හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

20 April 2015

එන්න බලන්න බේබදු මැජික්

stock-photo-magician-in-the-business-suit-94980529
 හප්පෝ..........යන්ඩ යන්ඩ ඔය පොඩි ළමයි ඔක්කොම යන්ඩ. මේක ලොකුම ලොකු ළමයින්ට විතරයි. ඔන්න නොකිව්වයි කියන්ඩනම් එපා......... මෙව්වා බලලා බේබදුකමට හුරුවුණා කියලා. මෙව්වා ඉතින්, අපි වගේ, අ/මද්‍යප විශේෂඥයින්ට පමණක් සීමාවූ දේවල්. බ්ලොග් කියවන සකල සත්වයා කෙරෙහි පහළවූ මහා කරුණාව නිසයි, කියලා දෙන්ඩ හිතුවේ. ඔය දැන් මෙතන ඉන්න ලොකු ළමයි අතරින්, හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච ළමයි ඉන්ඩ. නැහැදිච්ච දෙමව්පියන්ගේ හැදිච්ච ළමයි යන්ඩ.

   හරී.... ඔන්න එහෙනං පට්ටා...න් ගන්ඩයි යන්නේ. හොඳ්දා.........යි. ඔය ළමයි දන්නවා නේද අරක්කු? ඔව් ඔව් බොන අරක්කු තමා. නැත්තං මූණේ ගාන අරක්කු කියලා ජාතියක් නැහැනේ? ඔන්න ඉතිං නාන, පීනන, කබරයා දාන, වගේ අරක්කු වර්ග නම් තියනවා.

   මේ ඊයේ පෙරේදා දවසක අවුරුදු සතුට වෙනුවෙන් පැවැත්වුන පුංචි සාදයකදී, ආයුර්වේද වෛද්‍යවරයකු විසින් තමයි, මේ මැජික් එක කරලා පෙන්නුවේ. මැජික් එක මෙහෙමයි. වෙද මහත්තයා කිව්වා, එයා එකම වීදුරුවකට වතුර සහ අරක්කු දමන බවත්, ඉන්පසු වතුර එම වීදුරුවේම ඉතිරි කර, එහි ඇති අරක්කු ටික පමණක් බොන බවත්.

   අප්පොච්චිගෙ පප්පේ......මේක ඉතිං මැජික් එකක් නේන්නං. කවදා කාපු ටකරංද කිව්වලු. වෙද මහත්තයා මගේ හොඳ මිත්‍රයෙක්. එයා මට කිව්වා. 'හරි, හමුදාවේ කඳවුරු වල සෑහෙන්න සාද පවත්වනවානේ. එහෙනං මහත්තයා මීට කලින් මේ වැඩේ දැකලා ඇති. පුලුවන්ද කරලා පෙන්නන්න' කියලා.

   මම කිව්වා, 'පිස්සුද වෙද මහත්තයෝ. ඔය මළජරාව වීදුරුවකට දාල අතට ගත්ත ගමන්, බුග් ගාලා උගුරෙන් පහලට බස්සගන්නවා මිසක්, අපි ආයේ ඕකෙන් මැජික් පෙන්නන්නේ නෑ. ඕන්නං ටිකක් වැඩිවෙච්චි දවසට ඔය එක එක මැජික් පෙන්නනවා' කියලා.

   ඔන්න ඊළඟට වෙද මහත්තයා අහපි, 'කවුද මා එක්ක ඔට්ටුවක් අල්ලන්නේ' කියලා. අප්පට සිරි ගජ, ඔව්වට තව ඔට්ටුත් අල්ලපියකෝ. එව්වා කොහෙද මාත් එක්ක. දැන් මෙතන හිටියා හත් දෙනෙක්. 'පීප්ප අංක 69' වර්ගයේ බෝතල් දෙකක් තිබුණා. (ලීටර් 2 ක්) අනේ එකෙක්වත් ආවේ නැහැ ඔට්ටු අල්ලන්න. අර ලීටර් දෙකෙන් බින්දුවක් හරි අඩුවෙයි කියලා ලෝබ හිතෙන්න ඇති.

   වෙද මහත්තයා ඉල්ලුවා අරක්කු බොන වීදුරුවකට වතුර එකක්. සාදය පැවැත්වුනේ, වෙද මහත්තයාගේ මල්ලි කෙනෙකුගේ ගෙදර. එයා, බෝතල් කළ පානීය ජලය එකක් ගෙනාවත්, වෙද මහත්තයා ඉල්ලුවා, ලිඳෙන් වතුර ටිකක් අරන් දෙන්න කියලා. ඔන්න ලිඳෙන් වතුර එකක් ගෙනල්ල, අරක්කු බොන වීදුරුවකින්, තුන්කාලක් විතර වෙන්න පිරෙව්වා.

   වෙද මහත්තයා එයාගේ සාක්කුවෙන් ගත්තා පිරිසිදු කපු ලේන්සුවක්. ලේන්සුව අර වතුර වීදුරුව මත එලලා, බෙර හමක් වගේ, තදින් ඇදී හිටින ලෙස අල්ලා ගත්තා. තවත් වීදුරුවකට දැමූ අරක්කු, ටික ටික, ලේන්සුව මතට වත්කළා. මෙන්න බොලේ වැඩක්. ඒ අරක්කු වෙනම තට්ටුවක් ලෙස වීදුරුවේ ජලය මත රැඳුනා.

   අම්මපා මැජික් නේන්නං. හෑ....................ඇස්දෙක අදහා ගන්නත් බැහැ. ඊළඟට වෙද මහත්තයා අර ලේන්සුව ඉවත් කළා. 'මං අහන්ඩ කැමතියි, ඔය දිලිසි දිලිසි තියෙන්නේ, අරක්කුද නැත්තං.......කියලා' නෑ නෑ, එහෙම ඇහුවේ නැහැ. වෙද මහත්තයා අරක්කු වීදුරුව අතට අරං, අනික් අතින්, වීදුරුවේ කට වැහුවා, ඉතා කුඩා ඉඩක් පමණක් ඉතිරි වන විදිහට. ඊළඟට වීදුරුව ඉතා සෙමින් ඔහුගේ මුවට ලං කොට, අරක්කු තට්ටුව උරා බිව්වා. මේ ළමයි දන්නවා ඇති අර සුරූ.....ස් ගාලා වීදුරුවකින් බීම උරා බොන විදිහ. අන්න ඒ විදිහට තමයි බිව්වේ.

   පොහ්.................මල් හතයි ඈ. මම පුතයත් ඉතිං, ඔව්වට සැකැන්ඩ් වෙන්ඩ කැමති නැති ගොබිලෙක් නේ. මමත් වැඩේ කොරලා බැලුවා. මම ලේන්සුව වෙනුවට පාවිච්චි කළේ, හතරට නවපු paper serviette එකක්. අම්මපා වැඩේ හරිගියානේ.

   ඔන්න පහළ තියන පලවෙනි පින්තූරේ තියෙන්නේ, අරක්කු වක්කලාට පසු වීදුරුව තිබුන හැටි. දෙවෙනි පොටෝ එකෙන් පෙන්නන්නේ, වෙද මහත්තයා අර අමුතු කෙරමෙට අරක්කු බිව්ව හැටි. මගේ ජංගම පෝන් හෙවත් මොබයිල් දුරකතනයේ, අර එළිය පාරක් විදින ලැයිට් එකක් නෑ ඕං. ඒ හින්දා පින්තූර අඳුරුයි.

photo0112

photo0115

   මට හිතෙන්නේ ළිඳෙන් ගත් කඨින ජලයේ ඝනත්වයට වඩා, ආසවනය කර සකසා ඇති මත්පැන් වල ඝනත්වය අඩු නිසා, මේ සංසිද්ධිය ඇතිවෙනවා කියලයි. 



2015 අප්‍රේල් මස 20 වැනි දින 1420 පැය 

51 comments :

  1. වතුර පොඩ්ඩක් හරි පෙවුවනනං අපරාදෙනෙ අරක්කු ටික. අපිනං ඔය වගේ දේවල් කරන්න යන්නෙ නෑ ඔය සුමිහිරි පානයට.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා වෙද මහත්තයට පිස්සුද කියලා.

      Delete
  2. ඕක කරන්න පුලුවන් කියල මං අහල තිබුනෙ වතුරයි අරක්කුයි අතර තෙල් ලේයර් එකක් තියනවනම් තමයි. ලේන්සුවෙ හරි සර්වියට් එකේ හරි තෙල් තිබුනද?

    ReplyDelete
    Replies
    1. නැහැ, තෙල් තිබුණේ නැහැ. මම හිතන්නේ මේ දියර වර්ග දෙකේ ඝනත්වයේ වෙනස තමයි බලපාන්නේ.

      Delete
  3. විස්කි චුට්ටක් හරි අහක යාවි කියල කස්ටිය වෙද මහත්තයට හිතෙන් බැන බැන ඉන්න ඇති නේද.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ. අපි ගියේ මැජික් බලන්න නෙවෙයිනේ. මැජික් වගේ බෝතල් දෙක ඉවර කරන්න.

      Delete
  4. මාත් ඕක කරල තියෙනව.. ඒ විතරක් නෙවෙයි ඉතින් ඔය 69 වගේ හොඳ බීමක්නම් හැමදාම ඔහොම තමයි කරන්නේ.. හැබැයි වතුර ටික මුලින් ෆ්‍රිජ් එකට දාලා කැට කර ගන්නවා.. ඊට පස්සේ ඒ ටික වීදුරුවට දාල ඊට උඩින් පරිස්සමට ඔව්වා වක් කරල දෙපාරක් කරකවල ගුඩුස් ගාල ගිලල දානවා අර වතුර කැට ටික ඉතුරු වෙන්න.. හැක්..

    ReplyDelete
    Replies
    1. හිහ් හී.................ඉස්සර KKS වලදී, 526 එකේදී on the rocks ගහලා, ආපහු එන්න ඩින්ගියට බැහැගන්න බැරිවුනාම, නේවි කොල්ලෝ තමා අපිව කරට අරං බස්සවන්නේ.

      Delete
  5. නල පාන ජාතකේ වගේ තමයි. සීලේත් තියාගෙන අරක්කු බීම. කෝ පැටියෝ " තුවක්කු? "

    ReplyDelete
    Replies
    1. මේක නල පාන නෙවෙයි, වීදුරුවෙන් 'උරාපාන'

      තුවක්කු ගොඩක් ගොඩගැහිලා තියනවා. දෙන්නං දෙන්නං.

      Delete
  6. දැන් ඉතින් විචාරක උන්නැහේ එන තැනක බොන්න වෙන්නේ නෑ... මැජික් බලන්නයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි ඔලුව උඩ ග්ලාස් සර්කස්?

      Delete
    2. සිංහයගේ කතන්දර

      Delete
    3. මෙන්න ප්‍රා මඩගහනව.......

      Delete
    4. පිස්සුද මාතේ. ඔව්වා කර කර ඉන්න වෙලාවක් නෑ දඩ බඩ ගාලා වනනවා මිසක්.

      ප්‍රාජේ - අම්මපා උඹට ඉරිසියයි නේද ඒ වැඩේ කරන්න බැරිවීම ගැන. හරි හරි ඊළඟ දවසේදී උගන්නන්නං

      සීජේ - සිංහයා කිව්වේ සිංහබාහු නේද?

      රාජ් - මුන්ට බෑ මා එක්ක හැරෙන්නවත්. එකයි ඔය මඩ ගහන්නේ.

      Delete
  7. තවවරක් පෙරූ පසු අරක්කු පාවේ??

    ReplyDelete
    Replies
    1. තව ටිකක් පෙරුවම අපිවත් පාවේ!

      Delete
  8. අනේ විචාරක මහත්තයෝ නොදන්න කමටයි අහන්නේ.. අරක්කු කියන්නේ මොනවද.. ?
    ඇල්වතුර වගේ සැර ජාතියක්ද??

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. පික්ෂුද..................? අරක්කු වනාහී, සකල සර්වාංග රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ, අතීතයේ සිටි ඉරිසින් වහන්සේලා විසින් අනුදැන වදාළ, අමුර්ත පානයකි.

      Delete
  9. Ethanol is a completely miscible liquid with water. but its density is 789 g/l while water has a density of 1000 g/l. whiskey with 40% ethanol would be around 900 g/l . therefore it is possible for whiskey to float on water. especially if the water is of high salinity ( higher density ). eg. well water.

    i think the trick here is to add alcohol second ( in normal practice the diluent (water, soda , tonic etc) is added second ) and add it very slowly. this might stop whiskey from dissolving in water and float as a separate layer on top of water.

    I have seen a similar trick using two glasses (one of water and one of whiskey). one can change the two liquids without using any other container. it also exploits the slow mixing and the density difference of the two.

    ReplyDelete
    Replies
    1. Thank you so much for this very scientific explanation.

      Delete
    2. https://www.youtube.com/watch?v=96NFH2Z7GSA

      here is another trick

      Delete
    3. What a nice trick. Thank you for showing this.

      Delete
  10. සංසිද්ධිය ඝණත්වය නිසා තමා වෙන්නෙ.මේක කරලා පෙන්නුවා අපේ යාලුවෙකුත් දවසක්.
    බොන්නෙ නැතිව අහක යන මැජික් පෙන්නුවානම් වෙදාව මරන්නයි වටින්නෙ :i

    ReplyDelete
    Replies
    1. ඔව් මධු, බලන්න ප්‍රින්ස් ඉහල කමෙන්ට් ඒකෙ ලස්සනට විස්තර කරලා තියනවා.

      එදා වෙදාට මේක බැරිවුනා නම් 'එදා වෙදා මැරිච්ච දා' වෙනවා. අම්මපා.

      Delete
  11. වෙද ලේන්සුවේ හොටු තිබුණා ද?

    ReplyDelete
    Replies
    1. නැත නැත, මේක එහෙම හඩු ටිරිකිස් එකක් නොවේ. බලන්න මෙහි විද්‍යාත්මක සංසිද්ධිය ප්‍රින්ස් විසින් ඉහත විස්තර කර තිබෙනවා.

      Delete
  12. බොන වෙලාවක කරල බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. නොබොන වෙලාවක කලොත් සාර්ථකවෙයි මගෙ හිතේ. (එහෙම වෙලාවල් තියනව නම්)

      Delete
    2. හැබැයි ඉතිං රාජ් බොන වෙලාවක් තමා හොයාගන්න මාරු.

      ප්‍රාජේ - දැන් මොකක්ද සාර්ථක වෙන්නේ නොබොන වෙලාවක කලොත්?

      Delete
  13. බොන වෙලාවක කරල බලන්න ඕන

    ReplyDelete
  14. වෙද මහත්තයා මායාවක් දාලා වගේ....

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවේ ඇස් බැන්දුමක් කියලා. නමුත් මේක විද්‍යාත්මක සත්‍යයක්.

      Delete
  15. ළිඳෙන් වතුර ඉල්ලුවෙ ඒකයි එහෙනම්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ජලයේ ඝනත්වය වැඩි බව වෙද මහත්තයා දන්නවා.

      Delete
  16. කලවං වෙන්නෙ නැද්ද බං වතුර එක්ක?

    ReplyDelete
    Replies
    1. පික්ෂුද බං. මමත් හොල්මං වුණා වැඩේ ඉවර වෙනකොට.

      Delete
  17. නිකන් අරක්කු වලට වද දෙන වැඩවලට නං මම කැමතිම නෑ අප්පා...!! කොච්චර උනත් අහිංසක පානය. :P

    ReplyDelete
    Replies
    1. කියාලා ලියාලා වැඩක් නැත. තව පොඩ්ඩෙන් වෙද මහත්තයාට වැඩේ වැරදුනා නම් මට සිද්ද වෙනවා එයාට වෙදකම් කරන්න. :e

      Delete
  18. බොන්න තියන වීදුරුවෙනුත් මැජික් පෙන්නන කාලයක් බොලව් මේක....

    ReplyDelete
    Replies
    1. හනේ................මමත් බලාගෙන හිටියේ මේ මැජික් මගුල ඉවර වෙලා මේ වැදගත් වැඩේ පටන් ගන්නේ කීයටද කියලා.

      Delete
  19. ඔය වැඩේ හොඳයි අරක්කු සීමිත වෙලාවට අන්තිම ෂොට් එකට හැමෝම පොරකන(හිතින්)කොට. මැජික් පාට් එකෙන් අන්තිම ෂොට් එක බඩට දා ගන්න පුළුවන්. හැබැයි අනිත් එවුන් අල්ලලා අනිත් පැත්ත හරවලා එලියට ගත්තේ නැත්නම් හොඳයි. මටත් ඔය වගේ වැඩක් අහම්බෙන් වුණා. බොහෝ සොයා ගැනීම් අහඹු දේවල් සිදුවීම් තමයි. කූල් පෙප්සි බෝතලකින් ටිකක් බීලා උඩින් බ්‍රැන්ඩි දැම්මා මූඩියක් විතර බෝතලෙටම කලවම් වෙන්න කියලා. බිව්වම තේරුනේ පෙප්සි වෙනම බ්‍රැන්ඩි වෙනම කියලා.

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කරලා බලන්න ඕනේ දෙකම.

      Delete
  20. අපිට අලුත් ප්‍රස්තා පිරුලක් උනත් හදත හැකි, වෙදා දියෙන් whisky වෙන්කරගන්නවා වගේ කියලා

    Rider

    ReplyDelete
    Replies
    1. හිහ් හී.......................නියම උපහැරණයක් වෙයි.

      Delete
  21. හම්මෝ.... මේ වගේ මැජික්...අර උඩ ඉන්න කුමාරයා හොඳ බොනයෙක් පාටයි නේද විචා... :P

    ReplyDelete
    Replies
    1. නිකම්ම නිකම් බොනයෙක් නෙවෙයි. වතුරෙන් විස්කි වෙන්කර බොනයෙක්.

      Delete
    2. He he. A scientific drunkard may be.used to be anyway

      Delete
  22. ගිගින් බැලුවා. හොඳයි. ස්ථාවරව හෙමින් ඉදිරියට යන්න.

    ජයවේවා!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }