හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

14 August 2014

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (තුන්වැනි කොටස) The Battle Tank (Part Three)


    යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමත්, යුද්ධයක් කරනවා වගේ වැඩක්. මොකද, මේ සඳහා ලිපි විශාල ගණනක් කියවන්න වෙනවා. ඒ ලිපි වලින් අවශ්‍ය කොටස් තෝරාගෙන, පරිවර්තනය කරලා, සංස්කරණය කරලා, අවශ්‍ය පින්තූර සහ වීඩියෝ හොයාගෙන, ඒවත් සංස්කරණය කරලා, අවසාන පිටපත හදනවා කියන්නේ, ඉතිං යුද්ධයක් තමයි. මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් ඕනෙ කියලා කතාවක් තියනවනේ. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසටත්දෙවැනි කොටසටත්, ඔබෙන් ලද දිරිගන්වන සුළු ප්‍රතිචාර වලට, මගේ කෘතඥතාව පළ කරන අතර, තුන්වැනි කොටසද ඔබට මෙලෙස පිළිගන්වනවා.

  මේ කොටස තරමක් ප්‍රමාද වුණේ, ඉහළට ඉගෙන ගන්නා ඥාති දියණියකට, නිබන්ධනයක් සැකසීම සඳහා, විශේෂ වෙහෙසක් දරා, දිවා රෑ නොබලා අන්තර්ජාලයෙන් සොයා, කරුණු කියාදීමටත්, පරිගණකයෙන් ලේඛනගත කොට, ඉන්පසු අවශ්‍ය 'පවර්පොයින්ට්' ඉදිරිපත් කිරීමේ පිටපතද සකසා දීමටත්, සිදුවුණ නිසයි. පිටු සියයකට වඩා ටයිප් කිරීමත්, පින්තූර සංස්කරණයත්, හරිම වෙහෙසකර වුණා. 

   අදනම් වැඩිය චූර්ණිකා නැතුව කෙළින්ම කතාවට බහිනවා. විස්තරය ටිකක් දීර්ඝ නිසා. අද මම මුලින්ම ඔබ සමග සාකච්ඡා කරන්නේ යුද්ධ ටැංකි වර්ගීකරණය ගැනයි. මතකද අපි කාලතුවක්කු ගැන කතා කරද්දීත්මැෂින් තුවක්කු ගැන කතා කරද්දීත්, ඒවාගේ වර්ග කිරීම් ගැන කතාකළා. ඒ අවස්ථා දෙකේදීම අපි දැක්කේ, ප්‍රධාන වශයෙන්,
  • සැහැල්ලු,
  • මධ්‍යම ප්‍රමාණයේ, සහ
  • බර, හෙවත් විශාල ප්‍රමාණයේ,
   යනුවෙන් කාලතුවක්කු මෙන්ම මැෂින් තුවක්කුද වර්ගීකරණය කරන බවයි. ඇත්ත වශයෙන් මේ ආකාරයට යම් යම් උපකරණ, යන්ත්‍ර, ආයුධ, වැනි දෑ පමණක් නොව, විවිධ විෂයයන් යටතේ ගැනෙන වර්ගකිරීමත් එක්තරා ශාස්ත්‍රයක්. එය වර්ගීකරණ විද්‍යාව taxonomy  යනුවෙන් හැඳින්වෙනවා. යුද්ධ ටැංකි සම්බන්ධයෙනුත් ඒ න්‍යාය ඒ ආකාරයෙන්ම තමයි පාවිච්චි කරන්නේ. එහිදී යුද්ධ ටැංකියේ ප්‍රමාණය size පමණක්ම නෙවෙයි වැදගත් වන්නේ, එහි ප්‍රහාරක ශක්තියත් assault capability ඉතා වැදගත්. මෙය හඳුන්වන්නේ යුද ටැංකි වර්ගීකරණය - Battle Tank Classification යනුවෙන්. විශේෂයෙන්ම යුද ටැංකියක බර සහ විශාලත්වය අනුව සැහැල්ලු, මධ්‍යම, බර, යනුවෙන් වර්ගීකරණය මුලින්ම ඇරඹුණේ පළමුවැනි ලෝක යුද සමයේදී. දෙවැනි ලෝක යුද සමයේදීත් ඒ ක්‍රමයම අනුගමනය කළා.

   අපි දැන් වර්තමානයේදී යුද ටැංකි වර්ගීකරණය කරන ආකාරය සළකා බලමු. හැබැයි අද තත්වය තරමක් සංකීර්ණයි. නමුත් මම ඔබට ඒ සියල්ල කියන්නේ ඉතා සරලව. අද යුද ටැංකි වර්ග කිරීමේදී ටැංකියේ ස්වභාවය සහ ඉටුකරන කාර්යභාරය යන කරුණු දෙකම් එකසේ සලකා බලනවා. අපි ඒ ඔස්සේ කෙටියෙන් කරුණු සලකා බලමු.


භටපිරිස් ප්‍රවාහනය, මුර සංචාර,
  වැනි කටයුතු සඳහා යොදන සන්නද්ධ රථ
  APC / APV / BTR

    යුද පිටියේදී, පාබල හමුදා භටපිරිස්, පයින්ම ගමන් කරන්න ගියොත් සමහර අවස්ථා වලදී, ඉතා අවාසිදායක වෙන්න පුළුවන්. ඒ නිසා යුද ටැංකියක් වැනි, ඝන තහඩු ආවරණයකින් යුත් රථයක ආරක්‍ෂාකාරීව දමා භටපිරිස් යැවීම වාසි සහිතයි.  ඒ විදිහට සන්නද්ධ රථවලින් ගිහින් සටන් කරන පාබල හමුදාව හඳුන්වන්නේ 'යාන්ත්‍රික පාබල හමුදාව' - Mechanized Infantry කියලයි. අපේ රටෙත් තියනවා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවක්. එය බිහිකිරීමේ ගෞරවය ලැබෙන්න ඕනෙ, හිටපු හමුදාපති, ජෙනරල් සරත් ෆොන්සේකාටයි.

   ඒ ඒ රටේදී සහ ඒ ඒ හමුදා න්‍යායන් අනුව මේ සන්නද්ධ රථ, විවිධ නම් වලින් හැඳින්වුවත්, කරන්නේ එකම රාජකාරිය.

i   Armoured Personnel Carrier =  APC
ii  Armoured Personnel Vehicle = APV
iii бронетранспортер = BTR මෙය රුසියානු නමක්. ඉංග්‍රීසි තේරුම armoured transporter කියන එකයි. මම පෙන්නන්නම් අපේ හමුදාව පාවිච්චි කරන මේ වගේ රථයක්. 

BTR-80A_(3)

   මෙය BTR 80 මෝස්තරයේ සන්නද්ධ රථයක්. තඩි තුවක්කුවකුත් තියනවා වටේටම වනන්න පුළුවන්. මේක ඇතුළේ හුඟක් දෙනෙකුට යන්න බැහැ. නමුත් ඉතිං මෙව්වා එකක් නෙවෙයිනේ යන්නේ එක වරකට. අනික මෙව්වට වතුර පාරකින්, ජලාශයකින් ගොඩ යන එක එහෙම කජු කනවා වගේ වැඩක්. මේකේ පසුපස තියනවා බෝට්ටුවක වාගේ පොඩි තල බමන දෙකක්. මෙහි දොරවල් වැහුවම ජලරෝධක හෙවත් water seal වෙනවා. අන්න ඒ වෙලාවට තමයි මෙව්වගෙ වටිනාකම තේරෙන්නේ.

BMP-2-Satluj during Ex-Pine Prahar

btr-4_wheeled_armoured_personnel_carrier_Morozov_Ukrainian_Ukraine_rear_back_side_view_001

   පිටින් ප්‍රහාර එල්ල වෙන්නේ නැති වෙලාවට මේක ඇතුළේ යන අයට අමතරව, මේක උඩ නැගලත් යන්න පුළුවන් සෑහෙන භට පිරිසකට. මේ රෝද වලට වෙඩි වැදුණත්, බිම් බෝම්බයකට අහුවුනත්, සෑහෙන දුරක් යන්න පුළුවන් ආපදාවක් නැතුව. සාමාන්‍ය ෆෝ වීල් රථයක් 4 x 4 කියනවා වගේ, මේ රථය 8 x 8 රථයක්. තාක්ෂණික විස්තර කෙටියෙන් මෙහෙමයි.
  • වර්ගීකරණය : භටපිරිස් ප්‍රවාහන සන්නද්ධ රථය Armoured Personnel Carrier = APC
  • නිෂ්පාදිත රට : එදා සෝවියට් සමූහාණ්ඩුව අද රුසියාව
  • නිෂ්පාදනය : 1984 අද දක්වා සේවයේ යොදවා ඇති සන්නද්ධ රථයකි.
  • බර : මෙට්‍රික් ටොන් 13.6  යි
  • දිග : මීටර් 7.7 යි
  • පළල : මීටර් 2.9 යි
  • උස : මීටර් 2.41 යි
  • කාර්ය මණ්ඩලය : 3 යි
  • කාර්ය මණ්ඩලය හැර, යාමට හැකි භට පිරිස : 7 යි
  • ප්‍රධාන තුවක්කුව : මිලිමීටර් 14.2 KPVT
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.76 PKT
  • එන්ජිම : අශ්වබල 260 ඩීසල් එන්ජිමකි
  • සම්පූර්ණයෙන් තෙල් පුරවා යාහැකි උපරිම දුර : කි.මී. 600 යි
  • උපරිම ධාවන වේගය : ගොඩබිමදී පැ.කි.මී 80 - 90 පමණ. ජල තරණයේදී පැ.කි.මී. 10 යි
 
 
 
සටන් කිරීම සඳහා යොදවන සන්නද්ධ රථ (ටැංකි) 
     Armoured Fighting Vehicles

     මේ වගේ සන්නද්ධ රථ යොදවන්නේ යුද බිමේ තිබෙන විවිධ වර්ගයේ සතුරු වාහන, යුද ටැංකි ආදියට ප්‍රහාර එල්ල කරන්නයි. අපේ හමුදාව පාවිච්චි කරන මෝස්තරයක්ම පෙන්නන්නම්.  BMP stands for Boyevaya Mashina Pekhoty (Russion Боевая Машина Пехоты =  БМП) meaning "infantry fighting vehicle"

Bmp-1-DMSC9112086_JPG

තාක්ෂණික විස්තරය;
  • වර්ගීකරණය : පාබල හමුදා සටන් වාහනය (Infantry Fighting Vehicle)
  • නිෂ්පාදිත රට : සෝවියට් රුසියාව
  • මුල් වරට නිෂ්පාදනය කල වර්ෂය : 1966 (දැන් තියෙන්නේ අලුත් මෝස්‌තර)
  • බර : මෙට්‍රික් ටොන් 13.6 යි
  • දිග : මීටර් 6.735 යි
  • පළල : මීටර් 2.94 යි
  • උස : මීටර් 2.068
  • ක්‍රියාකරුවන් ගණන : 3 යි
  • ආවරණ සන්නාහයේ ඝනකම : මිලිමීටර් 6 සිට 33 දක්වා
  • ප්‍රධාන තුවක්කුව : මි.මී. 73 2A28 GROM. (යුද ටැංකි නාශක රොකට් බෝම්බ)
  • අවශ්‍ය විට යුද ටැංකි නාශක මිසයිල් විදිනයක් සවි කල හැකියි.
  • දෙවැනි තුවක්කුව : මිලිමීටර් 7.62 x 51 බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : සිලින්ඩර් 6, සිව්පහර, ඩීසල්, අශ්ව බල 300, ජලයෙන් සිසිල් වන එන්ජිමකි. 2600 rpm
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ලීටර් 462 යි
  • සම්පූර්ණ ඉන්ධන පුරවා යා හැකි උපරිම දුර : කි.මී. 600 යි
  • සාමාන්‍ය භූමියක උපරිම වේගය : පැ.කි.මී. 65 යි
  • රළු භූමියක උපරිම වේගය : පැ.කි.මී. 45 යි
  • ජලයේදී වේගය : පැ.කි.මී. 7 - 8 අතර
 
   පොහ්......... පිස්සු හැදෙනවානේ? හැබැයි කතන්දරේ මෙතනින් ඉවර නැහැ.




සැහැල්ලු/මධ්‍යම පරිමාණ යුද ටැංකි
   Light/Medium Battle Tanks

   අපි පාවිච්චි කරන ජංගම දුරකථන වල තියනවා නේද 1G, 2G, 3G, ආදී වශයෙන්? යුද්ධ ටැංකි වලත් දැන් තියෙන්නේ 3G. ඒ කියන්නේ තුන්වැනි පරම්පරාවේ යුද්ධ ටැංකි. මීළඟට අපි බලමු තවත් වර්ගීකරණයක්. ඒ තමයි සමහර අවස්ථා වලදී සැහැල්ලු යුද ටැංකි යනුවෙනුත්, තවත් සමහර අවස්ථා වලදී මධ්‍යම පරිමාණ යුද ටැංකි යනුවෙනුත් හඳුන්වන ඒවා. මේ වර්ගීකරණයට වැටෙන, අපේ යුද හමුදාව පාවිච්චි කරන මෝස්තරය තමයි T 63 වර්ගයේ යුද්ධ ටැංකිය. මේවා විශේෂයෙන් යොදවාගන්නේ, වේගයෙන්, යුදබිමේ අහුමුලු වල රිංගා, බලාපොරොත්තු රහිත ප්‍රහාර එල්ල කිරීම පිණිසයි. 

TYPE-63A_40406

තාක්ෂණික විස්තර;
  • වර්ගීකරණය : උභයචර සැහැල්ලු/මධ්‍යම යුද ටැංකිය Amphibious Light/Medium Tank
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය 
  • පළමුවැනි වරට නිෂ්පාදනය : 1963 දී
  • බර : මෙට්‍රික් ටොන් 19.83 යි
  • දිග : මීටර් 8.44 යි
  • උස : මීටර් 3.122
  • ක්‍රියාකරුවන් ගණන : 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳෙහි සැකසුම : මි මී 10 සිට 14 දක්වා ඝන යකඩ තහඩු වලින්
  • ප්‍රධාන තුවක්කුව : මි මී 85 ප්‍රමාණයේ 62-85TC වර්ගය
  • දෙවැනි තුවක්කුව : මි මී 12.7 ගුවන් යානා නාශක බර මැෂින් තුවක්කුව
  • එන්ජිම : මෝස්තරය 12150 L, සිලින්ඩර් 12, ඩීසල්, ජලයෙන් සිසිල්වන, අශ්ව බල 450
  • වරකට පිරවිය හැකි ඉන්ධන ප්‍රමාණය : ඩීසල් ලීටර් 545 යි
  • සම්පූර්ණයෙන් ඉන්ධන පිරවූ පසු : සාමාන්‍ය භූමියේ කි.මී. 370 ක්, රළු භූමියේ කි.මී 340 ක්, ජලයේ කි.මී. 120 ක්, යා හැකියි.
  • වේගය : සාමාන්‍ය භූමියේ පැ.කි.මී. 64 යි, රළු භූමියේ පැ.කි.මී. 30 යි, ජලයේ පැ.කි.මී. 12 යි.
 
 
 
 
 
මහා පරිමාණ යුද ටැංකි
   Main Battle Tanks (MBT)

   ඊළඟ යුද්ධ ටැංකි වර්ගය තමයි, මහ යුද්ධ ටැංකි හෙවත්, Main Battle Tank = MBT කියන වර්ගීකරණයට වැටෙන ඒවා. මෙයින්, 'මහාම මහා එව්වා' :D (Super Heavy Tanks) අපේ රටේ නැහැ. ගෙනල්ලා ඇති වැඩකුත් නැහැ. එව්වා ගැලපෙන්නේ, කිලෝමීටර සිය ගණන් විහිදුණු, මහ විශාල යුද භූමි ප්‍රදේශ තියන රටවලට. අපේ රටට ගෙනාවත්, හිඟන්නා අලියෙක් ගත්තා වගේ තමා නඩත්තු වියදම. (හුටා..............අපේ රටේ හිඟන්නෝ අපිට වඩා පෝසත් නේද? :D ඔය පත්තරවල තියෙන්නේ විස්තර) මේ යුධ ටැංකි මහා පරිමාණ යුද ටැංකි යනුවෙන්, මෙහෙම එක නමකින් තිබුනාට, ලෝකයේ ඒ ඒ රටවල නිපදවා ඇති විවිධ ප්‍රමාණයේ ටැංකි, බලසම්පන්න බව අතින් එකිනෙකට බොහොම වෙනස්. ලෝකයේ තිබෙන සමහර ටැංකි, කෙබඳු ආකාරයක ඒවාද යන්න තවමත් රහසක්. අපේ අසල්වැසියා වන ඉන්දියාවත්, 'අර්ජුන්' නමින්, මහා බලසම්පන්න ටැංකියක් හදලා තියනවා. ලෝකයේ දැනට තිබෙන හොඳම, මහා පරිමාණ යුද ටැංකි 10 ගැන මෙතනින් විස්තර බලන්න පුළුවන්. අපේ යුද හමුදාව, T 55, T 55 AM2, සහ T 69 යන වර්ග තුනට අයත්, මහා පරිමාණ යුද ටැංකි පාවිච්චි කරනවා. අපි බලමු T 69 යුද්ධ ටැංකිය කොහොමද කියලා.

Type_69_China_SUDB_001

තාක්ෂණික විස්තර;
  • වර්ගීකරණය : මහා පරිමාණ යුද ටැංකිය MBT
  • නිෂ්පාදිත රට : මහජන චීන ජනරජය
  • සැලසුම් කිරීම : 1963 - 1974 කාලයේදී
  • සේවයේ යෙදවීම  : 1982 දී
  • බර : මෙට්‍රික් ටොන් 36.7 යි
  • දිග : මීටර් 6.24 යි
  • පළල : මීටර් 3.3 යි
  • උස : මීටර් 2.8 යි
  • ක්‍රියාකරුවන් ගණන ; 4 යි අණදෙන්නා, තුවක්කුකරු, පතරොම් දමන්නා, රියැදුරු
  • බඳ සාදා ඇති සන්නාහ තහඩුවේ ඝනකම : මි.මී. 203 යි
  • ප්‍රධාන තුවක්කුව මි.මී. 105 තුවක්කුව
  • දෙවැනි තුවක්කු : මි.මී 7.62 සහ 12.7
  • එන්ජිම : අශ්ව බල 580 ඩීසල්
  • උපරිම ගමන් දුර : කි.මී. 440 යි
  • වේගය : පැ.කි.මී. 50 යි
 
   ලිපිය අවසන් කරන්නට මත්තෙන් ඔබට කරුණු කීපයක් අවධාරණය කරන්නට කැමතියි. මා මෙහි දක්වා ඇත්තේ ඉතා සරල විස්තරයක්. යුද ටැංකි වර්ගීකරණය මීට වඩා අතිශයින් සංකීර්ණයි. ඒ සියල්ල දැක්වීමට නම් ලිපි හත අටක් වත් ලියන්න වෙනවා. නමුත් එය අනවශ්‍ය ක්‍රියාවක්. මේ පිළිබඳව සාමාන්‍ය දැණුමක් ලබාගන්නට මේ විස්තර ඇති. ඊළඟ ලිපියෙන් අපි ලෝකයේ තියන සුපිරි යුද ටැංකි බලමු. ඒ වගේම යුද ටැංකි පාවිච්චි කරන හැටිත් ඉගෙන ගනිමු.
 
my-signature-for-blog[1]   2014 අගෝස්තු මස 14 වැනි දින 0027 පැය

64 comments :

  1. යුධ ටැංකි වර්ගීකරණය ගැන දැනගන්නට ලැබුනු තොරතුරුවලට බොහොම ස්තූතියි!

    විචාරක, ඒ කාලෙ තිබ්බ අර සැල්ඩින්, සැරසන් APC එ‍හෙම දැන් පරණ යකඩ වලට විකුණලාද? ඒවා ප්‍රදර්ශනාත්මක මට්ටමින් වත් තියාගන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. @ B, Wilbur Smith's "Cry Wolf" :-D

      Delete
    2. Will try to find that book PJ. I haven't read WS that much; River God & couple more. That's it.

      Delete
    3. River God is OK. But others seem to be products of a senile mind. Earlier Courtney and Ballantine novels are superb. "Cry Wolf" is about 2nd hand tanks/APCs against the Italians in Ethiopia/Abissinia.

      Delete
    4. ඒවා දැන් පාවිච්චි කරන්නේ නැහැ. සැලඩින්, සැරසන්, ස්කවුට් කාර්, ආමඩ් කාර්, හොස්පර්, ශෝලන්ඩ්, ආදී වශයෙන් මහ ගොඩක් තියනවා. ඒවා කෞතුක වස්තු ලෙස ආරක්‍ෂා කරගෙන ඉන්නවා. ඊළඟ කොටසේදී ඉඩක් ලැබුනොත් පින්තූර ටිකක් දාන්නම්.

      Delete
  2. ඉක්මණට යුද ටැංකි පාවිච්චි කරන හැටි ඉගෙන ගම්මු. ඒක නම් හොඳ අදහස... :D

    ReplyDelete
    Replies
    1. අරගෙන් ඇහුවොත් කියයි ඔයත් වෙලාවකට යුද්ධ ටැංකියක් වගේ කියලා :e

      Delete
  3. විශාල දැනුමක් ලබා ගත්ත....ස්තුතියි ඔබ තුමාට.......!
    ලංකාවෙ යුද්දෙ නැති නිසාද විචාරක තුමණි අර උද්ගෝෂණ වලට ඔය ටැංකි අරගෙන යන්නෙ....
    උද්ගෝෂණ වලට යුද ටැංකි ගෙන යාම නීති විරෝධී නැතිද......?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කෙන්ජි. උද්ඝෝෂණ වලට ටැංකි රැගෙන යාම මමනම් දකින්නේ මහ අවලං වැඩක් කියලා. මතකද චීනෙත් ඒක වුණා. මිනිස් සමූහයක් වලක්වන්න අවි ආයුධ නෙවෙයි ඕනෙ. ඒ මිනිසුන්ට තේරෙන විදිහට කතාකරන්න පුළුවන් කෙනෙක්.

      බය කිරීම සඳහා ගෙනිච්චත්, ටැංකි පාවිච්චි කලත් වැඩේ වැරදියි. මොකද ප්‍රති විරුද්ධ පැත්තේ ටැංකි නැති නිසා.

      Delete
  4. බට පිරිස් කිව්වම මට මතක් උනේ යුද්ධ කාළේ හමුදා මාධ්‍ය ප්‍රකාෂක.. උන්නැහේ මළාද කොහෙද නේද?

    ReplyDelete
    Replies
    1. පව් අප්පා, හොඳ මිනිහා, නියෝජ්‍ය කතානායක වෙච්ච එකම හමුදා නිලධාරියා. මට ඊයේ පෙරේදා එයාගේ අර Soldiers Version නමැති පොත මගේ යාලුවෙක් අතේ එවලා තිබුනා අපේ ප්‍රවීණ ගායක ටී.එම්. ජයරත්න මහතා.

      Delete
  5. බෝම ස්තුතියි. මේ කාරණා අපි දන්නෙම නැහැනේ.. අර දැරිවිට කරපු උදව්ව හරිම වටිනවා.. මගේ ගානේ බෝතලයක් හොදේ..

    ReplyDelete
    Replies
    1. කොහෙද බං, කොල්ලෙකුටවත් ඒ උදව්ව කළානම් කියන්න පුළුවන් මේ වැඩේ අරං යන්න එන දවසට අත්දෙක වන වනා එන්න එපා කියලා. මොනවා කොරන්නද.

      Delete
  6. මට සහන් වත් මතක් වුණා...

    ReplyDelete
    Replies
    1. ඒ ඇයි කියල තිසර කියන එකක් නැහැ....

      Delete
    2. තිසර මිරිකුවනං කියයි...ඔව් ඉදගෙන...

      Delete
    3. පත්‍තරේ හියර් … !!!
      මං තමා ඇක්ටිං ඉන්නේ. ලොක්ක නෑ . ඉන්ටඩික් උනා නෙවැ … :D

      Delete
    4. @ තිසර. සහන්ගේ නිහඬවීම මටත් ගැටළුවක්.

      @ දේශා. තිසර ද? තිසරු ද?

      @ පත්තරේ. ඉතිං උඹත් ලියපන්කො ඉතාලියේ තියන හොඳ හොඳ 'රොකට්' ගැන.

      Delete
  7. මෙවුව තෙල් කරන්නේ නෑ නෙහ්

    ReplyDelete
    Replies
    1. ඇයි ...ගන්නද එකක්... ඩිසල් නිසා අවුලක් නැහැ....
      ගහන්නෙ තෙල් ආණ්ඩුවෙන්....
      සල්ලි තොපිල වැනි ජනතාවගෙන්....
      යුද්දයක් නැතිවත් ...වැය අයෙන් වෙන් කොරන්නෙ ඒකටනෙ ....
      අර පිරිවරාගෙන යද්දී ...උඹල කානු පල්ලට බහින ඒවට .... එහෙම... හෙක්...හෙක්..

      Delete
    2. ඩිසල් කියලත් මහා ලාබයක් තියෙන එකක් යෑ සහෝ.....................
      ඔය කණුවට බැහීම නොකරන නිසා මට එලොව or කල්දේරම් බත් රසබලන්න ලැබුනා තාත්තා ට පින් සිද්ද වෙන්න එලියට් අවා නැත්තන් තම ඇතුලේ

      Delete
    3. @ ආචාර්ය Weerakoon. යුද්ධ ටැංකියක් කියන්නේ එක අතකට සුදු අලියෙක් කිව්වට වරදක් නැහැ අපි වගේ රටක ආර්ථිකය එක්ක තියලා බැලුවම. නමුත් මෙව්වා පාවිච්චි කරන ලොකු රටවලට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

      Delete
  8. ඔබ කලින් සඳහන් කලා anti-tank weapons වලින් කෙරෙන්නෙ ටැංකිය පිටින් වැදිල අධික උෂ්ණත්වයක් ඇතිකරන එක කියල. එතකොට උණ්ඩය armour penetrate කරගෙන යන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එවුවා මක්කටැයි? අපි ගහනවා Molotov Cocktail. :-P

      Delete
    2. මේ බුරතීනෝ මේ කොහෙයි කියල හිතුවද? මේක අර සත්තුයි පිස්සොයි කුරුල්ලොයි කමෙන්ට් කරන පරිවර්තන බ්ලොග් එකක් නෙමෙයි.

      කෝට් විතරක් නෙමෙයි කලිසමුත් මාර්ෂල් වෙලයි නවතින්නෙ මෙහෙ

      Delete
    3. Bura, සිරාවට මෙහෙ ෂියා උන් ටෑන්ක්ස් වලට ගහන්නෙ ඒවයි තමා :D

      Delete
    4. @Pra Jay. ඔව් විනිවිද යනවා. first charge, second charge කියලා දෙකක් තියනවා. ඒ දෙකම ඇසිපිය ගහන සැනින් සිදුවෙනවා.

      අම්මපා අද තමයි දැනගත්තේ කෝට් මාෂල් කියන එකේ විරුද්ධ පදේ කලිසම් මාෂල් කියලා :e

      Delete
  9. නොදන්න විස්තර ටිකක් ඉගෙන ගත්තා... මේකක නැගලා රවුමක් යන්න තිබුනා නං පට්ට පට පට !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට. සමහර විට දැයට කිරුල ප්‍රදර්ශන වලදී ඇතුලට නැගලා බලන්න දෙනවා.

      Delete
  10. අපූරුයි විචාරක... මේ තොරතුරු ගැන අපේ කිසිම උන්න්දුවක් තිබුණේ නෑ එත් ඔබේ ලිපි නිසාම සෑහෙන තොරතුරු ගොන්නක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලීන්. ඇත්තටම මේ විෂයය ප්‍රිය නොකරන අයත් සමහරවිට මේවා බලනවා.

      Delete
  11. //බඳ සාදා ඇති සන්නාහ තහඩුවේ ඝනකම : මි.මී. 203 යි//

    ඔය එකේ ආර්මප්ලේට් ඝනකම ගැන මට සැකයි! එක්කො ඔය ඝනකම ඇත්තෙ ඉස්සරහ සහ පස්සෙ මේන් ප්ලේට්ස් වලට් විතරක් වෙන්නෙ ඕන. මොකද ට්‍රැක් වල පලල මිලි හයසීක් විතර කියල ගත්තොත් ටෑන්ක් එකේ පලල මීටර් දෙක්යි, දිග හයයි. ඉතින් 2x6m ස්ටීල් ප්ලේට් දෙකක් උඩ සහ යට දෙකට වෙනව කියල සරළව ගත්තොත් ( පැති අමතක කරල ) එතන 203mm තහඩු වර්ග මීටර් 12ක්. ඉතින් එතකොට තහඩුවෙ බර විතරක් වෙනව ආසන්න වශයෙන් ටොන් තිස් අටක්! ට්‍රැක්, වීල්, ගන්, එන්ජින්, ෆුවල් එක්ක තව කීයක් වෙයිද?

    //(Super Heavy Tanks) අපේ රටේ නැහැ. ගෙනල්ලා ඇති වැඩකුත් නැහැ. එව්වා ගැලපෙන්නේ, කිලෝමීටර සිය ගණන් විහිදුණු, මහ විශාල යුද භූමි ප්‍රදේශ තියන රටවලට.//

    ඒ උනාට මේ මම ඉන්න අල්ලක් විතර රටෙත් ඕව තීනව. ඇයි ඉතින් වල්ලෙන් පොල්, පොල්ලෙන් තෙල්නෙ එන්නෙ.ඒව තමයි බස්සල අර අප්‍රයිසින් එක ඩවුන් ෆෝල් එකක් කරේ දෙදාස් දහයෙදි. ඒව දැක්කම මට හිතුවෙන් මැස්සො මරන්න මැෂින් තුවක්කුවෙන් වෙඩි තියන්න හදනව වගේ කියලයි

    ReplyDelete
    Replies
    1. මම තොරතුරු ගත්ත තැන් වල තිබුණේ මෙහෙමයි. නමුත් ඔබ කියන විදිහට Hull එකේ තහඩුව විතරක් වෙන්නත් පුළුවන්. පිටිපස්සේ තියෙන්නේ hatch door එකක් plate එකක් නෙවෙයි. මම දැකලා තියන මෝස්තරයේ.

      Delete
    2. // එක්කො ඔය ඝනකම ඇත්තෙ ඉස්සරහ සහ පස්සෙ මේන් ප්ලේට්ස් වලට් විතරක් වෙන්නෙ ඕන //

      ඉස්සරහ සහ යට ‍main plates වෙන්ට ඕන නේද? බිම්බෝම්බ වලට ඔරොත්තු දෙන්ටත් එපායැ. සාමාන්‍යයෙන් යුද්ධ ටැංකියක් දෙපැත්තෙන් හා පිටිපස්සෙන් තමා vulnerable නේද?

      Delete
    3. ඔව් යුද ටැංකියක් දෙපැත්තෙන් සහ පිටිපස්සෙන් තමයි අනතුරු දායක. නමුත් දෙපැත්තේ ට්‍රැක් වලට පිටින් වැනෙන තහඩු පේලියක් එල්ලලා තියනවා සමහර මෝස්‌තර වල. RPG එකක් වැදුනම, තහඩු කෑල්ල වැනෙන නිසා RPG එක අහක යනවා.

      Delete
  12. යුද ටැංකි ගැන සෑහෙන දේවල් ටිකක් දැන ගත්තා .. හුඟක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ඔබේ දැණුමට යමක් එක්කරන්නට හැකිවීම ගැන.

      Delete
  13. මගෙ අම්මේ බැරිවෙලාවත් මේ පෝස්ට් ඩිලීට් වත් වෙයි. බොහොම පරිස්සමින් තියාගන්න. නිධානයක් තරම් වටිනවා අපිට. බොහෝම ස්තූතියි ඔබතුමාට.

    ReplyDelete
    Replies
    1. අඩවි දෙකක් තියාගෙන ඉන්න නිසා පොඩි වාසියකුත් තියනවා. ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  14. \\එය බිහිකිරීමේ ගෞරවය ලැබෙන්න ඕනෙ, හිටපු හමුදාපති, ජෙනරල් සරත් ෆොන්සේකාටයි.//

    අද වැඩේ හරි. ශුවර් එකටම උස්සනවා සුදු වෑන් එකකින් විචාරක තුමාව.

    ReplyDelete
    Replies
    1. දැන්නම් වෑන් කාරයන්ගේ ඉරණම වෙනස්වීගෙන එනවා. :e

      Delete
  15. \\එය බිහිකිරීමේ ගෞරවය ලැබෙන්න ඕනෙ, හිටපු හමුදාපති, ජෙනරල් සරත් ෆොන්සේකාටයි.//

    අද වැඩේ හරි. ශුවර් එකටම උස්සනවා සුදු වෑන් එකකින් විචාරක තුමාව.

    ReplyDelete
  16. මටත් ගන්න හිතෙනවා අර හොදම 10න් එකක් අපේ පැකට්‍රිෙය් ප්‍රඩක්ෂන් ටාගර්ට් එක මහන්නේ නැති අයට පෝලිං කරලා වෙඩි තියන්න.

    ReplyDelete
    Replies
    1. PDCA එකක් කරල ගමු. ඉන්සෙන්ටිව් එක ටිකක් වැඩිකරමු.

      Delete
    2. යකෝ මේකා මිනීමරුවෙක් වෙන්ඩ නේද හදන්නේ.

      Delete
  17. හොඳ විස්තර ටිකක් දැනගන්න ලැබුණ මේකෙන්.

    අපේ රටෙත් ටැංකි යුද්ධයක් තිබුණනං ඕව යකඩ වලට විකුණල හොඳ ගානක් හොයාගන්න තිබුණ කට්ටියට.

    ReplyDelete
    Replies
    1. ටැංකි දෙකතුනකට හානි වුණා. මොනවා කරගත්තද කියලා මම නම් දන්නේ නැහැ.

      Delete
  18. කාරණා දෙකක්
    1. අර යුනිකෝන් කියන රථය ලංකාවේ නිමැවුමක්ද?
    2. මේ සටහන් තබන ගමන්ම ඔබ මේවා තනි word ගොනුවකට එකතු කරන්න කල්පනාවක් නැද්ද? [පසුව එකතුවක් වේවි - අවශ්‍ය වුණොත් සංස්කරණය කොට මුද්‍රණය කරන්නත්!]

    ReplyDelete
    Replies
    1. 1 ඒ රථය ලංකාවේ නිපැයුමක්.
      නිෂ්පාදනය ශ්‍රී ලංකා යුද හමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින්.

      2 තවම එහෙම හිතලා නැහැ. අනාගතේදී බලමු.

      බොහොම ස්තුතියි ඔබට.

      Delete
  19. විචාරක ගේ මහන්සිය යි, විස්තරෙයි දෙකම බොහොම අගය කොට සලකන්න ඕන.

    බ්ලොග් ලිපියක් වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන ය අඩුයි නොවැ.

    මේ ආයුධ, යුධ ටැංකි සබ්ජෙක්ට් එක මට එච්චර මීටර් උනේ නැතිවට විචාරකගේ ලිපි පෙළ දැක්කම පොඩ්ඩක් හරි දැනගෙන තියෙන්න ඕන දෙයක් කියල හිතෙනවා.

    ලියුමනම් ඇති විශිෂ්ටයි තුමනී..
    ඊලග ලියුමත් කියවන්න එන්නම් තුමනී...

    ReplyDelete
    Replies
    1. භාජනෙකට සමාව පොඩ්ඩක් දාන්න තුමනී...
      අර පලවෙනි වාක්කිය

      " ලියුමනම් අති විශිෂ්ඨ යි තුමනී " කියල නිවැරදි වෙන්න ඕන තුමනී...

      Delete
    2. ඔය අකුරක් දෙකක් වෙනස් වුනාට අර්ථය ගැටගහගන්න පුළුවන් නේ. ඒ ගැන හිතන්න එපා.

      මම වැඩ කරන්න උත්සාහ කරන්නේ 'කරතොත් කරපන් හරියට, බැරිනම් පලයන් අහකට' කියන ප්‍රතිපත්තිය අනුවයි. ඒ නිසයි මෙවැනි සවිස්තරාත්මක ලිපි ලියන්නේ.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    3. \\කරතොත් කරපන් හරියට, බැරිනම් පලයන් අහකට\\

      මේ වචන ටික නම් විභීෂණ ගේ බොක්කටම වැදුන...
      බොහොම වටිනා ප්‍රතිපත්තියක්.

      අනිවා මමත් මේක ආදර්ශ පාටේ කරගන්නවා.

      Delete
  20. සර් පෝස්ට් එකට අදාල නැති උනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා උත්තරයක් දැන ගන්න,
    යුධ හමුදා ස්වේඡ්චා සේවයේ උප සේවයට බදවා ගැනීම කියන්නේ මොකක්ද?
    හා එය යුධ හමුදා ස්වේඡ්චා සේවයෙන් ඉවත්වූ අයට නැවත යුධ හමුදාවට එක්වීමට දෙන අවස්තාවක් පමණද?
    වෙනත් අයදුම්කරුවන්ට අවස්තාවක් එහි නැත්ද?
    හැකි ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙමි අවසාන දිනය අගෝ..31

    ReplyDelete
    Replies
    1. යුද හමුදා ස්වේච්ඡා සේවයේ උප සේවය කියන්නේ ස්වේච්ඡා බලසේනාවෙන් විශ්‍රාම යන අය ඇතුලත් කරන අංශය. (වර්ගකිරීම) ඒ අය ඉතිහාසයේ මෙතෙක් ආපසු සක්‍රිය සේවය සඳහා කැඳවලා නැහැ කවදාවත්. ඒ වගේම ස්වේච්ඡා උප සේවයට හෝ නිත්‍ය හමුදාවේ අය විශ්‍රාම ගිය පසු ඇතුලත් කරන නිත්‍ය උප සේවයටවත් කාවවත් බඳවා ගන්නට බැහැ.

      දැනට විවිධ වෘත්තීන්හි නියැලී සිටින අය මේ දිනවල ස්වේච්ඡා හමුදාවට බඳවා ගන්නවා. ඔවුන්ට මූලික පුහුණුවක් ලබාදීමෙන් පසු, සුදුසු නිලයක් පිරිනමා (අධිකාරියට පත්කර) නැවත ඔවුන්ව ආපසු ඔවුන්ගේ සාමාන්‍ය රැකියාව වෙත යවනවා. අවශ්‍ය විටකදී සේවයට කැඳවනු ඇති. එතෙක් ඔවුන් ඉන්නේ, 'වැටුප් රහිත අනියම් නිවාඩු casual leave without pay = CLWP' යන පදනම යටතේයි. හොඳ අවස්ථාවක්. ඔබට සුදුසුකම් තිබෙනවානම් ඉල්ලුම් කරන්න.

      Delete
    2. ඉක්මනින් පිලිතුරු දැක්වීම සම්බන්දව ඔබට බොහොම ස්තූති!
      සර්, ස්වේච්ඡා උප සේවයට බැදී සිටීමේ වාසි අවාසි මොනවාද යන්නත්, බදවා ගතහොත් පුහුණු කාලය තුල ගෙවීමක් කරනවාද යන්නත්, පුහුණුව ලැබීම සදහා දැනට නියුක්ත රැකියාවෙන් ඉවත් වී පැමිණිය යුතුද යන්නත් පැහැදිලි කරන්න පුලුවන්ද?

      Delete
    3. මා හිතනවා මා නැවතත් ඔබට අවධාරණය කලයුතුයි ස්වේච්ඡා උප සේවයට බැඳෙන්නට කිසිවෙකුටත් බැරි බව. එතනට යන්නේ ස්වේච්ඡා හමුදා සේවයෙන් විශ්‍රාම යන අය පමණයි.

      ඔබ රැකියාවක් කරන අතර ස්වේච්ඡා හමුදාවට බැඳුනොත්, හමුදා සේවයේ යෙදීසිටින කාලය සඳහා පමණක් හමුදාවෙන් වැටුප් ගෙවනවා. අපි හිතමු ඔබ රජයේ ආයතනයක සේවකයෙක් කියා. ඔබ ස්වේච්ඡා හමුදාවට බැඳී පුහුණුවට ගිය දිනයේ සිට, හමුදාවේ සේවයේ යෙදීසිටිනතාක් කල්, ඔබේ රජයේ රැකියාවේ වැටුප සතයක්වත් අඩු නැතුව ඔබට ගෙවනවා. අහිමි වන්නේ ගමන් වියදම්, අතිකාල දීමනා වැනි දේ පමණයි. කිසිසේත් ඔබ රජයේ රැකියාවෙන් ඉවත්වියයුතු නැහැ. ඒ වගේම ඔබේ සමාන්තර ශ්‍රේණි වලට දෙන උසස්වීම්, වරප්‍රසාද, දීමනා ආදිය ඔබ හමුදා සේවයේ යෙදීසිටියත් ඔබට ලැබිය යුතුයි. එය පාර්ලිමේන්තු පනතකින් ආරක්ෂිතයි. ඔබේ රජයේ රැකියාවේ කාර්යක්ෂමතා කඩඉම් විභාග වලට පෙනීසිටීම, හමුදා සේවය නිසා වැළකී යන්නේනම්, ඔබට කිසිදු බාධාවකින් තොරව කාර්යක්ෂමතා කඩඉමෙන් සමත්වීම ලබාදෙනවා.

      හමුදාවෙන් වැටුප් ගෙවන්නේ මෙහෙමයි. ඔබේ සාමාන්‍ය රැකියාවේ මූලික වැටුප සහ හමුදා සේවයේ ඔබේ නිලයට අදාළ මූලික වැටුප අතර වෙනස තමයි හමුදා වැටුපෙ මූලික වැටුප වන්නේ. උදාහරණයක් වශයෙන් රජයේ සේවයේ ඔබේ මූලික වැටුප රු 10000 යි. හමුදාවේ ඔබේ නිලයට අදාළ මූලික වැටුප රු 15000 යි. 15000 - 10000 = 5000 තමයි හමුදාවෙන් ඔබට ගෙවන මූලික වැටුප. මෙයට දීමනා රාශියක් එකතුවෙනවා. හමුදා නිලධාරියකුගේ ආහාර වියදම් සඳහා ඉතා විශාල මුදලක් මාසිකව හමුදාවෙන් ඒ නිලධාරියා අයත් නිවස්නයට ගෙවනවා. ඒ මුදල් සම්පූර්ණයෙන් වියදම් නොවී ඉතිරි වුනොත් ඔබට ඒවා ආපසු ගන්න පුළුවන්, මාස කීපයකට වරක්. මේ හැර නවාතැන්, වෛද්‍ය පහසුකම්, 1 වැනි පන්තියේ නිවාඩු දුම්රිය බලපත්‍ර, වාර්ෂිකව තම බිරිඳ සහ අවුරුදු 21 ට අඩු දරුවන් සමග වාර තුනක් සඳහා 1 වැනි පන්තියේ නිවාඩු දුම්රිය බලපත්‍ර, පවුලේ අයටත් නොමිලේ වෛද්‍ය පහසුකම්, වැනි වරප්‍රසාද රාශියක් හිමිවෙනවා. ඇත්තටම ස්වේච්ඡා හමුදා සේවයට එන බොහොමයක් රජයේ සේවකයන් තම රජයේ රැකියාවේ වැටුපට වඩා වැඩි වැටුපක් හමුදාවෙන් ගන්නවා. ඒ කියන්නේ වැටුප් දෙකක් හිමියි. ඉතා විශාල මුදලක්.

      ඔබට පුළුවන් විශ්‍රාම යාමේදී ඔබේ රජයේ රැකියාවේ සේවා කාලයද එකතුකර, එම කාලය සහ හමුදාවේ සිටි කාලය එකතුකර හමුදාවෙන් විශ්‍රාම යන්න. ඔබට හිතාගන්නවත් බැරිතරම් විශාල විශ්‍රාම පාරිතෝෂිකයක් හිමිවෙනවා. හැබැයි ඔබ හමුදාවේ එක දිගටම නැතත් වරින්වර හෝ අවුරුදු 22 ක් සේවය කර තිබිය යුතු අතර, විශ්‍රාම ඉල්ලනවිට අනිවාර්යයෙන් හමුදා සේවයේ යෙදීසිටිය යුතුයි.

      Delete
    4. හුගක් හොදින් පැහැදිලි උනා, යුධ හමුදා සේවය තුල පවතින සිවිල් රැකියා සම්බන්ද ලිපියක් ඔබේ ලිපි තුල මා දැක නැහැ එවැනි ලිපියක් එකතු කිරීමට හැකි නම් යම් පිරිසකට ප්‍රයෝජනයක් වෙයි, ප්‍රතිචාරය වෙනුවෙන් නැවතත් බොහොම ස්තූතියි!

      Delete
  21. ලඟකදී ඉඳන් මමත් මේ අවි ආයුධ ගැන තිබුන වාර්තා වැඩ සටහන් ටිකක් බැලුව අන්තර්ජාලයෙන් හොයල. ඒත් මේ තරම් සංක්ෂිප්තව සරලව තියන තැනක් මට නම් හම්බ උනේ නෑ. ජයවේවා. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඊළඟ කොටසත් හැකි ඉක්මනින් දෙන්නම්.

      Delete
  22. Vicharaka thumani mage fb page eka ta me thorathuru samaharak laba gannawa

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }