ජනප්‍රිය පැරණි රසාංගයක් තියනවා, අහලා තියනවද, 'දුව දීමට කාරෙ බැඳා' කියලා ගීතයක්? අහලා නෑ? මේක පැරණි නූර්ති ගීතයක්. ඉස්සරනම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා වල නිතර ප්‍රචාරය වුන ගීතයක්. මෙය නූර්ති ගීතයක් බව මතක තිබෙන නමුත් කුමන නූර්තියේද, ගායකයා කවුද කියන එක දැන් මතකයෙන් ගිලිහිලා. මුල් ගීතය සොයන්න විශාල වෙහෙසක් දැරුව නමුත්, අන්තර්ජාලය පුරා තිබෙන්නේ, ගීතයේ නිවැරදි පදමාලාව නොදන්නා, පුස්සන් විසින්, විකාර රූපී ශෛලියෙන් උම්බෑ කියපු ගීත පමණයි.
අවසානයේදී, යන්තම් හෝ එකඟ වියහැකි ගායනයක් සොයාගත්තා. මේ ගීතය කලකට ඉහතදී, ජනප්‍රිය ගායක, එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගයා තිබෙනවා. ජෝතිපාලයන්ගේ පින්තූරයක් සහ ඔහුගේ ගායනයේ හඬ පථය යොදා ගනිමින්, එහි පදමාලාව කියවිය හැකි පරිදි, මා එය නැවත සැකසීමක් කළා. මේ පහත දක්වන්නේ, එසේ මා සැකසු නිර්මාණය වන අතර, එය, හුදු ඉදිරිපත් කිරීමක් විනා, උසස් නිර්මාණයක් නොවන බව, අවධාරණය කරන්නට කැමතියි.
මේ ගීතයේ ඇතුළත්ව තිබෙන්නේ, පැරණි සාම්ප්‍රදායික සිංහල සමාජයේ, චින්තනයේ ස්වභාවය බව, මොනවට පැහැදිළි වෙනවා. අද්‍යතන සමාජය, මේ අදහස් කිසිසේත් අනුමත නොකරන බව, අපි කවුරුත් දන්නවනේ. නමුත්, මේ චින්තනයේ නටබුන් තවමත් අප තුළින් සම්පූර්ණයෙන් ගිලිහී ගොස් නැති බවයි පෙනෙන්නේ. ඔබට මොකද හිතෙන්නේ?
හොඳයි, මේ තරම් දිග චූර්ණිකාවක් ඔබ වෙත ඉදිරිපත් කළේ, එක් වැදගත් කාරණයක් කියන්නයි. (මට වැදගත්) මගේ කණිටු දියණිය, පසුගිය අප්‍රේල් 22 වැනිදා, මනමාලියක වී වෙනම කැදැල්ලකට පියඹා ගියා. දියණියක ගෙදරින් යන දා ට, පියකු තුළ ඇතිවන හැඟීම කොතරම් සංවේදීදැයි, මටත් දැනුණා. මා තවත් පරිණත වූ බවත්, දැන් මා ජීවිතයේ ඉදිරි සැළසුම් දෙස, නැවත සළකා බැලිය යුතු කාලය එළඹ ඇති බවත්, හැඟුණා.
මේ කෙල්ල පොඩි කාලයේ මගේ ඔඩොක්කුවේ චූ කරන කාලයේ සිට සියල්ල, මංගල්‍යය දවසේ, යළිත් මතකයට ආවා. ඇය ඉපදුන දවසෙත් මා සිටියේ යුදබිමේ දිවි පිදූ මගේ රෙජිමේන්තුවේ සෙබළකුගේ අවමගුලට සහභාගි වෙමින්. ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නැහැ. ඊට කළින් දවසේ, මා, රෝහලේ සිටින බිරිඳට පණිවිඩයක් යැව්වා, පසුදින, මා හමුදා අවමංගල්‍යයකට සහභාගිවීමට, රඹුක්කන ප්‍රදේශයට එන බව. මගේ බිරිඳ, දරු ප්‍රසූතිය සඳහා ඇතුළත්ව සිටියේ, කෑගල්ල රෝහලටයි.
දරු උපත දන්වමින්, පණිවිඩකරුවකු මා හමුවන්නට රඹුක්කනට ආවා. හමුදා අවමගුල් උත්සවයෙන් පසු, මා මගේ අණදෙන නිලධාරියාගෙන් ගුවන්විදුලි පණිවිඩයකින් ඇසුවා, මගේ භාරයේ සිටින භට පිරිස, බලලත් නිලධාරියකු භාරයේ ආපසු කඳවුර වෙත පිටත්කර, පැය 72 ක නිවාඩුවක් ලබාගන්නද කියා. නමුත් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා.
ආපසු කඳවුරට යන ගමන්, රෝහල අසළ වාහනය නවතා, අලුත උපන් දියණියවත්, ඇගේ මවත් බලන්නට රෝහලට ගියත්, එවකට එම රෝහලේ මාණ්ඩලික හෙදියක ලෙස සේවය කළ, මගේ අයියාගේ බිරිඳ, මට අම්මා සහ දරුවා ළඟට යන්න දුන්නේ නැත්තේ, මා අවමංගල්‍ය අවස්ථාවක සිට, දාඩිය පෙරාගෙන, පැමිණ සිටි නිසයි. දරුවා හරහට වඩාගෙන, අඩි පහක හයක පමණ දුර සිටයි, මට පෙන්නුවේ.
මේ දියණිය කුඩා කාලයේ මා යුදබිමේ සිටි නිසා, ඈ මා කවුදැයි හඳුනන්නේ නැතිවීම, මට මහත් වේදනාවක් වුණා. මාස කීපයකට වරක් නිවාඩු ලබා ගෙදර පැමිණිවිට, ඇය මා දකින්නේ යකෙකු ලෙසයි. එතරම් බියකින් ඇය කෑ ගසා හඬනවා, මා දුටුවාම. අද ඒ සියල්ල මිහිරි වේදනා ලෙස, මා හදවතේ තැන්පත්ව තිබෙනවා. මා ඇයව වඩාගෙන ඇත්තේ, හුරතල් කර ඇත්තේ, තෑගිබෝග ලබාදී ඇත්තේ, ගමන් බිමන් රැගෙන ගොස් ඇත්තේ, කොපමණ සීමිත වාර ගණනක්දැයි, සිතනවිට දුකක් දැනෙනවා.
ඇගේ මිතුරියන්, ඔවුන්ගේ දෙමව්පියන් සමග විනෝදවන හැටි, ඇය ඒ කාලයේ කියන්නේ, දුකක් මුසුවයි. ගමේ පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව, කොළඹ 'ලොකු ඉස්කෝලයකට' ගිය ඇය, අපෙන් තවත් ඈත් වුණා කියලයි, මට ඒ කාලයේදීම හිතුණේ. නමුත් ඇය ඇයගේ විමුක්තිය සොයා ගියා. අන්තිමට ඇය නැවතුනේ මෙන්න මෙතන.
අනේ ඉතින් මේ කෙල්ල, තමන්ගේ අනාගතය සකසා ගැනීමේ හැම පියවරක්ම මෙතනදී ගත්තා. ඇයට ඇයගේ අනාගත සහකරුද මෙතනදීම හමුවුණා. (මෙතන කපුකම් කරන උන්නැහෙලත් ඉන්නවද මන්දා) දුවලා ඉන්නේ කවදා හෝ ගෙදරින් පිට යන්නනේ. මට බැද්දේගම කතාව මතක්වුණා. දුවක ගෙදරින් යනදා පියකු ගයන ගීත අතරින්, කොයි ගීතයද මෙතනට සුදුසු කියා මට හිතාගන්න බැහැ. තවත් ලියන්න ගියොත් මගේ මුළු හදවතම එළියට එන නිසා, මෙතනින් නවතිනවා.
මහේෂා - ගවීශ ඔබ දෙපළට සුබ අනාගතයක්!
2015 අප්‍රේල් මස 27 වැනි දින 0031 පැය
මගේ සුබ පැතුම් ඇයට පිළිගන්වන්න. (අන්තිමට හරි ඇප්ලිකේසොන් එකක් ලැබුණා වගේ!) :D පරණ
ReplyDeleteඅලුතින් කියන "පරණ" ගීත නම් රඹුටන් හැදෙන කාලෙට තමා හොඳ!
සීෂ්...මෙයා මට වඩා ඉස්සරවෙලා... :-D
Deleteසුබ පැතුමට ස්තුතියි. අලුත් ඇප්ලිකේෂන් එකක් නෙවෙයිනේ. අපේ දුවම ඇප්ලිකේෂන් එකක් කෝල් කරවාගෙන.
Deleteඅම්මපා රඹුටන් ගස්වලට ටකයක් වෙනුවට ස්පීකර් එකක් බැඳලා මේ ජාතියේ සින්දු ටිකක් දැම්මනම් සත්තු නෙවෙයි මිනිස්සුත් දුවනවා.
මහේෂා+ගවීශ...ඔබ දෙපොලට සුබම සුබ අනාගතයක්!!!
ReplyDeleteදැන් මෙතනට ඇවිත් විචාගේ බෑණලා වෙන්ට හදපු අයට මොනවා හිතේවිද? වැඩියෙන්ම මහේෂාගේ ලස්සණ දැක්කාම... :P
හරිම සංවේදී ලිපියක් විචාරක. ඇස්වලට කඳුලුත් ආවා.
මටත් එහෙමයි අක්කේ /
Deleteඉවාන්ට හුලං තමයි
Deleteඇයි තව දුවෙක් ඉන්නව නේද?
Deleteමම කියන්නත් හැදුව සිංහය.....
Delete@ පොඩ්ඩි - සුබ පැතුමට ස්තුතියි. මමත් කල්පනා කරන්නේ 'ස්වයංවරයක්' නොතියා මෙහෙම කිරේම නිසා මට ප්‍රශ්න එයිද කියලා. :e
Delete@ ඇනෝ - පිස්සුද ඉවානයා එහෙම ලේසියෙන් හුළං බොන එකෙක් නෙවෙයි.
@ ඉන්දික - අන්න එකනේ කියන්නේ. පොරොත්තු ලේඛනයේ ලියාපදිංචිවීම යෙහෙකි.
//මේ දියණිය කුඩා කාලයේ මා යුදබිමේ සිටි නිසා, ඈ මා කවුදැයි හඳුනන්නේ නැතිවීම, මට මහත් වේදනාවක් වුණා. මාස කීපයකට වරක් නිවාඩු ලබා ගෙදර පැමිණිවිට, ඇය මා දකින්නේ යකෙකු ලෙසයි. එතරම් බියකින් ඇය කෑ ගසා හඬනවා, මා දුටුවාම. අද ඒ සියල්ල මිහිරි වේදනා ලෙස, මා හදවතේ තැන්පත්ව තිබෙනවා. මා ඇයව වඩාගෙන ඇත්තේ, හුරතල් කර ඇත්තේ, තෑගිබෝග ලබාදී ඇත්තේ, ගමන් බිමන් රැගෙන ගොස් ඇත්තේ, කොපමණ සීමිත වාර ගණනක්දැයි, සිතනවිට දුකක් දැනෙනවා./// මේ කොටස කියවද්දී මට දැනුනා ලොකු දුකක්,, ඊට වඩා ඔබ මේ ලිපිය ලියන අතර අඩන්නත් ඇති කීප විටක්.... යුද්දේ නිසා ඔයාට ඒ සංවේදී මොහොතවල් කීයක් මගහැරුනද ,, නමුත් දැන් ඔබ සතුටින් කියා විස්වාශයි .. මහේෂට සහ සැමියාට සුබ අනාගතයක් හදවතින්ම
ReplyDeleteකිව්ව දේවල් වලට වඩා නොකිව්ව දේවල් වැඩියි දරුවෝ. මගෙත් හිත වාවන්නේ නැති තරමට ආවම තමයි ලිපිය අවසන් කලේ.
Deleteසුබ පැතුමට ස්තුතියි.
congratulations , wish them all the best
ReplyDeleteThank you so much.
DeleteCONGRATULATIONS!!
ReplyDeleteI hope & wish their life together will be filled with joy, happiness and lots of love!
Thank you so much for all these sentiments.
Deleteබෑණන්ඩියෙක් ලැබුණාට සුභ පැතුම්...
ReplyDeleteමාමයි බෑණයි සින්දුව ගහන්නේ නැතුවම බෑනෙක් ලැබීම සතුටක්. :e
Deleteශ්‍රී සුභ මංගලම් විචාරක දියණියට! අපිටත් ඉන්නෙ ඔය වරිගෙම කෑලි ටිකක් තමා (ඔච්චරම ලොකු දූලා නෙමේ). ඒ නිසා මේ ලිපිය දැනෙනවා.
ReplyDeleteපියෙකුගේ හැඟීම් සංවේදීව සටහන් කරලා තියෙනවා. ඕකනෙ මම නිතරම කියන්නෙ සත්‍ය ජීවිතයේ අත්දැකීම් තරම් සාර්ථකව ප්‍රබන්ධ ඉදිරිපත්කරන්න බෑ කියලා.
හැමදාමත් සත්‍යය ප්‍රබන්ධයට වඩා ඉතා ඉහලින් තිබෙනවා. මේ ලිව්වේ ඉතා සීමිත කරුණු ටිකක්. ඔක්කොම ලියන්න ගියානම් මටත් වාවගන්න බැරිවෙනවා.
Deleteස්තුතියි සුබපැතුමට.
දෙපොළටම සුබ නව දිවියක් පතනවා.විචා එදා දුක් වුන එකටත් එක්ක අද සතුටු වෙන්න පුලුවනිනෙ.ඔබටත් සුබ පැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි සුබපැතුමට හැලපේ. මගුල් ගෙදර වැඩ ටික බොහොම හොඳින් කරගන්න ලැබීම සතුටක්. ඒ දෙන්න සතුටින් ඉන්න එක තමා අපෙත් සතුට.
Deleteමේක දුවා ආමන්ත්‍රණය කරලා ලියන විදියට ලිව්වා නම් තවත් සංවේදී වෙයි.
ReplyDeleteමම නම් ඔය මගුල් සිංදු වලින් ආසම සින්දුව තමයි.. "කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ..." සින්දුව.. ඒකේ තියෙන ෆීලින්ග් එක අනිත් එක සින්දුවකින්වත් මට නම් දැනෙන්නෙ නෑ..
මෙන්න මගෙන් දුවාට තෑග්ගක් විදියට ඒ සින්දුව..
ජයම වේවා.... ඉක්මනටම අපේ විචා, චීයා කෙනෙක් වේවා.... !!!
https://www.youtube.com/watch?v=saFz2p-tQYk
අපේ පුංචි බදින දවසේ ඔය සින්දුව ප්ලේ වෙද්දී ආච්චි අම්මගේ ඇස් වල කදුළු
Deleteමටත් ඔය ගීතය තමා......
Deleteමගේ දුව බදිද්දී.......ඕක කාට හරි කියල ඉංගිලිස් වලින් හදෝගන්න ගන්න ඉන්නේ.....
බෑනට තේරුම් යන ලෙසට....
@ මාතලන් - මම හුඟක් ලොකු කම්පනයක හිටියේ. මේ ගැන ලියන්නේ නැහැ කියලා හිතාගෙන හිටියේ. නමුත් හිටපු ගමන්, එක පාර හිතට ආව දේවල් ලියාගෙන ගියා. පල කලේ නැහැ. පින්තූර දැක්කට පස්සේ ආයෙත් ලියන්න හිතුනා. පින්තූර දැම්මේ දවස් කීපයකට පස්සේ. ස්තුතියි සුබ පැතුමට සහ අර සින්දුව ඇතුළු කලාට.
Delete@ ඔමා - ඔයාගේ දරුවෙක් බඳින දාට මම ජීවත්ව නොහිටියත් මාවත් මතක් වෙයි නේද?
@ කෙන්ජි - එතකොට බෑණා ජපනෙක් වුනොත්? දැම්මම ජපන් වර්ෂන් එකකුත් හදලා තියාගනින්.
සිරි සුභ මංගලම්!!! දියණියටත් බෑණනුවන්ටත් සුභ පැතුම් සමඟම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.. දියණියක් ඉන්න පියෙක් විදියට ලිපියනම් සංවේදී වැඩියි වගේ..
ReplyDeleteපුංචි දවස්වල නින්දට යද්දී..
පීතු පාදං නමා මහං කියලා..
වැන්ද දෙපා යලි අදත් වඳින්නම්
මංගල ගමනට යන්න අවසරයි
පියාණෙනී...!!!
ඕක මං පට්ටම ආස සිංදුවක් බං..
Deleteස්තුතියි සුබ පැතුමට සහ ගීත ඛණ්ඩයට. අපිට ගල්හිත් ඇතිවෙන්නේ යුද්ධයේදී විතරයි. මම දැකලා තියනවා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා අදටත් එයාගේ දුවලට සලකන්නේ පුංචි ළමයින්ට වගේ.
Deleteමහේෂා - ගවීශ ඔබ දෙපළට සුබ අනාගතයක්!
ReplyDeleteඒ දෙන්න වෙනුවෙන් බොහොම ස්තුතියි ඔබට.
Deleteලස්සනම ලස්සන යුග දිවියකට ඇයට සහ ඔහුට මගෙනුත් සුභ පැතුම්.....පිරිනමමි...
ReplyDeleteවිචාරකට දැන් හුගක් තනිකම දැනේවි....
බොහොම ස්තුතියි සුබපැතුමට. ඇත්තටම මට තනිකම දැනෙන්න පටන්ගත්තේ විශ්‍රාම ගත්තට පස්සේ ගෙදර නිකම් ඉන්නවිටයි. දැන් ඕනෙම දේකට හුරුවෙලා තියෙන්නේ. මේ බ්ලොග් කෙලිය තමයි දැන් තනිකම මකන්නේ.
Deleteසුභ පැතුම් දෝනිට..
ReplyDeleteදැං ඉතිං විචා මාමාගේ බෑණාවරුන්ගේ සංගමෙන් හැලෙන්න කාලේ හරි වගේ.. හැක්
ඔව් ඔව් උඹ හැලියන්
Deleteමුකුද.......දෙවැන්නිටත් ඇති......තෝත් හැලියන් .....
Delete@ දේශ්...................යකෝ තව දුවක් ඉන්නවා. අදම අපේ ගෙදර ඇවිත් පොරොත්තු ලේඛනයට නම ඇතුලත් කරපං.
Delete@ ඉවාන් - ඉවසලා හිටපං බෑනෝ.
@ කෙන්ජි - යකෝ පපුව පැලිලා මැරෙන කතා කියන එපා.
අප් විචා ඉක්මනට සියා කෙනෙක් වේවා
ReplyDeleteචැ..ගල් අරක්කු ටිකක් බිලා වෙඩිං කෙක් කෑල්ලක් කන්න තිබුන අවස්තාව නැති කරේ ඇයි විචෝ?
ආව ගමං එහෙ යං ඈ... ඉතුරුවෙච්ච කොට ඇති බං සෑර් ගාව.
Deleteආය ඉතිං දෙකාහමාරක් නෑ..
Deleteවිචා අංකල් ගාව ගල් නැතුව ඇති බං. ඇත්තෙ හොඳ බ්‍රෑන්ඩඩ් බඩු. උඹල ඒව බීල හිටං වීදුරුව උඩ ඔළුවෙන් හිටගන්න ගියොත් හෙම කෝමද ආතල් එක.
Delete@ මෙන්ඩා - පොහ්................මුන් දෙන්නා අවුරුදු පහක්වත් ඉඳියි මාව සීයා කෙනෙක් නොකර. ගල් නෙවෙයි යකෝ දුන්නේ අංක 69 ලීටර් බෝතල්.
Delete@ පත්තරේ - අම්මපා උඹ දැනගෙන නේද කිව්වේ? කොට තුනක් ඉතුරුවෙලා තිබුනා. පෙරේදා යාළුවො දෙන්නෙක් එක්ක ඇදලා ඇරියා.
@ ප්‍රසන්න - අංක 69 තමා දුන්නේ. ප්‍රසන්න කිව්වා වගේම වීඩියෝ ඒක බලලා බිම පෙරලි පෙරලි හිනාවෙන්න දේවල් තියනවා.
විචා, මේ තරම් සංවේදී පෝස්ට් එකක් ඔබෙන් දැක්කමයි...! දරු සෙනෙහස මොන තරම් හය්යද, ඒතරම්ම මුදු මොලොක්ද?
ReplyDeleteදෙවැනි ගමණට සැරසිල ඉන්නෙ වෙන කෙනෙක්ද කියල හිතෙන තරමට එතන දුව වෙනස් සහ ලස්සනයි..අලුත් ජීවිතේට අපිත් දෙන්නට සුභ පැතුව බව කියන්න.
මෙන්න මගෙනුත් ගීයක්..
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //
දුවේ නුඹ මගෙ...
අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //
දුවේ නුඹ මගෙ...
අමතක උනා, තව එකක්. දැන් දොස්තර බෑනෙකුයි දොස්තර දුවෙකුයි ඉන්නෙකේ මොනාට ඇඹරෙන්නද කියල පොඩ් කොල්ලො එක්ක ගල් ගහල අර වයසක මනුස්සයට කරදරයක් වෙනව එහෙම නෙවි..
Deleteසුබ මංගලම් ජය මංගලම්
Deleteයුග ජීවිතේ වාසනා ………
@ ඉන්දික - මතකද සිංහබාහු නාට්‍යයේ කියනවා පියකුගේ සෙනෙහස ඇටමිදුළු දක්වා විහිදුන එකක් කියලා. අපි යුද්දෙදි සිංහ පාට් දැම්මට දරුවෝ ඉදිරියේ අනෙක් සියළුම තාත්තලා හා සමානයි.
Deleteසුබ පැතුමටත් ගීතයටත් ස්තුතියි.
දොස්තර ජෝඩුව ඔන්න ඔහේ හිටියාවේ. මම මගේ සුපුරුදු දෛනික ජීවිතය ගෙනියනවා. මේ ලිපියේ තියනපින්තූර ඔක්කොම මම ගත්ත ඒවා. ඒ ගැන සතුටුවෙනවා.
@ පත්තරේ - දැන් මේ දෙන්නට සුබ පතන ගමන් උඹ කවද්ද දෙන්න තුන්දෙනා කරගන්නේ කියපන් බලන්ඩ?
Deleteදෝනිටයි බෑනටයි සුභපැතුව කියන්න. ඉස්සරහට තවත් යුද්ධයක් තමයි එන්නෙ....... කියන්න ඕන නෑනෙ මොකද්ද කියල?
ReplyDeleteසුබපැතුමට ස්තුතියි රාජ්. අම්මෝ............ජීවිතේ හැමදාම ඉතින් යුද්ද තමයි. යකෝ මීට වඩා ලේසියිනේ ඊලාම් යුද්දේ :e
Deleteදුවෙකුගේ හීනය තමයි තාත්තා....... තාත්තා ඇතින් හිටියත්, ඉටු කරන්න ඕන පුළුවන් තරමක් ...... යුතුකම් ඉටු කරානේ ..... ඒ ඇති තුමනි..... ඔබට හා දුවට, බැනට ජය....
ReplyDeleteඇත්තටම මම සතුටු වෙනවා මගේ යුතුකම් ඉටුකිරීමේ මට්ටම ගැන. නමුත් අනික් හැම තාත්තා කෙනෙකුම වගේ මටත් දරු සෙනෙහසේ වේදනාව දැනෙනවා.
Deleteස්තුතියි සුබපැතුමට.
හුරේ .. ජය වේවා !!!
ReplyDeleteඅපේ සෑර් මාමන්ඩියෙක් වෙලා ඩබල් එකේ .. ඔය ඉන්නේ කපල් එක දිලිසි දිලිසි … රෙෂ්පට් !!
යුවලට සුභ අනාගතයක් පතනවා මායි මිසිස් පත්තරෙයි බොක්කෙන්ම..
සුබ පැතුමට අනෙක වාරයක් ස්තුතියි පත්තරේ.
Deleteමිසිස් පත්තරේට කියපන් වහාම මාතෘ වාට්ටුවට ඇතුල් වෙලා අපිටත් කෝල් එකක් දෙන්න කියලා. මම අපේ උන්දැවත් අරගෙන තැම්බුම් හොද්දකුත් හදාගෙන එනවා.
නව යුවලට සුභ පැතුම්!
ReplyDeleteඔය කින්සි පාරේ තිප්පොලට ගිය අයට නං අබ සරණ තමයි. මොකද, විශ්ව විද්‍යාලයේ අනිත් පීඨවලින් දුරස්තව පිහිටලා තියෙන නිසා පොල් කඩන්න පාර්ට්නර් කෙනෙක් මිස වෙනත් කෙනෙක් සෙට් වෙන්නේ ඉතාමත් කලාතුරකින්.
ඒ කෙසේ වෙතත්, දිග යන ගැහැණු ළමයි ගැන වෙනත් සින්දු ඉදිරිපත් කර ඇති අයට මෙතනදී විචාරක කියා ඇති දේ තේරිලා නැති බවයි කිරීමෙන් මට හිතෙන්නේ.
දුව දීමට කාරෙ බැඳා කියන ගීතයෙන් කියවෙන පරිදි - දුව දීමට කාරෙ බැඳා පියා සොයා ඇත්තේ උගතෙකුවයි (ඒ කියන්නේ මැවිසුරුවෙක්!). නමුත් දියණිය ගේ කින්සි පාරේ ලිමිටඩ් චොයිස් මත ඇය ඇගේ තීරණය ගෙන තියෙන බව තමයි මේ ගීතයෙන් කියවෙන්නේ.
දුව ඉපදුණු දා දවසක් දෙකක් නතර වුනා නම් "කෝට් මාෂල්" ද? මං හිතන්නේ හමුදා සේවය මීට වඩා මානුෂික විය යු්‍රුතුයි. මරණයකට ආවා නම්, උපතක් වෙනුවෙන් කාලය නැති වෙන්න බැහැ නේ.
රසිකගෙ නෝන උගතෙක් බැඳගත්ත, ඒක හරි. එතකොට රසික මොකද නූගත් කෙනෙක් බැන්දෙ?
Deleteඕක තව ව්‍ය්ත්පන්න කරොත් රසික නූගතා වෙනව හරි :P
මගේ දුව ඉපදෙනකොට මං හිටියේ ට්‍රින්කෝ වල එක්සෑම් එකකට ගිහින්.. වීක් එන්ඩ් එකක ඇවිත් බලල යන්න නම් තිබ්බා. ඒත් පාඩම් කටයුතු නිසා මං ආවේ නෑ. මං දුවව දැක්කේ හරියටම එයාට දවස් 17ක් ගියාම.. සාමාන්‍යයෙන් නේවී එකේනම් දවස් දාහතරක නිවාඩුවක් දෙනවා තාත්තට මොන හදිස්සි වැඩක් තිබ්බත්.. ඒක සෑහෙන්න වටිනවා ඒ දවස් වලට.. මමත් එක්සෑම් එකෙන් පස්සේ ඒ දවස් දා හතරම නිවාඩු ගත්තා..
Deleteකළ්‍යාණ,
Delete/ සාමාන්‍යයෙන් නේවී එකේනම් දවස් දාහතරක නිවාඩුවක් දෙනවා තාත්තට මොන හදිස්සි වැඩක් තිබ්බත්.. /
හරි බං දවස් දාහතරක් නිවාඩු දෙන්නෙ ඩී.එන්.ඒ. සහතිකයක් ගෙනාවොත් විතරයි නේද?
කවුද රවී අයියේ උඩ බලාගෙන කෙළ ගහගන්නේ.. එහෙම ගෙනියන්ඩ උනානං කීයෙන් කී දෙනාටද නිවාඩු අනුමත වෙන්නේ.. හැක්..
Deleteඩී.එන්.එ්. රිපෝට් එක නොතිබ්බොත් දවස් දාහතරක් ඇතුලට යවනවද?
Delete@ රසික - සුබපැතුමට බොහොම ස්තුතියි.
Deleteවෙද ඉස්කෝලේ ඉන්න එවුන්ගේ සමාජානුයෝගය ටිකක් අඩුයි කියලා මමත් පිලිගන්නවා. උන් වැඩිපුරම ආශ්‍රය කරන්නේ පොත්. හැබෑටම ලෝකේ හැම තැනම ඩොකාලා සහ ඉන්ජලා මේ විදිහට වලිදාගන්නවද?
හිහ් හිහ් හිහ්....................මම ඒ සින්දුව දැම්මේ ඔය අර්ථයෙන් නෙවෙයි. සාම්ප්‍රදායික චින්තනය මෙහෙමයි කියන්න. ඒ සින්දුවේ කියනවා 'දෙන්නගෙ ආලෙන් කෙරෙන විවාහේ - නැත ඵල ලෝකේ විපරිත වෙවී' කියලා. ඒ කියන්නේ ඒ කාලේ ප්‍රේම විවාහ අනුමත නොකරන බවක් පෙනෙනවා. ඒ වගේම කියනවා 'මව්පිය වැඩිහිටියන් අත යටතේ හැදෙනා ස්ත්‍රිය පමණයි උතුම්' කියලා. අද අපි මේවා අනුමත නොකරන බව කියන්නයි ගීතය දැම්මේ.
එදා මම නැවතුනා නම් කෝට් මාර්ෂල් කරන්නේ නැහැ. කෝට් මාර්ෂල් කලයුතු වැරදි වෙනම තියනවා. නමුත් මාව බලසේනාධිපතිගේ විනය ශාලාවට කැඳවා තදින් තරවටු කරනවා. severe reprimand ඒ වගේම සමහරවිට මගේ ජ්‍යොෂ්ඨත්වය පහල දාන්නත් ඉඩ තිබෙනවා. එවිට සෑහෙන කාලයක් උසස්වීම් නොලබා ඉන්න වෙනවා.
මේ තත්වය ලෝකයේ කොයි හමුදාවටත් පොදුයි. නමුත් අණදෙන නිලධාරි වරයාට එදා තිබුනා වගකීම ඔහු බාර අරගෙන මට වාචිකව නිවාඩු අනුමත කරන්න. එක් එක් පුද්ගලයා අනුව ඒ තත්වය වෙනස් වෙනවා.
@ කල්‍යාණ - මගේ මල්ලී කැඩ්ඩා කාලේ තමා මම විවාහ වුණේ. නමුත් මල්ලිට නිවාඩු දුන්නේ නැහැ දියතලාව ඇකඩමියෙන්.
@ ප්‍රසන්න - කිව්වා කියලා හිතාගනින්.
අණදෙන්නාට වුණු දේම විය යුතුයි ඔහු කරන්නේත්.
Deleteමේ ගීතයේ ඔරිජිනල් එක මීට වඩා දහ ගුණයක් හොඳයි.
අපොයි ඔව්. හරියට රැග් එක පරම්පරාවෙන් පරම්පරාවට යනවා වගේ ඔය පරිපාලන ක්‍රමත් ඔහොම තමා.
Deleteඇත්තටම මුල් ගීතය මීට වඩා ඉහලයි.
අර ආමිකාරයාගේ ඇතුලේ බොහොම සංවේදී මනුස්සයෙක් ඉන්න බව අපි දැනගත්තේ බොහොම කාලෙකට කලින්, වෘත්තීය සහ මානුෂීය හැගීම කියන්නේ දෙකක්. ඉතින් විචාරක අතින් මෙවැන්නක් ලියවීම ගැන අපි පුදුම වෙන්නේ නෑ.
ReplyDeleteමහේෂා - ගවීශ දෙපලට වාසනාවන්ත අනාගතයකට ආසිරි , ඒවගේම විචාරකට ඉකමනින් සීයා කෙනෙක් වෙන්නටත් වාසනාව ලැබේවා කියලා පතනවා ..
අපි නිල ඇඳුමක් ඇඳලා යුද්දෙට ගියාම, අපි ආමිකාරයෝ. නමුත් ගෙදර එන්නේ ආමිකාරයාව කෑම්ප් එකේ තියලා. ඔයටික වරද්දගත්තොත් ජීවිතේම ඉවරයි.
Deleteබොහොම ස්තුතියි ඉවාන් ඔබේ සුබ පැතුමට.
නව යුවලට මගෙනුත් සුබ පැතුම්!
ReplyDeleteහෘදයාංගම සටහනක් විචාරක....බොහොම අපූරුයි...
Your innermost feelings out poured as words...Heart rending but exhilarating too....
බොහොම ස්තුතියි රවී ඔබේ අගනා සුබ පැතුමට. මම ආමිකාරයෙක් වුණේ හමුදාවට විතරයිනේ ගෙදරදී මමත් සාමාන්‍ය මිනිහෙක්.
DeleteThank you so much for all the sentiments presented.
ලිපිය හුඟක් සංවේදීව දැනුනා. මහේෂා - ගවීශ දෙපළට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteබොහොම ස්තුතියි දුවේ. ඔබට ජය!
Deleteවිචාරක තුමා,
ReplyDeleteඔබේ ආදරණීය දෝණිටත් - බෑණාටත් සාර්ථක , වාසනාවන්ත යුග දිවියකට ආසිරි ...!
දෝණි කැදැල්ලෙන් ඈත්වෙන දුක යටපත් කරගෙන, ඔබේ හදේ රැව්දෙන සතුට වෙනුවෙනුත් සුභ පැතුම් ...!
බොහොම ස්තුතියි සඳරු, දුවලා ඉන්න කොයි තාත්තත් මේ අවස්ථාවට මුහුණ දෙනවා නේද කියලා හිත හදාගන්නවා.
Deleteඔවුන්ට සුභ යුග දිවියකට ආසිරි පතනවා!!
ReplyDeleteඒ වගේම, මේ ගැන දුක් වෙන එක නම් වලක්වන්න බෑ තමයි. ඒ උනාට ඉතිං ඒක ලෝක ස්වාභාවයනේ.. අර කිව්වත් වගේ දුවල කොහොමත් යනවනේ...
බොහොම ස්තුතියි සුබපැතුමට. ඔව්, මේ ලෝක ස්වභාවය කියලා හිත හදාගැනීම තමයි කරන්න තියෙන්නේ.
Deleteනව යුවලට මගෙන් සුභ පැතුම්....
ReplyDeleteඅපිට ආරංචියි මගුල්දා කවුද බුවෙක් ඔලුව උඩ වීදුරුවක් බැලන්ස් කරන්න ගිහින් මනමාලිගේ අම්මාගෙන් හොඳ හැටි බැනුම් ඇහුවය කියලා...බොරු වෙන්ටෑ මයේ හිතේ...
නෑ ඒ බුවා එදා කරල තියෙන්නෙ වෙනසකටත් එක්ක වීදුරුව උඩ ඔළුවෙන් හිටගන්න යන එක.
Deleteමං හිතන්නෙ වස් දොස් යන්න අරක්කු වීදුරුවක් ඔලුවෙ ඉඳං හලාගන්න චාරිත්තරයක් ඇති කුරුනෑගල පැත්තෙ :D
Delete@ චෙෆාකි - සුබපැතුමට බොහොම ස්තුතියි. අනේ එදා කටේ තිබ්බේ නෑ. ඔක්කොම ඉවර කරලා ගෙදර ඇවිත් නාලා කරලා, රෑ මිදුලේ පුටුවක් දාගෙන කාටත් රහසින් ටිකක් ඇඬුවා. දුවකගේ වෙන්වීම දැනුනේ එදා. ඊට පස්සේ කෙලින්ම බාගයක් ගහලා නොකාම බුදියගත්තා.
Delete@ ප්‍රසන්න/පත්තරේ. ඔන්න මම කරපු දේ ඔය කියලා තියෙන්නේ.
නව යුවලට උණුසුම් සුබ පැතුම්
ReplyDeleteඑදා උත්සවේ බේබදු මැජික් එහෙම තිබුනළුද ?
සුබපැතුමට ස්තුතියි. අම්මෝ එව්වා මොකවත් නෑ. එදා දවල් වරුවටම මම උපාසක. රෑ තමයි යමක් කළේ.
Deleteමේ යුවති පති ඉදිරි දිවිය වෙනුවෙන් ආසිරි සුබපැතුම් පිරිනමන්නෙමි. පෝස්ටුව කියෙව්වේ උඩුගැන්වූ මොහොතේම වගේ. දියණිය නිසා ඔබතුමා ලද අත්දැකීමට සමාන අත්දැකීමක් මට ලැබුණේ වසර හතරකට පෙර දී . එකම දියණිය නිසා ඒ අවස්ථාවෙ ඔබතුමාට තරම් හිතට හයියක් මට තිබුණේ නැහැ. “දුව දුන්නෙමි කාර බැඳා “ යන්න ලියන්නට හැකි වුනත් එය සිහිකරන්නට අපහසු තරම් නේද විචාරකතුමණි. අසළ දැවටෙමින් අපේ අවධානය නිතරම හෙව්ව උන්; අපට තවමත් පුංචි එව්වො.
ReplyDeleteදරුවෝ කවදත් අපිට පුංචි එවුන්. අපේ උන්දෑ තමයි ජීවිතයේදී වරින් වර මට මතක් කරලා දීලා තියෙන්නේ 'ඔයා හිතන්නේ මේ ළමයාගේ වයස දැන් කීයයි කියලද' කියලා.
Deleteයුද්දෙදි හිත ධෛර්යය කරගත්තට මේ වගේ අවස්ථා වලදී අමාරුයි ගුණසිංහ මහත්තයෝ.
බොහොම ස්තුතියි ඔබතුමාගේ ආශිර්වාදාත්මක සුබපැතුමට.
මගේ සුබ පැතුම් !
ReplyDeleteබොහොම ස්තුතියි නව යුවල වෙනුවෙන්.
Deleteනව යුවලට වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම් !!
ReplyDeleteසංවේදී සටහනක්.
ප.ලි. ඇයි මේ කොමෙන්ට් වැඩි හරියකම මොකක් හරි මැජික් එකක් ගැන අහන්නෙ. විචා මැජික් කාරයෙක් නෙමෙයිනෙ. (බෝතලයක් දැක්ක පසු වෙන දේවල් මෙතනට අදාල නොවන බව සලකන්න.) :D
විචා මැජික් අරිෂ්ටෙ බීව ගමං සර්කස් පෙන්නන්න යනවනේ :D
Deleteස්තුතියි ප්‍රසන්න.
Deleteපත්තරේට කෝල් එකක් දීලා අහලා බලන්නකෝ එතකොට පත්තරයා කියයි උන්ට වැඩි වුනාම මම උන්ව බේරගන්නේ කොහොමද කියලා.
හැක් හැක්.. මේ ප්‍රසා පිස්සු කෙලිනව නේ.. අර පත්තරයගේ ගෙදර ගියපු පොටෝ ටික උඹ දැකල නෑ වගේ...
Deleteමම ඒ ටික දැක්ක බොල.
Deleteනව යුවලට වල් කෙන්ජිය සුභ පැතුව කියන්න විචාරක තුමනි.....
ReplyDeleteහිහ් හී..................මම දුවට කියන්නම් මේක බාන්න කියලා.
Deleteස්තුතියි කෙන්ජි.
පින්තුරය සොයිස හොස්පිටිතාලය නේද.....
ReplyDeleteමම උපද්දෙ ඔතන.....
පින්තූරය මත ක්ලික් කලවිට පිළිතුර ලැබේ.
Deleteමේ වාසනාවන්ත දුවටත් ඇගේ අතගත් තරුණ මහතාටත් හද පිරි දුභ පැතුම්. වාසනාවන්ත තාත්තාට ට හා අම්මට ත් සුබ පැතුම්.
ReplyDeleteඔබට බොහොම ස්තුතියි අජිත් මේ සුබපැතුමට.
Deletehttp://nelumyaya.com/?p=1921
Deleteසංවේදී පියෙකුගේ කටහ්වක් නිසා පුද්ගලික වුනත් නෙලුම් යායෙත් දැම්ම ඕන්.
Deleteස්තුතියි අජිත්
Deleteකණිටු දියණිය ද, දෙටු දියණිය ද?
ReplyDeleteකනිටු දියණිය. දෙටු දියණිය කියනවා ඇය තවම විවාහයකට සූදානම් නැති බව. ඇගේ නිදහස ඇයට දී තිබෙනවා.
Deleteරට වෙනුවෙන් කැපවූ නිසා දරුවන් හිතේ හැටියට හුරුතල් කරන්න බැරිවූ ඔබට මුනුපුරු මිනිපිරියන් සුරතල් කරන්න ඉක්මනින් ලැබේවා.
ReplyDeleteමගෙනුත් සුබපැතුම්
සුබපැතුමට බොහොම ස්තුතියි.
Deleteඅනේ මම කවදත් කුඩා දරුවන්ට හරි ආදරෙයි. අසල්වැසි ගෙවල්වල කුඩා දරුවන්ට මාව පෙනෙන්නේ එයාලගේ යාලුවෙක් වගේ. සමහර දෙමව්පියෝ කියනවා අපිට හිතාගන්නවත් බැහැ මේ ළමයි මහත්තයට මෙච්චර ආදරේ ඇයි කියලා.
ආදරණීය පියෙකුගේ හැඟුම්බර සංවේදී සටහනක්.අපි හැමෝම ඔබත් එක්ක එකතුවෙනව ඈට සුබපතන්න.
ReplyDeleteඒ යුවලට වාසනාවන්ත අනාගතයකට ආසිරි පතනවා.
බොහොම ස්තුතියි මනොෂ් ඔබේ සුබපැතුමට. ඇත්තටම මේ සටහන ලිව්වා නෙවෙයි ලියවුනා.
Deleteවාසනා වේවා.......ජය වේවා.....!!!
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteනව යුවලට වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම්.......!
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට.
Deleteමහත්මයා දුව දීමට කාරේ බැදා ගීතය නූර්ති ගිතයක් නොවන බවයි මගේ දැනීම. මේ ගීතය බිත්ති හතර කියලා පැරනි සිංහල චිත්‍රපටියකට නිශ්ශංක දිද්දෙනිය මහත්මයා ගායනා කරනවා. එතුමාගනේ ඇහුවාම එතුමා කිව්වේ මේක මුලින්ම ග්‍රැමපෝන් තැටි යුගයේ ගායනා වූ ගීතයක් බවත් නූර්ති ගීතයක් නොවන බවත්. එතුමාට මතක නැහැ මේ ගීතයේ මුල් ගායකයාගේ නම, නමුත් මුස්ලිම් ගායකයෙකු ගායනා කළ බව තමයි ඔහු කිව්වේ
ReplyDeleteනව යුවලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි මේ තොරතුරු දුන්නාට. මමත් සෑහෙන්න හෙව්වා නිශ්ශංක දිද්දෙණිය මහතාගේ ගායනය. එය, මා මෙහි දක්වා ඇති එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගායනට වඩා හොඳයි. මා එය ජාතික රූපවාහිනියෙන් අසා/නරඹා තිබෙනවා.
Deleteමේ ගීතය එම්. ජොහර්ශා හෝ ඒ.ජේ. කරීම් විසින් ගායනා කරන්නට ඇතැයි මා හිතනවා.
අපේ සුබ පැතුමුත් දෙපලට පිළිගන්වන්න.! ඔවුන්ට සුබ අනාගතයක් !
ReplyDeleteබොහොම ස්තුතියි සෙන්නා. පවුලේ කෙනෙක් සුබ පැතුවා වගේ මට දැනෙන්නේ.
Delete