හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

10 August 2014

වදන් බලය 4 - Word Power 4

Image 1
  මා දන්නවා ඔබ බලාපොරොත්තුව සිටින්නේ යුද්ධ ටැංකි පිලිබඳ ලිපියේ මීළඟ කොටස බව. නමුත් පහුගිය සතියේ සිට මා තවමත් අතිශයින් කාර්ය බහුළ තත්වයකට පත්වී සිටිනවා. යුද්ධ ටැංකි ලිපියේ තුන්වැනි කොටසෙන් බාගයක් පමණයි තවමත් අවසන් කර තිබෙන්නේ. ඒ නිසා මා සිතුවා, කළින් සකසා අවසන් කර තිබුණ, මේ 'වදන් බලය' ලිපිය ඔබවෙත දෙන්නට. අමනාප වන්නට එපා. හැකි ඉක්මණින්, රසවත් කරුණු රැසක් සමග, යුද්ධ ටැංකි ලිපියේ ඉතිරි කොටස ගෙන එන්නම්. 

  වදන් බලය විශේෂාංගය දැන් ඔබ අතර බොහොම ජනප්‍රියයි. ඔන්න අද තවත් වදන් බලය අභ්‍යාසයක් ගෙන එනවා. මෙය උපුටා ගන්නේ පැරණි සිව්දෙස සඟරා වලින් බව ඔබ දන්නවානේ. මේ කොටස ලබාගත්තේ 1996 ජූලි මාසයේ 'සිව්දෙස' සඟරාවෙන්. හොඳයි එහෙනම් වෙනදා වගේම උත්සාහ කර බලන්න ඔබේ වදන් බලයේ ප්‍රමාණය. වෙනදා වගේම කියන්නේ මෙය කලබලයෙන් විසඳන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම පිළිතුරු බලන්නත් ඉක්මන් වෙන්න එපා. විවේකීව ඉන්න මොහොතක උත්සාහ කර බලන්න. 


පළමුවැනි පිටුව

1

දෙවැනි පිටුව 

2

පිළිතුරු බලන්න යන්න

ඉක්මන් වෙන්න එපා


3


my-signature-for-blog[1]   2014 ජූලි මස 27 වැනි දින 1331 පැය

36 comments :

  1. විචාරක තුමා උදේ පාන්දර නියම අභ්‍යාස නේ දෙන්නේ. මං කවදාවත් මේවා අහල නැ..... උපාධියට සිංහල කරලත්...... මං හෙමිහිට මේක බලන්නම් .... ටිකක් තර්කානුලව හිතන්න ඕන. බුද්ධි පරීක්ෂණයේ ප්‍රශ්න වගේ..... එක ලගින් යන උත්තර තියෙන්නේ. මේ සගරා ඔයා එකතු කලාද.....? වැදගත් පාඩමක්.

    ReplyDelete
    Replies
    1. මට මේක fb එකට share කරගන්න විදියක් නැනේ.....

      Delete
    2. සමහර වචන නිතර භාවිතයේ තිබෙන ඒවා නොවන නිසා ටිකක් අමාරුයි වගේ පෙනෙනවා. නමුත් ටිකක් හිතුවම උත්තරේ හිතාගන්න පුලුවන්.

      මට නිතර කියවන්න සඟරා පොත්පත් නැත්නම් කෑම කාවේ නැහැ වගේ. සිව්දෙස සඟරා එකතුවක් මා ළඟ තියනවා.

      මම මේ ලිපි මූණු පොතේ පලවෙන විදිහට සකසලා තියෙන්නේ.

      Delete
  2. දන්නෙ 4 යි.
    අනේ ෂෝයි.
    ස්තුතියි ,මං මගෙ අලුත් වචන පොතට දාගන්නවා.ගංගරෝ..
    :)

    ReplyDelete
    Replies
    1. ඉතිං මදිද හතරක් දැනගත්තම? මේවා නිතර අහන වචන නෙවෙයිනේ.

      Delete
  3. Replies
    1. එකක්හරි දැනගත්තම මදෑ.

      Delete
  4. අදත් අපූරුම වදන් ගොන්නක්.... බලමු හදාරලා...

    ReplyDelete
    Replies
    1. ඔව් නලීන්. විවේකීව උත්සාහ කර බලන්න.

      Delete
  5. 9/20.

    භාෂා ඥානය හොඳටෝම මදි.. :-(

    ReplyDelete
    Replies
    1. ඔය මදෑ. නවයක් දන්නවා කියන්නේ ලොක්කෙක්.

      Delete
  6. යුද්ධ ටැංකි එනකල් හොඳ අභ්‍යාසය.

    ReplyDelete
    Replies
    1. හැබැයි පාරෙන් අයින් වෙලා අභ්‍යාසය කරන්න. යුද්ධ ටැංකි කොයි වෙලාවේ එයිද දන්නේ නැහැ.

      Delete
  7. අප්පා.... සමහර වචන අැහුවෙත් අදයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයිනේ අලුත් වචන ඉගෙනගන්න ලැබීම.

      Delete
  8. දෙකයි … !! මදෑ ඔයිං ගියා අතක් පයක් නොකැඩි .

    ReplyDelete
    Replies
    1. දෙකයි කිව්වේ............. උඹ දෙකක් දාලා ඉන්න ගමන්ද බැලුවේ?

      Delete
  9. හුටාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා
    එතතොට අපි බාව්තා කරන්නේ සිංහල නෙවෙයිද??

    ඉතා වැදගත් ලිපියක් විචාරක තුමා ස්තුතියි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සමහර අය දැන් කාලේ පාවිච්චි කරන වචන ඇහුවම සිංහලද වෙන භාෂාවක්ද කියලත් හිතෙනවා.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. මගේ හතක් හරි. අපේ බාසාව මළ බාසාවක් වෙන කාලය වැඩි ඇතක නැහැ. මළ බාසාවක් වෙලා තිබ්බ හිබ්රු බාෂාව දැන් ඊශ්‍රයලය එයාලගේ ප්‍රදාන බාෂාව කරගෙන. මව් බසට මුල් තැන දීම ඉතා වැදගත්. රටක්, ජාතියක්,නග්ගන්න වගේම බස්සන්නත් බාෂාව ඉතා වැදගත්

      Delete
    3. සමහර වචන දෙමලෙන් ආව ඒව නේ? ගාර්දිය නම් පෘතුගීසි Guardia.

      4-5 ක් විතර හරි සමහර ඒව බාගෙට පොට්ටෙ

      Delete
    4. @ Dileepa ඔබේ භාෂා දැණුම ඉතා සතුටුදායක මට්ටමක තිබෙන බව පෙනෙනවා. මොකද මේ වචන නිතර භාවිතයේ නැති ඒවා.

      තමන්ගේ මව් භාෂාවට ඕනෙ දෙයක් වෙච්චාවේ කියලා බලාඉන්න කාලකන්නි ජාතියක්ද මන්දා අපි.

      @Pra Jay ඔව් මෙහි සමහර වචන වෙනත් භාෂා වලින් නිෂ්පන්න වූ ඒවා බව පෙනෙනවා. 4 - 5 ක් හරිගියත් ඇති නේද ආරම්භයක් හැටියට.

      Delete
  10. මගේ උත්තර 2යි හරි.. හෆ්ෆේ..

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අනේ දෙකක් හරි දන්නවනේ.

      Delete
  11. දන්නේ නෑ එච්චර...

    ReplyDelete
    Replies
    1. නොදන්නා අයට මෙය කියවා යම් අවබෝධයක් ගතහැකියි කියා මා හිතනවා.

      Delete
  12. අනේ මට බෑ. මගේ ඔලුව රිදෙනවා... :(

    ReplyDelete
    Replies
    1. පැරසිටමෝල් පෙත්තක් කටේ දමාගෙන සූප්පු කරමින් නැවත බලන්න.

      මේ දවස්වල පැරසිටමෝල් බොන්න හොඳද මන්දා :e

      Delete
  13. කට්ටචෝලි කාකපුෂ්ට ඉවානයා කෝ ?????????????

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටපන්. ඕකා කොයි පැත්තෙන් ඇවිත් වැඩේ දෙයිද දන්නේ නැහැ උඹට.

      Delete
  14. විලි ලැජ්ජාවෙ බෑ ,අපි සිංහලලු ...මගේත් භාෂා දැනුම අඩුයි නොවෑ මමත් පහුගිය ටිකේ පොඩ්ඩක් සිංහල භාෂාව ගැන පොත් පත් ටිකක් කියෙව්වා ,විචාරක තුමාට කියන්න පොඩිම ප්‍රශ්නයක් කියන්නම් අපේ භාෂාවෙ මාලුවා ගේ ගෑනු සතාට නම්ක් නෑලු ,ඔය පොඩි උන්ට උගන්වන මිනැසි/මිනැස්සි කියන නම් සිහලේ නැතිලු එක වැරදිලු තව ඔය පොඩි පොඩි සත්තුන් ගේ ගැහැණු සත්ටුන්ට කියන්න නම් නැහෙලු මං ඉතිං ඔය කතාව අහ ගත්තෙ සිංහල උගන්වන ලංකාවෙ පුරසිද්ද් ......... කෙනෙක් ගෙන් මං දන්නෙත් නෑ හරි වැරැද්ද ?ලැක්ච්ර් කිව්වෙ ඔහොම දන්න්වා නම් මට පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කිරිමක් කරන්න මෙකට අදාල නැති උනත් ....

    ReplyDelete
    Replies
    1. ලෝකයේ කිසිදු භාෂාවක, සමස්ත ලෝකයේම තිබෙන ශබ්ද දැක්වීම සඳහා ප්‍රමාණවත් අකුරු නැහැ. සමස්ත ලෝකයම නම් කිරීමට නාම පද නැහැ. නමුත් ඒවා හදාගන්න පුළුවන් බොහොම පුළුල්ව සාකච්ඡා කරලා. බලන්න අපිට තවමත් නැහැ ඉංග්‍රීසි භාෂාවේ Z අකුරට සමාන අකුරක්.

      භාෂා දැණුම ගැන ලිපියක් වෙනමම ලියන්න හිතාගෙන ඉන්නවා.

      Delete
    2. ඕක මටත් හිතිලා තියෙන දෙයක්. F අකුරට හරියන්ට 'ෆ' අකුර හැදෙන්ට කොච්චර කාලයක් ගියාද? Z අකුරට හරියන එකක් හැදෙන්ට තව අවුරුදු සීයක්වත් යයි නේද? තේරෙන්නෙ නෑ ඇයි අපේ භාෂා විශාරදයො මෙච්චර කම්මැලි කියලා.

      Delete
    3. 'ස'යන්නේ වම් පැත්තේ තියන ඉරිකෑල්ල වගේ දකුණු පැත්තටත් ඉරි කෑල්ලක් දැම්මොත් මොකද?

      Delete
  15. අයියනඩි ඔය වගේ ප්‍රශන් අහලා අමාරැවෙි දානවට වැඩිය හොදයි කාලතුවක්කුවකින් වෙඩි තියලා දැම්මනම්.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා, මෙන්ඩා..............හැන්දෑවට පොඩි ඩිංකල් එකක් දාලා ඉන්න ගමන් බැලුවා නම් ට්ර්...........ෆට්........ෆට්...........ගාලා උත්තර එනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }