මරණයේ දෝංකාරය
මගේ පියා සිය රාජකාරි දිවියේ වැඩිම කාලයක් ගතකලේ වවුනියාව ප්‍රදේශයේය. ඔහු විශ්‍රාම යාමට ආසන්න කාලයේද සේවය කලේ එම ප්‍රදේශයේ වූ අතර යුද්ධය දරුණුවටම පැවති අවදියක් විය. එකළ ත්‍රස්තවාදීන් විසින් නියමුවෙකු රහිත ගුවන් යානා මගින් බෝම්බ හෙලනු ලැබීය . දිනක් අළුයම අප නිවසේ ස්ථාවර දුරකථනය නොනවත්වා නාද වූ නමුත් මගේ නින්ද එය ගැනීමට සිත් නොදුනි. ඇතැම් විට මගේ පියා පාන්දර කතාකරන බව දැන සිටියත් නින්ද ඊට වඩා මට වැදගත් විය. මේ වේලාවේ මගේ මව සිටියේ කුස්සියේ කෑම පිසිමින්ය. ඇයට මෙය නොඇසෙන්නේ සාලයමැද ඇති දොර වසාගෙන ඇය කුස්සියේ උයන නිසාවෙනි. තවත් වරක් නොනවත්වා නාද වුව ද මගේ කරුම සිතට එය ගැනීමට සිත් නොදුනි. ඔය අතර , වේලාව අළුයම 5.00 වූ අතර මගේ මව කුස්සියේ තිබෙන රේඩියෝවෙන් ප්‍රවෘත්ති අසා මා වෙත දිවගෙන ආවාය
අම්මා - ළමයෝ වවුනියාවට ගහලා . තාත්තා කතා කලේ නෑ නේද?
මම - ඒ වෙලාවේ මට ඇති වූ බිය හා දුක අපමණ වුවත් බයාදු හඩින් මා පැවසුවේ ෆෝන් එක රින් උනා මට ගන්න බැරි උනා කියලාය.
එකෙනෙහිම නැවත අපේ ගෙදර දුරකථනය නාදවිය. අම්මා විගස ගොස් එය ගත්තාය.
එහෙත් ඒ පියා නොව ඔහුගේ ඥාති දියණියකි.
ඥාති දියණිය - නැන්දේ වවුනියාවට ගහලා නේද ? මාමා කතා කළාද ?
අම්මා - අනේ, කතා කරේ නෑ. කියා මාව බේරා දැමුවාය . එතැන් සිට ඇය නොනවත්වා ගත්ත ද ඔහුගේ දුරකථනය ක්‍රියා විරහිතය. අම්මා මට සියලු ගරුසරු පදවලින් අමතමින් නැවත නැවත ඔහුගේ දුරකථන අංක සියල්ල අංකනය කළාය. සියල්ල ප්‍රතිඵල රහිත විය .
දැන් දෙදෙනාම ගොළුවත රකිමින් පියවර මනිති. ඔය අතර මගේ මව එදින වැඩට නොයන බව ප්‍රකාශ කළාය. කාලය ගමන් කළේ ඉතා සෙමින් යයි මට වරෙක සිතිනි.
ඔය අතරතුර මා සිතින් මටම බැන ගත්තාය. වෙලාව පෙරවරු 7.00 පසුවී මදක් ගතවී තිබුණි. එකෙනෙහිම අප නිවසේ දුරකථනය නාදවිය. මාවත් පෙරලාගෙන ගොස් අම්මා දුරකථනය ගත්තාය.
ඒ ඔහුය . ඔයාලගේ වාසනාවට මන් බේරුනා ඔහු කීවේ එලෙසය .
ඉන්පසු ඔහු ඇසුවේ මන් ගහපු වෙලාවෙම ගත්තා කථා නොකරේ මන්දැයි යන්නය. එවිට අම්මා මට හොඳට ඔහු සමග දෙහි කැපුවාය.
එදා ඇතිවූ සිද්ධිය මෙසේය . නියමුවෙකු නොමැති ගුවන් යානාවක් ඉරානමඩු සිට පලාලි දක්වා ගොස් නැවත පැමිණ වවුනියාවේ මෙම කඳවුරට අධි බලැති බෝම්බ හෙලන ලදී. ආලෝකයක් නොමැතිව ගමන්කරන මෙම යානාව නිසා දීශාව විතරක් හඳුනා ගතහැකි අතර එය ආසන්නයටම එනතුරු දැකිය නොහැකිය.
එදින අලුයම 3.30 ට පමණ මගේ පියා නිදා සිටින විට ඔහුට දුරකථන ඇමතුමකින් දැනුම් දී ඇත්තේ කාමරය ඉදිරිපස ඇති බංකරයට පැමිණෙන ලෙසයි. ඔහු දොර අරිනවාත් සමග මෝටාරයක් පැමිණ කාමරයේ වහලයේ වැදීඅති අතර ඒ සමග විසිවූ ඔහු බංකරයට නිකම්ම වැටී ඇත. ඉන්පසු වෙඩි හඬවල් දසත පැතිරෙද්දී ඔහු ජංගම දුරකතනයෙන් බංකරයේ සිට නිවසට ඇමතුම ගෙන ඇත.
ඒ අවස්ථාවේ මගේ නින්ද විසින් එය ගනු නොලැබීය .
මෙහි අවාසනාවන්තම සිද්ධිය එය නොවේ . යානයෙන් බිමට හෙලන ලද බෝම්බය බිම පතිත වෙද්දී සියල්ලෝම බංකර වලට රින්ගද්දී සෙබළියක් විසින් සෙබළුන් සිටින බංකරයට යාමට අකමැත්ත ප්‍රකාශ කර ඇත. කොතෙක් උත්සාහ කරද ඇය එම බංකරයට නොපැමිණ එලි මහන් කුටියක සිට ඇති අතර, බෝම්බය ඒ ආසන්නයට වැටී ඇත. එම බෝම්බ කෑලි ඇගේ උදරයේ වැදී දරුණු තුවාල ලැබූ ඈ එම මොහොතේම මියගොස් තිබිණි. මියගියේ ඇය පමණි . එහෙත් ඈ තුවාල සහිතව අම්මෝ ........ කියා කෑ ගැසූ අවසන් කෑගැහිල්ල මගේ පියාට කාලයක් යනතුරු දෙසවන් දෝං කාර දුන් බව ඔහු මා සමග පැවසුවේය.
ඔහුගේ වසර 32 ක් පමණ සේවා කාලයේ මරණය දොරකඩටම පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.
විචාරක දියණිය 23.00 පැයට
.emoWrap {
position:relative;
padding:10px;
margin-bottom:7px;
background:#fff;
/* IE10 Consumer Preview */
background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Mozilla Firefox */
background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Opera */
background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* Webkit (Safari/Chrome 10) */
background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2));
/* Webkit (Chrome 11+) */
background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%);
/* W3C Markup, IE10 Release Preview */
background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%);
border:3px solid #860000;
-moz-border-radius:5px;
-webkit-border-radius:5px;
border-radius:5px;
box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
-webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3);
font-weight:normal;
color:#333;
}
.emoWrap:after {
content:"";
position:absolute;
bottom:-10px;
left:10px;
border-top:10px solid #860000;
border-right:20px solid transparent;
width:0;
height:0;
line-height:0;
}
මෙි බියකරු අත්දැකීම ගැන කිසි දිනක ඔහු පවසා නැත. අදත් ජීවමානව සිටියද ඔහු ඒ ගැන නොලියනු ඇත. ඒ ඔහුය. ලිපියට ස්තුතියි දියණී
ReplyDeleteඔහුගේ ඇතැම් චරිත ලක්ෂණ ඹහුටම ආවේණිකය. බොහොම ස්තූතියි.
Deleteවිචාරක දියණිය
සංවේදී කථාවක්. ස්තූතියි.
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteවිචාරක දියණිය
විචාරකයන් කිසි දිනක මෙම අත්දැකීම අප සමග බෙදා ගනි දැයි සැක සහිතය.
ReplyDeleteඅවශ්‍යම වු වෙලාවකට ඇති වන්නවු ඒ කමිමැලි කම අප වැන්නවුන්ගෙ අවාසනාවන්ත කමක් දැයි ??????
එය නම් සැබෑවක්ය. නමුත් එය හොඳ ප්‍රවණතාවක් නොවේ.
Deleteවිචාරක දියණිය
නොහිතන වේලාවන්වල අපි කාටත් ඒ වගේ අතපසුවීම් වෙන්න පුලුවන්.... හරිම සංවේදී... ඒ සෙබලිය ගැන කනගාටුයි...
ReplyDeleteමේ සිදුවීම මෙහි සටහන් කර අපිත් එක්ක බෙදාගත්තට අක්කට ස්තුති...
මෙම ලිපිය පිලිබඳ සංවේදී විම පිලිබඳව ස්තූතියි.
Deleteවිචාරක දියණිය
ස්තූතියි.
ReplyDelete+++++++++++++++++
Deleteවිචාරක දියණිය
lassna surangana kathawaka. thank you... ohoma dewal lankawe una nam .....amoooo
ReplyDeleteමේක කියවද්දී මට වෙන කතාවක් මතක් උනා.. එයත් ඔබේ අතින් ඔහු වෙනුවෙන් කල හැකිව තිබූ මහඟු මෙහෙයක් මග හැරී යාමක් ගැන.. එහෙත් ඒ පිලිබඳව ඔබට වරදක් කියන්න බෑ..
ReplyDeleteනිවැරදි කරන්න පුළුවන් දෙයක්නමි කියන්න එය ඉටු කරන්න උත්සාහ කරන්නම්
Deleteවිචාරක දියණිය
දැන් මොකුත් කරන්න පරක්කු වැඩියි. ඔබට මතකද දන්නේ නෑ.. ඔහුව නෙළුම් යාය ලයිෆ් ටයිම් අවොර්ඩ් එකෙන් පිදුම් ලද දිනය.. එදා මා සෑහෙන්න උත්සාහ ගත්තා ඔහුව වේදිකාවට ගේන්න. නමුත් ඔහුගේ සෞඛ්‍යය යහපත් උනේ නෑ. ඔහු මට පැවසුවා ඔබ එදින කොලඹ ඉන්න නිසා ඔබව එවන්නම් කියා.. අඩුමවශයෙන් එය ඔහුට මතක සටහනක් වේවි යැයි සිතා ඔබ එනතුරු අපි සම්මාන ප්‍රධනය බොහෝ පරක්කු කරමින් බලා සිටියා .. නමුත් සමූහ අධ්‍යාපන කටයුත්තක් නිසා හා සුදුසු ඇඳුමක් පැලඳ නොසිටීම නිසා ඔබ එන්නට අදි මදි කලාලු. මා අවසන් වරටත් ඔහුගෙන් ඒ ගැන විමසීමක් කරවිට ඔහු පැවසුවේ 'මොනා කරන්නද කල්‍යාණ, ඒ ළමයින්ටත් කියන්න පුලුවන් සීමාවක් තියෙනවා නේ' කියායි. ඒ පිලිබඳව ඔබට දොසක් කීමට බැරි ඔබ ඒ වනවිට 'බ්ලොග්' සම්භන්දව දැනුවත්ව නොසිටීම නිසා යැයි මා විශ්වාස කරනවා..
Deleteගස් ලබ්ස් මහතා ලව්වත් කියෙව්වා මගෙ හිතේ ජීන්ස් ඇන්ඩ් ටී ශර්ට් හොඳයි කියලා
Deleteඑය සම්මානය ගැන මුලින්ම දැනගත්ත වෙලේ මම හැදුවේ ඔහුව කෙසේ හෝ සම්මාන උළෙලට රුගෙන යන්න. එහෙත් දිනෙන් දින ඹහුගේ තත්වය නරක් වුණා. ඒ වෙලාවේ ඔහු එක දිගට සතියක් රෝහල් ගතකරා. ඹහු සම්මානය ගන්න යන්න කියලා මට කීවේ එදා දවල් 1.00 විතර ඹහුට ඒ වෙනකොට යම් තරමකින් මතකය ගිලිහිලා තිබුණේග මම විශ්වාස කළේ ඒ වෙලාවේ සම්මානය ඔහුගේ අතට ලැබුනොත් මහු සිටි අවස්ථාව අනුව වඩා සතුටට පත්වෙයි කියලා . ඇත්තටම ගෙදරට විත් සම්මානය දුන් මොහොතෛ් ඔහු ගොඩක් සතුටට පත්වුණා උළෙල දවසේ මම හිටියේ මාමාගේ අවුරුද්දේ පිංකම් ගෙදර ඔහුව දුකට පත්කරන්න මගේ කිසිම ආසාවක් තිබුණේ නෑ
Deleteවිචාරක දියණිය
ජීවිතේ ආරක්ෂා කරගන්න ප්‍රිෙකා්ෂන් ගනිද්දි එහෙම කරන අයත් ඉන්නවද?
ReplyDeleteස්තුතියි බෙදාහදා ගැනීම ගැන.
බොහොම ස්තූතියි
Deleteවිචාරක දියණිය
මෙි අත්දැකීම කිසි දිනක විචාරක පවසා නැති බවයි මගේ මතකය. ඔහුගේ මතකයන් අප හා බෙදාගන්නවාට ස්තුතියි!
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteඔබගේ පියා ඔහුගේ යුද අත්දැකීම් මා සමග කියා තිබුනා
ReplyDeleteඔබට බොහෝ හිතවත්ව ඉන්න ඇති කියා සිතනවා
Deleteවිචාරක දියණිය
සමහර දේවල් තියෙනවා ජීවිතයේ ආපහු නොඑන සහ ඒ අවස්තාව අහිමි කරගෙන ජීවිතේම කනස්සල්ලෙන් ජීවත්වෙන වෙන. ඒ වගේ බොහොම වැදගත් දුරකථන ඇමතුමක් ඔයා නින්ද නිසා නොසලකා හැරීම සමාව දිය නොහැකි වරදක්. එදා විචාරකට කරදරයක් නොවුන ඒක එයාගේ වාසනාව නෙවෙයි ඔයාගේ වාසනාව කියලයි මම හිතන්නේ.. එදා ඔයාගේ තාත්තට කරදරයක් උනානම් ඔයා මැරෙනකල්ම සැනසීමෙන් නිදාගන්න එකක් නැහැ. නින්ද, මහන්සිය ,කම්මැලිකම, රැකියාව, මුදල් වගේ දේවල් නිසා සමහරක් මිනිස්සු තමුන්ගේ අවසන් අවස්තාව අහිමි කරගෙන ජීවිතේ පුරා විඳවනවා..
ReplyDeleteඒක මම එදා හොඳටම ඇත වින්දා ඉන්පසු කවදාවත් එහෙම දේවල් උනේ නැහැ. ඔබ කියනදේ 100% ක් එකඟ වෙනවා. බොහොම ස්තූතියි.
Deleteවිචාරක දියණිය
අම්බලංගොඩ කියල තියෙනව වගේ ඒ වෙලාවෙ ඔහුට කරදරයක් උනානම් ඔබේ සිතට කිසිම නිවනක් ලැබෙන එකක් නෑ අවස්ථාව පැහැර හැරීම ගැන. මොනව උනත් හැමෝගෙම වාසනාවට ඔහුගේ ජීවිතේ බේරිලා තියෙන්නෙ.
ReplyDeleteඔව් ඒක ඇත්ත එහෙනම් මං ජීවත් නොවේවි.
Deleteවිචාරක දියණිය
++++
ReplyDelete++++++++++++++++
Deleteවිචාරක දියණිය
ඇත්තම කියනවනම් මම ඔබගේ පියා ගේ අවසාන අවස්ථාව තෙක් ලඟින් ඒත් දුරකතනයෙන් හිටිය මනුස්සයෙක්. ඒකට මුල අටමා කියන හිත හොඳ පුද්ගලයා තමයි මාව රෙකමන්ඩ් කලේ ඔබේ පියාට උදව් කරන්ට. මොකද ඔබේ පියා හදිසියකට එතුමාගේ ප්‍රශ්නය කියල email කල වෙලේ මම අටමට කෝල් කරල ඒක කන්ෆර්ම් කරගත්ත. ඒක ඔබටම බලාගන්න පුළුවන් ඔබේ පියාගෙ gmail එකවුන්ට් එකෙන් වගේම ෆෝන් එකෙන්. මට මගේ දෙමව්පියන් මිනිසුන්ට සැලකීම උපරිමයෙන්ම උගන්වල තියෙනව. හැබැයි විචා මාමි (මම ඔබගේ පියාට කතා කල විදිහ) ට කවුරුවත් දන්නේ නැති කල උදව් දන්නෙ අටම විතරයි. මොකද මම කල හැමදෙයම කලේ අටම්පහුර ගෙන් අහල. මම ඒ දේවල් කලේ ඔබේ පියා මේජර් කෙනෙක් නිසාවත් බ්ලොග් ලිව්ව කෙනෙක් නිසාවත් නෙමෙයි. මනුස්සයෙක් නිසා. දැන් ඔබ දොස්තර කෙනෙක්. ඔබම කියනව කම්මැලි කමට ෆෝන් එක ගන්න ගියේ නැහැ කියල. ඔය සම්මාන කතන්දර නෙමෙයි..! මම ඔබගෙ පියාගේ අන්තිම දවස්වල කියපු දේවලුත් ඔය විදිහටම මම අත ඇරල දැම්මනම්? මම පසුතැවෙන්නේ නැහැ. දැන් මට මම ගැනම දුකයි. මම තවත් මේ බ්ලොග් එක කියවන්නෙ නැහැ. මොකද මම ගොන් තඩියෙක් කියල ඔබම තීරණය කළා. තවත් කිසිම බ්ලොග් කරුවෙකුට සත පහක උදව්වක් නැහැ.
ReplyDeleteචොමෙන්ට් එකට බොහොම ස්තූතියි. මගේ නැගණිය තමයි දොස්තරවරිය ඇය තමයි මගේ පියාගේ ලෙඩේ නිවැරදිව අඳුරගත්තේ . මම වැඩිමහල් දියණිය ඉතින් ඔබේ තීරණය ඔබට බාරයි.
Deleteවිචාරක දියණිය
මරණය දොරකඩට ආවත් අපේ වෙලාව නෙවේ නම් අපිට යන්න වෙන්නේ නෑ.. මම ඒක කීප වරක් අත් දැකලා තියනවා. ඔබේ පියා ඒ අවස්ථාවේ හොඳ කල්පනාවෙන් ඉඳල තියන බව පේනවා.. ඒක ඇත්තෙන්ම එතුමා ගාව දිගටම වගේ තිබ්බා.
ReplyDeleteකිසිම දැනුම්දීමකින් තොරව මරණය අප වෙත එනවා. සමහර වෙලාවට ඹබඹය කියපු අත්දැනීම වෙන්න් පුළුවක්.
Deleteවිචාරක දියණිය
ඔබ අවංකවම එහෙම කලා කියල පිලි අරගෙන ලියපු එක හොඳයි හිතින් ඒ ගැන හිත හිත විඳිනවට වඩා. මේ වගේ අත්දැකීම් ලියන එකත් හොඳයි මතකයේ වැළලී යනවට වඩා. ස්තූතියි.
ReplyDeleteඹබේ අදහස් දැන්වීමට ස්තූතියි
Deleteවිචාරක දියණිය
මේ වගේ එයා ඔයාලත් එක්ක කියපු කතා තව දාන්න. ස්තූතියි.
ReplyDeleteස්තූතියි තව තියනවා හිමිහිට ලියන්නන්
Deleteවිචාරත දියණිය
මම අදට මොකුත් නොකිය ඉන්නං...
ReplyDeleteඔබේ ප්‍රතිාචාරයට ස්තූකියි
Deleteවිචාරක දියණිය
මගහැරුණු ලිපි සියල්ල කියවමි. ස්තූතියි විචාරක දියණී
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteවිචාරක දියණිය
නුබ ඔහුව අප අතර ජීවත් කරවනවා දියනී...
ReplyDeleteකාලයක් බ්ලොග් වලට නාපු නිසා ඔබේ ලිපි මග හැරුනා...
ලිපිටික බලලම එන්නම්කෝ....
නුබ ඔහුව අප අතර ජීවත් කරවනවා දියනී...
ReplyDeleteකාලයක් බ්ලොග් වලට නාපු නිසා ඔබේ ලිපි මග හැරුනා...
ලිපිටික බලලම එන්නම්කෝ....
ලිපිටික බලලම එන්නනකෝ
ReplyDeleteහොඳද නරකද කිියලත් කියන්නකෝ
විචාරක දියණිය
මගේ පියා සම්බන්ධයෙන් මට මං ගැනම ඇති පසුතැවීම් නිසා ඔබ එදා පත් වූ තත්වය තරමක් හෝ වැටහෙනවා. වෙන මොනවා කියන්නද ? අපි ගන්න සමහර වැරදි තීරණත් එක්ක ජීවිතේ ඉතිරි කාලය පසුතැවෙන්න වෙනවා. :(
ReplyDeleteඒක ඇත්ත එහෙම සමහර අවස්ථා මතුවන්න පුළුවන්
Deleteවිචාරකතුමාගේ වියෝවින් පසු මම මේ blog එක බැලීම අත්හැරියා අද තමයි අපහු ආවේ.කදිම ලිපියක්. ඊවගේම වැදගත් කොමෙන්ට්ස් ටිකක්. මම නැවත මේ blog එක කියවන්න පටන් ගන්නවා
ReplyDeleteබොහොම ස්තුතියි. ඹබගේ පුතිචාර දැක්වීම පිළිබඳව
Deleteවිචාරක දියණිය
කියවද්දිත් කේන්තියි ඇයි මේ කෙල්ල ෆෝන් එක ගන්න කම්මැලි වුනේ කියල. :-) කොහොම වුනත් එදා අනතුරක් නොවීම ඔයාගෙත් වාසනාව.
ReplyDelete(ඔයාගේ පළවෙනි ලිපියට කමෙන්ට් එකක් දාන්න ට්‍රයි කලත් බැරිවුනා. තාත්තා වෙනුවෙන් බ්ලොග් එක යාවත්කාලීන කිරීම හොඳයි. ඒකට සුභපැතුම්! හැබැයි විචාරක මහත්තයාගෙ 'හමුදා කතා' නැතිවීමේ අඩුව පුරවන්න කෙනෙක් තාම මුණගැහුනෙ නෑ)
හමුදා කතා ලිවිමට නොහැකිවීම ගැන මටත් කණගාටුවක් තියනවා. ක්ෂේත්‍රයක් ගැන ලිවීමට එහි ප්‍රවීනත්වයත් හා අත්දැකීම් තිබිය යුතුයි.
Deleteවිචාරක දියණිය