2011 දෙසැම්බර් 15 වැනිදා ආරම්භ කල මේ බ්ලොග් අඩවිය, කොතරම් දුරට ගෙනයාහැකිවේද යන ප්‍රශ්නය, මුලදී සිත තුල තදින් බල පැවැත්වුවත්, හරියන්නට හෝ වරදින්නට කියා ජීවිතය පරදුවට තබා යුද්ධ කල මට, මෙය තවත් එවැනි අභියෝගයක් බව ටික දිනකින් අවබෝධ විය.
ලිපි සඳහා ලැබෙන ප්‍රතිචාර මගින්, මා කිසියම් අර්ථවත් සහ හරවත් දෙයක් ලියන බව තහවුරු වූ බැවින්, ගුණාත්මක බව තව දුරටත් වර්ධනය කිරීමටත්, පාඨක ඉල්ලීම් කෙරෙහි වැඩි අවධානයක්, යොමු කිරීමටත් ඉටාගතිමි.
ලිපි කෙරෙහි ඔබ සියලු දෙනාගෙන් ලද ප්‍රතිචාර, මා තව තවත් නව මානයන් වෙත යොමු කිරීමට හේතුවූ බව ප්‍රකාශ කරන්නේ, ඔබ සියලු දෙනා වෙත කෙරෙන භක්ත්යාදර පූර්වක ප්‍රනාමයෙනි.
මා සිතෙත් ගතෙත් දහිරිය නොබිඳෙන තුරු ඔබේ දැනුම වර්ධනයෙහි යෙදෙමි.
No comments :
Post a Comment