හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 November 2017

පියෙකුගෙ කඳුළු මුතුකැට වුණි දරුකමට

ශ්‍රී ලංකාවේ  පැවති මානුෂීය මෙහෙයුමේ අවසාන භාගයේ සිදුවූ සත්‍ය සිදුවීම් දෙකකි. මෙකල මගේ පියා සේවය කළේ වවුනියාව මැණික් ෆාම් කඳවුරේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරියා ලෙසය . 

යුද්ධයේ අවසාන භාගයේදී උතුරේ සිටි දමිළ ජනයා  ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගෙන ඔවුන්ගේ සුභ සාධන කටයුතු කිරීම සිදුවෙම්න් පැවතිණි. මේ කාලයේ මුලින්ම පැමිණි දමිළ සිවිල් වැසියෝ ඔවුන්ට  හැකි සැමදේම රැගෙන පැමිණියහ. උදාහරණ ලෙස ගවයන් , බයිසිකල්, අත් ට්‍රැක්ටර් වැනි දෑ ඒ අතර විය . ඔවුන් පැමිණි පසු  මුලින්ම සිදුකරන්නේ ඔවුන්ව ලියාපදිංචිකර ඒ ඒ කඳවුරු වලට බස් රථ වලින් රැගෙන යාමයි. එහි පළමු සිදුවීම වූයේ එවැනි අවස්වථාකය .

දිනක් උදෑසන වන විට ඉකුත් දිනවල පැමිණි දමිළ ජනතාව විශාල ප්‍රමාණයක් සිටියහ. ඊලඟට කළයුතු  කාර්යය වශයෙන් තිබුණේ ඔවුන් කඳවුරුවලට රැගෙන යාමයි. මේ අවස්ථාවේදී ඔවුන් හැසිරෙන්නේ ඉතා කලබලයෙනි. ඊට හේතුව ඔවුන්ගේ බිය , සංකාව , අහිමිවීම් සියල්ල එක්තැන් වීම් හේතුකොටගෙනය. කෙසේවෙතත් බස්රථ 5 කින් පමණ ඔවුන්ව කඳවුරුවලට රැගෙන ගියහ. ඉන් මද වෙලාවකට පසු සෙබළෙ පැමිණ පැවසුවේ මෙවන් කථාවකි .

සෙබළා -  සර් බ්ලොක් එකේ  සිවිලියන්ලා දෙන්නෙක් හොඳටම අඬනවා සර් . ඒ අය  කියනවා සර්. ඒ අයගේ ළමයි දෙන්න නැතිවෙලා කියලා.  ළමයි දෙන්න නැගලා තියෙන්නේ වෙන බස් එකකට කියලා. 

මගේ පියා - හරි,  තමුන් යනවා. මම බලන්න  එන්නම් මොකක් ද කියලා. 

එකෙණහිම තවත් කඳවුරක  රාජකාරියේ යෙදෙමින් සිටි සෙබළෙක් දුරකථනයෙන් මගේ පියා අමතන ලදී. 

සෙබළා - සර්  මෙතන පොඩි ප්‍රශ්නයක්. පිරිමි ළමයි දෙන්නෙක් හොඳටම අඬනවා. ඒ දෙන්න කියනවා අම්මයි තාත්තයි මෙතන නෑලු. හොයලා දෙන්නලු.  ඒ දෙන්නා වැරදි බස් එකේලු නැගලා තියෙන්නේ  කියලා .

මගේ පියා - හරි මම කියනකන් ළමයි දෙන්න හොඳට බාලාගන්නවා .   (මේ සිද්ධිය රහසිගත වියයුතු බවත් ප්‍රකාශ කළේය. )

මගේ පියා විසින් දමිළ දෙමවුපියෝ දෙදෙනා මුණ ගැසුණු අතර, ඔවුන් කියා සිටියේ ළමයි දෙන්න සැමවිටම තමා ළඟ සිටියමුත් බස්රථවලට නගින අවස්ථාවේදී ඔවුන් දුවගොස් නැගතිබෙන්නේ වෙනත් බස්රථයකට බවයි.

ඉන්පසු මගේ පියා විසින් ළමයි දෙදෙනා සිටින කඳවුරටද ගියේය. එහිදී  අවුරුදු 12 ක 8 ක් පමණ වයසැති පිරිමි ළමුන් දෙන්නෙක් මුණ ගැසිණි. ඔවුන් ද ප්‍රකාශ කළේ  බස්රථවලට නගින අවස්ථාවේ තම දෙමවුපියන්ගෙන් වෙන්වී ඇති බවයි. තම පියා වැනි කෙනෙක් බස්රථයට නගිනවා දුටුව නිසා ඒ බසයට නැගුනත්, ඒ තම පියා නොවන බව දැනගත්තේ කඳවුර තුළට පැමිණි පසු බව වැඩිමහල් පිරිමි දරුවා පැවසීය. 


ඉන්පසු මගේ පියා ඔවුන් දෙදෙනා කැටුව ඔවුන්ගේ දෙමවුපියන් සිටින කඳවුරට ගොස් ඔවුන් වාහනයේ රඳවා දරුවන්ගේ දෙමවුපියන් දෙදෙනා කඳවුරෙන් පිටතට ගෙන්වා ළමයින්ට දර්ශනය වීමට සලස්වා ඔවුන්ගෙන් අර සිටින්නේ තම දෙමවුපියන් ද යන්න හඳුනාගන්නා ලෙස පැවසීය . එවිට ඔවුන් පවසා සිටියේ ඒ තම දෙමවුපියන් බවයි. ඉන්පසු වාහනයේ දොර විවෘත කර ඔවුන් දෙදෙනාට ඔවුන් ලඟට යනලෙස මගේ පියා පවසා ඇත. 


දරුවන් දෙදෙනා එක පිම්මේ ගොස් ඔවුන් වැළඳ ගත් අයුරුත් දෙමවුපියන් දෙන්නාද ඔවුන් වැළඳ ගත් අයුරුත් සතුරු කඳුළු වගුරවන මගේ පියා සැනසිල්ලේ බලා සිට ඇත. ඒ අවස්ථාවේ සෙබලෙක් පවසා සිටියේ
සර්..........  මාර වැඩේ නේද තව ටිකෙන්  වෙන්නේ  යනුවෙනි . 



( මෙහි ඇති සුවිශේෂිතාවය නම් රජයේ ප්‍රතිපත්තිය වී තිබුණේ  කඳවුරු තුළට  දැමූ පසු කිසිවෙකුත්  මොනම හේතුවකටවත් කඳවුර මාරුකිරීම කළනොහැකි අවස්ථාවක වගකීම  තමන් සතුකරගත් මගේ පියා එම කාර්යය සිදු කිරීමයි ) 


මේ කලාවකවානුවේම තවත් සංවේදී සිද්ධියකට මුහුණ පෑමට මගේ පියාට සිදුවිය . දිනපතා රැයක් එළිවනවිට දමිළ සිවිල් ජනතාව බොහෝ දෙනෙක් හමුදා සීමාවට පැමිණෙමින් සිටියහ . ත්‍රස්තවාදිවිසින් එසේ පලායන දමිළ ජනතාවට ද වෙඩි තැබීමට පසුබට නොවුහ.


දිනක් එදින පැමිණි සිවිල් ජනාතාවගේ අවශ්‍යතා සැපයීම සඳහා කඳවුරු භූමිය පරික්ෂාවක යෙදී සිටියදී මගේ පියා ගේ නෙත ගැටී ඇත්තේ අවුරුදු 4 ක පමණ දැරියක් නොනවත්වා හඩන අයුරු හා ඇය ළඟ සිටින පිරිමි පුද්ගලයා ( ඇයගේ පියා යයි සිතන  ) ඉතා දුකින් පසුවන ආකාරයත් දුටුවේය. පසුව ඔවුන්  දෙදෙනා තම කාර්යාලයට රැගෙන එන ලෙස උපදෙස් දී මගේ පියා ඉන් පිටත් විය. ඉන්පසු ඔවුන් දෙදෙනා කාර්යාලයට පැමිණ තිබුණි. 


ඉන්පසු ඔවුන්ගේ කථාව මගේ පියා  පියා අසා තිබුණි.  මෙම කුඩා දැරියට  මවත් පියාත් සහෝදරයෙකුත් සිට ඇත. ඔවුන් සියලු දෙනා රැයවල් 2 කට ප්‍රථම තම නිවසින් පිටත්වූයේ කොටි ත්‍රස්තයන්ගෙන්  මිදී  හමුදා පාලන ප්‍රදේශ කරා පැමිණෙන විට ඇයගේ මවත් සහෝදරයාත් කොටි වෙඩි පහරට ලක්ව මරුමුවට පත්ව ඇත . ඔවුන් රාත්‍රියේ කාලයේ කැලෑ ප්‍රදේශයක් මැදින්  ගමන් කිරීමේදී කොටි පිරිසකගේ ග්‍රහණයට අසුව ඇති අතර , දියණිය සමග පියා සැඟවුණත් මවට හා පුතුට දිවි බේරා ගත නොහැකි වී ඇත. අවසන් කාලයේ දමිළ වැසියන්  හමුදා පාලන ප්‍රදේශවලට යාම ඔවුන්ට වලක්වා ගත නොහැකි වියරුවෙන් ඔවුන් ඒ දේවල් සිදුකරන ලදී. 


කෙසේ වෙතත් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ මගේ පියාද ඒ මොහොතේ ඇයව වඩාගෙන  සුරතල් කර ඇත. කෙසේ වෙතත් ඉන්පසු  එම කඳවුරට යන සාම අවස්ථාවකම අර කුඩා දැරිය 


පෙරිය දොරේ ...................... කියා  කෑ ගසමින් මගේ පියා අසලට පැමිණෙන අතර එවිට ඇය වඩා ගතයුතු බව මගේ පියා අප සමග පවසන ලදී . ඒ වන විට විශ්‍රාම යාමට ආසන්නයේ සිටි මගේ පියා  ඇය පිළිබඳව සැබවින්ම සංවේදී වූ බව ඔහුගේ කථාබහෙන්  අපට වැටහී තිබුණි . 


කඳවුරු භූමියේ ඇය සිටියදීම 2009 පෙබරවාරි මස 27 වන දින යුධබිමේ සියල්ල අතහැර මතකය පමණක් රැගෙන විශ්‍රාම දිවිය ගතකරන්නට මගේ පියා නිවසට පැමිණියේය . 


විචාරක දියණිය උදෑසන 9.00 පැයට 

18 comments :

  1. හ්ම්ම්ම්... ගොඩක් දැණුන ඒ සිද්ධි දෙක.

    ReplyDelete
  2. ඔබ දැක්වූ සංවේදී ප්‍රතිචාරයට ස්තූතියි
    විචාරක දියණිය

    ReplyDelete
  3. දෙමළුන්ට තියෙන ප්‍රශ්න මොනවද කියල අහන උන්ට මේක පෙන්නන්න .

    ReplyDelete
  4. මේජර් ගුණරත්න මා සමග මත්පැන් පානය කරමින් සිටිනා විට ස්වකිය හෘද සාක්ෂිය අවදි කොට තිබෙන්ව‍ා කිහිප විටක්ම. ඔහු උතුරේ ද්‍රවිඩ ස්ත්‍රීන් දුෂණය කිරීමට සහභාගී වූ අයෙක් නොවේ. ඒ බව ඉදුරාම කිව හැකියි. එනමුත් ඔහු මනුෂ්‍ය ඝාතන සිදුකොට තිබෙනවා සැලකිය යුතු අන්දමට. 88/89 භීෂණ සමයේ සිට 2009 තෙක්.

    ගුණරත්නගේ මෙහෙය වීම යටතේ අත්තඩංගුවට ගත් කැරලිකරුවන්ගේ හිසට උදළු වලින් පහරදී මරා දැමුණු බව ඔහු මට පවසා තිබෙනවා. උතුරේදී සිදුවූ දෑ ගැන මෙහි පැවසීම මටත් ඉතාම වේදනා සහගත දෙයක්. අල්වා ගත් අයට දුන් වේදනා සහගත මරණ...

    මේජර් ගුණරත්න, ඔබගේ පියා කියන්නේ සීයට සීයක්ම අමුනුෂ්‍යයෙක් කියා මා පවසන්නේ නැහැ. ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම ඔහුට අපහසු උනා ඉහලින් සිටිනා රුධිර පිපාසි ජෙනරාල් ෆොන්සේකා වැන්නවුන් හමුවේ....

    ReplyDelete
    Replies
    1. යුද්ධවල අනුශූරතාවයක් නැහැ. ඇත්තෙු් ජයග්‍රහකයෙක් හා පරාජිතයෙක් පමණයි. අපි පැරදුනානම් ඔබ ඔහොම කියනවාද?

      Delete
  5. +++++++++++++++++++++++++++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete
  6. ප්‍රශ්න ඇතිවෙන වෙලාවට පිළිවෙත පැත්තක දාල වගකීම තමන් අතට ගෙන කටයුතු කරන අය බොහොම අඩුයි.

    ReplyDelete
  7. ඒක ඇත්ත සමහරු බලන්නේ කොහොමහරි ප්‍රශ්නෙන් ලේසියෙන් ගැලවෙන්න. එහෙත් මගේ පියා ළඟ තාවකාලික පිළියම් , පැලැස්තර තිබුණේ නෑ කෙතරම් අපහසු උනත් නිවැරදි දේ කරන්න තමයි උත්සාහ කළේ.
    විචාරක දියණිය

    ReplyDelete
  8. ඔබේ පියා , හමුදා ඇඳුම ඇඳගත්ත වැදගත් "මනුස්සයෙක්" කියලා මේ සිද්ධි වලින් ඔප්පු වෙනවා.

    ReplyDelete
  9. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
    විචාරක දියණිය

    ReplyDelete
  10. මා ඔබගේ පියාව හඳුනන්නේ බ්ලෝග් ලෝකයෙන් පමණක්මයි. ඒත් ඒ පැරණි හමුදා නිලධාරියා පිලිබද මා තුල ඇත්තේ ගෞරවය මුසුවූ හැගීමක්. කොමෙන්ටු වෙසින් අප ඔහුගෙන් ලද උපදෙස් අවවාද බොහොමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට
      විචාරක දියණිය

      Delete
  11. Replies
    1. ++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  12. මේක ටිකක් අවුල් වගේ. යුද්දේ මෙම සිදුවීම් ‍උනේ 2009 මැයි 10 සිට මැයි 20 දක්වා කාලේ නේද? ඔබේ පියා විශ්‍රාම ගියේ පෙබරවාරි 27. ඉතින් ැගපේද. පැහැදිලි කරන්නේ නම් මැනවි

    ReplyDelete
  13. මෙහෙමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රචාරණය කළ ආකාරයට දමිළ ජනතාව ගම්බිම් අතහැර ආවේ අවසාන මාස දෙක තුනේ කියලා සිතුවාට එය සිද්ධවුණේ ඊට හුඟක් පෙර සිටයි. මේ ලිපියේ සඳහන් ආකාරයට මුලින්ම දමිළ ජනතාව මැණික් ෆාම් කඳවුරේ නවාතැන් දුන්නත් පසු කාලීනව එම කඳවුර ප්‍රමාණවත් වුනේ නැහැ පැමිණි දමිල සිවිල් ජනතාව වෙනුවෙන් ඒ නිසා වෙනත් ස්ථාන සොයන්නත් සිදුවුණා. කොටින්ගේ පරාජයේ අඳුරු සෙවනැලි වැටහුනේ දමිල ජනතාව සිඉන්හල පාලන ප්‍රදේශවලට ඔවුන්ගේ එන නොතකා පැමිණීමත් සමගයි. ඔබට මේ ගැන තව තොරතුරු සොයන්න පුළුවන් මේ සිදුවීම් බොරු නොවන්නේ මට මේවා මවලා ලියන්න බැරි නිසා.
    විචාරක දියණිය

    ReplyDelete
  14. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }