හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 May 2015

අනේ 'කාලය' වනේ වාසේ

   බුදු දහම පදනම් කරගත් කියමනක් තියනවා, 'අනේ කාලේ වනේ වාසේ' කියලා. මෙහි මා දන්නා තේරුම නම්, 'කිසිදු පිළිසරණක් නැතිවූ විට ඉබාගාතේ යමින් ජීවත්වීමට සිදුවේ' යන්නයි. තවත් පැහැදිළි කිරීමක් තියනවා, 'බුදුවරයකු නැති කල මිනිසා අතරමං වීමට ලක්වේ' කියලා. මීට වඩා සුදුසු තේරුමක් තිබේනම්, එය ඔබේ අදහස් වශයෙන් දක්වන ලෙස, කාරුණිකව ඉල්ලනවා. මා මෙම ලිපියේ මාතෘකාවට යොදාගත්තේ, අනේ කාලේ වනේ වාසේ කියලා නෙවෙයි. අනේ 'කාලය' වනේ වාසේ යන්නයි. 'කාලය' යනුවෙන් ලියැවෙන බ්ලොග් අඩවියක් තිබෙන බවත්, එය ලියන්නේ නලින් ද සිල්වා නමැත්තකු විසින් බවත් ඔබ දන්නවා ඇති.

   මේ බ්ලොග් අඩවියේ තිබෙන විශේෂත්වය වන්නේ, කියවන්නාට තම අදහස් දැක්වීමට ඉඩ ලබා නොදීමයි. ඒ කියන්නේ, කියවන්නා අනිවාර්යයෙන් ලියන්නාගේ මතය පිළිගත යුතු බවද? නොඑසේනම් වෙනත් හේතුවක් නිසාද? අන් මත ඉවසීමේ ගුණය නලින් ද සිල්වාට නැද්ද? මේ අර මහාචාර්ය නලින් ද සිල්වාද? (මහාචාර්ය නලින් ද සිල්වාට ඉවසීමේ ගුණය නැති බව මම කීපවිටක් අත්විඳ ඇත්තෙමි) දැන්නම්, නලින්ද සිල්වාගේ ගණිත ඥානය කෙසේ වෙතත්, මූලික සිංහල ඥානයත් කුරුවල් වී ඇති බව, පැහැදිළිව පෙනෙයි. මැයි පළමුවැනිදා, නලින් ද සිල්වා, තම අඩවියේ ලියන ලද ලිපියේ මුල් කොටස, පහත දක්වමි. (රූපය පැහැදිලිව දැකබලා ගැනීම පිණිස එය මත ක්ලික් කරන්න)

Screenshot (1)

   මේ රූපයේ දැක්වෙන ලිපියේ ඇති වැකි දෙකකට යටින්, මා රතු ඉරි ඇඳ ඇති බව, ඔබට පෙනෙනවා ඇති. බලන්න පළමුවැනි වාක්‍යය. එය කියවෙන්නේ මෙසේයි.

//සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි//

   කුමක්ද මේ වාක්‍යයෙන් කියවෙන්නේ? අමුම අමු අපභ්‍රංශයක් නොවේද? මේ වාක්‍යය අනුව තරුණිය ජනාධිපති සමාව යටතේ සිරගත කර ඇත. පසුව, සිරගත කරන ලද කාලය කෙටි කර ඇත. මේ කොයි ලෝකේ සිංහලද? නලින් ද සිල්වාට මෙවැනි සරල වාක්‍යයක්වත් නිවැරදිව ලියා ගන්නට බැරි තරම් මොළය කොලොප්පම් වී තිබෙන්නේ ඇයි?
   පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව ඔහු මහත් ශෝකයකට, කණගාටුවකට, භීතියකට, බලාපොරොත්තු සුන්වීමකට, ලක්වී ඇති නිසයි. ඔහු සිහින දකිමින් සැතපී සිටි වළාකුළු යහන, ජනතා පරමාධිපත්‍යය විසින් පොළොවට ඇද දැමීම නිසයි.

   බලන්න දෙවැනි වාක්‍යය. දෙවැනි වාක්‍යයේදී ඔහුට වත්මන් ජනාධිපති සමග ඇති කෝපය ඉස්මතු වෙයි. ඒ නිසා ඔහු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොකියා, නිකම්ම මෛත්‍රීපාල සිරිසේන කියයි. තමන්ගේ තරහ පෙන්වයි. නමුත්, විජයදාස රාජපක්ෂට අධිකරණ ඇමති යයි කියයි.

   නලින්ද සිල්වා, මෙලෙස, අශූචි වලේ ලගිමින්, සිංහයන්ට සටනට අභියෝග කරන සූකරයාගේ චරිත රංගනයෙන් මිදී, කියවන්නාට අදහස් පළකිරීමේ නිදහස සහිතව, තම අඩවිය පවත්වාගෙන යන්නේ නම්, ඔහු තවදුරටත් බුද්ධිමතෙකු ලෙස සැලකීමට හැකිය. නොඑසේනම්, තම බියසුළු බව වසාගැනීම සඳහා, මෙලෙස නීචකම් නොකළ යුතුය. ඉදින්, මෙනයින් සළකා බලන කල, 'කාලය' බ්ලොග් අඩවිය, වනේ වාසේ වී ඇති බව පෙනීයයි. එනිසයි මා කියන්නේ, අනේ 'කාලය' වනේ වාසේ කියා. 

   මම නලින් ද සිල්වාගෙන් මෙසේ අසමි. මගේ මේ ලිපියට එරෙහිව සහ ඔබට පක්ෂපාතීව දක්වන අදහස්, මවිසින් වාරණය කරන්නේ නම්, ඔබ ඊට කැමතිද? ඔබ කැමති, එවැනි වාරණ, සීමා, බලහත්කාරකම්, මානව නිදහස පැහැරගැනීම්, කප්පම්, අතුරුදන් කිරීම්, කොමිස් ගැහිලි, කුඩු, එතනෝල්, ක්‍රමයේ සමාජයකට නේද?



2015 මැයි මස 2 වැනි දින 0824 පැය  

34 comments :

  1. නලින් ද සිල්වා කොහොමත් අනුන්ගේ මතයට කන් නොදෙන එකෙක් ය.
    හිතන් ඉන්නේ තමුන් විතරක් හරිය , ලංකාවේ ඉන්න බුද්ධිමත් ම පුද්ගලයා කියාය.
    එයා හිතන් ඉන්නේ හොඳම සිංහල බෞද්ධයා එයා කියලා ය.

    උන්නැහැ ට බටහිර සංස්කෘතිය පෙන්නන්න බැරිය, ක්‍රිස්තියානි සමාජය වහ කදුරු වගෙය.
    මෙයාට මොලේ තිබ්බට බුද්ධියක් නැහැ කියලා අපි දන්නේ ඒ නිසා ය.

    විචාරක සර්, ඔහේ මෙහෙම ලියන්නත් කලින් ඉඳන්ම ඕකා මෝඩයා කියල අපි දන්නවා.

    "කාලය " කෙසේ වෙතත් එයා නම් කාලෙක ඉඳන් වනේ වාසේ තමයි.

    ReplyDelete
    Replies
    1. මා කියන්නේ මෙයයි. අන් මතයට ඉඩ නොදෙන තැනැත්තාට සමාජය තුළ පැවැත්මක් නැහැ. අපේ සිංහල බෞද්ධ කම තිබිය යුත්තේ, අන් ජාතීන් සහ අන්‍යාගමිකයන් සමග, සහජීවනයෙන් සිටීම තුළ නොවේද?

      Delete
  2. obathumiya niyameta liyaa atha. eth lagak wenakam obe blogeth nidahase liyanna ida thibbe na.

    oba hamudawe sitiddi hamudaawe niladaarin obawa "naaki hamaa" lesa pathhthakata damaa siti nisaa athiwuna neenamanayen meya liyana bawa ithaa pahadiliya.

    lajjaawak thibenam ho aathmaabimaanayak thibenam nodakka wage nosita. mama Q commission kiyana eka piliganna.

    ReplyDelete
    Replies
    1. mamathumaa kawadath niyameta liyanawaaya. namuth obathumaa yanne koheda malle pol wani adahas liweema gana bohoma dukaya.

      mama hamudaawe sitiddee naaki hamaada tharuna hamaada kiyaa salakeema me lipiye maathrukaawata adaala natha. oba wani pussanta mama dena beheth dirawanne nathi bawa maa dannawaa. ar 'arayaage' adawiyedee mama obathumaata bada yanda deepu eke wedanaawa thawama danenawaa neda? owwaa ohoma thamayi. thaman nodanna kehemmal gana prasiddhiye kathaakaranna giyaama oy widihata wadi wayasak nathuwa nikam sawuththu wenna wenawaa. maathrukaawata adaalawa adahas dakwanna barinam me wage gonpaat karanne nathuwa singithi aathal ekak aragena paththakata wee siteema yeheki. nathnam obathumaa nikam bmmanneku bawa mulu ratama danagannawaa.

      Delete
  3. මෙය නලින්ද සිල්වා කරන වෙබ් අඩවියක් නොවේ. ඔහු ලියන ලිපිය ඔහු ගේ සහචරයෙකු විසින් වෙබ් පිටුවලට දැමීමකි.

    අර වාක්‍යයේ දී සිදුවී ඇත්තේ කොමා හැලීමකි.

    As posted:
    සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි

    With separators:
    සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක්, ජනාධිපති සමාව යටතේ, සිරගත කරන ලද කාලය කෙටිකර, නිදහස් කරනු ලැබිණි.

    කෙසේ වෙතත්, ඒ වාක්‍යය ඊට වඩා හොඳට ලියන්නට හැකි බව කිව යුතුය.

    With least changes:
    සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණිය සිරගත කරන ලද කාලය, ජනාධිපති සමාව යටතේ කෙටිකර, නිදහස් කරනු ලැබිණි.

    සමහර විට නලින්ද සිල්වා ඔය ලිපි ඩික්ටේෂන් දී වෙන අයෙක් ටයිප් කර පත්තරවලට යවනවා වෙන්නට ඇත.

    මා මගේ බ්ලොගයේ ලිපියක සඳහන් කළ තම ජීවිතයේ දසවෙනි දශකය ගෙවන මාධ්‍යවේදී සේනාධීර පියසේන තමන් ගේ ලිපි කෙලින්ම දුරකතනයෙන් පුවත්පත් කාර්යාලවලට කියවයි. පත්තරකාරයෝ ඒවා ටයිප් කර පළ කරති.

    ReplyDelete
    Replies
    1. මේ නොබෝදා මියගිය ඩී.එෆ්.කාරියකරවන මහතාට අවසාන කාලයේ පෙනිමෙ දුර්වලතාවයක් තිබුන නිසා ඔහුගේ අදහස් පුවත්පත්වලට ලේකනගත කලේ කියවන විට ලියූ ගොලයෙක්.වානේ පන්නරය ලැබූ හැටි ලියපු ඔස්ත්‍රොවුස්කි පූර්ණ දෘශ්‍ය ආබාධිත කෙනෙක්. ඔහු තමන්ගෙ පොත ලියුවේ අකුරු ලිවීමට කපන ලද හිඩැස් තැබූ රාමුවක් සටහන් කොලය මත තබාගෙන. අපේ බොහො දෙනෙකුට ඇස් පෙනුනත් නිවැරැදි භාෂා භාවිතය නම් බැහැ.

      Delete
    2. @ රසිකොලොජිස්ට් - RasikologistMay 2, 2015 at 9:39 AM

      ඇත්තටම මේ වාක්‍යය කොමා දැමීමෙන් පමණක් ගොඩ දාන්න බැහැ. මෙහි උක්තාඛ්‍යාත යෝගය පටලවා ගත්තාට අමතරව සෑම දෙනාම මේ සිධිය දන්නවා ඇතැයි යන සාවද්‍ය උපකල්පනයේ සිටිමිනුයි ලියා තිබෙන්නේ. ඒ කියන්නේ මේ තරුණිය මේ වරද කලබව සහ ඊට දඬුවම් වශයෙන් සිරගත කළ බව.

      ඒ නිසා මේ වාක්‍යයේ නිවැරදි ගැලපුම වියයුත්තේ;

      සීගිරි කැටපත් පවුරේ, කොණ්ඩ කටුවකින් කුරුටු ගෑමේ වරදට සිරගත කළ, මඩකලපුවේ තරුණියක්, සිරගත කරන ලද කාලය කෙටිකර, ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබිණි. යන්නය.

      තමන්ගේ කර්තෘත්වය පිළිබඳව වගවීමක් මහාචාර්ය නලින් ද සිල්වාට නොදරා සිටින්නට බැරිය. නිදහසට කරුණු කීමට බැරිය. නැවත පරීක්ෂා කොට පලකිරීම ඔහුගේ වගකීමයි.

      @ AnonymousMay 3, 2015 at 9:46 PM - ඔබ සමග මම ද එකඟ වෙමි. කාරියකරවන මහතා අපේ සිංහල නිවැරදි කරවන්නට දැරූ වෙහෙස අපමණය. සිතට එන සෑම ආවේගයක්ම, පාලනයකින් තොරව ලියන්නට ගියොත්, අන්තිමට ලියවෙන්නේ විකාර.

      Delete
  4. නලීන් ද සිල්වා කියන්නේ.. ඉස්ලාම් ධර්මයෙහි අල්ලා වන් උතුම් දෙවි කෙනෙකි.. ඔහු ප්‍රශ්ණ කිරීමටවත්, විවේච්නය කිරීමටවත් නොහැක. ඔහු දේශණා පවත්වන විටද එසේමය. ප්‍රශ්ණ කලහොත් තගරිය දමයි. ඔහුටම සරිලන අයිසිස් ගෝත්‍රිකයෝ පිරිසක්ද ඔහු වටා සිටි. අප රට වන රජෙක් ඉල්ලා සිටිනා ගෝත්‍රිකයින් සිටිනා රටකට මෙවන් මාහාචාර්යවරුන් මුණිවරුන් වේ. සියල්ලෝ ඔහු ළඟ දනින් වැටෙයි. පවසනා සියල්ල සත්‍යයම වේ.

    එසේ වතුද.. නාමල් නම් බුදු පුදු ඉදිරේ, මේ ක්සර සිංහයා සුනඛයකු සේ නගුට දෙපරන්දේ ගසාගෙන දෙකට නැමේ.. සාධූ සාධූ සාධූ...

    https://www.colombotelegraph.com/index.php/treating-elderly-two-pictures-namal-rajapaksa-and-ranil-wickremesinghe/namal-rajapaksa-and-ranil/

    ReplyDelete
    Replies
    1. [im#]https://www.colombotelegraph.com/wp-content/themes/transcript/timthumb.php?src=https://www.colombotelegraph.com/wp-content/uploads/2013/04/Namal-Rajapaksa-and-Ranil.jpg&q=90&w=629&zc=1[/im]

      Delete
    2. ඒ නාමල්ට ආචාර කරන්නේ නම් නලින්ද සිල්වා නොවේ. මෑදමූලන පළාතේ ගම් වැසියෙකි.

      මා කොයි තරම් නලින්ද විරෝධියෙක් වුනත්, පොර මෙසේ හැසිරෙතැයි සිතන්නේ නෑ.

      Delete
    3. @ Maathalan - Priyantha HewageMay 2, 2015 at 9:52 AM

      ඔහු විශ්ව විද්‍යාලයේදීත් මෙලෙස දරුණු ලෙස හැසිරෙන බව මා අසා තිබෙනවා. ඔහුගේ විශ්ව විද්‍යාල ආචාරයභාවය අහිමි වීමට ඒ හැසිරීම් රටාවද බලපාන්නට ඇතැයි සිතනවා.

      @ රසිකොලොජිස්ට් - RasikologistMay 3, 2015 at 8:51 AM

      ඔව්, පැති පෙනුමෙන්, මේ රූපයේ, නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාට වඳින පුද්ගලයා, මහාචාර්ය නලින් ද සිල්වා වගේ.

      වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

      Delete
  5. කොහොමත් තමන් "හරි පොරවල්" කියලා හිතන් ඉන්න උන්ට, තමන් කරන වැරදි පේන්නෑ. මෑතකදි නැසී ගිය ප්‍රසිද්ධ පරිවර්තකයෙකු, එයාගෙ අති සුප්‍රසිද්ධ පරිවර්තන කෘතියක "පිටිවහල්" කියන එකට "පිටුවහල්" කියලා ලියලා තියනවා මම ඊයේ නෝට් කළා..

    මේ එක්කම, විචාරක තුමා, තමන්ගේ පහුගිය ලිපියක, හිටපු ජනාධිපතිට අමතලා තිබුන විදිහත් හොඳ මදි කියලා කියන්නම ඕනා..

    ReplyDelete
    Replies
    1. අපිට වරදින්නට තියන ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා පරිස්සම් වේම තමයි හොඳ.

      බොහොම ස්තුතියි සෙන්නා, විවෘතව අදහස් දැක්වීම ගැන. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, සාමාන්‍ය යුක්ති ධර්මයට සහ මේ රටේ නීතියට පටහැනිව කර ඇති ක්‍රියා කවදා හෝ අධිකරණ ක්‍රියාවලියකින් සාධාරණව සහ යුක්ති සහගතව හෙළිවේවා, කියා මා ප්‍රාර්ථනය කරනවා. එදාට මා ජීවත්ව සිටියොත්, මම හරිද වැරදිද කියා කියන්නම්. ඒ නැතත්, මා මෙහෙම කිව්වා කියා මතක තබාගන්න. එවිට එලෙස යුක්තිය ඉටුවූ විට ඔබට මා සිහිපත්වනු ඇති.

      Delete
  6. "අනේ කාලය වනේ වාසේ" , ට වඩා "අනේ කාලය වනේ වාසය" හොඳ නැතෙයි.

    ReplyDelete
    Replies
    1. නියමයි. නියමෙටම ගැලපෙනවා. බොහොම ස්තුතියි.

      Delete
  7. සූරියප්පෙරුම සහ පනාපුත්‍රයා වැන්නෝද මෙවැන්නන් බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෝ දැන් සූරියප්පෙරුම?
      තාම පාරලිමේන්තුවේ ඉන්නවාද? පක්‍ෂායි කියලද ඡන්දේ දුන්නේ 19 ට?

      Delete
    2. සූරියප්පෙරුම මහතාත්. ජැක්සන් මහතාත් සමග සංවාදයේ යෙදී අපේ අදහස් කියන්න අවස්ථාව ලැබී තිබුනා අතීතයේදී. දැන් ඔවුන් නිහඬ වෙලා. නමුත් නලින් ද සිල්වා මහතා සමග සංවාදයේ යෙදෙන්නට හදන අයටත් ඔහු අපහාස කරනවා. වරක් ස්වාධීන රූපවාහිනියේ සාකඡාවකදී නලින් ද සිල්වා මහතා කාලෝ ෆොන්සේකා මහතාට අපහාස කළා.

      Delete
  8. අපේ විචා මාමාට තාම කව්රුත් බැනලා නැනේ ................. මේ ලිපිය ලිව්වට

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹවත් දෙකක් කියපන්කො.

      Delete
  9. මා මේ ලිපිය කියවා බැලුවා. ඔහු අධිකරණ ඇමති යයි සටහන් කර ඇත්තේ විජයදාස රාජපක්ෂ මහතාට විශේෂයක් කර ජනාධිපති තුමාට අගෞරව කිරීමට නොවන බව පැහැදිලි වේ. එහි අනෙක් සියලුම තැන් වල භාවිතා කර ඇත්තේ විජයදාස රාජපක්ෂ නාමයයි. පහුගිය කාලයේ හිටපු ජනාධිපතිතුමාට සයිබරයේ ඇමතු ආකාරය අපි දුටිමු. එය මේ රටේම වැරද්දක් බව පැහැදිලිය.

    මේ තරුණිය නිදහස් කිරීමෙන් වැරදි පූර්වාදර්ශයක් දී ඇත. හෙට අනිද්දා දිනයක, තමන්ට කුමක් වුවත් කමක් නැති අන්තවාදීන් පිරිසක්(දමිල හෝ වේවා මුස්ලිම් වේවා), බැටරි වලින් ක්‍රියා කරන වර්ගයේ ග්‍රයින්ඩර් රැගෙන ගොස් මුළු කැටපත් පවුර හෝ සීගිරි චිත්‍ර විකෘත්ති කර දැම්මොත්, ගත හැකි පියවර කුමක්ද ?

    ඔහුගේ වාක්‍යයේ වැරැද්ද නිවැරදි කරගත හැකි ආකාරය උඩින් රසික පෙන්වා ඇත. දෙවරක් කියවීමේදී එය කොමා පිලිබඳ ප්‍රශ්නයක් බව මටද වැටහින.

    ReplyDelete
    Replies
    1. මෙන්න වහලෙක් ඇවිත්.

      Delete
    2. කාශ්‍යප රජ්ජුරුවෝත් (කුමාරයා?) පවුරේ කුරුටු ගෑ අයට දඬුවම්කරා නම් පවුර හිස්.

      Delete
    3. ඔව් මම වහලෙක්. හැබැයි ඇනෝ උඹ හිවලෙක්. පුළුවන් නම් නමින් ඇවිත් ඔය ටික කියපන්. එතකොට උඹ වහල් වෙළඳාම කල රටේ ගැත්තෙක් බව හැමෝටම තේරෙයි.

      Delete
    4. @ සු දී කMay 2, 2015 at 8:28 PM

      සෑම පුද්ගලයකුටම පාහේ තම ජීවිත කාලය තුල හොඳ නරක දෙකම අසන්නට සිදුවෙනවා. එය මහින්ද රාජපක්ෂ මහතාද, මෛත්‍රීපාල සිරිසේන මහතාද, විජයදාස රාජපක්ෂ මහතාද යන්න නොවෙයි වැදගත්. මේ වාක්‍යාංශ අතරේ සැඟවුණු අර්ථ දැක්වීම් තිබෙනවා. ඉතා සියුම්ව භාෂාව හැසිරවීමෙන් ව්‍යංගාර්ථ මගින් අපහාස උපහාස කළහැකි වෙනවා. ඒ බව ඔබ හොඳින්ම දන්නා බව මමත් දන්නවා.

      නලින්ද සිල්වා මහතාගේ ලේඛන ශෛලියේ ඇති සූකර ව්‍රතය තමා මා අනුමත නොකරන්නේ.

      ඇත්තටම මේ තරුණිය නිදහස් කිරීම නොකළයුතු දෙයක්. තම පුතා පසුගිය ඊලාම් යුද්ධයේදී හමුදා භටයකු ලෙස, රට දැය වෙනුවෙන් දිවි පිදීම නිසා, වසර ගණනාවක් දුකින් ඉන්න, ගම්බද නූගත් සිංහල මවක්, සීගිරි කැටපත් පවුරේ, 'මගේ පුතා බුදුවේවා' කියා ලිව්වනම්, නිදහස් කරනවාද?

      Delete
    5. මම ඉන්නේ මැද තැනක. ඒ නිසා මට එතුමා ලියන ඒවා කියවන්න බෑ. නමුත් මේ ලිපිය බැලුවේ ඔබගේ පෙන්වාදීමෙන් පසුව. සමහරවිට ඔහු සූක්ෂමව මේ වාක්‍යය යොදා ගත්තා වන්න පුළුවන්.

      Delete
  10. Replies
    1. බොහොම ස්තුතියි අජිත්.

      Delete
  11. එස් එල්May 5, 2015 at 12:04 PM

    විචාරක මහත්මයා -
    පළමුවෙන්ම කිව යුතු වන්නේ ඔබේ බ්ලොගයට ඉස්සල්ලහ ගොඩ වැදුනේ අද බවයි - ඔබ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් බව දැනගත්තේ අදයි - පළමුවෙන්ම කියවීමට ලැබුනේ PTSD ගැන ලිපිය - ඉතාමත් වටිනා ඒ ලිපිය ගැන වෙනම සටහහනක් තැබිය යුුතුයි .
    කෙසේවුනත් මේ නලින් ද සිල්වා ගැන ඔබේ ලිපිය දුටුවේ පසුවයි . නලින් ද සිල්වාගේ හැසිරීම , ඔහු අද දරන දේශපාලන මතවාදය ගැන මගේ විශාල විවේචනයක් තිබෙනවා - එහෙත් නලින් ද සිල්වාගේ ඇකඩමික භූමිකාව ගැන නිවැරදි තක්සේරුවක් ලබා ගැනීම සඳහා කාල වේලාව ඇති විටෙක් , ඔහු 1986 ලියූ “මගේ ලෝකය“ කියවන්න කියල උදක්ම ඉල්ලා සිටිනවා -

    ReplyDelete
    Replies
    1. මේ අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා. ඔබේ විවෘත අදහස් දැක්වීම ඉහලින්ම අගය කරනවා. හැකි සෑම අවස්ථාවකම පැමිණ අදහස් දක්වන මෙන් ඉල්ලනවා. මා විශ්‍රාමික හමුදා නිලධාරියකු යන්න විශේෂයෙන් නොසළකා (හමුදාවට අදාළ කරුණු වලදී හැර) අදහස් දක්වන මෙන් ද ඉලනවා.

      නලින්ද සිල්වා මහතාගේ විවේචනාත්මක අදහස්, ඉතා තාර්කික අදහස්, මා අගය කලේ, මා පාසල් සිසුවකුව සිටි අවධියේ සිටයි. නමුත් එතුමා, ශාස්ත්‍රීය කරුණු සහ තම පෞද්ගලිකදේශපාලන මතවාද, එකිනෙක සමග පටලවාගනීම නම් අනුමත කරන්න බැහැ.

      Delete
  12. ඇත්ත හෝ වේවා බොරු වේවා මටත් නලීන් ද සිල්වා එපා උනේ අර ෆොටෝ එක දැක්ක දවසෙමයි. කාලය මාත් ලියවනවා පුළු පුළුවන් විදියට.. ඒකේ කොමෙන්ට් කරන්න අවකාශයක් තිබුණා නම් මේ වගෙ දේවල් සංවාදයට ගන්න තිබුණා.. ඒත් ඉතින් එයා කවුරුවත් ලියන දෙයක් පිළිගන්න කැමති නැති 'උගතෙක්' නේ.

    ReplyDelete
    Replies
    1. උගතා කියන වචනයේ අර්ථ කථනය මේ මහාචාර්ය වරයා සම්බන්ධයෙන් නම් කණගාටුවෙන් වුනත් වෙනස් කරන්න වෙනවා කල්‍යාණ.

      මෙතුමා බලාපොරොත්තු වන රාජ්‍ය පාලන ක්‍රමයත් මේ වගේ මහජන මතයට ඉඩක් නැති ක්‍රමයක් වෙන්න ඇති.

      Delete
  13. නලීන් ද සිල්වා මහාචාර්යතුමා සමග පෞද්ගලිකව කතා කර ඇත්තෙමි. මෙම අඩවිය ඔහු පෞද්ගලිකව පවත්වාගෙන යන අඩවියක් නොව, චින්තන පර්ෂදය නම් සංවිධානයක් (යෙදිය යුතු නිවැරදි වචනය එයදැයි නොදනිමි) විසින් ඔහුගේ ලිපි එකතු කොට පවත්වාගෙන යන්නකි. විදුසර ආදී පුවත්පත් වලට ඔහු සපයන ඇතැම් ලිපි සංස්කරණය කර පලකිරීමද කරයි.
    ඒ නමුත්, නලීන් ද සිල්වා යනු හොඳ දැනුමක් ඇති (තිබූ) න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකි. දැන් ඒ දැනුමට කුමක් වී ඇත්දැයි නොදන්නා නමුත්, ඔහුගේ ඉක්මන් කෝපය සහ අන් අයෙක් පවසන දෙයක් නොඉවසන ගතිය ඔහුගේ විනාශයට මුල් වී ඇති බව නම් පෙනෙන්නට ඇත.

    ReplyDelete
    Replies
    1. //ඒ නමුත්, නලීන් ද සිල්වා යනු හොඳ දැනුමක් ඇති (තිබූ) න්‍යායාත්මක භෞතික විද්‍යාඥයෙකි. දැන් ඒ දැනුමට කුමක් වී ඇත්දැයි නොදන්නා නමුත්, ඔහුගේ ඉක්මන් කෝපය සහ අන් අයෙක් පවසන දෙයක් නොඉවසන ගතිය ඔහුගේ විනාශයට මුල් වී ඇති බව නම් පෙනෙන්නට ඇත.//

      සම්පූර්ණයෙන් එකඟයි. මා පාසල් සිසුවකුව සිටි අවධියේ මෙතුමාගේ ලිපි කියවීම සාකච්ඡා වලට සවන්දීම කළා. අද මෙතුමා දක්වන්නේ ඒක පාර්ශ්වික සහ දරුණු ජාතිවාදී, ආගම්වාදී, අදහස් වීම ගැන කණගාටු වන අතර ඒවා දැඩි ලෙස හෙළාදකිනවා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }