'අපි නොදන්න පෙළපාලි' ලිපි මාලාවේ පළමුවැනි කොටසට, ඔබෙන් ලද ප්‍රතිචාර වලට ස්තුතිවන්ත වෙමින්, දෙවැනි කොටසත් ඔබවෙත ගෙන එනවා. මා සිතාගත්තා, මේ ලිපි මාලාව, හැකිතරම් කෙටියෙන් සහ තරමක් වේගවත්ව ඉදිරියට ගෙනයාමට.
කෙසේ වෙතත් මේ දිනවල මා අතිශයින් කාර්ය බහුල තත්වයකට පත්ව සිටිනවා. ඒ අතරම, පසුගිය දිනවල සිදුවුන විදුලිය ඇණහිටීම, ලිපි ලිවීමට මහත් බාධාවක් වුණා. එමෙන්ම, මෙවැනි ලිපි ලිවීමේදී, තොරතුරු නිරවද්‍යතාව සහ අවශ්‍ය කරුණු පමණක් ලිවීම, ඉතා පරෙස්සමෙන් කළයුතුව තිබෙනවා. පසුගිය ලිපියෙන් ඔබ කඳවුරු මුර පරීක්ෂාව හෙවත්, Guard Turnout කියන්නේ මොකක්ද කියන එක ගැන සරල අවබෝධයක් ලබාගත් බව ප්‍රතිචාර වලින් පෙණුනා.
මේ ලිපියෙන් අපි බලමු 'සම්මාන මුරයක් හෙවත් Guard of Honour' කියන්නේ කෙබඳු පෙළපාලියක්ද යන්න.
කලින් ලිපියේ සඳහන් මුර පරීක්ෂාවට වඩා, විශාල පරිමාණයේ පෙළපාලියක් තමා, සම්මාන මුරය කියන්නේ. මෙය, ත්‍රිවිධ හමුදා නිලධාරියකුට වගේම, ත්‍රිවිධ හමුදාවට අයත් නැති, රාජ්‍ය නායකයන්, තානාපති වරුන්, මැති ඇමතිවරුන් වැනි අයටත්, පිරිනමන්න පුළුවන්.
නාවික හමුදාව නම්, මෙවැනි පෙළපාලි නැවකදී වුනත් පවත්වනවා.
(පාප් වහන්සේත් රාජ්‍ය නායකයකු ලෙස සැළකෙන නිසා, උන්වහන්සේටත් මෙවැනි පෙළපාලි පිරිනැමෙනවා. ඔබ මේ දිනවල දකින්නට ඇති, අපවත්වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ, අතිගරු මහානායක ස්වාමීන් වහන්සේගේ දේහය තැන්පත් කර ඇති දෙන අසළ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක මුරයක් යොදවා තිබෙන ආකාරය. එය සිදුවන්නේද, රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශයේ නියෝග අනුවයි. එවැනි ස්වාමීන් වහන්සේනමක ගේ ආදාහන උළෙලේදී, කාලතුවක්කු අචාර වෙඩිමුර පවා පවත්වනවා.)
එසේම මෙය අවස්ථාව/අවශ්‍යතාව මත ත්‍රිවිධ හමුදාවෙන් එක් හමුදාවක් විසින් (තම හමුදාවට පමණක් සීමාවන උත්සවයක් නම්, එම හමුදාව පමණයි සහභාගි වන්නේ) හෝ ත්‍රිවිධ හමුදාවම යොදවා, (නිදහස් උත්සවය, රාජ්‍ය නායකයකු පිළිගැනීම වැනි) පවත්වන්නට පුළුවන්.
මෙවැනි පෙළපාලියක්, දැඩි පරිශ්‍රමයකින් හා සංවිධානයකින් යුක්තව පැවැත්විය යුතුයි. අඩුපාඩු වැරදීම් වුනොත් රටේ අභිමානය කෙලෙසෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා, පුහුණුවීම් ඉතා ඉහළ මට්ටමෙන් පවත්වනවා. (අපේ රටේ නිදහස් උත්සව දින පෙළපාලියේ, අවසන් පෙර පුහුණුවට, ජනාධිපති නියෝජනය කරමින්, නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහභාගි වෙනවා) නිදහස් දිනය, යුද ජයග්‍රහණය, සැමරීම සඳහා පවත්වන පෙළපාලි ගැන කතාකිරීම පසුවට තබා, ගෞරව සම්මාන පෙළපාලිය ගැන මුලින්ම කියා සිටින්නම්.
ගෞරව සම්මාන පෙළපාලියක්, කාලගුණික බාධා වලින් වැළකීම සඳහා, අවශ්‍යනම්, ගොඩනැගිල්ලක් ඇතුළත වුනත් තියන්න පුළුවන්. නමුත්, අපේ රටේ එසේ කරන අවස්ථාවක් මා දැක නැහැ. ශීත කාලය දැඩිව පවතින රටවල, එහෙම කරනවා.
ගෞරව සම්මාන මුරයක් දීමට සුදුසු වන්නේ කාටද කියා, ඒ ඒ රටේ ආරක්‍ෂක අමාත්‍යාංශය හෝ අදාළ ආයතනය මගින්, කාලීනව ස්ථාවර නියෝග පනවනු ලබනවා. ලංකාවේ රාජ්‍යයට අදාළව, ජනාධිපති, අගමැති, අගවිනිසුරු, කථානායක, කැබිනට් ඇමතිවරු, ෆීල්ඩ් මාර්ෂල්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, සඳහා ත්‍රිවිධ හමුදා ගෞරව සම්මාන පෙළපාලි පුද කරනවා.
එක් හමුදාවකින් පමණක් ඉදිරිපත් කරන පෙළපාලි, ඉහත සඳහන් අයට අමතරව, ආරක්ෂක ලේකම්, ඒ හමුදාවේ හමුදාපති, පොලිස්පති, සහ එසේ පුද කිරීමට සම්මත කරගත් ත්‍රිවිධ හමුදා උසස් නිළධාරීන්ට (සාමාන්‍යයෙන් කර්නල් සහ ඊට ඉහළ නිළවලටයි පිරිනමන්නේ. නමුත්, බලඇණියකින් පිරිනමන ආචාරයක්, මාණ්ඩලික නිලධාරි I මට්ටමේ සිටින, මේජර් නිලයේ නිළධාරීන්ටත් පිරිනැමෙනවා.) මේ පෙළපාලියේ සාමාන්‍ය පිළිවෙත මෙහෙමයි.
1. අමුත්තා පැමිණීමට පෙර පෙළපාලිය සහ තූර්ය වාදක කණ්ඩායම නියමිත ස්ථානයේ පෙළ සෑදීම.
2. පේළි නිවැරදි කරගැනීම (ඇදකුද නැතිව පේළි හරියට කෙළින් තැබීම. මෙය කරන්නේ සරඹ උපදේශක වරයකු විසින් කෙරෙන අණදීම් වලින්)
3. අමුත්තා, පෙළපාලිය පිළිගන්නා පීඨිකාව Saluting Dais වෙත පැමිණීමට පෙර, පෙළපාලිය 'සීරුවෙන් අවි' ඉරියව්වේ තැබීම (පෙළපාලි අණදෙන්නා විසින් අණදීමෙන්)
4. අවශ්‍යනම් පෙළපාලිය පේළි දෙකක් ලෙස සැකසීම සඳහා අණ දීම. 'පසෙක අවි' යන අණ වචනය දීම සහ, උත්තමාචාරය ලබාදීම. ඉන්පසු, පෙළපාලි අණදෙන්නා, අමුත්තා වෙත ගොස්, සිය අසිපත පහත්කොට ආචාර කර, පෙළපාලිය වාර්තා කිරීම. මෙහිදී කියන්නේ, සුබ උදෑසනක්/මධ්‍යාහ්නයක්/සන්ධ්‍යාවක් වේවා, ජනාධිපතිතුමනි/උතුමාණනි/ඇමතිතුමනි/තුමනි, නිළධාරීන්........දෙනෙකුගෙන් ද, සෙසු නිලයන්........දෙනෙකුගෙන් ද, (පෙළපාලියේ සිටින නිලධාරීන් සහ සෙසු නිලයන් ගණන කියනවා. පෙළපාලිය පිළිගන්වන අමුත්තාගේ තනතුර අනුව, පෙළපාලියේ කී දෙනෙක් සිටිය යුතුද, අණදිය යුත්තේ කුමන නිලයක නිලධාරියකු විසින්ද යන්න පිළිබඳව, හමුදා නියෝග තිබෙනවා. ඒ අනුවයි පෙළපාලිය පවත්වන්නේ) සමන්විත පෙළපාලියේ සියල්ල සම්පූර්ණයි නිවැරදියි, ඔබතුමාගේ පරීක්ෂණය සඳහා සූදානම්, (ජනාධිපතිතුමනි/උතුමාණනි/ඇමතිතුමනි/තුමනි) යනුවෙන්.
පසුව එකතු කිරීම:- මේ පෙළපාලියේදී උත්තමාචාරය පුදකිරීම සිදුවන අතර තූර්යවාදක කණ්ඩායමෙන් පහත දැක්වෙන වාදනයට සමාන වාදනයක් ඉදිරිපත් කරනවා. අපේ රටේ වාදනයත් මෙයට 99% ක් සමානයි.
5. 'ඔබතුමාගේ පරීක්ෂණය සඳහා සූදානම්' කියන්නේ, අමුත්තා විසින්, පෙළපාලිය ඉදිරියෙන් ගමන්කර එය නිරීක්ෂණය කිරීමයි. මේ සඳහා රතු පලසක් එළා තබනවා. පීඨිකාවේ සිට පෙළපාලිය දෙසට මුහුණ ලා සිටගත් විට, අමුත්තාගේ වම් අත පැත්තෙන් අංශක 45 ක පමණ කෝණයකට විහිදෙන රතු පලස, ඉන්පසු පෙළපාලියේ ඉදිරි පේළිය ආරම්භවන ස්ථානයේ සිට, එම පේළිය ආසන්නයෙන් විහිදෙනවා. පේලිය අවසන් වන ස්ථානයේදී, නැවතත් එය අංශක 45 ක් පමණ කෝණයකින් යුක්තව, ආපසු පීඨිකාව වෙත විහිදෙනවා. අමුත්තා මේ පලස දිගේ ගොස් පෙළපාලිය නිරීක්‍ෂණය කරනවා.
ඒ ඒ පෙළපාලියේ ස්වභාවය අනුව අමුත්තා සමග තවත් අය ගමන් කරනවා. අපි හිතමු පෙළපාලිය පවත්වන්නේ ජනාධිපතිතුමා වෙනුවෙන් කියා. එහෙම නම්, ජනාධිපති තුමා පෙළපාලිය නිරීක්ෂණය කරන්නට යනවිට, ඒ පෙළපාලියට අදාළ හමුදාවේ/ඒ ස්ථානයේ සිටින ඉහලම නිලධාරියාත්, ජනාධිපතිතුමාට පසුපසින් ගමන් කරනවා. ජනාධිපති තුමා හෝ ඕනෑම ප්‍රධාන අමුත්තකු සමග, සමාන්තරව ගමන් කරන්නේ පෙළපාලියේ අණදෙන්නා පමණයි. නමුත් මෙය සෑම රටකම ඒ ආකාරයටම කෙරෙන්නේ නැහැ. ඒ ඒ රටේ සම්ප්‍රදාය වෙනස් වෙනවා.
විදේශීය රාජ්‍ය නායකයකු පැමිණි අවස්ථා වලදී, බොහෝවිට, එම රටේ රාජ්‍ය නායකයා එම විදේශීය රාජ්‍ය නායකයා කටුව පෙළපාලිය නිරීක්‍ෂණය කරනවා. කෙසේ වෙතත්, ඒ ඒ රටේ සම්ප්‍රදාය වෙනස්වන අවස්ථා ද තිබෙනවා.
හමුදා නිලධාරියකු නොවන අමුත්තන්, මෙවැනි පෙළපාලියක් නිරීක්ෂණය කිරීමට යාමට පෙර දැන සිටිය යුතු කරුණු තිබෙනවා. එයින් වැදගත් කරුණු දෙකක් සඳහා විශේෂ අවධානය දිය යුතුයි. රතු පලස දිගේ, පෙළපාලියේ ඉදිරි පේලියේ කෙලවරට පැමිණි පසු, පෙළපාලි අණදෙන්නා, තමන් ගමන්කළ පැත්ත මාරු කරනවා. ඒ බව නොදැන, අමුත්තා දිගටම ගමන් කලොත්, පෙළපාලි අණදෙන්නාට අමුත්තා පසුපස දුවන්නට වෙනවා. ඒ නිසා එතනදී අමුත්තා තම ගමන් වේගය මඳක් බාල කලයුතුයි.
සමහරවිට අමුත්තාට අමතක වෙනවා, පෙළපාලිය නිරීක්‍ෂණයකොට ආපසු හැරෙන ස්ථානය. එවිට එය පෙන්වාදීම යහපත් ක්‍රියාවක්.
ඊටත් වඩා වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි පෙළපාලියේ මැද තිබෙන ඒ රටේ ජාතික ධජයට හෝ, හමුදා පෙළපාලියක් නම් එහි ඇති හමුදා වර්ණ ධජ වලට ආචාර කල යුතුයි. හමුදා නිළධාරියකු ප්‍රධාන අමුත්තා ලෙස පෙළපාලිය නිරීක්‍ෂණය කරන්නේ නම්, හමුදා පිළිවෙත අනුව ආචාර කල යුතුයි.
අපේ රටේ හිටපු ජනාධිපති වරුන් අතරින්, මෙය නිවැරදිව කරනු මා මෙතෙක් දැක ඇති එකම ජනාධිපතිවරයා, ජේ.ආර්.ජයවර්ධන මැතිතුමායි. එයට එකම හේතුව, ඔහු ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු ලෙස සේවය කර තිබීම නිසා, එසේ ආචාර කිරීම දැන සිටීමයි.
අපේ රටේ ජනාධිපතිවරයා (කවුරු වුනත්) විදේශයකට ගියවිට, එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින හමුදා සම්බන්ධිකරණ නිළධාරියා Military Attaché විසින්, මෙවැනි පෙළපාලියක් නිරීක්ෂණය කිරීමට ප්‍රථම, ජනාධිපතිවරයාට, එහි තිබෙන සම්ප්‍රදාය මතක් කර දිය යුතුයි. එසේ නැතහොත්, ජනාධිපතිවරයා සමග යන ඊනියා උපදේශකයකු, එය මතක් කර දියයුතුයි. සමහර පෙළපාලි වල, අමුත්තාට ඉදිරියෙන් ආරක්ෂක මුරයක් ගමන් කරනවා. ඔවුන් අනිවාර්යයෙන්ම වර්ණ ධජ වලට ආචාර කරනවා. ඒ බව අමුත්තා විසින් කල්තබා මතකයේ රඳවා ගන්නේ නම්, ඒ මුරය ආචාර කල පසු, තමන්ටද ආචාර කිරීම කළහැකි වෙනවා.
අපේ රටේ ජනාධිපතිවරයා (කවුරු වුනත්) විදේශයකට ගියවිට, එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින හමුදා සම්බන්ධිකරණ නිළධාරියා Military Attaché විසින්, මෙවැනි පෙළපාලියක් නිරීක්ෂණය කිරීමට ප්‍රථම, ජනාධිපතිවරයාට, එහි තිබෙන සම්ප්‍රදාය මතක් කර දිය යුතුයි. එසේ නැතහොත්, ජනාධිපතිවරයා සමග යන ඊනියා උපදේශකයකු, එය මතක් කර දියයුතුයි. සමහර පෙළපාලි වල, අමුත්තාට ඉදිරියෙන් ආරක්ෂක මුරයක් ගමන් කරනවා. ඔවුන් අනිවාර්යයෙන්ම වර්ණ ධජ වලට ආචාර කරනවා. ඒ බව අමුත්තා විසින් කල්තබා මතකයේ රඳවා ගන්නේ නම්, ඒ මුරය ආචාර කල පසු, තමන්ටද ආචාර කිරීම කළහැකි වෙනවා.
මෑතකදී, අපේ ජනාධිපතිතුමා, ජර්මනියේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී, මෙවැනි අත්වැරදීමක් සිදුවුණා. එතුමා, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිණිය සමග, එරට හමුදාව විසින් පිරිනැමුණු සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කිරීමේදී, ධජයට ආචාර කිරීම අමතක වුණා. නමුත්, ඇන්ජලා මර්කල් මැතිණිය, එය මතක් කර දී, එම අතපසුවීම නිවැරදි කළා. මේ තියෙන්නේ ඒ වීඩියෝව. ඇත්තෙන්ම මෙය සිනහවට කරුණක් නොවේ. කුමන ජනාධිපති වරයාට වුනත්, මෙවැන්නක් සිදුවිය හැකියි. අර ජනාධිපති උපදේශක උන්නැහේලා, මෙවැනි සිදුවීම් වල වගකීම භාරගත යුතුයි.
පෙළපාලිය නිරීක්‍ෂණය කොට, ආපසු පීඨිකාව වෙත පැමිණෙන අමුත්තා වෙත, නැවතත් උතතමාචාරයක් පුද කිරීමෙන් පසු, අමුත්තා එතනින් ඉවත්ව යනවා. පෙළපාලිය විසිරී යනවා. මේ තමයි, සම්මාන මුරයක සරල විස්තරය. තවත් පෙළපාලි ගැන, ඊළඟ ලිපියේදී සාකච්ඡා කරමු.
2016 මාර්තු මස 19 වැනි දින 0025 පැය
කැමතිනම් අමුත්තාට රයිපලයෙන් ඔළුවට පතබාලා අචාර කරන සිරිතකුත් තියෙනවා නේද? හැක්
ReplyDeleteලෝක ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ඉතාම නිර්ලජ්ජී ක්‍රියාවක් හැටියට එය වාර්තාවී තියනවා. මෙන්න සිද්ධිය සහ ඔහු අද කියන දේ.
Deletehttps://www.youtube.com/watch?v=iWvu4kpGCOc
https://www.youtube.com/watch?v=Lru3EQ5tE14
කැමතිනම් අමුත්තාට රයිපලයෙන් ඔළුවට පතබාලා අචාර කරන සිරිතකුත් තියෙනවා නේද? /////////////////// ha ha ha
Deleteඅන්තිමට උනේ බිරිදටයි දරුවටයි වෙච්ච දෙයක් නැති වෙච්ච එක විතරයි
Deleteවීඩියෝ එකෙන් නම් පේන්නෙ රජිව් ගාන්ධි වැඩ දන්න නිසා බේරිච්ච බවකුයි. වාසනාවකුත් තියෙන්න ඇති. මෙතනදි අපේ රාජ්‍ය නායකයා නැති බවකුත් පෙනුනා. ඒවගේම රජිව් ගාන්ධි ඉස්සර වී යන නිසා ඔහුට ඉදිරියට පනින්න ඉඩ තිබුනා.
Deleteදෙවැනි වීඩියෝව දෙමළනෙ. තමිල් තේරි ඉලෛයි.
රජිව් මරන්න නෙමයි අපහස කරන්න ඕන උනේ කියලා තිබුණා.
Delete@ අටම්. ඒ මෙයාගේද සේපාල එකනායකගේද?
Delete@ හරි. ඔව් එදා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා පෙළපාලියේ ගියේ නැහැ. අගමැති ආර්.ප්‍රේමදාස මහතා පෙ අවස්ථාව වර්ජනය කළා. දෙවැනි වීඩියෝව ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වෙනුවෙන් කල එකක්. ඒ නිසයි සිංහල නැත්තේ.
@ මෙන්ඩා. හරියට හරි ඒක තමයි කලේ. නමුත් ඒ වැඩේ කරන්න මෙයාව පෙලඹවූ අය හොයාගන්න බැරිවුනා.
නැ සේපාලගේ පුතා ඔය ඉන්නේ ( ප්‍රී ද කොහෙද නම ) විජිතගේ ළමයා සහ බිරිදව සංවිදානය විසින් සගවා තබන තැනින් අතුරුදහන් කලබවකුයි මම කොහේදෝ මන්දා කියෙව්වේ
Deleteඉඳලා හිටල සිංහල කම උතුරණ වෙලාවල් තියෙනව නේ ඉයන්
ReplyDeleteමමනම් හිතන්නේ නූගත්කම සහ දේශපාලන ලණු කෑම. ලෝකයේ කොහෙවත් වාර්තාවී නැහැ මේ වගේ සිද්ධියක්.
Deleteපළවෙනි කොටස වගේම පැහැදිලියි. නොදන්න දේවල හුඟක් ඉගෙන ගත්තා. ස්තුතිය්. ඔබට ජය පතමි!!!!
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteවිචාරක පප්පාගෙන් අහන්න ප්‍රශ්න ගොඩක්ම තියෙනවා. ඔක්කොටම කලින් ස්තුති කරන්න ඕනෙ කරුණු හොයලා මහන්සියෙන් මේ වගේ ලිපි ලියනවට. ඒවගේම අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට.
ReplyDelete1.1 විචාරක මහත්මයා කියලා තිබ්බා ත්‍රිවිධ හමුදාවම යොදාගන්න සම්මාන මුර තියෙනවා කියලා. එතකොට එවැනි සම්මාන මුරයකට අණ දෙන්නා කුමන හමුදාවක කුමන රෙජිමේන්තුවකට අයත් පුද්ගලයෙකු විය යුතු යැයි සම්මතයක් තියෙනවද?
1.2 අනිත් කාරණාව මම දන්න තරමින් හමුදා අතරත් රෙජිමේන්තු අතරත් සරඹ වල සුලු සුලු වෙනස්කම් කරනවා. එතකොට කොහොමද ඒවා කළමනාකරණය කර ගන්නෙ? උදාහරණයක් හැටියට කිව්වොත් සිංහ රෙජිමේන්තු පෙළපාලියක් මැද්දට වෙනත් ර්ජිමේන්තුවක අය දැම්මොත් ඒගොල්ලන්ට දුවන්නයි වෙන්නෙ.
2. // ගෞරව සම්මාන පෙළපාලියක්, කාලගුණික බාධා වලින් වැළකීම සඳහා, අවශ්‍යනම්, ගොඩනැගිල්ලක් ඇතුළත වුනත් තියන්න පුළුවන්. නමුත්, අපේ රටේ එසේ කරන අවස්ථාවක් මා දැක නැහැ. ශීත කාලය දැඩිව පවතින රටවල, එහෙම කරනවා. // ස්විස් ගාර්ඩ්ලාගේ පෙළපාලියක් ඒ වගේ ගොඩනැඟිල්ලක් ඇතුළේ කරන වීඩීයෝවක් මා දැක තිබෙනවා. හදිසියකදී වැස්සක් වගේ ඇති උනොත් මොකද කරන්නෙ?
3. සම්මාන මුරයේ භටයන්ගේ ඇඳුම් ආයිත්තම් පැමිණෙන අමුත්තා අනුව වෙනස් වෙනවාද? මට මේ ප්‍රශ්නය අහන්න හිතුනේ ශිෂයභට සම්මාන මුරයකට අපිට නිල ඇඳුම අඳින්න දුන්නෙ නෑ අමුත්තාගේ සුදුසුකම් මදි කියලා.
4. //පේළි නිවැරදි කරගැනීම// ඇයි පේලි හදනව නේද කෙනෙක් ඇවිල්ලා පලමුවැන්නා පසුපසට දෙවැන්නා ඉස්සරහට කියලා?
5. //පෙළපාලිය ඉදිරියෙන් ගමන්කර එය නිරීක්ෂණය කිරීමයි.// පසුපස පේළියත් නිරීක්ෂණය කළා වගේ මතකයක් තියෙන්නෙ. අපිට කිව්වෙ දෙපෙළ හදන්නෙ අමුත්තාට මැදින් යන්න කියලා
6. රජිව් ගාන්ධිට පහරදීම වගේ සිද්ධි නැවත සිදුනොවීමට අරන් තියෙන පියවර මොනාද?
නැවතත් ස්තුතියි
පප්පා පුප්පාගෙන දෙන පිළිතුරු මෙසේය :e
ReplyDelete1.1 සම්මාන පෙළපාලියකට ත්‍රිවිධ හමුදාවම සහභාගී වෙනවා නම්, හමුදා තුන අතරින් ජ්‍යොෂ්ඨතම හමුදාවේ, (ලංකාවේ ත්‍රිවිධ හමුදා ජ්‍යොෂ්ඨත්වය 1 යුද හමුදාව 2 නාවික හමුදාව 3 ගුවන් හමුදාව. ලෝකයේ සමහර රටවල නාවික හමුදාව තමයි ජ්‍යොෂ්ඨතම වන්නේ) සිටින නිලධාරියකු තමයි අණදෙන්නේ. එමෙන්ම, ඔහු, එම පෙළපාලියට සහභාගිවන අනෙක් හමුදා පෙළපාලි කණ්ඩායම් අණදෙන නිලධාරීන්ට වඩා ජ්‍යොෂ්ඨ වියයුතුයි. එමෙන්ම එම නිලධාරියා සටන්කාරී combatant රෙජිමේන්තුවක අයකු වියයුතුයි.
1.2. එහෙම ප්‍රශ්නයක් ඇතිවන්නේ නැත. මේ පෙළපාලිය ගමන් කරන්නේ තූර්ය වාදක කණ්ඩායම විසින් දෙන ගමන් වේගය අනුවයි. එය විනාඩියකට පියවර 120 වේගයෙන් දෙන්නේ.
2. අපේ රටේ ගොඩනැගිලි තුළ කෙරෙන්නේ නැහැ කියා මා කිව්වේ එවැන්නක් දැක නැති නිසා. නමුත් අවශ්‍යනම් කරන්න පුළුවන්. වැස්සක් වැස්සොත් අබ සරණයි. කවදාවත් මෙවැනි පෙළපාලියක් වැස්සේ තියන්නේ නැහැ. සාමාන්‍යයෙන් තේරෙනවනේ තව ටිකකින් වහියිද නැද්ද කියලා. ඒ නිසා ඒ ගැන දැඩි අවධානයෙන් තමයි කරන්නේ.
3. කිසිම වෙනසක් වන්නේ නැත. යුද හමුදාව අඳින්නේ අංක 4 නිළ ඇඳුමයි. අනෙක් හමුදා එම හමුදාවේ ඊට සමාන ඇඳුම අඳිනවා. ශිෂ්‍යභට පෙළපාලිය ගැන ඊට වඩා විස්තර අවශ්‍යයි, එහෙම දෙයක් වෙන්නේ කොහොමද කියා කියන්න.
4. ඔව් ඒක තමා කිව්වේ. සරඹ උපදේශක වරුන් තමා ඒ අවස්ථාවේදී පේලි පිහිටීම නිවැරදි කරන්නේ.
5. ඔව් ඉස්සර එහෙම කරා. දැනුත් අවශ්‍යනම් කරන්න පුළුවන්. නමුත් දැන් බොහෝවිට කෙරෙන්නේ ඉදිරි පෙළ පමණක් නිරීක්‍ෂණය කිරීමයි.
6. දැන් අමුත්තා යන්නේ පෙළපාලියට මීටර් දෙකක් පමණ ඈතින්. ඉදිරි ලිපියේදී ඒ ගැන තවත් දේ කියන්නම්.
ඇගයීම ගැන බොහොම ස්තුතියි.
Deleteමේ බලන්න හමුදා තුනේම බෑන්ඩ් එකට ගමන් කලත් යන්නේ විනාඩියකට පියවර 120 වේගයෙන්.
Deletehttps://www.youtube.com/watch?v=aR3nVOGxVwM
AgeI vicharakatuma
ReplyDeleteJayawewa!!!!
බොහොම ස්තුතියි සී.ජේ.තුමා :e
Deleteමෙහෙමයි එතකොට වෙන්නෙ? පෙල සැදීම නම් කොරියන්,චීන හමුදා වලට ගහන්න එකක් දැකල නෑ.. එයාල පෙළපාලියට එන්නෙත් යුද්ධ කරන්න වගේ මොරාල් එකෙන් නෙව. අපේ අයගෙ පාසිං අවුට් වීඩියෝ වගයක් බැලුවා... ෆෝමේශන් කරනවා.. බලං ඉන්න අපට පිස්සු වගේ.ටයිමිං පොඩිත්තක් වැරදුනා නම් ඉවරයි.ඒත් තිතට කලා නෙව..
ReplyDeleteජයවේවා..!!
චීන කොරියන් වැඩ ඊළඟ කොටසේදී පෙන්නනවා. හරී......................ස්වීට්.
Deleteඅපේ ත්‍රිවිධ හමුදාව, එදත් අදත්, බොහොම අභිමානවත්ව මෙවැනි පෙළපාලි ඉදිරිපත් කරනවා.
ස්තුතියි.
පෙළපාලියක් නිරීක්ෂණය කරන එකත් ලේසි පාසු කටයුත්තක් නෙවෙයි නොවැ.. ඒකනෙ අපි බොහොම නිහතමානීව ඔය ගෞරව සම්මාන/ පෙළපාලි ප්‍රතික්ෂේප කරන්නෙ.. :-D
ReplyDeleteඅනේද කියන්නේ. මමත් කැමති මැයි පෙළපාලි වලට.
Deleteබොහෝ විස්තර දැනගත්තා. මෙයින් සමහර අණ දීම් මට අසා පුරුදුයි. පාසලේ ක්‍රීඩා උත්සවයේ ආචාර පෙළපාලිය මා අඛණ්ඩව නියෝජනය කර තිබෙනවා. වෙනත් තරඟ ඉසව් වලට සහභාගී වී වුවත්, මෙය මා අතපසු කලේ නෑ.
ReplyDeleteඅසිපතෙන් ආචාර කිරීම ගැන පල වූ ඔබේ කලින් පොස්ටුවත් මෙතනට ලින්ක් කල හැකි නම් වටීවි.
ඔබේ දැනුමට අලුතෙන් යමක් එකතුවූවා නම් මට සතුටුයි. පාසල් ශිෂ්‍යයකු ලෙස ඔබ ඉතා ක්‍රියාකාරීව සිට ඇති බව පෙනෙනවා.
Deleteඔබේ ඉල්ලීම පරිදි, මේ ලිපියේ 1,2,3,4,5, යනුවෙන් මා දක්වා ඇති කරුණු අතරින් 4 වැනි කරුණට අදාලව, මීට පෙර, මා අසිපත් සරඹ ගැන ලියාතිබුන ලිපියට සබැඳුමක් ඇතුළු කළා.
අදහස් දැක්වීම ගැන ස්තුතියි.
//ආරක්ෂක ලේකම්// ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විය යුතුයි නේද?
ReplyDeleteඔබ හරි. ලංකාවේ ආරක්ෂක ලේකම් කියා තනතුරක් නැහැ. කටවහරේදී ආරක්ෂක ලේකම් කියා කියවෙන නිසා තමයි මෙහෙම ලියවුනේ.
Deleteනොදන්නා දේවල් අපිට කියල දෙනවට පින්...
ReplyDeleteවිදේශ අමුත්තෙකුට වගේ කෙනෙකුට සම්මාන මුරයක් දෙද්දී සමාන මුරය ඉදිරිපත් කරන සොල්දාදුවන් අතේ තියෙන්නේ ඇත්තම තුවක්කුද නැත්තම් ඩමීද?
සම්මාන මුරයේ සොල්දාදුවෙක් උණ්ඩයක් හංගාගෙන ඇවිත් අමුත්තාට හානියක් කරන්න තිබෙන අවස්තාව සහ අවදානම ගැන හමුදාවක් යම් පෙර පරීක්ෂණයක් කරනවාද?
රජිව් ගාන්ධිට පහරදීපු අවස්ථාවේ ඒ සොල්දාදුවා උණ්ඩයක් තුවක්කුවට දාගෙන තිබ්බනම් වෙන්න තිබ්බ ව්‍යසනය රටවල් දෙකක යුද්දයක් දක්වා යන්න තිබ්බ නේද..
ඇගයීම ගැන ස්තුතියි.
Deleteසෑමවිටම මෙවැනි පෙළපාලියක පාවිච්චි කරන්නේ ඇත්තම තුවක්කු. සමහර රටවල ඇත්තම තුවක්කු ලෙස පෙනෙන ඩමි පාවිච්චි කරන බව අසා තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම කරන්නේ නැහැ.
සොල්දාදුවකුට කොහොමවත් උණ්ඩයක් හංගාගෙන ඇවිත් එහෙම කරන්න බැහැ.
1. පෙළපාලියට ප්‍රථම, එම පෙළපාලියට සහභාගිවන සොල්දාදුවන් එක පෙළකට සිටුවා, අවි ආරක්‍ෂිත තත්වයට පත් කිරීමේ ඩ්‍රිල් එක කරවනවා. එවිට අවියක් තුල පතරොමක් තිබුනොත්, එය එලියට විසිවෙනවා. වහාම ඒ සොල්දාදුවා දැඩි පරීක්ෂාවකට භාජනය කරනවා පතරොමක් ඔහුගේ තුවක්කුවට ආවේ කොහොමද කියා. මක්නිසාද යත්, පෙළපාලිය සඳහා ආයුධ ගබඩාවෙන් නිකුත් කරන්නේ, පතරොම් රහිත අවි.
2. සොල්දාදුවකු එක පතරොමක් හෝ හංගාගෙන පෙළපාලියට ඇවිත් ඒ පතරොම අනික් අයට නොපෙනෙන්න තුවක්කුවට ඇතුළු කරන්න බැහැ. එහෙම කරන්න හැදුවොත්, එක්කෙනෙකුට හෝ පෙනෙනවා. එමෙන්ම අවියේ අගුලු අරින ශබ්දය එනවා. එවිට ඔක්කොම අය බලනවා ඒ ඇයි කියා. ඔහු හමුදා අත්අඩංගුවට පත්වෙනවා.
මේ ගැන මීට වඩා විස්තර ඊළඟ ලිපියේදී කියනවා.
රජීව් ගාන්ධිගේ හිසට එම තුවක්කු පහර වැදී බරපතල තුවාල සිදුවුනානම්, බරපතල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇතිවෙනවා. නමුත් යුද්ධයක් ඇතිවෙයි කියා හිතන්න අමාරුයි.
ආචාර පෙලපලියකට අවසර ගන්න කොට "තුමනි" කියන්නේ ඇයි?
ReplyDeleteකැඩෙටින් කෑම්ප් ගියපු කලේ මතක් උනා
අපි අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය හමුදා සම්ප්‍රදාය. බ්‍රිතාන්‍ය ක්‍රමයේදී පාවිච්චි කරන, 'Sir' කියන වචනය තමයි අපි, 'තුමනි' කියා හමුදා භාෂාවට ගැලපෙන ලෙස හදාගෙන තියෙන්නේ.
Deleteවිචා නොදන්නව උනාට එහෙම උත්තමචාර කරන ක්‍රමේකුත් තියනව. ඒකට කියන්නෙ " ශීර්ෂ මස්තක ගිණි අවි සම්ප්‍රාප්ත උත්තමාචාරය"
ReplyDeleteපලි - අම්මප එදා රජීවය වලකජ්ජ ගැහුවනං එහෙම මොකක් වෙයිද? ඒ ගැන ලියන්න ඕන වෙලාවක විකල්ප ඉතිහාසයක්. ( Alternative History )
එහෙම වුනානම් ප්‍රභාට මරන්ට රජීව් කෙනෙක් නෑ. එහෙම උනානම් ඉන්දියාව එල්.ටී.ටී.ඊ. එකට ඔය තරම්දැඩි විරෝධයක් දක්වන එකකුත් නෑ. එහෙමනම් බොහෝවිට ප්‍රභා මැරෙන එකකුත් නෑ.
හෙහ් හෙහ් හෙහ්, අම්මපා අද ඉන්න සමහර එවුන්ට ඒ විදිහට ආචාර කරන්න එකෙක් නැති එක ගැන දුහයි.
Deleteඑදා රජීව් මැරුණත් ඉන්දියාව අපට ගහන්නේ නැහැ. නමුත් අපිව හිරකරනවා සියලුම ආකාර වලින්. අපිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා දනින් වැටී හඬන්න වෙනවා. මම හිතන්නේ රජීව් මැරුණානම්, ජේ.ආර්. ඉන්දියාව අන්දවලා, ඉන්දියන් හමුදාව මගින්ම ප්‍රභාට ගහනවා.
අම්මපා රවී ඔය සිද්ධිය උපකල්පනය කරලා ලියන්නකෝ අලුත් තාලේ ලිපියක්.
මේවා වටින විස්තර මාමේ....නොදැන හිටිය ගොඩක් දේ දැන ගත්තා
ReplyDeleteමට බොහොම සතුටුයි ඔබේ දැනුමට යමක් එකතුවීම ගැන.
Deleteඔය ගල් පිළිම වගේ ඉන්න අයට කිවිසුමක් යන්න ආවොත් මොකෑ කරන්නේ ...? මට මතක් වෙන්නේ ඔය පොරකට මිස්ටර් බීන් දෙන ගේම... අරූ ඉන්නවා වගේ වගක් නැතුව....
ReplyDeleteඒ වගේ වෙලාවට කොහොම හරි කාගෙන ඒක වලක්වා ගන්න එක තමයි විසඳුම. මම කවදාවත් දැකලා නැහැ ඉතා වැදගත් පෙළපාලියක කැස්සක් වත් හැදෙනවා.
Deleteඔන්න මෙතනට දානවා අර, බීන්ගේ සීන් එක.
https://www.youtube.com/watch?v=V0holdxU4Dw
විස්තරය අගනේය....නොදැන සිටි බෝ දේ දැනගතිමි...ඔබට ස්තුතියි....
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබේ දැනුමට යමක් එකතු කරන්නට ලැබීම මට මහත් සතුටක්.
Delete