හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

09 September 2017

යාල්ගංමෝදර ඛේදවාචකයේ අතුරු කතාවක් 1


ඒ 2005 අවුරුද්දය. මගේ පියා සිය සේවා කාලයේ  ක්‍රියාන්විත රාජකාරියෙන් බැහැරව සේවය කළ  එක අවථාවක් විය . ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා  ඇතිවූ චිත්ත පීඩාව හේතුකොටගෙන  වැහැර  ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ  රෙජිමේන්තු මූලස්ථානයට අනුයුක්තව සේවය කරන ලදී. 

ඔබට මතක නම් ඒ මහා දුම්රිය අනතුර සිදුවූයේ මේ කාලයේය . එවකට මගේ මව රුවන්වැල්ල  කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක වරියක ලෙස කටයුතු කළ අතර මාරුවීමක් ගත නොහැකි වූ හෙයින් ඇය දිනපතා සේවයට ගියේ නිවසේ සිටය . මේ දිනවල මා විශ්ව විද්යාලවරම් ලබසිටි අතර ,  ඒ සඳහා සූදානම්ව සිටියාය. එමෙන්ම මගේ ශරීර ස්වභාවය නිසා  සෑම උදෑසනකම ජිම් එකට යාමට පුරුදුව සිටියාය.  මේ කාලය වනවිට ජංගම දුරකතනයක් තිබුනේ මගේ පියාට පමණි .

සිද්දිය මෙසේය 

සෑම උදේම  මගේ මව උදෑසන 6 .00 ට පමණ සේවය සඳහා නිවසින් පිටවේ . ඇය රුවන්වැල්ල සඳහා යන්නේ වරකාපොල හරහාය. වරකාපොල නගරයට ඉක්මනින් පිවිසීමට ඇය විසින්  දුර ගමන්සේවා බස්රථ භාවිතා කරයි. ඉතින් ඇතැම් දිනවල මා සමග පවසන පරිදි ඇය ගල්කිරියාගම බස්රථ වලද ගමන් කල බව කියයි .කෙසේ වෙතත් මෙදින උදෑසනද මවත් පියත් තම සේවයන් සඳහා නික්ම ගිය අතර මමද සුපුරුදු පරිදි  ජිම් එකට ගියාය . එය අවසන් කර  නගරයට පැමිණි මට අතොරක් නැතිව කුරුණෑගල නගරයෙන් ඇම්බියුලන්ස් හඬ ඇසෙන්නට පටන් ගත්තාය. කුමක් සිදුවී ඇත්ද  යන්න සොයා ගැනීමට සිතුවත්  ඒ සඳහා කිසිවෙකුත් නොසිටි අතර නිවසට යාම ඉක්මන් කල මම නගර මධ්‍යයෙන් බසයකට ගොඩවිය. එහිදී රියදුරු හා මිනිසෙක් කතාකරන දෙබස මගේ කන වැකිණි. එයින් ඇතිවූ බිය මට  කවරදාවත් දනී නොතිබිණ

රියදුරු - කොහේ යන බස් එකක්ද ?

මගියා -  ගල්කිරියාගම කොළඹ
රියදුරු - කීයටද වෙලා තියෙන්නේ
මගියා -  7.00 විතර තමා වෙලා තියෙන්නේ  බස් එක ගිනි අරන්  තුවාල කාරයෝ මළමිනීයි පොල්ගහවෙලයි කුරුනෑගල ඉස්පිරිතාලෙයි දෙකේම තියනවලු. කොච්ච්යට මුකුත් නෑලු . ගේට්ටුව වහලා තියෙද්දියි බස් එක දාල තියෙන්නේ . 

ඒ වන විට බසය කුරුනෑගල රෝහල පසුකරමින් සිටියේය  එතන එකම හිස් ගොඩකි සාමන්‍ය වාහන වලින්ද තුවාල කරුවන් රැගෙන එමින් තිබුණි මගේ දෙපා පන නැති තත්වයට පත්වී ආයේය. මගේ  මවත් ඒ බසයේ සිටියාද ? ඇගේ තත්වය කුමක්ද ?ප්‍රශ්න පත්‍රයක් මා ඉදිරියේ දිග හැරිණ. සියල්ලටම ගෙදර යායුතු බව මට වැටහින. බසයෙන් බැස ගෙදර  ගියේ කෙසේදැයි මට මතක නැත. ගියා නොව දිවුවාය . ස්ථාවර දුරකතනයෙන් මා පළමුව කතාකරේ මගේ පියාටය . 

මම - තාත්තේ අම්මා මට කියාගත් හැකිවූයේ  එපමණකි පියා - ඔහු මට ප්‍රථම ක්‍රියාත්මක වී තිබුණි . ඔහු සිද්දිය දැනගත් පසු  කුරුනෑගල  රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මිනී අතගා තිබුණි. ඔහු අඩමින් පැවසුවේ මම කුරුනෑගල ගිහින් බැලුවා. අම්ම කියලා අඳුරගන්න පුළුවන් කවුරුත්  නෑ. මම මිණී ඔක්කොම බැලුවා. ඒවා පිච්චිලා. මම දැන් පොල්ගහවෙල යනවා ඔයා ගෙදරට වෙලා කොහොමහරි අම්මා රුවන්වැල්ලට ගියාද කියල බලන්න කියාය. මම රූපවාහිනියද ක්‍රියාත්මක  කර ඉන්පසු බුදුන් වැන්දේ ආම්ම රැකදෙන ලෙසයි .

විචාරක දියණිය  16.05 පැයට 

27 comments :

  1. තාත්තා නිවැරදි ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය බොහොම අගය කල හා ඒ අනුව කටයුතු කල අනුන්ගේ ලියවිලිවල වැරදිත් නිවැරදි කල කෙනෙක්. ඔහු ඔබේ මේ පෝස්ටුව දකින්නෙ නැති එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මේකේ හුගක් වැරදි තියනවා. මන් ඒක නිහතමානීව පිළිගන්නවා. මට තියන තාක්ෂණ ගැටළු විසද ගන්න කෙනෙක් මට නෑ. පුළුවන් ආකාරයට ඉදිරියේදී වැරදි නිවැරදි කරන්නම් .
      විචාරක දියණිය

      Delete
    2. ලිපිය නැවත සංස්කරණය කරන්න පුළුන් දියණි පාලක පිටුවට ආපසු ගොස් බලන්න. ඔබේ ලිපිය අනුවේදනීය කදිම මතක සටහනක් ස්තුතියි දියණී

      Delete
    3. අපේ විචාරකතුමාගේ බ්ලොග් එක පවත්වා ගන යාම අප ලද වාසනාවක් දිරි ගනිමින් තව තවත් ලියන්න

      Delete
    4. ඔබේ දිරිගැන්වීම ඉතා ඉහලින් අගය කරනවා. ගොඩක් ස්තූතියි ඔබේ උපදෙස ක්‍රියාත්මක කර බලන්නම්.
      විචාරක දියණිය

      Delete
  2. ඊට හේතුව පෙර වසරේ ඔහුගේ සහෝදරයා හා ඔහුගේ පුත්‍රයා සුනමියෙන් මියයාම නිසා ////// Col ගුණරත්න මිය යාමට මාස 8 පමණ පෙර මාව හමු වූවා

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  3. සංවේදී මතකයක්. බෙදාගත්තාට තුති.

    ReplyDelete
  4. අතීතයේ සංවෙිදි මතක සටහන්...
    ස්තුතියි අප හා බෙදා ගත්තාට...

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  5. දුම්රිය හරස් පාර පසුකරමින් යන විට පාර අද්දර තියෙන ස්මාරකය යාල්ගංමෝදර ඛේදවාචකය හැමදාමත් මට සිහිපත්කරවනවා.

    ReplyDelete
    Replies
    1. එම ස්ථානයේ සෑම වසරකම එම දිනට ඥාතීන පැමිණ උපහාර දක්වනවා
      විචාරක දියණිය

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. ඔය වගේ වෙලාවට ඇවිදගන්නවත් පණ තියෙන එක ලොකු දෙයක්. බොහෝ වෙලාවට ගෑනු ළමයි කරන්නෙ කලන්තෙ දාලා වැටෙන එකනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තාත්තට පිංසිද්ධ වෙන්න මට ඒ හයිය තියනවා
      විචාරක දියණිය

      Delete
  7. රුවන්වැල්ල මගේ ගමය..
    සිදුවීම නම් මතක නැත ඒත් සංවේදියි ගොඩක්

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම වුනේ රැවන්නැල්ලෙ නෙවෙයි පොල්ගහවෙල කිට්ටුව මගේ මව කමයි රැවන්වැල්ලේ රාජකාරි කළේ ඹබ රැවන්වැල්පෙ නම් අපි නොදැන ඉන්න් විදියත් නෑ රැවන්වැල්ල් සමඟ තියෙන සබඳතා බොහොමයි මගේ ජිවිතේ අවුරැදු 17 ක් ගෙවුනෙ එහේ

      Delete
  8. http://subasa.ambitiouslemon.com/spellerweb.py මේකට දාල පුළුවන් අක්ෂර වින්‍යාසය නිවරදි කරගන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උත්සාහ කරන්නම්
      විචාරක දියණිය

      Delete
  9. අපොයි ඔය මාරක කඩුල්ලෙන් ඉස්සර යන්නේ එන්නේ කොච්චරවත් බයෙන්.. අපේ නේවි කොන්වෝයි එකත් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නෑ දානව ඒ කාලේ ඔය මහ අනතුර වෙන්න කලිං පොඩි පොඩි සීන් ගානක්ම උනා..

    අම්මප තාත්තා මේක කියෙව්වනං බැණුම් ශුවර්.. :))))

    ReplyDelete
    Replies
    1. ඔවු තාත්තා බනිනවා නෙවේ ඊට වැඩිය දෙයක් උනත් කරනවා මට දැන් මැවිලා පෙනෙනවා .
      විචාරක දියණිය

      Delete
  10. මට මතක් උනේ world tread center එකේ බෝම්බේ පුපුරපු දවස තාත්තා රාජකාරි කලේ ලංකා බැංකුවේ ඉස්සර කිසිම දුරකථන පහසුකමක් තිබ්බේ නෑ.. ඇමතුමක් ගන්නවා නම් ටවුන් එකේ කොමියුනිකේෂන් එකට යන්න ඕනේ...ඉතින් තාත්තට මොකද උනේ කියලා දැන ගන්න විදිහක් තිබ්බේ නෑ ගමේ ගොඩක් මිනිස්සු අපේ ගෙදර එදා ආවා.. අන්තිමෙට අම්මා ටවුන් ගිහින් බැංකුවට කතා කලත් කිසිම දුරකථනයක් ඒ වෙනකොට වැඩ කලේ නෑ ඊට පස්සේ අපි කලේ අඩ අඩ රෑපවාහිනිය ඉස්සරා ඉදපු එක.. අන්තිමෙට තාත්තා අනික් අයට උදව් කරන දර්ශණ ඇතුලත් විඩියෝවක් දැක්කට පස්සේ තමා අපේ හිත් වලට සැනසීමක් දැනුනේ... එතකොට මට අවු. 10 ඇති.. ඒත් තාමත් ඒ මතක හරි භීතිය උපද්දනවා

    ReplyDelete
    Replies
    1. ඒවා අතිශය සංවේදී අවස්ථා ඒ දුක විඳපු කෙනෙක්ට විතරයි එය නිවරදිව වැටහෙන්නේ.
      විචාරක දියණිය

      Delete
  11. හැමෝගෙම ජීවිතවල මේ වගේ අසීරු අවස්ථා වලට මුහුණ දීපු අත්දැකීම් ඇති. 88/89 කාලේ මගේ තාත්ත සේවය කලේ මාතර. හැමදාම රෑට තාත්ත ගෙදර එනකල් අපි හැමෝම උන්නේ හිතේ ගින්දරෙන්. ඒත් කව්රුවත් ඒ භය වචන වලට පෙරලුවේ නැහැ. සමහර දවස්වලට ලයිට් නැහැ. සමහර දවස්වලට ලයිට් තිබ්බත් දාන්න තහනම්.. රෑ හතහමාරත් අටත් අතර තාත්ත ඇවිත් දොරට තට්ටු කරලා "දුවා" කියල නංගිට කතා කරනවා ඇහෙනකොට තමයි හැමෝගෙම පපුවේ ගින්දර නිවෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට . එවැනි සවේදී අවස්ථා සියලු දෙනාගේම හිතින් මකන්න අපහසුයි
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }