මේ කතන්දරේ ලියන්න හිටියේ ටික දිනකට ඉහතදී. නමුත් මගේ බ්ලොග් කෙටුම්පත් ගොනුවේ ලිපි රාශියක් ගොඩගැහිලා තියනවා. 2013 මැද භාගයේදී කළ කෙටුම්පතකුත් තවම පෝලිමේ තියනවා. එක දිගටම හමුදා කතා ලියනකොටත් ලිවීමත් කියවීමත් එපාවෙනවා නේද? ඒ නිසා සාමාන්‍ය කතා කීපයක් කියලා ඊට පස්සේ යමු හමුදා ලිපියකට. එහෙම හොඳයි නේද? ඉතිං හා කියන්ඩකෝ. අප්පේ.............. ඇති යන්තං. (පින්තූරය ගත්තේ මෙතනින්)
අද කාලේ වීඩියෝ ප්‍රක්‍ෂේපණ යන්ත්‍රයක් යොදාගෙන දේශන පැවැත්වීම අරුම පුදුම දෙයක් නෙවෙයිනේ. එමගින්, දේශනයක් කොයිතරම් සාර්ථක වෙනවද කියලත් අපි දන්නවනේ. නමුත් කොයි වැඩෙත් කරන කලාවක් තියනවනේ. ඔබත් දැකලා ඇති, සමහරවිට නිකම් බොරු සෝබනේට වීඩියෝ ප්‍රොජෙක්ටර් යන්ත්‍ර පාවිච්චි කරන හැටි. නවීන අධ්‍යාපනික උපකරණ කොතරම් තිබුණත්, එයින් නිසි ප්‍රයෝජනය ගන්න නම්, ඒ සඳහා හොඳ පුහුණුවක් වගේම පළපුරුද්දකුත් තියෙන්න ඕනේ. මම එක උදාහරණයක් කියන්නම්. MS Powerpoint මෘදුකාංගය පාවිච්චි කරමින්, දේශන පවත්වන සමහර අය, එහිදී ප්‍රදර්ශනය කරන රූප තල - slides අනවශ්‍ය ලෙස විච්චූරණ ගැන්වීමෙන්, එහි පැහැදිළි බවට, සරල බවට, හානිවී ඇති හැටි ඔබ දැක ඇති.
එමෙන්ම, වීඩියෝ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් පාවිච්චි කිරීමේදී, ප්‍රොජෙක්ටර් යන්ත්‍රය සහ තිරය ස්ථානගතකිරීම, ඉතා දැඩි සැළකිල්ලෙන් කළයුතු කාර්යයක්. රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික ආයතන වල, මේ සඳහා කෙබඳු පුහුණුවක් ලබා දෙනවාදැයි මා දන්නේ නැහැ. නමුත් හමුදාවෙනම්, මේ සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙනවා. එය ලබාදෙන්නේ මෙහෙමයි. දේශන සඳහා වේවා, විනෝදාත්මක අවස්ථාවක් සඳහා වේවා, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සම්බන්ධ සියලු කටයුතු, (සවිකිරීම, ක්‍රියාකරවීම) කෙරෙන්නේ ශ්‍රී ලංකා සංඥා බලකාය විසින්. හැබැයි එවැනි උපකරණ කැඩුනම හදලා දෙන්නේ, සේවා කටයුතු කරලා දෙන්නේ, විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙන්. ඔන්න ඔන්න, දැන් අහන්න එපා බලකාය, රෙජිමේන්තුව, අරවා මෙව්වා. එව්වා කලින් කියලා දීලා තියෙන්නේ, අනාගතේදී එන ලිපි වලටත් අදාළවන නිසයි. ඒ වගේම නිළධාරියකුට තම පුහුණුවේදී කියලා දෙනවා, ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ ආධාරයෙන් කොහොමද සාර්ථකව සහ නිවැරදිව, දේශනයක් පවත්වන්නේ කියන එක.
ඉතින් මම මේ කියන්න යන්නේ, හමුදාව කරන විදිහටම මුළු රටම කරන්න ඕනේ කියන එක නෙවෙයි. වීඩියෝ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් පාවිච්චි කරලා දේශනයක් කරනවානම්, නිකම් ආවට ගියාට එය කරන්න බැහැ. (ඔව්වත් වැඩද කියලා හිතාගෙන හිටියට, කොරනකොට තමයි තේරෙන්නේ. සමහරුන්ට තේරෙන්නත් නැහැ තමන් පිස්සු කෙළින්නේ කියලා.) මම පෙන්නන්නම්, ඊයේ පෙරේදා, මම ප්‍රේක්ෂකයකු වශයෙන් සහභාගිවුණු එවැනි දේශන දෙකකදී, මම මගේ ජංගම දුරකථනයෙන් ලබාගත් පින්තූර කීපයක්.
පහත දැක්වෙනවා පින්තූර තුනක්. ඔබට පෙනෙනවා ඇති, එක්තරා කාන්තාවක්, වීඩියෝ ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් දේශනයක් පවත්වන ආකාරය. මේ දේශනය පැවැත්වුවේ, පාසලක පිහිටි කුඩා ශාලාවක වේදිකාවක් මත. නමුත් මෙහිදී, එය සංවිධානය කළ රාජ්‍ය පාලන ආයතනයට අවශ්‍යවී තිබුණේ, නිදහස් දිනයට අදාළ විශාල ඩිජිටල් බැනරයක්, අර පුංචි විදුහල් ශාලාවේ, වේදිකාවේ පසුපස බිත්තියේ ප්‍රදර්ශණය කරන්නයි. මට පුදුම හිතුණේ, මෙහි ප්‍රධාන සංවිධායක වරුන්/භාරකරුවන් වශයෙන් සහභාගිවුණු, විශ්‍රාමික ජ්‍යොෂ්ඨ රාජ්‍ය පරිපාලන නිළධාරීන් දෙදෙනාටවත්, වීඩියෝ ප්‍රොජෙක්ටරය සවිකිරීම ගැන කිසිදු ඕනෑකමක් නැතිබව (නැතහොත් දැණුමක් නැතිබව) පෙනීගිය නිසයි. ඔවුන්ට, බොහොම සිත්ගන්නාසුළු කතා විලාශයක් නම් තිබුණා. මහින්ද චින්තනය ගැන හොඳ දැණුමකුත් තිබුණා.
මේ ඉන්නේ වැදගත් තනතුරක් දරන කාන්තාවක්. ඇත්තටම ඇගේ දේශනය, ඉතා වැදගත් කරුණු රාශියකින් සමන්විත වුණා. නමුත්, ඇය වීඩියෝ තිරය ප්‍රේක්ෂකයාට මුවාවෙන විදිහටයි, බොහෝවිට සිටගෙන සිටියේ, තම දේශනය අතරතුර. එමෙන්ම එහි තිබුණු එෆ්.එම්. මයික්‍රෆෝනය පාවිච්චි කරමින්, වේදිකාවේ පසුපසට ගියානම්, ප්‍රේක්ෂකයන්ට පහසුවෙන් තිරය පෙනෙන බව, ඇය සිතුවේ නැහැ. සමහරවිට ඒ ආකාරයට දේශන පැවැත්වීම ගැන, ඇයට පුහුණුවක් ලැබී නැතුව ඇති.
බලන්න ඉහත ඡායාරූපයෙන් පැහැදිළිව පෙනෙනවා, වීඩියෝ ප්‍රොජෙක්ටර් තිරය, වේදිකාවේ පසෙකට දමා ඇති ආකාරය. පින්තූරයේ වම්පස ඉහළ, කහ දුඹුරු පාට පදාසයකින් මම වසා දමා තිබෙන්නේ, අර විශාල ඩිජිටල් බැනරයයි. එමෙන්ම බලන්න, තිරයේ විශාල ප්‍රදේශයක් හිස්. කුඩා කොටුවක තමයි පින්තූර පෙනෙන්නේ.
ඉහත පින්තූරයෙන් පෙනෙනවා, අර රෝසපාට ඩෙස්ක් එක මත තමයි, ප්‍රොජෙක්ටරය තබා තිබෙන්නේ. එය තිරයට ඉතා ආසන්න නිසයි, කුඩා කොටුවක් තිරයේ පතිතවන්නේ. ඒ කියන්නේ වීඩියෝ ප්‍රොජෙක්ටරයෙන් නිසි ප්‍රයෝජනය නොලැබෙන ආකාරයටයි, එය ස්ථානගත කර තිබෙන්නේ. මේ කාන්තාව, අපට පිටුපා ඉන්න අතරේ, මම වාඩිවී සිටියේ, පාසල්වල තියන, අර යකඩ කකුල් සහිත පුටුවක. දේශනය දෙස බලමින්, මම අර පුටුවේ දුකෙන් තමයි හිටියේ.
දෙවැනි එක මීටත් වඩා අන්තයි. සියලු පහසුකම් සහිත ශාලාවකයි, මේ දේශනය පැවැත්වුනේ. අමාත්‍යාංශයක් සහ පොලීසිය එක්ව තමයි මෙය සංවිධානය කර තිබුණේ. උදේ 8.30 ට එන්න කියලා තිබුණා. හමුදාවේ අපිනම්, 8.30 කියන්නේ 8.29 ට වත්, 8.31 ට වත් නෙවෙයි. නමුත් මෙතන නම් වැඩේ පටන්ගත්තේ 10.30 ට.
වැඩේ පටන්ගන්නතුරු, ඔහේ කැරකි කැරකි හිටිය මම දැක්කා, කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් වරු දෙන්නෙක්, සම්මුඛ පරීක්ෂණයක් වගේ දෙයකට සූදානමින්, මේසයක් පුටු කීපයක් තබාගෙන වාඩිවී සිටින හැටි. මම එයාලගෙන් ඇහුවා, 'මහත්තයලා මෙතන මොකක්ද කරන්නේ' කියලා. ඔවුන් මගෙන් ඇහුවා මා කවුද කියා. මම කිව්වා, මම මේ මෙතන තියන සම්මන්ත්‍රණයට ආව කෙනෙක් කියලා. එයාලා කිව්වා, එයාලා එතන ඉන්නේ කමාන්ඩෝ රෙජිමේන්තුවට ආධුනිකයන් බඳවා ගන්න කියලා. මම කිව්වා, 'අපොයි කමාන්ඩෝ එකට බැඳෙන්න නම් ඕනෙතරම් එයි' කියලා. ඔවුන්ගෙන් එක්කෙනෙක් කිව්වා, 'මොන පිස්සුද මහත්තයා, සම්මුඛ පරීක්‍ෂණයට එන කොල්ලන්ගෙන් වැඩි දෙනෙක් අහන්නේ, 'අයියේ අපිව බඳවාගෙන කොළඹ පේමන්ට් හදන්න හරි, දැයට කිරුළේ පස් අදින්න හරි දානවද' කියලයි. 'අනේ අනිච්චං' කියලා හිතෙන් කියාගෙන, මම එතනින් මාරුවුණා.
ආයේ සැරයක් එමුකො මාතෘකාවට. මෙහි සංවිධානයේ දුර්වලකම් රාශියක් තිබුණා. මම ඒවා කියන්නට යන්නේ නැහැ. පහත දැක්වෙන පින්තූර දෙකෙන් බලන්න කොහොමද වීඩියෝ ප්‍රොජෙක්ටරය තබා තිබෙන්නේ සහ කොහොමද ප්‍රේක්ෂකයාට එය දර්ශනය වන්නේ කියා.
ඔබට පෙනෙනවාද, මේ වේදිකාවේ පැති තිරයකින් බාගෙට වැසී තිබෙන, වයිට් බෝඩ් එකක්. මුලින්ම ප්‍රොජෙක්ටරය එල්ල කළේ, ඒ වයිට් බෝඩ් එකට. එවිට සංවිධායක මණ්ඩලයට තේරුණා, වයිට් බෝඩ් එකේ ප්‍රමාණය අනුව, ශාලාවේ ඈත කෙලවරේ සිටින අයට පින්තූර පැහැදිලිව පෙනෙන්නේ නැතිබව. එපමණක් නොව, වයිට් බෝඩ් එක මත පින්තූර පතිත වුනාම, දිලිසීමක් සහිත පරාවර්තනයක් සිදුවීමෙන්, පින්තූර හරිහැටි නොපෙනෙන බව. මොකක්ද ඔවුන් දුන් විසඳුම, ශාලාවේ පසුබිම් තිරයට ප්‍රොජෙක්ටරය එල්ල කිරීම තමයි විසඳුම. එවිට සිදුවුණේ, ඉදිරිපස අසුන්වල සිටි අයට, වේදිකාවේ තිබුණු දේශන පුවරුව නිසාත්, මේසය නිසාත්, තිරය මුවාවීම සහ, ශාලාවේ ඈත කෙලවරේ සිටි අයට, අකුරු පැහැදිළිව නොපෙනෙන තරම් දුරකින් තිරය පිහිටීමයි.
පහත දැක්වෙන ඡායාරූපයෙන් බලන්න සම්පූර්ණ ශාලාව සහ බැල්කනිය පවා ප්‍රේක්‍ෂකයන්ගෙන් පිරී තිබුණු ආකාරය.
මතක තබාගන්න මේ සම්මන්ත්‍රණය, සෑහෙන කලකට පෙර සිට සංවිධානය කර තිබුන එකක්. නමුත් අවසාන මොහොතේ තමයි වීඩියෝ ප්‍රොජෙක්ටරය අටවන්න ගියේ. මෙහෙම වෙන්නේ ඇයි? ඔබෙන් සමහර අය කියයි තැනේ හැටියට තමයි ඔය කොරලා තියෙන්නේ ඔයිට වැඩි යමක් කරන්න බැහැ කියලා. මමනම් ඒකට එකඟ නැහැ. කොයි තැනදීත් හරියට කරන්න පුළුවන්. අන්න එහෙම හරියට කරන්න තමයි මේ දේවල් පාවිච්චිය ගැන පුහුණුවක් අවශ්‍ය වෙන්නේ. නිවැරදි සංවිධානය සහ පූර්ව සැලසුම් කියන එක ජීවිතේ සෑමවිටම අත්‍යවශ්‍ය අංගයක්. වීඩියෝ ප්‍රොජෙක්ටරයක් පාවිච්චි කරමින් දේශනයක් පැවැත්වීමේදී, සැළකිය යුතු කරුණු මොනවාද?
- ප්‍රේක්ෂකාගාරයට පැහැදිළිව තිරය දිස්වෙනවාද? දේශනය ඇරඹීමට ප්‍රථම, ප්‍රේක්ෂකාගාරයේ සෑම තැනකටම කීප දෙනෙකු යවා, ඔවුන්ගෙන් සනාථ කරගත යුතුයි.
- අති විශාල ප්‍රේක්ෂක සමූහයක් ඉන්න ශාලාවක් නම් තිරය ප්‍රමාණවත් නොවන්න පුළුවන්. ඒ සඳහා වියදම් අඩු මහන්සිය වැඩි විසඳුම වන්නේ තිරය පහසුවෙන් දර්ශනයක වෙන ආකාරයට ප්‍රේක්‍ෂක ප්‍රමාණය කොටස් වලට කඩා දේශනය වාර කීපයක් පැවැත්වීමයි. වියදම් වැඩි මහන්සිය අඩු ක්‍රමය වන්නේ, ජාලගත ප්‍රොජෙක්ටර් කීපයක් හෝ පුළුල් තිර රූපවාහිනී කීපයක් ප්‍රේක්‍ෂකාගාරයේ සවිකිරීමයි.
- ඔබ දැක ඇති සමහර අය දේශනය පවත්වද්දී වටින් වර පරිගණකය වෙත යනවා ඊළඟ රූපය දැමීම සඳහා. එවිටත් ප්‍රේක්ෂකයන්ට තිරය මුවාවෙන්න පුළුවන්. මෙය වළක්වාගන්න ක්‍රම දෙකක් තියනවා. එකක් පරිගණකය වෙත දිග කේබලයක් යොදවා වේදිකාවේ පසෙක තබා ගැනීම. දෙවැනි එක වෙනම පරිගණක ක්‍රියාකරුවකු තබාගැනීම. හමුදාවේ බොහෝවිට කෙරෙන්නේ මේ දෙවැනි ක්‍රමයයි. එවිට දේශකයා සම්පූර්ණයෙන් නිදහස්. නමුත් පරිගණක ක්‍රියාකරු දන්නේ කොහොමද මොකක්ද දාන රූපය කියලා? අන්න ඒකට තමයි පෙර පුහුණුව අවශ්‍ය. හමුදාවේදී නම් මේ සඳහා වගකිවයුතු නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ කාලය ගණනය කරමින් අවම වශයෙන් පෙරහුරු දෙකක් වත් පවත්වනවා. පරිගණක ක්‍රියාකරු අතට දෙනවා දේශනයේ පිටපතක්. එහි සටහන් කොට තිබෙනවා එක එක රූපය එන තැන සහ එම රූපයේ අංකය. ඒ නිසා ඉදිරියට පසුපසට මෙන්ම අහම්බෙන් හෝ රූප මාලාවේ වෙනත් එකක් ඉතා පහසුවෙන් පෙන්වන්න පුළුවන්. තවත් වාසියක් තියනවා. ඒ තමයි කාලය ඉතිරිකර ගැනීම. දේශකයා පරිගණක ක්‍රියාකරු වුණාම, කාලය අපතේ යනවා. දේශනයට ඇති ප්‍රේක්‍ෂක අවධානය බිඳ වැටෙනවා.
- ප්‍රේක්‍ෂකයන් ඇතුළුවීමට පෙර, සියල්ල සකසා අවසන් කර තිබිය යුතුයි. ප්‍රේක්‍ෂකයන් ඇතුළුවූ පසුව, ප්‍රොජෙක්ටර් උස්සාගෙන, පරිගණක උස්සාගෙන, තිරය උස්සාගෙන, තවමත් වේදිකාවේ එහා මෙහා යනවානම්, එයින් පෙන්වන්නේ, ඔබ ඉතා අසංවිධානාත්මක බවයි. එයින්, ප්‍රේක්‍ෂකයා තුළ, ඔබගැන ඇති විශ්වාසය බිදවැටෙනවා.
- වේදිකාවේ සහ ශාලාවේ ඇති ආලෝක තත්වය, ප්‍රේක්‍ෂකයාට තිරය දෙස බැලීමට බාධාවක් නොවිය යුතුයි. නිවෙන පත්තුවෙන විදුලි බුබුළු වැල්, අලංකරණය සඳහා යෙදූ ස්පොට් ලයිට් ආදිය ඇත්නම්, ඒවා නිවා දැමිය යුතුයි. එමෙන්ම ශබ්ද විකාශන පද්ධතිය කන් පැලෙන තරමට හෝ යන්තම් ඇහෙන ප්‍රමාණයට නොව මධ්‍යස්ථ මට්ටමක පැවතිය යුතුයි. ඒ ඒ දේශකයාගේ හඬ මට්ටමට අනුව, ශබ්ද විකාශන ක්‍රියාකරු විසින් හඬ පාලනය කළයුතුයි.
- දේශන පැවැත්වීමේදී එෆ්.එම්. මයික්‍රෆෝනයක් සහ ලේසර් පොයින්ටරයක් පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. අනවශ්‍ය ලෙස වේදිකාව මත එහා මෙහා ගමන් කිරීමෙන් පෙන්වන්නේ ඔබට මේ ගැන දැණුමක් හෝ පළපුරුද්දක් නැති බවයි.
ඔබටත් මෙවැනි අත්දැකීම් ලැබී ඇති. ඔබටත් කවදා හෝ මෙවැනි දෙයක් කරන්නට අවස්ථාවක් ලැබෙන්නට පුළුවනි. සමහරවිට දැනටමත් ඔබ මෙවැනි දේ කරන කෙනෙකු වන්නට පුළුවනි. ඒ නිසා මේ ගැන සිතාබලන්න.
අපි ගිය මාසෙ දවසක ගියා පුතාගේ පාසලේ තිබුන ගුරු-දෙගුරු හමුවට. එහෙනම් ඔවුන් බොහොම බුද්ධිමත් විදිහට ඕවා පාවිච්චි කරලා ටිබුනා. ඈතින්ම තියන එක පිටු පස අයට පැහැදිලි නැති නිසා වේදිකාවෙ පහල තව එකක් තියලා තිබුනා. ඕවා හරියට හැදිලා එන්න තව කාලයක් යයි. හැකිනම් මේ ලිපිය සංවිධායක මණ්ඩලේ කෙනෙකුට ලැබෙන්න සලසවන්න. ඒක ඔවුන්ට ප්‍රයෝජනවත් වෙයි වැරදි හදා ගන්න කැමති අයනම්.
ReplyDeleteමේවා මහ මැජික් වැඩ නෙවෙයි සෙන්නා. ඕනෑකම නැති ඒකයි හේතුව. සමහ සංවිධායක මණ්ඩල නම් මකලා හදන්න තමයි වෙන්නේ.
Deleteහපොයි lectures නම් මතක් කරන්ට එපා. තාම පටන් ගත්තේ නෑ. :)
ReplyDeleteඔයා ගෙදරදී අරයට ලෙක්චර්ස් දෙනකොටත් මෙව්වා පාවිච්චි කරනවද? :D
Deleteවිචාරක මහත්තය කියල තියෙනව වගේ තාක්ෂනික දැනුම තියෙන අය හැමතැනම ඉන්නවනං ෆේස්බුක් හින්ද ළමයි මැරෙනවයි කියන ගොං තර්කෙ ගේන්න එකක් නැතිවෙන්න තිබුණ.
ReplyDeleteඔබ කියල තියෙන දේ මාත් බොහෝ තැන්වලදි දැකල තියෙනව. ඇත්තටම ඒකෙන් වෙන්නෙ ඔය පවත්වන දේශනය කිසිම ප්‍රයෝජනයකට නැති දෙයක් වෙන එකයි. යම් දෙයක් කරනවනං වැඩේ කරන වෙලාවට ඉස්සෙල්ල ඒකට අවශ්‍ය සංවිධාන කටයුතු කරනවනං ඔය තත්වය ඇතිවෙන්නෙ නෑ. නමුත් අපේ මිනිස්සු ක්ෂනික නූඩ්ල්ස් වගේ හැම දෙයක්ම කරන්න යන්නෙ විනාඩි දෙකෙන්. :D
මයිකල් ජැක්සන්ගෙ This is it ෆිල්ම් එකේ මිනිහ එයාගෙ කෲ එකත් එක්ක ෂෝ එකකට කොච්චර කැපවීමක් කරනවද කියල බලාගන්න පුලුවං.
කියලා වැඩක් නැහැ ප්‍රසන්න. අපේ මිනිස්සු හරියට වැඩක් කරන්නේ සල්ලි හම්බ වෙනවනම් විතරයි. ඒ කරන්නෙත් බාගෙට. මේවා කරන්න මහා විශාල පුහුණුවක් අවශ්‍ය නැහැ. නමුත් අවබෝධය තිබිය යුතුයි.
Deleteගොඩක්ම වෙලා තියෙන්නේ මට හිතෙන හැටියට අපේ ගොඩක් ප්‍රොජෙක්ටර් එක පාවිච්චි කරන්නේ පොඩි සෝබනයක් විදියට විතරයි .... මොකද එකේ හරි ප්‍රයෝජනය ගන්නවානම් දේශකයට වඩා වැඩක් ඕකෙන් ගන්න පුළුවන්
ReplyDeleteඔව් මමත් දැක තිබෙනවා අනවශ්‍ය ලෙස මේ උපකරණය යොදාගන්නා අවස්ථා.
Deleteදේශනයක් අතරතුර, “එහෙම නේද“ වැනි ප්‍රශ්ණ ප්‍රේක්ෂකයාගෙන් අසනාවා යනුද, ඉදිරිපත් කරන්නා තමන් කියන කාරනය පිළිබඳ සැකයකින් ඉන්නවා කියලයි මගේ අදහසයි.
ReplyDeleteනිතර, තිරය දෙස බැලීමද දේශකයාගේ දුර්වලතාවයකි.
සාමාන්‍යයෙන් අධ්‍යාපන මනොවිද්‍යාවේදීත්, ඉගැන්වීම් ක්‍රම වලදීත් කියනවා, ශිෂ්‍යයාගෙන් ප්‍රශ්න අසා ඔහු ධාරණය කරගත් බව තහවුරු කරගත යුතුයි කියලා. නමුත් එය සීමාවක් නැතිව කරනවානම් අඩුවක් තියන බව පෙනෙනවා.
Deleteමට ප්‍රොජෙක්ටරයක් මිලදී ගැනීමේ ඉඳලා එය සුසර කිරීමේ දක්වා කරන්න දුලබ අවස්තාවක් ලැබුණා 1999 දී Y2K එක වෙනුවෙන් අපේ දෙපාර්තමේන්තුවෙන් කරන්න යෙදුන දීප ව්‍යාප්ත දැනුවත් කිරීම නිසා. මට තමයි මේක සවි කරන්න යන්න වුණේ. ඔන්න ඒ නිසා මේක ගැන හොඳ අවුබෝධයක් ලැබුණා. පස්සේ වෙනත් එකකට ගිහින් වෙච්ච අපූරු සිදුවීම් ටික පොස්ට් එකකින් දාන්නම්. විචාරක තුමාගේ මේ පොස්ට් එක නිසා ඒකත් මතක් වුණා.
ReplyDeleteඉස්සර නම් ප්‍රොජෙක්ටර් විකුණු සුප්‍රසිද්ධ වෙළඳ නාම සහිත සමාගම් වලින් නොමිලේ පුහුණුවක් දුන්නා. ඔබට ලැබී තිබෙන්නේ අගනා අවස්ථාවක් බවත් ඔබ එයින් උපරිම ප්‍රයෝජන අරන් තිබෙන බවත් පෙනෙනවා. මේ ගැන ඔබේ ලිපියත් ඉක්මනින් ලියන්න.
Deleteවිචාරක.....මේ ලිපිය යමක් දැණගත යුතු අයගේ ඇස් ඇරවන්නක්. මම ඉන්න රටේ මෙවැනි අවස්තා මෙහයවීම කොතරම් සාර්ථකව කරනවාද යන්න මට සහභාගිවෙන්න ලැබුනු බොහෝ අවස්තාවල මම අත්විඳලා තියෙනවා. මට තවත් වටිනා අවස්තාවක් උදාකර දුන්නා අපේ දුව. ඒ තමයි ප්ලිමත් යුනිවර්සිටියේ එයා සහභාගිවූ ලෙක්චර් එකකට ,ඒ ප්‍රොෆෙසර්ගේ අවසරය මත වාඩිවී බලා සිටීමට. ඒක අපූරු අවස්තාවක්. ඔය ස්ක්‍රීන් සහ ප්‍රොජෙක්ටර්ස් තුලින් ලබාදෙන උපරිමය හරිම අගෙයි.ස්ටික් එකේ හෙවනැල්ලක්වත් වැටෙන්නේ නැහැ.
ReplyDeleteඑවැනිම තවත් අපූරු අත්දැකීමක් ලැබුවා ඕමානයේදි. ජෙනරල් කෝඩින්ග්ලි දේශනයක් කර ඔමානි ජෙනරල්ස්ලාට 1990 ගණන්වල. ඔහු මාව එතන රඳවා ගත්තා අතුදව්වට. ඒත් ඔය ප්‍රොජෙක්ටර්ස් වලින් කරේ. මට දැණුනේ යුධබිමක ඉන්නවා වගේ. ඒ මෙහෙයුම් උපදේස ට්‍රේනින්ග් සඳහා පමණයි. ඉංග්‍රීසියෙන් කියන්නේ Mock presentation කියලා නේද?
අරු, ඔබට හැකිනම් ලංකාවේ හමුදා අකදමියක පැවැත්වෙන මෙවැනි දේශනයක් බලන්න, ඇත්තටම ඔබ කියන ජාත්‍යන්තර ප්‍රමිතිය එහි තියනවා. මම කියන්නෙත් මේ උපකරණ වලින් බොරු සෝබන නොකර හරියට පාවිච්චි කරන්න කියලයි.
Deleteඔබ ඕමානයේදී ලබා ඇති අත්දැකීම නම් අපූරුයි. එවැනි අභ්‍යාස විවිධ රටවලදී විවිධ නම් වලින් හඳුන්වනවා. අපි කියන්නේ Battle games narrative කියලයි.
අකදමි X ඇකඩමි
Deleteඔබ කියන කරුණු සියල්ලටම 100% එකඟ වෙමි. බොහෝ දෙනෙක් ඔය වැඩේ නොදැන කරන්න ගිහින් අනාගන්නව මම ඕන තරම් දැකල තියෙනවා. දන්නේ නැත්නම් එක්කෝ පාවිච්චි නොකර ඉන්න ඕන. එත් නෑ. බොරු ෂෝ එකට ගේනවා multimedia projector.
ReplyDeleteඇත්තටම සමහර රාජ්‍ය ආයතන වල ඔය යන්ත්‍රය ක්‍රියාකරවන්න දාලා ඉන්නේ සුළු සේවකයෙක්. ඔහුට ඒ යන්ත්‍රය ගැන අවබෝධයක් නැහැ. ඔහු කරන්නේ යන්ත්‍රය සවිකරලා තිරයට එල්ල කිරීම පමණයි. මෙවැනි වටිනා උපකරණ වැඩියෙන්ම විනාශ කරන්නෙත් රාජ්‍ය ආයතන වල.
Deleteදුවගෙ කොලේජ් සහ පුතාගෙ පාසල් වල උත්සව වලදී දැකල තිබෙන ක්‍රමවත් බව දැක්කම ඔය පිළිවලක් නැතිව කරන අය ගැන පුදුම කනගාටුවක් ඇති වැන්නේ.
ReplyDeleteඅර ගැහැණු මනුස්සය FM මයික් එකත් අරගෙන තිරයේ වම් පසට ගොස් විස්තර කලානම් කොපමණ වටිනාකමක් ලැබෙනවද කතාවට.
අනේ මන්ද හිතන්නේ නැතිකමද,ඕන කමක් නැද්ද නැති නම් නොදන්න කමද මන්ද.....?
හරියටම හරි. හිතන්නේ නැතිකම සහ ඕනෙකමක් නැතිකම ඒක තමයි හේතුව.
Deleteමමත් ඔය අත්දැකීම ඕනේ තරම් විඳලා තියනවා. මොකද අපි පාසලක හරි මොනයම් ආයතනයක හරි session එකකට යන්න ඉස්සරලා දැනුම් දීමක් කරනවා අපි multimedia projectors පාවිච්චි කරනවා ඒ සඳහා අවශ්‍ය පහසුකම් දෙන්න කියලා. හැබැයි ගිහාම වෙන්නේ අපිටම projector එක අටවගන්න. හැබැයි ඒක හයි කරන්නත් power extensions නෑ. අරවා නෑ. මේවා නෑ.. එපා වෙනවා වැඩේ පටන් ගන්න ගිහාම
ReplyDeleteකෝ පහසුකම් කියලා ඇහුවොත් කියයි ඇයි මේ හෝල් එක තියෙන්නේ කියලා. :D ඔහොම තමයි හුඟක් තැන්වල එක්කෝ අවබෝධයක් නැහැ නැත්නම් හිතන්නේ නැහැ. එහෙමත් නැත්නම් සැලසුම් කරන්න ඕනෙකමක් නැහැ.
Deleteඇත්ත ...ගොඩක් වෙලාවට මෙය ස්ථානගත කිරීම පිලිබඳ නිසි දැනුමක් නැති නිසා සමහර වටිනා දේශනා පවා කිසිදු වටිනාකමක් නැති තත්වයට පත්වෙනවා.
ReplyDeleteඅපරාදේ අර ගෑනු මනුස්සයගේ මූණ වැහුවේ...ඒ ලෙක්චර් එකනම් ඒ මනුස්සය දිහා හරි බලා ඉන්න ඇති විචාරක මහත්තයා
දේශනය ඔහේ යනවා, ප්‍රොජෙක්ටර් එක ඔහේ පත්තුවෙලා තියනවා ලයිට් එකක් වගේ.
Deleteඅපොයි මූණ වහන්නේ නැතුව කොහොමද.
මම ඒකනේ කියලා තියෙන්නේ ප්‍රේක්ෂකයන්ට පිටුපාලා ඒ ඇත්තී මේ දේශනය කරන අතරේ මම පුටුවේ දුකෙන් තමයි වාඩිවෙලා හිටියේ කියලා.
කෝ කොමෙන්ට් එක
ReplyDeleteමම අහන්න කැමතියි ඔය උඩින් දිලිසි දිලිසී තියෙන්නේ කමෙන්ට් එකද එහෙම නැත්නම් ......................ද කියලා. :D :D
Deleteක්ලාස් යන කාලේ මාත් ඔය අත්දැකීමම විදලා තියෙනවා.. දුරින් වාඩි උනොත් මුකුත් පේන්නේ නෑ.. ලගම ඉන්න දවසට එක්කෝ සර්ම හරි මැද්දට පනිනවා.. මේවා සවි කරද්දී ඒ ගැන හොදට හිතලා බලන්න පුළුවන් අය ඉන්නවනම් ඒක ලේසියි ඇත්තටම..
ReplyDeleteක්ලාස් වල බොහෝවිට කරන්නේ මවාපෑමක් පමණයි.
Deleteඅම්මෝ ලෙක්චර්ස් නම්...... මට නම් ඔය ජාතියේ පවර්පොයින්ට් පෙන්නපු ගමන් ඇස් බොඳවෙලා නින්ද යනවා..
ReplyDeleteමමත් ලැච්ච්ර් යන අතරේ ගොරව ගොරවා බුදියාගෙන තියනවා :D
Deleteසම්මන්ත්‍රන..සම්මන්ත්‍රන වලට ගියාම එක විදියක ඉන්න බැරි එකනේ වෙලා තියෙන්නේ...
ReplyDeleteඑක විදිහකට ඉන්න බැරිනම් දෙවිදිහකට ඉන්න පුළුවන්නේ :D
Deleteඔව්. මෙය සිදුවන්නේ නොදැනුවත්කම නිසා නම් නෙවෙයි. ඒ සියලු උපාංග සකසා ඇත්තේ ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් අඳුනා ගැනීමේ සහ ක්‍රියා කිරීමේ පහසුවත් සමගයි. මෙහිදී සිදුවන්නේ, යමක් සිතා මතා කිරීමට සහජයෙන්ම ඇති නොකැමත්තත්, කම්මැලි කමත්. අනික දැන් presentations වලට ක්‍රියාකරුවන් අවශ්‍ය නැහැ. ඒ සඳහා එතරම් මිල නැති Laser pointers සමගින් Next, back, up, down buttons සහිතව දේශකයාටම ඉතා පහසුවෙන් හැසිරවිය හැකි උපාංග තියෙනවා. අනික, එහෙය්යෝ දන්නේ චින්තක ගේ පම්පෝරිය විතරයි. ඉතින් එවන්නන් ඉන්න අපේ රටේ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. මා ප්‍රකාශ කලේ දැනට වෙන දේ මිසක්, සෘණාත්මක අදහසක් නොවෙයි
ReplyDeleteමමත් එකඟ වෙනවා දිලීප. හැබැයි ඔය බොහොමයක් දෙනා ඔය වැඩේ කරන්නේ පෙර පුහුණුවක් නැතුව. නිකම් බලා ඉඳලා ඉගෙනගෙන. අන්න ඒ නිසයි ඔච්චර පහත ප්‍රමිතියකට වැටෙන්නේ.
Deleteතාක්ෂනික දැනුම මදිකම නේ? කොමත් ටිකක් වයස වැඩි කෙනෙක් දේශනයක් කරද්දි දකින්න පුළුවන් දෙයක් ඕක හැබැයි පෞද්ගලික අංශයේ ට්‍රේනිං වල මෙහෙම වෙනවා අඩුයි. (මට හිතෙන හැටියට) :)
ReplyDeleteදැණුම මදිවෙන්නේ දැණුම දීලා නැති නිසා වෙන්නත් පුළුවන්. දුන්න දැණුම අමතක කරලා වැඩ කරන නිසා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් නොසැලකිල්ලත් විශාල වශයෙන් බලපාන බව පෙනෙනවා.
Delete