තමන්ගේ ඉඩම වටේට වැටක් ගහගන්න එක අනාදිමත් කාලයක ඉඳලා මිනිසා විසින් කරන ආරක්ෂාකාරී පියවරක් නොවැ. හැබැයි ඉතිං පනින එකා ඔය කොයි වැටත් පනිනවා. දැකලා තියනවද දඬු වැට කියන එක? දඬු වැට කියන්නේ, හේන් ගොවිතැනේදී, හේන වටා ඉදිකරන වැට. හේන සඳහා තෝරාගත් බිමේ තිබෙන විශාල ගස්, කපා ගිනි තැබීමෙන් පසු ඉතිරිවන, විශාල අතු සහ කඳන් කොටස් උපයෝගී කරගෙන තමයි, දඬු වැට හදන්නේ.
මක්කිව්වා.........කොටුත් පනිනවද? අනෙ අම්මේ......... අපි දන්නෑ ඔය කොටු පැනිලි. වැට හදන හැටි, වැට රකින හැටි සහ කඩන හැටි ගැන තමා අද මේ කතාකරන්න යන්නේ. කාගෙ වැටද කියලා ඇහුවා? කාගෙවත් නෙවෙයි, හමුදාවෙන් යුද බිමේ ගහන වැටවල් ගැන තමා කතාකරන්න යන්නේ. මට මොකටැයි ඔය අනුන්ගේ වැටවල්. හරි, එහෙනම් බහිමුද කතාවට?
මේ කතාවට බහින්න කලින්, මෙන්න මේ න්‍යායාත්මක කරුණු, පොඩ්ඩක් කියලා ඉන්න වෙනවා. යුද්ධයේදී, අපි සතුරා සමග සටන් කරමින් භූමිය අල්ලා ගත්තට පස්සේ, එතනින් පසු බසින්න ඉඩක් නොලැබෙන ආකාරයට, ඒ භූමිය ආරක්ෂා කලයුතුයි. භූමිය ආරක්ෂාකාරී ලෙස පවත්වා ගැනීමට, විවිධ උපක්‍රම යොදනවා. මතකද අපි කතා කළා, පැට්‍රෝල් යාම ගැන? ඕං ඉතිං ..........ඕකනේ කියන්නේ........ මේ කියනවා, මේ මතක නෑ. ඔහොම බෑ මේවා කරන්න. සතුරා ඇවිත්, ඔයාගේ මෙව්වා එකත් මෙව්වා කරලා යයි, ඔව්වා මතක නැත්තං.
හරි හරි, අමතකනං ටක් ගාලා දුවලා ගිහින් බලලා එන්ඩ. හරි, දැන් මතකයි නේද? ඔව්, එක ක්‍රමයක් තමයි, පැට්‍රෝල් හෙවත් මුර සංචාර මගින් පුළුවන්, භූමිය ආරක්ෂා කරගන්ඩ. ඒ වගේම, ඒ පැට්‍රෝල් කතාවේදී කිව්වා වගේ, නිරීක්ෂණ මුර, සවන්දීමේ මුර, ආදියත් යොදවන්න පුළුවන්. නමුත් ඔය හැම එකකටම සෙබළුන් යොදවන්න ගියොත්, සටන් කරන්න පිරිස මදිවෙන බව, අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ නිසා, වැටක් ගහලා, භූමිය රැකගන්න වෙන අවස්ථා තියනවා. නමුත් වැටක් ගැහුවා කියලා භූමිය ආරක්ෂා වෙන්නේ නැහැනේ. වැට නඩත්තු කරන්න ඕනේ. දිනපතා පරීක්ෂා කරන්න ඕනේ. ඔබ කියයි, 'ඉතින් CCTV කැමරා හයිකරානම් ඉවරයිනේ' කියලා. යුදබිමේ ඇත්තම තත්වය නොදන්නා අය තමයි එහෙම කියන්නේ. ඇත්තටම යුදබිමේ වැටවල් රකින්න කැමරා හයි කර කර ඉන්න බැහැ. කොයි වෙලාවේ වැට වෙනස් කරන්න වෙයිද දන්නේ නැහැ. කාලය සහ ශ්‍රමය කිසිසේත් අපතේ යවන්න බැහැ. ඒ නිසා, නවීන තාක්‍ෂණය ප්‍රායෝගිකව, සෑමවිටම, සෑම ප්‍රශ්නයකටම, යුද බිමට ගැලපෙන්නේ නැහැ.
සතුරාගෙන් අල්ලාගත් භූමියක, එහෙමත් නැත්නම් අපි දැනට අපේ පාලනය යටතේ තබාගෙන ඇති භූමියක, ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා, පළමුවෙන්ම කරන්නේ, සතුරු ප්‍රහාර වලින් සහ නිරීක්ෂණය කිරීම් වලින් ආවරණයවී සිටිමින්, අපේ භටපිරිස් වලට, ඉදිරි භූමිය නිරීක්ෂණය කිරීම සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීමට සුදුසු ස්ථානවල, අවශ්‍ය තරම් භටපිරිස් රැඳවීමයි. භූමියේ පිහිටි ඉතා කුඩා කඳු ගැට, ලොකු ගස්වල කඳ, මිනිසෙකුට ආවරණය වෙන්න තරම් විශාල ගල්කුලක්, ඇල කණ්ඩියක්, වැව් බැම්මක්, වගේ ස්ථාන තමා තෝරාගන්නේ.
යුද න්‍යායේ තිබෙනවා, 'උපක්‍රමික වශයෙන් වැදගත්වන භූමිය - Ground of Tactically Importance = GTI' යනුවෙන් යෙදුමක්. අපි සෑමවිටම උත්සාහ කළයුත්තේ අන්න එවැනි භූමියක් අල්ලාගන්නයි. එවැනි GTI භූමියක සිට, සතුරාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න, ප්‍රහාර එල්ල කරන්න, තවදුරටත් සතුරාගේ ක්‍රියාකාරකම් වර්ධනයවීම වළක්වන්න, අපේ ඉදිරි සැලසුම් තවත් සාර්ථක කරගන්න, අපේ කාලතුවක්කු, යුද ටැංකි, ආදිය වඩාත් පහසුවෙන් ස්ථානගතකිරීම සහ යෙදවීම කරගන්න, අපට හැකිවෙනවා. (සරලව මෙහෙම හිතන්න. සුනාමිය කියන්නේ, අපිට එන සතුරු ආක්‍රමණයක් නම්, එයින් බේරෙන්න සුදුසු, මුහුද අසල පිහිටි උස් බිම, GTI එකක්)
1. වැට ගහන්නේ මෙහෙමයි
යුද්දේ යනගමන් වැටවල් ගැහිල්ල ලේසි කෙළියක් නෙවේ. ඒ නිසා යුද න්‍යායේ කියන්නේ, යුද අගල් සහ වැලි ගෝනි වලින් ආවරණ සකස් කරගන්න කියලා. ඒ නිසා, මුලින්ම කරන්නේ, මෙන්න මේ විදිහට, යන්තම් කාණුවක් හාරගෙන, වැලි ගෝනි ටිකක් දාලා, ආවරණයක් හදාගන්න එක. (ගෝනි තියනවා යුද බිමේ පසුපස ඉන්න සැපයුම් කණ්ඩායම් අතේ. ඒවා ඉස්සරහට යවනවා. වැලි හොයාගන්න නැත්නම්, අර හාරන කාණුවේ පස් වලින්ම පුරවනවා. හාරන ආයුධ අරන් යනවා ඉදිරියට යනවිට.) අම්මේ........ යුද පුහුණුවේදී දියතලාවේ/අඹේවෙල, මර හීතලේ, මහ රෑ, මෙව්වා හාරපු හැටි මතකවෙනකොට .........අනේද කියන්නේ...
ටික කාලයක් ඒ ප්‍රදේශය අල්ලාගෙන ඉන්න වෙනවා නම්, මේක ටිකක් වැඩිදියුණු කරනවා. අපි අල්ලාගෙන ඉන්න ප්‍රදේශයේ වටේටම හෝ බොහෝවිට සතුරා ඉන්න පැත්තට/පැතිවලට මුහුණ දා තිබෙන ප්‍රදේශ තමයි මෙලෙස වැඩිදියුණු කරන්නේ. එතකොට පෙනෙන්නේ මෙන්න මෙහෙම.
මෙතන තියෙන්නේ එවැනි 'යුද අගල් - Trench' දෙකක පින්තූර.
'මොකෑ ආයිබොවං, ඔහෙලා බීලද මෙව්වා හාරන්නේ? නිකං ඌරු මීයෝ ගියා වගේ, එහාට මෙහාට ඇදේටනේ ගිහිං තියෙන්නේ'
'මේකනේ ආයිබොවං වැඩේ. තනි කෙළින් මෙව්වා හැදුවොත්, අවාසි තියනවා. කවුරු හරි හතුරෙක් මේකට පැනගත්තොත්, තනි කෙළින් තියන නිසා, මේකේ ඉන්න ඔක්කොටම වෙඩිතියලා, කම්බස් කරන්න ලේසි වෙනවා. ඒ වගේමයි, තනි කෙළින් තියන අගලකට, අත් බෝම්බයක්, මෝටාර් බෝම්බයක්, කාලතුවක්කු බෝම්බයක්, ගුවනින් දාන බෝම්බයක්, වැටුනොත් එහෙම, ඔක්කොටම අනිච්ඡාවත සංඛාරා තමයි. ඒකයි මෙහෙම අර Zig - Zag ද මොකද්ද කොරලා හදලා තියෙන්නේ'
'ඉතිං මෙව්වා කඩා වැටෙන්නේ නැද්ද?'
'වැටෙනවා වැටෙනවා, එතකොට ආයේ හදන්න ඕනේ. වැස්ස කාලෙට වතුර පිරෙනවා, මෙව්වයේ බැහැලා ඉඳලා, අපේ කකුල්වල ඇඟිලිකරු කුණුවෙලා මිනීකුණු ගඳ ගහනවා, සරපයි එනවා මෙව්වා අස්සට වැස්ස කාලෙට, සමහරු මැරිලත් තියනවා සරපයි ගහලා, යුද්දේ දුකයි ආයිබොවං'
'අනේ මොටදෑ ඔච්චර නහින්නේ? නිකං කණු හිටෝලා, හොඳ වැටක් ගැහුවනම් ඉවරනේ'
'එහෙම කොහොමැයි කොරන්නේ? එව්වා කඩාගෙන එනවා එතකොට. මම තව ඉස්සරහදි කියන්නංකෝ'
'එහෙනං ඉතිං බැකෝ එකක් දාලා හාරනවකෝ'
'එහෙම කොරන්ට පුළුවං වෙන්නේ, බැකෝ එකේ සද්දේ සතුරාට ඇහෙන්නේ නැත්තං විතරයි. අනික, යුද්ද භූමියේ හැම තැනටම බැකෝ ගෙනියන්න බෑ. මහා ඝන කැලේ තියනවනං කොහොමද ගෙනියන්නේ'
සතුරා අපට ප්‍රහාර එල්ල කරන පැත්ත අනුව, අපිට පුළුවන්, යුද අගල දිගේ එහාට මෙහාට යමින්, සතුරාව ඉලක්ක කරගන්න. එමෙන්ම, ඈත සිට බලනවිට, සතුරාට තේරුම්ගන්න අමාරුයි, අපේ යුද අගලේ පිහිටීම.
සටනේ ප්‍රබලත්වය, කාලය සහ ශ්‍රමය ඉතිරි කරගැනීම, ගැන සලකා බලා, ක්‍ෂණිකව ඉදි කළහැකි, තවත් බාධක වැටක් තිබෙනවා. ඒ තමා, කොන්සර්ටීනා වයර් - Concertina Wire යනුවෙන් හැඳින්වෙන, සර්පිලාකාරව සැකසූ, ඉතා තියුණු තුඩු සහිත, කටුකම්බි රෝල් විශේෂය යෙදවීම. පසුගිය යුද සමයේ, කොළඹ ප්‍රදේශයේත්, අධි ආරක්‍ෂාව අවශ්‍ය ස්ථාන වලට, මේ කම්බි යොදවා තිබුනා, ඔබ දකින්නට ඇති. මේවා සාමාන්‍ය කටුකම්බි වගේ නෙවේ. ස්ප්‍රින් එකක් මෙන් ඇදෙනවා. ගැලවුනොත් එකවරම ඇකිලෙනවා. එවිට හැමතැනම පැටලෙනවා. මේවාගේ තියෙන්නේ සාමාන්‍ය කටුකම්බියක මෙන් උල් නෙවෙයි. ඉතා තියුණු කැපෙන සුළු තල විශේෂයක් තිබෙන්නේ. මේ බලන්න.
විශේෂ ඝන අත්වැසුම් නැතුව, මේවා සවිකරන්න යාමත් බොහොම අනතුරුදායකයි.
මේ කම්බි එක පොටක් පමණක් යෙදවීම, එතරම් සාර්ථක නැහැ. පහසුවෙන් ඉවත් කරන්න හෝ කපා දමන්න පුළුවන්. හොඳ වයර් කටර් එකක් විතරයි ඕනේ.
ඒ නිසා කොන්සර්ටීනා වයර් කිසියම් න්‍යායාත්මක ක්‍රමයකට තමා යොදවන්නේ. එහිදී කම්බි දෙක, තුන, හතර, සහ ඊට වැඩි ප්‍රමාණයන්ගෙන් පවා යොදවනවා. මේ බලන්න එවැනි යෙදවීම්.
මෙහිදී කර තිබෙන්නේ, සතුරාගේ ගමනට බාධා වන පරිදි, කොන්සර්ටීනා වයර් පේලි කීපයක්, ලී කුඤ්ඤ මගින් සවි කිරීමයි.
දෙපස සාමාන්‍ය කටුකම්බි ඇද තිබෙන්නේ තරමක් උසින් පිහිටන ලෙසයි. මැද ඇති කොන්සර්ටීනා වයර් තිබෙන්නේ ඊට පහතින්. සෑහෙන්න දුෂ්කර බාධකයක්.
කොන්සර්ටීනා වයර් තුනක් සවිකර තිබෙනවා. ඒවා දෙකක් උඩ එකක් ලෙස රඳවා තිබෙන්නේ.
මේ ආකාරයට වයර් මීට වඩා විශාල ගණනක් වුනත් යොදවන ක්‍රම තිබෙනවා. කපන්න අමාරුයි. කැපුවම ඔක්කොම එකට පැටලෙනවා. මේ තියෙන්නේ cat wire 3 නමැති ක්‍රමය. cat wire 4, 5, වැනි ක්‍රමත් තියනවා.
අදට මේ ඇති නේද? ඉදිරි කොටස් වලදී තව විස්තර ගොඩක් කතාකරන්න තියනවා.
2015 ජූලි මස 20 වැනි දින 0007 පැය
ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා මානුෂිය මෙහෙයුම් ජයගත් අයුරු ගැන පැහැදිලි කරන විට පැවසූ දෙය තමයි එතුමන් මේ සටන සදහා යුධ සැලසුම් සකස් කරද්දී සතුරාගේ දුර්වල ස්ථාන වලට නොව ප්‍රභාල ස්ථාන වලට පහර දීමට කටයුතු කෙරු බව.
ReplyDeleteඒ කියන්නේ ඉහත විචාරක මහතා දක්වා ඇති මර උගුල් රාශියක් ඇති ස්ථාන වලටත් ඉතා සාර්ථකව පහරදීමට අපගේ විරෝධාර රණවිරුවන්ට හැකියාව ලැබුනා.
මෙවැනි භාදක පසුකරගෙන යෑමට හැක්කේ කෙසේද? අපට නම් මේවා සිතා ගැනීමටත් නොහැකියි. හමුදාව තුලම මෙවැනි බාදක අටවන හැටි සහ, සතුරා විසින් අටවන බාදක පසුකරන හැටි කියලා දෙනවා ඇතයි කියා සිතනවා. එතකොට මේ පාඨමාලා ගැන තොරතුරු සතුරන් අතට පත්වුව හොත් ඔවුන්ට හැකියාව ලැබෙනවා නේද වඩා සාර්ථක බාදක ඇටවීමට?
අපේ රට බේරා ගත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා සහ එතුමන්ට සහය වූ රණවිරුවන් දේවත්වයෙන් පිදුම් ලැබිය යුතුයයි කියන්නේ යුධබිමේ ඇති මෙවැනි බාදක ගැන තොරතුරු ඇසුවාමයි.
ඕනෑම යුද සෙනෙවියකු තම මූලෝපාය ඥානය යොදවන විවිධ ක්‍රම තිබෙනවා. සතුරාට පහර දීමේදී අනුගමනය කළයුතුයයි සම්මත ක්‍රම තිබෙන අතර එහිදී න්‍යායාත්මක කරුණු බොහොමයක් සැලකිල්ලට ගන්න වෙනවා. ඉඩක් ලදොත් පසුව ඒ ගැන ලියන්නම්.
Deleteපසුගිය යුද්ධයේදී අපේ හමුදා, සතුරු මර උගුල් අබිභවා ගියා.
බාධක තරණය ගැන ඊළඟ කොටස්වලදී විස්තර කෙරෙනවා.
මා හිතන්නේ නැහැ යුද්ධයක් ජයගැනීම වෙනුවෙන් කිසිවකුත් දේවත්වයෙන් පිදුම් ලැබිය යුතුයයි කියා. කල යුත්තේ ඔවුන් නිසිපරිදි ඇගයීම පමණයි.
මා හිතන්නේ නැහැ යුද්ධයක් ජයගැනීම වෙනුවෙන් කිසිවකුත් දේවත්වයෙන් පිදුම් ලැබිය යුතුයයි කියා. කල යුත්තේ ඔවුන් නිසිපරිදි ඇගයීම පමණයි.
Deleteඅපොයි ඔව් දැක්ක තැන සර් කියලා කියන්න ඕනේ පස්සේ මොනවා කලත් එතුමන්ලා ජාතික වීරයෝනේ අපේ රටේ
මොකද දන්නේ නැ මෙතුමා යුද්දේ අවසානය දක්වා හමුදාවේ සටන් නොකළේ ......
යම්කිසි පුද්ගලයකුට සමාජයේදී ගෞරවයක් ලැබෙන්නේ, බලහත්කාරයෙන් ඉල්ලීමෙන් නෙවෙයි. ඒ පුද්ගලයා තුළ ඇති යම් ගුණාංග අගය කිරීමක් වශයෙන්. ඉංග්‍රීසි කියමනක් තියනවා You can't demand the recognition but you can command the recognition කියලා. පොඩ්ඩක් ඒකේ තේරුම හොයලා බැලීම යෙහෙකි. යුද්දයට ගිය සෑම දෙනාම ජාතික වීරයන් වන්නේ නැත. ටිකක් සමාජානුයෝගී වී බුද්ධිමතුන් ඇසුරු කිරීම යෙහෙකි.
Deleteමෙතුමා යුද්දය අවසන් කරලා වර්ෂ 2000 දී තමයි විශ්‍රාම ගත්තේ.
අගේ ඇති පොස්ටුවක්. ප්‍රශංසනීයයි. සම්පූර්ණ විස්තරයක් තියෙනවා.
ReplyDeleteසාමාන්‍යයෙන් කාන්තා පක්ෂය මෙවැනි දේ ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැති නමුත්, ඔබ උනන්දුවීම ගැන ස්තුතිවන්ත වෙනවා. ලිපියේ ඉදිරි කොටස්ද කියවා අදහස් දක්වන මෙන් ඉල්ලනවා.
Deleteයුධ බිම ගැන කියවෙන චිත්‍රපටි වල ඔය කියල යුධ අගල් දැකලා තියෙනවා. මට තිබුන ගැටලුවක් තමයි ඇයි මේවා සර්පයෝ ගියා වගේ ඳඟර ගැහිලා තියෙන විදිහට හදන්නෙ කියලා. දැන් ඒකට පිළිතුරු ලැබුනා.
ReplyDeleteඉදිරි කොටස් කියවන්න. එවිට තවත් තොරතුරු බොහොමයක් දැනගන්න පුළුවන් වෙනවා.
Deleteඅති විශ්ෂ්ඨයි සෑර්.. අජිත් අයියට උම්ම දෙන එකේ ඔයැයිට එකක් දුනන්ම මොකද.. එන්නංකේ වෙලාවක.. හැක්..
ReplyDeleteයකෝ ඔය උම්මා දෙන කතා හොරෙන් කියපං. නැත්තං අර ඉවාන් වගේ එවුන් කියයි, අපි දෙන්නා අර, 'මෙහෙම මෙහෙම' කියලා.
Deleteඈයියා... යෝධයෝ
Deleteඕකත් ඇති ඇනෝවෙක්ට කතාවක් හදන්න. අන්න මගේ එකේ ලස්සනට දාලා තියනවා. විචා සර්ට මේලකුත් දැම්මා. සර් සමහර විට දකින්න ඇති.
http://4warang.blogspot.com/2015/07/blog-post_98.html
විචාරක මහතා,
ReplyDeleteඔබතුමාගේ මෙම බ්ලොග් අඩවිය ඉතාම අසාවෙන් මම කියවන්නේ. ආරක්ෂක හමුදා සහ ඒ සම්බන්ධ තොරතරු ඇති විශිෂ්ඨතම සිංහල වෙබ් අඩවිය තමයි මේක.
ඔබතුමාගේ දැනුම ගැන කල්පනා කරන විට මට සිතෙන්නේ විචාරක නමින් මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ කර්නල් රාජ් විජේසිරි මහතා බවයි. මම නිවැරදිද?
ඇගයීම ගැන නම් ස්තුතියි. නමුත්, ආරක්ෂක හමුදා ගැන කියන විශිෂ්ඨතම අඩවිය කෙසේ වෙතත්, තරමක් ජනප්‍රිය අඩවියක් කියා කියන්න පුළුවන්.
Deleteඅනේ මම කර්නල් රාජ් විජේසිරි නෙවෙයි. ඔහු මෙවැනි අඩවියක් කළා නම්, මීට වඩා සියදහස් වාරයක් හොඳට කරන්න තිබුණා.
මොකද කිව් එම් ඇනෝ ඇවිත් පිට කහගන්නේ ලැජ්ජ නැද්ද?
ReplyDeleteයේල යේලා හිහි
ReplyDeleteමට නං ඔය වැට දැක්කමත් පනින්න කම්මැලි හිතෙනව.
ReplyDeleteහිනා ගියා බං ඕසෙට..
Deleteබැරිවෙනකොට ඔහොම තමයි රාජ්. හ්ම්.........අපිත් දැන් සමහර වැටවල් දැක්කම අහක බලාගන්නවා. :e
Deleteඔය කන්සෙන්ටිනා වැඩ වලට මාරයෝ තමයි අපේ පැටා (patrolmen) ලත්.. මමනම් ලඟින්වත් යන්නේ නෑ ගියොත් පැටෙලෙනවා.. හැක්.
ReplyDeleteඒත් ඒවයේ වැදගත්කමනම් ඉතිං කියලා වැඩක් නෑ..
A 9 පාරේ මාන්කුලම් ආසන්නව, බටහිර පැත්තට වන්නට තමා, මා මෙතෙක් දැක ඇති, නාවික හමුදාවේ හොඳම උපක්‍රමික ගොඩබිම් ආරක්ෂක ප්‍රදේශය තිබුනේ. රතුපාට කඩ ඉරෙන් පෙන්වන කොටසේ වගේ තමයි මට මතක.
Delete[im#]https://jangun.files.wordpress.com/2015/07/screenshot-28.png[/im]
කොයි කාලේ වගේද ඔය විචාරකතුමා? ඔය කියනකං අම්මපා මංනම් හාංකවිසියක් දැනන් උන්නේ නෑ ඔය වගේ පොට් එකක් ගැන.. ටැන්කූ වේවා විස්තරේට..
Delete1998 -99 කාලේ වගේ තමයි මතක.
Deleteඅහ්.. හරි හරි එම්.එස්.ආර්. නේද? MSR- Main Supply Root ඕවා අකුලගෙන තමයි 2000 දි අපේ උන් පණ එපා කියලා දිව්වේ හැබැයි. හැක්. (තාමත් අපි පැටා ලව නෝන්ඩි කරන්නේ ඕක කියල තමයි..)
Deleteකට වහගෙන හිටපන් ඕන්නැති ඒවා කියන්නේ නැතුව.
Delete98-99 කාලේ ජෙමා ඉක්කෝලේ යන පොඩි එකා...
Deleteඇත්තටම මරු..
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteසුපිරි ලිපියක්...ආපු ප්‍රශ්න වලට උත්තරත් දීලා තියෙනවා නොවැ.අහන්ඩ දෙයක් නෑ.
ReplyDeleteඔබේ දැනුමට යමක් එකතුවුනානම් බොහොම සතුටුයි.
Deleteමටත් ඔය කම්බි රොලක දෙකක අවශ්‍යතාව තිබුණා. පස්සේ කොළ පාට දැල් වැටක් ගහලා දැම්මා.
ReplyDeleteඉතිං ඔය ළඟම තියන කෑම්ප් එකකට ගිහින් අහන්න තිබුණනේ රෝලක් විකුනන්නේ කීයකටද කියලා. :e
Deleteමට කියන්න අමතකවූ දෙයක් ඔයා මතක් කළා. කොන්සර්ටීනා වයර් කොහෙවත් විකුනන්න නැහැ. ඒවා පාවිච්චි කරන්න බලය තිබෙන්නේ ආරක්ෂක අංශ වලට පමණයි.
කොහොම යුදබිමේ කොලපාට දැල් වැටක් ගැහුවොත්?
මට කියන්න අමතකවූ දෙයක් ඔයා මතක් කළා. කොන්සර්ටීනා වයර් කොහෙවත් විකුනන්න නැහැ. ඒවා පාවිච්චි කරන්න බලය තිබෙන්නේ ආරක්ෂක අංශ වලට පමණයි. //
Deleteඒක හරි කෙලියක්නේ එතකොට අපිට කබ්බි රෝලක් ගන්න බෑ
මෙන්ඩෝ උඹට ඕනේ කටුකම්බි දාපුවා නේද?
Deleteඒකාලෙ කොටි එහෙමත් ඔය වගේ ලොකු අගල් කපල තිබ්බ නේද බැකෝ වලින් ...
ReplyDeleteදැං ඔයතරං අමාරුවෙන් හදපු අගල් අත ඇරල ඉස්සරහට ගිහිං ආයෙමත් ඕව කපනව කියන්නෙ නිකං ඇහෙනකොටත් කොන්ද රිදෙනව රිදෙනව වගේ .....
සතුරාට සද්දය ඇහෙන්නේ නැත්නම්, (සද්දේ ඇහුනොත්, මෝටාර් කාලතුවක්කු, වගේ ඒවාගෙන් කන්න හම්බවෙනවා) බර යන්ත්‍ර පාවිශ්ෂි කරන්න පුළුවන්. යුද්ද කාලේ දෙගොල්ලොම එහෙම කළා.
Deleteඅප්පොච්චියේ ඒ කාලේ යුද අගල් වලට පොලොව වනසාපු ඒවා ඒ පැතිවල මිනිස්සු තවමත් බැන බැන වහනවා ඇති. ගම් දෙබෑ වුනා. වෙල් යායවල් සමතලා වුණා.
ඩබල් සැලියුට්..
ReplyDeleteඑල ද බ්‍රා
බොහොම ස්තුතියි මෙන්ඩ.
Deleteකෛාන්සර්ටීනා වයර් ගැන දැනගත්තෙ අදයි.
ReplyDeleteමේ ප්‍රශ්නෙ නම් මෝඩ ප්‍රශ්නයක් වෙයිද දන්නෑ. මේ විදියට දිගට යුධ අගලක් හාරද්දි සතුරන්ට ඒක නිරීක්ෂණය වෙන්නෙ නැද්ද විචාරකතුමා?
ඔබේ දැනුමට යමක් එක්වීම ගැන සතුටුයි.
Deleteතමන් නොදන්නා විෂයයක් ගැන ප්‍රශ්න ඇසීමේදී ඒවා මෝඩ ප්‍රශ්න කියා හිතන්නේ ඇයි? යුද අගල් සකස් කරද්දී සතුරාට එය නිරීක්ෂණය වීම අද තාක්‍ෂණය දියුණු නිසා වලක්වන්න මාරුයි. ඔත්තු බලන චන්ද්‍රිකා, නියමුවන් රහිත ගුවන් යානා, ආදිය මගින් නිරීක්ෂණය කරන්න පුළුවන්.
නියමයි... කොටි පස් බැමි ඉදිකරලා තිබුනෙ ඊට ඉස්සරහින් විවෘත්ත බිමක් පිහිටන විදිහටයි කියලා අහල තියෙන්නෙ.ඇත්තටම කොහොමද ඒ අභියෝගය ජය ගත්තෙ??
ReplyDeleteජයවේවා..!!
කොටි විතරක් නෙවේ, කවුරු හැදුවත් ඒ විදිහට තමයි හදන්නේ ( සෑමවිටම විවෘත භූමියක් ඉදිරියට තබා හදන්න බැහැ) නමුත් බාධක බිඳහෙලීම් - obstacle breaching කරන විශේෂ පුහුණු කණ්ඩායම් ඉන්නවා. ඒ අය තමයි මේ බාධක ජයගන්න පෙරමුණ ගන්නේ.
Deleteමේක මට මග ඇරිලානෙ. සුපිරි විස්තරේ විචාරක තුමා. අදනං බාසාවත් එළකිරි.
ReplyDeleteවැටට විදුලිය සැපයීම වගේ ක්‍රම යොදාගත්තු අවස්ථා නැද්ද? එක අතකට ඒක බොහොම අනතුරුදායකයි නේද?
ඇගයීම ගැන ස්තුතියි මධු. වැටට විදුලිය දැමීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලට විරුද්ධයි. එමෙන්ම එය තමන්ගේම හමුදාවටත් අනතුරු දායකයි. එවැනි වැඩ කරන්නේ ත්‍රස්තවාදීන් පමණයි.
Deleteම.මා
Deleteඅපේ ත්‍රිවිධ හමුදාව මානුෂිය හමුදාවක්. ඒ වගේ මානුෂිය හමුදාවන් අතින් යුධ නීති උල්ංඝණය වෙන්නෑ. ඒ වගේ දේවල් යුධ කාලේ ටෙරාල කලා කියන දේ හැමෝන්ම දන්න දෙයක්නේ මමා..
ඒ විතරක් නෙමෙයි යුද්ධ කාලෙදි ටෙරා ලා වතුර තියන අගල් වලට විදුලිය කාන්දු කිරීම්, ලිං වලට විෂ දැමිම වගේ දේවල් අනන්ත වත් කරලා තියනවා නේද විචා සර්.
Deleteත්‍රස්තවාදියා කියන්නේ මිනීමරු, ම්ලේච්ඡයෙක්. උගෙන් වෙන්නේ මේ වගේ බයගුලු ක්‍රියා විතරයි.
Deleteහොඳ ලිපියක්. ස්තුතියි. අනික් එකත් ඉක්මනටම ඕනෑ. නැත්නම් අගලක් කපනවා "අ" යන්න අයින් කරලා :)
ReplyDeleteහපෝ..........යි! ලීයක ඇතිල්ලුවා වගේ දැනෙයි. :e
Deleteඇගයීම ගැන ස්තුතියි. ඊළඟ කොටස සැකසෙමින් පවතිනවා.
කම්බි වැටවල් ගැන හොඳ විස්තරයක්. :D
ReplyDeleteඒත් ඉතිං තොටිලි වැටෙං පනින එකා ඕකත් පනීද දන්නෑ.
යුදබිමේදී කොයි වැටත් පනින්න වෙනවා බෑ නොකියා. නැත්නම් ඉතින් බඩුම තමයි. :e
Deleteකියන්න දෙයක් නෑ සුපර්බ් සර්..
ReplyDeleteනෙක්ස්ට් සීරිස් එක වෙපන් ගැන දාමූ......???
ඇගයීම ගැන බොහොම ස්තුතියි. වෙපන් ගැන ගොඩක් ලියලා තියනවා. අඩවියේ මුල්ම කාලේ ලිපි වලට ගිහින් බලන්න.
Deleteඔබේ ලිපියක්, උගේ වගේ දාලා http://www.elakiri.com/forum/showthread.php?t=1689315
ReplyDeleteබොහොම ස්තුතියි දිලීප. බලුකිරි කාරයෝ කවදත් බලු වැඩට දක්ෂයිනේ.
Deleteදිලීප, මම ඒ බලුකිරි අඩවි පාලකයා සමග අද ඊ මේල් කීපයක් හුවමාරු කරගත්තා. එයා බබා වෙන්න හැදුවා. තගා වෙන්නත් හැදුවා. අන්තිමට මම කියන්න තියනදේ හොඳින් කිව්වම ලිපිය අයින්කරගත්තා මීට කලින් හොරකම් කරපුවාත් අයින් කරගෙන.
Deletehttp://www.elakiri.com/forum/showthread.php?t=1689315
ලැජ්ජා නැතිකම බ්ලොග් ඇඩ්මිනිස්ට්‍රේටර් කමටත් වඩා ලොකුයි. :e
හැක් හැක්. එයා ඒක අයින් කරගෙන. අයෙත් කොහේදී හරි හොරකම් කරපු එකක් දැක්කොත් කියන්නම්. රට වට බැඳී රන් වැට සුරකින මගේ වැට :)
Deleteබොහොම ස්තුතියි.
Deleteවිචෝ,
ReplyDeleteපරක්කුවෙලා එන්න සිද්ද වෙච්ච එක ගැන නම් මාර දුකයි බන් , මේ පොස්ට් එක කියෝපුවාම තමයි තේරුනේ.
----
ලිපිය නම් සෑහෙන්න වටිනවා.
---
හිටහන්, ඊළඟ එකත් කියෝලා එකටත් මේ එක්කම කමෙන්ට් එකක් දානවා..