හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 February 2014

එහෙනං නොදැවී 60 ක් ගැහුවා ඈ..............Oh Dear!....I am not out 60

  
life-begins-at-60-birthday-t-shirt_design     ජීවිත සටහනක් ලියන්න මිනිසුන් පෙළඹෙන්නේ විවිධ හේතු නිසා. නමුත් සෑම මිනිසාම කිසියම් ජීවිත සටහනක් තැබීම නම් වැදගත්. ආත්ම කථනය කියන්නේ බොහොම පරෙස්සමෙන් කළයුතු දෙයක්. ආත්ම කථනය මගේ වුනාට එයින් අන් කවරකුට හෝ හානියක් වනවානම් එය අසාධාරණයි. ඒ නිසා මේ සටහන තබන්නේ බොහොම පරෙස්සමෙන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි. 60 වැනි උපන්දිනය සමරන අද දවසේ ඇත්තටම මට පසක්වන්නේ 'ජාතිපි දුක්ඛො, ජරාපි දුක්ඛො, පියේහි විප්පයෝගෝ දුක්ඛො, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛො, යන බුදු වදනයි. එය කොතරම් පරම සත්‍යයක්ද යන්න පසුගිය කාලය තුළ මා මොනවට පසක් කරගත්තා.

img019     මගේ ජීවිතය එදා සිට අද දක්වා යන රටාවක් තියනවා. ක්‍රමයෙන් ඉහල නැගීම, සියලු සැප සම්පත් විඳිමින් කෙටි කාලයක් ගත කිරීම, එකවර කඩාවැටීම, මෙය මේ වනවිට අවම වශයෙන් 10 වතාවක් පමණ වී තිබෙනවා. හත් වැනි අටවැනි වර සිදුවන විට මා දැනගත්තා මේ තමයි මගේ ජීවන රටාව කියා. 
1971 දී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයකු ලෙස මා කටුක අත්දැකීම් රාශියක් විඳ නූලෙන් ජීවිතය බේරාගත්තා. මගේ වාසනාවට ඉන්පසු කාලයේදී අභිධර්මය උගත් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමකගෙන් මට ගැඹුරු දහම් කරුණු රාශියක් ඉගෙනගන්නට ලැබුණා.  එයින් ලද සැනසීම තමයි අදටත් මා ජීවත් කරවන බලවේගය වී තිබෙන්නේ. මේ තියන පින්තූරය තමයි මා දන්නා කාලයක මගේ තනි ඡායාරූපයක් ලෙස ගත් මුල්ම එක.
img020     මම ඉපදුනේ 1954 පෙබරවාරි මස 27 වැනිදා, කෑගල්ල දිස්ත්‍රික්කයේ, අදටත් එතරම් දියුණුවක් නැති, මොරදන නමැති ගමේ. නමුත් ඒ ගම ගැන මට එතරම් මතකයක් නැහැ. ඊට නුදුරු මාබෝපිටිය නමැති ගම ගැන, යන්තම් මතක සටහන් තියනවා. මගේ දෙමවුපියන්  පාසල් ගුරුවරු, පසුකළක මගේ පියා විදුහල්පති කෙනෙක් වුණා. අපේ පවුලේ පිරිමි හතරයි ගෑණු තුනයි. එයින් අද ජීවත්ව සිටින එකම පිරිමියා මම. ගෑණු තුන්දෙනා (මගේ අක්කලා) විවාහකව කෑගල්ල සහ කොළඹ පලාත්වල ජීවත් වෙනවා. අටවැනි දරුවකු ඉපදී, සුළු මොහොතකින් මියගොස් තිබෙනවා. අපේ පවුලේ වැඩි දෙනෙක් (මමත් ඇතුළුව) ඉපදී තිබෙන්නේ ගෙදරමයි. මගේ අම්මාගේ අම්මා තමයි වින්නඹු අම්මාවී තිබෙන්නේ. මගේ අක්කලා කියනවා, මා ඉපදී සුළු මොහොතකින් දොරට වැඩු අවස්ථාව ඔවුන්ට හොඳින් මතක බව. මේ පින්තූරය ගත්තේ තරුණකම ඉහවහා ගිය අවධියක. මගේ ප්‍රථම ප්‍රේමයේ පෙම්වතියට තිළින කළ මේ පින්තූරයේ ඉතිරි කොපියයි මේ. නමුත් ඒ ප්‍රේමය ඉතා දැඩි දුකක් දෙමින් බිඳී ගියා. ඇයත් මාත් අතර තිබුණු සත් වසරක ප්‍රේමය ඉතා දැඩියි. ඇය රැයවල් දෙකක් මා අසළින් නිදා සිට ඇතත්, සිපගැනීමකට එහා නොගිය ඒ රැයවල් දෙක ගැන, අද මටත් වඩා ඇය සතුටු වෙනවා ඇති. අවංකව මමත් සතුටුවෙනවා ඇගේ ආත්ම ගෞරවය රැකගැනීම ගැන. අද ඇය ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව, සාර්ථක යුග දිවියක් ගතකරනවා. හැබැයි ඒ තොරතුරු මගේ 'බුද්ධි අංශයෙන්' සොයාගත් බව ඇය දන්නේ නැහැ. මට කවදාවත් ඇය ඉන්පසු හමුවී නැහැ. නමුත් ඇය ගැන සියලු තොරතුරු මා සොයාගත්තා. මේ සම්බන්ධය ගැන මගේ බිරිඳ සවිස්තරව දන්නවා. මගේ බිරිඳත් ඇගේ ප්‍රථම ප්‍රේමයෙන් පරාජිත වු පෙම්වතියක්. ඒ ගැනත් මා සවිස්තරව දන්නවා. ඉතා අහම්බෙන්, අප දෙදෙනාටම, අප දෙදෙනාගේ පරණ පෙම්වතා/පෙම්වතිය දකින්නට ලැබී තිබෙනවා. ඉතින් ඔවුන්ට නොදැනෙන ලෙස, 'අර ඉන්නේ අරයා' කියා, අපි දෙන්නාම ඔවුන්ව පෙන්වා දී තිබෙනවා. හැබැයි, මගේ බිරිඳගේ පෙම්වතානම්, මටත් වඩා කඩවසම්, උස මහත පුද්ගලයකු බව අවංකවම කියන්න ඕනේ. 
img021     කාලය ගෙවීයද්දී විවිධ ක්ෂේත්‍ර කෙරෙහි මගේ අවධානය යොමුවුනා, ගායනය, නිවේදන කටයුතු, ශිෂ්‍යභට පුහුණුව, ආදී නොයෙක් දේවල මම නිරත වුණා. මා ලියු කවි ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. කාර්මික සහකාර තනතුරක් සඳහා ගුවන්විදුලි සංස්ථාවේ සම්මුඛ පරීක්ෂණයකට ගියත් දේශපාලනය ඊට හරස් වුණා. අවසානයේදී ගුරු වෘත්තියට මා නැඹුරුවුනේ, මගේ පියාගේ බලපෑම නිසයි. නමුත් මට වැළඳී තිබුණ 'ආමි උණ' හොඳවුණේ, හමුදාවට බැඳීමෙන් පසුවයි. 

img036     මේ කාලයේදී තරුණියන් දෙදෙනෙකු මගේ ප්‍රේමය පැතුවත්, මා හදවතෙහි තිබුණු ප්‍රථම ප්‍රේමයේ තුවාලය සුවවී තිබුණේ නැහැ. ඒ නිසා එවැනි කිසිවෙකුත් කෙරෙහි මගේ අවධානය යොමුවුණේ නැහැ. මා සිතුවේ මා මෙන්ම ප්‍රේමයෙන් පරාජිතවූ කෙනෙකු සමග විවාහ වෙනවා කියයි. එය එලෙසින්ම සිදුවුණේ අපි දෙදෙනාම දෙදෙනාට අවංකව තම අතීතය පැහැදිළි කළ නිසයි.



img011     හමුදා සේවයට එක්වීමෙන් පසු ජීවිතයේ යථා ස්වභාවය ගැන නොයෙක්දේ අත්විඳ ගන්නට ලැබුණා. තමන්ට තමන්ගේ පිහිට පමණයි යන්න හොඳින්ම වැටහුණේ, හමුදාවට බැඳුණු මුල් කාලයේදීමයි.  හැබැයි හමුදා පුහුණුවෙන් මා ලද පන්නරය, අද දක්වා මට මහත් ඵල ප්‍රයෝජන ගෙනදෙනවා. ඇත්තටම, කාර්යක්ෂම ජීවිතයක් සඳහා මා අඩිතාලම දැමුවේ හමුදා පුහුණුව නිසයි.  


img018     ලංකාවේ විවිධ පළාත්වලට ගොඩබිමෙන් අහසෙන් මුහුදෙන් යාමටත්, යුද්ධය පිලිබඳ විවිධ අත්දැකීම් ලබන්නටත්, මරනවා/මැරෙනවා යන අත්දැකීම් ලබන්නටත් මට ඉඩ ලැබුණා. පොතෙන් දෙන හමුදා දැණුම වගේම සටන් බිමේදී ලැබිය යුතු අත්දැකීම්ද ඉතා වැදගත්වන බව තේරුම්ගත්තේ මේ කාලයේදීයි. හැබැයි සටන් බිමේ පුහුණුවෙන්න වෙලාවක් නැහැ. අත්දැකීම් ලැබීමක් පමණයි.


img016     ඒවා භයානක අත්දැකීම් මිස රසවත් අත්දැකීම් නෙවෙයි. ඇත්තටම සටන් බිමේ මුල්ම අත්දැකීම් ලබද්දේ බයක් දැනෙනවා. 'හයියෝ මොන බයද අපි දුන්නනේ උන්ට දුවන්න' ආදී වශයෙන් බොරු කයිය ගහන්න නම් මම කැමති නැහැ. නමුත් ඒ බය පසුව අත්දැකීමක් බවට පත්වුනාම සහ අත්දැකීම් බහුල අයගේ ආශ්‍රය මෙන්ම උපදෙස් නිසා, චිත්ත ශක්තිය වර්ධනය වීමක් බවට පත්වෙනවා.


img030     මොකක්දෝ හේතුවකට ඉස්කෝලේ යනකාලේ ඉඳලා තිබුන කැමරා පිස්සුව නිසා යුදබිමේ හැකි සෑම තැනටම කැමරාවක් අරන් යන පුරුද්ද මට තිබුණා. අදත් සංචාරයකදී කැමරාව වරදින්නේ නැහැ. මා සතුව යුදබිමේ පින්තූර 200 ක් පමණ තියනවා. නිසි නඩත්තුවක් නැති නිසා තව බොහෝ ගණනක් විනාශ වුණා.



ජීවිතේ ටික ටික ඉදිරියට ගියා ගෙයක් දොරක් හදාගන්නටත් කාලය ආවා. 
img001
ගෙවල් දොරවල් හදන්ඩ ගත්තේ ඒකේ ඉන්න පැටවූ ලැබෙන නිසානේ.
img024
පැටවූ ලැබුනේ මෙන්න මෙව්වා නිසානේ
img025
img015
img023
     විවාහ ජීවිතය ගැන ලියනවානම් වෙනම ලිපියක් ලියන්න ඕනේ. අපේ 33 වැනි විවාහ සංවත්සරය ලබන මාසේ අගට යෙදී තියනවා. නමුත් විශේෂ උත්සවයක් නම් පවත්වන්නේ නැහැ. ඇත්තටම විවාහ ජීවිතය නෙල්ලි ගෙඩියක් වගේ පංච රසයෙන් යුක්තයි. අපි දෙන්නා එදා ඉඳලා අද දක්වා කිරියි පැණියි වගේ ඉන්නේ කියලා බොරු කියන්න නම් මම කැමති නැහැ. මම හමුදා සේවයේ යෙදී ඉන්න කාලෙනම් සමහර විට තරහ වුනාම දවස් ගණන් ගෙදරට කතා නොකර ඉන්නවා. අපේ උන්දැත් එහෙමම තමයි. උඹට ඕනෙනම් කතාකරපන් කියලා සද්ද නැතුව ඉන්නවා. අනේ ඉතින් මමම අන්තිමට කතා කරනවා. දැනුත් තරහා වෙනවා. හැබැයි උපරිම පැයයි දෙකයි. මොකද මේ මහ විසාල ගෙදර ඉන්නේ අපි දෙන්නා විතරයි. අපි දෙන්නට අපි දෙන්නා නැත්නම් වෙන කවුද ඉන්නේ කියන එක හොඳට තේරෙන්නේ දැන්.
කාලය ගතවුණා. මමත් හමුදා ජීවිතයේ ටික ටික ඉදිරියට ගියා. 
img008
img004
img009
img007
img012
img034
පුහුණුව තරම් හමුදා සේවයේදී ලබාගත හැකි තවත් වටිනා සම්පතක් නැහැ. හමුදාවේ කියමනක් තියනවා, 'නිළධාරියකුට තම සෙබළුන්ට දියහැකි වටිනාම දායාදය වන්නේ පුහුණුවයි' කියා. මට ලැබුණු විදෙස් පුහුණුවත් එවැනි වටිනා දායාදයක්. 
3 001
අත්දැකීම් බහුල මහ සෙනෙවියන් යුදපිටියේදී කරන සැළසුම් අපේ පරිණත බව වැඩිකරන්නට සමත්වුණා.
1 001
ඒ වගේම මේ මහ සෙනෙවියන් ඉගැන්වූ දේ තුළින්, ඉන්පසු කාලයේදී පැමිණි අභියෝග ජයගන්නත් පුළුවන් වුණා. එහෙම ආව එක අභියෝගයකට මම පිළිතුරු දෙන හැටි තමයි ඔය පහල පින්තූරේ තියෙන්නේ.
img013
අපි එදා හැඩගසුනේ, ලෝක සංග්‍රාම භූමියේ මහ සෙනෙවියන්ගේ කියමන් ආදර්ශයට ගැනීමෙනුයි. මේ මගේ මව් කඳවුරේ තිබෙන එවැනි ආදර්ශ පාඨයක් සහිත පුවරුවක්.
DSC00615a
ඇත්තටම කාලය ගතවුනේ හොරෙන් හොරෙන්. ළමයි දැන් ලොකුයි, අපි වයසට යන්න පටන් අරන්, කියන එක තේරුණේ, දැනට අවුරුදු හත අටකට උඩදී.
2 001
මම කවදත් පරිසර චාරිකා යන්න හරිම ආසයි. අදටත් ඒ පුරුද්ද අතහැරිලා නැහැ. යුද්ධය මැද වුනත්, ඉඩක් ලද විගස, දරුවනුත් කැටුව, පරිසර චාරිකාවක යෙදීම ඒ කාලෙත් කළා.
4 001
  ජීවිතය කියන්නේ විඳිය යුතු දෙයක් මිස, විඳවිය යුතු දෙයක් නෙවෙයි කියලා, මට කියලා දුන්නේ, අර මම මේ ලිපියේ මුල හරියේදී කිව්ව හාමුදුරුවෝ. ඒ උපදේශයට පින්සිද්ද වෙන්න, අද මම උපරිමයෙන් ජීවිතය වින්දනය කරනවා. මට මහා විසාල බලාපොරොත්තු නැහැ. මගේ දියණියන් දෙදෙනා නිසි මග යන බවට, මට සැකයක් නැහැ. මම තන්හාව බොහෝ දුරට හිතෙන් ඈත් කරලා තියෙන්නේ. අද මම ලබන විශ්‍රාම වැටුපෙන්, පරෙස්සමෙන් ජීවිතය ගැටගහගන්න පුළුවන්. එදා වගේම අදත්, හමුදාවේ යාළුවො මා අමතක කර නැහැ. බොහෝවිට, අදටත් විවිධ කඳවුරුවල තිබෙන උත්සව/සාද සඳහා ඇරයුම් ලැබෙනවා. මේ ලිපිය ලියමින් ඉන්න අතරෙත්, ලබන මස 8 වැනිදා සහ 15 වැනිදා පැවැත්වෙන එවැනි උත්සව දෙකක් සඳහා මටත් බිරිඳටත් ඇරයුම් ලැබුණා. එවැනි විටක එහි ගොස් විනෝදයක් ලබන්නටත් අමතක කරන්නේ නැහැ.
DSC00636
  ඉතින් ඇති නේද? මම හිතනවා කවුරු නැතත්, අවුරුදු දෙකක් මා සමග ඉන්න ඔබ, ඒ විදිහට හැමදාමත් ඉඳියි කියලා. අද මගේ ප්‍රධානම කාර්‍යය වෙලා තියෙන්නේ, බ්ලොග් වැඩේ නේ. ඉතින් ඔබත් සමග අත්වැල් බැඳගෙන, ඉදිරියට යන්නට මා සූදානම්. ඒ සඳහා මට ඇති එකම ශක්තිය හා ධෛර්යය ඔබයි. මට උපන්දින සුබ පැතුම් ගෙගෙන සියළු දෙනාට කියන්න තිබෙන්නේ, මාව දිරිමත් කරන ඔබ සැමට අපමණ පින් කියලයි.
      my-signature-for-blog[1]2014 පෙබරවාරි මස 27 වැනි දින 0001 පැය

115 comments :

  1. සුබ උපන් දිනයක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete
    2. බිමින් යන්න පටන් ගත්තාද?

      (ඔවැනි කතාවක් ජේආර් ගැන ලියා මූ අරූ ට හතරවෙනි තට්ටුවට යන්නත් සිදුවුණා)

      Delete
  2. නිරෝගි,සතුට පිරි සුබම සුබ උපන්දිනයක්! ඔබ තුමාගේ පින්තූර බලද්දි මට මගේ තාත්තව මතක් උනා.....

    ReplyDelete
    Replies
    1. මමත් ඔයාගේ තාත්තගේ වයසේද? බොහොම ස්තුතියි සුබ පැතුමට.

      Delete
  3. මොනා කියන්නද ,,තේරෙන්නේ නැහැ ,,ජිවත් වෙලා ඉන්න කෙනෙක්ගේ ඔයවගේ විස්තරයක් කියෙවුවමයි ... ඔයා ලොකු සතුටක් ලබන්න ඇති ලිපිය ලියලා,, අර ටජ් මහල ලග ඉන්න රූපේ නම් නියමයි... ගොඩක් අව්‍යාජව ලියල තියෙනවා .. මාගේ සුබ පැතුමත් පිළිගන්න ... නිරෝගී සුවය සහ සතුට සැනසිල්ල ඔයාලගේ කූඩුව ඇතුලේ හැමදාම රජකරන්න කියලා ප්‍රාර්ථනා කරනවා .. දෙවි පිහිටයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපූර්වී. අද ලෝකය පුරාම ඉන්න ඔයාලා වගේ ඔක්කොම මගේ දරුවෝ. ඉතින් ඔයාලගේ සුබපැතුම් මගේ ආයුෂ වැඩි කරයි කියලා හිතනවා.

      බොහොම ස්තුතියි.

      Delete
  4. සුභ උපන් දිනයක්..... !
    එක්තරා කාලයකදි අපි ජීවිතයේ යම් තැනකට ආවට පස්සේ යම් දේවල් ගැන අපි හිතන විදිය වෙනස් වෙනවා. ඒක අත්දැකීම් එක්ක වෙන දෙයක්. මේ ඊයේ පේරේදාත් රස්තියාදු ගගහා හිටපු මට අන්තිම අවුරුදු තුනක ඉඳන් ලොකු වෙනසක් දැනෙනවා. කොටින්ම ඊයේ හිටිය මමමද කියලා මට දැන් හිතාගන්නත් බෑ.
    ඉතින් ඔබට කොහොම දැනෙනවා ඇද්ද? ඊටත් වඩා ඔබේ යුධමය අත්දැකීම් එක්ක අපිට වඩා බොහෝ කටුක ජීවිතයක් නේ ඔබට තිබිලා තියෙන්නේ. මට අවුරුදු තිස් අටට මගේ ජීවිතය ගැන reflect කරද්දි හිතන දේ ඔබට හැටේදි දැනෙනවා ඇත්තේ නිකම් හුළඟේ පාවෙනවා වගේ වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා අදහස් වලින් පෙනෙන්නේ ඔබ දැනටත් මුහුකුරා ගිය මනසකින් යුත් බවයි. ඔබ වැනි අය වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ අනාගතයටයි.

      බොහොම ස්තුතියි.

      Delete
  5. විචාරක තුමණි ඔබට සුභ උපන්දිනයක් වේවා....!
    නිරෝගී සම්පත්තිය ලැබේවා.........!
    ආයු කාලය දීර්ග වේවා.....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි. මේ සුබපැතුම් මගේ ඉදිරි ගමනට රුකුලක්.

      Delete
  6. "Count your life by smiles, not tears, Count your age by friends, not years."
    කියලා තියෙනවලුනේ. ඔන්න ඒ විදියට බලපුවාම ඔයාගේ වයස දැන් ගොඩක් වැඩි වෙලා. :D

    අපේ විචාරකට සිතුම්, පැතුම් සියල්ල සාර්ථක වෙන, සුබම සුබ උපන්දිනයක් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොඩ්ඩි, ඔයා කවදත් කියන්නේ හොඳ අර්ථවත් දෙයක්නේ. ඔයත් අවුරුදු 60 වෙච්චි දවසට ඉස්සර මෙන්න මේ වගේ මිනිහෙක් හිටියා කියලා ඔයාගේ දරුවන්ට කියාදෙන්න.

      බොහොම ස්තුතියි සුබපැතුමට.

      Delete
    2. එයාට දැනටත් 60 යි තමා ...:D

      Delete
    3. ඇයි මෙයාට දැන් 96 ලු. ඔන්න මට හරියට මතක නෑ ඉවාන්. 96 ද ? 69 ද? :D:D

      Delete
    4. ඇයි මෙයාට දැන් 96 ලු. ඔන්න මට හරියට මතක නෑ ඉවාන්. 96 ද ? 69 ද? :D :D

      Delete
    5. පොඩ්ඩි ඉවාන්ට නැතිවෙන්නම ගහලා නේ. :D

      Delete
    6. මොකද දෙසරේ දෙසරේ කියන්නේ විචාරක මහත්තයාගේ කන් ඇහෙනවා ...පොඩ්ඩි මැට්ටි ..:D

      Delete
  7. ගොඩක් ස්තූතියි ඔයාගේ ජීවිතේ විස්තර මෙහෙම බෙදා ගත්තට. හරිම රසවත්. නවකතාවකට හොඳයි.

    ඔයාගේ අර ප්‍රේම කතාව නම් කියවලා බලන්ට ආසයි විචාරක. :D

    ReplyDelete
    Replies
    1. මා හිතනවා මගේ කතාවෙන් යමෙකුට පහන් හැඟීමක් ඇතිවෙයි කියා.

      ප්‍රේම කතාව වෙනම ලියනවා හිතුනොත්.

      දෙවරක්ම සුබ පැතුවාට ස්තුතියි.

      Delete
  8. සුභම සුභ උපන් දිනයක් වේවා...!!!!

    අත්දැකීම් රැසක හිමිකරුවෙක්..එවන් අයෙකුට සුභ පතන්න ලැබීම මටත් ලැබුණු භාග්‍යයක්....

    ReplyDelete
    Replies
    1. ඔබේ සුබ මතුම මගේ ජීවිතයට ශක්තියක්. බොහොම ස්තුතියි.

      Delete
  9. සුබම සුබ උපන් දිනයක් විචාරක මහතා !

    හොඳ සිංහාවලෝකනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා, බොහොම ස්තුතියි. ඔබ වැනි අයගෙන් මට ලැබෙන ධෛර්යය තමයි මා ඉදිරියට ගෙනයන්නේ.

      Delete
  10. දිඝාසිරි! දැන් පුහුණු කරන්න සෙබලුන් නැතත් අත්දැකීම් ටිකවත් ලියන්න හැමට උදව්වක් වෙනු අැත

    ආදර්ශ පාඨෙ 3 යි 2යි මාරැ වෙලා නේද අැත්තටම වැඩ සිද්ද වෙන්නෙ? කෙබ්බෑකඩුව වැනි සෙනවියන් ඒසේ නොවු බවට පරසිද්දය් ඒත් බත් හැලි 3 ඉවෙන හමුදාවක් (senior officers, junior offers and soldiers) තත්වයෙන් අපිට මිදෙන්න බැරිද?
    හමුදාව පමනක් නොව රටෙත් තත්වය මෙයය් (politicians, their henchmen, ordinary citizens)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ සුබපැතුමට.

      ඔව් දැන්නම් ඒ ආදර්ශ පාඨයේ තමන්ගේ සුඛවිහරණය තමයි පළමුවැනි තැන කියලා තමා සමහරු හිතාගෙන ඉන්නේ/ක්‍රියාකරන්නේ. හමුදාවේ සමහර සම්ප්‍රදායයන් වෙනස්විය් යුතුයි කියන ආකල්පයේ මමත් ඉන්නවා. නමුත් යම් යම් බලවේග විසින් වක්‍රව හමුදාව පාලනය කිරීම නිසා තමයි බොහෝ දේ අප්‍රසන්න වී තිබෙන්නේ.

      රටේ තත්වය අද පොඩි එකෙකුට වුනත් තේරෙනවනේ.

      කාට හෝ දැණුමට යමක් එක්වේවා කියලා හිතාගෙනයි මම බ්ලොග් ලිපි ලියන්නේ.

      Delete
  11. Wishing You Very Happy Birthday Sir.....

    ReplyDelete
  12. හැටත් වයසක්ද අනේ

    මං හිතුවට වඩා මිට්ටෙක්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් මේ අහල පහල නෝනලාට කියනවා හැටත් වයසක්ද නංගී කියලා.

      අහුවෙයකො මට මිට්ටගේ වැඩ පෙන්නන්න.

      Delete
    2. මටනම් එච්චර මිටි බවක් පෙනුනෙ නෑ :)

      Delete
    3. අනේ සසිඳු ඔයා ළඟ හිටියනම් කටට චොක්ලට් එකක් දානවා.

      Delete
  13. සුබ උපන්දිනයක් විචාරකතුමනි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිකං ඔබේ සුබපැතුමට.

      Delete
  14. සුභම සුභ උපන්දිනයක් ‍වේවා විචාරක මහත්මයා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රාජ්.

      Delete
  15. නිරෝගී සුවය, සතුට, සහනය සදාකල් ළඟ රැඳෙන ප්‍රීතිමත් උපන්දිනයක් වේවා...!!
    ඔබගේ ජීවන චාරිකාවේ මතක සටහන් බෙදා ගත්තාට බොහොම ස්තුතියි... ඔබ ගත කරලා තියෙන්නෙ විවිධාකාර අත්දැකීම් සපිරි අපූරු ජීවිතයක්...
    අර මුල් කාලෙ පින්තූර දකිනකොට ජනක කුඹුකගේ කියන නළුවාව මතක් වුණා... :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මියුරු. අම්මපා මාත් ඉස්සර නළු බට්ටෙක් තමයි. :D

      Delete
  16. සුභ උපන් දිනයක් වේවා විචාරක තුමනි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සසිඳු ඔබේ සුබපැතුමට.

      Delete
  17. කෙතරම් කාර්යබහුල වුවත් මෙය නම් මග හැරුනේ නැත. කෙසේ නමුත් මා නම් සුබ උපන් දිනයක් නොපතමි. නමුත් උපන් දිනයෙන් පටන් ගන්නා යහපත් දේ සුබ වේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ මේ නවමු අදහසක් ගත් සුබපැතුමට.

      Delete
  18. ඔබට සුබ උපන් දිනයක් වේවා !. පුර වසර දෙකකට ආසන්න කාලයක් ඔබ අපට ලබා දුන්නා වූ දැනුම සම්බාරයට ඔබට තුති, වගේම පින්. තව චිරාත් කාලයක් සතුටින් වැජඹීමට ඔබට නීරෝගී සුව !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලීප ඔබේ මේ දිරිගන්වනසුළු සුබපැතුමට.

      Delete
  19. 60ත් වයසක්ද කොල්ලෝ.. කිව්වා වගේ ඕන් එහෙනම් 60න් පටන් ගන්න. සුබ උපන්දිනයක් සමඟ නිදුක් නිරෝගී ( ඉඳ හිට අතක් පයක් තලා ගත්තට කම් නැත ) තවත් 60 කට මගෙනුත් සුබ පැතුම් ! අප්‍රේල් 20 අවුරුදු උත්සවේට නාවොත් නම් 61 ගැන සුවර් තියන්න එපා අපි හොඳට හොඳයි නරකටත් හොඳාආයි .. ඒ මෘදු තර්ජනයේ අනූග්‍රහය ලියන්නාගෙන් :-D

    ReplyDelete
    Replies
    1. ඉන්ඩ හිට අතක් පයක් නෙවේ තවත් එව්වා තලනවා අහුවුනොත් :D :D 60 පැන්නත් ආමි කාරයා ආමි කාරයාමයි. අප්‍රේල් 20 ඇවිත් ආපහු යන්ඩ බැරිවෙයිද දන්නේ නැහැ.

      බොහොම ස්තුතියි වෙනි මේ හෘදයාංගම සුබ පැතුමට.

      Delete
  20. විචාරක තුමාට සුභ උපන් දිනයක් වේවා කියලත් දීර්ඝායුෂ ලැබෙන්න කියලත් මං ප්‍රාර්ථනා කරනව. ඔබ වගේ අත්දැකීම් සපිරි නිහතමානී සුන්දර මනුස්සයෙක් ඇසුරු කරන්න ලැබුන එකත් මා ලද වාසනාවක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන ඔබේ මේ වචන ටික මට ලොකු ශක්තියක්.

      Delete
  21. සුබ උපන්දිනයක් විචාරක. දීර්ඝායුෂ ලැබේවා !
    මේ ජීවිත සටහන හරිම ලස්සනට ලියල තියෙනව.

    ජීවිතය කියන්නෙ විඳින්න ඕන එකක් මිස විඳවන්න ඕන එකක් නෙමෙයි කියන මතයෙ මමත් ඉන්නව. හැබැයි විඳින එක සීමාව ඉක්මවා යන්න නොදී බලාගන්නත් ඕන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න. ඔබේ සුබපැතුම මට ලොකු ශක්තියක්.

      Delete
  22. ලොකු අඩුවක් තියෙනවා (මගේ) නම මේකේ නැති එක. පින්තුරත් තියෙන නිසා නමත් දාන්න. අපු ගමන්ම සුබ පැතුවට ලිපිය කියෙව්වේ දැනුයි. මේ වගේ හොදට තැලිච්ච යකඩයක් වගේ සීය කෙනෙක් ඉන්න මුනුබුරෙකුගේ අනාගතය කොච්චර වාසනාවන්තද

    ReplyDelete
    Replies
    1. නමක් ඇතත් නැතත් අපේ බ්ලොග් මිතුරුකම් එලෙසම තියනවා නේද? ඔබෙන් ලැබෙන ධෛර්යය තමයි මට තියන ශක්තිය.

      Delete
  23. රටට දැයට සිය පවුලට අමිල මෙහෙවරක් කළ විරුවාණෙනි ඔබට සුබ උපන් දිනක් වේවා...තබන තබන හැම පියවරක්ම සාර්ථක වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලීන්, ඔබේ මේ සුබපැතුම මම ආශිර්වාදයක් කරගන්නම්.

      Delete
  24. 60 පැන්නම වදුරා බිමටම බැහැලා.. හැක්

    ඔබතුමා කෝමත් බ්ලොග් අවකාශයේ එක් පැත්තක් තනියෙන්ම සම්පුර්ණ කරපු අයෙක් ඒ ගෞරවය හා යමක් කළ බවට වන සංතෘප්තිය ඔබ තුල ඇති තරම් පවතී කියලා මා හිතනවා. මේ අවස්ථාවේදී ඔබට වාසනාවන්ත, නිරෝගිව ඉන්න මේ උපන්දිනයක් සුභම සුභ එකක් වේවා කියල හදවතින්ම පතනවා. (විචා.. පටන් ගත්ත වැඩ ටික ඉවර කරලම යන්න හොදේ..)

    ජය වේවා. විචා කියන්නේ මට බෝම වැදගත් චරිතයක්..

    ReplyDelete
    Replies
    1. අ....ඩ්.... ඩෝ.... ව් , අපිට උඩත් එකයි බිමත් එකයි හරිය.............

      බොහොම ස්තුතියි දේශ්......හැමදාමත් ඔබ දෙන ධෛර්යය නිසා මම ඉදිරියටම යනවා.

      Delete
    2. හැබෑට කාටවත් කේක් හරි බොන්න හරි ඕනම නැද්ද අනේ.. කව්රුවත් ඉල්ලන්නැත්තේ වෙඩි තියයි කියල බයට වෙන්ටැති. අනේ අපොයි.. මම ළගපාතක හිටියනං දනී.. හැටේ කුකුලව කරකවල ගන්න හැටි.. හැක්

      Delete
  25. සුබ උපන්දිනයක් වේවා !
    ළමයා හම්බ උනාට පස්සේත් කරුවලේ ජරමර වැඩි වෙලා වාගේ... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මදුරංග, හපොයි ළමයි හම්බවුනා කියලා ඔය ජරමර නවතින්නේ නැහැ.

      Delete
  26. බොහොම අවංක ආත්ම කථනයක්.ඔබට සුභ ජීවිතයක් ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට.

      Delete
  27. සුභ ම සුභ උපන්න දිනයක් වේවා!!
    තමන් ගත කරපු ජිවිතේ දිහා ආපහු හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ මනුස්සයා "ජිවත්" වෙලා තියනවා! නැත්නම් මැරිලා වගේ තමයි! :)
    විචාරක තුමා නම්.ජිවත් වෙන. ජිවත් වෙච්චි "මනුස්සයෙක්" වගේ.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නාදියා මේ දිරිගන්වනසුළු සුබපැතුමට. ඔබ සියලුදෙනා මට මහත් ශක්තියක්.

      Delete
  28. සුභ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත්.

      Delete
  29. විචාරක තුමාට සුබම සුබ උපන් දිනක් වෙවා............

    ඉදිරියටත්... හරවත් සහ රසවත් පොස්ටු ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය, වාසනාව සහ නිරෝගී සම්පත් ලැබේවා..........

    ReplyDelete
    Replies
    1. ඉතාම ස්තුතියි ඔබේ මේ සුබපැතුමට.

      Delete
  30. දැන් දහමට හිත යොමු වෙලා වගේ.. අර මුල්ම පෙම්වතිය යන්න ඇත්තේ දෙවෙනි දවසෙවත් ඇඟට ගොඩ උනේ නැති නිසා වෙන්න ඇති. දැන් ඔහේ නොකියා කියන්නේ ඔහෙත් කඩවසම් කියලනේ.. අනික හොඳ ගායකයෙක් කියලත් නොකියා කියනවා.. කොහොම නමුත් ඔබ උපන් රටට ණය නැති පුතෙක්.. නිදුක් නිරෝගී සම්පත් ලැබී.. සතර පෝයටම පන්සල් යාමට ලැබේවා..

    සුබ අනාගතයක්...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතලන්. ඔබෙන් ලැබෙන සුබ පැතුම මට සුවිශේෂයි. ඔබේ ධෛර්ය දීමෙන් ඉදිරියටම යන්නම්.

      Delete
  31. ඔයාගේ ඉසේල්ලම තියෙන 1984 තරුණ නිලධාරියා ෆොටෝ එකේ හරියට මේජර් ජෙනරාල් විජය විමලරත්න වගේ.

    විචාරක මහත්තයා ට සුබ උපන්දිනයක්.. ලිපිය පුරාවටම ඔබේ නිර්ව්‍යාජත්වය ගැබ්වෙලා තියෙනවා . සෑහෙන තෘප්තියකින් ලියපු ලිපියක් බව හොඳින්ම තේරෙනවා . කියවලා ඉවර වෙනකොට ඇහැට කඳුළු ඉනුවේ ඒ නිසා වෙන්න ඇති. සමහර අවස්තාවලදී අපේ අතින් ඔබට අබේ අත්දැකීම් සහ වයසට තරම් නොවන දේ කියවෙන්නටත් ඇති . ඒ පිලිබඳ සමාව භජනය කරනවා .

    ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යන්න මගේ පැතුමයි. ඒ විචාරක නම් බ්ලොග් කරුවාට

    මෙන්න සැලියුට් එකක් විචාරක නම් වූ රණවිරුවාට .

    මේක කියලා වෙඩි තියයිද දන්නේ නෑ ....මේ විස්තරයක් කලින් දන්නවනම් බෑණා වෙන්නත් තිබුනා ....අම්මෝ මෙන්න මං දිව්වෝ .

    ReplyDelete
    Replies
    1. ජෙනරල් විමලරත්න යටතේ මම 1990 ඩදී පමණ කන්කසන්තුරේ ප්‍රදේශයේ රාජකාරි කරලා තියනවා.

      ස්තුතියි ඉවාන් ඔබේ හෘදයාංගම සුබ පැතුමට. සෙලියුට් එකටත් ස්තුතියි.

      අනේ අරක කියලා දුවන්න ඕනෙයැ 'මමත් බල බලා ඉන්නෙ - මේ මගුලෙන්/උගුලෙන්? ගැලවෙන්නේ කොහොමද කියලා' :D

      Delete
    2. ඉවාන්ට දෙනවනං මටත් ඕනා ...... එවන්නද ඇප්ලිකේෂන් එකක්

      Delete
    3. මට පෙනෙන්නේ ගැසට් එකේ දාන්ඩ වෙයි වගේ. :D

      Delete
  32. Replies
    1. බොහොම ස්තුතියි කෝරලේ මුණුබුරෝ

      Delete
  33. සුබම සුබ උපන්දිනයක් වේවා . . කිව්වා .....

    ලස්සන අත්දැකීම් ටිකක් එක්ක පින්තුරු ටිකක් තියෙන්නේ .. ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට.

      Delete
  34. සුභ උපන්දිනක් වේවා..... අනේ අපේ අම්මයි තාත්තයිත් අද ඉන්නෙ තනියම... අපිටත් කවද හරි ඔහොම තමයි.....

    ReplyDelete
    Replies
    1. අම්මලා තාත්තලා හැමදාම අපේ පස්සෙන් ඉන්නේ නැහැ. අපි අපේ ජීවිත ඉදිරියට ගෙනයායුතුයි. අම්මලා තාතතලා ඒ ක්‍රමය අවබෝධ කරගත යුතුයි. නමුත් අපිට වගකීමක් තියනවා. හැකි සෑමවිටම දෙමවුපියන් ගැන සොයා බැලීම. දිනපතා කතාකිරීම, සරමක්, චීත්තයක් වත් අරන් දීම. ඔක්කොටම වඩා ඔවුන්ට ආදරය කිරීම. ඒ ටික කෙරෙනවානම් ඔවුන් තනිවෙන්නේ නැහැ. ස්තුතියි සුබපැතුමට.

      Delete
  35. Replies
    1. බොහොම ස්තුතියි ලොකු ජෝන්

      Delete
  36. අර දියණිය තුරුලේ තියාගෙන ඉන්න ඡායාරූපය මත ලියලා තියෙන වැකිය දැකලා මට කඳුළු ආවා. ඇත්තටම ඔබේ ජීවන ගමනට සාපේෂව මමත් සෑහෙන කොටසක් පහු කරලා තියෙනවා. මම කොහේ හරි කියවලා තියෙනවා ජීවිතය සයින් වෙව් එකක් වගේ කියලා. ඉහල නැගීමක් තිබ්බොත් බැසීමකුත් තියෙනවාමයි. එහෙම නැති වුණා නම් ජීවිතේ රසයකුත් නෑනේ.
    ඉතිං ලැබූ වා වූ මේ දිනය ඉතා ප්‍රීතිමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් රටට වැඩදායක පුතෙක් ලෙස අභිමානයෙන් ගෙවන ඔබේ විශ්‍රාම දිවියට දරුවෝ බොහොමයක්, සහෝදර සහෝදරියෝ අතලොස්සක් ඔබ වෙනුවෙන් මේ සයිබර් අවකාශයේ සිටිනවා කියන එක දැනටමත් පැහැදිලියි නේ.

    දීර්ඝායු ලොකු අයියා !!!!

    ReplyDelete
    Replies
    1. සුදීක, ඒ පින්තූරය මමත් නොදැනුවත්ව මගේ අක්කා කෙනෙක් ගත්ත පින්තූරයක්. ඇත්තටම මම ඒ වෙලාවේ හිටියෙත් අනේ මම ඉපදුන දවසේ මගේ තාත්තාට මොනවා හිතෙන්න ඇද්ද කියන සිතුවිල්ලෙන්. මේ දරු උපත සිදුවනවිට මගේ තාත්තා මියගිහින්.

      බොහොම ස්තුතියි ඕනේ සුබපැතුමට.

      Delete
  37. විචා මාමේ.... කව්ද හැන්ඩි කොල්ලෙක් මෙන්න ඔයාට බැනල මුණුපොතේ..

    https://www.facebook.com/deshakaya/posts/250222595148671

    ReplyDelete
  38. දිඝාසිරි සමග සුබ උපන්දිනක්.
    ඔය වයසේදී කාලෙදී උපන්දින පහුවෙනවා කියන්නේ දුකට හේතුවක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබපැතුමට.

      දුකක් නම් නැහැ. මම මගේ ජීවිතය ගැන තෘප්තිමත්.

      Delete
  39. ඔබට සුබ උපන් දිනයක් වේවා විචාරක මහත්තයෝ!

    දීර්ඝායු වේවා! නිරෝගී සමපත වැඩි වේවා! සතුට ඉතිරේවා!

    සිංහල බ්ලොග් අවකාශයේ අමතක නොවන සටහන් තැබූ අය බොහොමයක් නෑ. ඒ අය අතර ඔබතුමත් එක් සුවීශේෂී කෙනෙක් බව විවාදයක් නෑ. සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබේ සුබපැතුම ඇත්තටම මට ආශිර්වාදයක්.

      Delete
  40. මම හිතන්නෙ අද තමා හොඳම විචාරය ලියලා තියෙන්නෙ. ඉතින් සුභ උපන් දිනයක් ප්‍රාර්ථාන කරනවා....තවත් තාලයක් සතුටින් ඉන්න ලැබේවා

    ReplyDelete
    Replies
    1. මට හිතුනා මගේ ජීවිත කතාවෙන් කොටසක්වත් කියන්න. එය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා. බොහොම ස්තුතියි සුබපැතුමට.

      Delete
  41. සුභ උපන් දිනයක් වේවා විචාරක තුමා.......

    ReplyDelete
    Replies
    1. ඔබට බෙහෙවින්ම ස්තුතියි මහේෂ්.

      Delete
  42. සුභම සුභ උපන්දිනයක් වේවා . . . .
    අර තිස් තුන්වැනි එකත් සතුටින් සමරන්න ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉස්සර වැඩේ හොඳට 'සමරන්න' දැන් බෑ අනේ. :D

      Delete
  43. බිමින් යන්න පටන් ගත්තාද?

    (ඔවැනි කතාවක් ජේආර් ගැන ලියා මූ අරූ ට හතරවෙනි තට්ටුවට යන්නත් සිදුවුණා)

    ඔය කියලා තිබුනු ආමි උණ නිසාද 70 දී ජේවීපීයට ගියේ? තව අවුරුදු දාහතක් විතර පරක්කු වෙලානේ ඉපදෙන්න තිබුණේ.

    ReplyDelete
    Replies
    1. කකා, ඔය මූ අරූ අතුරුදන්වීම පසුපස අබිරහසක් තියනවද? මමනම් අහලා තියනවා එහෙම කතාවක්.

      ජේ.වී.පී. එකෙන් ගහපු කොක්කට නියමෙට අහුවුනා. නමුත් ශිෂ්‍යභට පුහුණුව නිසා ආමි උණ හැදුනා. අම්මපා 88 89 කාලේ ඉපදුනානම් හොඳයි තමා.

      Delete
  44. ටිකක් එන්න පරක්කු වුනා.. සමාවෙන්න..

    ඔබේ ජීවිත අත්දැකිම් එක්ක බලද්දී දුක සතුට හැම දෙයක්ම එක විදිහට විදපූ අතීතයක් තියෙනවා කියන එක පේනවා.. සුභ උපන්දිනයක් විචාරක තුමනි.. කියන්නත් වගේ 60ත් වයසක්ද?

    ReplyDelete
    Replies
    1. මම හැමදාමත් කාටත් කියනවා වගේ ඉක්මනින් හෝ ප්‍රමාදවී හෝ පැමිණීම තමයි වැදගත්. බොහොම ස්තුතියි ඔබේ සුබපැතුමට.

      Delete
  45. ඊයේ එන්න බැරි වුනා සුභ පතලා යන්න..එකට සමාවෙන්න ඕනේ....තාම ජීවිත කාලයෙන් භාගයයිනේ ගෙවලා තියෙන්නේ...ඉතිරි කාලයත් නිදුක් නිරෝගීව ගත කරන්න ලැබේවා...සයිබර් අවකාශය තුලින් හරි ඔබ වැනි කෙනෙක් දැන හඳුනා ගන්න ලැබීම මගේ වාසනාවක්...

    ReplyDelete
    Replies
    1. ඊයේ නාවත් අදහරි ආවනේ. ඒක මට ලොකු දෙයක්. බොහොම ස්තුතියි ඔබේ ආශිර්වාදාත්මක සුබ පැතුමට.

      Delete
  46. ම්ම්ම්ම් තාම 20 පැන්නා විතරනේ දැන් නේ ජිවිතේ හොදම කාලේ ....හික්
    සුභ උපන් දිනයක් විචාරක් තුමා ...ලියන්න අත්දැකිම් ඇති ඔසෙට ,ප්න්තුර් කැලි ටික දැක්කාම හිතුණා ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබ වැනි අයගේ අදහස් වලින් තමයි මම ඉදිරියට යන්නේ.

      Delete
  47. ලේට් විශෂ් බාරගන්නවා නේද ??? නිරෝගී ප්‍රීතිමත් අනාගතයක් ප්‍රර්ථනා කරමි ....
    අර බුද්දි අංශයේ කට්ටියගෙන් තාමත් ඔයා වැඩ ගන්නවද ??
    මට නිකන් මතකයක් තියෙනවා ඔබව මැලේසියාවේදී දැකලා තියෙනවා වගේ මම හරිද ???

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමකට කාලයක් අවශ්‍යම නැහැ. නේද? කොහොමත් සුබ පැතුම වටින්නේ මටනේ.

      සමහර වැඩ වලදී බුද්ධි අංශය යොදාගන්නවා.

      අනේ මම පිට රටකට කියා ගිහින් තියෙන්නේ ඉන්දියාවට විතරයි.

      බොහොම ස්තුතියි සුබපැතුමට.

      Delete
  48. පළමු වතාවට මෙතැන්ට ආවේ අද.
    විශිෂ්ටයි !
    Happy Sixty Sir :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැමිණීම සහ සුබ පැතීම ගැන. ලිපි කියවලා අදහස් දක්වන ලෙස කාරුණිකව ඉල්ලනවා.

      Delete
  49. නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි. ඉතාම රසවත් ආත්ම කථනයක්.

    අපේ පවුලෙත් හත්දෙනෙක්...අපි විවාහවෙලා අවුරුදු 26ක් සම්පූර්ණ වුනා දැන් දවස් දෙක තුනකට කලින්. අද දුව එනවා ඒක සමරන්න.

    විචාරක පවුලටම ප්‍රීතිමත් ජීවිතයකට ආසිරි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරු මේ සුබපැතුම් ගෙන ආවාට. ඔබේ විවාහ සංවත්සරයටත් මගෙන් සුබ පැතුම් පිළිගන්න.

      Delete
  50. අනේ මට මිස් වෙලා ඔබතුමාට සුබ පතන එක.මම නිතර ඇවිත් දැනුම ලබාගන්න අඩවියක් නිසා මට නිකම් ගිල්ටි ෆීලින් වගේ.නුදුක් නිරෝගි සුව ලබමින් නොදැවී සෙන්චරියක් ගහන්න වාසනාව ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. නැහැ ඔබ කිසිසේත් සිත් වේදනාවකට පත්විය යුතු නැහැ. ඔබ මේ තොරතුර දැනගත් වහාම පැමිණ සුබ පැතුවා. එපමණයි. මට වටින්නේ කොයි මොහොතේ හෝ ඔබේ පැමිණීම සහ මේ සුබපැතුමයි. ඔබට බොහොම ස්තුතියි.

      Delete
  51. කෞශල්‍යJune 21, 2014 at 5:50 PM

    විචාරක මහතාට ප්‍රමාදවී හෝ මගේ උනුසුම් සුභ පැතුම් එක් කරමි.නිරෝගී සුව සහ සැබෑ මිතුරන්ගේ සමාගම සහ නො අඩුව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ සුබ පැතුමට.

      Delete
  52. Many happy returns of the day.!!!
    (27th of February)

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }