හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

13 January 2018

අකුරු ආවේ කොහෙන්ද ? 1



2018  වසරේ මගේ පළමු ලිපිය තමයි මේ ලියන්න සැරසෙන්නේ . මා පසුගිය  වසරේ පැවසූ පරිදි  මෙම බ්ලොගයේ ලිපි මදක් වෙනස් කිරීමට උත්සාහ කරනවා. එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය වන්නේ ඔබලාගේ ප්‍රතිචාර මතයි . කෙසේ වෙතත් එම වෙනස් රටාවේ ලිපිවල පළමු වැන්න මෙසේ ඉදිරිපත් කරනවා. 



ලෝකයේ භාෂාවන්, අක්ෂර වර්ග බොහොමයක් භාවිතා වෙනවා . එහෙත්  ආදී මානවයා  තම සන්නිවේදනය  සඳහා මුලින්ම අක්ෂර සොයාගත්තේ කෙසේද යන්න විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙනවා . 



අක්ෂරයේ විකාශනය 


මානව පරිණාමයේ සුවිශේෂී කඩයිම ගින්දර සොයාගැනීමයි . ආදී මානවයාගේ මුල්ම තාක්ෂණික ක්‍රියාවලිය එයයි . එහෙත් මානවයාගේ ප්‍රගමනය අධිවේගයෙන් ඉදිරියට පැමිණීමට මුල් වූයේ සන්නිවේදනය දියුණු විමෙන්  පසුවයි . ඒ අනුව මිනිසා අක්ෂර කලාවට  පිවිස ඇත්තේ මීට වසර 6000 කට පමණ පෙර බව තහවුරු වී තිබේ . එහෙත් භාෂාවේ ආරම්භය අදින් අවුරුදු 50000 කට පමණ පෙර යුගය දක්වා දිවයයි . 



ආදි මිනිසා විසින් ශබ්ද උත්පාදනය කළ ආකාරය පිලිබඳ සාක්ෂි කෙන්යාවෙන් හමුවී තිබේ. ආදී මානවයාගේ නිජබිම වූ අප්‍රිකා මහාද්වීපයේ කෙන්යාවෙන් සොයාගන්නා ලද හිස්කබලක් විශ්ලේෂණය කළවිට එහි ( Voice Box ) විකිරණශීලි තත්වයක්  දක්නට ලැබී ඇත. මිනිසාගේ ශබ්ද උත්පාදනය සඳහා සකස්වී තිබුණේ ස්වරාලයයි . වචන කිහිපයක් උච්චාරණය කිරීමට හැකිවන පරිදි ස්වරාලයේ වෙනස්කම් ඇතිවිය. භාෂාව නිසා අක්ෂර උත්පාද වී ඇති අතර , අක්ෂර සඳහා ශබ්ද උපයෝගී කරගෙන  ඇත. වර්තමාන මිනිසාගේ ලඟම නෑයා ලෙස හඳුන්වන හෝමෝ සේපියන් මානවයා  මෙන්ම අනෙකුත් මානව වර්ගයාද සංකේත නිපදවා ඇත. හෝමෝ සේපියන් මානවයා (Animal Symbolical ) ලෙස හඳුන්වා ඇත . 



හෝමෝ සේපියන් මානවයාගේ මොළයේ  වර්ධනයත් සමග නව ස්නායු ජාලද නිපදවීමෙන් නව නිර්මාණශීලිත්වයක් ඇතිවී තිබේ . මොළය විවිධ ක්‍රියාකාරිත්වයන් සඳහා වෙන්වූ ස්ථාන ලෙස සකස් වේ . එහිදී එක් ස්ථානයක් තවත් ස්ථානයක් හා සම්බන්ධ වීමේදි නව දෙයක් නිපදවයි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ සංකේතයි. ඒ අනුව ඔවුන් භාවිතා කරන ලද  ප්‍රථම වර්ණ සංකේතය වන්නේ රතු වර්ණයයි මීට හේතුව ඔවුන්ගේ එදිනෙදා  ජීවිතය හා (life style)  බැඳුණු වර්ණය රතු වර්ණය වීමයි.  එමනිසා මෙය  ( First Code Colour ) ලෙස හඳුන්වනු ලබයි . 



උදාහරණ -           බඩගින්න - ඉදුණු රතුපාට ගෙඩි 

                             අනතුරු  -  රතුපාට ලේ 

                             මෛථුන්‍ය - රතුපාට අවයව 



මේ අනුව මෙය ( Cultural code ) ලෙස හැඳින්විය හැකිය . සංකේත භාවිතා කරගනිමින් මුලින්ම භාෂාව වර්ධනය කරගත් මානවයා  වන්නේ හෝමෝ සේපියන් මානවයාය. මෙම මානවයින් භාෂාව දියුණු කිරීමත් සමග තාක්ෂණයද දියුණු විය . ඔවුන් මුලිනම් සංකේත ලෙස භාවිතා කර ඇත්තේ කුඩා කුඩා ඉරි කැබලිය. පෙනුමෙන් ඉරි කැබලි වුවත් ඒවායේ විශාල අර්ථයක්  ගැබ්වී තිබී  ඇත . මිනිසා සංකේත භාවිතා කිරිමේ අරමුණ වූයේ ඔහුට කාලය හා අවකාශය සමග ගනුදෙනු  කිරීමේ අවශ්‍යතාවයයි.



කාලය හා අවකාශය එකිනෙක බැඳී පවතී . කාලය නොමැතිව අවකාශය තේරුම් ගත නොහැකි අතර , අවකාශය නොමැතිව කාලයද තේරුම්  ගත නොහැකිය . සංකේත මගින් කාලය හා අවකාශය ත්රුම් ගත හෝමෝ සේපියන් මානවයා ඒවා තම මොළයේ ගබඩා කරගන්නා ලදී . සංචාරක ජීවිතයක් ගතකළ මානවයා ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමෙන් පසු සංකේත වෙනුවට රූප භාවිතය වැඩි කළේය . එහිදී මොළයේ ගබඩා කරගත සංකේත ප්‍රමාණයද වැඩිවිය . එමනිසා හෝමෝ සේපියන් මානවයාගේ සංකේත හදුනා ගැනීමේ ශක්තිය  වැඩිවිය . 




ඉතිරි කොටස ඊළඟ ලිපියෙන් ...........................



විචාරක දියණිය    22 .00 පැයට 


21 comments :

  1. ඉතාම වැදගත්! ඉතාම වටිනා කාර්යයකට මුලපුරා තිබෙන බව පෙනී යනවා!!!.ලියන්න දිගටම ලියන්න!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සර් ඔබේ දිරිගැන්වීමට. ඔබලා වැනි අය නිසයි තාමත් මේ බ්ලොග් එකේ මම ලියන්නේ
      විචාරක දියණිය

      Delete
  2. යමක් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට . ම සතු දැනුම අන් ය හා බෙදා ගැනීමයි මගේ අරමුණ
      විචාරක දියණිය

      Delete
  3. දිගටම ශ්‍රස්ත්‍රිය ලිපි ලියන්න එපා. අතරින් පතර වෙනත් ඒවත් ලියන්න. සාමාන්‍යොයන් ලියන අය කියන දෙයක් තමා අදහස් තිබ්බා දැන් ඒක අන්ත්‍රස්දාන වෙලා කියලා. අන්න ඒකට හොද වැඩක් තියේ. ලියන්න හොද සිතුවිල්ලක් ආපු ගමන් ඒක පොඩි සටහනක් එක්ක කොල කෑල්ලක ලියල තියන්න. පස්සේ බැලුවම අර නැතිවෙන්න ගිය අදහස ආයි ගන්න පුලුවන්. බාත්රුම් අදහසුත් එහෙමයි. බාත්රුම් එකෙන් එලියට එනකොට ඒවා නැතිවෙනවා. (ඕක කිව්වේ සහන් කියල බ්ලොග් ලියන කෙනෙක්මයි)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එහම එක දිගට එක වගේ ඒවා ලිවාම බොරින් තමයි. මට ඉතින් තාත්තා කියන මාතෘකාව හැමදාම තියනවනේ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.
      විචාරක දියණිය

      Delete
    2. ඇත්තට දේශකය... සහන් ලියන්නැති එක හෙණ අපරාදයක්. උන්දැගෙ බ්ලොග් එකත් වහල දාල කියල ළඟදි දැක්ක.

      Delete
  4. අගේ ඇති ලිපි පෙළක ආරම්භයක් වගෙයි. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔඅබගේ ප්‍රතිචාරයට හැකි විගස දේවාන ලිපිය ලියන්නම්
      විචාරක දියණිය

      Delete
  5. /ආදී මානවයාගේ නිජබිම වූ අප්‍රිකා මහාද්වීපයේ කෙන්යාවෙන් සොයාගන්නා ලද හිස්කබලක් විශ්ලේෂණය කළවිට එහි ( Voice Box ) විකිරණශීලි තත්වයක් දක්නට ලැබී ඇත. /

    මම හිතන්නෙ මෙතන ඔබට ලියන්නට අවශ්‍ය වූයේ එම හිස්කබලේ ස්වරාලයෙහි විකරණයවන (Improving, Modifying) ස්වභාවයක් දක්නට ලැබී ඇති බව වෙන්න ඕන.

    නිවැරදි වචනය "මෛථූනය"

    අපූරුයි දිගටම ලියන්න....

    ReplyDelete
  6. කුතුහලය දනවන මාතෘකාවක්, ඉතිරිය එනකම් බල ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට ඉතිරිය ඉක්මනින් ලියන්නම්
      විචාරක දියණිය

      Delete
  7. ගහේ කටු වගේ.. නියමයි.. ඉස්සරම මේ බ්ලොග් එක කියුව කාලේ මතක් උනා.. තව ටිකක් භාෂාව පොලිෂ් උනානම් කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියිඔබේ දිරිගැන්වීමට
      විචාරක දියණිය

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. හොඳයි ළමෙය... තාත්ත ගොඩක් පරිණත ලියන්නෙක් වෙලා හිටිය. ඔයාට දිග ගමනක් තියෙනව. මේ වගේ ලිපි වලින් සයිබරය පෝෂණය වෙනව. ඒ වගෙම විනෝදකාමී ලිපි වලින් කියවන්නන්ගෙයි ලියන්නන්ගෙයි භාව විෂෝධනයක් වෙනව. ඒ නිසා ලිපි කළවමක් කරන්න - පුළුවන්නං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ යහපත් ප්‍රතිචාරයට . ඒ ලෙස ඉදිරි ලිපි සකස් වේවි.
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }