ප්‍රේමයේ යතාර්ථවාදී බව, පරිත්යාගශීලීබව වැනි උත්තරීතර හැඟීම් අප හදවත්හි මුල් වරට පැලපදියම් කිරීමට සමත්වූ, සිනමා විශ්වකර්මයකු ලෙස ඔහු හැඳින්වීමෙහි කිසිදු වරදක් නැත. ඔහු රඟපෑ චිත්‍රපට ලැයිස්තුව ලිවීමට හෝ එහි අග මුල සෙවීමට හෝ මේ අවස්ථාව නොවේ. ඔහුගේ සාමාන්‍ය ජීවිතය ගැන, එකල්හි පළවූ සිනමා පුවත්පත් විස්තර අප කියවුයේ, කිසියම් උන්මාදයකිනි. ඔහු වගේ කොණ්ඩය පීරන්නට, ඔහු නිතර ඇඳි කර පියවූ මෝස්තරයේ කමිස අඳින්නට, අප දැරූ බොළඳ උත්සාහයද අද මිහිරි මතකයකි. ඒ සියල්ලට වඩා මේ ශ්‍රේෂ්ට මිනිසා පිළිබඳව සමකාලීන ඉන්දීය නලු නිලියන් අතර තිබුණු ගෞරවාන්විත සැලකීම තුලින්ම, ඔහු හඳුනාගන්නට අපට හැකිවිය. සිහින කුමාරයාණනි, ශ්‍රේෂ්ඨ කලාකරුවානණි, උතුම් මිනිසාණෙනි, ඔබට මෝක්ෂ සුවය ලැබේවා.
ඔහුගේ අවසන් කටයුතු හෙට 2012 ජූලි මස 19 වැනි දින පෙරවරු 11.00 ට මුම්බායිහිදී පැවැත්වෙන බව දැනගතිමි. ඔහු රඟපෑ චිත්‍රපටි දෙකකින් උපුටාගත් ගීත ජවනිකා දෙකක් පහත දක්වමි.
ආරාධනා 1969
කටි පතන්ග් 1970
No comments :
Post a Comment