විචාරකතුමාගේ පිංකමට ආවත් , නාවත් ඔහු මතකයේ තියාගත්ත ඔබ සැමට ස්තූතියි . ඉතින් ගිය සතියම පිංකමට කාලය වෙන්වුණු නිසා හිතේ තිබුනත් ලියාගන්න බැරිවුනා .
අදමං කියන්නේ ඔහුගේ හමුදා ජීවිතය මට බැඳුනු හැටි .
සූරියකාන්ත මල හා දෙබරු
මේ කතාවට රටේ බොහොම ප්‍රසිද්ධ කාලයක් මතකයට නැගෙනවා . ඒ තමයි 1989 ඒ අවුරුද්දේ තමයි මම හා හා පුර කියාලා 1 පන්තියට ගියේ . විචාරකතුමා තමයි මගේ පොත්වලට පිට කවර දාලා නම ලියල . එයාගේ පොඩි වැඩ නෑ . ලොකු අකුරින් තමයි නම ලියන්නේ . ඒ දවස්වල ඉඳගන්න පුටුව ළමයා ගෙනියන්න ඕන. ඉතින් මට මතකයි . ලසස්න කොස් ලී පුටුවක් හදලා තිබුනා . ඒ කේ හැමතැනම ලොකු අකුරින් විචාරකතුමා මගේ නම ලීවා. ඉතින් කොහේ දාලා තිබුනත් පුටුව හොයාගත්ත හැකි. හරි මේ කතා වැඩක් නෑ . කතාවට එන්ටර් වෙමුකෝ ...................
කාලේ වෙනස් තාලේ අලුත් වගේ වැඩිකල් ඉස්කෝලේ යන්න ලැබුනේ නෑ. ඉස්කෝලේ නිවාඩු දුන්නා. හැබැයි ගුරුවරු වැඩට යන්න ඕන, අපේ අම්ම ඉස්කෝලෙට ගිහිල්ල පාඩම් වැඩ ඉල්ලගෙන එනවා. ඒ දවස්වල රෑට මගේ මව ඇහැරිලා ඉන්නවා . අපේ ගෙදර එතකොට හිටියේ මමයි, අම්මයි, නංගියි, නංගි බලාගත්ත කෙනයි විතරයි. විචාරකතුමාගේ නිවාඩු කැන්සල්. ඉතින් ඔහු නෑ. තත්වය හොඳ නැතිනිසා හැමෝම කීවා ගෙදර තනියම ඉන්න එපා කියලා ඊට පස්සේ අම්ම අපි දෙන්න අරගෙන වැඩට හිටි ළමයා ගෙදර යවලා ගියා අපේ ලොකු අම්මගේ ගෙදර. අපිට ඉතින් හොඳයි. උදේ ඉඳන් රෑ වෙනකල් සෙල්ලම් කරනවා . ඔහොම ඉන්නකොට දවසක් රෑ විචාරකතුමා ඇවිත් කීවා අපි දියතලාවේ හමුදා කඳවුරේ තාවකාලිකව නවතින්න යනවා කියලා . ඒ වෙනකොට රජයෙන් හමුදා පවුල් සාමාජිකයන් තම රාජාකාරි ස්ථාන ආසන්නයේ රඳවා ගැනීමට අවසර දීලා තිබුණා. ඉතින් අපිත් ගියා දියතලාවේ. ඒ වුනාට මොකද නිල නිවාසයේ ඉන්න එක හිර ගෙදරට වඩා හපන් එළියට යන්ඩ බෑ. සෙල්ලන් කරන්න ඉඩ නෑ. කෑගහන්න බෑ. මොකද කඳවුර ඇතුළේ නිල නිවාසයක් තමයි ලැබුනේ .
ඉතින් ඔහොම ඉන්නකොට දවසක් මම දැක්කා, මං වගේම තව ගෑනු ළමයි දෙන්නෙක් තවත් නිල නිවාසයක ඉන්නවා . ඒ වගේම, ඒ අසළ කවදාවත් දැකල නැති ලස්සන ලොකු කහපාට මල් වගයක් තියෙනවා . ඒවත් කඩාගෙන අර ළමයි එක්ක සෙල්ලම් කරන්න යනවා කියා හිතලා ,අම්මට අහුවෙන නිසා ඉස්සරහ දොරෙන් නොයා පිටිපස්සේ තිබුණු කෙටි තාප්පෙන් පැනලා ගියා මල්කඩන්න . මල් වලට ලං වෙනකොට මං දැක්ක මී මැස්සෝ වගේ සත්තු ජාතියක් ඒවායේ කැරකෙනවා . මී මැස්සෝ මට විදින එකක් නෑ , කියලා හිතලා මම මල කඩන්න හදනොකටම, ඔලුව පිටිපස්සට එකෙක් ඇන්නා තරු 10 ක් විතර පේන්න. මොකුත් නෑ. කඩාගත්ත මලත් අතඇරපු මං යටි ගිරියෙන් කෑගැහුවා . එවෙලේ තමයි අම්ම දැක්කේ මං ඉන්න තැන, ඒ එක්කම මං දැක්‍කා පහළින් තිබුන පාර දිගේ රාජකාරී නිම කරලා නිල නිවාසයට එන විචාරකතුමාව . එතකොට නම් මට කලන්තේ දාන සයිස් එකක් තිබුනේ. මොකද මං දන්නවා හොඳට බැණුම් අහන්න වෙන බව. ඊට පස්සේ අයිස් තියලා, බටර් ගාලා කරන්න පුළුවන් සේරම කරත් දවස් දෙකක් විතර යනකන් ඉදිමුම බැස්සේ නෑ. ඒ මී මැස්සෝ නෙවේ දෙබරු කියලත් මල් සූරියකාන්ත කියලත් මම දැනගත්තේ එදා . විචාරකතුමා මං හිතුවට මුකුත්කීවේ නෑ. එකදෙයයි කීවේ මං හිතුවා කටේ සද්දෙටම මේ ළමයා තමයි කියලා .
පෙළ පාළිය, විසිර යා
දියතලාවේ ගෙවුණු මාස 8 ක පමණ ජීවිතේ විවිධාකාර අත්දැකීම වලට මුහුණ දුන්නා. ඔය ඉන්න අතරේ විචාරකතුමා මට කිවුවා , මාව උත්සවයකට එක්ක යනවා ලස්සනට ලෑස්ති වෙන්න කියලා. ඔන්න ඉතින් පහුවදා අම්ම මට ලසස්න ගවුමක් අන්දලා, සපත්තු මේස් දාල ලෑස්ති කරා . විචාරතුමාත් ඉතින් නිල ඇඳුම් ඇඳලා, කඩු කස්තාන ඉනේ ගහගෙන ලෑස්ති වුණා. ඔන්න ඉතින් ජීප් එකක පිටිපස්සේ විචාරකතුමාගේ යාළුවොයි මමයි විචාරකතුමයි ගියා . යනකන් යාලුවෝ බැන්නා, ඇයි මේ ළමයා අර ගිනි අවුවට ගෙනියන්නේ කියලා . විචාරකතුමා මුකුත් කීවේ නෑ. හිනාවෙවී හිටියා . ඔන්න මට එතනට ගියාමයි තේරුනේ වැඩේ මොකක්ද කියලා . ඒ තමයි දියතලාව යුධ හමුදා පුහුණු පාසලේ විසිර යාමේ පෙළපාලි පවත්වන භූමිය , මාව ගෙනත් තියෙන්නේ ඒ විසිර යාමේ උත්සවයක් පෙන්වන්න. විචාරකතුමාටයි මටයි පෙළපාලිය බලන්න අසුන් දෙකක් ලැබුණා. දැන් ඔහොම සියල්ල නරඹමින් ඉඳලා එක පාරටම විදානයක් දුන්නා ආචාර පෙළ පාලිය විසිර යා කියලා ඉඳගෙන හිටියට මං විචාරකතුමාගේ අතත් අල්ලාගෙන හිටියේ . එකපාරටම නැගිට්ට විචාරකතුමා ටක් ගාලා සීරුවෙන් ඉඳගෙන අත නවාගෙන අර සෙබළුන්ට සැලුට් කරා. මට තේරුණා මමත් දැන් සීරුවෙන් සිටිය යුතුයි කියලා. මමත් ඒ විදියටම සීරුවෙන් හිටියා . ඔන්න ඉතින් අර නිලධාරී කණ්ඩය විසිර ගියා . ඊට පස්සේ දවසක විචාරකතුමා ළඟ වැඩකරන කෙනෙක් ඇවිල්ල කියනවලු සර් ,මාරු පොටෝ එකක් තියනවා පෙන්වන්න කියලා . බැලින්නම් අර විසිර යාමේ පෙළ පාළියේ අපි දෙන්නගේ ෆොටෝ එකක අරගෙන, ඒක බලලා අර මනුස්සයා කිවුවලු බලන්ඩකෝ සර් දුව නිකන් ඉන්නේ සර් වගේම කියලා. විචාරකතුමා ඒ කතාව ගෙදර ඇවිත් අම්මත් එක්ක කිවුවා.
මළ ගෙදර හා වමනය
මම තුනේ පන්තියේ විතර ඉන්නකොට විචාරකතුමා දවසක් ගෙදර ඇවිත් ඉන්න වෙලාවේ කීවා . හෙට ඔයා මාත් එක්ක මළ ගෙදරක යනවා කියලා . මට ඉතින් මාර සතුටුයි . මොකද මං පොඩිකාලේ ගමන් යන්න හරි කැමතියි . එහෙම තමයි ඔහු මාව ඉස්සෙල්ලම හමුදාවේ අයෙකුගේ මළගෙදර එක්ක ගියේ . මළගෙදර තිබුනේ නොර්ටන් බ්‍රිජ් වල .එවකට අපි පදිංචි වෙලා හිටියේ රුවන්වැල්ලේ නිසා හැටන් හරහා තමයි ගමන යෙදුනේ. විචාරකතුමා ඒ මළගෙදරට සහභාගිවුණේ ඔහුගේ හමුදා ඒකකයේ මළගෙදර වෙනුවෙන් සහභාගී වන නිලධාරියා ලෙසයි. ඉතින් මමත් ඔහුත් බසයෙන් ගිනිගත්හේන නගරට ගිය අතර , හමුදාවෙන් එතැන් සිට මළ ගෙදර දක්වා නිලරථයක් එවා තිබුණා. ඔහු එම නිලරථයේදීම නිල ඇඳුම් ද , ඇඳගෙන මා සමග මළ ගෙදරට ගියා. තේ වතු යායක් මැද තනාතිබූ කුඩා නිවසේ ඔහුගේ දේහය නොතැබිය හැකි නිසා ටකරං වහලයක් තනා දේහය තැන්පත් කිරීමට වෙනම ස්ථානයක් තනා තිබුනා . සෙබළාගේ මෑණියන් පැමිණ විචාරකතුමා සමග ඇඩු කඳුළින් කතා කළා මට මතකයි. කුඩා වයසේ උනත් ඒ දර්ශනය මගේ සිතත් සොලවන්න සමත් වුණා. ඔහොම ඉන්නකොට, එතනට ආපු විචාරකතුමා දන්න හමුදාවේ කෙනක් සර්, තේ බොන්න යමු කියා කතාකරා. ඔහුගේ කීමට ගියත්, විචාරකතුමා වැඩිය කෑවේ බීවේ නෑ. අර පුද්ගලයා මට කේක් කෑල්ලක් හා ආනමාලු කෙසෙල් ගෙඩියක් දුන්නා. ඒ දවස්වල මට ගමන් යනකොට වමනේ යනවා . ඒ නිසා විචාරකතුමා බයවෙලා කීව ඔයා ඕවා දුන්නට කමක් නෑ කන්න එපා කියලා ඒ වුනාට ඉතින් මේ මම ඕවා අතේ තියාගන ඉන්න බැරිනිසා කෑවා. අවසානයේ සියලු හමුදා උත්තමාචාර මැද දේහය මිහිදන් කෙරුණා. ඉතින් නැවතත් නිවස බලා සුපුරුදු පරිදි ගමන් ආරම්භ කරපු අපිට ආපසු ගමනේදී නිල රථය නිවස සලටම හමුවුණා. විචාරකතුමාගේ ඔඩොක්කුවේ වාඩිවෙලා හැටන් සිට පල්ලම බහින විට දවල් ඔහු කීදේ සැබෑවක් කරමින් වමනය යාමට සානවා තිබුණි. කට තදකරගෙන හිටියත් විචාරකතුමාගේ නිල ඇඳුම ද මගේ ඇඳුම ද ඉවර කරමින් මට වමනේ ගියා. විච්රකතුමා එවෙලේ නම් හිටියේ දැන් මාව වාහනෙන් එළියට දාන සයිස් එකෙන් . මොකද එයා හරි නීට් . ඊට පස්සේ වාහනේ රියදුරු මහතා කීවා ඔහොම ඉන්ඩ සර් පල්ලෙහා වංගුවේ පොඩි දිය පාරක් තියනවා එකෙන් හෝදගමු කියලා අවසානේ එතනින් මවත් හෝදලා විචාරකතුමා ඇඳුනුත් මාරු කරලා ගමන පිටත් වුණා. ඊට පස්සේ මට හොඳට නින්ද ගියා. ගෙදර ගිය ගමන් විච්රකතුමා අම්මට මන් ගැන පැමිණිලි කරා .
විචාරක දියණිය
13.05 පැයට
මිහිරි මතක. බෙදාගත්තට ස්තූතියි
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteතාත්තා කියන්නේ දුවෙකුට රටක් රාජ්ජයක්....
ReplyDeleteමට ඒ රට ද රාජ්‍යය ද අහිමි වීම දරාගත නොහැකිය.
Deleteසියල්ල අනිත්‍යයයි..
Delete/බැලින්නම් අර විසිර යාමේ පෙළ පාළියේ අපි දෙන්නගේ ෆොටෝ එකක අරගෙන, ඒක බලලා අර මනුස්සයා කිවුවලු බලන්ඩකෝ සර් දුව නිකන් ඉන්නේ සර් වගේම කියලා/
ReplyDeleteඒ ෆොටෝ එක ළඟ නෑ?....ෂෙහ් හරි අපරාදයක්!
නෑ ඒක ළඟ නෑ තිබුනානම් මම ඒක පළකරනවා
Deleteසොඳුරු මතකයන්
ReplyDeleteබොහොම ස්තූතියි
ReplyDeleteඅපේ ඇසටත් කඳුළු උනන මතක සටහන්
ReplyDeleteඇත්තටම මේ ලිපිය ලියද්දි මට ඇඩුණා. මගේ ලෝකයම තමයි මට නැතිවුණේ
Deleteමිහිරි මතක සටහන්. ඇයි ඔබ විචාරක තුමා කියා ඔහුගැන සඳහන් කරන්නෙ? තාත්තා කිව්වා නම් මීට වඩා සමීප බවක් නැද්ද?
ReplyDelete/තාත්තා කිව්වා නම් මීට වඩා සමීප බවක් නැද්ද?/ x 2 :)
Deleteඒ විතරක් නොවෙයි, කාල රේඛාව ඉවත් කර, මම/මට වෙනුවට ළමයෙකුගේ නමක් යොදා මේ අත්දැකීම් අනුසාරයෙන් හොඳ ළමා කතාවක් ලියන්නත් හැකියි.
Deleteලිපිය නිවැරදි විය යුතු නිසයි එහෙම ලිව්වේ ග මට පියා වුනාට ඹබට විචාරකතුමා නිසයි එහෙම ලිවුවේ.ඉදිරි ලිපි වලදී වරද නිවැරදි කරන්නම්. ඹබේ ඇගයීම ගැන බොහොම ස්තූතියි රසික
Deleteවිචාරක දියණිය
ඔබේ ලිවීම ඉතා ඉහලයි
ReplyDeleteඇගයීම නිහතමානීව පිළිගන්නවා. හදවතින් ලියන නිසයි එහෙම ලියවෙන්නේ
Deleteවිචාරක දියණිය
සදාකාලික අපූරු මතකයන්! පොඩි අදහසක් කියන්නම්. බ්ලොග් එක පටන් ගත්තේ විචාරක බව ඇත්ත. ඒත් දැන් මේක ඔබේනෙ. ඒ නිසා විචාරක විදියට නැතුව ඔබේම ප්‍රොෆයිල් එකකින් පෝස්ට් දමමු. ඒ වගේම ඉදිරි පොස්ට් වල විචාරකතුමා නැතුව තාත්තා කියලා කියමු. තාත්තලා හදන ගෙවල් ලස්සන කරන්නේ දුවලා :)
ReplyDeleteඅදහස පිළිගන්නෙමි. තාත්තා කියන වචනය ඉදිරි ලිපිවල භාවිතා කරන්නම්. මේක මගේ කරගන්න මම කැමති නෑ. ඹහුගේ මතකය ඹබෙන් ඈත් නොකිරීම විතරයි මගේ බලාපොරොත්තුව
Deleteවිචාරක දියණිය
////ඒ නිසා විචාරක විදියට නැතුව ඔබේම ප්‍රොෆයිල් එකකින් පෝස්ට් දමමු. ///////////
Delete++++++++++++++++
මිහිරි මතකයන් ටිකක් අපි එක්ක බෙදාගත්තට ස්තුතියි.
ReplyDeleteබොහොම ස්තූතියි. ඒ මතකය විතරයි මට දැන් ඉතිරිවෙලා තියෙන්නේ .
Deleteමේවා ඉතා වැදගත් අත්දැකීම්. ඒ කියන්නේ කාල රේඛාව ඉවත් කළාමත් රසය වෙනස් වෙන්නේ නෑ.
ReplyDeleteවසර තිහක් විතර මතකයේ හොඳින් රැඳී ඇත්තේ නිසා යි. මතු දිනයක ඔබ මේ අත්දැකීම් අනුසාරයෙන් හොඳ ළමා කතාවක් ලියන්න හැකි වේවි.
ඹබේ ඇගයීම ගැන බොහොම ස්තූතියි රසික. විචාරකතුමාගේ පැරණි ලිපිටික පොතක් කරන්න මගේ ආසාවක් තියනවා
Deleteවිචාරක දියණිය
කවමදාවත් අපිට අහිමිවෙයි කියලා හිතෙන්නේ නැති, හිතාගන්නත් බැරි දේවල් අහිමිවුනාට පස්සේ ඒ මතක ආපහු අපිට දනවනවා ,අපි තාමත් හුස්මගන්න වග.
ReplyDeleteඅහිමිවීම කියන්නේ මොකක්ද කියලා මට හරියටම දැනුනේ තාත්නාගේ මරණයත් සමඟයි.
ReplyDeleteමේ මතක එදාට වඩා අද මිහිරියි නේද ?
ReplyDeleteඇත්තටම ඔව්. එදා සිදුවීම් පමණක් වුණු දේ අද මතකයන් බවට පත්වෙලා තියනවා
ReplyDeleteවිචාරක දියණිය
සුන්දර මතකයන්....ස්තුතියි ඔබට....
ReplyDeleteකියවල රසවින්දට ඔබට ස්තූතියි
Deleteවිචාරක දියණිය
පිය වරුනක.... සොදුරු මතක....
ReplyDeleteඇත්තටම ඔහු වර්ණනා කළයුතු පියෙක්
ReplyDeleteවිචාරක දියණිය