හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 April 2015

මහ ගෙදරට නැවත පැමිණි රණවිරුවා...................... Return of a War Hero to own home

Sarath Fonseka promoted to rank of Field Marshal (7)
 රණවිරුවකු ගෙදර එනවා කියන්නේ වැදගත් සිදුවීමක්. අපේ රටේ මහා රණවිරුවෙක්, අවුරුදු පහකට පස්සේ, ගෙදර ආවා. පහුගිය අවුරුදු පහේම, මේ රණවිරුවාට ගෙදර එන්න තහනම් කරලා තිබුණේ. ඒ තහනම දැම්මේ, කෙළෙහිගුණ නොදත්, අමන, බලලෝභියකු විසින්. නමුත්, පශ්චාද් භාගයට වැදුන ජනතා පා පහරින්, ඒ අමනයා විසිවී ගියපසු, මේ අසාමාන්‍ය රණවිරුවාට, යළිත් තම මහගෙදරට එන්නට වරම් ලැබුණා. මේ, ඒ පිළිබඳ කෙටි සටහනක්. 


   අමන පාලනය යටතේ, අමන පවුලට සට්ටැඹිකම් නොකළ රණවිරුවන්ට, ලංකාවේ ත්‍රිවිධ හමුදා කඳවුරු වලට ඇතුළුවීමට, අවසර තිබුණේ නැහැ. නමුත් ඒ අමන නියෝග දැන් අවලංගු නිසා, කාටත් විවෘත ආරාධනාවක් ලැබුණා. මේ තමයි ඇරයුම්පත. මේ ලිපිය ලියවෙන්නේ මෙහි ඇති ඓතිහාසික වටිනාකම නිසයි.

    
Scan_20150413_115904

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණියේ වසර පහකට පසුවයි. සියළු දෙනාගෙන් එතුමාට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. මේ ඇරයුම්පතේ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ නමට ඉදිරියෙන් තිබෙන අකුරු වලින් කියවෙන දේවල් පැහැදිළි කර දෙන්නම්.

RWP = රණ වික්‍රම පදක්කම

RSP = රණශූර පදක්කම

VSV = විශිෂ්ඨ සේවා විභූෂණය

USP = උත්තම සේවා පදක්කම

rcds = Royal College of Defence Studies = බ්‍රිතාන්‍ය රාජකීය ආරක්ෂක විද්‍යාපීඨයේ ආරක්ෂක විද්‍යා උපාධිය

psc = Passed Staff College බ්‍රිතාන්‍යය/ඉන්දියාව/පාකිස්ථානය/බංග්ලාදේශය/ යන රටවලින් එකකදී ලබාගන්නා මාණ්ඩලික විද්‍යාල උපාධිය

(මේ උපාධිය සඳහා, ලංකා ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, කළින් ගියේ ඉහත රටවලට පමණයි. නමුත් දැන් අපේ රටේම අණ හා මාණ්ඩලික විද්‍යාලයක් පිහිටුවා, එමගින් මෙම උපාධිය දේශීය සහ විදේශීය ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට ලබාදෙනවා)

ඉහත දැක්වෙන්නේ, හමුදා නිළධාරියකුට, තම නමට ඉදිරියෙන් ලිවීමට අවසර ඇති පදක්කම් සහ උපාධි අතරින්, එතුමාට හිමි ඒවා පමණයි.

නමුත් එතුමාට මීට අමතරව, තවත් 'සේවා පදක්කම් - Service Medals'  රැසක් ලැබී තිබෙනවා.

එතුමාට හිමි සියලුම පදක්කම් විස්තරය පහත දක්වනවා. 


Scan_20150412_221240

ශ්‍රී ලංකාවේ පළමුවැනි ෆීල්ඩ් මාර්ෂල් වරයා සියැසින් දැකගන්නට ලැබීම සතුටක්. ඔහු මගේ රෙජිමේන්තුවේ නිළධාරියකු වීම අභිමානයක්.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට ලැබෙන, ඉහළම වීර පදක්කම වන, පරම වීර විභූෂණය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ පළමු වරට ලැබුණෙත්, අපේ රෙජිමේන්තුවටයි.
(කපිතන් සාලිය අලදෙණිය සහ කෝප්‍රල් ගාමිණී කුලරත්න) 

Scan_20150412_220555

කැමරාව ගෙනගියේ නැති නිසා, ජංගම දුරකතනයේ කැමරාවෙන්, පින්තූර කීපයක් සටහන් කරගත්තා. 

photo0098

එතුමා වෙනුවෙන් ඉතා අලංකාර ගෞරවාචාර පෙළපාලියක් පවත්වනු ලැබුවා.

photo0095

පෙළපාලියෙන් පසුව එතුමාව කඳවුරේ රණවිරු ස්මාරකය වෙත කැඳවාගෙන යනු ලැබුවා. 

photo0104

photo0106

photo0102

අති විශාල සිංහ සෙබළ කැළක්, මේ අභිමානනීය අවස්ථාවට සහභාගි වුණා. 

photo0103

 රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු, රැස්ව සිටි සියලුදෙනා ඇමතූ එතුමා තම පාසල් ජීවිතය, හමුදා ජීවිතය, සහ යුදබිමේ ජීවිතය ගැන දීර්ඝ විස්තරයක් කළා.

තමන් මේ රට වෙනුවෙන් කළ සේවය සලකා බලන කල, තමා රටට ණයගැති නොවන පුද්ගලයකුයැයි තමන් සිතන බව එතුමා ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම කඳවුර (ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය - අඹේපුස්ස) ඉදිකිරීම සඳහා දායක වූ ආකාරයත්, මුල්ම කාලයේදී, පොල්අතු සෙවිලි කළ, පොල්අතු වලින් බිත්ති සැදුණු, භට නිවාස වල ජීවත් වෙමින්, නොයෙක් දුක් කරදර මධ්‍යයේ කඳවුර වැඩිදියුණු කළහැටි විස්තර කළා.

අද ශ්‍රී ලංකා යුද හමුදාවේ, දර්ශනීයතම රෙජිමේන්තු මධ්‍යස්ථානයක් ලෙස, අවිවාදයෙන් පිළිගත හැකි මට්ටමක තිබෙන මේ කඳවුර, මේ මහ සෙනෙවියාගේ මගපෙන්වීම යටතේ අති විශාල දියුණුවක් ලබා තිබෙනවා.

අමන පාලනය යටතේ, අමන නියෝග මගින්, එතුමාගේ නම සහිත සියලුම සිහිවටන පුවරු, ඡායාරූප ආදිය ඉවත් කෙරුණා. නමුත් ඒවා විනාශ වන්නට නොදී, රහසිගතව රැකගන්නට, බුද්ධිමත් සිංහ විරුවන් ක්‍රියා කළා.

අද නැවතත් ඒ පුවරු සහ ඡායාරූප, කළින්  තිබුණු තැන්වලම සවිකර තිබෙනවා.  

photo0110

photo0107

photo0108

මෙම අභිමානවත් උත්සවය වෙනුවෙන් නිකුත් කරන ලද සිහිවටන සඟරාවේ, එතුමන්ගේ ජීවිත කතාවද සැකෙවින් දක්වා තිබෙනවා. මේ එයින් එක් පිටුවක්.

Scan_20150412_221435 - Copy


මෙම සිහිවටන සඟරාවේ ද එක් පිටුවක් වෙන්වී තිබුණේ, එවැනි හැඳින්වීමකටයි. 

Scan_20150412_221240 - Copy

ඔබට මතකද මා ඉහත සඳහන් මගේ ලිපියේදී සඳහන් කළා, ෆීල්ඩ් මාර්ෂල් වරයකුගේ අතේ ගෙනයන යෂ්ටිය පිළිබඳව. මේ තියෙන්නේ ඒ ගැන කෙටි හැඳින්වීමක්.

එම යෂ්ටිය රැගෙන යන්නෙත් විශේෂ ආකාරයකට. ඉහත ඡායාරූප නිරීක්ෂණය කළවිට ඔබට එය වැටහෙනු ඇති.

Scan_20150412_220809

ෆීල්ඩ් මාර්ෂල් වරයකුට වෙනම ධජයක් හිමිවනවා. ඔහු සහභාගිවන සෑම නිළ උත්සවයකදීම, එම ධජය එසවිය යුතුයි. මේ තියෙන්නේ, ලංකාවේ ෆීල්ඩ් මාර්ෂල් වරයාට හිමි ධජයයි. 

Scan_20150412_222008_002

ඉතා අලංකාරව සකසා තිබුණු අති විශාල කූඩාරමක දී සියළු දෙනා එක්ව දිවාභෝජන සංග්‍රහය භුක්ති වින්දා. ඊට පෙර එතුමාගේ ජීවිත කතාව රැගත් වාර්තා වීඩියෝ චිත්‍රපටියක් ප්‍රදර්ශණය කෙරුණා. 

දිවා භෝජනයෙන් පසු, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රබලතම යුද්ධයෙන් ජයගැනීමේ නියමුවා වූ, මේ අභීත, එඩිතර, අභිමානවත් මහ සෙනෙවියාට දීර්ඝායුෂ ප්‍රාර්ථනය කොට සමු දී, අපිත් ගමරට බලා පිටත්වුණා. 

photo0111


2015 අප්‍රේල් මස 14 වැනි දින 1348 පැය

60 comments :

  1. We are living in Sri Lanka, & We can any religion what we want. But Why are u guys fighting against Tamils? Not at the this moment but you did. Tamils have rights to practice their religion as yours. That's the reason you wear the uniforms. Any one can live free in this country. Please leave Tamil's along.

    ReplyDelete
    Replies
    1. Please read the history again and try to understand what has happened actually. Remove your Racism Spectacles.

      Delete
  2. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් තමයි යුද්ධය අවසන් කෙරු නායකයා. කුමන්ත්‍රණකරුවන් එතුමන් බලයෙන් යැව්වට අපි සැමදා එතුමන් සමගයි. දැන් කියනවා මේ ෆොන්සේකාලු යුද්ධේ කලේ. මහින්ද රාජපක්ෂ මැතිදුන් නැතිනං කරයි යුද්දේ. මොකද මෙයා අවුරුදු 40 ක්ම හමුදාවේ හිටියනේ. එහෙනං යුද්ධේ ඉවර කරනං එපයි. ගජභා රෙජිමේන්තුවේ අභීත නිලධාරියෙක් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් තමයි හමුදාව පැත්තෙන් යුද්ධය මෙහෙයවීමට කටයුතු කලේ. ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය දුන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්.

    තමා මෙම බ්ලොග් අඩවියේ අපගේ හිටපු සේනාධිනායක, මහින්ද රාජපක්ෂ මැතිදුන්ට අමනයා කියා ආමන්ත්‍රණය කොට තිබෙනවා. වහාම ඒවා අයින් කරන්න. තමා සොල්දාදුවෙක් වශයෙන් තමාට අයිතියක් නෑ සේනාධිනායකයා විවේචනය කිරීමට.

    නැවත මෙවැනි ලිපි පළකිරීමෙන් වලකින ලෙස තරයේ දන්වා සිටිමි.

    ReplyDelete
    Replies
    1. නැවත මෙවැනි ලිපි පළකිරීමෙන් වලකින ලෙස තරයේ දන්වා සිටිමි.

      හත්වලාමේ ඇයි මක් කොරන්න දෝ

      කසනවානම් ඇටේ වට කරන්......... වම් අතින් කහමු රත්තරන්

      Delete
    2. ගොනා වුනාට උම්බෑ කියන්න එපා උන්නැහේ. මරා කියන්නේ අමන වල් බල්ලෙක්, කුපාඩියෙක්, වනචරයෙක්, ලෝක හොරෙක්, බලලෝභියෙක්. උගේ මූනට වුනත් ඒ ටික කියන්න මට ආත්ම ශක්තිය තියනවා, තමුසේ උගේ බෙටි ඉරුවාට මට කමක් නැහැ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අදහස කොමෙන්ටුවකින්ම ඉදිරිපත් කළෙමි.

      Delete
  3. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා විචා.බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ. සුබ අලුත් අවුරුද්දක් වේවා!

      Delete
  4. විචා, මහින්දට හිමි තැන මහින්දට දෙමු ෆොන්සේකට හිමි තැන ඔහුට දෙන අතරෙම. මොකද යුද්දෙ දින්නෙ ඔය කාගෙත් උදව්වෙන් නිසා.

    බොහොම ස්තූතියි මේ සටහනට සහ, සන්තෝසයි සරත් ෆොන්සේකා හට නැවත වීරයෙකු ලෙස තම නිජ බිමට ඒමට සහ ගරු සැලකිලි ලැබීමට හැකිවීම ගැන..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉන්දික මධ්‍යස්ථව අදහස් දැක්වීම ගැන.

      Delete
    2. යුද්ධය දිනීමට පටන් ගැනීමට මූලික වුනේ ප්‍රභාකරන්ගේ මෝඩ උඩඟු පිස්සුවෙන් රජීව් ගාන්ධි ඝාතනය කිරීම. 83 කලු ජූලිය LTTE එකේ සීඝ්‍ර දියුණුවට හේතුවූ ප්‍රධාන සාධකය වුනා වගේම ඔවුන්ගේ අවසානයේ ආරම්භය රජීව් ගාන්ධි ඝාතනය.

      ෆොන්සේකා (විශේෂයින්ම) හා අනෙකුත් හමුදාවන් සහ ඉන් පසුව ගෝඨාභය හා මහින්ද රාජපක්ස , කරුණා හා පිල්ලෙයාන්, ඉන්දියාව, ඇමරිකාව, චීනය, පකිස්ථානය , ශ්‍රීලාංකික බදු ගෙවන/ගෙවා බඩු ගන්න ජනතාව ඔක්කොම අවසාන ජයග්‍රහණයට දායක වුනා

      Delete
    3. ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් ධූරය ලැබිය යුතුයි. එසේම තම ජීවිතය පූජාකළ හසලක ගාමිණී කුලරත්නගේ සිහිවටනය ඉවත් නොකළ යුතුයි.
      යුද්ධයට දේශපාලන නායකත්වය දුන් මහින්ද රාජපක්ෂගේ දායකත්වය අවතක්සේරු නොකළ යුතුයි.

      යුද්ධය අවසන් කළ යුතුබවට ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ හා ලලිත් ඇතුලත්මුදලි පමණයි. ලලිත් යටතේ කොබ්බෑකඩුව මහත් ධෛර්යයෙන් යුද්ධය අවසන් කරන්නට ගියත් ඉන්දියාව එරෙහිවූ නිසා නවත්වන්නට සිදුවුනා. මෙවරත් ඉන්දියාව ගේම ඉල්ලුවානම් හමුදාවට සහ අපේ ජනතාවට කරන්න දෙයක් නෑ.
      ඒ නිසා දේශපාලන නායකත්වය හා හමුදා නායකත්වය කොච්චර හොඳ වුනත් ජාත්‍යාන්තර බලපෑම් ඉතා වැදගත්.
      ඉන්දියාව පමනක් නොවෙයි ඇමරිකාවත් හිටියෙ අපේ පැත්තෙ. ඒ බින් ලාඩන්ගෙ වැඩේ නිසා ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ප්‍රකාශ කළ නිසයි.
      කරුණා කැඩී යාම සහ ඔහු අපේ පැත්තට ආපු එකත් ලොකුම ලොකු වාසියක් වුනා.
      කවුරුත් අමතක කරන තව පාර්ශ්වයක් ඉන්න්වා ඒ තමා මුස්ලිම් ජනතාව. ඔවුන් දිනාගන්න කොටින් ගත් උත්සාහය සාර්ථක වුනේ නෑ.
      එසේම යුද්ධයට අවශ්‍ය ජනමතය සකස්කළ විද්වතුන්ගෙ දායකත්වයත් වැදගත්.ජවිපෙත් යුද්ධය දිනන්න විශාල ලෙස මතවාදී ලෙස සහ ජනතාව සංවිධානය කිරීමේ පැත්තෙන් ලොකු සේවයක් කළා.
      ජනමතය ගොඩනැගූ පසුව හදිසියේම පැමිණ අවස්ථාවාදීව ජනමතය කොල්ලකෑ පශ්චාත් නූතනවාදී හෙළ උරුමය ගැන නොවෙයි මේ කියන්නෙ.
      මේ ඔක්කොමත් තිබිල 2008 දි අයවැය පැරදුනානම් ඔක්කොම ඉවරයි.

      Delete
    4. යුද්ධය අවසන් කළ යුතුබවට ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කළේ මහින්ද රාජපක්ෂ හා ලලිත් ඇතුලත්මුදලි පමණයි. //

      මේ කියන්නෙ දේශපාලන නායකත්වය පැත්තෙන්. හමුදා නායකත්වය පැත්තෙන් ෆොන්සේකා වගෙ අය හමුදාවෙ හිටියා.
      මගෙ පෞද්ගලික අදහස තමයි ෆොන්සේක ඇර වෙන හමුදාපතිකෙනෙකුට මේක කරන්න පුළුවන්ද කියන එක. ෆොන්සේක කියන්නෙ විවිධ ක්ශේත්‍රවල දක්ෂතාවල එකතුවක්. දේශපාලනයට ආව සමහර හමුදාවෙ අයට හරියට කතාකරන්නවත් බෑ. නමුත් ෆොන්සේක හැසිරුනේ පළපුරුදු දේශපාලනඥයෙක් ලෙස. හිරේ හිටපු කාලෙ ඒක පෙනුනා.
      සමහරු ඔහුට දේශපලානය ගැලපෙනෙන් නෑ කිව්වට මටනම් එහෙම දෙයක් පේන්නෙ නෑ. ඔහු ජාතික නායකත්වයට සුදුස්සෙක්.

      Delete
    5. @MM
      //ඔහු ජාතික නායකත්වයට සුදුස්සෙක්.//

      රාහු කාලයවත් බලන්නෙ නෑ කියපු එක නිසා මාත් එහෙම හිතනවා.

      අනිකුත් ඔක්කොම එවුන් ගස් ගල් පිලිම වසී උසී පස්සෙ යන්නෙ හරියට චන්දෙ කියන්නෙ අද්බූත දෙයක් වගේ. එක අතකට චන්දෙ දෙන බහුතර බූතයිනුත් එහෙමනෙ. උන්ව නියෝජනය කරන්න ඕනැනෙ

      Delete
    6. @ ඉන්දික, ප්‍රාජේ, මධ්‍යස්ත මතධාරියා.

      මහත්වරුනි, තමුන්නාන්සේලා මහත්වරු වගේ සංවාදයට එළඹීම අගය කරනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මටත් අවශ්‍ය මෙවැනි සංවාද ගොඩනගන්නයි. නමුත් හිත ඇතුලේ වෛරය දරාගෙන ඉන්න දේශපාලන කුක්කන්, නිර්නාමිකව දක්වන අමන අදහස් ගැන ඔවුන්ට අනුකම්පා කිරීම හැර වෙනත් කරන්න දෙයක් නැහැ.

      ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට ඔහුගේ අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ හමුදාපති තනතුර ලැබුණා. ඔහු එම අවස්ථාව, දක්ෂව, නිවැරදිව, සංවිධානාත්මකව, යුද ජයග්‍රහණය කරා යාමට යොදාගත්තා. ඔහු මුලින්ම කලේ මුළු හමුදාවම එක අරමුණකට ගැනීමයි අපේ රට වැනි සාම්ප්‍රදායික පෙරදිග චින්තනය, විවිධ අභිචාර විධි සහ ආගමික විශ්වාස, කුල භේද, ජාති භේද, සහිත සමාජයකින් පැමිණි නිලධාරීන් සහ සෙබළුන් එසේ එක අරමුණකට ගැනීමම මහා යුද්ධයක්. ෆොන්සේකා මහතා මුලින්ම ජයගත්තේ අන්න ඒ යුද්ධයෙන්,. දෙවනුව ඔහු හමුදාවේ විනය ඉතා ඉහළට ගත්තා. ඔහු ඉර පෙන්වා ඒ හඳ කිව්වොත් ඔව් ඒ හඳ කියන තරමට, එකම අණක් යටතට හමුදාව ගත්තා. ඒ තමයි යුද ජයග්‍රහණයේ දෙවැනි පියවර. තුන්වනුව ඔහු ප්‍රහාරක සැලසුම් හැදුවේ, ත්‍රිවිධ හමුදාවම දායක වන ආකාරයෙන්. එවැනි සැලසුම් හැදීම කලහැක්කේ යුධ න්‍යාය පිලිබඳ අති දක්ෂයකුට පමණයි.

      ෆොන්සේකා යනු මේ සඳහා එකම සුදුස්සා නොවෙයි. මීට පෙර අවසන් සටනට සියළු සැකසුම් සූදානම් කර තිබුණු අවස්ථාවකයි ජෙනරල් කොබ්බෑකඩුව මියගියේ. එහෙම නොවුනා නම්, අපි යුද්ධය දිනලා හුඟක් කල්. එමෙන්ම පසුකාලීනව ජෙනරල් කොබ්බෑකඩුව මේ රටේ ජනාධිපති වෙන්නත් ඉඩ තිබුණා. සියළු දේටම ටිකක් හරි වාසනාවත් අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා යන දෙදෙනාටම එම වාසනාව අඩු/වැඩි වශයෙන් තිබුනා.

      ලලිත් ඇතුලත්මුදලි මහතා එදා ජනාධිපති වුනානම් මේ යුද්ධය මුල් අවස්ථාවේදීම මැඩපවත්වනවා.

      යුද ජයග්‍රහණය සඳහා, ගමේ පන්සලේ බෝධිපූජා තියපු උපාසක අම්මලා පවා දායක වුණා.

      Delete
  5. යුධ හමුදා ඉතිහාසෙන් එතුමාගෙ නම මකා දමා තිබුනු යුගයක් තිබුනා. මේ වර්තමාන තත්වය පුලිබඳ සතුටුයි ගොඩක්. රටකට නිදහස ලබා දීල එතුමා සිරගත උනා. ඒ පාපිශ්ට යුගය අවසන්.

    ReplyDelete
    Replies
    1. දෙයක් වෙ නම් යම් සුදුස්සාටම අයිති වියයුතු

      Delete
  6. ලැබූ අත්දැකීම් බෙදගැනීම ගැන ස්තුතියි.

    1. Serving Officer - No 1 කියන්නේ මොකක්ද?

    2. විචාරක මහත්මයාගෙ කලින් විස්තරය දැක්කම නම් මට හිතෙන්නෙ ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් ලංකාවට අවශ්‍යය නැති බව. ඒත් ජෙනරාල් ධූරය තවත් කෙනෙකුටත් පිරිනමා ඇති නිසා ෆොන්සේකා මහතාට ඊට වඩා උසස් භාවයක් දෙන්න එම ධූරය පිරිනමන්න ඇති. කෙසේවෙතත් ලැබූ තත්වය ගැන සතුටුයි.

    3. ෆීල්ඩ් මාර්ෂල් ධූරය දරමින් දේශපාලනයේ නියැලීමට නීතියෙන් බාධාවක් නැති බව දැක්කා. ඒත් එය සදාචාරසම්පන්න බව විචාරක මහත්මයා හිතනවාද? අනික මට නම් හිතෙන්නෙ ෆොන්සේකා මහත්මයාට දේශපාලනය ගැළපෙන්නේ නැති බවයි. අනික් ඉන්න හොර මැති ඇමතිලාටත් ගැළපෙන්නෙ නෑ තමයි.

    4. මරාට කඩේ ගියපු අයත් හමුදාව තුළ හිටියානෙ. ඒ අයට මොකද උනේ? තමුන්ට අවස්ථාවක් එනතුරු බලා සිටිනවාද? මරා සූත්තරයකින් බලය ගත්තොත් මෙම ධූරය අහෝසි කරයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැරී බොහොම බුද්ධිමත්ව අදහස් දැක්වීම ගැන.

      1. ත්‍රිවිධ හමුදාවේම තියන නිළ ඇඳුම් අංක කරලා තියෙන්නේ. මෙහිදී නිළධාරීන්ට දන්වා තිබෙනවා අංක 1 නිළ ඇඳුමෙන් සැරසී එන ලෙස.

      2. අනවශ්‍යයි කියන්නම බැහැ. නමුත් නිලය පිරිනමන අයත්, නිලය දරන්නාත් සිතිය යුතුයි එහි ගෞරවය රැකගතයුතු බව. උදාහරණයක් වශයෙන් තවත් ආණ්ඩුවක් පත්වූ විට ෆීල්ඩ් මාර්ෂල් තනතුරු තවත් දෙන්න ගියොත් මෙජ සාමදාන විනිශ්චයකාර තනතුරක් මෙන් හෑල්ලු වෙනවා.

      3. සම්පූර්ණයෙන් එකඟයි. නිළය දරමින් දේශපාලනයේ යෙදීම මමට් හිතන්නේ ඒ නිලයේ ගෞරවය කෙලෙසීමක්.

      4. මරාට බලයට එන්න බැරි විදිහට අවශ්‍ය සැකසුම් කරලා තියෙන්නේ. දැන් මරා අනාථයි. ඒ නිසා බයක් වෙන්න දෙයක් නැහැ.

      Delete
    2. Serving Officer means officers in active duty?

      Delete
    3. @ Prince of MoonshineApril 16, 2015 at 8:19 AM

      Yes, exactly

      Delete
  7. රසවත්, හැඟීම්බර ලිපියක්.
    බොහොමත් ස්තුතියි, මේක අපි සමඟ බෙදාගත්තාට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  8. ඔබ මෙතුමා ගැන පෙර ලියු ලිපියේදී මා නොසතුටින් කමෙන්ට් කලේ,, නමුත් මෙදා නම් සතුටුයි,, මෙවැනි පොස්ටුවක් ලියන්න ඔබ කැපකළ කාළය ගැන ස්තුති,,, ඩේටා නම් අන්ලිමිටඩ් නේ,, මේ කියවපු ගොඩක් දේවල් කලින් දැනගෙන හිටියේ නැහැ..

    තව දෙයක් මන් හරිම කම්මැලි හමුදා පෙරඩ් උත්සව බලන්න,,, ඉස්කෝලෙදි ත් සපෝර්ට් මිට් ඉවරවෙලා තියන වමදකුණ කරන වැඩේට මට මාර කම්මැලි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුවේ. දැණුමට යමක් එක්වුනානම් මට සතුටුයි.

      කම්මැලි කෙල්ල. ළඟක හිටියානම් මම උඹව අල්ලාගෙන ගිහිල්ලා හමුදා කඳවුරක පෙළපාලි භූමියේ පැයක් විතර ගිනි අව්වේ තියනවා :e

      Delete
  9. රණ විරුවා යන්න අර්තදක්වන්නේ කොහොමද? දිනුවොත් විතරද රණ විරුවෙක් වෙන්න පුළුවන්?

    ReplyDelete
    Replies
    1. මමනම් හිතන්නේ රණ විරුවෙක් වෙන්න එක් වරක්වත්, වැදගත්, ඓතිහාසික ජයග්‍රහණයකට දායකත්වය දී තිබිය යුතුයි.

      Delete
  10. සිංහ, ගජබා, ගැමුණු යනාදී කණ්ඩායම් අතර එකිනෙකා කෙරෙහි, පාසලක ශිෂ්‍ය නිවාස මට්ටමින් ඔබ්බට ගිය, වෛරයක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ රෙජිමේන්තුවල සිටින සමහ මෝඩයන් තුළ එවැනි හැඟීම් ඇති. නමුත් බලසේනාවක, සේනාංකයක, හමුදා මූලස්ථානයේ, ඇති පත්වීම් වල කටයුතු කරන ඒ ඒ රෙජිමේන්තු සාමාජිකයන්, ඉතා සහයෝගයෙන් එදත් අදත් වැඩ කරනවා.

      Delete
  11. මෙහි දක්වා ඇති මිලිටරි ඇකඩමි සුදුසුකම් (ඒවා උපාධි නොවන බවයි පේන්නේ) තනිකර ලෝවර් කේස් අකුරෙන් දක්වා ඇත්තේ ඇයි?

    Passed Staff Collage යන්න අමුතුවෙන් දැක්විය යුතුද? Fail අයත් ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. එම උපාධිය පිරිනමන්නේ එකී රටේ බලයලත් (ව්‍යවස්ථාපිත) ඇකඩමියකින්. අපේ රටෙත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවා තිබෙන්නේ ඒ ආකාරයටයි.

      ලෝකය පුරාම හමුදා ලිපි ලේඛන කටයුතු කරන්නේ සම්මත ආකාරයකටයි. එය බොහෝවිට සිවිල් ආයතන පාවිච්චි කරන ක්‍රම වලට වඩා වෙනස්. උදාහරණයක් වශයෙන් බලලත් නිලධාරි 1 සහ ඊට ඉහළ නිළයන්ගේ පමණයි, නමට පෙර මුල අකුරු ලියන්නේ. උදාහරණය:- කපිතන් ABC ගුණපාල. ගුණපාල කෝප්‍රල් නම්, නම ලියන්නේ, කෝප්‍රල් ගුණපාල ABC යනුවෙන්. බලන්න මෙහි මුල අකුරු අතර තිත් තියන්නේ නැහැ. එයත් හමුදාවට ආවේනික ලක්ෂණයක්.

      passed staff college යන්න එකී බ්‍රිතාන්‍ය ආයතනය මගින් අනාදිමත් කාලයක සිට පැවත එන පිළිවෙතයි. ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ මූලාකෘතිය බ්‍රිතාන්‍ය හමුදාවයි.

      ඔව් එම විභාගය අසමත් වන අයත් ඉන්නවා. සෑම හමුදාවකම තිබෙනවා career planning කියා දෙයක්. සෑම නිළධාරියකුම තම වෘත්තීය අනාගතය සකසාගන්නේ මෙවැනි පශ්චාත් පුහුණු කටයුතු මගින්. එයින් අසමත් වන්නන් හට කල්තබා විශ්‍රාම යන්න වෙනවා.

      Delete
  12. ෆොන්සේකා මහත්මය ශීග්‍රයෙන් දේශපාලනිකව පරිනත වේගන එන බව පසුගියදා තිබුන සටන වැඩ සටහනෙහි මම දුටුවා.

    ReplyDelete
    Replies
    1. අවංකවම දැන් මම මගේ අදහස වෙනස් කරගෙන තියනවා. මම හිතන්නේ එතුමා මේ ශ්‍රේෂ්ඨ නිළයෙහි සිටිමින් දේශපාලනයට අවතීර්ණ නොවී ඉන්නවානම් හොඳයි කියලා. දේශපාලනයේ යෙදෙනවානම් තවදුරටත් නිළ ඇඳුම් නොඇඳිය යුතුයි කියාත් මා හිතනවා.

      Delete
  13. විචාරක තුමා තරහ ගන්න කාරි නෑ... 'අණ' ගැන ඔබතුමා අපට වඩා හොඳට දන්නවානෙ.පුද්ගල නාම පැත්තකින් තියලා තනතුර හරි සිහි කැඳවීම වටිනවා කියලයි මට නම් හිතෙන්නෙ.මොකද මේ බ්ලොග නිකන්ම නිකන් බ්ලොගක් විදිහට නෙමෙයි අපි පාවිච්චි කරන්නෙ.
    වටිනා තොරතුරු ඉදිරිපත් කිරීමක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මට ඔබේ අදහස් දැක්වීම පැහැදිලි නැහැ. තව ටිකක් පැහැදිලි කර කියන්න.

      Delete
    2. අවසන් මෙහෙයුම හා සම්බන්ධ ගෞරවය හිමිකරදීමයි අදහස් කලේ.

      Delete
    3. අවසන් මෙහෙයුම සම්බන්ධ ගෞරවය තනිකරම ෆොන්සේකාට හෝ තනිකරම මහින්දට හිමි නැහැ. මහින්ද, ෆොන්සේකාට අවස්ථාව දුන්නා කරගෙන යන්න. ඒක අගය කල යුතුයි. එපමණ විශ්වාසයක් තැබීම ගැන. ෆොන්සේකා, මහින්ද විසින් තමන්ට ලබාදුන් අවස්ථාව අවභාවිතා නොකර, තම සුවිශේෂී දක්ෂතා මගින් යුද ජයග්‍රහණය වෙත හමුදාව මෙහෙයවූවා. නමුත් ෆොන්සේකා තම ස්වාධීනත්වය වෙනුවෙන් කතාකිරීම තුළ, මහින්ද ඔහුගෙන් නින්දිත ලෙස පළිගත්තා. තමන්ව ඔසවා තැබූ මිනිසාට අගෞරව කළා. එහි ප්‍රතිඵලය අද මහින්දට ලැබී තිබෙනවා. එපමණයි.

      Delete
    4. එකඟයි.මෙය සාමුහික ප්‍රයත්නයක්.
      ජයවේවා..!!!

      Delete
  14. සුබම සුබ අලුත් අව්රුද්දක් මාමේ .......

    ReplyDelete
  15. ෆීල්ඩ් මාර්ෂල් නිලය සහ සේවා පදක්කම් ගැන නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා. ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබේ දැණුමට යමක් එක්වීම මට මහත් සතුටක්.

      Delete
  16. හොඳ විස්තර ටිකක් දැනගත්තා. ස්තුතියි ලිපිය පිළිබ‍‍‍ඳව.

    විචාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න ඔබටත් මගෙන් අවුරුදු සුබපැතුම්!

      Delete
  17. මම මේ කල්පනා කොලේ 2005 දී ප්‍රතිඵලය වෙනස් වුනානම් මේ වීරයො කොහේ ඉදියිද කියලා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් එහෙනම් මේ වීරයා විතරක් නෙවෙයි තවත් වීරයන් කොහේ ඉඳියිද?

      Delete
  18. මෙම ක්‍රියාවලියට ප්‍රතිරෝධී යයි සැලකිය හැකි මේ වනවිට උතුරේ ක්‍රියාත්මක වන සිහිවටන ඇතුලු හමුදාවට අදාල බොහොමයක් දෑ ඉවත් කිරීම ගැන ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි, හුදෙක් හිටපු හමුදා නිළධාරියෙකුගේ මතය දැනගැනීමේ අදහසින්...

    ReplyDelete
    Replies
    1. උතුරේ යම්කිසි යුද ස්මාරකයක්, පෞද්ගලික ඉඩමක තිබෙනවානම් ඉවත් කළ යුතුයි. අනෙකුත් කිසිදු ස්මාරකයක් ඉවත් කලයුතු නැහැ. කවුරු කිව්වත්.

      Delete
  19. නොදන්නාකම නිසා අසමි
    පාබල හමුදාපති තුමාට පමණක් ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබාදීම සාධාරණද?
    ( යුධ කලේ පාබල හමුදාව පමණක් නොවන අතර අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසූ පරිදි " තනතුරු දෙන්න එයාල මොනවද කලේ? " යන ප්‍රශ්නය අසාධාරණ බව මගේ හැඟීමයි. සරත් ෆොන්සේකා මහතා හමුදා සියල්ලේ අණදෙන නිලධාරියා වශයෙන් ක්‍රියා කර තිබේද? )
    රටක ෆීල්ඩ් මාර්ෂල් වරුන් දෙදෙනක් හෝ වැඩි ගණනක් සිටීමේ හැකියාවක් තිබේද?

    ReplyDelete
    Replies
    1. ෆීල්ඩ් මාෂල් තනතුරක් දෙන්න නං සම්පුර්ණ කල යුතු සාම්ප්‍රදායික කාරනා කිහිපයක් තියෙනවා. ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදා තුල මේ කාරනා සම්පුර්ණ කල නිලධාරියෙක්ට ඉන්නේ සරත් ෆොන්සේකා මහතා විතරයි. ඒ කියන්නේ ෆීල්ඩ් මාෂල් තනතුරක් දෙන්න නං අවම එක් ලක්ෂ හැටදාහක හමුදාවකට අණ දීලා තියෙන්න ඕනි. ෆොන්සේකා මහතා ලක්ෂ දෙකකට වඩා හමුදාවකට අණ දුන්නා. ගුවන්හමුදාවල, නාවික හමුදා වල උනත් සිටිය යුතු සෙබළුන්, ගුවන්යානා, යුධ නැව් ආදිය ගැන යමිකිසි සාම්ප්‍රදායික පිළිගැනීම් තියෙනවා. ලංකාවේ යුධ හමුදාව විතරයි මේ කාරනා සම්පුර්ණ කර තිබෙන්නේ. නාවික හමුදාවේ,ගුවන් හමුදාවේ එවැනි පිරිවිතර සම්පුර්ණ කර නෑ. ඒ නිසා එවැනි අයට මිට සමාන තනතුරු දෙන්න බෑ. (නාවික හම්දුඅවේ, ගුවන් හමුදාවේ අයට ෆීල්ඩ් මාෂල් තනතුර නෙමේ දෙන්නේ, ඊට සමාන වෙනත් තනතුරක්. මේක විචාරක මහතා පැහැදිලි කරයි. නැතිනම් මම පහලින් දාලා තියෙන ලින්ක් ඒකට ගිහිං ඒ සාකච්චාව බලන්න. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිදුන් මේ කාරනා පැහැදිලි කරනවා.)

      මේ සියලු කරනා ගැන පැහැදිලි කිරීමක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදුකලා පසුගියදා රුපවාහිනී සාකච්ඡාවකදී. මෙතනින් ඒක බැලුවොත් වැඩි විස්තර පැහැදිලි වෙයි.

      අදාළ සාකච්ඡාව මෙතනින්.

      Delete
    2. අනෝමා ෆොන්සේකා මහත්මිය අනවශ්‍ය දේවලට හොටදාන්නේ නැතුව ඉන්නවානම් හොඳයි.

      ඇනෝ ඔබට බොහොම ස්තුතියි.

      ප්‍රින්ස් අර ඇනෝ කියලා තියන වීඩියෝවේ සියල්ල තියනවා.

      Delete
  20. සුභ අලුත් අවුරුද්දක් වේවා විචාරක තුමා!
    වෙනදා වගේම පොස්ටුව රසවත් සහ නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.. ඔය කපිතාන් සාලිය අලදෙණිය අපේ ඉස්කෝලේ කෙනෙක්. අපේ ඉස්කෝලෙන් ගිය රණවිරුවන් වෙනුවෙන් ස්මාරකයක් එහෙත් තියනවා. ෆොටෝ කමෙන්ට්ස් දාන්න නොදන්න නිසා ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ..

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් අඟහරු. මමත් සාලිය අලදෙනියව පෞද්ගලිකකවම දන්නවා. හරිම දුක්බරයි.

      ෆොටෝ එක් URL එක මෙන්න මේ කෝඩ් එකට ඇතුලට දාන්න [im#] [/im] ඊට පස්සේ ඒක කපෙන්ට් එකට කොපි පේස්ට් කරන්න.

      කපිතන් සාලිය අලදෙනිය

      [im]http://www.defence.lk/img/20120615_Capt_SU_Aladeniya.jpg[/im]

      Delete
    2. කෝඩ් එක ටයිප් කලාට වදින්නේ නැහැ. කෑලි වලට කඩලා දාන්නම්. ස්පේස් නොතියා ටයිප් කරන්න. [ ඊළඟට im# ඊළඟට ] ඊළඟට [ ඊළඟට / ඊළඟට im ඊළඟට ] මෙහි ] සහ [ අතරට තමයි URL එක දාන්නේ.

      Delete
  21. සරත් ෆොන්සේකා මහතාට උසස් වීමක් ලබා දීමටත් නැවත හමුදා සක්‍රීය සේවය හා ගැටීමට සැලැස්වීමත් ගැන මගේ පුද්ගලිකව පැහැදීමක් නෑ.. නමුත් දේශපාලකයෙකු හා හිටපු හමුදා නිළධාරියෙකු ලෙස මං එතුමාට කැමතියි.

    ඔබ තුමාට සහ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ නැහැ කල්‍යාන ඔහුට ත්‍රිවිධ හමුදාවේ කටයුතු වලට ඇඟිලි ගහන්නට ඉඩක් තබා හෝ උපදේශක මට්ටමෙන් වත් සහභාගී කරගැනීමක් සිදුවෙයි කියා.

      ඔබ සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා.

      Delete
  22. වටිනා ලිපියක්. ස්තූතිය ඔබට විචා

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }