මේ මෑතකදී, අපේ පන්සලේ පුස්තකාලයට, පැරණි පොත් එකතුවක් තෑගි ලැබුණා. ඒ පොත් තොගය, විශ්‍රාමලත් විදුහල්පති වරයකුට අයත්, පොත් තොගයක්. වැඩිදෙනෙකුගේ දැනුම දියුණු කිරීමේ අරමුණෙන් තමා, ඒ මහතා මේ පොත් පරිත්‍යාග කළේ. එයින් කීපයක් මා ඉල්ලාගෙන ආවා, කියවා බලන්නට. මේ එයින් එක පොතක තිබුණු දේ වලින් සමහරක්.
මේ ග්‍රන්ථය කොපමණ පැරණිද යන්න දැක්කාම මට පුදුම හිතුණා. මේ බලන්න විස්තර.
1949 වර්ෂයේදී, කෑගල්ලේ මුද්‍රණාලයකයි මෙය මුද්‍රණය කර තිබෙන්නේ. නමුත් 1950 දශකයේ කෑගල්ලට නුදුරුව උපන් මා, 1960 දශකයේ සිට 1980 දශකය දක්වා කෑගල්ලේ පදිංචිව සිටියත්, මේ පොත් මුද්‍රණය කළ 'ජාතික මුද්‍රණාලය' ගැන දන්නේ නැහැ. දන්නා කෙනෙකු ඇත්නම්, කියාදෙන ලෙස කාරුණිකව ඉල්ලනවා.
මේ පොතේ තිබුණු වචනයක්, සහ පැරණි සිංහල යෙදුමක් ගැන, දක්වා තිබුණු නිර්වචන කෙරෙහි, මගේ සිත ඇදීගියා. ඒ නිසා ඔබටත් එය පෙන්වන්න සිතුනා.
වලවෙට්ටුවා කියන්නේ කාටද?
අපි කුඩා කාලයේ මේ වචනය නිතර ඇහුනා. නොහික්මුණු, දඩබ්බර, තරුණයන් හැඳින්වීමටයි, අපේ වැඩිහිටියන්, 'වලවෙට්ටුවා' යන වචනය යොදාගත්තේ. මේ පොතේ එම වචනය මෙන්න මෙහෙම නිර්වචනය කර තිබෙනවා.
හෙයියම්මාරුව කියන්නේ මොකක්ද?
හෙයියම්මාරුව කියන යෙදුම, අද සමාජයේ එතරම් අහන්නට දකින්නට නොලැබුනත්, ව්‍යවහාරයෙන් සම්පූර්ණයෙන්ම බැහැරට හිය යෙදුමක් නොවෙයි. තමන්ගේ නොසැලකිල්ල හෝ අණුවන කම නිසා, ඇතිකරගත් බරපතළ වියවුලක් හැඳින්වීමට තමා, 'හෙයියම්මාරුව' යන වචනය පාවිච්චි කරන්නේ. එහි නිරුක්තිය, මේ පොතේ මෙලෙස විස්තර කරනවා.
ඉතා අපූරු තේරවිලි කවිත් මේ පොතේ ඇතුළත් වෙනවා. මේ එයින් කීපයක්.
පිටු 106 කින් යුත් මේ ග්‍රන්ථයේ, විවිධ මාතෘකා ඔස්සේ ලියන ලද, පරිඡේද 25 ක් ඇතුළත් වෙනවා. එකල සමාජ ආකල්ප මෙන්ම, ජනශ‍්‍රැතියේ විවිධ පැතිකඩ නිරූපණය කෙරෙන ලිපිද, තිබෙනවා. අද්‍යතන සමාජ ආකල්ප සමග කෙළින්ම ගැටෙන අදහස්ද, ඇතුළත් වෙනවා. වරින්වර, ඒ ලිපි ඔබවෙත ගෙන එන්නට මා බලාපොරොත්තු වෙනවා.
2015 ඔක්තෝබර් මස 13 වැනි දින 0005 පැය
මේ කාලෙත් 'වලවෙට්ටුවාලා' මහ ගොඩයි නේද?
ReplyDeleteපොඩ්ඩිටත් නිකං 'හෙය්යන් මාරුවෙලා' වගේ දැනෙනවා. :P
වලවෙට්ටුවන්ට කැමතියි උපාසිකාවන් නම්.
Deleteඅපොයි කියලා වැඩක් නැහැ පොඩ්ඩි. ගිය ගිය තැන වලවෙට්ටුවෝ.
Delete@ රසික
හිහ් හිහ්, වෙළඳ දැන්වීමක්. 'උපාසිකාවන්ගේ පළමුවැනි තේරීම, 'වලවෙට්ටුවෝ'
හම්මේ ..විචාමාම කියවන පොත්, මමත් ඕවා කියෙව්වා , ගිය ආත්මේ
ReplyDeleteගිය ආත්මෙදි කියෙව්වා නම් ඊළඟ ආත්මෙදි එව්වා තේරෙන්නේ නැතෑ.
Deleteවිචා මාමා ලග පැරණි පොත් එකතුවක් තියනවා වගේ.මට පෙරේදා හම්බවුනා පැරණි පොතක්.එකේ තියෙන්නේ පුංචි කතා කිහිපයක් එකක් මෙහෙමයි.
ReplyDeleteඔන්න තාපසයෙක් මහා දවාලක පහනකුත් දල්වගෙන නගරයක් මැද්දට එනවා.මේක දැක්ක නගරේ හිටපු මිනිස්සු අර තාපසයට හිනවෙන්න පටන් ගත්තා.
එක්කෙනක් ලගට ඇවිත් අහනවා පිස්සුද මේ මහා දවාලේ පහනක් දල්වගෙන ඒකේ එලියෙන් යන්නේ....
තාපසය කියනවා මම මේ හොයන්නේ සැබැම මනුෂයෝ මේ නගරේ ඉන්නවද කියලා.අඩුම තරමේ මේ පහන් දැල්ලෙන්වත් එහෙම මිනිහෙක් හොයාගන්න පුලුවන්ද කියලා මම මේ හොයන්නේ...ඒත් තවම මට මුන ගැහුනේ මිනිස් වෙසින් ඉන්න මිනිස්කම නොදන්නා අය පමනයි...
පැරණි පොත්වලට කවදත් හොඳ පාඨක ඉල්ලුමක් තියනවා. මම හරිම ආසයි.
Deleteඔය කතාව චීන කතාවක්ද? කලින් අහලා තිබුණත් කොයි රටේද කියලා මතක නෑ.
දහම් අවවාද තිබෙන පැරනි පොතක තිබුනේ..බෞද්ධ පොතක්...
Deleteහතලිහේ දශකයේ කෑගල්ලේ දේවල් දන්නා අය බ්ලොග් ලොව සිටීද?
ReplyDeleteනෑ නෑ, දැන් ඉන්න අයගේ සීයලා වත් නැතෑ. කාටහරි මතක්වුනොත් සීයාගෙන් අහලා බලන්න ඕනේ කියලා, සමහරවිට විස්තර ලැබෙයි.
Delete'රවී' අන්කල් දන්නවා ඇති.. නොදන්නවා උනත් කෑගල්ලේ කියුවම මුද්‍රණාල ගැන කතාවක් හරී ගොතයි..
Deleteතේරවිල්ල 25: සමානයි මේකට-
ReplyDeleteමැංගිරි ඩිණිකෙ වුඟ සැනබව වුල සැනියා.
පද හතරේ පිළිවෙල මට හරියටන මතක නැහැ. මේ ඒවගේම තව එකක්
Deleteමොනරනරයි කුලිවකුලයි කකට එතෙයි
ගොටලු බැනෙක් මා රතයෙන් දුන පැවතෙයි
...........................................................(මතක නෑ)
ඌකි නනත් ගොල තයියා නොන තකතෙයි
තුන්වෙනි පදේ එන්නෙ මෙහෙමයි විචා....:)
Deleteහැචාට විට නිනල පැසා නැතක මතෙයි
මේ හෙයියම්මාරුව නැගල යනවනේ.. :)
Delete@ රවී
Deleteහුට්ට බටා........... ඔන්න අමතක වෙච්චි පදේ. පදේට උඩ යන්ඩ කියන්ඩ පුළුවන් එකක්. මරේ මරු ඈ.
මතක් වුනා මතක් වුනා............... මෙන්න අමතක වෙලා තිබුණ පදේ
Deleteහාමිරකෙක් වට කොලිගෙන් ඉඩ මහිතෙයි.
හෙහ් හෙහ්, ඔන්න දැන් සම්පූර්ණයි.
දුටු ගැමුණු රජුත් recruits ලා ගේ කොන්ඩය කප්පලා නියම ශේප් එකක් දීලා අරගෙන තියෙන්නේ ,එතකොට PO ලාගේත් කොන්ඩය කපන්න ඇති
ReplyDeleteඇත්තෙන්ම දුටුගැමුණු රජතුමාගේ (කාවන්තිස්ස රජතුමා තමයි නියම නිර්මාතෘ) හමුදාව, ඉහළ විනයක් තිබුණු හමුදාවක්. ඒ හමුදාවේ ජෙනරල් ලා තමයි, දස මහා යෝධයෝ. ඒ වගේම Army Corps කීපයක් තිබිලා තියනවා. Battle tactics ඉතා හොඳින් පාවිච්චි කරලා තියනවා.
Deleteවලවෙට්ටුවා ගැන දැනගත්තෙ අදමයි. ඔය වගේ කොච්චර නම් වචන තියෙනවද දෙමළෙං සිංහල වෙච්ච... කන්ද උඩරට අවසාන කාලෙදි, දෙමළ භාෂාව අද ඉංග්‍රීසි භාෂාව ලබා සිටින තැන ලබා තියෙනවා. උඩරට ගිවිසුමේ ප්‍රභූවරු වැඩි දෙනා අත්සන් කර තියෙන්නෙ දෙමළෙන්...
ReplyDeleteමේ වගේ පොතකින්, ඉතිහාසය, භාෂාව, සාහිත්‍යයය, සංස්කෘතිය, ආගම, සමාජ සිරිත්, වගේ බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන්.
Deleteමට මෙහෙම හිතෙනවා. අපි දැන් ඉංග්‍රීසියෙන් අත්සන් කරන්නේ සුද්දගේ භාෂාවට ඇති ඇල්ම නිසානේ. ඒ කාලේ නායක්කර් වංශික රජු සතුටු කරන්න (එමගින් අනියම් ලාභ ප්‍රයෝජන ගන්න) දෙමලෙන් අත්සන් කළා වෙන්න පුළුවන්.
ඒ වගේම, සමාජයේ උසස් යැයි සම්මත භාෂාව වෙන්න ඇත්තෙ රජාගෙ භාෂාව වූ දෙමළ...
Deleteවිචාට දැං පුගුලා අනං මනං කියන්න ඕන නෑ වලවේට්ටුවා කිව්ව නං හරි.. කිව්ව වගේම මේ පොතේ තව ඩිංගක් අපිට දෙන්න ඕන හොදද මාමේ..
ReplyDeleteමයේ මාමාට බුදු සරණයි.. මේ කරන උපකාර වලට.. හැක්
දෙන්නං වලවෙට්ටුවා. බලාගෙන හිටපං.
Deleteබොහෝ රසවිඳිමි. හෙයියන්මාරෑවේ කතාව කියෙව්වම මතක් උනේ දේශපාලනේ වමට සිග්නල් දාගෙන ආපූ උන් දකුනට කපලා
ReplyDeleteඔය හෙයියන් මාරුව නේන්නං දැන් යහ පාලනෙන් වර්ග දෙකක ගොන්නු බැඳගෙන පාර්ලිමේන්තු කරත්තේ දක්කන්නේ :e
Delete//නොහික්මුණු, දඩබ්බර, තරුණයන් හැඳින්වීමටයි, අපේ වැඩිහිටියන්, 'වලවෙට්ටුවා' යන වචනය යොදාගත්තේ.//
ReplyDeleteඒ කියන්නෙ තට්ටෙ ගාන්නෙ ඒවගේ අයද?
අපේ 8Mරාෆ්ට්තුමානම් එහෙම "තරුණයෙක්" නෙමෙයි කියල මට ඕනැතැනක (නොබීපු වෙලාවක) සහතිකව කියන්න පුලුවන්
නෑ නෑ, තට්ටේ ගෑමට සම්බන්ධයක් තිබුනේ නැහැ. පොදුවේ නොහික්මු දඩබ්බර කියන වර්ගීකරණයට දමන්න පුළුවන් සියලු දෙනා වලවෙට්ටුවන් ලෙස හැඳින්වුණා.
Delete8Mරාෆ්ට් ගේ තරුණකම තියෙන්නේ දාන තෙල් වල.
මටත් එක හෙලාම කියන්න පුලුවන් එතුමා තට්ටේ ගෑවේ ගෙදර හැමෝම එක පාර සතුටු කරන්න කියලා..
Deleteඅපි නොදන්න වචන මොන තරම් අපෙ භාෂාව ඇතුලෙ තියෙනවද. ඇත්තටම ලැජ්ජා හිතෙනවා අපි අපේම භාෂාව ගැන නොදන්නා කම ගැන. වෙන භාෂාවල් ඉගෙන ගන්න හියෙන උනන්දුව ඇයි අපිට නැත්තෙ අපෙ භාෂාව ඉගෙන ගන්න.
ReplyDeleteලෝකයේ කාටවත්ම බැහැ තමන්ගේ මව් භාෂාවේ තියන සියලු වචන ඉගෙනගන්න. අපේ භාෂාව තුළ ඉතා අගනා වාග් කෝෂයක් තියෙද්දී තමා, අපි මේ ඉංගිරිසි කෑලි බද්ධ කරපු, ජරා වචන පාවිච්චි කරන්නේ.
Deleteමමත් කැමා හම්බවෙච්ච වෙලාවක සංස්කෘත වලින් අමතන්න ඉන්නෙ
Deleteමේකනම් නියමයි විචාරක..මමත් ඔය වලවෙට්ටුවා හෙයියම්මාරුව මචන දෙක පාවිච්චි කලත් තේරුම මොකක්ද කියල දැනගෙන හිටියෙ නෑ...බොහොම ස්තූතියි...:)
ReplyDeleteබොහොම ස්තුතියි රවී. ඇත්තටම අපිට 100% ක විශ්වාසය තියනවද අපි පාවිච්චි කරන හැම වචනයකම නිරුක්තිය දන්නවා කියා?
Deleteඔයාට පුළුවන්නම් හොයලා බලන්නකෝ කෑගල්ලේ 'ජාතික මුද්‍රණාලය' තිබුනේ කොහෙද කියලා.
හැපිචෝල් කාරයා කියල වචනයක් විචා අහල තියනවද? ඒක ඇවිල්ල තියෙන්නෙ නිතර අපරාධ කරන කියන තේරුම දෙන Habitual Criminal කියන ඉංග්‍රීසි වචනයෙන්.
Deleteඅපොයි ඔය වචනේ අපේ අම්මා තාත්තා තමයි ඒ කාලේ වැඩියෙන්ම කිව්වේ. මම හිතාගෙන හිටියේ බේබද්දන්ට තමයි එහෙම කියන්නේ කියලා. නමුත් මම 8 පන්තියේදී අපේ ඉංග්‍රීසි මාස්ටර් තමයි තේරුම කියලා දුන්නේ. 'හොඳ ඩෝපර් කෙනෙක්' කියන්නේ හොඳට බොන මිනිහටනේ. නමුත් ඔය වචනේ Doper ද Toper ද?
Deleteඩෝපර් වචනෙ මූලාශ්‍රය ඉංග්‍රීසි Toper කියලයි මට හිතෙන්නෙ. ඒක ඩෝපර් වෙන්න බෑ. මොකද Dope කියන්නෙ මාරිහ්වාන, අබිං වගෙ මත්ද්‍රව්‍ය වලට.අනික මම හිතන්නෙ නෑ ඩෝපර් වචනෙ අපෙ ව්‍යවහාරයට එකතුවෙච්චි 19 වන සියවස වගෙ කාලෙ ඔය මත්ද්‍රව්‍ය ගැන අහලවත් තිබ්බයි කියල. අබිං නම් තියෙන්න ඇති නොවැරදීම.තව ඔය වගෙ අපේ ගැමියො තමන්ට පුලුවන් විදිහට උසුරුවන ඉංග්‍රීසි වචන බොහොමයක් තියනව. තනිකර පෝස්ට් එකක් ලිව්වැහැකි ඒ ගැන....:)
Deleteලියංකෝ රවියෝ
Deleteපෝස්ට් එකක් ලියන්න රවී. ගෝරමේන්තුව, කිරිමේල්, සරුව ජනෙල් කන්තෝරුව, හිද්දලයා, අංකූරා, බඩපිස්සා, තුන්දුමේ ගෙඩිය, සන්දේ යනවා, ඔය තියෙන්නේ වචන.
Deleteඇත්තටම අපිත් සිංහල භාෂාවෙ සමහර වචන පාවිච්චි කළාට ඒවයෙ තේරුම දැනගෙන නෙමෙයි පාවිච්චි කරන්නෙ.
ReplyDeleteඅර කැමා කියල තියෙනව වගේ මේ වචන ගැන සොයා බැලිය යුතුයි.
ඒත් දෙයියනේ කෝ වෙලාව. :D
මාසෙකට සැරයක් වචන 10ක් අලුතෙන් ඉගෙන ගත්තොත්, කල් නොයවා ලොකු දැනුමක් ලැබෙනවා.
Deleteකාල කළමනාකරණය අද ලොකු අභියෝගයක්.
විචා, අර 26 හා 27 කවි දෙක අතරට තව කවියක් එන්ට ඕන නෙවැ.. ඔක්කොම කවි තුනක් තියෙනවා මම අහලා තියෙන විදියට නම්.. මෙන්න අඩු කවිය..
ReplyDeleteමාරයාගෙ කුල සකියනි මාර කුල
මාරයාගෙ පෙල සකියනි මාර පෙල
මාරයාගෙ තොල සකියනි මාර තොල
මාරයාගෙ විල සකියනි මාර විල
පලි: ඇත්තටම ඔහොම නෙවෙයි මම අහපු වර්ෂන් එක තියෙන්නෙ.. වචන වෙනස්, හැබැයි අර්ථය එකයි.. මෙතැනට ගැලපෙන විදියට වෙනස් කලා.. ජනකවි කොහොමත් එක එක සංස්කරණ තියෙනවනෙ..
ඔව් බූරා මේ කවි එක්ක ඒ පිළිතුරු කවි දීලා නැහැ.
Deleteඔයවගේ කවි එක සමාන ඒවා ගොඩක් මමත් අහලා තියනවා. වචනයක දෙකක වෙනසක් තිබුණත් අර්ථය සමානයි.
බොහොම ස්තුතියිමේ කවියට.
ඔය පොත් මුද්‍රණය කරන්නේ ඊයම් වලින් අකුරු කපලා නේද?
ReplyDeleteසාමාන්‍ය මට්ටමේ මුද්‍රණයක් නම් ඊයම් අකුරු අමුණා සාදාගත් බ්ලොක් එකක් මගින් ලෙටර්ප්‍රෙස් මුද්‍රණ යන්ත්‍රයක මුද්‍රණය කරගන්න පුලුවන්. (මේ අකුරු ඊයම් සහ ප්‍රමාණයෙන් විශාල ඒවා ලී වලින් තමයි හදල තියෙන්නෙ.) එම යන්ත්‍ර වල එක වරකට එක කොළය බැගින් අතින් ඇතුලුකළ යුතුයි.
Deleteනමුත් මහා පරිමාණයෙන් කරන එකකදිනං ඊයම් වලින් වක්කර සාදාගත් අච්චුවක් දැන් තියෙන ඔෆ්සෙට් යන්ත්‍ර වගේ රෝලරයක සවිකර මුද්‍රණය කෙරුනු යන්ත්‍ර තිබුණා.
ඔය ඊයම් අකුරු අමුණා මුද්‍රණය කරන ක්‍රමය තාමත් තියෙනව සමහර තැන්වල.
මෙන්න ප්‍රසන්නගෙ තවත් පැතිකඩක්...
Deleteයකෝ..ප්‍රසා දන්න දේවල් එල ද බ්‍රා
Deleteඅනේ මං බ්‍රා ගැනනං දන්නෑ ඕං.
Deleteප්‍රසන්න හොඳ විස්තරයක් කරලා තියනවා. ඔය ඊයම් අකුරු අමුණා මුද්‍රණය කිරීම ලයිනෝ ටයිප් කියලයි හැඳින්වුණේ. මගේ ලොකු අක්කා විවාහ කරගත් මචන්, ඒ කාලේ වැඩකලේ ලංකාදීප පුවත්පත් කාර්යාලයේ ලයිනෝ ටයිප් අංශයේ. මහ විශාල යන්ත්‍රයක් ඒක. එහි ඇති භාජනයක, උණුවී ද්‍රව තත්වයේ පවතින ඊයම් තිබෙනවා. අකුරු ටයිප් කලාම, ඒ එක් එක් අකුරට අදාළ, පිත්තලෙන් නිමවූ අච්චු අකුරක් යන්ත්‍රයේ නියමිත ස්ථානයකට ඇවිත් ඊයම් වලින් අකුර නිර්මාණය කරනවා. ඒ අකුරු වචන කීපයක් ලෙස ඇමිණී එක පේලියක් සඳහා අවශ්‍ය වචන ප්‍රමාණයට අනුව ඊයම් බ්ලොක් එකක් හදනවා. මෙන්න බලන්න එය වැඩ කරන හැටි.
Deletehttps://www.youtube.com/watch?v=PRYxOs1oCRY
ගලවන්න දන්නවනේ ඒ මදෑ?
Deleteසමාන්තර ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන කවුරුහරි මෙතන ඉන්නවා නම් මම කියන දේ පොඩ්ඩක් අත්හදා බලන්න. ඉතිහාසයේ අවුරුදු දෙසීයක් තුන්සීයක් පස්සට ගමන් කරලා එකම කාලයේ පලවුනු ඉංග්‍රීසි සහ සිංහල ලියවිලි සංසන්දනය කරලා බැලුවොත් මොනවගෙ වෙනසක්ද දකින්න පුලුවන් කියලා බලන්න භාෂාව සම්බන්ධයෙන්. ඉංග්‍රීසි මීට අවුරුදු පනහකට සීයකට හෝ එකසිය පනහකට කලින් ලියවුනු කතාවක් වුනත් නූතන ඉංග්‍රීසි දන්න කෙනෙකුට එච්චර ආයාසයක් නැතුව කියවන්න පුලුවන්. නමුත් සිංහල එහෙම නෙවෙයි. කියවලා තේරුම් ගන්න ආයාසයක් යොදන්න ඕනෙ.
ReplyDeleteසංස්කෘත සහ පාලි, දෙමළ, මාගධී, මලයාලම්, කන්නඩ, වැනි භාෂා රාශියක බලපෑම්, පැරණි යුගයේදී, සිංහල භාෂාවට එල්ල වුනා. නමුත් කෝට්ටේ යුගයේදී (විශේෂයෙන් සංදේශ කාව්‍ය) පිරිසිදු සිංහල භාෂාවක් පිලිබඳ අදහස ඉස්මතුවීම නිසා, පෙරකී වෙනත් භාෂා ලක්ෂණ ඉවත්කරනු ලැබුවා.
Deleteපැත්ත මාරුකර හිතන්න. එදා කෙනෙක් අද සිංහල කියවන්න හැදුවොත් මොකුත් බැහැ.
ඉංග්‍රීසි භාෂාව සරලව නමන්න, තලන්න, උනුකරන්න, විවිධ හැඩතල හදන්න පුළුවන් ලෝහයක් වගේ. නමුත් සිංහල භාෂාව එහෙම බැහැ. ව්‍යාකරණ රටා උක්තාඛ්‍යාත යෝගය, සන්ධි, සමාස, තද්ධිත, කෘදන්ත, විභක්ති නමැති මුරගල් ගලවා, අලුතෙන් හදන්න ගියාම 'තූති ළමයි කතා කොලන හුලතල් බාතාවක්' හැදෙනවා. එය හාස්‍යජනක වනු විනා, ගෞරවයට පාත්‍රවන්නක් නොවේ.
දැනට අපේ සමාජ ව්‍යවහාරය යන අතටම ගියොත්, අපේ භාෂාව, විකෘති වලින් පිරුණු, අච්චාරුවක් වෙනවා, තව සියවසක් ඉක්ම යන්නට පෙර.
ඔන්න දැන් මට මතක් වෙන්නෙ අපි කුඩාකාලේ කොන්ඩේ වවාගෙන රස්තියාදු කාරයො වගේ ඉන්නකොට දෙමව්පියො අපිව හැඳින්වුයේ ව්ලවෙට්ටුවා කියලයි.මේ වචනය නැවත මතක් කර දීම ගැන විචාට ස්තුතියි.
ReplyDeleteහැලපයා.
හිහ් හිහ්, හරියටම හරි. අපේ අක්කලා ඉස්සර කියනවා 'අපි ඉස්කෝලේ ඇරිලා එනකොට කවුද වලවෙට්ටුවො වගයක් කන්ඩ වගේ බලා හිටියා' කියලා. ඇත්තටම කොණ්ඩය කැපීම හෝ වැවීම එම යෙදුමට සම්බන්ධ වුණේ නැහැ. රස්තියාදුකාරයා කියන වචනයට සමාන වචනයක් ලෙසයි පාවිච්චි වුණේ.
Deleteඒ පොත නම් සෑහෙන්න වටිනවා.. අර තේරවිලි ටික මට එවිය හැකිද? මගේ ගාවත් තියනවා සෑහෙන පරණ ප්‍රසතාවපිරුළු පොතක්. ඔය කාලෙම වගේ වෙන්න ඇති.
ReplyDeleteතේරවිලි කවි තියෙන්නේ ඔය දාලා තියන කවිතුන විතරයි. තවත් සිව්පද වැනි කවි තියනවා. එවන්නම්.
Deleteඅපේ තාත්තා ලඟත් මේ වගේම කොලෙක්සොං එකක් තිබ්බා. ඒ කාලෙ පොත් කියෝනකොට පොඩි හිනාවක් ගියත්, මේවා තමා අපේ වත්මන් සිංහල සාහිත්‍යයේ පැල තවාන්.
ReplyDeleteඉතිං කෝ ඒ පොත් එකතුව. ඒවා රත්තරං වගේ වටිනවා. අපි අද සිංහල කතාකරන්නේ ඔය පොත් ලිව්වා මිනිස්සුන්ට පින්සිද්ධවෙන්න තමයි.
Deleteමධු උඔගේ අර වැල පත්තර කොලෙක්සොං එක නම් පුච්චපිය..නැත්නම් උඔ මැරන දවසක දෝනිලා අපිටත් බනි..
Deleteහා හා, පුච්චන්න එපා. මෙන්ඩගේ ගෙදර උන්දැගේ නමට, මුද්දර නොගහ, තැපෑලෙන් එවපන්.
Deleteහෙය්යන්මාරුව, අදනේ තේරුම දැනගත්තේ. සිංහල වචන ගොඩක් තියනවා යෙදෙන්න ඕනේ මොන වෙලාවටද, අදහස් වෙන්නේ මොකක්ද කියලා අපි ගොඩ දෙනෙක් දන්නවා... හැබැයි එකේ නියම තේරුම දන්නේ බොහොම ටික දෙනයි.
ReplyDeleteමට මතක් උනා ඔබතුමාගේ පුරණය වළඳනවා කියන එකත් මේ වෙලාවේ.....
හෙහ් හෙහ්, පුරාණය වළඳනවා කියන එක, කී දෙනෙක් තේරුම් ගත්තද කියා මා දන්නේ නැහැ. නමුත්, එහි තේරුම, 'තමන්ගේම අශූචි අනුභව කරනවා' කියන එකයි.
Deleteඇත්තටම අද අපි අතර සමහර අය සිංහල භාෂාවේ වචන දන්නේ බොහොම ටිකයි. ඒ ටිකත් ඇහිලා ධාරණය කරගත් ඒවා. ඒකත් විකෘති කරලා තමයි භාවිත කරන්නේ.
වලවෙට්ටුවා සහ හෙයියන්මාරුව අහලා තිබ්බට තේරුම් දැනගත්තේ අදයි..... ඒ ගැන ස්තූතියි...... මං මේ බැලුවෙ පොතේ මිල දිහා............ හම්මේ.............
ReplyDeleteඒ කාලේ මේ පොතේ මිල (1949) අද අනුව බලනවිට රු 1250 ක් වගේ. මොකද ඒ කාලේ 1.25 කින් පවුලකට දවසක් කාලා තව කීයක් හරි ඉතිරි කරන්නත් පුළුවන්. අද රු 1250 කින් හතර දෙනෙක් ඉන්න පවුලක කෑම වියදම ආවරණය කරගන්න පුලුවන්ද?
Deleteඅපෝ බෑ..... කලින් ආණ්ඩුව තියෙද්දිනම් 2500ක් ඇති උනාලු මාසෙකටම
Deleteමං බැලුවේ පොතේ කතෘ දිහා.. ඔය පාටශාලා පරීක්ෂක මහත්වරුන්ගෙන් ඒ කලේ බොහොම ලොකු සේවයක් උනාලු.. මට නම් කවදාවත් මතක නෑ අපි ඉස්කෝලේ යද්දි එහෙම කෙනෙක් ඇවිත් ප්‍රශ්නයක් දෙකක් අහල යමක් කියල දීල ගිය වගක්..
ReplyDeleteවලෙට්ටුවා වචනේ අහුවේම අද.. හෙයියම්මාරුව අහල තේරුමත් භාවිතයෙන් දැනගෙන හිටියට වචනේ හදුනා විදිය දැනගත්තෙත් අද.. ඉස්සර ඔය වගේ අපි ඉස්කෝලේ ඇරලා නන්නත්තාරේ ඇවිදලා ගෙදර එනකොට අම්මා බනින්නේ 'සවරන් කෙලින්න ගියාද?' අහල.. සවරන් කියන්නේ ලී කෙලියක් බව දන ගත්තේ මේ ලඟදි.. මේ පොත කන්ටිනියු කරමු. සැහෙන්න වටිනවා..
ඒ කාලේ පාඨශාලා පරීක්ෂා එනවා කියලා කියන්නේ, අපිට හරීම බය හිතෙන දවසක්. මම පහේ පන්තියේ හිටිය කාලේ, අපිට පන්තිභාර ගුරුතුමී විශේෂ පුහුණුවක් දෙනවා, එක දවසක් විතර, එකවරම නැගිටලා ආයුබෝවන් කියන්න. අහයි කියලා හිතන ප්‍රශ්න වලට උත්තර දෙනහැටි. සෑම වචනයක්/වාක්‍යයක් අවසානයේ සර් කියලා උත්තර දෙනහැටි. 'ස්කූල් ඉන්ස්පැක්ටර් ඉස්සරහා මොනවා හරි වැරැද්දක් කරලා අහුවෙනවා එහෙම නෙවෙයි' කියලා බොහොම තදින් කියනවා. පුංචි අපි මානසිකව කොච්චර පීඩනයකට පත්වෙනවාද කියලා හිතන්නේ නැහැ. ඒ වගේමයි ඒ කාලේ හිටිය ඒ පරීක්‍ෂක වරු විදුහල්පතිටත් යුෂ්මතා, උඹ, කියලා තමා කතාකරලා තියෙන්නේ.
Deleteසෑහෙන්න වචන තියනවා අපි නිතර පාවිච්චි කරන නමුත් නිරුක්තිය නොදන්න.
සවරන් කෙලින්න ගියාද කියනවා වගේමයි අහනවා, ජවුසන් නටනවද? කියලා.
කඩප්පුලි, පාහර, අවලන්, වගේ වචන අපි නිතර භාවිත කලත් නිරුක්තිය දන්නේ නැහැ.
අපූරු කියන්නේ අපූර්ව. එනම් පූර්වයෙහි (අතීතයේ) අහන්නට දකින්නට නොලැබුන කියන එකයි.
හැබැට මොකක්ද විචාරක තුමා ජවුසන් නටනවා කියන්නේ? නිතර ඇහුවට දන්නේ නෑනේ.. 'පෙම් කෙළිනවා' කියලත් කියනවා ඒත් ඒ ලව් කරනවා කියනවට වඩා 'යාලු මිත්රයොත් එක්ක විනෝද වෙනවා' කියනවා වගේ අර්ථයකින් නේද?..
Deleteඇත්තෙන්ම මෙය මුස්ලිම්/මැලේ සංස්කෘතිය හෑ බැඳුනු නැටුම් ක්‍රමයක්. මේ නැටුම් ක්‍රමය බොහොම සිත් ඇදගන්නාසුළු, වේගවත් විචිත්‍ර නැටුමක් ලු. (මමනම් දැකලා නැහැ) සිංගල සමාජයේ ජවුසන් නටනවා යන්න බොහෝවිට යෙදුනේ සම්මතයට පටහැනිව හෝ සමාජයේ ශීලාචාර යැයි පිළිගන්නා හැසිරීම් වලට විරුද්ධව, විශේෂයෙන් කාන්තාවන් සහ තරුණියන් පිරිමින් ඇසුරු කිරීම පිළිකුල් සහගතව හැඳින්වීමටයි.
Deleteමෙන්න උදාහරණ යෙදුම්.
අපි දන්නවා උඹලගේ අම්මා/දුව/පුංචි අම්මා/ නැන්දා/ නටන ජවුසන්
අරුන්ගේ කෙල්ල නටන ජවුසන් වල හැටියට ඔහොම ඉතුරුවෙලා ඉන්න එකයි පුදුමේ
මේ උඹලා ඔය ජවුසන් නැතුවට ඔව්වා ඔක්කොම එළිවෙනවා දවසක.
මේ ලින්ක්ස් ටිකත් බලන්න.
https://www.facebook.com/lakbimaonline/posts/482797628432442
http://v1.mirrorarts.lk/feature/item/899-%E0%B6%A2%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B6%A7%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%85%E0%B6%BA
http://www.silumina.lk/2014/09/14/_art.asp?fn=cr1409148
හැබැයි ඔව්වා බලලා එක එක නෙයියාඩම් නටන්න ලෑස්ති වෙන්න එපා හොඳද?
හුටා....................ඔන්න තවත් වචනයක්. 'නෙයියාඩම්'
ඔය වචන වල තේරැම දැන ගත්ත එක වටිනවා
ReplyDeleteඑල ද බ්‍රා
ඒ වගේමයි සභ්‍ය වචන අපි ව්‍යවහාරයේ තියාගන්න ඕනේ. එතකොට භාෂාව රැකෙනවා.
Deleteපිටු ටික ස්කෑන් කරලා තියාගන්න වටිනවා...
ReplyDeleteමේ පොතේ තවත් කොටස් ඉදිරියේදී එනවා. බලාපොරොත්තුවෙන් ඉන්න.
Deleteහම්ටම් වටිනවා.... නොදත් වචන දෙකක් දැන ගත්තා ස්තූති..... අපේ ලොකූ හාමුදුරැ කෙනෙක් ඉන්නවා ආනමඩුව කිට්ටුව පන්සලක... එහෙත් පැරණි පොත පත එමටයි මෙදා පාර ආවම යන්න ඕනේ
ReplyDeleteආනමඩුව පැත්තේ පන්සලක් කිව්වේ......................?
ReplyDeleteමෙන්න මේ පන්සලද?