හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

27 July 2015

වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (දෙවැනි කොටස)

වැටවල් කතාවට සෑහෙන දෙනෙකුගේ සිත ඇදිලා ගිහින් තිබුණා. ඒ අයගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව උදෙසා, :D අද තව දුරටත් ඒ ගැන කතාකරනවා. තවම වැටවල් ගහලා ඉවර නැහැ. පහුගිය ලිපියේදී මම කිව්වා මතකද, ආරක්ෂාව තමා, මේ වැටවල් ගැහීමේ ප්‍රධානතම පරමාර්ථය කියලා. යුද්ධයකදී අපි කරන ක්‍රියාන්විත සාමාන්‍යයෙන් මූලික කොටස් දෙකකට වෙන්කරන්න පුළුවන්.






1 ආක්‍රමණශීලී හෙවත් ප්‍රහාරාත්මක ක්‍රියාන්විත = Offensive Operations

2 ආරක්ෂාව තහවුරු කරගැනීම සහ වර්ධනය කරගැනීම සඳහා කරන ක්‍රියාන්විත = Defensive Operations 

   මෙතැනදී මේ offence / defence කියන දෙකම කෙරෙන්නේ, ගැඹුරු යුද න්‍යායන් අනුව. වෙනත් විදිහකට කියනවානම්, යම් යම් මූලධර්ම මත. ඒ ඔක්කොම මෙතන කියන්න ගියොත්, බොහෝ දෙනෙක් මේ බ්ලොග් අඩවිය පැත්ත පළාතෙවත් එන එකක් නැහැ. හැබැයි, ඔබට වැඩිය නොදැනෙන්න, මම ඒ මූලධර්ම මේ ලිපියට රිංගවනවා. එහෙම හොඳයිනේ? තිත්ත බේත් පෙති වලට සීනි ගාලා දෙනවා වගේ වැඩක් මේක. Defence කියන විෂයය යුද හමුදා පුහුණුවේදී ඉතා ගැඹුරට යනවා. භූමි ප්‍රදේශයක ආරක්ෂාව, නිසි පරිදි, හමුදා ක්‍රියාන්විත වලින් තහවුරු කරන්න නම්, මූලධර්ම 10 ක් යටතේ ක්‍රියාකරන්න වෙනවා.

   හොඳයි මෙහෙම හිතන්න. ඔබේ ගමේ චන්ඩියෙක්, තුවක්කුවක් ගෙනත්, ඔබ ඇතුළු ගම්වාසීන්ට චන්ඩි පාට් දානවා. ඔබත් තුවක්කුවක් ගේනවා. ගෙනල්ල ඒකත් අතේ තියාගෙන, ගෙට වෙලා දොර වහගෙන ඉන්න එකද හරි, එහෙම නැත්නම් ඔබේ වත්තේ මායිම දිගේ ටිකක් ඇවිදලා බලන එකද හරි?  ආයෙත් අහන්ඩ ඕනෙද නේද?

   (ගෙට වෙලා හිටියොත් අරූ ගෙටම ඇවිල්ලා.......හරි හරි කියන්ඩ එපා මම දන්නවා කියන්ඩ ගිය එක. හප්පෝ..........එව්වනම් කටට එනවා ටක් ගාලා. ඒ වුනාට පහුගිය ලිපියෙන් මොකක් හරි ඇහැව්වොත් හුළං) 

   මෙන්න මේ නිසා සාර්ථක ආරක්ෂක ප්‍රදේශයක්, නිතරම, සටනට දැඩි පෙරසූදානමකින් ඉන්න, එමෙන්ම, සතුරු භූමියට පවා රිංගා බලනසුළු, ආක්‍රමණශීලී aggressive ආරක්ෂක ප්‍රදේශයක් වියයුතුයි.

   හොඳයි, මේ කතාව මෙතන තියලා, ආපහු යමුකෝ වැට ගහන්න. පහුගිය ලිපිය අපි අවසන් කලේ කොන්සර්ටීනා වයර් වැට ගැහිල්ලෙන් නේ. ඒ වගේමයි යුද අගල් සෑදීමත් කළා. ඊට අමතරව මොනවද කරන්න පුළුවන්. අපි හිතමු අපිට කටුකම්බි කෑල්ලක්වත් හොයාගන්න නැහැ කියලා. නමුත් සොල්දාදුවා, 'අලේ මොකුල් ලෑලේ..............' කියලා, හඬ හඬා බලා ඉන්නේ නැහැ. පරිසරයෙන් විසඳුම් හොයාගන්නවා.

   ලොකු වැටක් ගහන්න බැරිනම්, පොළොවේ කුඩා උල් හිටවනවා. පොළොවේ සිට අඟල් හයක් හතක උස මේ උල් ඉතා තියුණු තුඩක් තිබෙන ආකාරයට සකසන්නේ. බූට් සපත්තුවක් හිල්වෙන තරමට තියුණු නැතත්, කකුල පැටලිලා වැටුනොත්, මේ උල්, සිරුර පසාකරගෙන යනවා. අපේ හමුදා, පහුගිය යුද්ද කාලේ, 'කූරටියා' නමැති සිහින් කෝටු විශේෂය පාවිච්චි කර, ඉතා ශක්තිමත් වැටවල් මෙන්ම,  මරණීය තුවාල ඇතිකරන උල් ද, ආරක්ෂක ප්‍රදේශවල නිර්මාණය කළා. ඒ වැටවල් කඩාගෙන එන්න, LTTE එක උත්සාහ කල බොහෝ වාර ගණනක්, ව්‍යර්ථ වුණා. එවැනි වැටක පින්තූරයක් පහත දක්වනවා. නමුත් එය ලංකාවේ එකක් නෙවෙයි. 



   අපේ හමුදා හදපු වැට, මේ වගේ ඇල කරලා නෙවෙයි, කෙළින් අතට තිබුනේ. ඒ වගේම, එකකට එකක් අතර අඩි පහක පමණ පරතරයක් තබා, වැටවල් දෙකක් හෝ තුනක් හදපු අවස්ථා තිබුනා. ඒ වැටවල් අතර උල් හිටවා හෝ බිම් බෝම්බ වලලා තිබුණා. හොඳයි, අපි හිතමු අපිට කොන්සර්ටීනා වයර් නැතත් කටුකම්බි තියනවා කියා. අපේ ගෙවත්තක ගහනවා වගේ කටුකම්බි වැටක් ගැහීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ යුද බිමේදී. ඉතා පහසුවෙන් එය කපන්න පුළුවන්. ඒ නිසා යුද බිමේදී කටු කම්බි පාවිච්චි කරලා හදනවා බාධකයක්. 'පහතින් අදින කම්බි පැටලුම' කියලා කියන්න පුළුවන්. low wire entanglement  ඒ බාධකය යොදන්නේ පොළොවට අඩි එකහමාරක් පමණ උඩින් හිටින විදිහට. අවම වශයෙන් අඩි 10ක් වත් පළල තියන ආකාරයට තමයි යොදවන්නේ. මේ බලන්න. 



   පේනවා නේද, මේක හරිම ජංජාලයක්. යටින් රිංගන එකත් ලේසි නෑ. අර බලන්න අර උන්නැහේ, වැට නඩත්තු කරන්න, ලැල්ලක් දාලා ඒක දිගේ යන හැටි. සමහරවිට මේක යට බිම් බෝම්බ දාලා තියෙන්නත් පුළුවන්. එහෙම වුනොත් බඩුම තමයි. ඔය තියෙන්නේ පහළින්, එහෙම බඩු හම්බවෙච්චි වෙලාවක්.



   ඒ වුනාට පුහුණුවේදී දස වදයක් දෙනවා අපිට. අම්මපා එව්වා කොරපු එවුන්ට.......... (හොඳක්ම සිද්ද වුනාවේ. නැත්නම් පුහුණුව අසාර්ථකයිනේ) මේ විදිහට හදපු කම්බි පැටලුම යටින් බඩගාගෙන යන්න කියලා, ඔලුව මට්ටමට අඟලක් ඉහළින් විතර යන විදිහට, නොකඩවාම වෙඩි තියනවා. හෙල්මට් එක දාගෙන හිටියත්, චූ යන තරම් බයකුත් දැනෙනවා. මෙන්න මෙහෙමයි රිංගන්නේ. මෙතන හෙල්මට් දාලා නැහැ. තුවක්කුවත් නැහැ. තවම ආධුනිකයෝ. ඔලුවට උඩින් යන්න වෙඩි තියන්නෙත් නැහැ මෙතන. 




   වැටවල් ගැහිල්ල ගැන තව දිග විස්තර තිබුනත්, ඒ කතාව නවත්තලා වැටවල් ගැහිල්ලේ අන්තිම කොටසට යනවා. ඒ තමයි පස් බැම්මක් ඉදිකිරීම. හැබැයි පුතෝ, පස් බැම්මක් හදාගත්තා කියලා, බැම්මෙන් මෙහා පැත්තට වෙලා, කඩේ වහලා ඉන්න බැහැ. එහෙම කලොත්, සතුරා බැම්ම කොතනින් හරි කපාගෙන රිංගනවා. ඊට පස්සේ අපිට බඩු හම්බවෙනවා. ඒ නිසා, පස් බැම්මේ ඉඳලා ඉදිරිය නිරීක්ෂණය කරන්න පුළුවන් තැන් හදාගන්න ඕනේ. බැම්මට පසුපසින් මීටර් 100ක් විතර ඈතින් තියන රූස්ස ගහක අතුපතරේ හැංගිලා ඉඳගෙන දවල් කාලේදී ඉදිරිය නිරීක්ෂණය කරන්න පුළුවන්. රෑට නම් සවන්දීමේ මුරයක් යොදවන්න වෙනවා. අපි මුලින්ම බලමු යුද බිමේ සාමාන්‍ය පස් බැම්මක්.




   මේ බැම්ම එතරම්ම සාර්ථකයි කියන්න බැහැ. නමුත්, සතුරාට මුහුණ දෙන්න, කල්ගත කරමින් ඉන්නට වෙලාවක් නැති නිසා, ඉක්මනින් බුල්ඩෝසර් එකක් යොදවලා, මේ වගේ බැම්මක් ඉදිකරගැනීම හොඳයි. බලන්න, ආරක්ෂක මුර සෙබළුන් ස්ථානගතව සිටින තැන් තමා, අර කොලපාට වැලි කොට්ට සහ කළු ඉටිරෙදි ගහලා, හදලා තියෙන්නේ. මෙතන ඉඳන් සෑහෙන්න සතුටුදායකව සතුරාට මුහුණ දෙන්න පුළුවන්. මේ පස් බැමි හදනකොට යුද ටැංකි යෙදවීම ගැන විශේෂයෙන් හිතන්න ඕනේ. ඒ නිසා බැම්මේ සමහර තැන හදනවා යුද ටැංකියක් ඇවිත් බැම්මට හේත්තු කරගෙන ප්‍රහාර එල්ල කරන්න. ඒ වගේ තැනකට හමුදා භාෂාවෙන් කියන්නේ hull down position එක කියලා. hull හල් එක කියන්නේ යුද ටැංකියේ ඉදිරිපස කොටස. මේ බලන්න, ටැංකියක් පස් බැම්ම ආවරණයක් කරගනිමින් සටන් කරන හැටි.




   මෙහෙම තියනකොට, සතුරු ටැංකියකින් ගහන ඒවා වදින්නේ, පස් බැම්මේ සහ ටැංකියේ ඝන යකඩ සන්නාහයේ. ඒ නිසා ටැංකිය ආරක්ෂිතයි. ඔන්න පස් බැම්මෙන් ගන්න තවත් වැඩක්.

   මේ පහළ තියන පස් බැම්ම, ඉහළ පෙන්නපු බැම්මට වඩා කල් අරගෙන, හොඳට සැලසුම් කරලා හදපු එකක්. බලන්න බැම්මේ පළල. සෑහෙන්න පළලක් තියනවා. ඒ නිසා කඩාගෙන එන එක ලේසි නැහැ. ඒ වගේම බලන්න බැම්ම උඩ වැටක් තියනවා. මේ පෙනෙන්නේ බැම්මේ පසුපස. ඉස්සරහ පැත්තේ කොන්සර්ටීනා වයර් දාලා, කටුකම්බි පැටලුම් දාලා ඇති. අර දිය අගල ජල ක්‍රීඩා සඳහාවත්, ස්නානය සඳහාවත්, හදපු එකක් නෙවෙයි. :D මේ අගලට වතුර පිරිලා තියෙන්නේ, මෝසම් වැස්සෙන්. අගල හරහා යන්න, ඇළුමිනියම් ඉනිමගක් තියලා තියනවා දැක්කද? ඔය අගලේ සම්පූර්ණයෙන් වතුර පිරුනොත් මාරකයක්. පීනන්න බැරිනම් ගිලිලා මැරෙන්න වෙන්නේ. අඩි හයකට වඩා ගැඹුරයි.




   මේ අගලෙන් කරුණු දෙකක් ඉෂ්ඨ වෙනවා. එකක් තමයි, බැම්ම උඩින් කඩාගෙන එන ටැංකියක ගමන අවසාන වෙනවා, මේ අගලට වැටීමෙන්. (කලින් මෙතන අල්ලගත්තොත් විශේෂ පාළම් වර්ගයක් තියනවා, අගල හරහා ක්‍ෂණිකව දාලා, ටැංකි එගොඩ කරන්න. මේ තියෙන්නේ ඒ වගේ පාළමක්.



   දෙවැනි කාරණේ තමයි, මේ අගල දිගේ, (වතුර නෑ කියලා හිතන්න) භටපිරිස්, අවිආයුධ, අනෙකුත් සැපයුම් එහා මෙහා ගෙනියන්න පුළුවන්. ඒ නිසා, මෙවැනි අගල්, හමුදා භාෂාවෙන් හඳුන්වන්නේ, communication trench කියලා. 


 ඒ බැම්මත්, මේ බැම්මත්, හැර තවත් බැමි තිබේද පින්වත? එහෙමයි ස්වාමීනී, ඇයි වැව් බැම්ම. හුටා..........ඒක යුද්ද කරන්න හදන එකක් නෙවෙයිනේ.  

   ඇත්තටම තවත් බැම්මක් තියනවා. නමුත් අපේ රටේදී දකින්නට නැහැ. ඒ බැම්ම හඳුන්වන්නේ Ditch Cum Bund = DCB යනුවෙන්. එවැනි බැමි, දීර්ඝ කාලයක්, ස්ථිරව තබාගැනීමටයි හදන්නේ. රටවල් දෙකක් අතර ඇති දේශසීමා දිගේ තමයි ඒ විදිහට DCB හදන්නේ. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශ්, වැනි රටවල මේ DCB දකින්නට පුළුවන්. අගල සහ බැම්ම ඝන කොන්ක්‍රීට් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම, අවශ්‍යනම්, අගල දිගේ, යුද ටැංකි, කාලතුවක්කු, සැපයුම් රැගෙන යන බර වාහන, යන්න වුනත් හැකිවන ආකාරයට හදනවා.  DCB එක මෙන්න මේ වගේ. මෙතන අගල පෙනෙන්නේ නැහැ.



 ඔන්න ඉතින්, මේ ලිපි මාලාවේ මාතෘකාව වන, 'වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ' කියන කොටස් තුනෙන්, වැට ගහන්නෝ කියන කොටස, මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසේදී අපි බලමු, මේ ගහගත්ත වැට කොහොමද රැකගන්නේ කියලා.

2015 ජූලි මස 26 වැනි දින 2304 පැය 

38 comments :

  1. //ඒ බැම්මත්, මේ බැම්මත්, හැර තවත් බැමි තිබේද පින්වත? එහෙමයි ස්වාමීනී, ඇයි වැව් බැම්ම. හුටා..........ඒක යුද්ද කරන්න හදන එකක් නෙවෙයිනේ. //

    //අර දිය අගල ජල ක්‍රීඩා සඳහාවත්, ස්නානය සඳහාවත්, හදපු එකක් නෙවෙයි. :D //

    //ඒ අයගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව උදෙසා, :D අද තව දුරටත් ඒ ගැන කතාකරනවා.//

    මෙන්න මේ වාගේ එව්වා ලිවිල්ලෙන් ලිපියේ වටිනාකම හැල්ලු වෙලා මෝඩ ආතල් එකක් ගන්න ගතියක් දැනෙනවා මහත්තයෝ ,

    ඒක හරියට අර Fm චැනල්වල හිනා යන්නැති විහිළු වැඩසටහන්වල අපිට හිනාවෙන තැන පෙන්නන්ඩ පසුබිමෙන් හිනාහඩ දානව වගේ

    ReplyDelete
    Replies
    1. තරහ අවසර බෝයි හාංදුරුවනේ

      Delete
    2. ඔය වගේ ගොන් ජෝක්ස් දාලා තියෙන්නේ මේ ලිපිය බලන නුගත් බාසුන්නැහැලට බලන්න.

      Delete
    3. 88-89 කාලය අමතක වෙන්න තරම් බබ්බු වැඩිහිටියන් අතර ඉන්නව කියල සහ ඒ කාලෙ තිබුන තත්වය අවබෝධ කරගන්න බැරි තරමට සාක්ෂරතාවය දුර්වල පසු පරම්පරාවක් ඉන්නව කියල මම නං හිතන්නෙ නෑ. කොටින්ම මේව අපි හොඳට දන්න කියන කාරණා. බටලන්දෙදි කලා යයි කියන දේවලුත්,

      Delete
    4. @ අටම්පහුරJuly 27, 2015 at 8:06 AM

      තරහ වෙන්නේ මොකටද. කියන්න තියන දේ කෙලින් කිව්වම තරහවෙන්නේ මන්ද බුද්ධිකයෝ. මම මේ ලිපියේ මුලදීම කියලා තියනවනේ තිත්ත බේත් වලට සීනි දාලා දෙනවා වගේ වැඩක් කියලා මේක. ඒ නිසයි ඔය වගේ සැහැල්ලු දේවල් ටිකක් ලිව්වේ.

      @ AnonymousJuly 27, 2015 at 10:57 PM

      මහත්මයාණනි, මේ ලිපියේ අඩංගු කරුණු සහ මහත්මයාගේ අදහස් ප්‍රකාශ කිරීම තර සම්බන්ධය කුමක්දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. නැතහොත් මහත්මයාගේ අදහස් දැක්වීම ඉවත් කරන්නට සිදුවෙනවා.

      Delete
  2. අනේ අම්මෙ... අර රිංගිල්ල ගැන අහලා සියළුම රිංගිලි අත්හිටුවන්න මම තීරණය කොලා.... හපෝයි :m

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නොරිංගා ඉන්න එපා මධුවෝ, සමහර එව්වා තියනවා දැක්කම රිංගන්නමයි හිතෙන්නේ :e

      Delete
    2. මම අල්ලපු ගෙදර වැට ගහනකොට කම්බි පොටවල් ඇත් කරලා ගැහැව්වා...කොහමද මගේ ටකිරි මෙලේ

      Delete
    3. අම්මේ............. මේකා නම් අහලක පහලක තියාගන්න හොඳ එකෙක් නෙවෙයි. දැක්කොත් බුවා වර්ගයේ එකෙක්.

      මොකද්ද බොල ටකිරි මෙලේ?

      Delete
    4. ටිකිරි..ටිකිරි මාරි ඇඩ් එක

      Delete
  3. ස්තූතියි... හමුදාවේදිවත් ඉගෙන ගන්න ඕනෙ උනේ නැති පැත්තක් ගැන ආසාවෙන් කියවන්න හුරු කරනවට..

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු තවමත් පරණ නැහැ කියලා හිතුන නිසයි ලිව්වේ. ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  4. මේක ගොඩාක් මහන්සි වෙලා හදන බව නම් දන්නවා. එත් ලිපිය කොට වැඩියි වගේ. එක දිගට කියෝගෙන යන්නත් පුළුවන් ගේමක් නැතුව. පහු ගිය යුද්ද කාලේ මුහුදු වෙරලෙත් ඔය වගේම බැමි බැඳලා, යුද්ද ටැංකි හංගලා තියාගෙන ඉන්න හැටි මම දැකලා තියෙනවා වීඩියෝ වල. විචා අපි ලියමුකො පොතක්. ලෝකෙම ආරක්ෂක පීට වලට " යුද මූල ධර්ම ඉතාම සරලව . "

    ReplyDelete
    Replies
    1. අග ඉඳලා මුලට උත්තර දෙන්නම්. යුද මූලධර්ම ගැන අති විශිෂ්ඨ අග්‍රගණ්‍ය යුද විශේෂඥයන් විසින් ලියන ලද පොත් තිබෙනවා. ඒවා තවමත් සිංහලට පරිවර්තනය කර නැහැ. එවැනි ලේඛකයන් අතර මා නිකම්ම නිකම් කුරුමිට්ටකු පමණයි. මා කරන්නේ සිංහල පාඨකයාට යමක් දීමයි.

      මේ ලිපියේ මාතෘකාවේ කොටස් තුනක් තියනවානේ. වැට ගැහීම කියන කොටස මේ ලිපියෙන් අවසන් වෙනවා. මෙතනටම වැට රැකීමත් සම්බන්ධ කලානම් නොගැලපීමක් වෙනවා. ඒ නිසයි මෙතනින් අවසන් කලේ.

      Delete
  5. මේ සා විසාල තොරතුරු සමූහයක් එකතු කර සිංහලෙන් මෙහි සටහන් කිරීම ගැන නොවක් තුති හැමදාම වාගේම…
    මේ සටහන් ‘වර්ඩ්’ ගොණුවක් ලෙස එකතු කරනවා ඇතැයි සිතමි..
    සටහන් පණහෙන් පණහට කුඩා පොත් ලෙස සකස් කල හැකි වෙයි එවිට..
    ඇවැසි වෙලාවක මුද්‍රණ‍ය කිරීමත් කල හැක.

    ReplyDelete
    Replies
    1. ඇගයීම් ගැන ස්තුතියි. මම online ලියන නිසා ලිපි එකතුවක් තවම සකසා නැහැ. නමුත් ඔබේ යෝජනාව කාලෝචිත බව පෙනෙනවා.

      Delete
  6. මේක නම් වටිනා පාඩම් මාලාවක් වගෙයි විචාරකතුමෝ.............. දිගට ම ලියමු... අවශ්‍ය තැන්වලට හදුන්වාදෙමු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉතිරි කොටස් ටිකත් කියවන ලෙස කාරුණිකව ඉල්ලනවා.

      Delete
  7. මෙම ලිපි මේ ආකාරයෙන් ගෙන ඒමටඔබතුමාකෙතරම් වෙහෙසෙනව්ද කියා ඉතාම පැහැදිලියි. ඒකට අපි බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි සංකීර්ණ ගැඹුරු කාරණා මෙතරම් සැහැල්ලු ලෙස කාටත් වැටහෙන ලෙස ඔබතුමා ඉදිරිපත් කරන අයුරුත් අපූරුයි.

    ReplyDelete
  8. Brilliant article. Well done Mr. Wicharaka. Thank you very much for your valuable time & its so interesting to read with your simple & lovely language style. Wish you all the best & kindly share the defence science knowledge with us with such tremendous posts as possible as you can. Hats off & big salute for you.

    ReplyDelete
    Replies
    1. Sir, you are always welcome. I would like to express my sincere gratitude for your encouraging comment.

      Delete
  9. අටං කියපු එකම තමයි කියන්න වෙන්නෙ. ඒ වගේ දේවල් වලින් ලිපියෙ තියෙන වැදගත් කමට පොඩි හානියක් වෙනවා කියලා හිතෙනවා. පෝස්ට් එක කියවගෙන යද්දි බෝරින් වෙනවා ඇති කියලා හිතලා ඒ වගේ දෙයක් එකතු කරනවා ඇත්තෙ. ඒත් මේ වගේ අලුත් දෙයක් කියවද්දි බෝරින් වෙන්නෙ නම් නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ කැමා, නිකං ජෝකරයෙක් වෙන්න හැදුවා නෙවෙයි. න්‍යායාත්මක කරුණු දිගටම කියනකොට එපාවෙයි කියලා හිතලා තමයි ඒවා දැම්මේ. මීට පස්සේ ටිකක් සැලකිලිමත් වෙන්නම් සීමාව ඉක්මවා නොයන්නට.

      Delete
  10. බොහොම ආසාවෙන් කියවන මාතෘකා මෙව්වා... ජයවේවා... මම නං ඔයවගේ දේවල් මිස් කරන්නෙ නෑ....දිගටම ලියමු.. මම කොහොමත් පරණ දේවලුත් ඇද ඇද බලනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජෝ, පරණ ලිපි වලින් ප්‍රශ්න මතුවෙනවානම් එතන නොලියා අලුත්ම ලිපියේදී වුනත් අහන්න.

      Delete
  11. ගිනි මද්දහනේ තාර පාර අයිනේ කරවෙන ගූ බෙට්ට්ටක්‌ මෙන් මෙම බ්ලොග් අඩවිය කොමෙන්ට්ස් නැතිව වෙලෙන්නේ ඇයි? හිටපු යුධඅමුදා පතිතුමාගේ පක්සේ රැස්වීම් වලට එන මිනිස්සු ගාන වගේ.

    මේ වගේ හමුදාව හෑල්ලු කරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මහත්මයාගේ මේ ප්‍රකාශය තුලින් ගම්‍ය වන ප්‍රධානතම කරුණ වන්නේ, මහත්මයා ප්‍රාථමික ජන කොට්ඨාශයක සාමාජිකයකු බවයි. ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ඉතා හොඳ තත්වයක පවතින නිසා, දැන් මිනිස්සු වැසිකිළි පාවිච්චි කිරීමට පෙළඹී සිටිනවා. මහත්මයා අයිති ප්‍රාථමික ජන කොට්ඨාශයේ අය, තාමත් පරිසරය වනසන අය වීම ගැන කණගාටුයි. මහත්මයා තවමත් පාර අයිනේ වැසිකිළි යන්නේනම්, දැන්වත් ඒ ප්‍රාථමික මානව primitive human acts පුරුද්දෙන් අත්මිදීම යෙහෙකි.

      මේ අඩවියේ ලිපිවලට අදහස් දැවීම් අඩුවීම ගැන, මහත්මයා මෙලෙස වලප්නේ කුමකටද? මහත්මයාට තවමත් හරියට සිංහල යතුරු ලියනය කරගන්න බැහැ නේද? වෙලෙන්නේ නෙවෙයි මහත්මයා, වේලෙන්නේ යන්න තමා නිවැරදි වචනය. ඒ වගේමයි යුදඅමුදා නෙවෙයි නිවැරදි වචනය යුධ හමුදා. අමුදා යන්න සිංහල නොවන අයගේ යෙදුමක්. පක්සේ නෙවෙයි පක්‍ෂයේ. මහත්මයාට මූලික සිංහල දැනුමවත් නැති හැඩයි.

      මහත්මයා ප්‍රාථමික මානව පරම්පරාවක ජන්මය ලබා, යන්තම් පරිගණක හුරුවක් ලැබුවාට මදි. භාෂාව ගැනත් දැනුමක් තිබිය යුතුයි බ්ලොග් සම්බන්ධ කටයුතු වලදී.

      සමහර බ්ලොග් අඩවි වල, ලයික් ඉල්ලනවා රෙපක් බම්පුවක් දාන්න කියලා වැඳ වැටෙනවා නේද? නමුත් මහත්මයා මා එවැනි තාලයේ පුද්ගලයකු නොවෙයි.

      මේ අඩවිය බලන කිසිවකුත් අදහස් නොදැක්වුවත්, පාඨකයන් මේ අඩවිය බලන බව මා දන්නවා. වෙනත් අඩවි වල පලවන ලිපි අමු අමුවේ කොපිකර, තමන්ගේ වගේ පලකරන බලුකිරි අඩවි ගැනත් මහත්මයා දන්නවා ඇති. එවැනි අඩවි පාලකයකු, මේ දිනවල, මගෙන් නොකඩවා ප්‍රහාර ලබමින් සිටිනවා. මහත්මයා ඒ ගණිකා අඩවියේ පාලකයා නොවෙයි කියා සිතනවා.

      Delete
  12. ඔන්න විචෝ, කිවා වගේම මේකත් එක හුස්මට කියෝලා දැම්මා..

    අර පාලම් මැෂින් එක දැක්කා ම පිස්සු හැදෙනවා බොල...


    ------------
    තුන්වෙනි කොටහත් කියවන්න අනිවා ගොඩවෙනවා...

    ---------
    මේ වගේ වටිනා දේවල් ලියන එක ගැන මුළු හෙලබ්ලොග් අවකාශේම ඔහෙට ස්තුතිවන්ත වෙන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විභීෂණ.

      පාලම මැෂිමෙන් අපි හුඟක් වැඩ ගත්තා යුද්ද කාලේ. මාර ගැජට් එකක්.

      නැවත වරක් ස්තුතියි.

      Delete
  13. මීට ගොඩ කාලෙකට ඉස්සල්ලා ඩිස්කවරි නාලිකාවේ ඔය කටු වැටවල් කඩන්න යොදාගන්න බෝම්බ විශේෂයක් ගැන වැඩසටහනක් ගියා.මතක විදිහට ඒ බෝම්බවල නම "බැංගලෝර් ටර්පිඩෝ". (වැරදිනම් හදන්න ).අපේ හමුදාව සතුවත් ඒවා තිබුනාද?

    ReplyDelete
    Replies
    1. හඃ හා................ඔය තියෙන්නේ පූර්ව දැනුම නියමෙට. ඊළඟ කොටස් කියවීමේදී ඔය දැනුම බොහොම ප්‍රයෝජනවත් වෙයි.

      බැංගලෝර් ටෝර්පිඩෝ හරි. අපේ හමුදාව පාවිච්චි කලේ නැහැ. අවශ්‍ය නැති නිසා.

      https://en.wikipedia.org/wiki/Bangalore_torpedo

      Delete
  14. ඒ විචාත්, මේ විචාත් ඇර අපිට ‍මේව ගැන කියන්න වෙන විචෙක් ඉන්නවද. නෑනෙ.
    අදත් හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..........බොහොම ස්තුතියි.

      ඒ වුනාට බලන්නකෝ අර උඩ ඇවිත් ඉන්න ඇනෝ මහත්තයෙක් තවමත් පාර අයිනේ කක්කා කරන වර්ගයේ එක්කෙනක්.

      Delete
  15. ප්‍රසා කියනවා වගේ මේ වගේ දේවල් සරල කරලා අපි නොදන්න දේවල් අපිට කියලා දෙන්න විචාට තියන හැකියාව නම් එල ද බ්‍රා..
    අපි අපේ හැකියාවන් ගැන නිහතමානිව ආඩම්බර වෙමු..ඒ හැකියාව අනිත් අය අගය කරනකොට සමහරැන්ට බලාගෙන ඉන්න බැරැව ඇති...
    දිගටමු ලියමු...එල ද බ්‍රා
    හැලපේයියන්ඩිලාගෙ පාටියෙදි සෙට් වෙයි කියලා බලාගෙන හිටියේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙන්ඩෝ. ඇත්තටම ඔය ඇනෝලා දාන්නේ 'දුකට කියන කවි' ඕවා දාන්නේ අපි නොදන්නා අය නෙවෙයි. හොඳටම දන්න අය. ඒගොල්ලන්ගේ අඩවි කුණුවෙලා. තව දුරටත් ලියන්න දේවල් ඔලුවේ නැති නිසා හිඳිලා. කමෙන්ට් දාන්නත් ඔලුවට අදහස් එන්නේ නැහැ. එහෙමත් නැත්නම් තමන්ගේ මොලේට නොවැටහෙන කරුණු තමා මේ අඩවියට ආවම ඔවුන්ට පෙනෙන්නේ. අඩවිය තරමක් හෙමින් හෙමින් ඉදිරියට යනවා දැක්කම කුහක කම ඉස්මතු වෙනවා. ඔන්න ඕකයි ඇත්ත.

      අනේ අර පාටියට ආවේ නැත්තේ අසනීප නිසා. අපේ උන්දැ මහා බාධක පරය වගේ හිටියා.

      Delete
  16. අද තමා ලිපි දෙකම කියෙව්වේ. ගොඩක් වටිනවා. මේ ලිපි මාලා ටික එකතු කරලා පොතක් කරන්න තියෙන්නෙ.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඉතිරි කොටස් ටිකත් කියවන්න එන්න. පොතක් ගහන එක හොඳ අදහසක්. ටිකක් හිතලා බලන්න ඕනේ.

      Delete
  17. //මේ විදිහට හදපු කම්බි පැටලුම යටින් බඩගාගෙන යන්න කියලා, ඔලුව මට්ටමට අඟලක් ඉහළින් විතර යන විදිහට, නොකඩවාම වෙඩි තියනවා//
    හප්පේ......

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }