබ් ලෝකයේ බොහෝ වෙත්.

      Delete
  21. ඌරගෙයි සිංහයාගෙයි වලිය මතකයි නේද විචාරක? මෙය ඔබට තරම් නොවේ කියා ගස්ලබ්බාට සිතේ... දකිනකොට ආස ඇති.ඔවුනට අනුකම්පා කරමු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුන් ඌරන්ටත් අන්තයි. නිකම් කාණු පණුවෝ.

      මම කරන්නේ මුන්ගේ නිරුවත අනික් අයටත් පෙන්වීම පමණයි. මුන් කිසිසේත් මට තරම් නොවේ.

      Delete
  22. විචාරක මහත්තයා.... අර කිව්වත් වගෙ ඔහෙගෙ ලිපි සාරගර්භ සහ රසවත් හින්දනෙ ඔය කොපි කරන්නෙ. එක අතකට ඒකට සතුටු වෙන්න ඕන. දැන් මේ අපිත් ඔය මොන මොනවහරි ලියනවනෙ කාලෙක ඉඳල. කෝ අපි ලියන එව්ව කොපි කරනව.

    අන්තිමට මට මේක මහම හතර විලි ලැජ්ජාවක් වුනා.අපෙ හාමිනෙත් අහන්න ගත්ත " කෝ අනේ ඔයා මේ ලොකුවට බ්ලොග් එකක්ය කියල ලිව්වට අර මොන කිරියද කියල තියෙන්නෙ. ඒකෙවත් ඔයා ලියන එව්ව කොපි කරල දාන්නෙ නෑනෙ " කියල. බැරිම තැන මම ඔය මොන කිරියට ර්‍ර-මේල් එකක් යැව්ව. " අනේ බොලව් මගෙ ලිපියකුත් කොපි කරල දාහල්ල " කියල.ම්හු..මේ වෙනකල් උත්තරයක්වත් නෑ ඔන්න කොටිම්ම කිව්වොත්..

    ReplyDelete
    Replies
    1. අන්න මරු වැඩේ මම මීට පස්සෙ රවි ගෙ පෝස්ට් කොපි කරල මගේ වගේ දාන්නයි යන්නේ. බ්ලොග් වල දැම්මොත් ඉතින් පටි විතරක් නෙමෙයි අනික් එවත් රෝල්. බලුකිරි එකක් හොයාගන්න වෙනවා. අහුවුනොත් කියනවා රවීගේ ඉම්ප්ලයිඩ් පර්මිශන් විචාරකගෙ අඩවියේදි දුන්න කියල. හැක්

      Delete
    2. හැක්... ඉඳහං රවී අයියෙ අර මොකාගෙද ලටපට කියල වේලි වේලි තියෙන බ්ලොගේ බොලාගෙ පෝස්ට් ටිකක් කොපි කරල දාන්න. ඕනනං ඒකෙ නම ඔය මොකක්හරි කිරියක් කියල වෙනස් කරගන්න බැරියැ.

      Delete
    3. @Ravi
      හිහ් හිහ්.......ඔතන ඇත්තටම වන්නේ මේකනේ රවී. ඔයාගේ පෝස්ට් එකක් කොපිකරන්න බැහැ පටස් ගාලා මුළු බ්ලොග් ලෝකෙටම දැනෙනවා. ඊට පස්සේ බලුකිරියගේ මෝට සමන්වා කමෙන්ට් වැටෙන්න පටන්ගන්නවා. මුන්ට ලැජ්ජාව නැතිවුනාට බය තියනවා.

      @Ian
      දාලා බලමුකෝ එහෙනම්

      @ප්‍රසන්න
      කියන්නද කැයන්නද

      Delete
  23. ලැජ්ජ නැති කමනෙ විචාරක තුමා. වෙන මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ ලැජ්ජ නැතිකම විධායක ජනාධිපති කමටත් වඩා ලොකුයි කියල ඩිංගි මහත්තයා කිව්වෙ.

      Delete
    2. මම හිතන්නේ මුන්ගේ ජාන ලක්ෂණ වලින්ම ලැජ්ජාව කියන ගතිය නැතිවෙලා තියෙන්නේ.

      Delete
  24. අනුකම්පා කරමු කියලා කට වහගෙන ඉන්න පුලුවන් කමක් නැ..අපිට අයිති දේ අමු අමුවේ හොරකන් කරනකොට මුන්ට දෙන්න ඔනේ ස්නයිපර් නෙමෙයි මල්ටි බැරල්..

    ReplyDelete
    Replies
    1. උතුරු කොරියාවේ කොටාට විරුද්ධ වෙන උන්ට දෙන්නෙ ඇන්ටි එයා ක්‍රාෆ්ට් ගන් එකෙන්ලු නේද?

      Delete
    2. මුන්ටත් දෙන්න ඔනේ එහම එකකින් නෙමෙයිද?

      Delete
    3. මැස්සෙක් මරන්න කාලතුවක්කුවක් යෙදවීම මැස්සාට කරන විශේෂ ගෞරවයකි.

      Delete
  25. අර මාගල් රවිය කියල තීන්නැහෙ, ලුවී විටෝන් මලු වලට මිසක්ක මතුගම බෑග් සෙන්ටර් එකේ මලුවලට ෆේක් ගහන්නෙ නෑනෙ. ඒ නිසා හිත රිදවගන්න එපා, එහෙම දැක්කම එතන ගිහින් මේක මගේ ලිපියක් කියල කමෙන්ට් එකක් ලින්ක් එකත් එක්ක දාල එන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම දාපුවාම මු ඒ ලින්ක් මකනව ඉන්දික. මටත් මේ වැඩේ වුණා හැබැයි කිරියගෙන් නෙමේ වෙන එකකුගෙන්. මම ලින්ක් දානවා දාන සැනින් ඒකා මකනවා.

      Delete
    2. @ ඉන්දික
      හෙහ් හෙහ්, නියම උපහැරණේ. මමනම් මොනම හේතුවක් නිසාවත් බලුකිරි අඩවියට ගොඩවෙන්නේ නැහැ. මේ වගේ බලුවැඩක් කරලා ත්යනා කියල කවුරුහරි කිව්වොත් බලංආඅ හැර.

      @ නලින්
      හොරු කවද්ද අවංක වුණේ. බලුකිරියා කක්කා හොරෙක්.

      Delete
  26. බ්ලොග් ලියන හැමෝම මේ කැත වැඩේ ගැන තම තමන්ගේ බ්ලොග් වලිනුත් කියල දාමුද? හැම ලිපියකම අවසානයේ මේන්න මේවගෙ කැත වැඩක් කරලා තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. අදහස නම් හොඳයි නලින් නමුත් මුන් උපතින්ම ලැජ්ජාව නැති එවුන් නේ.

      Delete
  27. ඔව්වා ඔහොම තමා විචාරකතුමා.... අනුනගෙ පහනෙන් එළිය බලන උන් කොහෙත් ඉන්නවනේ........ ධනාත්මකව බැලුවොත් මේකෙන් ඔබගේ බ්ලොගය තව තවත් ප්‍රසිද්ධ වීම සහ ඔබගේ වටිනාකම තව තවත් වැඩිවෙන එකයි වෙන්නෙ. (පොස්ට් එක ඉස්සුවට දැනුම උස්සන්න බැරි නිසා සහ ප්‍රශ්න වලදි ඌ හිරවෙන නිසා.) එහෙමයි කියලා මේ දේ අනුමත කරන්න සහ දිගටම වෙන්න හරින එකත් කරන්න බෑනෙ. ඒ සයිට් එකේ අැඩ්මින් මේ දේවල් නොදැක්ක විදිහට ඉන්නවානම් ඒකෙන් කියවෙන්නෙ ඔහුත් අර උස්සපු එකාගෙ තත්වෙම කෙනෙක් කියන එක තමයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අදහස් වලට. ඇත්තෙන්ම මට තරම් නොවන මේ අඳබාලයන් මේවා බලා තම චර්යාව නිවැරදි කරගන්නවානම් හොඳයි.

      මේ සයිට් එකේ ඇඩ්මින් ගණිකා නිවාස පාලකයෙක් වගේ. පොලීසියට අහුවුනාම වැරදි කාරයා අනික් වෙලාවට පිම්පියා.

      Delete
  28. මම මගේ බිලොග් පෝස්ටි වලදි උපුටා ගැනීමක් කලොත් ඒ උපුටා ගැනීම කලේ කොතනකින්ද කියන එක සදහන් කරනවා.මගේ කලින් තිබුනා ධර්මදේශනා ඩවුන්ලෝඩි කරගන්න පුලුවන් බිලොග් එකක්.මම ඒකට ලින්ක් දාන්න කලින් අදාල වෙබි අඩවියෙන් අවසරය අරගත්තා.ගලිගමුවෙඥාණදීප හිමිට කොල් කරලා අහලයි ඒ වෙබි එකේ ලින්ක් දැමිමෙ.www.aathaapi.org එකෙන් අවසරය දුන්නා වගේම මට පිටකයෙහි DVD කිහිපයක් එවලත් තිබුනා.එහෙම කලේ මුල් අයිතිකරැගේ අයිතිය ඇති අඩවියේ එම අයිතිය තහවුරැ කලයුතු නිසා.

    මම දැන් පවත්වාගෙන යන මනෝමන්දිර බිලොග් අඩවියේත් උපුටා ගැනීමි දක්වලා තිබෙනවා.මගේ ලිපි අතරින් මගේ මතකයෙන් විතරක්ම සකස් කල ලිපිත් තිබෙනවා.මගේ මෙ ලිපිය (අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැ) ලියනකොට 90% පමනම මතකයෙන් සකස් කලේ.මෙ ලිපියට මම බොහොම මහන්සි වුනා.කවුරැහරි මටත් හොරෙන් ඒක තමන්ගේ වගේ වෙන බිලොග් එකක පලකලොත් දැන් විචාතුමාට දැනෙන දේ මටත් ඔය විදියටම දැනෙනවා.මම එලකිරි එකට ගිහින් ඔය පෝස්ටි එක බැලුවා.මිනිහා ඒ ලිපි සෑහෙන මහන්සි වෙලා හදලා දානව වගේ තමයි පෙන්වන්න උත්සහ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සංග්‍රාමික න්‍යාය හා අනුබද්ධ කරුණු ඇතුළත්, සමහර ලිපියක් සැකසීමට, මට මාසයකට වැඩි කලක් යනවා. පළමුව, එය සත්‍ය කරුණු මත පදනම් වියයුතුයි, දෙවනුව, යුද න්‍යාය සහ තාක්ෂණික නිරවද්‍යතාවය අතින් කිසිදු අඩුපාඩුවක් නොතිබිය යුතුයි. තුන්වනුව, හමුදා රහස් හෙළිකරන්නක් නොවිය යුතුයි. මේ ප්‍රධාන කරුණු හැර, තවත් කරුණු ගණනාවක් සළකා බැලිය යුතුයි.

      සමහර ලිපි සැකසීම සඳහා, මා, මගේ පුස්තකාලය, අන්තර්ජාලය, පරිහරණය කරන අතර, මගේ හමුදා මිතුරන්ගෙන්ද අදහස් විමසනවා.

      මේ තරම් වෙහෙසවී ලියන ලිපියක්, කිසිම වග විභාගයක් නැතිව කොපිකර, තමන්ගේ නිර්මාණයක් වශයෙන් පළ කිරීම, පහත් ජන්ම ලක්‍ෂණ ප්‍රදර්ශණය කිරීමක් විනා අන් කවරක්ද?

      Delete
  29. යමු යමු උන්ද දෙකක් වියදන් කරලා මේක ඉවරයක් කරලා එමු, හැ යමු ඉතිං

    ReplyDelete
    Replies
    1. මුන්ට මොකටද උණ්ඩ වියදම් කරන්නේ. දෙපාරක් තුන්පාරක් කෙළ ගැහුවනම් ඇති.

      Delete
  30. ආඩම්බර වෙනවා මිසක්ක, කලබල වෙන්නේ මක්කටෙයි... මොකා මොන රෙද්ද කලත් තමන් දන්නවා නේ මේ දේ තමන්ගේ කියලා... මේ ඊයේ පෙරේද බුකියේ යනවා මගේ එකක් හෝ ගාලා.. පොඩි එඩිට් පාරකුත් දාලා.. සින්දු ඇනෝත් රිපෝට් කරලා තිබුනා.. මට නම් ඒක බලලා පුදුම සතුටක් ඇති උනේ..

    ReplyDelete
    Replies
    1. මම නං එතනදිම කිව්වා මාතා ඕක ගානකටවත් ගන්නෑ කියලා.

      Delete
  31. මේ කීවෙනි සැරේද? මේ ඇඩ්ඩින් ගොයියට මම කීප වතාවක් ඊ මේල් වලින් කිව්වා. මේකා නෙවෙයි ගානකටවත් ගන්නේ. ඒ හින්දයි උගේ හෙළුව පෙන්නුවේ. මට පුදුම මුන්ට බින්දුවක්වත් ලජ්ජාවක් නැති එකටයි.

    ReplyDelete
  32. ඔයා සතුටු වෙන්න ,බ්ලොග් කියෝන අතලොස්ස ඇරුනම තවත් අයට ඔබේ ලියවිල්ල කියවන්න ලැබෙන එකට. ලජ්ජා නැති වුන්.

    ReplyDelete
    Replies
    1. ඔයා තමයි හොඳ මේ වගේ එවුන්ගේ ඇඟට කඩා පනින්න. :e

      කියලා වැඩක් නැහැ. ලැජ්ජා නැතිකම විතරක් නෙවෙයි. උපතින්ම ගෙනාපු දුර්වලකම්.

      Delete
    2. හි හි හැබැයි මුව හම්බුනොත් කියන්න මං එනෝ ඈ

      Delete
  33. මමත් විචාරක නමින් ෆේස්බුක් එකේ දැක්ක මේක දාල තියනවා. මම ඒ දවස්වල ඔය එළකිරි එකට ගිහින් ෆිල්ම් එකක් දෙකක් බැලුව. දැන් ඒ පැත්ත පළාතේ යන්නේ නැහැ. මමත් කට් ආණ්ඩ පේස්ට් කරලා දානවා . ඒත් ලින්ක් එක ඇතුව. කැමති නම් නමත් දානවා දාල තියන අයගේ . අපට නම් වැඩිපුර පාඨක සංක්‍යාවක් කියවන්නයි ඕනේ.

    ReplyDelete
  34. ඔව් ඔබ ඒ ආකාරයට පලකල ලිපි මා දැක තිබෙනවා. නමුත් ඔබ කියන්නේ නැහැ ඒවා ඔබේ නිර්මාණ කියා. මෙතන වෙන්නේ ඒක නෙවෙයි. ඕනේ කෙනෙකුට ඕනෙම හොරකමක් කරලා ලැජ්ජා නැතුව ඉන්න පුළුවන් විදිහේ වෙබ් අඩවියක් පාලනය කරන්නා මොනතරම් නිහීනයෙක්ද.

    ReplyDelete
  35. සැබෑ මූණ හංගාගෙන
    මූණු බැඳන් රෑ අඳුරේ
    නටන නැටුම් කවදා හෝ
    නටන්න වෙනවා එළියේ...

    ඇත්ත මුණ ඇති සැටියෙන්
    පෙන්වා සිටියොත් හිරු සේ
    ලජ්ජා වෙන්නට කරුණක්
    ඇති වෙන්නෑ සියළු කලේ

    බොරුවට ආයුෂ ඩින්ගයි
    ලබා දිනුම සුළු මොහොතයි
    සඟවනු බෑ කිසිම දිනක
    බොරුව උඩට ඉස්මතු වෙයි

    මැණික් කටය වැනිය ඇත්ත
    අගය අඩු නොවෙයි බබලයි
    ඇත්තට ඇති තැන බොරුවෙන්
    මකන්න බෑ සහතිකයි ...

    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සෝමපාල රත්නායක
    ගායනය: "ලා තණකොළ පෙත්තාස්"

    ReplyDelete
    Replies
    1. නියමයි සින්දුවෝ නියමයි. බොහොම ස්තුතියි.

      Delete
  36. එළකිරි වලට ගූ හොණ්ඩරයක්ම දාලා....

    ReplyDelete
    Replies
    1. පුරාණය වළඳනවා කිව්වේ ඒ නිසා. හැබැයි ඉතිං බලුකිරි ඇඩ්ඩින් ගොයියට පුරාණය වළඳනවා කියන එක තේරෙනවද දන්නේ නැහැ.

      Delete
  37. තමන්ට දැක්මක් ගමනක් නැති වුණාම කරන්නේ ඔ්ක තමා... අනුන්ගේ දේවල් අරන් නිකං තමන්ගේ වගේ දානවා... තරහා යනවා තමා විචාරක තුමෝ.... ඒත් ඉවසා වදාරන්න... බොරුවට පැවැත්මක් නැහැ... මොනවා වුණත් මේ විදිහට පෙන්නලා දුන්න ඒක වටිනවා.... මේක කරපු සහ කරන්න හිතාගෙන ඉන්න උන්ටත් හොද පාඩමක්......

    ReplyDelete
    Replies
    1. නිර්මාණ හැකියාවක් නැති පුස්සෝ තමා මෙහෙම වැඩ කරන්නේ. මේවා පෙන්නලා දුන්නේ නැත්නම් මුන් දිගටම මේ හොරකමේ යෙදෙනවා.

      ස්තුතියි අදහස් වලට.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }