නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල අවසන් වන්නටත් කලින්, එදා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් එලියට එද්දී, හිතේ ඇඳුනු රැඳුණු බොහොමයක් දේ දැන් මැකී ගොස් ය. වසර 40 කට වැඩි කාලයක්, ඇත්තටම මට මචං කෙනෙකු වී සිටි මගේ ලොකු අක්කාගේ මහත්තයා, රණවීර අයියා සමුගැනීම මට මහත් දුකකි. එදා සම්මාන උළෙලට ඇවිත් ඔක්කොම අයට විරිත්තුවේ ඒ දුකද දරාගෙනය. ඔහුගේත් මගෙත් සහෝදරකම එතරම්ම ගැඹුරුය. ඔහුට නිවන් සුව පතා ලිපිය අරඹමි.
නෙළුම් යායට ගොඩවෙන්නට සූදානමක් තිබුන අතරේ, හමුදා කඳවුරක තිබෙන උත්සවයකට යාමටද සූදානම් වන්නට සිදුවීම නිසා, මා සිටියේ මහත් උභතෝකෝටිකයකට මැදිවී ය. රණවීර අයියා රෝහලට ඇතුළු කලේ 20 වැනිදාය. දන්නා කියන හැමෝටම බැගෑපත් වී, රෝහලෙන් සියලු දේ කරගන්නට හැකිවිය. නමුත් රණවීර අයියා 24 වනිදා මෙලොව හැරගිය බැවින්, සියලු වැඩකටයුතු අතහැර ඔහුගේ අවමංගල්‍යය වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවිය.
ඒ අතරේ කලාහිතේ කල්‍යාණට ඇමතුමක් දී, මගේ තත්වය විස්තර කලෙමි. 'කොහොමහරි පැයකට දෙකකටවත් ඔලුව දාගන්න පුළුවන් නම් හොඳයි' ඒ කියමනේ සහ ස්වරයේ, ඉල්ලීම/උපදේශනය/නියෝගය/ යන සියල්ල ගැබ්ව තිබුණි. හ්ම්.........මේකා මාව කමාන්ඩ් කරනවා එහෙනම් ඈ. හරි බලමුකෝ පොඩ්ඩක් ඔලුව දාන්ඩ. (මළගෙදර යනවිට, අමතර කලිසමක් සහ කමිසයක් බෑගයට ඔබාගත්තෙමි)
මට වරුවක් අවමංගල නිවසින් ඈත්වී යන්නට වෙන බව, එකපාරටම ලොකු අක්කාට කියන්නට බැරිය. ඈ ඉන්න විදිහ දැක්කාම, හිත වාවන්නේ නැත. මුලින්ම, ඒ පවුලේ පුත්තු තුන්දෙනාට සහ උන්ගේ බිරින්දෑ වරුන්ට, මේ තත්වය පහදා දී,
(අනේ දෙයියනේ මේ බ්ලොග් ලියනවා කියන එක, මිනිස්සුන්ට තේරුම් කරලා දෙන පහසු ක්‍රමයක්, කවුරුහරි කියා දීපල්ලා. මටනම් දැන් ඒ වැඩේ එපාවෙලා)
බෙල්ල ගහලා ගියත් වෙලාවට වැඩකිරීමේ පුරුද්ද හමුදා පුහුණුවෙන්ම ලැබී තිබීමේ වාසනාවට පින්සිද්දවෙන්න, දවල්ට හරියට නොකා, කොහොමහරි, හවස 2.16 ට, ජනමාධ්‍ය අමාත්‍යාංශ ශාලාවේ, ප්‍රධාන දොරටුව වෙත ආවෙමි. කිසිම හැලහොල්මනක් නැත, පිළිගැනීමේ කවුන්ටරයේ මොකෙක්වත් නැත. හුටා.........මෙතන නෙවෙයිද තැන? කෝකටත් කියා වහාම කල්‍යාණට ඇමතුවෙමි. 'ඔය වට වන්දනාවෙන් ඇවිත්, බෝධියත් වැඳගෙන එන්න' කියා උපදෙස් ලැබුනෙමි.
හප්පොච්චියෙ බෝධිය ළඟ මාතලනා 'රෝබ්බොක්' එකක් දාලා ය. එන එන එකා චැක් කොරනවාය. මමත් ඉතින් මාතලනාට හග් එකක් දී, මාතලනා කටේ ගහගෙන හිටිය කාල පන්දම නිවෙනතුරු සිට, ඇතුළට සැපත්වුනේමිය. ඔන්න ඉතිං නෙළුම් මල් පනින්නේ ඔය වෙලාවටය. මම හිතුවේ මේ දැන් වැඩේ පටන් ගනියි කියලාය. මක්කැයි කිව්වොත්, කාලය මට වල්ලා පට්ට වලට වඩා වටිනවාය. ආපහු මළගෙදරට කල්තියා නොගියොත්, අක්කා, මාවත් මස්සිනා සමග ආදාහනාගාරයට බාරදෙන්නට ඉඩ තිබෙනවාය. හ්ම්......කමක් නෑ කමක් නෑ, මේක හමුදා පෙළපාලියක් නෙවෙයිනේ. දැන් ඉතිං අක්කා මාව කෑවත් පුළුවන් තරම් වෙලා මෙතන ඉඳලා යනවාය.
'නෙලාගන්න බෑ මගේ අත දිග නෑ අනේ ඒත් තව නෙළුම් මල් නෙළුම් යායේ පිපියන්' කියන හැඟීමෙන්, ශාලාවට ඇතුළු වුනෙමි. පොහ්........වැඩේ මල් හතයි. සෑහෙන සෙනගක් එකතුවී සිටිති. දන්නා මූණු වගේම නොදන්නා මූණුත් ගොඩකි. වටේ යමින් පුළු පුළුවන් හ්මදෙනාටම අත දෙමින් මම අහවලා කියමින් විරිත්තුවෙමි. සුදීක සහ ඔමායා වාඩිවී සිටි පේලියේ ඉඩක් තිබුණු නිසා එතනට පාත්වුනෙමි. නමුත් අපි මොහොතකට නැගිට්ට පසු වෙනත් පිරිසක් එහි ඈඳිගත් බැවින, රසිකටත්, ඔහුගේ මවටත්, සහෝදරයාටත්, කරදරයක් වීගෙන, ආසන පේලිය අතරින්, වෙනත් තැනකට ගියෙමි.
හ්ම්..දැන් බලමුකෝ වැඩ කිඩ. අද මගේ නම මෙතන කියවෙනවාට සැකයක් නැත. මක්නිසාද යත්, මා පළකළ පොටෝ ටිකක් නිසා, මාත් මහලොකු පොටෝකාරයෙක් කියා නම් කිරීමක් පමණක් සිදුවී ඇත. අර කැමරාවා අද මෙතනට ඇවිත් හිටියා නම් ඌ දෙකොනින් හිනාවෙනු ඇත. කමක් නෑ, අපේ ප්‍රම්ප්‍රාවේ එකෙක්ගේ නම, මේ වගේ විසාල වේදිකාවක කියවෙනකොට කාටද ආඩම්බර? අනේ මං අර යුද්ද කතා ලියන එව්වාට ඔය මොකක්හරි දෙයක් ලැබෙයි කියලා හිත හදාගන්න තිබුණා. දැන් ඉතිං සම්මාන ගන්න ඔක්කොටම අප්පුඩි ගහලා, කලින්ම පැනගැනීමට දොරටු මතක තියාගැනීම වැදගත් කියා හිතාගෙන වැඩේ දිහා බලාගෙන හිටියාය. කොහෙද, සුදීකයේ පොං කැමරාවේ පොකස් ද මොකක්ද එක නැතිවෙලාය. ආසන පේලිය යට බැලුවත් වැටිලා තිබුනේ නැත. ඒක හොයන්න සුදීක අටමා ලඟට ගියේය. බලනකොට අටමා කැමරා බාස් වැඩෙත් දන්නවාය.
ඒ මදිවට ඔමායා ජරබරස් ගා මහා පතන්දර කැමරාවක් ඇගේ මල්ලෙන් එලියට ගත්තාය. බුදු අම්මෝ........ ඒකෙන් දමලා ගැහුවොත්, ජනමාධ්‍ය අමාත්‍යංශ බිල්ඩිමත් කුඩු වෙනවාය. ඔන්න ඉතින් ඒකෙ තියන සුකුරුත්තන් වැඩ කෑලි බලන අතරේ, තව දිග මදි කියා, තවත් ලෙන්ස් කෑල්ලක් ඉස්සරහට හයි කොලාය. දැන්නං කැමරාව හැරෙව්වොත්, මීටර් දෙකක් එහා ඉන්න එකෙක්ගේ හොම්බේ වුනත්, අර ලෙන්ස් එක වදින්න ඇහැකිය. ඔන්න ඔමා දිගට හරහට පොටෝ කෙලින්න පටන් ගත්තාය. ඒ මදිවට ඒ ඇත්තී සම්මාන ගන්න අතරේ, ඒ කැමරා පතයෙන්, ඇගේ පින්තූර ගත්තේ නැත්තේ ඇයි කියා, මගේ හොම්බට අර ලෙන්ස් එකෙන් ඇන්නාය. අපි නොදන්නා කැමරා අතපත ගාලා, මොනවයින් මොනවා වෙයිද?
බෑ බෑ මේ විස්තරේ කියන්න ගියොත්, ලියන්න හිතාගෙන හිටිය දේ අමතක වෙනවාය. ඒ නිසා වැඩේට බහිමි.
සම්මාන උළෙලේ සංවිධානය:- අති විශිෂ්ඨම නොවේ. නමුත් ඉවසීමත්, කැපවීමත්, උපරිමයෙන් යොදා, කර ඇති බව පෙනුනි. අජිත් මේ වැඩේට දරා තිබුණු වෙහෙස, ඔහුගේ මුහුණෙන් ඉතා හොඳින් පිළිබිඹු වුනා. සම්මාන උළෙලට පසු, කල්‍යාණට කොන්දේ අමාරුවක් එහෙම හැදෙන්නට නැතැයි කියා හිතමි. ඒ තරමට බර ඇද්ද හැටි හොඳින්ම දැක්කා. සම්මාන උළෙල වෙනුවෙන් සිදුවූ සම්පූර්ණ මහන්සිය ගැන වචනයක්වත් සඳහන් නොකර, නෙළුම් යාය කණ්ඩායමේ සියලුදෙනා සාමූහික වගකීමෙන් ක්‍රියාකර ඇති ආකාරය බෙහෙවින් ප්‍රශංසනීයයි.
ඉදිරිපත් කිරීම:- මටනම් ඉවාන් ගේ හඬ සෞමය වැඩි බවක් පෙනුනි. ඔහු තුළ, මීට වඩා ඉතා ඉහලින් යමක් කිරීමේ හැකියාව ඇති බව පෙනුනි.
වේදිකාවේ බඩුබාහිරාදිය මීට වඩා සැලසුම් සහගතව ස්ථානගත කළා නම් හොඳයි. පැරා සහ නාලක වේදිකාවට ගොඩවෙන්නට ගියේ, බාධක තරණය කරමින්.
එතන හිටිය ඔක්කොම වගේ බ්ලොගාලා බ්ලොගීලා තමා. ඔවුන් සෑහෙන බ්ලොග් අඩවි ගණනක් ගැන දන්නා බවත් ඇත්තයි. නමුත්, සම්මානයට නිර්දේශිත අඩවිවල, අදාළ ලිපිය සහිත පිටුව, පසුබිම් තිරයට යොමුකලා නම් හොඳයි. මක්නිසාද යත්, සමහර අය සම්මාන ගන්නා අතරේ, ඒ කවුද? මොකක්ද එයා ලියන අඩවිය? කියන කසුකුසුව ප්‍රේක්ෂකාගාරයේ තිබුණා.
සංවාදශීලී බව:- පැරා සහ නාලක සමග යෙදුනු සංවාදයට හවුල් වෙන්නට, සභාවටත් අවස්ථාවක් ලැබුණා නම්, වඩාත් හොඳයි. (ඔව්, මමත් ඇතුළුව කියන එක තමයි එයින් අදහස් කලේ) එමෙන්ම, ප්‍රථම ස්ථාන දිනාගත් අයටවත්, තත්පර 30 කින් විතර, ස්තුතියක් කිරීමට අවස්ථාවක් දුන්නානම් හොඳයි.
තෑගි පිරිනමන්නට, ප්‍රවීණ බ්ලොග් කරුවන් යොදාගැනීම, හොඳයි.
ගීත ගායනයේදී, ප්‍රමාණවත් තරම් පෙර පුහුණුවක් කර නැතුවාදෝ කියා හිතුනා. ගීතයක් ආරම්භ කරන්නට ගත් කාලය වැඩියි. ශබ්ද මිශ්‍රකයක් සහ ඒ උපකරණ පාලකයකු සිටියේදැයි නොදැක්කෙමි. අර වීදුරුවෙන් එහා පැත්තේ හිටියේ ඒ අයද? සමහර අවස්ථා වලදී කටහඬ ගිලීයාම් සිදුවිය. කෙසේ වෙතත්, ඒ ගීත, දෙනෙත් පියාගෙන රසවින්දෙමි.
පළමුවෙන් ඉදිරිපත් කල කෙටි නාට්‍යයේ වේගය ඉතා වැඩියි. එතරම් කලබලෙන් එය කලයුතු නැතැයි සිතමි. ටිකක් විතර අධි රංග ලක්ෂණ දැක්කෙමි. උච්ඡාරණය එතරම්ම ඉහල ස්වරයකට ගතයුතු නොවේ. හොඳ ප්‍රබුද්ධ, කුඩා ප්‍රේක්ෂක පිරිසක් පමණි සිටියේ. සමහර අවස්ථා වල දී, රඟපෑම ඩ්‍රිල් එකක් වගේ පෙනුනි. පෙර පුහුණුව, කෙටි කාලයක් තුළ, වැඩි වාර ගණනක් කලාමයි, ඔය ඩ්‍රිල් තත්වය ඇතිවන්නේ. නළුවන් දෙදෙනා, බොහෝවිට, බිම බලාගෙන දෙබස් කිව්වෝය. සතර අභිනය සමබර නොවීය. හොඳ කථා ආකෘතියක් තිබුනත්, සමහර අවස්ථා, සාමාන්‍යපෙළ පන්තියේ දරුවන්, වාරාවසානයේ ඉදිරිපත් කරන රැඟුමක ස්වභාවය ඉසිලීය.
දෙවැනි නාට්‍යය බලන්නට නොසිටියෙමි.
ප්‍රධාන අමුත්තාව තනියම වාඩි කරවීම සුදුසු මදි. එතනට අජිත් ධර්ම සහ පැරා, නාලක, මාතලන්, රසික, වර්ණකුලසුරිය, වැනි ප්‍රවීණ බ්ලොග් කරුවන්ද, දෙපස අසුන්වල තැබීම ඉතා යහපත්.
ස්තුතිය:- බ්ලොග් ලියන්නට පටන්ගෙන වසර හතරක් තුළ, මෙවැනි සම්මාන දෙකකට මා පාත්‍රවේයැයි සිහිනෙකිනුදු ප්‍රාර්ථනය නොකළෙමි. ඕනෑම යහපත් කාර්යයක යෙදෙන්නෙකු වෙත, යම් උත්තේජනයක්, ඇගයීමක් ලබාදීමෙන්, ඔහු තුළ චිත්ත ධෛර්යය වර්ධනය කරවා, ඔහුගේ නිර්මාණ කාර්යය, නොසිඳී නොබිඳී ඉදිරියට ගෙනයන්නටත්, වඩාත් ඉහල මට්ටමේ නිර්මාණ බිහිකිරීමෙහි ලා, ඔවුන් උනන්දු කරවන්නටත්, මෙවැනි සම්මාන උළෙල, මොනවට ආධාර වන්නේද යන්න, නොකිව මනා ය. ඒ අතින්, නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල, සිංහල බ්ලොග් ලෝකයේ අනාගතය ගැන බලාපොරොත්තු, ඉහලින්ම දල්වා ඇති බව ප්‍රශංසාභිමුඛව පවසමි.
අම්මෝ..........බඩගින්න. දවල්ට හරියට නොකා ඒමේ ප්‍රතිඵලය. ඒ මදිවට ඔමායත්, සුදීකත් බඩගින්න ගැන මැසිවිලි නැගුවා. පස්සේ මතක්වුනා, මේ වගේ ශාලා ඇතුලට, බඩගිනි නිවන දේ ගෙනත් දෙන්නේ නැති බව. ඒ අස්සේ ඔමාට එකසිය ගානට කෝල් එනවා අම්මගෙන්. 'බයවෙන්න එපා අම්මේ, මම ඉන්නේ නාකි පප්පෙක් ළඟ. උන්දෑ මාව බලාගන්නේ දරුවෙක් වගේ. අම්මා කලබල නොවී ඉන්න' කියලා, කීප වරක් කියන්න සිද්දවුණා. ප්‍රධාන මුත්තාගේ දේශනයත් අවසන්. දැන් ඉතින් යන්න වෙලාව හරි. ඕමා කිව්වා, 'පනිමු සීයේ පනිමු' කියලා. ඒ අස්සේ 'ආ.........පොඩ්ඩක් ඉන්න මම සීයට බඩුවක් ගෙනාවා, හැබැයි මෙව්වා හරිම සැරයි. සීයලා වගේ නාකින්ට නෙවේ, මෙව්වා තියෙන්නේ, අර අටමා වගේ කොල්ලන්ට හරිය, ඔන්න මෙව්වා ඇන්න, අර අහිංසක ආච්චිට එහෙම කරදර කොරනවා නෙවෙයි හරිය' කියලා, එළියේ තිබුන ලොරියකින් ඇදලා දුන්නා එකක් බුදු අම්මෝ............ඒකෙ විසාල. කොහොම ගෙනාවද මන්දා. මම වහාම එතන තිබුණු බිත්තිය ළඟ ඒ තෑග්ගයි ඔමාවයි තියලා පින්තූරයක් ගත්තා. මෙන්න බඩු.
මේක දාලා තිබුනේ, ෆ්‍රිජ් එකක් දාන්න තරම් විසාල කවරෙක. ඒකේ හීබෘ ද, තාබෘ ද, ආබෘ ද, මොකක්ද බාසාවෙන් ගහලා තිබුනා, මෙව්වා ෂොට් එකක් දාපුවම, දඩ සයිස් වලහෙක් වුනත්, පූස් පැටියෙක් වගේ, බයිසිකල් බාස්කට් එකේ දාගෙන යන්න පුළුවන් කියලා.
යන්තම් අර එතන අල්ලපු වැටේ තියන යුදහමුදා පොලීසියේ, කෝප්‍රල් උන්නැහේලා දෙන්නෙකුට කියලා, බඩී වෑන් එකක් හොයාගෙන මේක පටවාගත්තා.
ඔහෙලා හුඟ දෙනෙක් දන්නේ නැති තවත් රහසක් මම අල්ලාගත්තා. ඇත්තටම ඔමා වැඩ කරන්නේ ඊශ්‍රායල් හමුදාවේ. එදා සම්මාන උළෙලට දාගෙන ඇවිත් හිටියේ, ඊශ්‍රායල් කාලතුවක්කු හමුදාවේ බූට්ස් දෙකක්. කොහොමද වැඩ. ඒකනේ එයා කාටවත් බය නැත්තේ. කාටවත් නොදැනෙන්න පින්තූර ගොඩක් ගත්තා. ඔය ඔමාට අරවා මෙව්වා කියන්ඩ බලාගෙන ඉන්න අය පෙරේසම් වෙනවා හොඳයි.
දෙයියන්නේ රටේ අඩවියට අධිපති අපේ ගුණසිංහ මහත්තයාගේ පුත්‍ර රත්නයත් මේ උළෙලේදී හඳුනාගන්න ලැබීම සතුටක්. නමුත් කතාකරන්න අවශ්‍යම බ්ලොග් සහෘදයන් බොහොමයකට එක වචනයක්වත් කතාකරන්න නොලැබීම ලොකු දුකක්.
ඊළඟ නෙළුම්යායේ දී හමුවෙමු. නෙළුම් යාය දිනේවා!
පසුව එකතු කිරීම:- හුටා...................අර බට කෑල්ල, බට කෑල්ල.
අම්මපා ඒ බට කෑල්ල පෙදානය කිරීම නිමිත්තෙං අපේ කමියාට සහ පූසාට බොහොම ඉස්කෝතුය. මං හිතන්නේ, බට කෑල්ල අර බිල්ඩින් උයන්නාගේ වැඩ පොළකින් ගන්න ඇතිය කියාය. අන්තිමට බට කෑල්ල බොහොම පොරෝජං උනාය. අපේ කුස්සියේ වතුර බටයක ලීක් එකක් හදාගන්න, ඔය සයිස් බට කෑල්ලක් හොයා හොයා සිටියෙමුය. ඉතිං ඒක හොඳට රත් කරලා, ගම් ගාලා ගහගත්තෙමුය. (බට කෑල්ල ඕනේ කරලා තිබ්බ තැනට ගැහුවේ යකෝ)
2016 මාර්තු මස 28 දින 2358 පැය
සුබ පැතුම් විචාරක . ඔබට ලැබුණු මේ සම්මානය ගැන සතුටුයි . මේ සටහනත් සිත් ගත්තා. (හැබැයි අපේ ඔමා ගැන කියල තියෙනවා වැඩියි D ) . ලබන අවුරුද්දේ නෙලුම් යායේදී හමු වෙමු!
ReplyDeleteI too was confused whether the article is about Nelumyaya or Omaya.. He he.. :)
DeleteMe too. :(
Deleteබොහොම ස්තුතියි තිලක.
Deleteහප්පෝ ඔමා තමයි ඔමා.
@ කල්‍යාණ. අම්මපා මේ ඔමාගේ බෝතලේ තමයි මාව අස්පට් කලේ. තවම කැරකෙනවා.
@ ඔමා. හලේ දුවේ............ ඊළඟ සැරෙත් එව්වයින් එකක් ගෙනෙන් හොඳේ?
වෙල් ඩන් ඔමා. මිෂන් ඇකොම්ප්ලිෂ්ඩ්. වී විල් හැන්ඩ්ල් ද නිව් රෙකෲට් ඩිරෙක්ට් ෆ්‍රොම් නව් ඔන්.
Delete-මොසාඩ් HQ
;-)
මුලින්ම ඔබට උණුසුම් සුභ පැතුම්..!!
ReplyDeleteවැඩසටහන පිළිබඳ ඔබ දී ඇති විවේචන ඕනෑම වැඩසටහනක් සංවිධානය කිරීමේදී වැදගත් වන බැවින් තදින් හිතට කොටා ගතිමි.
ඇත්තටම ඔමා ගැන විස්තරෙත් මරු.. මම කිව්වෙ මිණිබිරී ගැන.. හෙහ් හෙහ්
ජයවේවා..!!
ස්තුතියි ලබ්ස්. අලුත් ඇඹේනියත් එක්ක එන්නයි තිබුනේ නෙළුම්යායට.
Deleteමගේ අදහස් විවේචනයකට වඩා කරුණු දැක්වීමක් ලෙස පිළිගන්නැයි මම නෙළුම්යාය සංවිධායකයන්ගෙන් ඉල්ලන්න කැමතියි.
කොහෙද ඔමාට තවම අපට මුනුබුරෙක් හරි මිනිබිරියක් හරි පෙන්නන්න ඕනෑකමක් නෑ වගේ.
කථා කරන්න ලැබීම ගැන සංතෝසයි විචා
ReplyDeleteයන්තම් හරි හඳුනාගන්න ලැබීම සතුටක් ඉයන්. පසුව හමුවෙමු.
Deleteකතා කරන්න ලැබීම ගැන හුඟක් සතුටුයි...
ReplyDeleteතුෂානි, මම හිතන්නේ යන්තමින් හරි හායි කිව්ව එකත් ලොකු දෙයක්. නමුත් දවසක විතර උත්සවයක් තිබුනොත්, ඔක්කොටම කතාකරන්න පුළුවන් වෙයි.
Delete"මල් නෙලන්න එන්න
ReplyDeleteවට්ටියක් ණයට අරන්"
සම්මානෙට සුභ පැතුම් විචා !!!
දැන් එතකොට නෙලුම් යායෙන් ඔබතුමාට සම්මානයක් දීලා නෑනේ ...සම්මානේ දීලා තියෙන්නේ ඕමා නොවැ .. හැක්
වට්ටිය නෙවෙයි මුට්ටිය ඔලුවේ හිරකරගත්ත එළුවා වගේ ආවේ. අර මළගේ පැත්ත අවුල් වෙයි කියලා හිත හිතා.
Deleteඔමා දුන්න එකේ කරන්ට් එක අරගෙන තමයි මේක ලිව්වේ.
බොහොම ස්තුතියි සින්දුවෝ සුබපැතුමට.
බෝතලේ 200 ml කියල ගහල තියෙනවානෙ. ඔමාට නක්කිය දානවා වගේ විචා හැක්
ReplyDeleteහෑ.........එහෙමද තියෙන්නේ? මම දැක්කේ ML වගේ. Mega Liter
Deleteඉයන් :(
Deleteවිචාරකට 200ml දවස් දෙකකට ඇති. මාත් හරි කැමතියි ප්ලේන් වලදී දෙන 5cl බෝතල් වලට.
Deleteසුබ පැතුම් මචෝ
ReplyDeleteස්තුතියි මෙන්ඩෝ ස්තුතියි.
Deleteසුභ පතන්න හිතෙන්නෑ අපේ බබීට කියපු ඒවා මේවා ඇහුවම. හැක්..
ReplyDeleteකරදර මැද්දේ උනත් එතැනට ගොඩවීම හමුදා විනයෙන්ම ගොඩ නැගුනු දෙයක් විචා.. සුභ පැතුම්.. ඔය සම්මාන දෙකම මට ලැබෙන්න තිබුන දෙකක් ඔව් ඉදගෙන.. හැක්.. ජය
හෑ.......අපේ බබී? ළඟක හිටියනම් ඔමා උඹට දෙන්නේ අර ඊශ්‍රායල් බූට් වලින්.
Deleteඅමාරුවෙන් හිත හදාගෙන ආවේ. නමුත් ආත්ම තෘප්තියක් ලැබුණා.
කමියෝ.........අනේ මෙන්න මේකාටත් ඔය ඉතුරුවෙච්චි කෙහෙල් ඇවරි සම්මානයක් වත් දීපන්කෝ............හැක්
මුලින් ම විචාමාමේ ඔබට සුභ පැතුම්.. දෙවැනුව ඔබව හමුවී කතා කිරීමට ලැබීම ගැන අපගේ සතුට... තෙවැනුව ඔබ විසින් ලියා ඇති උපදෙස් ගැන ස්තූතිය.. ඒවායේ හොද නරක සමග තවතවත් අපි කතා කළ යුතු දේවල් සාකච්ඡාවෙනවානං හොදයි කියා හිතනවා........ ජයවේවා
ReplyDeleteකුරුටු පවුලටම ස්තුතියි මේ සුබපැතුමට.
Deleteමා දක්වා ඇති අදහස් සංවාදයට ලක්වන්නේ නම් හොඳයි.
අනේ අපිට මීට වඩා ගැඹුරින්, හමුවී කතාකරන්න අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි.
විචාරක තුමාට යි ඔමාටයි කෞෂිටයි තමා කතා කරන්න බැරි වුණේ.. මොකද කවදාවත් වෙලාවට වැඩ කරල පුරුද්දක් නැති උං නෙව අපි හැක්. කොටුවට එද්දි දොළහහමාරයි . අර එනවැයි කියපු උං එනකං තුන වෙනකං කොටුවෙ ඉන්න වුණා. හිහි ඒකෙන් වුණේ කස්ටියට කතා කරන්න බැරිවුණ එකයි.
ReplyDeleteආයෙ දවසක වත් බලමුකෝ නේහ්..
සුභ පැතුම් විචාරක තුමා.. ජයෙන් ජයම වේවා...
මයියෝ උඹලා හොදයි ලෙඩ්ඩු ගෙනියන්න වාහන හොයන්න යන්න ....හැක් හැක්
Deleteසින්දුවා............. උඹ එදා පරක්කු වෙලා ආවාද?????? මට නිලවශයෙන් උඹේ පැමිණීම ගැන මුකුත් කියන්න බැරි වුණා.. මොකද දන්නවාද??? උඹ පරක්කු වෙලාවත් ආවානං ස්ටේජ් ගත වෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ නිසයි සංවිධායක මණ්ඩලයට කිව්වේ නැත්තේ... මොකද උඹ ආවත් අපි උඹව දැකලත් නැහැ. ඒ නිසා අපි කතා වුණා එහෙම කියන්න බැරි බව... කොහොමත් ඒක ඒ තරම් අවුලක් වුණේ නැහැ... අවුලක් වුණානං අපි සමාව ඉල්ලනවා.... ජයවේවා...
Deleteකුරුටු ...කාගෙන්වත් පණිවිඩේ ගිහින් නැ මචෝ .එන්න බැරි වුනා .අවුලක් නැතෝ ......
Deleteඅපිට උඹව හම්බෙන්න තිබුණ අවස්ථාව නැති වුණා..... ආයෙම වෙලාවක හමුවෙමු... මේ පැත්තේ කීපයක් ම ඉන්නවානේ..... මෙහෙදී හරි සෙට් වෙමු...
Deleteමයියෝ උඹලා හොදයි ලෙඩ්ඩු ගෙනියන්න වාහන හොයන්න යන්න ....හැක් හැක් ///
Deleteජයරත්න එකට වෙන්ටැ...
මට සැක උඹලා ජයරත්න එකේද වැඩ කියලා ...හැක්
Deleteකොහොමද අපේ දේශකයාගේ රඟපෑම ...
@ Mahesh. සුබපැතුමට බොහොම ස්තුතියි මහේෂ්. අපොයි යාළුවො වෙනුවෙන් කාලය කපකලොත් තමන්ගේ වැඩ අතපසුවීම සාමාන්‍ය දෙයක්. මටත් බැරිවුනා කෞශිට කතාකරන්න.
Delete@ සින්දු, කුරුටු, එක වල්ලේ පොල් :e
ඒ තරම්ම හදිසි දුක්බර අවස්ථාවකට දුවන්න සිද්දවෙලා තියෙද්දි යන්නං කියල සුහදව දැන හඳුනාගෙන සමුගෙන යාම ගැන අප්‍රමාණ ගෞරවයක් තියෙනවා... ස්තුතියි.. සුබ පැතුම්...
ReplyDeleteඅනේ ඔව් රසී, ඒකයි මම මේ ලිපියේදී කිව්වේ, හිනාවුනා නෙවෙයි විරිත්තුවා කියලා. ඒ මස්සිනා මට හිටිය හොඳම යාලුවෙක්.
Deleteසුබපැතුමට ස්තුතියි.
විචාමාමට සුභ පැතුම්. කලබලෙන හරි හදුනා ගන්න ලැබීම ගැන සතුටුයි. නැවත දවසක හමුවෙමු.
ReplyDeleteජය වේවා!!!
එදා තිබුණු tight pragramme එකේ හැටියට යන්තම් හලෝ කියන්න ලැබීමත් සතුටක්.
Deleteබොහොම ස්තුතියි.
සම්මානලාභි විචාරකට උණුසුම් සුබ පැතුම් !!
ReplyDeleteජයම වේවා !!
*2
Deleteස්තුතියි සෙන්නා. ඔයා ආවානම් විනාඩියක් විතරවත් කතාකරන්න තිබුණා.
Delete@ C. J. මම කෑගැහුවා උඹට අඩෝ චීෆ් ජස්ටිස් කියලා. නමුත් ස්පීකර්වල සද්දෙට ඒක උඹට ඇහුනේ නෑ.
ඕකනෙ මං කිව්වේ. ඔමාගෙනා බෝතලේට විදලා නේ. ඔමායා දැක්කම අපිට පලස්තීන කාරයෝ ගැන ඇතිවුනේ පට්ට තරහක්. උං ඔමාගෙ රෙදි අල්මාරියට එහැම්පිටිංම රොකට් වෙඩිල්ලක් ඇරලා. දැක්කද ඇඳං ආ හැට්ටෙ වැරැහැල් වෙලා තිවිච්චි හැටි.
ReplyDeleteඒ බෝතලේ පවර් එකෙන් තමයි මේ පෝස්ට් එක ලිව්වේ.
Deleteඅම්මපා සුරංගයො ඔමා ඊශ්‍රායල් ආමි තමා. ඔය උඩට ඇඳන් හිටිය ඇඳුම 'මනෝ විද්‍යාත්මක මෙහෙයුම්' සඳහා අඳින එකක්ලු.
පලස්තීන කාරයෝ ඔමාගේ හැටි දන්නේ නැතුවයි ඔය පැටලෙන්න එන්නේ.
ඥාති සහෝදරයාගේ අභාවය ගැන කණගාටුයි ! නැවතත් සම්මානනීය බ්ලොග් කරුවෙකු වීම ගැන උණුසුම් සුභ පැතුම් ! විහිළුවෙන් උනත් ලැබුණු සුළු තෑග්ගක් ගැන හෝ අවතක්සේරුවෙන් කතා කිරීම වැරදියි.
ReplyDeleteශෝකප්‍රකාශයට ස්තුතියි. සුබපැතුමටත් ස්තුතියි. එදා දුක සතුට දෙකම වින්දා.
Deleteහෙහ් හෙහ්, උපහාසය පමණයි. අපහාසයක් නැහැ නේද?
සුබ පැතුම් මාමේ.
ReplyDeleteස්තුතියි කසුන්. ඇයි එදා ආවේ නැත්තේ?
Deleteආවා ආවා. හරියටම පටන් ගන්නකොටමයි ආවේ.
Deleteසම්මානලාභී ඔබට සුබ පැතුම්....!
ReplyDeleteඔබට බොහොම ස්තුතියි මනෝජ්.
Delete/නමුත්, සම්මානයට නිර්දේශිත අඩවිවල, අදාළ ලිපිය සහිත පිටුව, පසුබිම් තිරයට යොමුකලා නම් හොඳයි./
ReplyDeleteමෙන්න නියම අදහසක්...!
ඔමාට කතා කරන්ඩ කියල උන්න. කොහෙද, මේ මාමත් එක්ක ගියානෙව.
සුභපැතුම් විචාරක... ලබන සැරෙත් දෙමු බැටේ!
මමත් ඔමාට කතා කරන්න හිටියෙ. කොහෙද බැරි උනානෙ.
Deleteඅහසෙන් එන්නා .
Deleteකසුන් ඒවට හරියන්න අපි ඊයේ කතා කරානේ ගොඩක් වෙලා
@ ඩ්‍රැකී. මට ගොඩක් ඕනෑකම තිබුනා උඹත් එක්ක කතාකරන්න පොඩි පොඩි අවස්තා කීපයක් ගැන. අවාසනාව තමයි.
Deleteසුබපැතුමට ස්තුතියි.
ඔක්කොටම කලින් සුබ පතනවා...
ReplyDeleteමරණයක් වෙලා තියෙද්දිත් එදා ආපු එක පැසසිය යුතු කරුණක්...
කතා බහ කරන්න ලැබුනට එදා හවස ඉන්නත් ලැබුණානම් තමා හොඳ, නේද...
කමක් නැහැ පස්සේ දවසක හම්බ වෙමු...
සුබපැතුමට බොහොම තුතියි. මම කලින් හිතාගෙන හිටියේ පහුවදා නුවරඑළි ගමනත් අවලංගු කරලා, එදා සන්ධ්‍යා හමුවට එක්වෙන්නැයි. නමුත් මගේ මස්සිනාගේ හදිසි අභාවය නිසා සියල්ල වෙනස්වුනා.
Deleteනැවත හමුවෙමු.
මස්සිනාගේ අභාවය ගැන කණගාටුව!
ReplyDeleteවිචාරකට ලැබුණු සම්මානවලට උණුසුම් සුභ පැතුම්! හමු වී කතා කරන්න නොලැබුන කිහිපදෙනාගෙන් කෙනෙක් තමයි විචාරකත්.
දෙවැනි නාට්‍යය තමයි හොඳම එක. තව පොඩ්ඩෙන් මම නැගිටලම අත්පුඩි ගහනවා.ඇත්තටම ඔමා අක්කගේ "බූට්ස්" දෙක දැකල මටත් හිතුනේ ඕකම තමා. අනේ වාසනාවන්!
ඔව් දෙවනි නාට්‍ය බලන්න නොහිටියත් කලින් ආපු නිසා එයාලා පුහුනුවෙන අතරේ බැලුවා. නියමයි.
Deleteඒවා සාමානය සපත්තු අනේ :(
@ අශාන්. ශෝකප්‍රකාශයටත්, සුබපැතුමටත්, දෙකටම ස්තුතියි අශාන්. දෙවැනි නාට්‍යය බලන්න නොලැබීම ගැන කනගාටු වෙනවා. මම හිටියේ කොයි වෙලාවේ පනින්නද කියලා බලාගෙන.
Delete@ ඔමායා. ඔව් අනේ ඒවා සාමාන්‍ය සපත්තු. මම ඉතින් ඒවා බූට්ස් බවට පරිවර්තනය කළා. හිතෙන් බැන්නේ නැද්ද නොදකින් මේ බයියා සපත්තු දැකලා නැති එකෙක් කියලා. :e
මමත් මේ හරිහමන් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ ඒ නාට්‍යය අපහු බලන්න.
Deleteහහාහ්! :D
කොහෙද විචාට මම ටටා එකක් දැම්මත් අහක් බලාගත්තනෙ, ( කොහෙද ඔමාට දාපු ටටා එකට බැලුවෙ විචානෙ )
ReplyDeleteමස්සිනාගෙ අභාවය ගැන සාතිශය කනගාටුව.
අම්මෝ.........ඔයවගේ තැන්වල දාන ටටා වලට මම හරි බයයි. එව්වට ප්‍රතිචාර දක්වන්න ගිහින් වැරදුනොත් ටටා එක හුටා වෙනවා. :e
Deleteශෝකය ප්‍රකාශ කිරීම ගැන ස්තුතියි.
මෙන්න වීචාරක මාමේ මගෙනුත් සුභ පැතුම්..... නෙලුම් බලන්න එන්න බැරි උනානේ ....
ReplyDeleteසුබපැතුමට ස්තුතියි. අපරාදේ දරුවෝ ඔයාට කොහොමහරි එන්නයි තිබුනේ.
Deleteසුබ පැතුම් විච!!
ReplyDeleteමස්සිනාගෙ මරණය ගැන මගෙ කණගාටුව පිළිගන්න.
*2
Deleteස්තුතියි හැලපේ සුබපැතුමට වගේම ශෝකය ප්‍රකාශ කිරීම ගැන.
Deleteඔබත් හිටියානම් හොඳයි එදා.
@ CJ මොකද බොල යන යන තැන දෙක දාන්නේ?
සුබ පැතුම් ලැබුණ සම්මානෙට විචා.
ReplyDeleteමස්සිනාගේ වෙන්වීම පිළිබඳව කණගාටුව පල කරනවා.
සුබපැතුමටත්, ශෝකප්‍රකාශයටත්, දෙකටම බොහොම ස්තුතියි ප්‍රසන්න.
Deleteඊටත් වඩා වටිනවා එදා උඹව මුණගැහෙන්න ලැබුනානම්.
බලමු බලමු. ඔහොම යනකොට කොයි වෙලාවක හරි මාට්ටු වෙන්නෙ නැතෑ.
Delete//අපි නොදන්නා කැමරා අතපත ගාලා, මොනවයින් මොනවා වෙයිද? //
ReplyDeleteNo comment !
Congratulations re. award.
Condolences re. funeral.
නෑ නෑ මේකයි අදහස් කළේ. කිසිම ඡායාරූප ශිල්පියෙක් කැමති නැහැ තමන්ගේ කැමරාව අනවසරයෙන් අල්ලනවටවත්.
Deleteසුබපැතුමටත්, ශෝකප්‍රකාශයටත්, ස්තුතියි.
සුභ පැතුම් විචාරක....
ReplyDeleteස්තුතියි තිසර.
Deleteසුභ පැතුම්!
ReplyDeleteස්තුතියි ඔබට
Deleteකතා කරන්න හිතන් උන්නා .එ්ත් බැරිවුණා.ලබනවර මුණගැෙසමු.
ReplyDeleteඅපි ඔක්කොටම ඔය ප්‍රශ්නේ ඇතිවුනා නේද? මම හිතන්නේ අපි එක් දින වැඩමුළුවක් වගේ දෙයක්වත් හදාගෙන හමුවීම හොඳයි.
Deleteමගේ සුබ පැතුම් විචා!
ReplyDeleteරවී ඔයා ආවේ නැති එක ලොකු අඩුවක්. අපිට බොහෝ දේවල් කතාකරන්න තිබුණා.
Deleteසුබපැතුමට ස්තුතියි.
ලද සම්මානය වෙනුවෙන් විචාරක තුමාට මගේ හෘදයාංගම සුභපැතුම් ...!
ReplyDeleteඊළඟ සම්මාන උළෙලේදි, හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානයට හිමිකම් කියන්න හැකිවේවා ...!
බොහොම ස්තුතියි සඳරු ඔබේ මේ අගනා සුබපැතුමට
Deleteහප්පා .. ඒක යකාගේ ගමනක් නේ..
ReplyDeleteකරදරය ගැන කනගාටුයි.. මමත් ඔය වගේ සිදු වීමකට මුහුණ දුන්නා 2014.
සම්මානයට සුභ පැතුම් ඈ!
කියලා වැඩක් නෑ. කොහොම හරි දෙපැත්ත සමබර කරගත්තා.
Deleteශෝකය ප්‍රකාශකිරීමටත්, සුබපැතුමටත්, ස්තුතියි.
මගේ අතින් සම්මානෙ පිරි නමද්දි මෙහෙම කරදරයකට පුහුණ පා ආව බවක් කොහෙත්ම නොදැනුණේ හමුදා විනයෙන් ලබපු පන්නරය නිසාම වෙන්න ඕනෙ. ජයග්‍රහණයට සුබ පැතුම්.
ReplyDeleteඔබත් හිටපු හමුදා නිලධාරියකු බව මූණු පොතේ කියවී තිබුනා. මා ඒ ගැන දැනසිටියේ නැහැ.
Deleteඔබට බොහොම ස්තුතියි.
ඔබ ආමි නේද? මම නේවි කියලද හිතන් උන්නේ.
Deleteවිචාරක තුමාට මගේ හද පිරි සුභාශිංෂණය !
ReplyDeleteබොහොම ස්තුතියි දුමී
Deleteසුභ පැතුම් විචා..........!!!
ReplyDeleteබොහොම ස්තුතියි මනෝ.
Deleteඑක අතකට විචා කලින් වාෂ්ප වෙච්ච එකත් හොඳයි...
ReplyDeleteඑහෙම නොවුනා නම් අද මේ පොස්ටුව නවතින්නී ඊශ්‍රායෙල් බූට්ස් වලින් නෙමේ....
(හරි හරි ඉතින් ඕකට කේන්ති ගන්න දෙයක් නැහැ...ඔන්න ඔය ආයුධේ පහල දානවා...)
------------------
මොනා වුනත් විචෝ ලබපු ජයග්‍රහණයට හදවතින්ම සුබ පතනවා..
එකම කනගාටුව වචනයක් දෙකක් කතා කරගන්න බැරි වෙච්ච එක..
තෝ නම් උපන් බීරෙක්. මම තොට කෑ ගැහුවා ඇහුනේ නෑ.
Deleteඅනේ උඹලා එක්ක සෙට් වෙන්න නොලැබීම නම් ලොකුම අවාසනාවක්.
ස්තුතියි විභියා.
ඔබ තුමාගේ සම්මානයට සුභ පතනවා
ReplyDeleteඑකම කනගාටුව වචනයක් දෙකක් කතා කරගන්න බැරි වෙච්ච එක. -
බොහොම ස්තුතියි සුබපැතුමට. අපි බොහෝ දෙනෙකුට එදා හඳුනාගන්න තිබුණු අවස්ථා මගහැරුනා.
Deleteඔබේ මස්සිනාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඔබටත් ඔබේ බ්ලොග් අඩවි දෙකටත් අමායා ගෙනැවිත් දුන් යුදෙව් පානයේ ආනුභාවයෙන් චිරාත් කාලයක් යහතින් වැජඹෙන්නට වාසනාව උදා වේවා.
ඔබේ ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම්.
බොහොම ස්තුතියි ඩූඩ්. ඔයා හිටියානම් හොඳ කතා ටිකක් අහගන්න තිබුනා.
Deleteහප්පා යුදෙව් පානය මාව දිව්‍ය ලෝකය අහලටම ගෙනිච්චා.
සුබපැතුමට ස්තුතියි.
ඔබා සහ බෝතලේ ෆොටෝ එක ගත්තා වගේ ලැබුණු ලොකු සම්මානේ සහ විචාරක එකට තියලා ෆොටෝ එකක් ගත්තා නම් හොඳයි නේද?
ReplyDeleteසුභ පැතුම්!
බෝතලේ ළඟ ඔමා පින්තූරය නිකම් ටිරිකිස් වැඩක් කියලා ඕනේ කෙනෙකුට තේරෙනවනේ. සම්මානය ලැබුනේ පින්තූර වලට නිසා තමයි ඒ වගේ පින්තූරයක් දැම්මේ.
Deleteමම එදා හිටියේ කැමරාව අරන් ඇවිත් පින්තූර ගන්න තරම් සතුටකින් නෙවෙයි. මූණු පොතේ මම දැක්කා පින්තූර කීපයක් තියනවා.
ඔබේ මව සමග වචනයක් දෙකක් කතාකරන්න අවස්ථාවක් ලැබුනානම් හොඳයි කියා හිතුනා. නමුත් කාලය සියල්ලට හරස් වුනා. ඔබේ දේශනය දිහා බලාගෙන හිටිය විතරයි. එයින් යමක් උකහාගන්න තරම් හොඳ අවධානයක් දෙන්න බැරිවුනා.
බොහොම ස්තුතියි.
මං දේශනයක් කරන්න ගියේ නෑ. වැඩසටහනේ තිබුණු පරතරයක් වහන්න අර පව්ලූෂා මගේ නම කිව්වාම නොගිහින් බැරි හින්දා වේදිකාවට ගියා මිසක්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපළමුවෙන්ම ඔබේ ඥාතියාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteදෙවනුව ඔබට ලැබුණු ඇගයීමට මගෙන් සුභපැතුම්..
තෙවනුව කියන්න තියන දේ කියනවද නැද්ද..එක්කෝ ඔන්න ඔගේ ඕනනෑ ..
ශෝකප්‍රකාශයටත්, සුබපැතුමටත්, බොහොම ස්තුතියි.
Deleteඅන්න අන්න, තෙවනුව කියන්න තිබෙන දේ තමයි වැදගත්ම. අර කපා දැමූ කමෙන්ට් එක ආයෙත් දාන්න පොල්ලෙන් ගැහුවා වගේ.
ඕන නැහැ විචාරක තුමා.. ඒ සියල්ල ලියල තමා පලවෙනි කමෙන්ට් එක මකල දාල දෙවැනි එක දැම්මේ.. ඒ ටික ලියන්න ඕන තැන මෙතන නෙවෙයි කියල මට වැටහුනා.. ඒ හින්ද මම ඒ ටික අදාළ තැනට ගිහින් එතන ලිව්ව..
Deleteඔයා හොද නෑ. සම්මාන උළෙලට වඩා ලියලා තියෙන්නේ මගේ එවුවා නේ :(
ReplyDeleteඔය චූටි බෝතලේ නැතුව අර ලස්සන සම්මානේ ෆොටෝ එකක් නොදැම්මේ මොකෑ ඉදගෙන.
වෙලාවට ගියා නේද කරදරයක් ණැතුව ?
ඉස්සරවෙලාම මමයි අහන්න ඕනේ වෙලාවට ගියාද කියලා. මොන විහිළුවක් කලත් ඔයා දවම අපේ දරුවන්ගේ වයසේ. කොච්චර දුරු රටක මොනවා කළත්, යන්නම් කියා තනියම යනකොට අපිට තවමත් දැනෙන්නේ පොඩි දුවෙක් ගියා වැනි හැඟීමක්.
Deleteමම සම්මානේ ගන්නකොට ඔයා පොටෝ ගත්තානම් මට ඊ මේල් කරන්න. wmjgslsr@gmail.com දැනට මගේ ළඟ පොටෝ නැහැ.
මේ ලිපියේ ලියලා තියන විහිලු වලට හිත රිදුනේ නැහැ නේද?
හැක්.. අපෙයි හිත රිදෙන්නේ.. හැක්
Deleteකරල ඉවර වෙලා තව අහන්නත් එනවා පනිමු සීයේ පනිමු
හම්මේ.. අර බට කෑල්ලක් මොකක්ද හැබැට? ෂුවර් එකටම අර නාට්ටිය කාරයොන්ගේ එකක් වෙන්නොනේ පේන විදියට. ඔය තෑගි පාර්සල් වේදිකාව උඩදී සමහර ඒවා පෙරලුනා.. අර උපුලයි මායි අහල පහල අතට අහුවෙන්න තිබ්බ ඔක්කොම කෑලි බෑලි ආයි එව්වටම දාල හැදුව.. එහෙම එකක් වෙන්නොනේ..
ReplyDeleteහැක්, නාට්ටි කාරයෝ අම්බානක බනින්න ඇති නෙළුම්යායටම මගේ තෑගි පාර්සලේ ඒක තියනවා දැක්කනම් උන් මාව අඹවනවා ෂුවර්, වයසවත් බලන්නේ නැතුව.
Deleteබොහොම ස්තුතියි කල්‍යාණ. වැඩේ ලස්සනට කරන්න, ඔයාලා කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියලා හිතෙනවා.
හොද යෝජනා ටිකක් තියනවා ලිපියේ ...ඊලග සම්මාන උළලේදී වැඩි පුර වෙලාවක් අරගෙන මේ ටික කරන්න තිබුනනම් හොදයි ..කමියගේ කැප්විමනම් වෙනමම අගය කල යුතුයි
ReplyDeleteමට ලියන්න අමතකවුණා. අපි ඔක්කොගෙම අඩුපාඩුවක් තියනවා. අපි ඔක්කොම මේක පටන්ගන්න පැයකට විතර කලින් ආවානම්, පැයක්ම ඕනෙතරම් කතාකරන්න හඳුනාගන්න වෙලාව තිබුනා. කාල කළමනාකරණය අතින් අපි තවමත් දුර්වලයි.
Deleteවිචා මාමේ.. අලේ උඹලෑව හම්බ උනාට කතා කොරන්න හම්බුනේ නෑ... දවසක කතාකරමු ඇතිවෙන්න.. උනුසුම් සුභපැතුම්...ආ...තව එකක්.. අර ඉස්ටෙජ් එකේ ඉස්තුති කොරන්න නැවුනු නැවිල්ලට මට හිතුන කොන්ද ඉවරයි කියල...
ReplyDeleteඅපේ එවුන්ටනේ නැවුනේ. එහෙම නොකර කොහොමද?
Deleteමම තොට කෑ ගැහුවා අඩෝ පඩන්ගුවා කියලා. ස්පීකර් සද්දෙට උඹට ඒක ඇහුනේ නෑ. ආයේ කොහොමහරි හම්බවෙමු.
උණුසුම් සුභ පැතුම්!!!
ReplyDeleteබොහොම ස්තුතියි කවිඳු.
Deletehttp://nelumyaya.com/?p=5460
ReplyDeleteවිචාරක මහතා සමග කතා කිරීමට අවස්ථාවක් ලැබුනේ නැත. එයට මගේ බලවත් කණගාටුව. මා නාලක අසලට යනවිට අර අත මිට මොළවාගෙන මා දෙස බැලූ වෙලේ මට හිතුනේ මට ගහන්නට එනවා වත්ද කියාය. :)
මට හරිම දුකයි ඔබට කතාකරන්නට නොලැබීම ගැන. මේ තරම් ලොකු වැඩක් සංවිධානය කිරීමට ඔබේ හිත කොච්චර හයියද කියලා හිතුනා. හැක්. මොන ගැහිලිද අනේ :e
Deleteඅපි ඔක්කොම ඊට වඩා පැයකට කලින් ආවානම් කොච්චර දේවල් කතාකරන්න තිබුනද? වැරැද්ද අපේ අතේ තියෙන්නේ. කාටවත් දොස් කියන්න බැහැ.