මොකක්දෝ පුදුමාකාර ග්‍රහ චාරයක් නිසාදෝ මන්දා, මේ ලිපි පෙළ ලියන්න වෙලා තියෙන්නේ, එක එක කොටස් අතර, බලාපොරොත්තු රහිත, දීර්ඝ කාල පරතරයක් සහිතවයි. සමහරු ටිකක් අමනාප වෙලත් තිබුනා, මගේ ප්‍රමාදය ගැන. ඒ පිළිබඳව සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. නැවත වරක් මා කාර්ය බහුල වුණේ, ප්‍රදේශයේ සමිති සමාගම් ආදියට සම්බන්ධව කරන, පොදු වැඩකටයුතු රාශියකට මැදිවීමට සිදුවුණ නිසයි. දවස පුරා වෙහෙසිලා ඇවිත්, බ්ලොග් ලියනවා තියා, අනික් අයගේ බ්ලොග් බලලා කමෙන්ට් එකක් දාන්නවත් බැරිවුනා. ඒ ගැනත් සමහරු හිතනවා ඇති, වෙනදා නිතර එන මේ මිනිහට මොකද වුණේ කියලා. අදත් මේ ලිපිය ඉවර කරන්න පුළුවන් වෙයිද මන්දා. මම හිතනවා වැඩි චූර්ණිකා නැතුව කෙලින්ම කතාවට බහින එක හොඳයි කියලා. පහුගිය කොටස් තුන පිළිබඳව දැනුමක් නැති අයට,
බලන්න පුළුවන්. මා හිතනවා දැන්, යුද ටැංකි පිළිබඳව ඔබේ මූලික දැණුම සෑහෙන තරම් සතුටුදායක මට්ටමක ඇති කියලා. මේ ලිපියෙන් මුලින්ම අපි බලමු යුද ටැංකිවල තියන මහ තුවක්කු වලින් වෙඩි තියන්නේ අළු දාලා ද සීනි දාලා ද කියලා. අපි ඉස්කෝලේ යන කාලේ කියමන් දෙකක් තිබුනා මෙන්න මෙහෙම.
1. හිරමණේට අළු දාලා වෙඩි තියනවා. ඔතන හිරමනේ කිව්වේ අර බංකුවක්/කොලොම්බුවක් වගේ දෙයක හයිකරලා තිබුණ තලය සහිත පැරණි හිරමනේ හොඳද? ඉතිං මොකද්ද ඒ කියමනේ තේරුම? හිරමනේ තියෙන්නේ පොල් ගාන්ඩ මිසක් වෙඩි තියන්ඩ නෙවෙයිනේ. අනික අළු කියන්නේ ඉවත දමන දෙයක් මිසක් වෙඩි බෙහෙත් නෙවෙයිනේ. ඉතිං හිරමනෙට අළු දාලා වෙඩි තියනවා කියන්නේ, කිසියම් බලවේගයකට එරෙහිව නිෂ්ඵල උත්සාහයක නිරත වෙනවා කියන එකයි.
2. සීනි දාලා වෙඩි තියනවා කූඹි කාලා මැරෙන්න. ඒ කියමන නම් හාස්‍යය සඳහාම නිර්මාණය කල එකක්. සීනි දාලා වෙඩි තියපුවාම ඒ සීනි ඉලක්කගත පුද්ගලයාගේ ඇඟේ තැවරෙන නිසා, කූඹි ඇවිත්, සීනිත් එක්කම ඒ මිනිහාවත් කාලා දාන්න, ඒ ආකාරයට වෙඩි තියනවා කියලා විහිලුවට කිව්වේ, අන්න ඒ අර්ථයෙන්.
හොඳයි. මම මේ ලිපි මාලාවේදී මුලින්ම කිව්වනේ යුද්ධ ටැංකි සටන් කරන්නේ තවත් යුද්ධ ටැංකි වලට එරෙහිව සහ යුද බිමේ තිබෙන විවිධ ඉදිකිරීම් හා බාධක වලට එරෙහිව කියලා. ඒ කියන්නේ ගොඩනැගිලි, බංකර්, තාප්ප, වගේ දේවල්. ඉතිං ඒ වගේ දේවල් වලට පහර දෙනවිට ඉතා දැඩි ප්‍රහාර එල්ල කරන්න ඕනෙ. ඒ සඳහා යොදාගන්න පතරොම් (ඇත්තටම මේවට පතරොම් කියන්න බැහැ. මේවා එක්තරා ආකාරයක රොකට් බෝම්බ) මෙන්න මේ වගේ.
පේනවා නේද මහා මාරක බවක් මේ පතරොම් වල. මේවා ඉතා සංකීර්ණ සැකැස්මකින් යුක්තයි. ඒ සියල්ල මා මෙතනදී විස්තර කරන්න යන්නේ නැහැ. පහත දැක්වෙන චිත්‍ර වලින් පෙනෙනවා මේවාගේ විශාලත්වය මෙන්ම ඇතුළේ මොනවද තියෙන්නේ කියන එක පිලිබඳ තොරතුරු. බම්බුවක් වැනි විශාල කොටසේ ඇති වෙඩිබෙහෙත් පත්තුවීමෙන් ලැබෙන බලයෙන්, ඒ බම්බුව ඇතුළේ තිබෙන රොකට් වෙඩිල්ල, ඉලක්කය කරා ගමන් කර, ඉලක්කයේ වැදී ඝනකම තහඩු, බිත්ති ආදිය විනිවිද ගොස් පුපුරනවා. එයින් ඇතිකරන්නේ මහා විනාශයක්.
මීළඟට මම ඔබට පෙන්වන්නේ බොහොම වැදගත් වීඩියෝ එකක්. මේ වීඩියෝවේ තිබෙනවා කරුණු කීපයක්. එකක් තමා, යුද්ධ ටැංකියකින් වෙඩි තියන හැටි. අනික, යුද්ධ ටැංකියක තිබෙන ප්‍රධාන තුවක්කුවේ ඇතුළ, විශේෂ දෘශ්‍ය උපකරණයක් මගින් පරීක්ෂා කරන ආකාරය. ඒ වගේම ඉහත පින්තූරයේ දකින්නට ලැබෙන පතරොමකුත්, රියැදුරා තමන්ව එළියට පෙනෙන ආකාරයට සිටිමින් ටැංකිය පදවන අයුරුත්, දකින්න පුළුවන්.
කොහොමද මේ මහ තුවක්කුවට ඔය තඩි පතරොම් දාන්නේ? ක්‍රම දෙකක් තියනවා. එක ක්‍රමයක් තමයි අතින්ම එක එක පතරොම තුවක්කුවට දැමීම. නමුත් අති නවීන යුද ටැංකිවල තියනවා දෙවැනි ක්‍රමේ. ඒ කියන්නේ යුද ටැංකිය ඇතුළේම තියන යාන්ත්‍රණයකින් පතරොම් ස්වයංක්‍රීයව තුවක්කුවට ඇතුළුවීම. අපි බලමු, යුද්ධ ටැංකියක් ඇතුළේ තියන ඒ යුද්දේ කොහොමද කියලා.
අද වනවිට ලෝකයේ විවිධ රටවල තිබෙන විවිධ ආකාරයේ යුද ටැංකි මගින් ඒ ඒ රටවල වැඩිදියුණු කරන ලද නොයෙක් ආකාරයේ පතරොම් සහ රොකට් වෙඩි වර්ග පාවිච්චි කරනවා. සමහර යුද ටැංකි මිසයිල් යැවීමේ හැකියාවෙන් යුක්තයි. නමුත් ඒවා බොහොමයක් යුද රහස් ලෙසයි පවතින්නේ. කෙසේවෙතත්, මෙවැනි පතරොම් වර්ග මූලික වශයෙන් පහත දැක්වෙන ආකාරයට වර්ග කරන්න පුළුවන්.
- අධිබල පුපුරන ද්‍රව්‍ය සහිත පතරොම් - High Explosive Rounds = HE
- යුද ටැංකි නාශක අධිබල පුපුරන ද්‍රව්‍ය සහිත පතරොම් - High Explosive Anti Tank Rounds = HEAT
- ඝන සන්නාහ විනිවිද යන අධිබල පතරොම් - Armour Piercing Rounds = AP
- ගිනි අවුළුවන පතරොම් - Incendiary Rounds
- දුම් බෝම්බ - Smoke
හොඳයි. මේ ඔක්කොම අවි ආයුධත් සමග, මේ සද්දන්ත යකඩ ගොඩවල්, යුදබිමට අරං ගිහිං කොහොමද යුද්ද කරන්නේ? මොනවද ඉතිං දිඩි දිඩි ගාලා ඇරලා දානවා නේද. එහෙම කරන්න බැහැ අනේ. යුද ටැංකි, යුද බිමක යොදවන න්‍යායක් තියනවා. එහෙම නැතුව, 'පලයව් ගිහින් දීපියව් කුඩුවෙන්න' කියලා යුද්ද ටැංකි යවන්න බැහැ.
යුද ටැංකි යොදවන ක්‍රම දෙකක් තියනවා මූලික වශයෙන්. ඉතා කෙටියෙන් කියන්නම්. කවදාවත් යුද ටැංකියක් තනියම යවන්නේ නැහැ. අවම තුනක්වත් එකට තියලා තමයි යවන්නේ. (මතකද සුළඟ එනු පිණිස චිත්‍රපටියේ එක BTR එකක් තනියම යනවා. වරින්වර main gun එක උස්සලා පෙන්නනවා සිනමානුරූපී ලිංගික සංකේතයක් ලෙස. cinematographic sign. මට පශ්චාද් භාගයෙන් හිනාගියා. ඔය ටැංකිය පිචර් එකට දෙන්න කලින් හමුදාවට තිබුනා හොයලා බලන්න, මොකද්ද අධ්‍යක්‍ෂ වරයා කරන්නේ කියලා.)
යුද ටැංකි, යුදබිමේ ඉදිරියට යන එක ක්‍රමයකට කියන්නේ, කැටපිලරිංග් - Caterpillaring කියලා. ඔබ දන්නවද දළඹුවාගේ ගමන? දළඹුවා තමන්ගේ ඔලුව පැත්ත ඉදිරියට යොමු කරනවා බඩගාමින්. ඊළඟට කඳේ පසුපස කොටස ඉදිරියට ඇදගන්නවා. අන්න ඒ ක්‍රමයට මුලින් එක ටැංකියක් (මෙතැනදී සමාන්තර පේළි කීපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තිරස්ව, එකිනෙකට සමාන්තරව ඉදිරියට යන, ටැංකි කීපයක් වෙන්න පුළුවන්.) ඉදිරියට යනවා අවට නිරීක්ෂණය කරමින්. ඒ වෙලාවේ පසුපසින් තිබෙන ටැංකියත් ඉදිරිය නිරීක්ෂණය කරමින්, අර ටැංකියට ප්‍රහාරයක් ආවොත්, ප්‍රතිප්‍රහාර දෙන්න බලාගෙන ඉන්නවා. ඉදිරියට ගිය ටැංකිය, සූදානමින් නැවතී, දෙවැනි ටැංකියට කියනවා ගුවන්විදුලි පණිවිඩයකින්, ඉදිරියට එන්න කියලා. (නොපෙනෙන තරම් දුර යන්නේ නැහැ) එතකොට දෙවැනි ටැංකිය ඉදිරියට එනවා, පළවැනි ටැංකිය ආසන්නයට. ඊළඟට පලවෙනි ටැංකිය ආයෙත් ඉදිරියට යනවා. දැන් තුන්වැනි ටැංකියක් තිබුනානම්, ඒක එනවා දෙවැනි ටැංකිය පසුපසට. ඊළඟට දෙවැනි ටැංකිය ආයෙත් ඉදිරියට යනවා. ඔහොම එනගමන්, සතුරා සමග වෙඩි හුවමාරු කරගනිමින් එන්න වෙන එක තමයි, බහුලවම සිදුවෙන්නේ. ඔන්න ඕකට තමා කැටපිලරිංග් කියන්නේ. අනතුරුදායක බව අඩුයි. හැබැයි ගමන හෙමින්.
ඊළඟ ක්‍රමයට කියන්නේ ලීප් ෆ්රොගින් - Leap Frogging කියලා. (ගෙම්බා පැනීම) මෙහිදී කරන්නේ තිරස් අතට පේළියක් හා සමානව තිබෙන ටැංකි, එකිනෙකාගේ ආරක්ෂාව ගැන බලාගනිමින්, යුද බිමේ ඇති ආවරණයෙන් ආවරණයට, ඒ කියන්නේ, මේ පඳුරු ගොඩ ළඟ ඉඳලා, අර පේන ලොකු ගහ ගාවට, ඊළඟට තව ටැංකියක් අර පේන පොඩි කඳු ගැටයේ මුවාවට, ඔන්න ඔය වගේ කෙටි දුර ප්‍රමාණයන්, හැකි උපරිම වේගයෙන් ඉදිරියට යාම. මෙහිදී වේගය වැඩියි, හැබැයි අනතුරුදායක බවත් වැඩියි.
ඉතිං ඒ කියන්නේ යුද්ද ටැංකි යුදබිමේ නිකම්ම ඉස්සරහට යවනවා පුලුවන්නම් ගහපියව් නැත්තං මැරියව් කියලා?
නෑ නෑ අනේ. යුද්ද ටැංකි එහෙම තනි කරන්නේ නැහැ. යුද්ද ටැංකි වලට පිටිපස්සෙන් BTR, BMP, වගේ එව්වා යවන්න පුළුවන් යාන්ත්‍රික පාබල සෙබළුන් සමග. යුද්ද ටැංකි පහර එල්ල කරන අතර, යාන්ත්‍රික පාබල සොල්දාදුවන්ට පුළුවන් භූමිය අත්පත් කරගන්න. එතකොට ප්‍රහාරක හෙලිකොප්ටර් යොදවන්න පුළුවන් සතුරු යුද ටැංකි වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න. යුද භූමියේ පසුපස තිබෙන විශාල කාලතුවක්කු වලට පුළුවන් ආධාරක වෙඩි බලය ලබාදෙන්න. ඒ වගේම MBRL සහ මිසයිල් සහයත් ලබාගන්න පුළුවන්.
මොනවද ලෝකයේ තියන හොඳම යුද්ධ ටැංකි. දන්නවනේ ඉතිං බොහොමයක් රටවල් කියන්නේ අපේ එව්වා තමයි හොඳම කියලා. මෙන්න මෙතන තියනවා දැනට ලෝකයේ තිබෙන හොඳම යුද්ධ ටැංකි දහයේ විස්තර. ඒවා එකින් එක විස්තර කරන්න ගියොත් තවත් ලිපි කීපයක් ලියන්න වෙනවා.
හොඳයි. කවුද යුද්ද ටැංකියේ හතුරෝ? ලෝකයේ කොයි ජගතාටත් හතුරෝ ඉන්නවනේ. බුදුහාමුදුරුවන්ටත් දේවදත්තයා විසින් ගල් පෙරළුවනේ. ඉතිං එහෙව් එකේ යුද්ද ටැංකි ගැන කුමන කතාද? යුද්ද ටැංකි වලට හතුරෝ ගොඩක් ඉන්නවා. ඇත්තටම යුද්ද ටැංකිය බොහොම බරපතල අභියෝගයක්. දෙන්න ගත්තොත් දෙනවා ඔක්කොම සුන්නද්දූලි වෙන්ඩ. ඒ නිසා යුද්ද ටැංකියට එරෙහිව අවි ආයුද ගොඩක් නිපදවා තිබෙනවා. එකක් තමයි යුද ටැංකි නාශක බිම් බෝම්බ. මේ යුද ටැංකි නාශක බිම් බෝම්බ පිළිබඳව අපේ කාමරේ සිරා විශේෂයෙන් විමසීමක් කර තිබුනා. ඔන්න සිරා, ඒ ගැන විස්තරේ බලාගන්න. යුද ටැංකි වලට එරෙහිව මුලින්ම ආව හතුරා තමයි පොළොවේ හාරන මහා අගල්. අඩි 10 ක් විතර පළල, ඒ තරම්ම විතර ගැඹුරු අගල් හාරනවා, යුද්ද ටැංකි වලට එන්න බැරිවෙන්න. දෙවැනි ලෝක යුද සමයේදී නම් මේ ක්‍රමය සාර්ථක වුණා. නමුත් දැන් තියන යුද ටැංකි වලට, ආධාරයට ගෙනයන පාලම් ගැන මම පළමු ලිපියේදී කිවා මතක ඇතිනේ. ඒ නිසා එවැනි අගල් ඇද එතරම් අභියෝගයක් නෙවේ. මතකද එල්.ටී.ටී.ඊ. එක, අවසාන සටන පැවති කාලයේ, බුල්ඩෝසර් යොදවා මගා අගල් සහ පස් බැමි හදලා තිබුණා. නමුත් වැඩක් වුණේ නැහැනේ.
ඊළඟට පරණම ක්‍රමය තමයි යුද ටැංකි නාශක බිම් බෝම්බ. ඒ ක්‍රමය නම්, දෙවැනි ලෝක යුද සමයේ සිට අද දක්වාම පාවිච්චි කරනවා. මේ බෝම්බ එදා නම් තිබුණේ පොළොවේ වලලා තැබුවාම ටැංකියේ බර නිසා ඇතිවන පීඩනයෙන් පිපිරීමට ලක්වන ආකාරයටති අදත් ඒ ක්‍රමය තිබෙනවා නමුත් ටැංකියට යට නොවුනත්, ටැංකිය ගමන් කරන විය පොළොවේ ඇතිවන කම්පනය නිසා පුපුරන බිම්බෝම්බ වගේම, නොගැඹුරු වලක් හාරා යන්තම් වසා දමා තිබෙන බෝම්බ වර්ගයක් තිබෙනවා, ටැංකිය ඒ බෝම්බය අසළින් යනවිට කාන්දම් බලයෙන් ඇදීගොස් ටැංකියේ ඇලී, පුපුරන ආකාරයට සකස් කර තිබෙන.
ඉතිං කොහොමද මේ මාරයාගෙන් ගැලවෙන්නේ. ඒ සඳහා සමහර යුද ටැංකිවල විශේෂ උපකරණ සවිකර තිබෙනවා. ඒවා හරියට විශාල නගුල් වගේ. ඒවාගෙන් පොලොව හාරමින් ටැංකිය ඉදිරියට යනවා. එතකොට පොළොවේ වළලා තියන බිම්බෝම්බ පුපුරනවා. නැත්නම් ඉවතට තල්ලුවෙනවා. මේ තියෙන්නේ එවැනි උපකරණ සහිත ටැංකි.
නමුත් අද කාලේ මෙහෙම හෙමින් වැඩ කරලා බැහැ. වේගයෙන් යන්න ඕනෙ වෙනවා. ඒ සඳහා නවීන ක්‍රම වැඩිදියුණු කර තිබෙනවා. මෙහිදී කරන්නේ, යුද ටැංකියේ සිට, රොකට් වෙඩිල්ලක් මගින්, මහත කඹයක් වැනි දෙයක්, යුද ටැංකිය යාමට අවශ්‍ය දෙසට යවනවා. ඒ කඹය වැනි දේ හරියට, රතිඤ්ඤා කරලක නූල වගේ දෙයක්. ඒ කඹය බිම දිගේ ඉදිරියට වැතිරී ගියාට පසු, ටැංකියේ සිට ලබාදෙන විදුලි කම්පනයකින් මුළු කඹයම එකවර පුපුරවා හරිනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පොළොව යට වලලා තියන බෝම්බ පුපුරා යනවා. දැන් බයනැතුව යුද්ද ටැංකියට ඉස්සරහට යන්න පුළුවන්. මේ ක්‍රමය හඳුන්වන්නේ ජයන්ට් වයිපර් - Giant Viper කියලා. මේ ක්‍රමයෙන් ඉතා කෙටි කාලයකින් මීටර් දෙතුන් සියයක දුරක් ආරක්‍ෂිත කරගන්න පුළුවන්. පහළ තියන වීඩියෝ එකේ පළමුවැනි විනාඩිය පමණක් බැලුවත් ඇති.
බිම් බෝම්බ වලට වඩා බලවත් භයානක සතුරන් ඉන්නවා, යුද්ද ටැංකි ගිලගන්න කට ඇරගෙන දත් විලිස්සාගෙන. ඒවා අතර මුලින්ම තියෙන්නේ යුද ටැංකි නාශක සැහැල්ලු අවි - Light Ant Tank Weapons = LAW කියන වර්ගීකරණයට වැටෙන ඒවා. මේ සඳහා තුවක්කු වර්ග මෙන්ම රොකට් වෙඩිත් යොදාගන්නවා. යුද ටැංකියක සන්නාහය පසාරුවන පරිදි වෙඩි තැබීමට හැකි තුවක්කු තිබෙනවා. නමුත් ඒ තුවක්කු වලට අභියෝග කරන්න පුළුවන් සන්නාහයන් වර්තමාන යුද ටැංකි වලට තිබෙනවා. මේ තියෙන්නේ යුද ටැංකි වලට පහර දෙන්නට හැදූ තුවක්කු කීපයක්.
ඔබ බොහෝ දෙනෙක් දන්නා, ආර්.පී.ජී. RPG = Rocket Propelling Grenade කියන්නේ යුද ටැංකි නාශක අවියක්. එයින් ගොඩනැගිලි වලටත් පහර දෙන්නට පුළුවන්. LAW නමැති වර්ගීකරණයට අයත් අවි, සාමාන්‍යයෙන් උරහිස මත තබාගෙන වෙඩි තැබීමේ ක්‍රමයටයි සකසා තිබෙන්නේ. එමෙන්ම ඒ අවි වලින් වෙඩි තියන්නේ රොකට් බලයෙන් ඇදීයන බෝම්බ පාවිච්චි කිරීමෙන්. මේ අවි වර්ගයේ පැරණිම සාමාජිකයෙක් තමයි පහත දක්වන්නේ. 1948 දී ස්වීඩනයේ නිෂ්පාදිත මේ අවිය හඳුන්වන්නේ කාර්ල් ගුස්ටාව් යනුවෙන්.
පහත දක්වන්නේ ආර්.පී.ජී.7 අවියයි.
මීටත් වඩා භයානක අවි වලට අද කාලයේ යුද ටැංකි වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ තමයි විවිධාකාරයේ මිසයිල් වර්ග. ලිපිය තව දුරටත් දීර්ඝ නොකර ඉතා කෙටියෙන් ඒ ගැන කියන්නම්. ප්‍රධාන වශයෙන් යුද ටැංකි නාශක මිසයිල් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එක වර්ගයක් තමයි ගොඩබිම සිට එල්ල කරන මිසයිල්. Anti Tank Missile = ATM. ඒවා කර මත තබාගෙන හෝ තවත් යුද ටැංකියක සිට හෝ මිසයිල් යැවීම සඳහාම සැකසු සන්නද්ධ රථයක සිට හෝ එල්ල කරන්න පුළුවන්. එමෙන්ම මේ මිසයිල්, ඉලක්කය වෙත යාම, අවශ්‍ය ආකාරයට හසුරවන්න පුළුවන්. ඒ නිසා ඒවා හඳුන්වන්නේ Anti Tank Guided Missile = ATGM යනුවෙන්. අනෙක් වර්ගය තමයි ගුවනේ සිට, ඒ කියන්නේ ගුවන් යානයක හෝ හෙලිකොප්ටරයක සිට එල්ල කරන මිසයිල්.
මෙවැනි කුමන ආකාරයේ තර්ජන තිබුනත් ලෝකය පුරාම යුද ටැංකි පාවිච්චි කිරීම කිසිසේත් අඩුවී නැහැ. ඉතා රහසිගතව යුද ටැංකි තාක්ෂණය දියුණුවෙමින් පවතින අතර රේඩාර් වලට හසු නොවන, ශබ්දයෙන්ද අඩු යුද ටැංකි නිපදවීමට ඇද සමහර රටවල් සමත්වී තිබෙනවා. ලිපිය අවසන් කරන්නට මත්තෙන් අපි සළකා බලමු යුද ටැංකි පාවිච්චි කිරීමේ වාසි සහ අවාසි මොනවාද කියා.
වාසි
භට පිරිස් විශාල වශයෙන් අනතුරට පත් නොකර සටන් කිරීමේ උපකරණයක් ලෙස වැදගත් තැනක් ලැබෙනවා. සතුරා තුළ භීතිය ඇතිකර පලවා හරින්නටත් හැකිවීම වාසියක්. විශාල වෙඩි බලයක් තිබෙන නිසා, භට පිරිස් රාශියක් යෙදවිය යුතු කාර්යයක් යුද ටැංකියකින් දෙකකින් කරගන්න පුළුවන්. රළු භූමියක, ගමන්කරන්නට අපහසු තැන්වලට ගොස්, ප්‍රහාර එල්ල කිරීමට හැකිවීමත් වාසියක්. සෙබළුන් විසින් ළඟටම ගොස් විනාශ කලයුතු ඉලක්ක, ඈත සිට විනාශ කරන්න යුද ටැංකියකට පුළුවන්. ප්‍රතිවාදී යුද ටැංකි වලට අභියෝග කරන්නට හැකිවීමත් වාසියක්.
අවාසි
යුද ටැංකි නිෂ්පාදනය සහ නඩත්තුව වියදම් ඉතා අධික කාර්යයක්. ඒ වගේම තමයි යුද ටැංකියක නඩත්තුව සඳහා විශේෂඥ පුහුණුව ලත් පිරිසක් යුද ටැංකිය යන යන තැන් වලට ආසන්නව ඉන්න ඕනෙ. වාහනයක් වගේ පහසුවෙන් ගලවා සවි කරන්න බැහැ. කාලය සහ ශ්‍රමය අධික ලෙස වැයවෙනවා. ඉන්ධන සැපයුමත් ලේසි නැහැ. යුද ටැංකියක ඉන්ධන පරිභෝජනය ඉතා අධිකයි. ඉතිං අමතර ඉන්ධන යුද බිමේ තියාගන්න ඕනෙ. එක හරිම කරදරයක් සහ අනතුරුදායක වැඩක්. ක්‍රියාකරුවන් පුහුණුවත් විශේෂඥ පුහුණුවක්. හදිසියකදී ක්‍රියාකරුවන් තුවාල වුනොත් ටැංකිය යුද මෙන් ඉවත් කරගැනීම ප්‍රශ්නයක්. බර ඔසවන හෙලිකොප්ටරයක්වත් අවශ්‍ය වෙනවා ඒ වෙලාවට. ඒ වගේම තමයි යුද්ධ ටැංකියකින් පිටවන අධික ශබ්දය. මේ නිසා රහසිගතව සටනට යන්න යුද්ධ ටැංකියකට බැහැ. එයත් අවාසියක්.
ඔන්න ඉතිං එහෙනම්, යුද ටැංකි ගැනත් ඔබට යමක් කියලා දුන්නා. මා හිතනවා, යුද ටැංකි ගැන ඔබේ හිතේ තිබුණ බොහොමයක් අදහස්, මේ ලිපිය කියවීමෙන් පසු වඩාත් වෙනස් වන්නටත්, පුළුල් වන්නටත් ඇතැයි කියා. එහෙනම්, යුද ටැංකි කතාව මෙතෙකින් අවසන් කරනවා.
වටිනා විස්තරයක් විචාරක. බය හිතෙනවා නේ...?
ReplyDeleteඅපේ ලෝකයේ මෙහෙම දේවල් තියනවා, මෙහෙම දේවල් වෙනවා, කියා දැනසිටීම වැදගත් නේද?
Deleteමට යුද්ද පෙන්න බෑ
ReplyDeleteමට ආයුධ පේන්නත් බෑ
මට ආයුධ හදන/විකුණන උන් පේන්නත් බෑ
මට ආයුධ පාවිච්චි කරන් උන් පේන්නත් බෑ
මට ආයුධවලට ආස කරන උන් පේන්නත් බෑ
මට ආයුධ ගැන අනිත් උන්ට උගන්වන උන් පේන්නත් බෑ
ඒව බලල අනේ ශෝයි කියන උන් පේන්නත් බෑ
විචාරක, මේ කෙහෙම්මල නවත්තල ලියනවකො වැඩකට ඇති දෙයක්
මේ ලිපියට පමණක් නොව තවත් විවිධ ලිපිවලටත් Anonymous ප්‍රතිචාරයකින් පෙන්වන්නේ කුමණ හැඟීමක් ද? තියුණු ලෙස සිතන්නට විමසන්නට සුදුසුයි විචාරක තුමණි.
Delete@ AnonymousAugust 26, 2014 at 5:39 AM
Deleteඔබේ අදහස් දැක්වීමේ නිදහස ඔබ පාවිච්චි කර තිබෙනවා. ඕනෑම කෙනෙකුට තම අදහස් දැක්වීමට මෙහි ඉඩ ලබාදී තිබෙන්නේ ඒ නිසයි. මා ලියන දේ නොවැදගත්ය යන්න මේ අඩවිය කියවන බහුතරයකගේ මතය වූ දාට මෙවැනි ලිපි ලිවීම නවත්වන්නම්.
දුම් බොන්නන් ඕනෑ තරම් ඉන්න නිසා දුම්වැටි නිෂ්පාදනය සහ ප්‍රචාරනය නිවැරදිය කියා බොහෝ දෙනෙක්ට තර්ක කරන්න පුලුවනි.
Deleteඒ වගේ තර්කයක් තමයි ඔබත් ගෙනෙන්නේ.
මිනිසුන්ගේ සහජ විමර්ශණශීලීභාවය විෂය නිසා වෙනස් හෝ සීමා නොවේ.
Delete@ AnonymousAugust 26, 2014 at 8:08 AM
Deleteදුම් බීමෙන් සිරුරට හානි වුනාට මේ ලිපි කියවීමෙන් සිරුරට හෝ මනසට හානිවෙන්නේ නැහැ. ඔබයි අවලංගු තර්කයක් ගෙනෙන්නේ.
ජාත්‍යන්තරව පිළිගත් විෂයයක් තිබෙනවා ආරක්ෂක විද්‍යාව යනුවෙන්. ඔබ එවැනි දෙයක් ගැන කවදා හෝ අසා තිබෙනවාද? ඒ විෂයය හදාරන්නේ හමුදා සාමාජිකයන් පමණක් නොවේ. සාමාන්‍ය උපාධි අපේක්ෂකයන්ට පවා හැදෑරිය හැකියි. එය ඉගෙනගන්නේ යුද්ධ කරන්න නොවෙයි. ආරක්ෂාව පිලිබඳ ජාත්‍යන්තර දැණුම පුළුල් කරගැනීමටයි.
පොඩි කලෙ ඉඳල යුද්ධ, සටන්, ආයුධ ( තුවක්කුවලට වඩා දුනු, කඩු ) ආදිය ගැන ඉතා උනන්දුවක් තිබුනට තාම කාවවත් මරල හෝ කාගෙන්වත් මැරුම් කාල නෑ.
Deleteආචරි ක්‍රීඩා කරල සහ එයා ගන් එකක් තිබුනට කවදාවත් හමුදාවට බැදෙන්න තියා කන්ග්ෆූ ක්ලාස් එකකටවත් ගිහිල්ල නෑ
@ AnonymousAugust 26, 2014 at 5:39 AM,
Deleteඉතිං එහෙනං මොන කෙහෙල්මලකටද මේ බ්ලොග් එක බලන්නෙ!? ඔයාව කවුරුහරි බලෙන් ඇදගෙන ඇවිල්ලා මූන ඇතිල්ලුවද මොනිටර් එකේ 'බලපිය මේ බ්ලොග් එක' කියලා? බලන්ටකො ගිහිල්ලා ඔයා කැමැති ජාතියෙ ලිපි තියෙන බ්ලොග් එකක්. විචාරක මේ වර්ගයේ ලිපි ලියන්නෙ අපි වගේ මේ වර්ගයේ ලිපිවලට කැමැති උදවිය මේවා කියවන නිසා. :-)
ඔයාගෙ හැරමිටිය වැනුවට කමක් නෑ, ඒක මගෙ නහයෙ ගාවන්ට එපා!
ඇනෝ බොස්.. සුවපත් වේවා !!!!
Deleteඅසපුවකට යන්න.… ඒත් පරිස්සමිං.…
@ Pra JayAugust 26, 2014 at 12:43 PM
Deleteඇත්තටම ඔබ කියනවාක් මෙන් මේ සියල්ල ගැන දැනගත්යුත්තේ පරපීඩක කාමය පහකරගැනීමට නොවෙයි. දැණුමක් ලබාගැනීමට පමණයි.
ස්තුතියි ඔබේ අදහස් වලට
තමන් කැමති දේ, තමන් රුචි දේ, තමන්ට ආස දේ, තමන්ට ඕනා දේ විතරක් වැඩකට ඇති දේවල් කියලා හිතන උන් නිසා තමා යුද්ධ හට ගන්නෙ.. එහෙව් එකෙක් ඇවිත් කියනවා තමන් යුද්ධෙට හා ඒ හා බැඳුනු දේවලට කැමති නෑලු.. සංදිග්ධයි නේද ඇනෝ ?
DeleteThis comment has been removed by the author.
Delete//වටිනා විස්තරයක් විචාරක. බය හිතෙනවා නේ...?// බය හිතෙන නිසාම වටිනා විස්තරයක් !
ReplyDeleteහමුදා දැණුම කියන්නේ හමුදා සාමාජිකයන්ට පමණක් සීමා වූවක් නොවේ. විශේෂඥ දැනුමක් නොවූවත් හමුදාවන්හි කාර්යය පිලිබඳ සාමාන්‍ය දැනුමක් මහජනතාවට තිබේනම්, දුර්මත දුරුවෙනවා. අවබෝධය පුළුල් වෙනවා. මේ ලිපි කියවා අවබෝධ කරගතයුත්තේ යථාර්ථය මෙන්න මේකයි යන අදහස පමණයි.
Deleteවීඩියෝ ටිකත් එක්ක බැලුවම යුදබිමට ගියා වගේ හැඟීමක් දැනෙනවා. මාත් ඔය LAW වලින් යුද ටැංකි වලට පහර දීල තියෙනවා. හැබැයි IGI ගේම් එකේ!!
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීම ගැන.
Deleteපරිගණක ක්‍රීඩා වලින් හෝ ඔබ ටැංකි සටන ගැන අවබෝධයක් ලබා තිබීම සතුටක්. හැබැයි එකක් මතකතියාගන්න ඔය කිසිම පරිගණක ක්‍රීඩාවක දක්වනවාට වඩා සැබෑ යුද්ධය හාත්පසින්ම වෙනස්.
මේවා කියන එකට විචාට පිං දෙනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ... යුධ දැනුම් සම්බාරයක් දෙන මේ අඩවිය අනාගතයේදි කී දෙනෙකුට වැදගත් වෙයිද???
ReplyDeleteකාට හෝ ප්‍රයෝජනවත් වෙයිනෙ දේශා. මම හිතනවා දැණුම වර්ධනය පිණිස මෙය කියවන සෑහෙන පිරිසක් ඉන්නවා කමෙන්ට් නොකලත්.
Delete"කවදා හෝ කාට හෝ" ඒකයි මොටෝ එක.
Deleteමම එහෙ මෙහෙ යනකොට දාන කැප් වල ඔය මොටෝ එක ගැහුවොත් කොහොමද සෙන්නා?
Deleteහැහ් හරි අපූරුවට තියෙයි... අර සමහර සේල්ස් ගර්ල්ස්ලා පාරෙ යන්නෙ " May i help you " , "SALE" කියලා ගහගෙන.. ආන් ඒ වගේ තියෙයි... :D
Deleteඕක හරි යන්නෙ බ්ලොග් එකට විතරමයි....
විචාරකගේ පොස්ට් ගියපාර යුද්ධ ටැංකි බලලා ආස හිතිච්ච පාර ආපහු ගිහින් නුගේගොඩ පාක් එකේ තියෙන යුද්ධ ටැංකියට නැගලා හිටියා .. නැත්තම් ආපහු "දැයට කිරුල" හෙවත් "ජාතියට තොප්පිය" එකක් එනකං ඉන්න එපැයි .
ReplyDeleteඅම්මපා ඒ වෙලාවෙ මං දැක්කනං ගහනවා RPG එකක් කුඩු සූදුරු වෙලා යන්ඩ … මිස් උනා නෙවැ. චැහ්
Delete@ ඉවාන්. නුගේගොඩ තියන ටැංකියේ ඇන්ජිම ගලවලා ද තියෙන්නේ.
Delete@ පත්තරේ RPG = ?
RPG = රාත්තලේ පාන් ගෙඩියක්? ;-)
Deleteපත්තරයෝ, එතකොට උඹ පාන් ගෙඩියක්ද අරං යන්නේ ඉවාන්ට ගහන්න. ඉවානයා පාන් ගෙඩිය ගහයි උඹේ...........
Deleteඅද සෑහෙන්න විස්තර ගොඩක් එකපාර දීලා නේද සෑර්. දැන් නං එකක් ගන්ඩමයි හිත.:D ප්‍රමාණවත් දැනුමක් ලැබුවා මේ ලිපි පෙලෙන් ඔබතුමාටපිං සිද්ධ වෙන්ඩ..බොහෝම ස්තුතියි.
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
Delete-ස්තුතියි..-
අඩෝ වල් පත්ත්රයා මොකටද උඹ එකක් ගන්නේ හැංගෙන්නද ?
Deleteප්‍රමානවත් දැනුමක් ලැබුවා ????? හිනා වෙලා ඉස්මොල්ලේ ගියා බොල . මං හිතුවේ උඹ මැරෙන තැන , විදිහ ගැන දැනටමත් දන්නවා කියලා ,
දේශො ගෝල්ලීප් පහයි , නලිය එනවනං කාටුන් එකයි :D
Deleteහුහ්. අහපං ඩෝ ඕනෑම යුද්ධ ටැංකියක් ගැන ඕනැ තැනකිං. ගෙදර ඉන්න ඉන්න එක නං නෙමෙයි. එහෙම උනොත් ඒකෙන් බර අවි ප්‍රහාර වලට ලක්වෙලා ආරක්ෂාකාරිව පසු බසින්න වෙනවා :D
අඩේ පත්තරේ මම එකක් කොහෝමත් ගන්නවා උබට ඕනනම් එක වටයක් යන්න දෙන්නම්..... උබට ඉන්නේ එක හතුරනේ
Deleteහා උඹත් ගන්නවද ?? උඹ ගනිං මේල් ටැංකියක්. මං ගන්නං ෆීමේල් එකක්, ඊට පස්සෙ චූව්චං ටැංකි පැටියෙක් හදෝගමු අපිට කඩේට පොළට හංදියට එහෙම යන්න පුලුවං සයිස් එකේ :D
Deleteයකෝ මම දැන් කාගේ කමෙන්ට් එකටද උත්තර ලියන්නේ?
Deleteඔය ටැංකි පැටියා හම්බවෙන වාට්ටුව කොහෙද තියෙන්නේ?
මගේ කොමෙන්ටුවට විතරක් උත්තර දෙන්න විචාරක , ඔය අනිත් උන් මොක්කුද , කොහොමත් උන් දෙන්නා වැඩි කාලයක් ජීවත් වෙන්නෙත් නෑ, මගේ අතින්ම ළඟදීම ඉවර වෙනවා... ඕ...යේස්
Deleteපත්තරයෝ, අනේ මන්දා ඉවානයා වැඩි දවසක් නොගිකින් උඹව කම්බස් කරනවා. අපිට තමයි ඔව්වට සාක්කි දෙන්න වෙන්නේ. මගේ ගානේ කාලතුවක්කු ආචාර වෙඩිමුර 21 ක් දෙන්නම්.
Deleteවිචාරක තුමා කෙහොමහරි මේ වලිය අස්සේ යුධ අවිආයුධ ටිකක් විකුන ගත්ත හැකි දෙපැත්තටම.
Deleteමෙන්ඩ දන්නවද ලෝකයේ අවි නිපදවන රටවල් කරන්නෙත් රටවල් අතර අර්බුද ඇතිකරලා තමන්ගේ ආයුධ ඒ රටවලට විකුණන එක.
Deleteහුටා.. එතකොට ඉතාලියයි ලංකාවයි යුද්ධේ පටන් ගනි පස්සේ මැලේසියාව ඡාපානය සෙට් වෙයි.
Deleteමට හිතයි ටැංකියට කලින් උණ්ඩයක් ගන්න ..... අර උඩම පොටෝවේ උන්ඩ ටිකනම් පට්ට ගති
ReplyDeleteලස්සනට ගෙදර අරං තියාගන්න හොඳයි නේද? හැබැයි හදිස්සියේ පිපිරුවොත්?
Deleteමට හිතුනේ ඕනම ආයුධේකට ඒ ආයුධේ නසන්නත් අයුධයක් තියෙනවා නේද කියලා..
ReplyDeleteවටින කරුණු ටිකක් විචාරකතුමනි..
එක්තරා පැරණි කියමනක් තියනවා රාස්සයා කන පරාස්සයා කියලා. ඒ කියන්නේ, ඕනෙම දරුණු බලවේගයකට එරෙහිව, ඊට නොදෙවැනි බලවේග බිහිවෙනවා කියන එකයි.
Deleteස්තුතියි ඇගයීම ගැන.
හැමදාම වගේ අදත් රහයි ඈෑෑෑ. පැන පසුවට. ඒක නෙමෙයි විචාරකතුමා, මං මේ පිටුව මගෙ එකේ එල්ලුවා. පරන එකක්මනෙ (පළමු කොටස) ආවෙ. ඔන්න අද අලුත් කලා.
ReplyDeleteඔබ මීට පෙර මෙහි ආ බවක් මතක නැහැ. අමතකවීම මගේ වරදක්ද මන්දා. කෙසේවෙතත් ඔබව සාදරයෙන් පිලිගන්නවා. ස්තුතියි මගේ ලිපියට තවත් ප්‍රචාරයක් ලබාදීම පිළිබඳව සහ ලිපිය ඇගයීම පිළිබඳව.
Deleteආවා තුමනි, මේ අන්තිමට ආපු එක.
Delete//Visitor V said: 2014 අගෝස්තු 3 දින 08:40 ට
එකිනෙකා ඇනකොටාගන්න සිංහල බ්ලොග් ලෝකයේ මහ විශාල දැනුම් සම්භාරයක් එක් කරමින් විෂයානුබද්ධ කරැණු ගෙන එන ඔබ අපිට ආදර්ශයක්. විචාරකතුමා, මෙන්න මේක පැහැදිලි කරන්නකො.
සෘජු දම්වැලක් තියෙන ටැංකිය හරවන්න යොදන උපක්රමය මොකක්ද?//
සමාවන්න මගේ අමතකවීම ගැන. නැවතත් ස්තුතියි ඔබේ ඇගයීම ගැන.
Deleteටැංකිය හැරවීමේදී වෙන්නේ, හැරවීමට අවශ්‍ය පැත්තේ ට්‍රැක් එක බ්‍රේක් වෙනවා. විරුද්ධ පැත්තේ ට්‍රැක් එක කැරකෙනවා. එතකොට පහසුවෙන් හැරෙනවා.
ලිපිපෙළ ආසාවෙන් කියෙව්වා.. යුධ ටැංකි ගැන සෑහෙන දැනුමක් ලැබුනා. පරිගණක ක්‍රීඩා තුලින් යුධ ටැංකි හමු වී තිබුනත් ඒ ගැන මේ ලිපි වලින් බොහෝ දැනුමක් ලැබුනා.. ඇමරිකාවේ M1 Abraham කියන යුධ ටැංකිය ප්‍රතිනිර්මාණය කරන අයුරු ඇතුලත් වීඩියෝ පටයක් මා සතුයි..
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීම සහ ඇගයීම ගැන.
Deleteමා හිතනවා යුද ටැංකි ගැන බොහෝ දෙනා මෙතෙක් කල් හිතාගෙන හිටිය විදිහ වෙනස් වෙන්න ඇති කියලා මේ ලිපි කියවීමෙන්.
ඇමරිකානු යුද හමුදාවට අදාළ ඔය යුද ටැංකියේ නම අපේ සිංහල කටින් කියවෙන්නේ ආබ්‍රහම් කියලයි. නමුත් නිවැරදි නම Abrams ඒබ්‍රම්ස්.
http://en.wikipedia.org/wiki/M1_Abrams
කිව්වා හරියටම හරි විචාරක. යුද්ධ ටැංකි ගැන තිබ්බ ආකල්පේ වෙනස් වුනා..දැනුම නම් ගව් ගානක් ඈතට අලුත් වුනා...
Deleteවිචාරක බොස්...ඔබතුමා මහා දැනුම් ගබඩාවක් නේ...
ReplyDeleteකලින් ලිපියකත් මම ලිව්වා වගේ මෙතනත් ලියන්නම්...
මේ දැනුම හැමෝටම දෙන්න වෙන මහන්සියට බොස්ට බොහොම ස්තුතියි...
බොහොම ස්තුතියි විභීෂණ ඔබේ මේ ඇගයීම ගැන. මෙවැනි ඇගයීම් නිසා තමයි තවත් ලිපි ලියන්න මා දිරිමත් වන්නේ.
Deleteඅනිවා...
Deleteඅපි දිගටම විචාරක එක්ක...
ආය ඉතින් කියලා වැඩක් ලිපිටික නම් එල ද බ්‍රා.
ReplyDeleteමමත් කොහොමහරි එකක් ගන්නවමයි Production වැඩිකරන්න.
මහන්නේ නැති මගේ කෙල්ලන්ට ගහනවා RPG එක ගානේ.
මෙන්ඩෝ............... උඹට ගැලපෙන උත්තරේ මෙතන දෙන්ඩ බැරිවීම ගැන කණගාටු වෙනවා මම. කවදාහරි හම්බවුන දවසක කියන්නම්.
Deleteඅම්මපා උන් ඒ තරමට ආසද RPG වලට?
අනිවා ඩබල් කැබ් එකක් පිටිපස්සේ සෙට් වෙමු
Deleteවටිනා විස්තරයක් විචාරක. බය හිතෙනවා නේ... ????
ReplyDeleteමේවා හදන්නෙත් මිනිස්සු, පාවිච්චි කරන්නෙත් මිනිස්සු, පාවිච්චි නොකර ඉන්න තරමට තමන්ගේ මනස දියුණු කරගතයුත්තෙත් මිනිස්සුමයි.
Delete