අවසාන වරට බ්ලොග් ලිපියක් ලිව්වේ මැයි මාසේ 11 වෙනිදා. මට දැනෙන්නේ මාසයක් විතර ගියා වගේ. ඒ වගේමයි, බ්ලොග් ලියන සමහර අයට දැනුනද දන්නේ නැහැ, මගේ කමෙන්ට්ස් වැටෙන්නේ නැති බව. අමාරුවෙන් කමෙන්ට්ස් එකක් දෙකක් දැම්මා, බොහොම දුක් විඳගෙන. මෙන්න මේකයි වෙච්චි සංගෙදිය. මැයි 15 - 16 වගේ දවසක, මට දැනෙන්ඩ පෙනෙන්ඩ පටන්ගත්තා, කොම්පියුටර් ඇන්ජිම, අසාමාන්‍ය විදිහට මන්දගාමී වෙලා කියලා. ඒ වගේමයි, ජාලයට සම්බන්ධ වෙලා, ටැබවල් දෙකතුනක් විරිත්ත විවුරුත කොරපු ගමන්, ඒ ටැබවල් නිකම්ම නිකං පුහු වෙනවා, මෙන්න මේවගේ.
ඉන්ටර්නෙට් කොනෙක්සොන් නෑ කියන්නේ කොහොමද යකෝ? රවුටර් උන්නාන්සේ නිවි නිවී පත්තුවෙනවා එකසිය ගාණට. මගේ අති විශිෂ්ඨ, උත්කෘෂ්ඨ, පාපිෂ්ඨ,පාපිස්ස නික්ලිෂ්ඨ, ධර්මිෂ්ඨ, ඥානයට වැටහුණා, මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා, අනුමානයක් නැතුව වෙලා තියෙන්නේ, පිනිබෑම නිසා, කොම්පියුටර් ඇන්ජිමට වෛරස් උණක් වැළඳීලාය, උණ වැඩිවීම හේතුවෙන් වලිප්පුව හැදිලාය, ඒ නිසා එකම බෙහෙත, 'ෆෝමැට් කසාය' පත අට එකට සිඳ ලබාදීමය කියලා. හෙහ් හෙහ්, බෙහෙත් දන්නා නිසා හොඳයි.
ඔන්න දුන්නා, ජනෙල් අටකුත් දසම එකක් හිටින්න. හෑ.............ඉන්ස් එක ටෝල් වුනාට රීගෙන ඉස්ටාට් වෙන්නේ නෑ. මොකද්ද බොල ඒ ජංජාලේ කියලා බැලුවා. ම්හු, නෝ ඉස්ටාට්. දන්නා සිල්ප දාලා බැලුවා ම්හු. හරි හරි, ජනෙල් අට සැර මදි වගේ. හිටුකො එහෙනං කියලා දුන්නා, ජනෙල් දහය x 64 එකෙන්ම. මීට ඉස්සර, ජනෙල් දහය හොඳට පත්තියම් වුනා, මේ ඇන්ජිමට. කොහෙද ඒ සැරෙත් ඉස්ටාට් වෙන තැනට ඇවිත් කැරකෙනවා විතරයි. එයින් එහාට යන්නේ නෑ. මොකෑ කරන්නේ. බරපතල පුරස්නයක්. මං සෑහෙන වෙලාවක් කල්පනාව බාජනේකට දාගෙන හිටියා.
කොම්පියුටර් කට්ටත් දැන් මම වගේම මහලුයි. දැනට මේ විශ්වයේ කොහෙවත් නිෂ්පාදනය කරන්නේ නැති, මදර් පුවරුවක් හෙවත්, මව් බෝඩ් එකක් හෙවත්, අම්මා ලෑල්ලක් සහ, මජ්ජිමකැසකුම් සැකසුම් ඒකකයක් තමා, මේ කොම්පියුටර් ඇන්ජිමේ තියෙන්නේ. හැබැයි ක්ෂණික මතකය නම් තියනවා, 4 GB DDR 2.
ඉන්ටර්නෙට් කොනෙක්සොන් නෑ කියන්නේ කොහොමද යකෝ? රවුටර් උන්නාන්සේ නිවි නිවී පත්තුවෙනවා එකසිය ගාණට. මගේ අති විශිෂ්ඨ, උත්කෘෂ්ඨ, පාපිෂ්ඨ,
ඔන්න දුන්නා, ජනෙල් අටකුත් දසම එකක් හිටින්න. හෑ.............ඉන්ස් එක ටෝල් වුනාට රීගෙන ඉස්ටාට් වෙන්නේ නෑ. මොකද්ද බොල ඒ ජංජාලේ කියලා බැලුවා. ම්හු, නෝ ඉස්ටාට්. දන්නා සිල්ප දාලා බැලුවා ම්හු. හරි හරි, ජනෙල් අට සැර මදි වගේ. හිටුකො එහෙනං කියලා දුන්නා, ජනෙල් දහය x 64 එකෙන්ම. මීට ඉස්සර, ජනෙල් දහය හොඳට පත්තියම් වුනා, මේ ඇන්ජිමට. කොහෙද ඒ සැරෙත් ඉස්ටාට් වෙන තැනට ඇවිත් කැරකෙනවා විතරයි. එයින් එහාට යන්නේ නෑ. මොකෑ කරන්නේ. බරපතල පුරස්නයක්. මං සෑහෙන වෙලාවක් කල්පනාව බාජනේකට දාගෙන හිටියා.
කොම්පියුටර් කට්ටත් දැන් මම වගේම මහලුයි. දැනට මේ විශ්වයේ කොහෙවත් නිෂ්පාදනය කරන්නේ නැති, මදර් පුවරුවක් හෙවත්, මව් බෝඩ් එකක් හෙවත්, අම්මා ලෑල්ලක් සහ, මජ්ජිම
'අම්මා ලෑල්ල' මෙන්න.
මජ්ජිම සැකසුම් ඒකකය මෙන්න
හරි හරි, ඔන්න මගේ සිඟිති මොලේට වැටහෙනවා දැන්, අම්මා ලෑල්ලේ තමා බූත දෝසය තියෙන්නේ. වෙන ලෑල්ලක් ඇන්න හයිකොරානම්, වැඩේ ගොඩ කියලා. වහාම ඇන්ජිම කාරෙකේ පටවාගෙන, කුරුණෑගල නගරයේ, කොම්පීතර ඇන්ජින් කඩයක් පවත්වාගෙන යන, මගේ මිත්තරයකු සොයා ගියෙමි. අපුච්චේ...........මහත්තයෝ, මේකට අම්මා ලෑල්ලක් හොයන්න අඟහරු ලෝකෙට යන්න වෙනවා. පරණ එකක් දාලා බලමු. මා ළඟ තියනවා වැඩකරන එකක් කියලා, ඔන්න සෑහෙන්න මහන්සියකින් දැම්මා ඒ අලුත් (පරණ) ලෑල්ල. මොන විකාරද, ලෙඩේ ඒ විදිහමයි. ජනෙල් 10 සැර වැඩියි කියලා, දැම්මා seX Pee, අනේ........ලෙඩේ ඒ විදිහමයි. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කියලා, අරුන්නැහෙත් කල්පොනා කොළා.
මං හිතන්නේ මජ්ජිම සැකසුම හුඟක් රත්වෙනවා වගේ, අපි ගලවලා බලමු කියලා, ගැලෙව්වා. බුදු අප්පොච්චියේ................. එතන තියන පංකාවට යටින් තියන, තාපය ගිල්ලවන ඇලුමිනියං පෙති කට්ටලය, වැසිකිළි වලක් වගේ. දූවිලි හත්තට්ටුවක් බැඳිලා ගල්වෙලා. ඔක්කොම සුද්ද කරා සුපිරියටම. (තමුන්නැහේලාත් 'ඩැස්ටොක් කොම්පීතර' පාවිච්චි කොරනවා නම්, අවුරුද්දකට වතාවක් වත්, ඔය වැසිකිළි වල පිරිසිදු කොරනවා හොඳයි)
ආපහු හයි කොළා. මොන විකාරද? ලෙඩේ එහෙමමයි. ඒ පාර මම කිව්වා, අර බලන්න පංකාව කැරකෙන වේගය මදි වගේ. අලුත් එකක් ගහලා බලමු කියලා. අලුත් එකක් දැම්මා. මොන විකාරද? ලෙඩේ එහෙමමයි. ඔන්න දැන් තමයි, 'සැටප් පොරෝගිරෑම්' එකේ ගිහින් බලන්න හිතුනේ, මජ්ජිම සැකසුම් ඒකකයේ, ඌ ඌ ඌෂ්ණත්වය කොහොමද කියලා. අපොයි 64 යි. එච්චර තියෙද්දී, කීයටවත් රීස්ටාට් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තියෙන්න ඕනේ.
ඔන්න ලෙඩේ අහුවුණා. ඉතිං දැන් හොයපන්කෝ අලුත් එකක්. ඒක හීනයක් විතරයි. කඩෙන්ම හොයාගත්තා පරණ එකක්. core 2 duo 1.8 Ghz එකක්. LGA 775 සොකට් එකට ගැලපෙන මොන මළදානයක් හරි කමක් නෑ. දැන්නං ඇන්ජිම සෑහෙන තරම් සතුටුදායක වේගයකින් තියනවා. නමුත් තවමත් ජාලයෙදී ටැබ් පහක් හයක් විවෘත කළාම, ප්‍රශ්න එනවා. google images වලට ගියාමත්, බොහොම හෙමින් වැඩකරන්නේ. CPU Heat එක අංශක 31 විතර තියෙන්නේ. දැන් ඉතිං අලුත් ඇන්ජිමක් ගන්න කාලය හරි. නමුත් කාටද දෙයියෝ සල්ලි තියෙන්නේ? (Core i3 Processor 16500/-, Motherboard (cheap brand) 8000/-, 4 GB DDR 3 RAM 4000/-)
අනේ අපේ ආපදා කළමනාකොරණය
මහා වැස්සක් ආවා, ගංවතුර ගැලුවා, නාය ගියා, මිනිස්සු මැරුණා, මෘත ශරීර හමුවූ ප්‍රමාණය සහ අතුරුදහන් ප්‍රමාණය එකතු කළාම 200 ඉක්මවනවා. අවතැන් වූවන්ගේ ප්‍රමාණය ලක්ෂ තුනහමාරක් පමණ වෙනවා. සරණාගත කඳවුරු 100 කර ආසන්න ගණනක් විවෘතව තිබෙනවා. සැබවින්ම ජාතික ආපදා සහ ව්‍යසන තත්වයක්. මේ තත්වය කලමනාකරණය කෙරෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නට නොහැකි බව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ (ඒවායේ වැඩකරන මාධ්‍ය කුක්කන් සහ කික්කියන් කියන ආකාරයට මාධ්‍ය හරහා නෙවෙයි) වාර්තා වෙනවා. රාජ්‍ය ආපදා කළමනාකරණ යාන්ත්‍රනය ශක්තිමත්/කාර්යක්‍ෂම/සැලසුම් සහගත/අවස්ථාවෝචිත/ නොවන බවට චෝදනා නැගෙනවා. මේ ගැන විමසීමක් කරන්න හිතුනේ ඒ නිසයි.
1. පෙර සූදානම
පෙර සූදානම අතිශයින් කණගාටුදායක බව නොකියාම බැරිය. පෙර සූදානම කියන්නේ මොකක්ද කියා දන්නවාදැයි සැක හිතෙනවා. අපි සුනාමි ආරක්‍ෂක හා අනතුරු ඇඟවීම්, වැඩපිළිවෙලකට බැස්සේ, සුනාමි අත්දැකීමෙන් පස්සේ. ඒ ගැන වරදක් කියන්න බැහැ. හේතුව, ඊට පෙර කවදාවත් අපි, සුනාමියකට මුහුණ දී නොතිබීමයි. නමුත්, නාය යෑම්, ගංවතුර, කල් තබා දැනගන්නා සුළි සුළං තත්වය, අනාදිමත් කාලයක සිට අපි අත්විඳින සංසිද්ධි ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවරත්, කල්තබා කෙරෙන අනතුරු ඇඟවීම් තිබුණා. මහජනතාව මෙන්ම ආපදා කළමනාකරණ අංශ වලත් සතුටුදායක පෙර සූදානමක සිටි බවත් පෙනුනේ නැහැ.
මහජනතාවගේ ක්‍රියාකාරකම් පැත්තෙන් බැලුවොත්, අන්තිම මොහොත වනතුරු කිසිදු ආරක්ෂක පියවරක් නොගත් පිරිස ඉතා විශාලයි. ඒ වගේමයි, අපේ රටේ ජනාවාස පිහිටුවාගැනීමේ දී, ස්වයං නිර්ණය මත කටයුතු කිරීමෙන්, නොගැලපෙන ස්ථානවල නිවෙස් ඉදිකිරීම සහ, අනවසර ඉදිකිරීම් නිසා සිදුවන පරිසරහානි හේතුවෙන්, ස්වභාවික ජලවහනයට සිදුවන බාධා නිසා පැනනැගුන දුර්විපාක, එවැනි දේ කළ, නොකළ, සියලු දෙනා විඳගත්තා.
'ඔය අතනට වතුර ආවට මෙතනට එන එකක් නෑ. ගියපාරත් අතෙන්ට වතුර ඇවිත් පහුවදා බැහැලා ගියා. දවසක් දෙකක් බලමුකෝ'
ඔය කන්ද නාය යන්නේ නෑ බං. එහෙනං සිරීපාද කන්දත් නාය යන්න ඕනේ. ඔය පොඩි පොඩි වතුර පාරවල් ආවට නාය යන්නේ නෑ. තව දවසක් දෙකක් බලමුකෝ'
සෑහෙන පිරිසක් හිටියේ ඔන්න ඔය ප්‍රතිපත්තියේ. මේ කම්මැලි, අති පණ්ඩිත, අලස, මන්දෝත්සාහී බව, අපේ ජාතික ලක්‍ෂණයක්දැයි කියා සිතෙන අවස්ථා බොහොමයි.
සාමාන්‍යයෙන් කිසිදු නිවසක එදිනෙදා ආහාරයට අවශ්‍ය ද්‍රව්‍ය තබාගන්නවා මිස, මාස ගණනකට හෝ සති ගණනකට ආහාර ගබඩා කරගන්නේ නැහැ. ඒ සඳහා වත්කමක් කිසිසේත් නැහැ, අතිමහත් බහුතරයකට. නමුත් සැලකිය යුතු පිරිසකට හැකියාව තිබෙනවා, දින 4 - 5 කට සෑහෙන වියලි සලාක ද්‍රව්‍ය ගබඩා කරගන්න. එහෙම හැකියාව ඇති අයත්, එසේ කර නොතිබුන බව පෙනුණා. වියලි සලාක තිබුනත්, ඒවා උයන්නේ තමුසෙගෙ ඔලුව උඩ තියාගෙනද? කියලා අහන අයට දෙන්න තියන පිළිතුර මේකයි.
අ. ඔය බඩු ටිකත් අරගෙන කල්තබා වෙනත් ස්ථානයකට යන්න තිබුණා. ගෙදර ආරක්‍ෂාවට එක්කෙනෙක් තියලා, අනික් අය ඈතට ගිහින්, පාර අයිනේ ඉටිරෙද්දක් ගහගෙන, අහල පහල ගෙදරකින් උදව් ඉල්ලගෙන අර වියලි සලාක උයාගෙන කන්න තිබුණා. ගෙදර බලාගන්න කෙනාට ආධාර ලැබෙන ක්‍රම සලස්වන්නත් පහසුයි එතකොට. අදාළ අංශ වලට කියන්න පුළුවන් ඔබටම, අන්න අහවල් තැන අපේ එක්කෙනෙක් ඉන්නවා, එයාට කන්න දෙයක් දෙන්න කියලා.
ආ. තට්ටු දෙකේ හෝ ඊටත් වැඩි නිවාස සෑහෙන ගණනක, පහල තට්ටුව ජලයෙන් යටවුනා. ගෙදර තියන ගෑස් ලිප, ඉහල මාලයට ගෙනයන්න උත්සාහ ගත් පිරිස සීමිතයි. නිවසක ඉහල මාලයේත්, ඉවුම් පිහුම් කළහැකි කුඩා ඉඩකඩක් kitchenette තබාගත යුතු බව, මේ ගංවතුරෙන් පස්සෙවත් හිතලා බලන්න.
සොරසතුරු බිය නිසා නිවෙස් අතහැරදා නොගිය අය අපා දුකක් වින්දා/විඳිනවා. ඒ සඳහා පොලීසිය ආරක්‍ෂක අංශ යොදවා, මහජනතාව තුළ 'අපි හිටියේ නැතත්, අපේ ගෙවල්, ආරක්ෂක අංශ විසින් බලාගනියි' කියන විශ්වසනීයත්වය ඇතිවන ආකාරයේ වැඩපිළිවෙලක්, මින් ඉදිරියේදීවත් ඇතිකරන්නට අදාළ වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි.
සුනාමි ආරක්‍ෂාවට පුහුණු කළ ආරක්‍ෂක අංශ, ගංවතුර, නාය යෑම්, ආපදා අවස්ථා සඳහා පුහුණු කර නැද්ද? නැත්නම් දැන්ම ඒ පුහුණු වැඩ පිළිවෙල ආරම්භ කලයුතුයි. මා දුටුවා, අරනායක නාය ගිය ස්ථානයේ, සේවයට යොදවා සිටි සමහර යුදහමුදා සෙබළුන්, තම බූට්ස් ගලවා නිරුවත් දෙපයින් වැඩකරන හැටි. හිස්වැසුම් ගලවා වැස්සේ වැඩ කරන හැටි. කෙනෙකු හිතන්න පුළුවන් බූට්ස් මඩේ එරුනම් මඩ යට ඒවා රැඳෙනවා ඇති, කියලා. නමුත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. ඒ සෙබළුන්ට බොහෝවිට ඇත්තේ ඔය බූට්ස් කුට්ටම සහ තව එකක් විතරක් වෙන්න 99% ක් ඉඩ තියනවා. ඉතිං ඒ බූට්ස්වල මඩ තට්ටුවක් ඇලුනම තමන්ම ඕනේ ඒවා පිරිසිදු කරගන්න. බූට්ස් කුට්ටම් දෙකම මඩට ඇන්දම, ඊළඟට මොකද කරන්නේ? නමුත් නිරුවත් දෙපයින් මඩේ ගමන් කිරීමෙන්, බරපතළ තුවාල සිදුවීම් සහ චර්ම ආසාදන ඇතිවීමෙන්, සේවයට සිටින සෙබළුන් ගණන අඩු වෙනවා. ඒවාට වහාම විසඳුම් දෙන්න. නිල ඇඳුම් අමතරව දෙන්න ඕනේ දිනපතා මාරු කරගන්න. වැහිකබා, ආපදා අවස්ථා සඳහා වෙනත් රටවල ආරක්‍ෂක අංශ අඳින විශේෂ ඇඳුම්, මොකවත් නැති බව පෙනුණා.
පෙර සූදානමේ වැදගත්ම කොටසක් තමයි, නිවැරදිව හා කාර්යක්‍ෂමව ක්‍රියාකලහැකි කාර්ය සාධක බලකායක් පුහුණුකොට පවත්වාගෙන යාම. මේ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ සිවිල් ආරක්‍ෂක බලකාය තමයි ප්‍රධාන වෙන්නේ. නමුත් මේ පුහුණුවේ වැදගත් කොටස් ක්‍රියාත්මක කරවීම සඳහා, ප්‍රාදේශීය ලේකම් වරුන්, විදුලිබල, වාරිමාර්ග, මහාමාර්ග, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන, ආදී මෙකී නොකී රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වගකිවයුතු තනතුරු දරන්නන්ගෙ සහාය අවශ්‍යයි. එබැවින් ඔවුන්ටද මේ පුහුණුව ලබාදිය යුතුයි.
ආපදා කළමනාකරණය දැන් සිදුවන ආකාරය ගැන සෑහීමකට පත්වන්න බැහැ. සමහර වගකිවයුතු තනතුරු දරන නිලධාරිනියන් තමන් ගැහැනියක් කියන, ලාංකික සාම්ප්‍රදායක චින්තනයෙන් මිදී ක්‍රියා කිරීමට, පුහුණු කලයුතුයි. සාරිය ඇඳගෙන ගංවතුරේ, නාය ගිය ස්ථානයේ, කටයුතු කරන්න බැරිනම්, ජීන්ස් එකක් ඇඳ වැඩ කිරීමට ඔවුන් සූදානම් වියයුතුයි. එසේ කිරීමට හරස්වන ගොං දෙපාර්තමේන්තු නීති රීති අවලංගු කලයුතුයි. හෙදියන්ට දුෂ්කර ස්ථානයක ගවුම ඇඳගෙන වැඩ කරන්න බැරිනම්, දිග කලිසම සහිත නිල ඇඳුමක් දෙන්න ඕනේ දුෂ්කර තත්වයන් යටතේ අඳින්න. වාහන පදවන්න, පිහිනන්න, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්න, බෝට්ටුවක්/ඔරුවක් පදින්න, ඔවුන්ටත් පුහුණුවක් දියයුතුයි.
2. ක්‍රියාකාරී සැළැස්ම
මේ තරම් නවීන තාක්‍ෂණය, මේ තරම් ජාත්‍යන්තර සහයෝගය තියාගෙන, ආපදා කළමනාකරණය කියා අපි කරන්නේ, පශ්චාද් භාගයට පෙට්‍රල් වැදුන සුනඛයන් මෙන්, හිස් ලූ ලූ අත දිවීමක් පමණකැයි කියා සිතෙන අවස්ථා තිබෙනවා. පාකිස්ථානයෙන් ක්‍ෂේත්‍ර රෝහල් දෙනතුරු, ඉන්දියාවෙන් කූඩාරම් දෙනතුරු, ජපානයෙන් බෙහෙත් ගෙනත් දෙනතුරු, ඇමරිකාවෙන් බ්ලැන්කට් ගෙනත් දෙනතුරු, අපි ක්‍රියාකාරී සැලැස්මක් හදා නොතිබුනේ ඇයි?
මෙන්න ආදර්ශ සැළැස්මක්
දිනපතා යාවත්කාලීන වන දත්ත ගබඩාව සහිත ක්‍රියාකාරී පද්ධතිය :- මෙහි තිබෙන්නේ අති නවීන පරිගණක ජාලයකි. මේ මගින් ආපදා කළමනාකරණ ප්‍රධාන මධ්‍යස්ථානය සමග ත්රිවිධ් හමුදා සහ පොලිස් මූලස්ථාන, ප්‍රාදේශීය ත්‍රිවිධ හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන, සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල, භූ විද්‍යා, කාලගුණ, වාරිමාර්ග, ආදී පරිසරයට ඉඳුරාම සම්බන්ධවන ආයතන සම්බන්ධිතව පවතී. සෑම තත්පරයකම යාවත්කාලීන වන චන්ද්‍රිකා ඡායාරූප සහ කාලගුණික දත්ත හුවමාරුවක් පවත්වාගැනේ. මේ මධ්‍යස්ථාන පිහිටුවිය යුත්තේ, ආපදාවන්ට ලක්නොවන ආරක්‍ෂිත ස්ථානවල, කාලගුණික විපර්යාසවලින් ඇතිවන ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන, විශේෂ ඉදිකිරීම් සැලැස්මක් අනුව සහ, විදුලිය, ජලය, අඛණ්ඩ සැපයීමක් සමග සේවය කරන්නන්ටද, පිටතින් ආධාර රහිතව, යටත්පිරිසෙයින් සති දෙකක්වත් කල්ගතකිරීමට හැකිවන ආකාරයටයි. සේවය කරන්නන්, දැඩි පුහුණුව සහ විනය යටතේ, අභියෝගාත්මක තත්ත්වයන්හිදී, මානසිකව නොවැටී සිටිය හැකි අයවලුන් විය යුතුය.
සම්පත් කළමනාකරණය:- හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න සම්පත් කාණ්ඩ කොට, භාරකාරීත්වය, අණදීම, ක්‍රියාකිරීම, බෙදාහැරීම, නඩත්තුව, වැනි කාණ්ඩ යටතේ සූදානම්ව තැබීම.
උදාහරණ:- තම ප්‍රදේශයේ බැකෝ යන්ත්‍ර (රාජ්‍ය/පෞද්ගලික) කීයක් තිබේද? කොපමණ වෙලාවකින් ඒවා තම ස්ථානය වෙත ලබාගත හැකිද? සියලු නීති රීති වලට ඉහලින් අණ දී, එම යන්ත්‍ර ප්‍රමුඛත්වය වැඩි ස්ථාන වෙත යොමු කිරීම. තම ප්‍රදේශයේ ගිලන් රථ කීයක් තිබේද? ගිලන් රථ ලෙස පාවිච්චි කළහැකි වාහන කොපමණ තිබේද? බල මෙවලම් කියත් කීයක් තිබේද? ඒ ආකාරයට දිග ලැයිස්තුවක් ලියන්න පුළුවන්.
තොග පවත්වාගැනීම:- කූඩාරම්, (මැති ඇමතිවරු එන සංදර්ශන වලට ගහන, අඩි 200ක් විතර දිග කූඩාරම්, ගංවතුරෙන් අනාථ වූවන් වෙනුවෙන් ඉදිනොවෙන්නේ ඇයි?) භූමියේ වැඩ කරන ආයුධ, රෙදිපිළි, සනීපාරක්ෂක භාණ්ඩ සහ ද්‍රව්‍ය, වතුර පොම්ප, බවුසර්, ගලී එම්ප්ටියර්, ගිනි නිවන උපකරණ, ප්‍රවාහන කටයුතු සඳහා වාහන පවරා ගැනීම, ( ඒ සඳහා පූර්ණ අධිකාරී බලය සහිතව)
පෙර පුහුණුව සහ සම්බන්ධීකරණය:- ආපදා කළමනාකරණ පුහුණුව හමුදා පුහුණුවක් ලෙස දැඩි විනය සහ කැපවීම මත සිදුකල යුතුය. ඒ සඳහා කිසිවකුටත් කිසිදු අතිරේක ගෙවීමක් නොකලයුතු අතර එය අනිවාර්ය පුහුණුවක් වියයුතුය. යටත්පිරිසෙයින් මාස දෙකකට එක් වරක්, පුහුණුව සිදුකලයුතු අතර, එහිදී නිරීක්ෂණය වන අඩුපාඩු මගහරවාගැනීම සඳහා, නැවත නැවත පුහුණුව, සැළසුම්, අන්තර් සහයෝගය, වැඩිදියුණු කලයුතුය. සාමාන්‍ය රාජ්‍ය දෙපාර්තමේන්තුවක් මෙන් ක්‍රියා නොකරන, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ, හමුදා නීතිය වැනි නීති පද්ධතියකින් ක්‍රියාත්මක වන, ආපදා කළමනාකරණ අංශයක් පවත්වාගතයුතු ය.
මට බලයක් ඇත්නම්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දැනට නිකම් සවුත්තු වෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්කොට, මේ ආපදා කළමනාකරණ ජාතික බලකායේ ප්‍රධානියා ලෙස, පූර්ණ බලතල සහිතව පත්කරමි. ඔහු මේ කාර්යභාරය නොපිරිහෙලා ඉටුකරන බව මට සහතිකය. එසේ නැතහොත්, ත්‍රිවිධ හමුදා ප්‍රධාන මාණ්ඩලික Chief of Defence Staff = CDS මෙම බලකායේ ප්‍රධානියා කරමි.
මෙව්වා නිකම් වන වනා කරන්න බැහැ. කරපන් කිවොත් කරන්න ඕනේ. දෙපාර්තමේන්තු නීති මෙහෙමයි, චක්‍රලේඛයේ තියෙන්නේ මෙහෙමයි, අතිකාල දීමනා, බටා, අර දීමනා, මේ දීමනා, කතාකරන්න ගියොත්, අර අහිංසක මිනිස්සුන්ගේ පණ යන්නේය. වළලන්නවත් කෙනෙක් නැතුව මිනී කුණුවෙන්නේය. ඒ නිසා, සියල්ලට පෙර, අහිංසක මහජනතාවට ප්‍රමුඛත්වය ලැබිය යුතුය. ඒ නිසා, මේ ආපදා කළමනාකරණය සඳහා, විශේෂ කාර්ය සාධක බලකායක්, විශේෂ පනතකින් පිහිටුවිය යුතු අතර, එය ඉඳුරාම ජනාධිපතිවරයාගේ අධීක්ෂණය සහ අණදීම යටතේ, පාර්ලිමේන්තුවට පමණක් වගකියන ආයතනයක් ලෙස, පවත්වාගත යුතුය.
සමහර ප්‍රාදේශීය ලේකම් වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරුන්ට, ලිපියක අනු අත්සනවත් ගහන්න දෙන්නේ නැති තරමට, විශ්වාසය පිරිහී ඇත. උද්ධච්ච කම ඉහවහා ගොස් ඇත. රජයේ කාර්යාල සම්බන්ධ සමහර ප්‍රතිපත්ති කියවා බැලුවොත්, අපිට වෙන්නේ මානසික ප්‍රතිකාර ලබාගන්නටය. දිස්ත්‍රික් ලේකම්ටවත්, හදිස්සියකට, සුපිරි ඉස්කෝලයක ශාලාවක්, සරණාගතයින් රඳවා තබන්නට ගත නොහැකිය. ඒ ඉස්කෝලවල බලය එතරම්ම සුපිරිය. එහෙත් පුංචිත්තෑවේ ඉස්කෝලේ, එවෙලේ ඉගෙනගනිමින් ඉන්න ළමයි එළියට දමා, ඉඩ ලබාගත හැකිය. ඒ ගැන විරුද්ධ වෙන්න කාටවත් බැරිය.
අවස්ථාවට සුදුසු දේ කිරීම:- මෙවර ආපදා කලමනාකරනයෙදී ආරම්භක දින කීපය තුළ, කිසිදු සම්බන්ධීකරණයක් හෝ අවස්ථානුකූලව ක්‍රියාකිරීමක් දකින්නට නොලැබුණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ජලයට යටවීමෙන් පොලිස් ස්ථාන පවා අසරණ විය. කොලොන්නාව වැනි පෙදෙස්වල, බෝට්ටු යන්නට බැරි බවත්, තාප්පවල වැදී බෝට්ටු හානියට පත්වන බවත්, බෝට්ටු එන්ජින් වල (ප්‍රොපෙලරයෙහි) ජලය යට තිබෙන වැල් සහ එවැනි දෑ පැටලීමෙන්, ගමන අඩාල වන බවත්, දැනගන්නට ලැබුණි. හැප්පීමෙන් සහ වැල් පැටලීමෙන් වන හානියට ඔරොත්තු දෙන්න, මෙන්න මේ වගේ ඩිංගි බෝට්ටු, දැන්වත් ගෙනත් තියාගත්තොත් හොඳයි. බලන්න මෙහි එන්ජිමත් උසින් අඩුයි. වතුරේ ගැඹුරට එන්ජිම යන්නේ නැහැ. එවිට පැටලීම් අඩුයි. රබර් බඳ, හැපීම් වලට ඔරොත්තු දෙන සුළුයි.
මෙන්න දැන් පාවිච්චි කරන වැරදි බෝට්ටුව
මේ බෝට්ටුවත් හොඳට ගැලපෙනවා.
ලටපට
අපේ දේශපාලු බම්මන්නන්ගෙන් බොහොමයක්, උගුරට හොරා බෙහෙත් කෑමේ ප්‍රතිපත්තියක්, මේ ජාතික ව්‍යසනය සිදුවූ මුල් දිනකීපය තුළ ගෙනගිය බව, පැහැදිළිව පෙණුනි. ඔවුන් 'සීන් එකට ඇන්ටර් වුණේ' වැඩේ කුරුවල් වේගන එනවා කියා, වැටහුනාට පසුවය. ආණ්ඩුව ඇතුලේ ඉන්න කල්ලි, යූ ඇන් පී සහ ශ්‍රී ලංකා කල්ලි, ඇමති අර පක්ෂයේ නියෝජ්‍ය ඇමති මේ පක්ෂයේ නිසා, උඹට ඕනෙනම් කරපන් කියා, කර හැරීම් සිදුවන බවත් පෙනුනි.
රජය හරියටම වැඩේට අතගැහුවේ, අරනායක නාය යාමෙන් පසුවය. දැන්නම් හොඳයි කියන්න පුළුවන් මට්ටමෙන් වැඩ කටයුතු සිදුවේ. නමුත් ප්‍රමාදවීම ගැන සමාවක් දිය නොහැකිය.
ජඩ මාද්දිය ආයතන තම තමන්ගේ ප්‍රතිරූපය පුම්බාගන්න නිර්ලජ්ජි ලෙස ක්‍රියාකිරීම ගැන උන්ගේ මූණට කෙළගහන්න වටින්නේය. අපි විතරයි මිනිස්සුන්ගේ දුක දැක්කේ, අපි විතරයි උදව් කලේ, අපි විතරයි අතෙන්ට ගියේ, මෙතෙන්ට ගියේ කියමින්ද, අසරණ මිනිස්සුන්ට යමක් දී, ඔවුන්ගෙ අසරණකම දඩමීමා කරගනිමින්, ඔවුන් ලවා, තම නාලිකාව ගැන වර්ණනා කරවාගැනීමට තරම් හිඟන තත්වයට, සෑම නාලිකාවක්වක්ම පාහේ වැටීම, ජාතික අභාග්‍යයකි.
මාධ්‍ය කුක්කෝ සහ කික්කියෝ කියන විහිලු සිංහල ඇසීමෙන්, අර අහිංසක මිනිසුන් ගැන කම්පා වෙමින් සිටින අතරම, බඩ අල්ලාගෙන හිනාවුනෙමි. එක කුක්කෙක්, දෙමහල් නිවෙස්වල උඩු මහලේ ඉන්න මිනිසුන් පෙන්වා, 'මේගොල්ලෝ මෙහෙම හිටියට හොඳට ගෙවල් දොරවල් යානවාහන තියන, හොඳට කන්න බොන්න තියන අය' කියා වර්ණනාවක් කළේය. ගංවතුරේදී, තත්වය නම්බුව කියා අටවන්න බම්බුවක් නැති බව, ඒ වෘෂභයා දන්නේ නැත. තවත් වරක් ඒ වෘෂභයා අද මේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබීමට නියමිතයි කියා කිව්වේය. කාලගුණ අංශයෙන් කියන්නේ ලැබිය හැකිය කියලයි. නමුත් වතුරේ පල්වෙමින් හිටි වතුර පල්විස් නම් මොහු, එය විද්‍යාත්මක නියමයක් ලෙස නොවරදවාම සිදුවන දෙයක්ය යන හැඟීම ඇතිවන ආකාරයට ඉදිරිපත් කළේය. තව කික්කියක් කිව්වේ, 'නාය යාම සිදුවුයේ අලුයම එකට පමණයි' යනුවෙනි. ඒ කියන්නේ හරියටම අලුයම එක සනිටුහන් වන තත්පරයේදී පමණක් විදුලි වේගයෙන් නාය ගියේය. එකට තත්පරයක් කලින් හෝ පසුව කිසිවක් සිදුනොවීය කියන තේරුමයි. ඉංගිරිසියෙන් හිතා සිංහලෙන් කියන්න ගියාම ඔහොම කුණුහරප කියවෙයි. ඒ වගේම කුක්කෙක්, 'අපි දැන් මේ පාලම හරහා එගොඩට යනවා' කිව්වේය. අනේ මේ අපි නම් යන්නේ පාලම දිගේය. පාලම ඉදිකර තිබෙන්නේ ගඟ හරහාය. across the bridge කියා ඉංග්‍රීසියෙන් කිව්වට, සිංහලෙන් කියන්නේ, පාලම දිගේ බව, මහලොකු ජඩ මාද්දිය උපාධි සහතිකධාරී මේ අමන රැළ තවම නොදන්නාහුය.
2016 මැයි මස 22 වැනි දින 2258 පැය
කාලින දෙයකට ලියවුන හොද ලිපියක් මිස්ටර් විචාරක. මේ ගොන් පාට් ඔක්කොම tv එකෙන් දැක්ක. මුන්ගේ එෆ් එම් වලින් මිනිස්සු මුන්ගෙ බයිල අහනවට ලක්ෂ ගණන් විසි කරනව. ඒත් මිනිස්සුන්ගේ ස්‌වාභාවික විපතකදී මිනිස්සුන්ගෙන්ම උදව් උපකාර ඉල්ලල මුන් හිගාකනව. ලජ්ජා නැතිවම එව්ව ටෙලිවිසොන් එකේ ගෙඩිය පිටින්ම පෙන්නනව.
ReplyDeleteබොහොම හොද තර්කානුකුල විදිහට මෙව්වා ප්ලෑන් කරන විදිහ ඔබ පෙන්නල දීල තියෙනව. ඒත් ඔව්ව කවද කෙරෙයිද කියල ලොකු ප්‍රශ්නයකුත් තියෙනව. මොකද මේ ලංකාව නිසා. මටත් ආධාර කරන්ට පැහැදිලිවම අවශ්‍යතාවය තිබ්බත් එවන සල්ලි ඇත්තටම දුකට විපතට පත් අයට ලැබෙයිද කියන ලොකු ප්‍රශ්නෙත් තිබ්බ. මොකද සුනාමි ආධාර වලින් ලංකාව සිංගප්පුරුවක් කරන්ට පුළුවන් කිව්ව අයම නෙ ලංකාව දැන් ඉතියෝපියාවක් කරලා තියෙන්නෙ.
අර මිස්ටර් කෑල්ල කපලා නිකම්ම විචාරක කියමුකො.
Deleteපෞද්ගලික රූපවාහිනී/ගුවන්විදුලි නාලිකා තමයි සෑහෙන්න ආධාරෙකතුකිරීමේ වැඩේට බැස්සේ. ඒ වගේම මිනිස්සු ආධාරත් ගෙනත් දුන්නා. නමුත් අනුන්ගෙන් ලැබුණු ආධාර බෙදලා තමන්ගේ නාලිකාවට ආවඩා ගැනීම නම් පහත් ක්‍රියාවක්.
ආපදා කළමනාකරණය විශ්ව විද්‍යාල පාඨමාලාවක් ලෙසුගන්වන්න වටිනවා අනාගතය ගැන හිතලා. දේශපාලුවන්ට නම් මෙව්වා කොටලා පොවන්න ඕනේ.
විශ්වවිද්‍යාලවල උගන්වනවා. Demographicවලට. (UoC)
Deleteඔය කොම්පීතර උපකරණ එහෙම ලාබෙට ගන්ඩ ඇහැකි පොට් එකක් තියෙනවා මං දන්න... හැබැයි අහවලානං දන්නවා හරියටම.
ReplyDeleteසරත් ෆොන්සේකා මහත්මයා නම් ඒකට නියමෙට ගැළපේවි.හැබැයි සොර සතුරු උවදුරින් ගෙවල් රැක ගන්න එකටනං හිතල බලල නිලධාරීන් යොදවන්න වේවි....එහෙම නැත්තං යට තට්ටුවට කිමිදිල හරි සේප්පුවට විදින්න බැරි කමක් නෑ.(වැටත් නියරත් ගොයං කානං)
මේ රතු අකුරින් ලියල තියෙන ටික නං මොනවට කියනවද....
පාවිච්චි කල කොම්පියුටර් උපකරණ ගැනීම විහින් නහින වැඩක් ලංකාවේ කොහෙන් ගත්තත්. අර අලුත් බඩු වල මිළගණන් ගත්තේ අපේ නගරයෙන් සහ ජාලයෙන් යන දෙකෙන්ම හොයලා බලලා.
Deleteඇත්තටම සරත් ෆොන්සේකා මහත්මයාට ගැලපෙන්නේ, මෙන්න මේ වගේ වැඩ.
අද කාලේ අම්මා අප්පාවත් විශ්වාස නෑ ගෙයක් බලාගන්න දෙන්න.
ඔබ කියා ඇති කරුණු සමඟ සම්පුර්ණයෙන්ම එකඟයි. ඇත්ත වශයෙන්ම අපේ රටේ මිනිසුන් හෝ පාලකයන් ආපදා කලමනාරණය කියන සංකල්පය ගැනවත් නිවැරදි අවබෝධයක් නැහැ. මිනිස්සු නිතරම හිතන්නේ, අනේ අපිට මොකුත්ම වෙන්නේ නැහැ, මොනවා හරි උනත් දෙවියෝ හරි super man හරි ඇවිදින් ආරක්‍ෂිත ස්ථානයකින් ගෙනිහින් තියාවි කියල. බහුතරයක් මිනිසුන්ට B ප්ලෑනක් නැහැ. ඒ තිබුනත් අතිශය දුෂ්කර අවස්ථාවන් වල පවා තමන් ගෙවන සාමාන්‍ය ජීවිතය මොහොතකට හෝ වෙනස් කරන්න ඔවුන් කැමති නැහැ. හදිසි ආපදා තත්වයකදී ඕනෑම නිවසක, වාහනයක තබා ගත අඩුම කුඩුම ගැන මිනිසුන් දැනුවත් කල යුතුයි. ඔබ කියන්නා වගේ මිනිසුන්ව ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් යටතේ පුරුදු පුහුණු කල යුතුයි.
ReplyDeleteහෙහ් හෙහ්, අපේ පැත්තේ උන්නැහේ කෙනෙක් කියනවා (අපේ පන්සලේ පළමුවැනි පෙලේ දායකයෙක්) එකවර මෙතරම් ගොඩක් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම නිසා වැස්ස වැඩිවීමෙන් ගංවතුර ආවලු. ඔය පුදපූජා හරියට කෙරිලා නැතිලු. උන්නැහේගේ 'අකේ පුං' දෙකක් තියනවා කියලයි මට හිතෙන්නේ.
Deleteඅපේ රට ඉන්දියන් සාගරයේ මුතු ඇටය නිසා මොකුත් වෙන්නේ නැහැ කියලා හිතන අමන පුද්ගලයන් තවමත් ඉන්නවා.
ඉස්සරවෙලාම මේ මිනිස්සුන්ගේ මොලේ තියන මකුළුදැල් කැඩීම කරන්නම ඕනේ.
ඔහොම ලෙඩක් ආවා යාලුවෙකුගේ ගොම්පීටරේට , හදල හදල හරියන්නේ නැතුව අයින් කොරන්ඩ යනකොට ඇන ඇවිත් , කූලින් පෑන් එකේ ලොක් හතර ගලවලා විසික් කරල දාල , අයි සී වලට හීට් සින්ක් වලට දාන බොල්ට් හතරක් වෙෂර් දාල හීට් සින්ක් එක සුද්දකරල අලුතින් කොම්පවුන්ඩ දාල හොදට හිරකරලා දුන්නා දැං දෑ අවුරුද්දක් විතර තාම වැඩ
ReplyDeleteප්රෝසේසරෙටද කම්පවුන්ඩ් දැම්මේ, යකෝ අපිනම් දාන්නේ හෙයා ජෙල්,ක්‍රීම් ....
Delete@අටම්. කූලින් ෆෑන් දෙක තුනක් මාරු කරලත් බැලුවා පරණ ප්‍රොසෙසර් එකට. නමුත් හරිගියේ නැහැ.
Delete@ ලලිත්. ප්‍රොසෙසර් එකයි ෆෑන් එකයි ෂීට් වෙන්න දාන කම්පවුන්ඩ් එක එච්චරම ගණන් නැහැ.
ඔබේ ලියවිල්ලේ ඇතිබොහෝ දේ පිළිබඳව එකඟ වෙනවා.
ReplyDeleteමේ ස්වභාවික ආපදා සිදුවීමේදී හා පසුව සිදුකල සහන සැලසීමේ කටයුතු වලදී ඉහලම පරිණත භාවයක් හා සංවිධානාත්මක භාවයක් පෙන්නුම් කලේ ආරක්ෂක අංශ වලින් බවයි මම සිතන්නේ. අනෙක් බොහෝ අංශ පරිණතව කටයුතු නොකළ බවයි පෙනුනේ. සිවිල් පුද්ගලයන් බදු භාණ්ඩ වලින්, ශ්‍රමයෙන්, හා ධනයෙන් බොහෝ පරිත්‍යාග කලත් ඒවායේ උපරිම එලදායි බව නොලැබී ගිය බවක් පෙනුණා. මේ කටයුතු කාර්යක්ෂම මෙහෙයුම් මධ්‍යස්ථානයක් හරහා සිදු වුනා නම් මේ කැපකිරීමෙන් හා පරිත්‍යාග වලින් මීට බොහෝ ඉහල ගුණාත්මක භාවයකින් යුතු සහන සේවාවක් ලබාදෙන්නට තිබුනා. කෙසේ වෙතත් ඒ කටයුතු වලදී හැකිපමනින් සම්මාදම් වුන සියලුදෙනාට මගේ ගෞරවය ලබාදෙනවා.
අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියා කරන දේවල්ට ඇතුලත් විය යුත්තේ මෙවැනි කරුණුයි. අපේ රටතුල යම් ගැටළු සහගත ආකල්ප, පරිසර හෝ සමාජ තත්ත්ව ඇතිවන බව පෙනෙනවා නම් ඒවාට වඩා වැඩි ප්‍රතිරෝධයකින් යුතුව මුහුණදීම හා ඒවා වැලැක්වීම ඉලක්ක කර විෂය කරුණු හෝ ප්‍රයෝගික ක්‍රියාකරකම් අධ්‍යාපන ප්‍රතිසන්ස්කරන වලට ඇතුලත් විය යුතුයි. නමුත් මා දන්නා කිසිම අධ්‍යාපන ප්‍රතිසන්ස්කරනක ඒවා ඉලක්ක කර තිබුනේ නැහැ. අපේ රටට අනන්‍ය වූ ක්‍රමයක් සහ සන්කෘතියක් තිබුනත්, අපේ රටට පෙර එවැනි දේ වලට මුහුණදුන් එවැනි රටවල් වලින් යම් දෙයක් අපට ඉගෙන ගන්න පුළුවන්.
ලිවීමේදී සහ කතාකිරීමේදී අදහස් සහ ප්‍රත්‍යක්ෂ කරුණු පැහැදිලිව වෙන් වෙන්ව නොදැක්වීම අපේ රටේ බොහෝ දෙනා අතින් සිදුවන අතපසුවීමක් ලෙසයි මා දකින්නේ. මෙය බ්ලොග් අවකාශයෙදීත් බහුලවම මම දැක තිබෙනවා. අදහස් ප්‍රකාශ කිරීමේදී අපේ රටේ බොහෝ දෙනා අසන්නාගේ පැත්තෙන් සිතා නොබලන බවයි මගේ අත්දැකීම.
ඔබව සාදරයෙන් පිලිගන්නවා. හැකි සෑමවිටම පැමිණ අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා.
Deleteඇත්තෙන්ම මෙවැනි ආපදා අවස්ථා වලට මුහුණදීම පිළිබඳව අපේ රටේ තත්වය අතිශයින් කණගාටුදායකයි. ආපදා කළමනාකරණය පාසල් දරුවන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා ඒ ඒ මට්ටමෙන් ඉගැන්විය යුතුයි. ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට මූලික පුහුණුවේදී වෙනමම කොටසක් ලෙස දැඩි පුහුණුවක් දියයුතුයි. යුද්ධයක් නැති නිසා, දැන් ඊට හොඳම කාලයයි.
බ්ලොග් අවකාශයේ සමහර අය ලියන වාග්මාලාව සහ භාෂා විස්ලාශය දැක්කම, දැඩි කණගාටුවක්, දුකක්, වේදනාවක්, දැනෙනවා. නමුත් ඔවුන්ව නිවැරදි කරන්න ගියොත්, නිර්නාමිකව අසභ්‍ය වචනයෙන් අපහාස කරනවා. මෙය මට පමණක් සීමිතවූ අත්දැකීමක් නොවෙයි. 'මම ලියන්නේ මට ඕනෙදේ තමුසෙට මොකද' කියලා අහන, අමන පුද්ගලයන් හා, තම මව හා සමාන මව් භාෂාව උවමනා උවමනා ලෙස කෙලෙසීම හපන්කමකැයි හිතන අමන රැලක්, බ්ලොග් ලෝකයේ බිහිවීම කණගාටුදායක, අවාසනාවන්ත තත්වයක්.
ඒකටත් ඉතිං කුරුණෑගලම එන්න ඕනෙ...ඕං බලමුකො.
ReplyDeleteආපදාවකදි අපේ රටේ පෙර සූදානමනම් ඇත්තටම හොඳනෑ. මට පේන්නෙ ආ. ක. මධ්‍යස්ථානෙ තියෙනව විතරයි, ෆන්ෂන් නෑ.
ඕකනේ කියන්නේ..........ලුණු කන්න වුනත් කුරුණෑගල එන්න ඕනේ.
Deleteආපදා කළමනාකරණයේ ඉන්න බොහෝ දෙනෙක් ආපදාවට පත්වෙලා. ඉස්සරවෙලාම ඔවුන් ඒ ආපදාවෙන් මුදවා, ගෙදර යවා, වැඩ කරන්න පුළුවන් මිනිස්සු දාගන්න ඕනේ.
ඔහේගෙ කොම් පීටරේ අර අටං මකබාස්ට ගෙනිහිං දුන්නනං වැඩේ තිතට ගොඩදාගන්න තිබුණ. (නැත්තං ඉතිං අලුත්ම එකක් එදාම ගන්න තත්වෙට වැඩ සිද්ධවෙන්න තිබුණ. හැක්..)
ReplyDeleteආපදා කළමනාකරනය ගැනනං කියල වැඩක් නෑ. ඔය නාය ගිය තැන්වල මුල් දවස්වල හදිස්සියකට රෑ එළියක් ගන්න ජෙනියක්වත් හොයාගන්න තිබුණෙ නෑ කියල කියනව ඇහුන.
ඒ මදිවට ආදාර දෙන එවුවොත් දෙන්න ගියාම මුල් දවස්වල නැතිවෙන්නම දෙනව. සතියක් දෙකක් ගියාට පස්සෙ අර අවතැන් වෙච්ච මිනිස්සුන්ට මොකවත් නෑ. මේව කලමණාකරනය කරන්න යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන.
අර ඉන්ටනෙට් කනෙක්සං ප්‍රශ්නෙනං SLT පාවිච්චි කරපු ගොඩ දෙනෙකුට තිබුණයි කියල පහුගිය දවස්වල කසුකුසුවක් ගියා.
Deleteඇයි යකෝ තරහක් තියනවනම් ඇවිත් මට පිහියෙන් ඇනලා පලයන්කෝ ඕකා ළඟට කොම්පියුටරේ ඇන්න යන්ඩ කියන්නේ නැතුව.
Deleteජෙනියක් තියා, අවතැන් වෙලා ඉන්න මිනිහෙකුට ඇඳගන්න දෙන්න ජොකෙක්වත් නෑ. ඔන්න ඔහොමයි තත්වේ.
හරි හරි, මොකක්දෝ අවුලක් තියනවා SLT ලයින් එකේ. දැනුත් හිටපුගමන් පිස්සු කෙලිනවා. මම ඩයලොග් ඩොන්ගල් එකක් ගහලා බැලුවා. කිසි අවුලක් නැහැ.
අටමට කොම්පිවුටරේ දෙනවනම් පෝර බැග් එකකුත් අරන් පලයන් කැලි ටික දාගෙන enn
Deleteසුපිරියි ඈ! ආපදා කළමනාකරණ ලැක්චරයක් වගේමයි.
ReplyDelete(පනහ හැට වෙච්ච මනුස්සයෙක් විදියට කම්පීතරේ හදාගන්න දාපු උත්සාහය අගය කරමි. මට මතක් වෙන්නෙ මොනිටරේ ඔන් කරන්නෙ නැතුව "කම්පියුටරේ වැඩකරන්නෙ නෑ" ගාගෙන එන අපේ සමහර කාරයාල සගයෝ
/////මට මතක් වෙන්නෙ මොනිටරේ ඔන් කරන්නෙ නැතුව "කම්පියුටරේ වැඩකරන්නෙ නෑ" ගාගෙන එන අපේ සමහර කාරයාල සගයෝ/////////////
Deleteඒ කියන්නේ මං වගේ ඩයල්...ආදරෙන් මතක්කරා කියපන් සෙට් එකම.
ස්තුතියි රාජ්. තවමත් ඉතිං ඇන්ජිමක් මස් කරලා ආපහු හයිකරගන්න පුළුවන්. මේ පාවිච්චි කරන එකත් මම ම එසෙම්බල් කරපු එකක්. ලැපවල් වුනත් හමගහනවා හිතුනම.
Deleteහෙහ් හෙහ්, බිත්තියේ සුවිච් එක දාගන්නේ නැතුව ෆ්‍රිජ් එක වැඩ කරන්නේ නෑ කියන නෝනලාත් ඉන්නවනේ.
@ අරු. ඔතන මොනිටරේ කිව්වේ මොකක්ද? මොනිටරේ ඔන් කරගන්නේ කොයි වෙලාවටද ඇත්තටම ඈ? :e
සිරාවටම ආපදාකමණාකරය ගැන ලෙච්චරයක් වගේ...හැබැයි ඉතින් අපේ වගකිවයුත්තන්ට මේව තේරුන් ගන්ඩ තරම් මොලයක් තියෙයිද දන්නෑ....හැක් හැක්....ඔබහැත් කුරුණෑගලැයි...?
ReplyDeleteසිරාවටම ලෙච්චරේ කරාට සිරාටවත් තේරෙන්නේ නැති එකයි දුක. :D
Deleteඅම්මපා ඔහෙත් කුරුණෑගලද? මම ඉන්නේ කොළඹ 6 පාරේ බෝයගනේට ටිකක් එහා.
අප්පට....මම පොතුහැර....බෝයගනේ කොයි හරියෙද?
Deleteරසික මට ඔයාගේ විස්තර සහිතව මේල් එකක් දාන්න.
Deletewmjgslsr@gmail.com
විචා.....ඉතාමත් හොඳ ලිපියක්.
ReplyDeleteනිකම් ඉන්න වෙලාවක ලංකාවේ disaster management center වෙබ්සයිට් එකට ගිහින් රවුමක් ගහලා බලන්න. හීනෙන් අවදිවෙලා වගේ මාස හයකට පස්සේ ගංවතුර දවසට දෙකකට පස්සේ ඒ ගැන පෝස්ට් දෙක තුනක් දාලා තියෙනවා. ඒකත් ඉංග්‍රීසියෙන්. සිංහල සයිට් එක තාම අන්ඩර් කන්ස්ට්‍රක්ශන්. මේ වෙබ්සයිට්ස් හරහා තමයි අනිත් රටවල්වල ආයතන අපේ ප්‍රොජෙක්ට්ස් සහ ක්‍රියාකාරකම් නීරික්ශනය කරන්නේ. එවන් ජාත්‍යන්තර ආයතනයක වාර්තාවක තියෙනවා දකුනු ආසියාවේ ශ්‍රීලංකාවේ සහ ඇෆ්ගනිස්තානයේ ඒ වෙබ්සයිට්ස් තුලින් හොයාගන්න තොරතුරු නැහැ කියලා. එකම ප්‍රොජෙක්ට් එකක්වත් නැහැ අපෙ සයිට් එකේ. ඇමතියගේ ඉඳන් ලේකම් වෙනකම් දිවුරුම් දෙන ෆොටෝස් ටිකක් නම් තියෙනවා. මේජර් ජෙනරල් මාක් කාලයක් ඕකේ ලොක්කෙක් වෙලා ඉඳලා තියෙනවා.
කාගේ ෆොටො දාගත්තත් අපිට කමක් නැහැ. මේවා යාවත්කාලීන වෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. තාමත් මහින්දගේ ෆොටො එකක් තමයි උඩින්ම තියෙන්නේ. දවසක් ගජබා රෙජිමෙන්ට් වෙබ් සයිට් එකට මම ගියා. එතනත් තාම මහින්ද මහත්තයා තමයි උඩම ඉන්නේ. මහින්ද බැරිනම් ඩීඑස් සේනානායක දාගත්තත් මට ගැටලුවක් නැහැ. හැබැයි ඕකයි හමුදාවෙත් නොසැලිකිලිමත් කම.
ස්තුතියි අරු.
Deleteහයියෝ මම මේ ලිපිය ලියන්න කලින් ඔය DMC සයිට් එකට ගියා. ෆුල් අනාතයි. ඒ සයිට් එඅකට වෙලා තියන ආපදාවල් ටික කළමනාකරණය කරගන්න වෙනවා ඉස්සරවෙලාම. :e
අපේ රටේ රාජ්‍ය ආයතන, හමුදාව, පොලීසිය, කොයි එකෙත් වෙබ් සයිට් වල තියන මානසික රෝගයක් තමා, මහ එවුන්ගේ පොටෝ ටික විතරක් ලොකුවට දාගැනීම. ඒ ආපදාවත් ඉක්මනින් කළමනාකරණය කරගන්න වෙනවා.
විචාරක, මේ විෂය සම්බන්ධව මා කියවූ හොඳම සටහන!.
ReplyDeleteමම තව හොයා බැලීමක් කරා මේ ගංවතුර එද්දී එක්තරා ඉස්කෝලෙක ළමයින්ට පාසැලෙන් මොන වගේ උපදෙස් හා දැනුවත් කිරීමද ලැබුනේ කියල. කියන්න කණගාටුයි . ඒගැන වචනයක් කතා කරලා නෑ . ඉස්කෝලේ සමහර ළමයින්ගේ ගෙවල් ඒ වෙනකොටත් යට වෙමින් තිබුනා.
ඊළඟට මම තොරතුරු ගන්න අරූ වගේම DMC වෙබ් එකට ගියා. පරණ උප තැපැල් කන්තෝරුවකට ගියා වගේ. ඔන්ලයින් බැලුවා TV නිව්ස් . ලොකු ලොක්කෝ යන උත්සව දෙක තුනක විස්තරවලට පස්සේ යන්තමට ගංවතුර හා නාය යෑම් ගැන කියල දැම්මා.
මම කියන්නේත් හිත හොඳ මිනිස්සු එකතුවෙලා වැඩ කළ එක උපරිමයෙන් අගය කළ යුතු වුනත් පරිපුර්ණ ආපදා කළමනාකරණයක් වෙන්නනම් බලතල සහිත එකම තැනකින් සියල්ල මෙහෙයවෙන්න ඕනි කියල .
ස්තුතියි තිලක ඔබේ අගනා අදහස් දැක්වීමට.
Deleteමිනිස්සු පැන්ෂන් ගියාට දැනුම පැන්ෂන් යන්නේ නැහැ කියන එක, අපේ රටේ වගකිවයුත්තන් තේරුම්ගන්නේ කවදද මන්දා. බලන්න, අපිට ඔන්ලයින් කොපමණ උදව් කරන්න පුලුවන්ද. online think tank එකක් හදාගත්තොත්, ආපදා කළමනාකරණය නෙවෙයි ඕනෙම විෂයයක් ගැන කොපමණ පුළුල්ව හා සැලසුම් සහගතව වැඩ කරන්න පුලුවන්ද. පරිගණකය කියන්නේ, විදුලියෙන් ක්‍රියාකරන ටයිප් රයිටරයක් කියා හිතන අය, තවමත් අපේ රටේ ලොකු තැන්වල ඉන්නවා. ඉතිං කොහෙද රටක් හැදෙන්නේ.
අර DMC සයිට් එකට වෙලා තියන ආපදාවල් මුලින්ම කළමනාකරණය කරන්න වෙනවා. :e
මට බලයක් ඇත්නම්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දැනට නිකම් සවුත්තු වෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්කොට, මේ ආපදා කළමනාකරණ ජාතික බලකායේ ප්‍රධානියා ලෙස, පූර්ණ බලතල සහිතව පත්කරමි. ඔහු මේ කාර්යභාරය නොපිරිහෙලා ඉටුකරන බව මට සහතිකය. ////// +++++++++
ReplyDeleteමම සරත් ෆොන්සේකා මහත්මයානම්, පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී, ජනාධිපතිතුමාට කියා, මේ වගේ වගකීමක් බාරගන්නවා. අපි කවුරුත්, තමන්ට පුළුවන් දේ තමයි කරන්න ඕනේ.
Deleteහෙදියන්ට දුෂ්කර ස්ථානයක ගවුම ඇඳගෙන වැඩ කරන්න බැරිනම්, දිග කලිසම සහිත නිල ඇඳුමක් දෙන්න ඕනේ දුෂ්කර තත්වයන් යටතේ අඳින්න. වාහන පදවන්න, පිහිනන්න, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්න, බෝට්ටුවක්/ඔරුවක් පදින්න, ඔවුන්ටත් පුහුණුවක් දියයුතුයි. ////
ReplyDeleteවිචා මේ.... බයිලා නොකිය ඉන්නවද.... ඔයා හිතාගෙන ඉන්නෙ අපේ රටේ හෙදියොයි ටීචර්ලයි මේ මඩේ බැහැගෙන වැඩ කරන්න බලාගෙන ඔය රස්සාවට යනව කියලද... අනේ මේ නිකා ඉන්න... පත්තරේ මංගල දැන්වීම් වලින් බාගෙකට බාගයක් හොයන්නෙ ටීචර්ලයි නර්ස්ලයි.... දිග කලිසම් ඇඳගෙන මඩේ බහින්න උනාම උන්ට මිනිස්සු හොයලා දෙන්නෙ විචාද..... ?
( හැමෝම එහෙම නැති උනාට වැඩි හරිය එසේය.. ඒක නිසා එහෙම නොවෙන කට්ටිය සාරි කරේ තියාගෙන මං පස්සෙ පන්නන්න එහෙම එපාය... එක පාරක් ඔය ටීචර් කෙනෙක් සාරි ඇඳන් නෙට්බෝල් ගහලා පෙන්නන්නද කියල මගෙන් ඇහුවාය... මගේ උත්තරය උනේ නෙට්බෝල් ගහන්න පහසු ඇඳුමක් තියෙද්දි සාරි ඇඳගෙන නෙට්බෝල් ගහන්නෙ මොකාගෙ ගොන්කම ඔප්පු කරන්නද කියාය....)
සිවුරු ඇඳගෙන වොලිබොල් පුහුණු කරන හාමුදුරුවරු ගැන සාක්ෂි මට සපයා දිය හැක.
Deleteඅඳන කඩේ පිටින් ගස් නගින අය දැකලා තියෙනවා.
Deletehttp://www.silumina.lk/2011/08/28/_art.asp?fn=af11082811&p=1
Delete[im#]http://archives.dinamina.lk/2009/08/31/s0908312-2.jpg[/im]
Delete@ කෞශි. හැක් හැක් හැක්, අම්මපා කෞශි, මේ අපේ සිරි ලංකා ඉල්ලංකාව නේ. අපි හෙදියන්ට සාරි සහ ටීචර්ලට ස්ට්‍රෙච් ජීන්ස් අඳින්න කියමු. හනේ මමත් දැකලා තියනවා සාරිය ඇඳගෙන ජවන හා පිටිය මළල ක්‍රීඩා උගන්නන නෝනමහත්තුරු.
Delete@ ප්‍රසන්න. යකෝ මේක ඇත්ත පින්තූරයක්ද? ඉතිං අපි හොයමුකෝ ක්‍රිකට් පාලක මණ්ඩලයටත් හාන්දුරු කෙනෙක්. ක්‍රීඩකයන් පුහුණු කරන අතරම උන්ට පිරිත් නූල් බඳින්නත් පුළුවන්.
@ අරු. අඳනේ ගහේ තියලා බහින්නැද්ද? :e
//යකෝ මේක ඇත්ත පින්තූරයක්ද?// ඇයි ඊට උඩින් තියෙන විස්තරේ කියෝල බැලුවෙ නැද්ද??
Deleteහැක්, මම ඒක කියවන්න ගියේ නැහැ යකෝ. අම්මපා මේ හාමුදුරුවෝ මල් හතයි ඈ.
Deleteමේ අළුත් ඉස්ටයිල් එකත් මරු..
ReplyDeleteවෙලාවකට SF අවුට් යනවා වගේ පේනවා..ඔබගේ යෝජනවනම් හොදයි..
මට මතක් වෙන්නේ ජයලත් මනෝරත්න චිත්තර පටි සංස්ථාවේ සභාපති කරාට ඔහු නාට්‍ය කලාවට කරපු තරම් සේවයක් කරන්ඩ බැරි උනා. එමම වෙයිද කියලා සැකයක් ඇති වෙනවා...
@ ලලිත්....මනෝ කවදාවත් චිත්‍රපටි සංස්ථාවේ තියා නාට්‍ය අණුමංඩලයකවත් සභාපති කෙනෙක් වෙලා හිටියේ නැහැ නේද ?
Deleteස්තුතියි ලලිත්. මේ ස්ටයිල් එක අලුත් නැහැ. මාතෘකාව අනුව භාෂා විලාශය පොඩ්ඩක් වෙනස් කළා. මේ වගේ ලියලා තියනවා මීට පෙරත්.
Deleteමගේ රෙජිමේන්තුවේම, මා වසර 20 කර වඩා දන්නා SF, වඩා හොඳ මෙන්න මේකටයි කියලා, මම නොබියව කියනවා. පහලින් අරු කියලා තියනවා වගේ මටත් මතක නෑ, ආචාර්ය ජයලත් මනෝරත්න චිත්‍රපටි සංස්ථාවේ තනතුරක් හෙබවූවා කියා.
මිනිස්සු ටික එකතු උනේ නැත්තම් මරණ ගාන තවත් වැඩි වෙනවා.මිනිස්සුන්ට බෙදන්න බත් පැකට් ගෙනියන්න එන අයගෙන් ග්‍රාමසේවා සහතික ඉල්ලන නිලධාරීන් දාන්න ඕනෙ බාල්දියක් දීලා වැසිකිලි ඉහින්න.
ReplyDeleteරජයේ නිලධාරීන් ඇඟට අරගෙන වැඩ කරන්න බය ගතියක් පැහැදිලිවම පෙනුන බවක් තමයි ඇහෙන්නෙ.
අන්තිමට ආරක්ශක අංශයි සාමාන්‍ය මිනිස්සුයි තමයි වැඩේ ගොඩ දාන්නෙ.මේක පුරුද්දකට ගිහින්.මොනව උනත් පොල් ගහන්න එපා.ආයෙත් ගං වතුර ගලයි.හෙහ් හෙහ්
ජයවේවා..!!
//රජයේ නිලධාරීන් ඇඟට අරගෙන වැඩ කරන්න බය ගතියක්// ඒ මිනිස්සු පුටුවලට වෙලා වැඩ කරනව මිසක් ෆීල්ඩ් එකේ වැඩ කරන්න දන්න ජාතියක් නෙමෙයි. මමනං කියන්නෙ මේ වගේ වෙලාකදි පූර්ණ බලතල හමුදාවට පැවරිය යුතුයි. එතකොට ඔය අපේ සල්ලි වලින් පුටු රත්කරන එවුවො එළියට ඇදල අරගෙන වතුරට බස්සන හැටි බලාගන්න පුලුවන්.
Deleteආපදාවසිදුවී පලවෙනි දවස ගෙවුනට පස්සේ මිනිස්සුන්ට තේරුනා පිහිටට කවුරුවත් එන්නේ නැහැ, අපි ගැන අපිම බලාගමු කියලා. හරිම කණගාටුදායකයි.
Deleteග්‍රාමසේවා සහතික තියා, බුලත් විටක්වත් ඉල්ලගන්නවත්, ආපදාවට පත්වූ බොහෝ ප්‍රදේශවල, ග්‍රාම සේවකලා ආගිය අතක් නැහැ.
රජයේ නිලධාරීන් කරගහන්න බය මහා විකාර නීති රීති චක්‍රලේඛ තියන නිසා. ඇන්න එව්වා වහාම සංශෝධනය කළයුතුයි.
@ ප්‍රසන්න. හමුදාවේ ඒවාට සමාන බලතල ප්‍රාදේශීය ලේකම් වරුන්ට දුන්නත් හරි. හැබැයි හරියට වැඩේ දැනගන්න ඕනේ.
කාරෙකේ ඉස්පයිල් එක විකුණුවත් හොඳ මැසිමක් ගත්තැකි.
ReplyDeleteමතක ඇතුව "කොම්පිවුටර්" නමින්ම ඉල්ලන්න. නැත්තං මහන මැසිමක් දෙයි.
මැෂිං නං අටං - අටං නං මැෂිං
Deleteමල්නං ජයරත්න වගේ තමයි. හැක්..
හැක්, අඩේ නියම අයිඩියා එක. මේ දවස්වල වතුරට යටවුනු කාර් තියනවා සෑහෙන්ඩ. කාලි ටිකක් ගලවලා විකුනාගත්තනම් ගොඩේ ගොඩ.
Deleteඅටමෝ මෙන්න මුන් දෙන්නා තොට පොරසිද්දියේ අපහාස කොරනවා. බොට ඕන්නං කියපං මගේ ළඟ තියනවා පිස්තෝලයක් (පත්තු වෙන්නේ නැති, බටේ බිමට හැරිච්චි එකක්)
ඩෙස්ක්ටොප් පරිගනක වල දෝශ බලන්න debug card කියලා පරිපථ වර්ගයක් තියෙනවා. ඉන්ටර්නෙට්වලින් හොයලා බලන්න ප්‍රයෝජනවත් වෙයි.
ReplyDeleteබොහොම ස්තුතියි ඒ තොරතුරට.
Delete* ඔබ Branded Computer (DELL, HP, Toshiba) සන්නාම නාම සහිත) පරිගණකයක් මිලදී ගන්න. ඔබගේ බොහෝ දෝෂ නිවාරණය වනු ඇත. වර්තමානයේ මෙහෙයුම් පද්දති, මෘදුකාංග, බලපත්‍ර (License) ලබා ගැනීම ඉතා වැදගත් වේ. නැතහොත් ඒවා පරිගණක අපරාද (බුද්දිමය දේපල) සම්බන්ද දඬුවම් ලැබීමට යටත් වීමට සිදු වේ. බලපත් ලබාගත් මෙහෙයුම් පද්දති සඳහා ආරක්ෂක පහසුකම්,වයිරස් මෘදුකාංග නොමිලේ ලබා ගත හැකිය.
ReplyDelete* සරත් ෆොන්සේකා සම්බන්ද ඔබගේ මතයට මා ගරු කරන අතර, එවන් සේවයක් ලබා දීමට ඔහු හට අවස්ථාවක් වන අතර, ඔහුට එය ඉල්ලීමක් වශයෙන් කර බැලිය හැක.
* ශ්‍රව්‍ය, දෘශ්‍ය ශ්‍රී ලාංකික මාද්‍ය වලින් ඉවත්වීමෙන් ඔලුව කුරුවල් වීමේ රෝගය වැළඳිය හැකි අතර, ඒවායෙන් ඉතා දුරස් වීමෙන් ලබන්නා වූ ප්‍රීතිය මා බුක්ති විඳිමි. එය ඔබද අනුගමනය කර බලන්න
බොහොම ස්තුතියි මේ අදහස් වලට දිලීප.
Deleteමේ දැන් මා පාවිච්චි කරන ඩෙස්ක්ටොප් මැෂින් එක, මම ම එසෙම්බල් කරගත් එකක්. දැනට අවුරුදු 8 ක් පමණ පාවිච්චි කළා. virus attack වලට දෙතුන් වරක් අහුවුනා. කිසිම විටක මැෂින් එක crash වී නැහැ. දවසකට පැය 10 ක් පමණ වැඩ කරනවා. දැන්නම් කල් ඉකුත්වෙලා වගේ. branded machine එකකට යන්න ආසයි. නමුත් මිල ඉතා අධිකයි. අද අලුතෙන්ම ගන්න laptop වලටත් OS දාලා දෙන්නේ නැත්තේ ඇයි?
ඇත්තෙන්ම, මා සරත් ෆොන්සේකා මහතා ගැන ඒ ප්‍රකාශය කලේ, ඔහුගේ රෙජිමේන්තුවේම මා ඔහු දැනුවත්ව, වසර 20 ක් පමණ සේවය කර ඇති නිසයි.
අපොයි මමත්, දේශීය රූපවාහිනි නාලිකා, ඉතා සීමිතව, ප්‍රවෘත්ති බැලීමට පමණක් පාවිච්චි කරන අතර, වැදගත් යමක් බලන්නේ, චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා වල පමණයි.
පරිගණකයක් එකලස් කර ගන්න එක XP තිබ්බ කාලේ නම් හොදයි, නමුත් Windows 7, 8.1, 10 cracked කල මෘදුකාංග පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඔබ නිතරම පරිගණකයක් පාවිච්චි කරන්නේ ගෙදරදී නම්, ඩෙස්ක්ටොප් පරිගණකයක් වඩාත් සුදුසුයි. අලුත් පරිගණක වලට මෙහෙයුම් පද්දති දමා නොදෙන්නේ cracked මෘදුකාංග පාවිච්චිය නිසා,එම නිෂ්පාදන, බෙදාහැරීම් සමාගම් වලට විරුද්දව නීත්‍යානුකූල පියවර ගැනීමට හැකි නිසා. නමුත් Enterprise Editions සමගින් Branded පරිගණක විකිණීමට තිබෙනවා. Enterprise Editions පරිගණක නිපදවන සමාගම් සඳහා බොහෝවිට නිකුත් කෙරෙනවා. Errors ඉතා අවම කරගන්න වගේම පරිගණක උපාංග Branded Computer මිලදී ගැනීමෙන් බොහෝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පොඩ්ඩක් මිල අධික උනත් පසු කාලීනව එය ඉතා වැදගත්. සියලුම පෞද්ගලික, බොහෝ රාජ්‍ය සමාගම් පාවිච්චි කරන්නේ Branded Computers. ISO 27001 (තොරතුරු තාක්ෂන ආරක්ෂණය) පිළිබදව නිකුත් කෙරෙන සහතිකයක් පවා තිබෙනවා. ලංකාවෙත් ඉතා සීමිත(අතලොස්සක්) එම සහතිකය ලබා තිබෙනවා.
DeleteWindows 7, 8, 8.1, 10, යන මෙහෙයුම් පද්ධති වල හොර කොපි, ලංකාවේ ඕනෑම තැනක හොයාගන්න තියනවා. ඒ වගේම Office 2007, 2013, 2016, හොර කොපිත් තියනවා. මේවා සහිත පරිගණක, කිසිදු ප්‍රශ්නයකින් තොරව අන්තර්ජාලය සමග සම්බන්වී ක්‍රියා කරනවා.
Deleteඋදාහරණයක් වශයෙන් Widows 10 හොර කොපිය ඉන්ස්ටෝල් කර, පරිගණකය ජාලයට සම්බන්ධ කල වහාම එයට ලයිසන් එක ලැබෙනවා. (Permanent Activated) එම පරිගණකයට Autocad, Corel Draw, Photoshop, යන මෘදුකාංග වල හොර කොපි යොදා, ජාලයට සම්බන්ධවී කිසිදු අපහසුවකින් තොරව වැඩ කරනවා.
ඇත්තෙන්ම Branded Computer එකක් ගැනීම තමයි වඩා හොඳ. මමත් කැමති desktop පරිගණකයකටයි.
හොඳ සටහනක් ගංවතුර ප්‍රශ්නය ගැන.
ReplyDeleteබොහොම ස්තුතියි අජිත්. අනවශ්‍ය යයි සිතන කොටස් කපා දමා නෙලුම්යායෙත් දාගන්න.
Deleteමට හැමදාම තිබ්බ ගැටළුවක් මේ ආපදා කළමනාකරණය පිලිබඳ අපේ පෙර සුදානම.. සුනාමියෙන් පස්සේ ඉඳලා මන් දන්නා තාක්කල් නේවි එකෙන් DMC එකට ඇපොයින්ට් කරේ පට්ටම 'ලොසා'ල සෙට් එකක්.. උන් ඔක්කොම කොළඹ අපොයින්ට්මන්ට් ගන්න සබ්මිෂන් දාල ගෙදර දුවන්න බලාගෙන හිටපු උන් මිසක් ඒ ගැන දැනුමක් හැකියාවක් තිබ්බ උන් නොවෙයි.. දැන් නම් කොහොමද දන්නේ නෑ.. ඒත් මිට වඩා ලොකු වැඩ කොටසක් නෙවි එකට කරන්න පුළුවන් බව මම හොඳටම දන්නවා.. අර බෝට්ටු දෙකේම තියෙන්නේ (Rubber Flexible Dinghy එක හා Fiberglass Dinghy) OBM හෙවත් පිටතින් සවි කරන engine. RFD එකේ OBM එක උස්සලා (ඇතුලට නවලා) තියෙන්නේ. FGD එකෙත් ඔයාකාරයෙන්ම ඇතුලට නවලා උස්සන්න පුළුවන්. නමුත් ඔපරේට් කරන වෙලාවට දෙකේම වතුර මට්ටමෙන් පහලට දාන්න ඕනි..පළපුරුදු ඔපරේටර් වරයෙකුට පුළුවන් යන ගමන් බදකයක් තියෙන වෙලාවට OBM එක උස්සලා එකෙන් මග හැර ගන්න.. නමුත් ගන්වතුරේ වගේ අපැහැදිලි බාදක වැඩි තැන්වල ඒක කරන්න අමාරුයි. ඒකට කරන්න ඕනි පැහැදිලි තැන්වල විතරක් OBM එක පාවිච්චි කරලා අනිත් වෙලාවට OBM එක උස්සලා හබල් දෙකක් ආධාරයෙන් ගමන් කරන්න. දැන් ඉන්න සරිඉර හොරු හබල් ගහන්න කම්මැලි කමට OBM එකම දාගෙන ගිහින් කෙලව ගන්න ඇති..
ReplyDeleteඅනේ අර ආපදා කළමනාකොරණ මාද්දිය පොර (කාසක) තුමා ඉන්නෙත් ආපදාවකට අහුවෙලා වගේ. ඔක්කොටම කලින් ඔතන සුද්ධ කරලා නියම මිනිස්සු ටිකක් දාන්න ඕනේ.
Deleteඔන්න කල්‍යාණ මගේ විස්තරය වඩාත් නිවැරදි කරලා තියනවා. බොහොම ස්තුතියි. ඔය වැල් පැටලෙන කතන්දරේ මම අත්වින්දේ, කෝකිලායි කලපුවේදී. එහෙ ඉන්න පළපුරුදු ධීවරයෝ තමයි කියලා දුන්නේ, කොට OBM ගැන.
අම්මපා ඔය හබල් ගාන්න කම්මැලි එවුන්ට පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ බෝට්ටුවේ මුනින් අතට බුදියාගෙන අත් දෙකෙන් හබල් ගාපියව් කියලා.
ඔයාටත් වෙන දේවල්
ReplyDeleteබලන්නකෝ අනේ මේ වයසක අපිටත් වෙන දේවල්.
Deleteමොන වයසක අය ගැනද කියන්නේ
Deleteටි වී මල්ලිලා නංගිලා ගැන නම් කියන්න වදන් නැහැ
ReplyDeleteඅපොයි ඔව්. උන්ගෙන් බොහොමයක්, 'කි'යන්න දන්නෙත් නෑ. වදන්න දන්නෙත් නෑ.
Delete