තවත් දීර්ඝ ලිපි මාලාවක අවසානයි මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ. බොහෝ දෙනා තුළ, හමුදාමය කරුණු ගැන දැනගන්නට මහත් කුතුහලයක් තිබෙන බව, මා බ්ලොග් ලිවීම ආරම්භ කරන්නටත් පෙර, දැන සිටියා. ඔබ වෙනුවෙන් මෙසේ හමුදා තොරතුරු ඉදිරිපත් කරන්නට ලැබීම සතුටක්.
අප මෙතෙක් සාකච්ඡා කල හමුදා පදක්කම් ගැන තවත් තොරතුරු මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා. මේ ලිපි මාලාවේ පසුගිය කොටස් කියවන්නට ඔබට අවස්ථාවක් නොලැබුණා නම්,
කියවන්නට පුළුවන් බව මතක්කරනවා.
මේ ඉහත තිබෙන පින්තූරයේ සිටින්නේ, අද අප අතර නැති, යුද විරුවෙක්. මොහු දෙවැනි ලෝක යුද සමයේදී ලාංකිකයකු වශයෙන් බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී මැදපෙරදිග ප්‍රදේශයේ මහ යුද්ධයේදී සේවය කළ, බලලත් නිලධාරි II පර්සි පෙරේරා. අවුරුදු 92 ක් ආයු වළඳා 2010 වසරේදී අභාවප්‍රාප්ත වුනා. බලන්න ඔහු පැළඳ සිටින්නේ බ්‍රිතාන්‍ය හමුදා පදක්කම්. ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ සොල්දාදුවෙක්. මෙවැනි අය රාශියක් අපට හිටියා. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් පවා ගෙවන්නේ බ්‍රිතාන්‍යයෙන්.
දැන් ඔබට අපේ හමුදාවේ පදක්කම් ගැන සතුටුදායක අවබෝධයක් තිබෙනවා. අද අපි මුලින්ම බලන්නේ වෙනස් විදිහක පදක්කම් වර්ගයක් ගැනයි. සාමාන්‍යයෙන් පදක්කමක් රවුම් හැඩයෙන් තිබෙන බව ඔබ දන්නවා. එහි විෂ්කම්භය සෙන්ටි මීටර් 3.5 ක් පමණ වනවා. නමුත් සෑම පදක්කමක්ම ඊට වඩා කුඩාවට සකසා නිකුත් කරනවා. එහි ප්‍රමාණය සෙන්ටි මීටර් 2.5 ක් පමණ වනවා. ඊට අනුකූලව පීත්ත පටියේ පළල ද අඩුවෙනවා. මොකටද මේ කුඩා පදක්කම්? මේ පදකම් විශේෂයෙන් පළඳින්නේ අධිකාරිලත් නිළධාරීන් ඒ කියන්නේ දෙවැනි ලුතිතන් සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා නිළධාරීන්. සෙසු නිළයන් අතරින්, මෙවැනි කුඩා ප්‍රමාණයේ පදක්කම් පළඳින්නට අවසර තිබෙන්නේ බලලත් නිළධාරි I තනතුරේ අයෙකුට පමණයි. මේ පදක්කම් වර්ගය හඳුන්වන්නේ Miniature Medals යනුවෙන්.
කුමන අවස්ථා වලදීද මේ පදක්කම් පළඳින්නේ?
නිළධාරී නිවස්නයක පැවැත්වෙන සාම්ප්‍රදායික හමුදා සාද (විසිර යාමේ පෙළපාලියකට අදාලව පැවැත්වෙන රාත්‍රී සාද, රෙජිමේන්තු/බලඇණි සංවත්සරයක් වෙනුවෙන් පැවැත්වෙන සාද වැනි) වලදී අඳින අංක 3 නිළ ඇඳුමෙහි තමයි මේ කුඩා පදක්කම් පළඳින්නේ. මේ බලන්න, ශ්‍රී ලංකා යුද හමුදා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් මේජර් වරයකු, තම නිළ ඇඳුමේ මෙම කුඩා පදක්කම් පැළඳ සිටින ආකාරය.
යුද හමුදාවෙන් විශ්‍රාම ගත් නිලධාරීන්ටත්, ජ්යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ටත් (සැරයන් සිට බලලත් නිලධාරි I දක්වා) එවැනි සාදයකට ඇරයුම් ලැබුණොත්, මෙම කුඩා පදක්කම්,, තමන් අඳින යුරෝපීය ඇඳුමේ කෝට් එකෙහි පළඳින්නට පුළුවන්. එමෙන්ම විශ්‍රාමික නිලධාරියකුට පුළුවන්, යුද හමුදා අවමංගල්‍ය උත්සවයකට සහභාගි වන අවස්ථාවකදීද, මෙම පදක්කම් පළඳින්නට.
තමන්ට තිබෙන පදක්කම්, හිතෙන හිතෙන විදිහට, ඕනෑම නිල ඇඳුමක පළඳින්නට බැහැ. ඒ සඳහා අදාළ හමුදා නියෝග තිබෙනවා. සාමාන්‍යයෙන්, යුද හමුදාවේ, පහත දැක්වෙන නිළ ඇඳුම් වල පමණයි, පදක්කම් පළඳින්නට අවසර තිබෙන්නේ;
අංක 1 නිළ ඇඳුම;
අංක 2 නිළ ඇඳුම;
අංක 3 නිළ ඇඳුම;
අංක 4 නිළ ඇඳුම;
යන නිළ ඇඳුම්වල පමණයි. කාන්තා සෙබළියන්ට/නිළධාරිනියන්ට කියා වෙනසක් නැහැ.
මා දන්නවා දැන් ඔබට විශාල ගැටළුවක් තිබෙනවා ඒ ඒ අංකයට අදාළ නිළ ඇඳුම යනු කුමක්ද? හමුදාවේ එවැනි නිළ ඇඳුම් වර්ග කීයක් තිබේද? කියා. ඒ සියල්ල විස්තර කෙරෙන ලිපියක් වෙනමම ලියන්නම්.
පදක්කම් පළඳින්නට දෙන්නේ, මේ නිළ ඇඳුම් හතරේ විතරක් නම්, මොකක්ද පදක්කම් වලින් ඇති වැඩේ? අනික් වෙලාවට කවුරුවත් දන්නේ නැහැනේ, ඒ ඒ හමුදා පුද්ගලයාට තිබෙන පදක්කම් මොනවද කියලා?
පදක්කම් කියන්නේ යම්කිසි ගෞරවාන්විත පළඳනාවක්. ඒවා ඔය හැම වෙලාවේම එල්ලගෙන ඉන්න නෙවෙයි තියෙන්නේ විශේෂ අවස්ථා වලදී පමණක් පළඳින්න. අනික් එක හොඳින් බලන්න මේ අංක 1 සිට 4 දක්වා නිළ ඇඳුම් දෙස. ඒවා සාමාන්‍යයෙන් යුද්ධයට අඳින නිල ඇඳුම් නොවෙන බව පේනවා නේද? ඒවා විශේෂ උත්සව අවස්ථා වලදී පමණක් අඳින නිළ ඇඳුම්.
අනෙකුත් නිළ ඇඳුම් වලදී, ඒ කියන්නේ අංක 5, 6, 6A, 7, යන නිළ ඇඳුම් වලදී, මෙම පදක්කම් නියෝජනය කරන්නේ වර්ණ පටි විශේෂයකින්. සාමාන්‍ය හමුදා ව්‍යවහාරයේදී ඒවා හඳුන්වන්නේ, Service Ribbons හෙවත් Service Bar යනුවෙන්. මේ වර්ණ පටියක් කියන්නේ පදක්කම සමග ලැබෙන පීත්ත පටියෙන්ම කපාගත් අඟල් 1 .25 ක පමණ කෑල්ලක්. එය පිත්තල තහඩුවක, තදින් ඇදී සිටින සේ ගම වර්ගයකින් හෝ මැහුම් යෙදීමෙන් රඳවනවා. මේ බලන්න, මෙන්න මේකට තමයි සර්විස් බාර් එක කියන්නේ.
අපි බලමු, පදක්කම් පළඳින්නේ කොහොමද කියලා.
දැන් ඔබට වැටහෙනවා ඇති පදක්කම් සහ සර්විස් බාර් එක අතර වෙනස.
පදක්කම් සම්බන්ධ තවත් නීති රීති තිබෙනවා. ඒ තමයි ආරක්ෂක අමාත්‍යාංශය මගින් මේ සෑම පදක්කමකටම, ජ්‍යොෂ්ඨත්වයක් ලබාදී තිබීම. ඒ අනුව, ත්‍රිවිධ හමුදාවේ කිසිම කෙනෙකුට බැහැ, තමන්ට හිතෙන හිතෙන විදිහට පදක්කම් පළඳින්න. සර්විස් බාර් එකේ රිබන් කෑලි හයිකරගන්න. අර ජ්‍යොෂ්ඨත්වය අනුව තමයි, පැළඳිය යුත්තේ.
ඒ අනුව ජ්‍යොෂ්ඨත්වයෙන් වැඩිම පදක්කම, තම නිළ ඇඳුමේ පපුව මැද්දට වන්නට පැළඳිය යුතුයි. කණිෂ්ඨතම පදක්කම තමා පපුවේ වම්පස කෙළවරට වන්නට පැළඳිය යුත්තේ. තමන්ට ලැබී තිබෙන පදක්කම් ප්‍රමාණය අනුව, හමුදා නියෝගයේ දක්වා ඇති ආකාරයට, තම පදක්කම් සකසාගත යුතුයි.
එතකොට සර්විස් බාර් එක? ඒකත් එහෙමම තමයි. නමුත් ඔබට පෙනෙනවා ඇති, පදක්කම් පැළඳීමේදී, එක පෙළකට සිටින සේ පළඳින බවත්, සර්විස් බාර් එක පැළඳීමේදී එහි පේළි කීපයක් ඇති බවත්. මොකද ඒ? එතකොට කොතනද ජ්‍යොෂ්ඨතම සහ කණිෂ්ඨතම බාර් කොටස පළඳින්නේ?
ඒක කරන්නේ මෙහෙමයි. සර්විස් බාර් එක සැකසියයුතු ක්‍රමයත්, හමුදා නියෝගවල තියනවා. සර්විස් බාර් එකේ එක පෙළට පළඳින්න පුළුවන් රිබන් කෑලි හතරයි. ඊට වැඩි වෙනකොට, පළමුවැනි පෙළට ඉහළින් දෙවැනි පෙළක් යෙදිය යුතුයි. ඒ ආකාරයට පේළි ගණන වැඩිවෙනවා, අලුතෙන් තවත් පදක්කම් ලැබෙනවිට. ජ්‍යොෂ්ඨතම පදක්කමට අයත් රිබන් කෑල්ල තිබෙන්නේ, ඉහළම පේළියේ, පපුව මැදට වන්නට, කණිෂ්ඨතම පදක්කමට අයත් රිබන් කෑල්ල තිබෙන්නේ පහළම පේළියේ පපුවේ වම් පැත්තට වන්නට.
තවත් නීති තිබෙනවා. අපි හිතමු, කෙනෙකුට පදක්කම් පහක් තියනවා කියා. ඒ අනුව සර්විස් බාර් එක සකස් කලයුත්තේ, නීතියේ හැටියට, එක පෙළක රිබන් කෑලි හතරක් සහ, පස්වැනි රිබන් කෑල්ල ඊට ඉහළින් පේලියේ නෙවෙයි. එහෙම ගැහුවම කැතයි. ඒ නිසා, පහළ පේළියේ කෑලි තුනක් සහ ඉහළ පේළියේ කෑලි දෙකක් ගහනවා. මේ විදිහට රිබන් කෑලි ගැසීම සඳහා නියමිත ක්‍රමය පහළින් දක්වනවා.
රිබන් කෑලි 4,8,12,16, යන අවස්ථා වලදී එන්නේ කෑලි හතරේ පේළි බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. රිබන් 10 ක් තියනවා නම්, හතරේ පේළි දෙකයි, දෙකේ පේළි එකයි.
යුද හමුදාව සහ ගුවන් හමුදාව මේ ආකාරයට සර්විස් බාර් එක ඇන්දත් නාවික හමුදාව අඳින්නේ වෙනස් ආකාරයකටයි. ඒ ලොව පුරා නාවික හමුදා සම්ප්‍රදායයි. එහිදී කරන්නේ දිගින් අඩු පේළිය පහළම පේළිය සේ සලකා ඇඳීමයි. නමුත් රිබන් වල ජ්‍යොෂ්ඨත්වය වෙනස් වන්නේ නැහැ. මේ බලන්න.
හොඳයි, ඔබ මෙතෙක් වෙලා නොසිතුව ප්‍රශනයක් අහන්නම්. හමුදා සේවයේ යෙදී ඉන්න කෙනෙකු, කරන ලද වීරක්‍රියාවක් හේතුවෙන්, ඔහුට වීර පදක්කමක්, උදාහරණයක් වශයෙන් රණශූර පදක්කම, ලැබෙනවා. කලකට පසු ඔහු නැවතත් එවැනිම වීරක්‍රියාවක් කරනවා. නැවතත් ඔහුට රණශූර පදක්කම ලැබෙනවා. දැන් මොකද කරන්නේ? එකම පදක්කම් දෙවරක් ලැබුන නිසා, පදක්කම් දෙකක් සහ රිබන් කෑලි දෙකක් පළඳිනවද?
නැහැ නැහැ. එහෙම ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට වෙනත් සංකේතයක් තමා පළඳින්නේ. එය හඳුන්වන්නේ සන්දාරය - Clasp නමින්. මේ බලන්න, ඒ සන්දාරය කියන ලෝහමය ක්ලිප් එකක් වැනි කොටස, පදක්කමේ රිබන් එකට සවිකර පළඳිනවා.
පැළඳ සිටින සන්දාර ගණන අනුව කියන්න පුළුවන්, ඒ පුද්ගලයාට ඒ ඒ පදක්කම, කී වරක් ප්‍රදානය කර තිබෙනවාද කියා. පදක්කම් සමග මෙවැනි සන්දාරයක් පළඳින නමුත්, සර්විස් බාර් එකේ පළඳින්නේ, කුඩා තරුවක් හෝ බොත්තමක් වශයෙන් සකසා ඇති සන්දාරයක්. මේ බලන්න.
ඉතින්, හමුදා තොරතුරු ඉදිරිපත් කරන තවත් ලිපි මාලාවක අවසානයට අපි මෙසේ ළඟාවෙනවා. මා හිතනවා මෙයින් ඔබේ දැනුම දියුණු වන්නට යමක් එකතුවන්නට ඇතැයි කියා. හමුදා තොරතුරු ඇතුලත් තවත් ලිපි රාශියක් සැකසෙමින් පවතිනවා. ඔය අතරේ බල්ලෝ බිරුවත්, තවලම ඉදිරියටම යනවා. තවත් ලිපියකින් ළඟදීම හමුවෙමු.
2015 ජූලි මස 2 වැනි දින 1114 පැය
අද තමයි සියළුම ලිපි කියවල ඉවර කලේ. වටිනා විස්තර ටිකක් විචාරක. ප්‍රශ්න නෑ පාඩම හොදින් තේරුනා.
ReplyDeleteබොහොම ස්තුතියි. ඔබේ දැනුම දියුණුවීම මට සතුටක්.
Deleteකමෙන්ට් එක දෙපාරක් වැටිලා තිබුනා. එකක් ඉවත් කළා.
නිළ ඇඳුම් 2 හා 3 මාරු වෙලාද මංදා..
ReplyDeleteනාහ ඉතින් කොහොමත් ස්පෙෂල් නිසා පදක්කම් උනත් උඩු යටිකුරු කරල තමයි අඳින්නේ.. ඔය යුද ගුවන් හමුදා වගේ නෙවෙයි.. හැක්.. (මෙන්න දුවනෝ..)
නිළ ඇඳුම් අංක යුද හමුදාවේ සමහර රෙජිමේන්තු අතරත් පොඩි පොඩි වෙනස්කම් තියනවා. නාවික හමුදාවේ අංක 1 තනි සුදු ඇඳුම නේද?
Deleteනාහ ආවොත් වෙඩි තියපන් කිව්වලු. අහලා ඇතිනේද කතාව?
නාහ කීවොත් ඉතිං අහල පහල තියෙන ගල් කැටත සුදුයි නෙව. තනි සුදට තියෙන්නෙ 5
Deleteඑක තමයි ඔය උත්සව වල එහෙම ඇදං ඉන්නෙ ඔව් ඔව් අර සුකුරුත්තං ඇදුම
හිහි
නිළධාරීන් සඳහා අංක 1 නිළ ඇඳුමට කඩුව අනිවාර්‍යය නැද්ද? (දාල තියෙන උදාහරණය නිසා ඇහුවේ.) අපේ (නාහ නම්) 1 සහ 2 වෙනස් වෙන්නේ කඩුව සහ කඩු කොපුව ඇඳීමෙන්. අංක තුන සාමාන්‍යයෙන් මෙස් ඩ්‍රෙස් එක නේද? නැවතත් ඔබ දාල තියෙන උදාහරණේ මට පේන්නේ මෙස් ඩ්‍රෙස් එක අංක දෙක විදියට දාලා ඇති වගකුයි. ඊට උඩින් මිනියේචර් මෙඩල් ගැන උදාහරණේදී මට හිතෙන විදියට නිවැරදිව අංක තුන නිළ ඇඳුම පෙන්නලා තියෙනවා. සමාවෙන්න යුධ හමුදාවේ ඩ්‍රෙස් කෝඩ් ගැන මා දන්නේ නෑ. ඇතිවූ කුකුස නිසයි නැවතත් ප්‍රශ්ණ කරේ.
Delete@ කල්‍යාණ මිත්‍රJuly 2, 2015 at 12:36 PM
Deleteඅඩේයි...!
මයිය.. උඹට ලයින්ස් ටිකක් ලියන්න නොදී බෑ වගේ ඩ්‍රෙස් කෝඩ් එක ගැන.. හැක්.
Deleteඅංක 5 කියන්නේ සාමකාමී අවස්ථාවල රාජකාරී ඇඳුම.. ඒක සුදු පාටයි තමයි හැබැයි උත්සව වලට අඳින්න බෑ. උත්සව වලට අංක 1 හෝ 2 ඇඳිය යුතුයි. 1 හා 2 වෙනස් වෙන්නේ කඩුව ගෙනියනවද නැද්ද කියනෙක අනුව. අංක 3 කියන්නේ මෙස් ඩ්‍රෙස් එක. විශේෂ රාත්‍රී භෝජන අවස්ථාවල නිළධාරී නිවස්නයේදී අඳින්නේ. අංක 4 රෙඩ් සී රිග් එක (red sea rig). සාමාන්‍ය දිනවලදී ඉර බැස්සට පස්සේ අඳින්න තියෙන්නේ. අංක 6 ඇක්ශන් වර්කින් ඩ්‍රෙස් (AWD) නැත්නම් ක්‍රියාන්විත රාජකාරියේදි අඳින ඇඳුම.. නිල් පාට දන්නවානේ ඒක. මේ වගේ ඇඳුම් 11ක් ලැයිස්තුගත කරල තියෙනවා. 11 වෙනි එක තමයි කැමෆ්ලාජ් කිට් එක. මේ පැහැදිලි කිරීම කිරීමට අවස්ථාව දුන්නට විචාරක තුමාට ස්තූතියි.
ජෙමාගේ හතරවරංJuly 2, 2015 at 2:51 PM
Deleteකැප්ටන් ජෙමා.. මොකෝ මචං අවුලක් ද?
@ කල්‍යාණ.
Deleteඋත්තරේ ඔයාගේ කමෙන්ට්ස් වලම තියනවා. 1,2,3, පිළිවෙල යුද හමුදා රෙජිමේන්තුවලට පොදු එකක් තමයි තියෙන්නේ. මම පෙන්නලා තියන පින්තූරවල අංක 1 ඉන්න කැප්ටන් පින්තූරයට පමණක් ඉන්න මේ ඇඳුම අන්දවලා තියෙන්නේ. ඇත්තටම ඔහු ceremonial sward එක පැළඳ සිටිය යුතුයි. අංක 2 සහ 3 මෙස් ඩ්‍රෙස් සහ සර්විස් ඩ්‍රෙස් SD අතර පටලවීමක් වගේ පෙනෙන්නේ SD අඳින්න පුළුවන් කර්නල් සහ ඊට ඉහල නිලයේ අයට පමණයි.
යුද හමුදාවේ ඇඳුම් වර්ග තියෙන්නේ 8 යි.
@ කල්‍යාණ මිත්‍රJuly 2, 2015 at 3:06 PM
Deleteකෝලන් පී - දිව දොට්ට
හිතනවට වඩා ලොකු විස්තරයක් තිබුනනෙ. ඒ ඒ පදක්කම් වලට නිර්දේශ වෙන හැටි එහෙම හොයන්න ගියොත් පොත් ගණන් කියවන්න වෙයි.
ReplyDeleteසාමාන්‍ය ජීවිතයට හමුදා දැනුමෙන් ගන්න පුළුවන් දේවල් ගැන (උද ; කලින් ලියපු සපත්තු පොලිශ් කිරිල්ල, ඇඳුම් මැදිල්ල වගේ ) ලිපියක් ලියමුද?
ඔව් මේ පදක්කම් කතාව හරියට සවිස්තරව ලියන්න ගියානම් ලිපි පහක්වත් ලියන්න වෙනවා. ඒ නිසා කෙටි කළා.
Deleteහමුදා දැනුමෙන් සාමාන්‍ය ජීවිතයට යමක් ගන්න පුළුවන් ලිපියක් ලියන්න මාතෘකාවක් හොයමින් ඉන්නේ.
ඇදුං ගැනත් ලියනව නං ඔය කමියටත් කීව නං නේවි සූට් බූට් ගැන ලියන්ට කියල හරි.
ReplyDeleteමොකද ඕකෙ තියන ඇදුංඔය මෑන් දන්නෙ ත් නෑ ඔව් ඉදගෙන
මටත් දැං නං මතක නැද්ද මංද
ඔයයකා මාර කම්මැලියා. මම කිව්වා අඩුගාණේ නැව් ගැනවත් ලියන්න කියලා. කොහෙද මේකා නැව් වලට නො ලව්.
Deleteඔන්න ඔහේ මතක තියන දෙයක් ලියමුකො බලන්ඩ. අඩුපාඩු පස්සේ හදාගමු.
කියන්න නම් දෙයක් නෑ සර්... සුපර්බ්...!!
ReplyDeleteDress Regulations ගැනත් ලියමු සර්...
Dress Regulation ගැන ලියන්න ආසයි නමුත් ඒක හොයාගන්න නැහැ. පුලුවන්නම් පොතේ වැදගත් කොටස් ස්කෑන් කරලා ඊ මේල් කරන්න.
Deleteමේ වගේ විස්තාරාත්මක ලිපියක් ලියන්න ඔබට හැකියාවට මගේ ආචාරය..
ReplyDeleteමේ ලිපි පෙලම එල ද බ්‍රා..
විචා ඇත්තටම උඔ වැඩ්ඩෙක්
බොහොම ස්තුතියි මෙන්ඩා.
Deleteඑළ ද බ්‍රා විස්තරයට මෙන්න මගෙත් ආචාරය! එළම එළද බ්‍රා!
ReplyDeleteවද දෙනවා කියලා හිතන්න එපා... වන්නි මෙහෙයුම, ජය සිකුරු මෙහෙයුම ආදී මෙහෙයුම් අනුව වගේම තුවාල ලැබීම් අනුවත් මේ පටි වල විශේෂත්වයක් තියෙනවා නේද? (ඕං වෙඩි තියංට ඔට්ටු නෑ ඕං.........)
පොඩි කාලෙ කියෙව්වා මතකයි මැදි පෙරදිග යුද්ධයේ රියදුරෙකු ලෙස ගිය හමුදා සෙබලෙකුගෙ අත්දැකීම් ලියවුණු පොතක්. ඒකේ ඔහු කාන්තාරය මැදින් දවස් ගණන් ගියහැටි, බියර් (හෝ එවැනි බීමක්) බොන්නට ඕනෑ වූ විට බෝතලයක් බී තව කීපයක් මිටියකින් ගසා කඩා දමා ට්‍රාන්ස්පෝට් ඩැමේජ් එකක් විදිහට පෙන්නපු හැටි හරි අපූරුවට විස්තර කරලා තිබුණා. ඒක තමා හිතට වැදුනෙම අපිත් කන බොන උදවිය නිසා.
Deleteඒ වුණාට විචාරකතුමා, කරුමෙට ඒ කතාවවත් කතුවරයාවත් දැන් මතක නෑ... ඔබට මතකද?
ස්තුතියි මධු,
Deleteනැහැ නැහැ එක් එක් ක්‍රියාන්විතය අනුව යම් යම් පදක්කම් තියනවා, වඩමාරච්චි, ජයසිකුරු, වගේ. නමුත් තුවාල ලැබීමට අදාලව ලැබෙන්නේ දේශපුත්‍ර සම්මානය පමණයි.
ඔයා කියලා තියන කතාව මමත් කියවලා තියනවා. මට මතක හැටියට ඒක පලවෙලා තිබුනේ පැරණි 'රසවාහිනී' සඟරාවක. ඇත්තටම එවැනි කතා එකතුවක් හමුදාවට අදාළ කිසිම අඩවියක නොතිබීම ලොකු අඩුවක්. මගේ බාප්පා ඒ වගේ සොල්දාදුවෙක්. අද ජීවතුන් අතර නැහැ. ඔහු එවැනි කතා කියනවා අපි පුංචි කාලේ. දැන් මතකයේ නැහැ.
මම මේ බ්ලොග් අඩවියට මුලින්ම පැමිණියේ සතියකට පමණ පෙරයි. මේ සතියෙම පුළුවන් හැම වෙලේම කලේ ඔබතුමාගේ ලිපි කියවීම තමයි.
ReplyDeleteමගේ වැඩිමහලු සහෝදරයාත සේවය කලේ හමුදාවේ. 1996 වසරේ මුල් භාගයේදී ක්‍රියාන්විතයක් අතරතුරේදී ඔහුගේ කකුලකට ත්‍රස්වාදීන්ගේ වෙඩි වැදීම නිසා ප්‍රතිකාර ලබා සුව වෙනකං නිවසේ සිටියේ. තුවාල සුව වීමෙන් පසු ඔහු සිටියේ මුලතිව් හමුදා කදවුරේ. එම හමුදා කදවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඔහු අතුරුදහන් උනා. අම්මා නං මිය යනකංම හිතුවේ (2011 දී ඇය මිය ගියේ) අයියා පන පිටින් ඇති කියලා. 2009 වෙනකන් ඇය හිතුවේ ත්‍රස්තයන් භාරයේ අයියා ඉන්නවා කියලා. ඊට පස්සේ ඇය හිතුවේ තමිල්නාඩුවට වත් අයියලා අරං ගිහින් වෙන්න ඇති කියලා.
දැන් නං අපි මුලතිව් කදවුර බිඳ වැටුණු මේ ජුලි මාසයේ දානයක් දෙනවා අයියා ඇතුළු මුලතිව් කදවුරේ සේවය කොට රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට සෙත් පතා.
-යසිරු බණ්ඩාර
ඔබව ඉතා සාදරයෙන් මේ අඩවියට පිලිගන්නවා. මට ඔබතුමා කියන්න අවශ්‍ය නැහැ. විචාරක කිව්වම ඇති.
Deleteඔබේ අහෝදරයාට අත්වූ කණගාටුදායක ඉරණම ගැන මමත් ඔබ සමග සංවේගයට පත්වෙනවා. මගේ පැරණි ලිපිවල එවැනි සිදුවීම් මා ලියා තිබෙනවා.
මෙන්න මේ ලිපි පෙළ කියවා බලන්න
යුද්ධයේදී අතුරුදන් වූ සෙබළුන් බොහෝ දෙනෙකුගේ පවුල්වල අය හිතා හිටියේ කොහේ හරි ඔවුන් ජීවත්ව ඉන්නවා කියලයි. එහෙම හිතීම වරදක් නෙවෙයි. ඔබේ මවත් ඒ විදිහට හිතුවේ දරු සෙනෙහස නිසයි.
ඇත්තටම අද අපිට ඉතිරිවී තිබෙන්නේ ඔවුන්ගේ ආත්මයට සුවය පතා පින් දහම් කිරීමත්, නැවත එවැනි භීෂණ යුගයක් නොඑන්නට රටේ සාමය පවත්වාගැනීමත් පමණයි.
සර්...
Deleteමේ කමෙන්ට් එක දැක්කම මටත් යමක් කියන්න ඕනි කියලා හිතුනා මම ගැන. මගේ අප්පච්චිත් ආර්මි එකේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් (Lt.Col -VIR - සමහර විට සර් අපේ අප්පච්චි දන්නවාත් ඇති.)
අප්පච්චි නැතිවෙනකොට මම උ/පෙ කරනවා. අප්පච්චිගේ නැති උනාම මාව ගොඩක් වැටුනා...මානසිකව. ඉස්කෝලේ ගියේ නෑ මාසක් විතර, ඒත් මම කොහොම හරි හිත හදාගෙන උ.පෙ ලීවා. ඒ 2 බී 2. ගණිත අංශයෙන්... උපාධියෙන් පස්සේ මමත් අප්පච්චිගේ අඩිපාරේ යනවා. නිල ඇදුම ඇදලා කණ්නාඩිය ඉස්සරාට ගියාම මට අප්පච්චි මැවිලා පේන අවස්ථා එමටයි.
මම අප්පච්චි ගැන හරිම ආඩම්බරයි සර්... එයා දෙවියෙක්. මේ රට රකින්න තමයි එයා ජීවිතේ පූජා කලේ.
මම කවදාහරි අප්පච්චිගේ තැනට යනවා. මම ආර්මි එකට ආවේ ඩිරෙක්ට් කැප්ටන් (ඩීඊ). මම කොහොම හරි අප්පච්චි මට කරන්න ඉතිරි කරලා ගිය සේවය මම අප්පච්චි වෙනුවෙන් ඉටු කරනවා.
මම දන්නවා සර්... මගේ පිටිපස්සේ හැමදාම අප්පච්චිගේ ආශිර්වාදේ තියනවා.
මම නිල ඇදුම් ඇදලා ඉන්නවා දකින වාරයක් වාරයක් පාසා අම්මි කියන්නේ අප්පච්චි කොල්ලා කාලෙත් යුනි: එක ඇදලා ඉන්නකොටත් මම වගේලු....
හැගීම්බර වැඩි උනාද මංදා. ඇසුත් තෙත් උනා...
පියාගේ අඩිපාරේ යන්න, උසස් නිළධාරියකු වනවාට වඩා, 'හොඳ නිළධාරියකු' වන්නට, මගෙන් සුබපැතුම්.
Deleteඡෙමා අපිත් හැගිම්බර වුනා කමෙන්ට් එක කියවලා
Deleteමං මගේ පදක්කම් ටික කාටවත් පේන්නේ නැතුව තියාගෙන ඉන්නේ .. ඕ... යේස්
ReplyDeleteපදක්කම් ද පඩික්කම් ද
Deleteහංගගෙනම හිටපන් ඉවාන්
Deleteහැකි සෑම විටම අළුත් දෙයක් කියලා දෙනවට ස්තුතියි ඔබට. නිළ ඇඳුම් ගැනත් ලිපි පෙලක් ඉදිරියේදි කියවන්න ලැබේවිද?
ReplyDeleteඇගයීම ගැන ස්තුතියි.
Deleteනිළ ඇඳුම් ගැන ලියන්න අවශ්‍ය සියලු තොරතුරු දැනට මා සතුව නැහැ. නමුත් තොරතුරු සොයාගන්නට විශාල උත්සාහයක් දරනවා. කීපයක් ගැනවත් ලියන්නම්.
මේ ලිපි පෙළ ගොඩක් වටිනවා. ඇත්තට මේවා ගැන දැන ගන්න ආසාවක් තිබ්බත් දැන ගන්න විදිහක් තිබ්බෙ නෑ. සාමාන්‍ය ජනතාව මේ සම්බන්ධව දැනුවත් කරලා ලොකු සේවයක් කරන්නෙ ඔබතුමා(ඔබතුමා කියනවට කැමති නෑ කියල දන්නවා :D ඒත් මෙතෙන්ට ඒක නොදා බෑ වගේ ). ඉදිරියේ දාන්න ඉන්න ලිපිත් කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා.
ReplyDeleteජය වේවා!!!
බොහොම ස්තුතියි. මේ දැනුම මාත් එක්ක මැරිලා යන්න නොදී කොතැනක හෝ සටහන් කිරීම හොඳයි කියලා හිතුන නිසයි බ්ලොග් ලිවීම පටන්ගත්තේ.
Deleteඉදිරියටත් මෙවැනි ලිපි එනවා.
ඔය පදක්කම් ටික නැතිකරගත්තොත් කිසි දඩුවමක් නැතිව නැවත ලබාදෙනවාද?
ReplyDeleteඔබට ඉතාම ස්තුතියි මෙවැනි වැදගත් ප්‍රශ්නයක් ඇසීම ගැන. පදක්කමක්/පදක්කම් නැති කරගත්තොත්, තමන්ගේ නොසැළකිල්ලෙන්, එහි වටිනාකමට වඩා වැඩි මුදලකට හර වවුචරයක් debt voucher = DV මගින්, තම වැටුපෙන් මුදල් අය්කරගැනීමේ කැමැත්ත ලබාදී, නැවත එම පදක්කම් ලබාගන්න පුළුවන්.
Deleteතමන්ට වළක්වාගත නොහැකි හේතුවක් නිසා නම්, ඒ පිළිබඳව පැවැත්වෙන පරීක්ෂනයකදී කරුණු සනාථ වුනොත් නැවත නොමිලේ යුද හමුදාවෙන් ලබාගන්න පුළුවන්.
අැත්තට ම වටිනා ලිපියක් විචාරකතුමෝ..................... හරිම වටිනවා... නොදන්නා බොහොමයක් දේවල් දැනගත්තා...... හමුදා සේවයට අලුතෙන් ඒකතු වෙන අලුත් සෙබලුන්ටනම් ඉතා වටිනා ලිපි පෙළක්.... මේ තරම් ප්‍රායෝගික දේවල් පුහුණුවේදී මේ විදිහට කියලා දෙන්නෑනේ..... මේවා ඉගෙන ගන්න වෙන්නෙම පාස් අවුට් වෙලා ගියාට පස්සේ වැරදිලා බැනුම් අහලා පනිෂ්මන්ට් ඒහෙම කාලා තමයි..... ඉතින් මේක ඉතා වටිනා ලිපි පෙළක් ....
ReplyDeleteබොහොම ස්තුතියි. මෙය සෙබළුන්ට වගේම හමුදා නිලයන් දිහා කුතුහලයෙන් බලන අයගේ දැනුම දියුණු වන්නටත් හෙතුවෙතයි හිතනවා. එමෙන්ම සේවයේ යෙදී ඉන්න අයටත් සමහර ගැටළු නිරාකරණය කරගන්න හේතුවෙනවා.
Deleteඅංක තුනේ අර කොස්සක් වගෙ එකක් තියෙන්නෙ අතුගාන්නද
ReplyDeleteහික්ස්. ඔය කියන්නෙ අර ඉනේ පැත්තෙන් එල්ලෙන කොටස නේද? ඔය ඇඳුම උත්සව වලට අඳින සැරසිලි සහිත ඇඳුමක් නිසා ඕක යම් සැරසිලි කොටසක් කියලයි මම හිතන්නෙ. පොලිස්පතිගෙ ඇඳුමෙත් ඔහොම කොටසක් තියෙනව. ඇත්තටම විචාරකතුමෝ මේගැන විස්තර පැහැදිලි කරල දෙන්න.
Delete@ AnonymousJuly 3, 2015 at 1:04 PM
Deleteටිකක් ඇස් ඇරලා මොලය පාවිච්චි කරලා බැලුවොත් පෙනෙයි ඒක කොස්සක් නෙවෙයි කියලා. මොළේ අමාරුවක් නැත්නම් අවබෝධ වෙයි එය නිළ ඇඳුමේම කොටසක් කියලා.
@ AnonymousJuly 3, 2015 at 2:48 PM
මේ කොටස හඳුන්වන්නේ සෑෂ් sash යනුවෙන්. කර්නල් සහ ඊට ඉහල නිලයේ අය තමයි මේ බඳ පටිය පළඳින්නේ.
ඔබතුමා තලවාකැලේ නෙලුම් යාය උත්සවයට එන්න. එහිදී අප ඔබතුමාව සැල්වෙසෝන් ආමි එකේ උත්තම ආචාර පෙළපාලියක් තියලා පිළිගන්නම් . අපිට රෙඩ් කාපර්ට් නැ මාගල් දාලා තමයි කරන්න වෙන්නේ . හැබැයි ඔය මුලක් ගායට හරියන පෙති/කරල් අරගෙන එන්න . කියන්න අවශ්‍යනම් ත්‍රි වීල් ඇම්බියන්ස්එකක් ලෑස්ති කරන්නම් .අපි හමුවෙමු තලාවකැලේ
Deleteපළමුවනුව මම හමුදා නිලධාරියෙක්මි. හමුදා විනය ඇති කෙනෙක්, තමනට තරම් නොවන අය සමග ආශ්‍රය කරන්නේ නැත.
Deleteදෙවනුව මම අභිමානවත් සිංහ රෙජිමේන්තු සාමාජිකයෙක්මි. සිංහයෝ බල්ලන් සමග බුදියනේ නැත.
විචාරකතුමා,
ReplyDeleteබොහොම අගෙයි. ඉතාම හොඳ විස්තර අඩංගු වටිනා ලිපියක්. ඇත්තටම අර සර්විස් බාර්/ රිබන් ගැන හරියටම දැනගත්තෙ ඔබේ මේ ලිපියෙන්. මේ වගේම හමුදාවේ ඇති නිල ඇඳුම් වර්ග අට පිළිබඳවත් විස්තර කරන්න පුලුවන්නම් ඉතාම වටිනවා.
මම දන්න විදිහට කැමා කිට් එක ගහන්නෙ යුදබිමේ ක්‍රියාන්විතවලදි පමණයි නේද? කැමා කිට් එකේදි මෙඩල් / සර්විස් බාර් තබා තනතුර වත් පෙන්වන්නෙ නැහැ නේද? විස්තරාත්මක ලිපියක් ලියන්නේ නම් ඔබට බෙහෙවින් කෘතඥ වෙමි.
බොහොම ස්තුතියි ඇගයීම ගැන. තුමා කෑල්ල කපලා නිකම්ම විචාරක කිව්වම ඇති.
Deleteනිළ ඇඳුම් වර්ග ගැන ඉක්මනින් ලියන්නම්, ඒ සඳහා අවශ්‍ය තොරතුරු තවම සම්පූර්ණයෙන් ලැබී නැහැ.
සාමාන්‍යයෙන් කඳවුරක් තුළ සේවයේ යෙදී සිටින විට සහ යුද්ධය නැති ප්‍රදේශවල ලබාදී ඇති අවසරය අනුව, සංග්‍රාමික නිළ ඇඳුමේ සර්විස් බාර් එක, නේම් ටැග් එක, සහ නිළය දැක්වෙන ලාංඡන, රෙජිමේන්තු ලාංඡන, පාඨමාලා ලාංඡන ගහනවා. යුද පිටියට යනකොට ඒ සියල්ල ඉවත් කරනවා.
මේ ලිපි 04 ලියන්න වැයකල කාලය, ගත් මහන්සිය සියල්ලක් වෙනුවෙන්ම ස්තූතියි. එක්සත් ජනපදය වගේ රටවල සන්නද්ධ සේවාවල සංස්කෘතීන් ගැන ලොකු සාහිත්‍යයක් තිබෙනවා. ඒත් ලංකාවේ හමුදාවන් ගැන මේ වගේ විස්තරයක් වෙන කොහෙවත්ම නැහැ, අඩුම තරමේ සිවිල් පුද්ගලයන්ට දැනගතහැකි විදියකින් නැහැ. මම ඉස්සර ඉදන්ම මේවා ගැන නිවැරදිව දැන ගන්න උනන්දුවෙන් හිටියේ.
ReplyDeleteඇගයීම ගැන බොහොම ස්තුතියි.
Deleteඇත්තෙන්ම බොහොමයක් රටවල හමුදා ඉතිහාසය මහජනතාවට දැනගතහැකි ආකාරයට ප්‍රකාශයට පත්කර තිබෙන අතර, නිසිපරිදි ඒ තොරතුරු යාවත්කාලීන කරනු ලබනවා. මේ ලිපිය ලිවීමට පෙර, මා ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ සහ බ්‍රිතාන්‍ය හමුදාවේ පදක්කම් ගැන අධ්‍යයනයක යෙදුනා. එහිදී ඉතා සවිස්තරව සියල්ල දැකගන්නට දැනගන්නට තිබෙනවා. නමුත් අපේ රටේ එවැනි තොරතුරු මූලාශ්‍ර නැතිවීම කණගාටුවට කරුණක්. විකිපීඩියාවේ ඇති ලිපි කීපයක් පමණයි තිබෙන්නේ.
මට මේ බ්ලොග් එක කියවන්න ලැබුණෙ අහම්බෙන්. මමත් මට මතක ඇති කාලෙ ඉඳලම ගොඩක් කැමතියි ත්‍රිවිධ හමුදාව ගැන දැනගන්න. මම ඉස්කෝලෙ උ. පෙළ ලියන කාලෙ හිටිය යහලුවෙකුගේ එකම අශාව වෙලා තිබුණෙ නේවි එකට යන්න. මට මතක විදියට 2006 අවුරුද්දෙ හබරණ දි ගහක බැඳපු බෝම්බයක් පිපිරීමෙන් නිවාඩු යමින් සිටි හමුදා භටයින් 200කට වැඩි පිරිසක් මියයාමේ සිද්ධියත්, පර්ල් කෘෘසර් නැවට කොටි ගහන්න ආව වෙලාවෙ නාවික හමුදා භටයින් 12ක් සමග ඩෝරා යාත්‍රාවක් විනාශ වීමත් යන සිදුවීම් දෙක ඇයගෙ නාවික හමුදාවට බැඳීමේ සිහිනය දැඩි වීමට බලපෑවා. ඒ වගේම එයා කොහොම නේවි එකට ගියා.
ReplyDeleteඔබතුමාගෙ මේ බ්ලොග් එක දැක්කම මට ආයෙත් මගේ ලස්සන පාසල් කාලෙ මගේ යහලුවො මතක් වුණා. මමත් කාලයක් තිස්සෙ දැනගන්න ආසාවෙන් හිටිය හුඟක් විස්තර ඔබතුමාගෙ මේ බ්ලොග් එකේ තියෙනවා. මම සාමාන්‍යයෙන් වෙනත් බ්ලොග්ස් නිතර බලන කෙනෙක් නෙවෙයි. නමුත් ඔබතුමාගෙ බ්ලොග් එකේ තියෙන හැම ලිපියම මම කියවනවා. (තාම 5ක් වගේ කියෙව්වේ) ඇත්තටම ඔබතුමා මේ කරගෙන යන දේට ස්තුති කරන්න මට වචන නෑ.
ඔබව බොහොම සාදරයෙන් මේ අඩවියට පිලිගන්නවා දිලිනි. දිගටම ඇවිත් අදහස් දක්වන්න කියා ඉල්ලනවා. පැරණි ලිපි කියවීම ගැනත් ස්තුතියි. බොහෝ දෙනා තුළ තිබෙන සිහිනයක් තමා හමුදාවට බැඳෙන එක. සමහර අයට එය සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. කොයි රැකියාවකට වුනත් සිහින මවලා අන්තිමේදී නොලැබී යාම ලෝක ස්වභාවය නේද?
Deleteපුංචි නිවැරදි කිරීමක් කරන්න තියනවා. අර නාවික හමුදා පිරිස මැරුණේ ගස් බෝම්බයක් නිසා නෙවෙයි. දඹුල්ල සහ හබරණ අතර ප්‍රදේශයේ තියනවා දිගම්පතහ කියලා ප්‍රදේශයක්. එතනට තමයි නාවික හමුදාවේ නිවාඩු යන එන අය මුලින්ම රැස්වෙන්නේ. LTTE සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකයෙක් පුපුරන ද්‍රව්‍ය පිරවූ ලොරියක් ඒ කඳවුර තුලට කඩාවැදීමෙන් තමයි ඒ විනාශය වුනේ.
ඇගයීම ගැන බොහොම ස්තුතියි.
නිවැරදි කිරීමට ස්තුතියි විචාරකතුමා. මගේ යාලුවත් කොහොමහරි නේවි එකට ගියා
Deleteවිචාරකතුමා හමුදාවේ සිවිල් සේවය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? රාජකාරි ස්වභාවය වගේ දේවල් ගැන. වෙනත් රාජ්‍ය ආයතනවලින් හමුදා සිවිල් සේවය වෙනස් වෙන්නෙ කොහොමද?