හෙහ් හෙහ්.........., ආමි එකේ ඉන්නේ ඉතින් ගණන්කාරයෝ නේන්නං. එහෙම නැත්තං ඔය යුද්දේ දිනයියැ. ඔය පේන්නැද්ද පාරේ යනකොටත් බොහොම ගණන් විදිහට නේ යන්නේ. අර, පොලීසියේ ලොකු මහත්තයෙක්, එක වතාවක් මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් කිව්වා, 'චණ්ඩි හැටියට ඉන්න පුළුවන් අපිට විතරයි. අපි තමා ලයිසන් චණ්ඩි' කියලා. එව්වගේ ඇත්ත නැත්ත මං දන්නේ නැහැ. හැබැයි ආමි එකේ කෝප්‍රල් සහ ඊට ඉහළ නිළයන්හි ඉන්න අය ඔක්කොම ගණන්කාරයෝ කියලා නම් දන්නවා.
'ඒ කියන්නේ ඊට පහළින් ඉන්න සාමාන්‍ය සොල්දාදුවෝ නිකං බයගුල්ලෝ?'
'නෑ නෑ, ඒගොල්ලොත් කෝප්‍රල්ලා වෙනකල් බය නැතුව ඉන්නවා ගණන්කාරයෙක් වෙන්න'
'ගණන්කාරයෙක් වෙන්න බැරිවුණොත්?'
'බැරිවුණොත් ඉතින් පැන්ෂන් යනතුරුම නිකම්ම නිකං සොල්දාදුවා තමා'
'හුහ්, තමුසෙලා එහෙනං කොප්‍රල්ලා හදන්නේ මිනිස්සුන්ට ගණන් දාන්න ඈ?'
'ඔන්න ඔන්න පීල්ල පැන්නා. මම කිව්වද මිනිස්සුන්ට ගණන් දාන්නයි මේගොල්ලන්ව හදන්නේ කියලා? හරි හරි, ඔහොම අහගෙන ඉන්නකෝ. මෙන්න මේකයි කතන්දරේ. මෙතන ගණන්කාරයෝ කිව්වේ, ගණිතය කරවන්නෝ කියන අදහසින් මිසක්, අර ඔයාලා අපි දන්නා ගණන්කාරයෝ හෙවත් චණ්ඩි කියන අදහසින් නෙවෙයි. හොඳයි, අපි අද ඉතා කෙටියෙන් කතාකරමු, යුද හමුදා ගිණුම්කරණය ගැන කරුණු ටිකක්.
'මොනවා?.... යුද්ධ හමුදාවේ ගිණුම් වැඩත් තියනවද?'
'ඇයි හිතුවද යුද්ධ හමුදාව පවත්වාගෙන යන්නේ, රාජ්‍ය කළමනාකරණ සේවයෙන් කියලා? යුද්ධ හමුදාවේ ජීවිත හානි සඳහා ලබාදෙන වන්දි ගෙවීම් වගේම, යුද්ධයේදී නැතිවන සියලුම හමුදා දේපළ පවා, ගිනුම්කරණයකට ලක්වෙනවා. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. අපි කෙටියෙන් සරලව ඒ ගැන බලමු'
හමුදා කඳවුරක තියන අවි ආයුධ, අනෙකුත් සියලුම උපකරණ, වාහන, ගොඩනැගිලි, ඇතුළු සියල්ලම පිළිබඳව, කාලීන වාර්තා, ඉහළ මූලස්ථාන වලට යවන්න ඕනේ. ඒ වගේම ඒවා පරීක්ෂා කිරීමට වාර්ෂික සමීක්ෂණ මණ්ඩල හමුදාව විසින්ම පත්කරනවා. මෙහිදී, අලුත්වැඩියා කොට භාවිත කළහැකි, පාවිච්චියෙන් ඉවත දැමිය යුතු, විනාශ කළයුතු, වෙන්දේසි කළයුතු, වශයෙන් බඩුබාහිරාදිය වර්ග කරනවා. අවි ආයුධ අලුත්වැඩියා කොට පාවිච්චියට ගත නොහැකිනම්, මධ්‍යම අවි ගබඩාවට යවනවා. ඒවා කාලීනව විනාශකර දමනු ලබනවා. ඒ එක පැත්තක්. නමුත් ගිණුම්කරණය ඊට වඩා ගැඹුරෙන් යනවා.
සෑම හමුදා බලඇණියක් Battalion විසින් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යායුතු ගිණුම් තිබෙනවා. එයින් ප්‍රධානතම ගිණුම වන්නේ, රෙජිමේන්තු ආයතන සභාපති ගිණුමයි = රෙ.ආ.ස. President Regimental Institute Account = P.R.I. මේ ගිණුම නිසිපරිදි පවත්වාගෙන යාමේ වගකීම පැවරෙන්නේ, ඒකකයේ අණදෙන නිළධාරි වරයාටයි. ගිණුම් ලිපිකරුවන් කොපමණ හිටියත්, ගිණුමේ නිරවද්‍යතාව සහ හමුදා රෙගුලාසි වලට අනුව පවත්වාගෙන යාමේ වගකීමෙන් මිදෙන්නට, අණදෙන නිළධාරි වරයාට බැහැ.
මේ ගිණුම් කටයුතු කරන ලිපිකරුවන් කවුද? ඔවුන් හමුදා සොල්දාදුවෝ. කොහොමද ඔවුන් ගිණුම්කරණය දන්නේ? සෙබළකු කෝප්‍රල් නිළයට උසස් වන්නට නම්, හමුදා ගිණුම්කරණ විෂයයෙන් සමත්විය යුතුයි. ඒ විෂය ඔවුන්ට කාලීනව උගන්වනවා. ආන්න ගණන්කාර කෝප්‍රල්ලා හැදෙන හැටි. ඒ ආකාරයටම කෝප්‍රල් සිට සැරයන් දක්වා උසස් කිරීමේදීත්, හමුදා ගිණුම්කරණ විෂයය සමත් වන්නට ඕනේ. දැන් පේනවා නේද 'ආමි කාරයා' කියන මිනිහා ඇතුළේ, විවිධ හැකියා රාශියක් තියන බව?
එතකොට ඔක්කොම කෝප්‍රල්ලා, සාජන්ලා, සාජන් මේජර්ලා, ගිණුම් වැඩ මිස්සක් යුද්දේ කරන්නේ නැද්ද? පිස්සුද? උසස් කිරීමේ විභාගයේදී ගිණුම්කරණය සමත් වුනාට, ඒ ඔක්කොමලා 'ගිණුම් වැඩකාරයෝ' නෙවෙයි. ගිණුම්කරණයේ දක්ෂකම් ඇති ටිකදෙනෙක් තමා, ඒ වැඩ සඳහා යොදවන්නේ. අනික් ඔක්කොමලා යුද්දෙට යනවා. සමහරු යුද්දේ කරන ගමන් ගිණුම් වඩාත් කරනවා. බෝ........රු. බොරු නෙවෙයි ඇත්ත. දවල් වරුවේ බලඇණි මූලස්ථාන කාර්යාලයේ ලිපිකරු රාජකාරියේ යෙදුන කෙනෙක්, රාත්‍රී කාලයේ ආරක්ෂක මුර රාජකාරියට වැටෙන්න පුළුවන්. බැහැ කියන්න බැහැ. ඒ තමයි හමුදාවේ හැටි. දවල් කාලයේ පරිපාලන කටයුතුවල යෙදුන නිළධාරියකුට, රාත්‍රී කාලයේ, භටපිරිසක් සමග, රැකසිට පහරදීමකට යන්න සිදුවන්න පුළුවන්. හමුදාව දුකයි සුදෝ.
(ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ කියන කතාව අහලා ඇති නේද? අහලා නෑ? කෙටියෙන් කියන්නම්. ගොඩක් කෑලි අඩුකරලා. නැගෙනහිර පළාතේ, පුළුකුනාව ප්‍රදේශයේ, ක්‍රියාන්විත රාජකාරියට යන්නට සිදුවුණ සොල්දාදුවෙක්, තම පෙම්වතිය වන මල්කාන්තිට, සෙනෙහෙකොලයක් ලියනවා. මේ සෙබලාට, පුළුකුනාව ප්‍රදේශය අල්ලන්නේ නැහැ. ඒ නිසා ඔහු අතින්, අර සෙනෙහෙකොලයේ වැඩිපුර ලියවෙන්නේ, පෙම් සිතුවිලි නෙවෙයි, පුලුකුනාවේ දුෂ්කරත්වය.
හැමදාම උදේට සැමන් හොදියි පානුයි, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ, වතුර ලුණුරහයි, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ. නාන්න වතුර නැහැ, ඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ. එහෙම තමයි ලියලා තියෙන්නේ. මේ සොල්දාදුවා මුර රාජකාරියේ ඉන්න ගමන් තමයි, ලිපිය ලියමින් ඉඳලා තියෙන්නේ. මුර පරීක්ෂාවේ ආපු සාජන්, මේ වැඩේ දැක්කා. සෙබළාට තරවටු කොට උදුරගත්තා අර කොළේ. ඔන්න ඔය උදුරාගැනිල්ල නිසා, ඔන්න ඕකයි තත්වේ කතාව හමුදාව පුරාම පැතිරුණා)
යුද්ද කාලේ, ගිණුම් පොත්පත් සටන් භූමියට ගෙනිහින්, ඉඩ ලැබෙන පරිදි ගහක් යට තියාගෙන හෝ සකස්කරපු අවස්ථා මෙපමණයි කියන්න බැහැ. ඔය මොනවා කිව්වත්, ගිණුම් වැඩ හරියට තියෙන්නත් ඕනේ. යුද්දේ කරන්නත් ඕනේ. දෙපැත්තම සමබර වෙන්න ඕනේ. අණදෙන නිලධාරි වරුන් එක පැත්තකින් යුද්ධයට අණදෙන අතරේ, දුව පැන යන එන ගමන් ගිණුම් පරීක්ෂා කිරීමත් කළා. ඔබට හිතාගන්න පුලුවන්ද මේවා මෙහෙම වුණා කියලා. නමුත් මා කියන්නේ සම්පූර්ණ ඇත්ත. යුද්ධය කියලා ගිණුම් වැඩ නොකර ඉන්න කිසිම නිදහසක් නැහැ හමුදා රෙගුලාසි අනුව.
එතකොට කෝප්‍රල්ලා සාජන්ලා විතරනේ ගිණුම් වැඩ දන්නේ. නෑ නෑ. නිළධාරියකු, කැඩෙට් නිළධාරියකු වශයෙන් පුහුණුව ලබන කාලයේදීම, ගිණුම්කරණය උගන්වනවා. කාලීනව පත්කරන ගිණුම් පරීක්ෂණ මණ්ඩලයක, සභාපති හැටියට පත්කරන්නේ නිළධාරියෙක්. සෙසු සාමාජිකයන් හැටියට සාජන් මේජර්, සාජන්, වැනි නිළයන්හි අය පත්කරන්න පුළුවන්.
ඉතින් ඔය රෙආස ගිණුමෙන් මොනවද කරන්නේ? ඇත්තටම රෙආස ගිණුම තරමක් සංකීර්ණයි. සෑම හමුදා කඳවුරකම පාහේ, මුදල් පරිහරණයට සම්බන්ධ වන විවිධ ආයතන තිබෙනවා. ඒ එක් එක් ආයතනය, උප ගිණුමක් සේ සළකා, ඒ සම්බන්ධ ප්‍රධාන ගිණුම ලෙස ක්‍රියාකරන්නේ, රෙආස ගිණුමයි. රෙආස ගිණුම බැංකුවක් මෙන් ක්‍රියා කරනවා. උප ගිණුම් වලට අයත් ආයතන වලට, රෙආස ගිණුමෙන් මුදල් ගන්නත්, තමන් උපයන ආදායම්, රෙආස ගිණුමේ තැන්පත් කරන්නත් පුළුවන්.
මොනවද ඔය උප ගිණුම්? ඔව් අපි කීපයක් පමණක් අරන් බලමු, මොනවද ඒවා කියලා.
සෙසුනිළ භෝජනාගාර ගිණුම (Men's Club):- සාමාන්‍ය සොල්දාදුවන්ට වෙන්කළ භෝජනාගාරය, සහ අවන්හල. (අවන්හල කිව්වට මත්පැන් නැහැ, ටොපියේ සිට විවිධ දේ, මිලදී ගන්න පුළුවන්. අත්පිට මුදලට පමණයි) මුදල් අයකර ලබාදෙන බිලියඩ් වැනි ක්‍රීඩා පහසුකම් තිබෙන්නට පුළුවන්. ඉතින් මේවා මුදල් පරිහරණය කරන කාර්යයන් නිසා ගිණුම් කළයුතුයි.
කොනොනි භෝජනාගාරය (Corporals Club):- කෝප්‍රල් සහ ලාන්ස් කෝප්‍රල් නිළයේ අයවලුන් සඳහා පහසුකම් සැපයීම. ඉහත පරිදි වෙනම උප ගිණුමක් ලෙස සළකනවා.
බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නය Warrant Officers and Sergeants Mess:- ඉහත වර්ග දෙකට වඩා වරප්‍රසාද ලැබෙනවා. වෙනම මුළුතැන්ගේ පහසුකම් ලබාගත හැකියි. බීමහලක් පවත්වාගෙන යාහැකියි. අත්පිට මුදලට පමණයි.
බැරැක්ක හානි අරමුදල:- නොසැළකිල්ලෙන් බැරැක්ක වලට සහ එහි තුළ ඇති උපකරණ වලට සිදුවන හානි සඳහා අයකරගැනීම්.
ඉඳුල් ආහාර ගිණුම:- ඉඳුල් ආහාර යනු, ඉවත දමන කෑම, ඌරු කොටු, පොහොර, වැනි දේකට විකුණා ලබන ආදායම. ටොන් ගණනක් එක දිනකට එකතුවෙන්න බැහැ. කෑම ඉවත දැමීම වරදක්. පස්සේ කතාකරමු වෙනම ලිපියකින්.
අවි පුහුණු අරමුදල:- පුහුණුවීම් සඳහා වෙඩි තැබීම් කරන්නේ කෘත්‍රිමව සාදන පස් කන්දකට. වෙඩි උණ්ඩ ඉලක්කපතේ වැදී හෝ නොවැදී ගොස්, අන්තිමට වදින්නේ මේ පස් කන්දට. කාලීනව එය හාරා, එම උණ්ඩ ලබාගෙන, ඒවා ඊයම් කැබලි ලෙස විකුණන්නට පුළුවන්.
හොඳයි, මේ රෙආස ගිණුම හැර වෙනත් ගිණුම් තියනවද. ඔව්. වෙනත් ස්වාධීන ගිණුම් තියනවා. එකක් තමයි,
නිළධාරි නිවස්න ගිණුම Officers Mess Account:- නිළධාරි නිවස්නයක ස්වභාවය ගැනත්, පස්සේ වෙනම ලිපියක් ලියන්නම්. නිලධාරි නිවස්න ගිණුම ස්වාධීන ගිණුමක්. එය රෙආසට සම්බන්ධයක් නැහැ. හමුදාවේ නිළධාරීන්ට භෝජනාගාර පහසුකම් ලැබෙන්නේ, අනෙකුත් සියලුම නිළයන්ට ලැබෙනවාට වඩා වෙනස් ක්‍රමයකට. ඒ නිසා වෙනම ගිණුමක් පවත්වාගෙන යනවා. එහි වගකීම දරන්න වන්නේ, බලඇණියක නම් දෙවැනි (උප) අණදෙන නිළධාරි වරයායි. ඔහු, නිළධාරි නිවස්න කමිටුවේ සභාපති, President Mess Committee = PMC යනුවෙන් හැඳින්වෙනවා.
අක්මුදල් ගිණුම Imprest Account:- මේ ගිණුම කෙළින්ම සම්බන්ධ වන්නේ නිලධාරීන් හැර සෙසු සියලුම අයවලුන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමටයි. වෙන කිසිම ගනුදෙනුවක් කළ නොහැකියි. භාණ්ඩාගාරයෙන් නිකුත්කරන මුදල් නිසා, ඉඳුරාම රජයට වගකිව යුතුයි. මේ ගිණුම පරීක්ෂා කරන්නට, විගණකාධිපති දෙපාර්තමේන්තු නියෝජිතයන්ට බලය තිබෙනවා. ඔවුන් ඒ සඳහා පැමිණි වහාම කරන්නේ, මුදල් සේප්පුව මුද්‍රා තබා, යතුරු අතට ගැනීමයි. ගිණුම පරීක්ෂා කිරීමෙන් පසු, අත ඉතිරි මුදල, ගිණුමේ සඳහන් ශේෂයට වඩා සතයක් වත් අඩු හෝ වැඩි වන්නට බැහැ. මේ වනවිට, යුද හමුදා වැටුප් ගෙවීම, පරිගණක ජාලගතකර, කෙළින්ම සෙබළුන්ගේ බැංකු ගිණුම් වෙත බැරවන ආකාරයට සකසා ඇති බැවින්, මේ කාර්යය වඩාත් පහසුවී තිබෙනවා.
අක්මුදල් ගිණුම හැර, ඉහත සඳහන් අනෙක් ගිණුම් සෑම මාස හතරකට (කාර්තුවකට) වරක්, ගිණුම් පරීක්‍ෂණයකට භාජනය කොට, එම ගිණුම් පරීක්ෂණ වාර්තාව, අණදෙන නිලධාරිගේ අත්සනින් යුතුව, ඉහළ මූලස්ථානය වෙත ඉදිරිපත් කළයුතු වෙනවා. අවසාන කාර්තුවේදී, ගිණුම් පරීක්‍ෂණය සිදුකරන්නේ, වෙනත් කඳවුරකින් එවනු ලබන මණ්ඩලයකින්. එහිදී, අක්‍රමිකතා, අඩුපාඩු, හමුදා රෙගුලාසි වලට පටහැනි ක්‍රියා, නිරීක්ෂණය වුවහොත්, අණදෙන නිළධාරි ඊට වගකිවයුතු වෙනවා.
මේ ගිණුම් වලට කෙළින්ම සම්බන්ධ නැති, සිවිල් ගණකාධිකාරී වරයකු සහ කාර්ය මණ්ඩලයක්, යුදහමුදාවට තිබෙනවා. එහි සිටින්නේ රජයේ සේවකයන්. ඔවුන්ට හමුදාව සමග සම්බන්ධයක් නැහැ. ඔවුන් කරන්නේ හමුදාව, පිටස්තර ආයතන සමග කරන ගණුදෙනු සම්බන්ධව ක්‍රියා කිරීමයි.
ඉතා සංකීර්ණ කරුණු සම්භාරයක්, හැකිතරම් සරලව කීමටයි උත්සාහ ගත්තේ. ඔබට ඇතිවන ගැටළු විමසන්නේ නම්, තවත් පැහැදිළි කිරීම් කළහැකියි.
2015 දෙසැම්බර් මස 06 වැනි දින 2252 පැය
Ammatasiri Mr.Wicha.. Kawuda dei hamuduruwane army eke ayata mechchara dewal karanta thiyenawa kiyala danne.. Sellan ne honde ehenam. Thanks mewwa post karanawata. Nodanna dewal nam kochcharada??? Jaya wewa..!!
ReplyDeleteහුඟ දෙනෙක් හිතන්නේ ආමි කාරයෝ ඉන්නේ දඩබල්ලෝ වගේ දක්කන තැනට ගිහින් මිනීමරන්න කියලා. ඒ අමනොඥ මානසිකත්වය ඇති අය ගැන අනුකම්පා කරනවා හැර වෙනත් කරන්න දෙයක් නැහැ.
Deleteඇගයීම ගැන ස්තුතියි.
පෞද්ගලික සමාගම් වලත් මෙච්චර පිලිවෙලකට මේ දේවල් වෙන්නෙ නැහැ. බොහොම ස්තූතියි විචා විස්තරයට
ReplyDeleteඇත්තටම මේ විගණන කටයුතු වලදී තිබෙන ස්ථාවර නියෝග බොහොම තදයි. ඒවා කැඩුවොත් කෙලින්ම දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා.
Deleteඔන්න ඕකයි මල්කාන්ති පුලුකුනාවේ තත්වේ//////////// ROG ?
ReplyDeleteහෙහ් හෙහ්, ඔව් එක අතකට ROG එකක් තමා.
Deleteකාටවත් නොකී රහසක් ...
ReplyDeleteමමත් ගණන්කාරයෙක් තමා, මම භෝජනාගාර ගිණුම් තැබීම් පාඨමාලාව ( Mess Accounts ) කරේ නම් 2011.
යුධ හමුදා ගිණුම් වල තියෙන ප්‍රධාන වාසිය තම, සිවිල් සාමජයේ ගිණුම් තැබීමේ කටයුතු සඳහ භාවිතා කරන පොත් කිහිපයක තොරතුරු ( ලැබීම් , ගෙවීම් , බැංකු ශේෂය ආදී ... ) එක් පොතකින් ලබාගත හැකි වීම. ඒ සඳහා භාවිතා කරන්නේ යු.පො 21 (A.B 21 ) ලෙස හඳුන්වන පොතක්.
චඃ..........නියම කොල්ලෙක් නේ. මෙස් එකවුන්ට්ස් කිව්වේ මිඩ් කැරියර් කෝස් එකද? මම මිඩ් කැරියර් කෝස් එක කලේ පනාගොඩ. 1992 දී.
Deleteමම AB 21 ගැන ලියන්න හදලා ලිව්වේ නැහැ නීරස වෙයි කියලා.
අා..........අා......අා.......
Deleteරහසක් නේන්නම්...... අදනේ දන්නේ.....
සදරු......... ඒ කියන්නේ හමුදාවේ.... මං හරිද???? අපිටත් දැනගන්නත් ඒක්කම විස්තර ටිකකුත් කියන්නකෝ......
ඔන්න ඕකයි මල්කාන්ති පුළුකුනාවේ තත්වේ.. හොක් හොක් හොක් ..
ReplyDeleteවිචාරක තුමා මමනම් මේ වගේ මතක G 47 දාල අයින් කරලා තියෙන්නේ ඔලුවේ.. ඒක නිසා මෙහෙම ඒවා ලියන්න හම්බ වෙන්නේ නෑ.. නේවි එකේ තත්වේ ඔයිට සුට්ටයි වෙනස්.. අධිකාරියට පත් කල නෞකා හා ආයතන තමයි වෙනම ස්වාධින ගිණුම් ආයතන විදියට පවත්වාගෙන යන්නේ.. අනිත් සියලු ආයතන හා නෞකා යම්කිසි මව් ආයතනයකට යටත්ව තමයි තියෙන්නේ.. නෞකාවකදී නම් මේ ගිණුම් පවත්වාගෙන යාම එතරම් ගැටළුවක් නෑ.. ඒත් වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්න විශාල ආයතන වල ඔය වගේ තමයි.. මේ ගිණුම් සියල්ල Logistic බ්‍රාන්ච් එකෙන් පවත්වාගෙන යන ආහාර, නිළ ඇඳුම්, දේශීය විදේශීය මිලදීගැනීම් ආදී මහා පරිමාණ කටයුතු වලින් බැහැරව ඒ ඒ ආයතන විසින් පවත්වාගෙන යන ගිණුම්.. (නෙවි එකේ විදිය).. තව ඔයිට වැඩිය මට මතක් වෙන කීපයක් තමයි ලොන්ඩරි, සැලුන්, පොල්කටු ගිණුම් හා අණදෙන නිලධාරියාගේ ආපදා අරමුදල CO's Distress Fund වගේ ඒවා.. :)
අනේ 'කමි අයියේ' :e නේවි එකේ ගෑණු ළමයි ගැන මොනවහරි ලියන්නකෝ ඔයාගේ සයිට් එකේ. හොඳ කමි අයියනේ............:e
Deleteඅපේ ඒ කාලේ කඩේකින් ඔය රේඩියෝ එකක් ටීවී එකක් ගන්න යන්නේ යාලුවොත් එක්ක. ඒ කට්ටිය තමයි අපේ G 47 බෝඩ් එක. උන් කඩේදී පුළුවන් තරම් අර භාණ්ඩය කන්ඩෙම් කරලා කතා කරනවා. වැඩේ සාර්ථක වෙනවා.
හුටා..පොල්කටු ගිණුම් කියලා එකක් අදමයි ඇහුවේ.
//පොල්කටු ගිණුම්// හා.. එක මරු බිස්නස් එක.. පොල් කට්ටක් සත පනහයි හැටයි.. ට්‍රේනිං බේස් එහෙක වගේ දවසකට දෙතුන් දාහකට උයන තැනක පොල්කටු හාර පන්සියක් දවසට එකතු වෙනවා..
Deleteසමහර විට ඔය ගිණුම් වලට ලක්වන භාණ්ඩ ගිණුම් තබනවාට වඩා විනාශ කිරීම ලේසි වෙන්න පුළුවන් ගිණුම් තැබීමට යන කාලයත් මුදලත් එක්ක බැලුවම.
ReplyDeleteකියන්න ගිය ඉතුරු ටික මතක නෑනෙ.. :(
ආ මතක උනා. අපි කැම්පස් ඉන්න කාලෙ සිසුන්ගේ යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න කියලා පොඩි පෙට්ටි තිබ්බා තැනින් තැන. ඒවා මාසෙකට පාරක් පැවැත්වෙන ආචාර්‍යවරුන්ගේ හමුවකදී විමසා බැලෙනවාලු. එකෙක් ඒකට සත පනහක් දාලාලු. ඊටපස්සෙ එක හමුවීමක් තනිකරම වැයවුනේ ඒකට වැටෙන මුදල් වලට මොකක්ද කරන්නේ කියන එකටලු. :D
Deleteපට්ට
Deleteඒ කැම්පස්නේ, හමුදාවේ එහෙම පෙට්ටි නෑ,පෙට්ටි තිබ්බත් යතුර සිනියර් ඔෆිසර් ළඟ, චෝදනාවේ උඩින්ම තමුන්ගේ අංකේ ලියලා, තමුන්ගේ ඔෆිසර් ගෙන් සහතික කරවගෙන, පෙට්ටි ඔෆිසර්ට චෝදනා ව බාර දෙන්න වෙනවා.
හැම එකක්ම විනාශ කරන්න බැහැ. උදාහරණයක් හැටියට කාලතුවක්කුවක්, යුද්ධ ටැංකියක් වගේ දේවල් මූදේ ගිල්ලවන්න පුළුවන්. නමුත් අපි කරන්නේ, එව්වා කොහේ හරි කඳවුරක අලංකාරය සඳහා හයිකරලා තියන එකයි.අලංකාරය විතරයි. ආයේ කවදාවත් පාවිච්චි කරන්න බැහැ.
Deleteඅනේ ඔය කෑම්ප් ලඟත් අරවගේ පෙට්ටි ටිකක් තියන්න ඕනේ. ඒවාට ලැබෙන ආධාරවලින් හැන්දෑවට බයිට් පැකට් එකක්වත් ගන්න. :e
@ ඇනේ. පෙට්ටි ඔෆිසර් ද නේවි එකේ ඉන්න පෙටි ඔෆිසර් ද
ඔන්න ඕකයි මල්කාන්ති ගිණුම් වල තත්වෙ නේද?
ReplyDeleteගණං බැරි එකාට කොතනත් තැනක් නෑ වගෙයි.
මල්කාන්තිගේ ගිණුම් වාර්තා දන්නේ අර සොල්දාදුවා නේ.
Deleteගණන් බැරි එකාට හිඟාකන්නවත් බැහැ අද කාලේ.
අවුරුදු ගානකට පස්සේ එකවුන්ට් ක්ලාස් එවර වෙලා දැන් නිකන් විජේරාම හන්දියට ආවා වගේ
ReplyDeleteහික් හික් හික්, පරණ මතක අලුත් කරාට පින් දීපන් මට
Deleteහන්දියට ආපු ගමන් දුමක් දානවා..
Deleteඅනිත් වෘත්තිකයන් ගන්නව වගේ ගණකාධිකාරීවරුන් ඔෆිසර්ස්ලා වශයෙන් බඳවා ගන්නෙ නැද්ද හමුදාවට ?
ReplyDeleteගන්නවා ගන්නවා. වරලත් ගණකාධිකාරී වරයකුට කෙලින්ම කපිතන්, මේජර්, හෝ සමහරවිට ඊටවඩා ඉහළ නිළයකින් බැඳෙන්න පුළුවන්. ඔවුන් යොදාගන්නේ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායට අදාළ රාජකාරි වලට පමණයි. බලඇණි වල සේවයට යොදවන්නේ නැහැ. (ක්‍රියාන්විත සේවයට යවන්නේ නැහැ)
Deleteඉතා හොඳ විස්තරයක්... මගේ නම් අදහස හමුදා සෙබළා උසස්කොට තැබීමට ඔබතුමා ලොකු රාජකාරියක් කරනව. පිටින් දකින මිනිස්සු හිතන "ආ .. ආමි කාරයෙක්" යන සිතුවිල්ලෙන් ඔබ්බට හිතන්න අවස්තාව සලස්වල... අපේ පැත්තෙත් කෝප්‍රල් කොලුවෙක් ඉන්නව. ඌත් එහෙනං ගණන් කාරයෙක්.. අනේ මන්ද.. දුක තමයි රංජනී.. ආ නෑ නෑ...ඔන්න ඕකයි මල්කාන්ති පුළුකුනාවේ තත්වේ...
ReplyDeleteඇගයීම ගැන ස්තුතියි. හමුදා සෙබලාගේ තත්වය උසස් කිරීම කොහොම වෙතත්, අහිමි වෙමින් යන සෙබලාගේ අනන්‍යතාව රැකගන්නයි මා උත්සාහ කරන්නේ.
Deleteමල්කාන්ති දැන් වයසට ගිහින් ඇති.
අලුත් පෝස්ට් එක දානකම් බලාගෙන හිටියේ.
ReplyDeleteමගේ පවුලේ බොහෝ දෙනක් ඉන්නවා ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සේවය කරන.ඒ අතරින් කිහිප දෙනෙක් යුධ බිමේදි මිය ගියා.ඒ දවස් වල ඔවුන් නිවාඩු ආවම සේවා දුෂ්කරතා ගැන පවුලෙ අයත් එක්ක කියනවා.මගේ ඥාති සහෝදරයෙක් කිව්වා දවසක් ඔවුන් කිහිප දෙනෙකුට දින කිහිපයක් කැලේ ඉන්න උනාලු.වැඩිපුර ඉදලා තියෙන්නේ වතුරේ.කඳවුරට ඇවිත් සපත්තු ගලවනකොට මේස් කකුල් වලට ඇලිලා තිබිලා.මේස් එක්කම කකුලේ හමත් ගැලවිලා ආවා කීවා.ඔහු යුධබිමේ ක්‍රියාන්විත වලට අමතරව ඔබ සඳහන් කරනවා වගේ අනෙකුත් කටයුතු සඳහාත් සේවය සපයා තිබෙනවා.යුද්ධය තදින් තිබුන කාලේ හමුදාවේ සේවය කල මගේ එක්මිතුරෙක් මට කිව්ව දෙයක් තමයි ජීවත් වීමට වඩා මරණයට සමීපව හිදිමින් පැය 24 ම සේවය කරන එකම තැන හමුදා සේවය කියන එක.
හමුදාවේ තිබෙන සියලු දේවල් හමුදාවේ කොපමණ කල් හිටියත් අවබෝධ කරගන්න අමාරුයි. ඒ තරම් පුළුල් පරාසයක විහිදුනු මහා විෂය පථයක් තමා තියෙන්නේ.
Deleteකලේ මැද්දේ දීර්ඝ කාලයක් හිටියම අපේ ඔලුවත් කැලෑ වෙලා යනවා.
කෑලෑ අස්සෙ සයිට් වල හිර වෙලා ඉඳලා නිවාඩුවට ගෙදර යනකොට නිකන් මැජික් බලනවා වගේ වටපිට බලන්නෙ.ආමි එක ගැන හිතාගන්න ඇහැකි..
Deleteපුළුකුණාවේ තත්තේ නං ඊටත් අන්තයි.
ReplyDeleteපොස්ට් එක නියමායි විචාරක තුමා, අර වාචාලයන් එක්ක ටැපලෙන් නැතුව මේවා ලියන්න, උන්ට මූට්ුවෙන්නේ එතකොටයි.
අන්තිමට අර සොල්දාදුවා පුළුකුනාව අතෑරලා මල්කාන්ති හොයාගෙන ගියාද දන්නේ නැහැ.
Deleteසහතික ඇත්ත. ඔය පුස්සන්ට මේවා ගැන කතාකරන්න දැනුමක් නැහැ. උන් ඔහේ උන්ට අයිති තැන්වල හිටපුවාවේ.
යුධබිමේ රසකතා නැද්ද???? එකෙන්ම මේ වගේ ඒවා මට අරහං!
ReplyDeleteදෙඤ්ඤං දෙඤ්ඤං, එව්වා හුඟක් සැර නිසා සැර බාලවෙන්න වතුරේ දාලා තියෙන්නේ මේ දවස්වල. :e
Deleteබොහොම වැදගත්. දැන් හැමතැනම වගේ ගිණුම් පරිගණකගත කරලා නිසා හමුදා කඳවුරු වලත් ඒ තත්ත්වෙම ඇති කියලා හිතෙනවා. ඒත් සුවර් නෑ...ආණ්ඩුවේ බඩුනෙ.
ReplyDeleteයුනිෆෝම් කූපන් එහෙම තිබුන්නැද්ද ඒ කාලෙ?
වැටුප් ගෙවීමේ කටයුතු නම් සම්පූර්ණයෙන් ජාලගත කරලා තියනවා. පෞද්ගලික ලිපිගොනුත් ඒ විදිහමයි. තවත් බොහෝ දේ අනාගතයේදී සිදුවෙයි. රාජ්‍ය ආයතන වල වගේ නෙවෙයි, ඉහල ඉන්න අයට පුළුවන් ක්‍ෂණිකව විනය ක්‍රියාමාර්ග ගන්න. නෝ වෘත්තීය සමිති.
Deleteහිහ් හිහ්, යුනිෆෝම් කූපන් දුන්නොත් කොල්ලෝ ඇඳුම් නැතුව යයි කූපන් ගන්න කඳවුරේ ලොක්කා ලඟට. කෙල්ලොත් එහෙම එයිද මන්දා :e
අපේ එකවුන්ට් එකේ කට්ටියත් දාන්න ඔනේ හමුදාවට ටික කාලයකට හරි..ඇයි දන්නවද හමුදාවේ ගිනුම් අංශ වල හිටියත් එයාලට දැඩි විනයක් තියනවා..
ReplyDeleteලිපිය එල ද බ්‍රා
ගොඩක් කරැනු දැන ගත්තා..
අපේ ඔක්කොමලට යුනිෆෝම් අඬන්නේ නැතුව හමුදාවේ ක්‍රමයට වැඩ කරන්න කියලා දුන්නොත් කාර්යක්‍ෂමතාව ඉහලට ගන්න පුළුවන්.
Deleteස්තුතියි ඇගයීම ගැන.
නොදන්න ගොඩක් පැති දැනගත්තා විචාරක තුමා. අහන්න ප්‍රශ්නයක් නං නෑ. මොකද මේ සෙක්ෂන් එක ගැන දැනගත්තෙත් අදමයි නිසා.
ReplyDeleteහමුදාවේ මෙහෙම දේවල් තියනවා කියා දැනගත්තානම් ඒ හොඳටම ඇති.
Deleteඑල එල
ReplyDeleteආමි එකේ අය විතරක් නෙමේ අපිත් ගනන් කාරයෝ හොඩේ...
හෙහ් හෙහ්, හැබැයි සිවිල් එකේ ඉන්න ගණන් කාරයෝ තරම් ගැඹුරට මේ ආමි කාරයෝ ගණන් දන්නේ නැහැ. මොකද එයාලගේ විෂය පථය සීමිතයි. ඒ වුනාට වැඩේ හරියට කරනවා.
Deleteගිණුම්කරණය... ආර්ථික දේවල් කියන්නේ කවදාවත් මට තේරුම් ගන්න බැරි පැත්තක්. පෝස්ට් එක නම් කියෙව්වා.. පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා වැඩිය කල්පනා කරන්න ගියේ නෑ..
ReplyDeleteකොහොමවත් කල්පනා කරන්න එපා. මෙන්න මේ වගේ දේවල් හමුදාවේ තියනවා කියලා දැනගත්තම ඇති.
Deleteස්තුතියි කමෙන්ට් එකට.
හමුදාවේ විස්තර තියෙන පෝස්ට් නම් නියමයි. දවස් 2ක ඉඳන් මුල ඉඳන් තියෙන ඔක්කෝම පෝස්ට් ටික කියවගෙන ආවේ.පුලුවන් විදියට දිගටම ලියන්න :)
ReplyDeleteමා හිතන්නේ ඔබ මීට කලින් මේ පැත්තේ ඇවිත් නැහැ. ඔබව සාදරයෙන් පිළිගන්නවා. සෑහෙන වෙහෙසක් දරා, පැරණි ලිපි කියවීම ගැන, ඉතාම ස්තුතිවන්ත වෙනවා. එමෙන්ම, මේ දිරිගන්වනසුළු අදහස් දැක්වීමටත් බොහොම ස්තුතියි.
Deleteගිණුම්,මූල්‍ය පාලනය වගේ සබ්ජෙක්ට් ගස්ලබ්බට ඇලජික්.සල්ලි ගෑවෙන වැඩක හිටියොත් අතේ තියෙන අන්තිම සතේටත් කෙල වෙනවා දන්නෙම නෑ.ඒ හිංදා පෙටි කෑෂ් වලට වත් අත නොතියා ඉන්නෙ හෙන ගේමක් දීලා.
ReplyDeleteලියන්න විචා.... මෙව්ව නොලියා අනිත් මිනිස්සු කොහොමෙයි දැනගන්නෙ?
ජයවේවා..!!
මටත් එහෙම තමයි ලබ්ස්. මම අණදෙන නිලධාරි වශයෙන් හිටිය කාලෙත්, දෙවැනියාට තමයි කියන්නේ ඔක්කොම එකවුන්ට් හරිද බලපන් කියලා.
Deleteඇත්තටම සාමාන්‍ය ජනතාව හමුදාව ගැන සිතාසිටින යම් ආකල්ප වෙනස් කරන්නයි මා උත්සාහ කරන්නේ.
ස්තුතියි අදහස් දැක්වීම ගැන.
සිවිල් ඉංජිනේරුවරුන් කපිතාන් නිලයට බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබුණි. යුධ හමුදාවට සම්බණ්ද වීමට මා ඉතා කැමැත්තෙන් සිටි බැවින් මා මේ සඳහා ඉල්ලුම් පතක් යොමු කරෙමි. ඉල්ලා තිබූ සුදුසු කම් මා සතුව ඇතත් පොඩි ගැටළුවක් තිබේ. ඒ පිලිබද මා මෙන්ම වෙනත් අයටත් දැන ගැනීම සදහා ඔබතුමාගෙන් මෙසේ විමසමි. පොඩි කාලයේ සිදුවූ හදිසි අනතුරකින් මාගේ පාදයේ ඇගිල්ලක කොටසක් අහිමි විය. නමුත් එයින් මාගේ කිසිදු හැකියාවකට බාදාවක් නැත. දිවීමට පිහිනීමට ඕනෑම දෙයක් සාමාණ්‍ය පරිදි කර හැක. මට එය නැතයි කියා දැනෙන්නෙවත් නැත. මෙය මට ඉහත තනතුරට බදවා ගැනීමේදී ගැටළුුවක් වෙයිද?
ReplyDelete👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ReplyDelete👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ReplyDeleteඔන්න අපේ පැටිකිරිය
ReplyDeletethanks saho mewa oya out kranawata
ඔන්න අපේ පැටිකිරිය
ReplyDeletethanks saho mewa oya out kranawata
සුපිරියි. 👍
ReplyDelete