හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 September 2015

පරණ පොතක පිටුවක්

Old Books
පරණ පොත් වලට බොහොම දෙනෙක් කැමතියිනේ. අද කාලේ ඉන්න හුඟ දෙනෙක්, අලුත් පොත් කියලා හඳුන්වලා, අපිට දෙන්නේ පරණ පොත්ම තමා, එක අතකින් බලනකොට. මට පහුගිය දවස්වල, අහම්බෙන් පරණ පොත් ටිකක් ලැබුණා. ඉතින් මට හිතුනා, ඒ පොත්වලින් තෝරාගත් කොටස්, ඔබ සමග බෙදාහදා ගන්නට. මෙන්න අද මම ඉදිරිපත් කරන පොත් පිටුව. 


1


   ඔන්න ඉතිං මෙව්වා, මේ පාඩම් පොතේ තියන පාඩම්, මෙන්න මේ වගේ කියලා පෙන්නන්න ඉදිරිපත් කළා මිසක්, වෙන වෙන අර්ථ කථන දෙන්න හිතාගෙන ඉදිරිපත් කළා නෙවෙයි. අනේ මං දන්නෑ, ඕනේ කෙනෙක්, ඕනේ අර්ථ කථනයක් දෙන්න. ඒ කාලේ මේ කියන මෝරුන් සහ හාල්මැස්සා/සෝ, අද කාලේ කවුද? ඒ කාලේ වැද්දා, මුවා සහ සර්පයා අද කාලේ කවුද? කියලා නම් මගෙන් අහන්න එපා. පූර්වාපර සන්ධි ගලපන්න මේක ජාතක කතාවක් නෙවෙයිනේ.


   මේ පොත, 1940 දශකයේදී පමණ මුද්‍රණය කළ එකක් කියා අනුමාන කරනවා. භාෂා විලාශය ටිකක් අමුතුයි නේද? කාලීනව භාෂාව වෙනස්වන ආකාරය පෙන්වන, හොඳ උදාහරණයක්. බලන්න, සර්පයා කියන වචනය සඳහා, රේඵය යොදා ඇති ආකාරය. අද රේඵය යොදාගන්නේ නැති තරම්. ඒ වගේම දෂ්ට කියන වචනයේ හල් ෂයන්න සහ ටයන්න, එකට බැඳලා තියෙන්නේ. මෙසේ බැඳී අකුරු ලිවීම භාවිතයෙන් නැතිවී ගියේ, 1970 දශකයේදී පමණ කියා මා හිතනවා. (අදත් කලාතුරකින් නැත්තේම නොවේ) ඒ වගේම, 'උඹ බන් බොලන්' භාෂාව, පළමුවැනි පන්තියේදීම, ළමුන්ට අහන්න දකින්න ලැබෙනවා. ඒ කාලේ මුද්‍රණ කටයුතු, කෙබඳු තත්වයක තිබෙන්නට ඇද්ද යන්නත්, අකුරුවල ස්වභාවයෙන් පෙනෙනවා.


   තවත් දෙයක්. ඉංගිරිසියේ බලපෑම කොතරම්ද යන්නත්, මනාව පිළිබිඹු වෙනවා. සිංහල උගන්වන පොතේ, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නම සහ පොතේ නම ඉංගිරිසියෙන් යොදා තිබෙන්නේ, එකල පරිපාලන කටයුතු වලදී, බහුලව ඉංගිරිසිය භාවිත වුන නිසායැයි හිතෙනවා. 



   මේ පිටුව ලැබුණේ, වෙනත් පොතක් අස්සේ තිබිලා. ඉතුරු ටිකත් තිබුණා නම්, හරිම වටින පොතක්. ටිකක් හොයලා බලන්න ඕනේ.


2015 සැප්තැම්බර් මස 20 වැනි දින 1325 පැය 

119 comments :

  1. පොතම බලන්න ආස හිතුනා.භාෂාව අමුතුයි තමයි.හාස්‍ය,උපදේශය වගේ කරැනු ඇතුලත් කෙටි කතා තේමාවන් ඇති පොතක් වගෙයි පෙනෙන්නේ.අනිත් කොටස් ලැබුනොත් මෙ වගේම දාන්න.මගේ ලගත් තිබුනා 1920 වර්ෂයේ වගේ පොත් කිහිපයක්.දැනට ඒවා අස්ථාන ගත වෙලා.ඉල්ලගෙන ගිය අය ගෙනත් දුන්නේ නැ.
    ඔය හාල්මැස්සගේ කතාවෙ විචාතුමා හාල්මැස්සද මොරාද ?

    ReplyDelete
    Replies
    1. ගැහැණියත්, පොතත්, අතින් අත ගියොත් ගියාමයි කියලා කියමනක් තියනවනේ. මමනම් මගේ පුද්ගලික පුස්තකාලයේ පොත් දෙන්නේ නැහැ කාටවත්. ඔය විදිහටම කීපවතාවක් පොත් අහිමිවෙලා තියන නිසා.

      ඇත්තෙන්ම මේ වගේ පොත් අද කියවන්න තිය්නනවානම් ඓතිහාසික, සමාජයීය, සාහිත්‍යමය, කරුණු බොහොමයක් ගැන, මෙතෙක් නොදැනසිටි කරුණු දැනගන්න පුළුවන්.

      ස්තුතියි අදහස් දක්වේම ගැන.

      Delete
    2. “පුස්තකම් ඩීවීඩී රත්නම් - පරහස්ත ගතෝ ගතම්“

      Delete
    3. ඇයි විචාතුමා සිගරටිටුවත් එහෙමයිනේ අතින් අතට ගියොත් ගියාමයි.පලවෙනියට එන්නේ ෆිල්ටරේ විතරයි

      Delete
    4. @ ඩ්‍රැකී
      හපොයි පොත සමග දැන් DVD එකත් එකතුවෙලාද? ඒකත් ඇත්ත. මගෙත් DVD කීපයක් ඔය විදිහට නැතිවුණා.

      @ මනෝ
      හප්පා උරලා උරලා අන්තිමට ෆිල්ටරේවත් ආපහු ලැබෙන එකයි පුදුමේ.

      Delete
    5. මනෝ
      පට්ට කතාව ඒක..අැත්තමයි බං.

      Delete
  2. මට වැටහුණු දේවල්.

    1. ඒ කාලේ මෝරුන් ද හෙළ හවුලේ ඇ-කාර විකාරයින් ය.

    2. වැද්දන් නිවරද ව්‍යාකරණ සහිතව සිංහලෙන් කතා කර ඇත. අපි ඉගෙන ගත් කාලේ නම් මේ වැද්දන් කතා කළේ හපුවා / මන්දෝ කළා / කොටා බෑවා / මමාකැච්චමක් වැනි "පාරිභාෂික" වචන යොදමිනි!

    ReplyDelete
    Replies
    1. ඔය හැටි පුදුම වෙන්න කාරණාවක් නෑ. ඔය සර්පයත් කතා කරලා තියෙන්නෙ අපූරුවට.

      Delete
    2. //පුදුම වෙන්න කාරණාවක් නෑ. ඔය සර්පයත් කතා කරලා තියෙන්නෙ /// ඒකනේ.. පුදුමේ නම් රසිකට ඒ ගැන වැටහුණු නැති එකයි :)

      Delete
    3. ඇයි අර මෝරෙකුත් කතා කරල තියෙන්නෙ අගේට.

      Delete
    4. හාල් මැස්සාත් කතා කොරලානෙ අන්තිමට බැලුවම.

      Delete
    5. @ රසික
      1. හෙළ හවුලෙන් අපේ භාෂාව පිරිසිදුවීමත් අමතක කරන්න බැහැ. සෑහෙන තරම් විදේශීය වචන ඉවත් කිරීම සහ පිරිසිදු සිංහලෙන් තාක්ෂණික පද නිර්මාණය කෙරුනෙත් හෙළ හවුල නිසා. එහි පතාක යෝධයකු වන මැවිසුරු ඊලියන් ද සිල්වා ඊයේ පෙරේදා අභාවප්‍රාප්ත වුනා.

      2. මෙතැනදී වැද්දාගේ භාෂාව ගැන විශේෂත්වයක් නොකර තිබෙන්නේ පළමුවැනි ශ්‍රේණියේ ළමුන්ගේ මනසට වදින ආකාරයට කතාව කියාදීමට ඇති අවශ්‍යතාව නිසා කියලයි මම හිතන්නේ. වැදි භාෂාවත් මෙතනට එකතුකලානම් පළමුවැනි ශේණියේ දරුවන් මහ අවුලකට පත්වෙනවා.

      @ හරී, කල්‍යාණ, ප්‍රසන්න, මධු.
      බලනකොට ඒ කාලේ සත්තු හොඳට සිංහල දැනගෙන ඉඳලා තියනවා. ඒකට අද ඉන්න සත්තු.

      Delete
    6. වැද්දා කතා කර ඇත්තෙ උක්ත අනුක්ත පද හරි හැටි ගළපලාය. එයින් ඉගෙන ගන්න ළමයිනුත් උක්ත අනුක්ත ගළපා ලියන්න පුරුදු වෙන බව අරමුණු කරන්න ඇති.

      Delete
    7. මෙතන මට නිරීක්‍ෂණය වන දේවල් කීපයක් මෙහෙමයි.

      1. අංක 1. වාක්‍යයේ මෝරුන් සහ තල්මසුන් අතරේ කියන තැන 'තල්මසුන්අතරේ' කියා පද වෙන් නොකිරීමත් 3 වැනි වාක්‍යයේ සමාදානකරවාගැනීමට යනුවෙන් පද වෙන් නොකරීමත්, 2 වැනි පාඩමේ අංක 1 වාක්‍යකේ දෂ්ටකෙළේය යනුවෙන් පද වෙන් නොකිරීමත්, මුද්‍රණ දෝෂයකි. එය සෝදුපත් කියවීමේදී නිවැරදි කර නැත. 1 වැනි පාඩමේ 1 වැනි වාක්‍යයේ කථාකෙළේය යන්නත් වැරදියි.

      2. නිවැරැදි වචනය සමාදානය නොව සාමදානය යි.

      3. මේ අකුරු පළමුවැනි ශ්‍රේණියේ දරුවකුට කියවීම සඳහා පොඩි වැඩියි.

      Delete
  3. මේ මුල් කතාව අපේ ලොකු නැන්දා අපට කියා දී ඇත. ඇය 40 දශකයේ දී ගුරු සේවයට බැඳුණු කෙනෙකි.
    http://rasikalogy.blogspot.com/2015/08/old-fox.html

    ReplyDelete
    Replies
    1. අද කාලේ ඒ වගේ කතන්දර දන්නා නැන්දලා බොහොම අඩුයි.

      Delete
  4. මා ළඟ තියෙනවා 1930 දශකයේ (බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් විසින්) තැපැල් මාර්ගයෙන් පාලි ඉගැන්වූ පෙළ පොතක කොටස්. ඔය අකුරුමයි. 1975 පමණ කාලයේදීත් අකුරු අමුණා මුද්‍රණය කරන අච්චු කන්තෝරු වල බැඳී අකුරු සෑහෙන ප්‍රමාණයක් තිබුණා. මම හිතන්නේ බැඳී අකුරු භාවිතය නැතුවම ගියේ පරිගණක අකුරු භාවිතය ඇරඹීමත් සමඟ. ඔබට මතක ඇති උපාලි සමාගමෙන් මුලින්ම පරිගණක අකුරු භාවිතයෙන් දිවයින මුද්‍රණය කරන විට (මා හිතන පරිදි) මෙය කළේ ඉතා සීමිත සංකේත ගණනක් භාවිතයෙන් (මේ ගැන වඩා හොඳින් දන්නා අය මෙය කියවන අය අතර ඇති) සයන්න මුද්‍රණය කර තිබුණේ යයන්නට කොටසක් එකතු කළ අකුරක් ලෙස. භ හැදුනේ ග වලට මේ කෑල්ලම එකතු කිරීමෙන්.
    (ඉතුරු පිටු නැති නිසා මෙය කිරිකාරයින් විසින් හට්ටි එතීමට නොගනු ඇතැයි සිතමි.)

    ReplyDelete
    Replies
    1. පරණ පොත්වල අඩංගු තොරතුරු කියවීම මෙන්ම, ඒවාගේ භාෂාව, මුද්‍රණ විධි ආදිය ගැන විමසීමෙන්, විශ්මයජනක කරුණු දැනගන්න පුළුවන්. දිවයින පත්‍රය, පරිගණකයෙන් මුද්‍රණය ආරම්භ කිරීම මට මතකයි. ඒ පුවත්පතේ, පළමුවැනි පිටුවේ, පත්‍රයේ නමට පහලින් කුඩා අකුරු පේලියකින් ඒ බව සඳහන්ව තිබුණා.

      හෙහ් හෙහ්, කිරි හට්ටි නෙවෙයි සාමලා අමරලා, කඩල ඔතන්නත්, කුමාරෝද පොත් පිටු දන්දෙනවා කියලා, සුනිල් එදිරිසිංහ කියනවානේ.

      Delete
    2. Google drive එකට දාන්නකෝ මට එක කියවන්න

      Delete
  5. මේ පොත් වලින් ලමයින්ට බස පිළිබඳ දැණුම වගේම ජීවන දර්ශනයකුත් ඉගැන්නුවා​. ඉන් පසු නව අධ්‍යාපන ක්‍රමය අනුව සාමා අමර එන්න මල් කඩන්න වගේ විකාර වලින් භාෂාව උගන්වන්න පටන් ගත්තා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ පොත්වලින් දැනුම වගේම ශික්ෂණයත් ලැබුනා. එයයි වටිනාකම.

      Delete
  6. මාත් පරන පොත් පත්තර වලට ආසයි.ඒව දැක්කම අතීතය ඝන අමුතු හැගීමක් එනව. ඉස්සර පොත්වල බාශාව අමුතුයි තමා.එඉ.වගේම විදාන ක්‍රියාත් බහුලයි.අද මගෙත් බාසාව අමුතුයි.මොකද ෆෝන් එකෙන් කොමෙන්ට් කරන්නෙ ස්පෙලින් එහෙම වැරදියි.මම මේකට අලුත්.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික දෝෂයක් නිසා ඔබේ කමෙන්ට් එක දෙවරක් පළවී තිබුණා. එකක් අයින් කළා. ජංගම දුරකථනයෙන් සිංහල ටයිප් කිරීම ඉතා වෙහෙසකරයි කියලයි මටනම් හිතෙන්නේ. කමෙන්ට් එක දෙවරක් එන්නෙත් එවැනි දෝෂයක් නිසා.

      පරණ පොත් ගැන මට තියන පෙරේතකම බොහොම ඉහළයි. :e

      Delete
  7. ඔය පොත අපෙ ගෙදර පරණ පොත් ගොඩක තිබුණා මතකයි. වෙලාවක ආපහු ඇදලා බලන්න ඕනෙ. හොයාගන්න පුළුවන් උනොත් විස්තර දාන්නම්. ඔය පරණ පොත් වල තියෙන භාෂා විලාසය සෑහෙන්න වෙනස්. හැබැයි අද කාලෙ වගේ කලවම් අච්චාරුවක් නම් නෙවෙයි හොඳ පිරිසිදු භාෂා විලාසයක්.

    ReplyDelete
    Replies
    1. හොයන්න හොයන්න වහාම. මේවා බොහොම වටිනවා.

      අද භාෂාව අච්චාරු වුණේ නොදන්නා ඉංගිරිසිත් ඔබලා කතාකරන්න යාමෙන්.

      Delete
    2. මම අකමැතිම දෙයක් තමයි ඕක. ඒත් ඉතින් සමහර දේවල් නිසා ඔය ඉංග්‍රීසි වචන යොදා ගන්න එකෙන් අයින් වෙන්න අමාරුයි. සමහර ක්ෂේත්‍ර වල සමහර වචන වලට සිංහල වචන නෑ. තිබුණත් තියෙන ඒවා කියවන්න බෑ දිව උලුක් වෙනවා. (ලංකාවෙ විද්‍යාව සිංහලෙන් උගන්වන්න යොදාගෙන තියෙන වචන ටිකම බලන්න)

      Delete
    3. ඇත්තටම සිද්දවුනේ මේකයි. මැද්දට ඉංගිරිසි කෑලි දාලා කතාකිරීම කොළඹ රටේ ලොකු පවුල්වල අය තමයි පටන්ගත්තේ. අපි ඔය, බස් එක, කාර් එක, හෝන් එක, ටයර් එක, වගේ දේවල් විතරයි කිව්වේ. නමුත් අර කොළඹ සමාජයේ අය අපි, විකට්ටුව, තණතිල්ල, පන්දුව, පිත්ත, නොඉඳුල් ඕවරය, කියනකොට හිනාවුණා. අපේ වැඩි දෙනෙක් හිතන්න පටන්ගත්තා, මැද්දට ඉංගිරිසි කෑලි දැමීම තමයි හරි කියලා. ඒක වසංගතයක් වුනා. ජපනා, චීනා, ඊශ්‍රායල් කාරයා, රුසියානුවා, විද්‍යාව උගන්වන්නේ සම්පූර්ණයෙන් උගේ බසින්. අපිට තමයි බැරි.

      Delete
  8. පරණ ඔය වගේ පොත් නං හම්බෙලාම නෑ...
    මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ රෝහිණි නවකතාව තියෙයි ඒක තමා මං ළග තියෙන පැරණිම කතා පොත මගෙං ඉල්ලගෙන ගිය නාස්තිකාර කාලකණ්ණියෙක් ඒ පොතේ මුල් පිටු ගලවල අහක් කරල හරි ඉරල හරි මක හරි කරල
    ඒකෙ ඉතුරු වෙලා තියෙන්නෙ සංඥාපනය පිටුව විතරයි මුල් පිටු වලින් , තියෙන විදියට දෙවනි මුද්‍රණය 1929.5.5 දිනයක් තියෙන්නෙ ඒත් මං හිතන්නෙ නෑ ඒ තරං පරණයි කියල මොකද පොතේ මිල රුපියල් හතලිස් පහක් විදියට දැක්වෙන්නෙ අනූ හෝ අසූ ගණන් වල පොතක් වෙන්න ඇති
    තව එකක් තියෙයි ජාතික ව්‍යාපාරය ව්‍යවස්ථාවර්ධනය හා වාමාංශික ව්‍යාපාරයේ උපත කියල ඒක නං 1974 එකක්.. ලක්සිරි ප්‍රනාන්දු කියල කෙනෙක්ගෙ
    සමහර විට අර ඒ කාලෙ ළග තිබ්බත් මැරුං කන්න වෙන ජාතියෙ පොතක්ද කොහෙද
    හම්බුණ විදිය නං මතක නෑ

    ReplyDelete
    Replies
    1. මිතුරන් නිසා පොත් නැතිවීම බොහෝවිට සිදුවන දෙයක්. මමනම් ඉල්ලන්නත් නැහැ දෙන්නෙත් නැහැ, තරහවුනත්,

      රෝහිණී පොත ගැන ඔබ කියන තොරතුරු හරි කියලා හිතෙනවා. ඒක පසුකාලීන මුද්‍රණයක්.

      අර වාමාංශික පොත 1988 - 89 කාලේ පොලීසියට අහුවුනා නම් ඔයාට පොලීසියේ බෝඩින් වෙන්න ඉඩ තිබුණා.

      Delete
    2. හැක්... අවුලක් නෑ...
      මං අසූ අටේ.. එච්චර හිච්චි කොල්ලෙක් පොලෝසි දක්කයිද ඈ...
      ඕක අපේ කවුරු හරි මාම කෙනෙක්ගෙ.. හැබැයි කවුරුවත් කීවෙ නෑ ඇහුවට..

      Delete
  9. භාෂා විලාශය නම් අගේ යැ

    ReplyDelete
    Replies
    1. පොල්ලෙන් ගැහුවා වගේ කෙළින්ම කතාකරන භාෂා විලාශයක්.

      Delete
  10. දැඩි උපහාස රසයක් ජනිත කරවන පොතක පිටුවක්.

    ReplyDelete
    Replies
    1. පළමුවැනි ශ්‍රේණියේ දරුවන්ගේ කුතුහලය වඩවමින්, උනන්දුව වැඩිකරන්න තමා මෙවැනි ආකාරයට පොත සකසා තියෙන්නේ.

      Delete
  11. පරණ පොත් පෙරලීම හොඳ වැඩක් :-)

    බලන්ට ඒකාලෙ "සර්පයා" ලියලා තියෙන හැටි..දැන්නම් ඒ විධියට ලියනවා පේන්ටවත් නෑ . කොම්පීතර වලින් කොහොමටත් ලියන්ට බරුව ඇති.

    ReplyDelete
    Replies
    1. මොකද බැරි. ලියලාම පෙන්නන්න ද? :-)

      සර්‍පයා

      Delete
    2. //කොම්පීතර වලින් කොහොමටත් ලියන්ට බරුව ඇති//
      ඇයි බැරි. යුනිකෝඩ් වල නැති උනාට සාමාන්‍ය සිංහල ෆොන්ට් එකක ප යන්නට පස්සෙ අන්ඩස්කෝ එක ( _ ) ගහල ඔය ‍රේපෙ ඔය විදියට ගන්න පුලුවන්.

      Delete
    3. හුටා මේකෙත් තියෙනව නේන්නං
      සර්‍පයා

      Delete
    4. එහෙම කියන්ටෙපෑ.. තැන්කු කිව්වා

      Buratheno යුනිකෝඩ් වල හොයාගන්ට බැරි උනා. ලියන ක්‍රමේ කිව්වනං?

      Sinhala Writer 3.0 වල පුළුවන්. pr

      Delete
    5. Kandyan, යුනිකෝඩ් සර්‍පයා දුටුවාද?

      සර්‍පයා = im¬hd

      Delete
    6. ඔය ¬ කියන්නෙ Esc key එකට වහාම යටින් තියෙන key එක Shift key එකත් එක්ක.. මගේ තියෙන්නෙ UK keyboard එකක් නිසයි එහෙම කිවුවෙ, මොකද US keyboard වල එතැන මොකක්ද දන්නෙ නෑ තියෙන්නෙ..

      Delete
    7. දුටුවා !!!
      සියල්ලන්ටම පිං සර්‍පයා පෙන්නුවාට :-)

      Delete
    8. saRpayaa

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    9. ගුගල් ඉන්පුට් වල කොහොමෙයි? o.O (මටත් ඕනිනම් //සර්‍පයා// පෙන්නතහැකි.. කට් ඇන්ඩ් පේස්ට් කරලා.. එහෙම වැඩක් නෑනේ.. :/

      Delete
    10. ගූගල් ඉන්පුට් ගැන නොදනිමි කමියෝ. මම ටයිප් කරන්නේ අමුම අමු යුනිකෝඩ්වලින් නෝට්පෑඩ් එකේය..

      Delete
    11. @ Kandyan
      කොහොමද ඒ කාලේ drill / weapon pamphlets මේ වහේ භාෂාවකින් තිබුණානම්? බෝල පෙරේරා ලස්සනට කියලා දෙයි.

      @ බූරා
      මමත් ලියලා බැලුවා මේ තියෙන්නේ.

      [im#]https://jangun.files.wordpress.com/2015/09/screenshot-51.png[/im]


      [im#]https://jangun.files.wordpress.com/2015/09/screenshot-51.png[/im]


      @ ප්‍රසන්න
      ඩෙස්ක්ටොප් කී බෝඩ් එකේ 1 ඉලක්කමට වම් පැත්තෙන් තියක කී එකේ රේඵය තියනවා.

      @ Kandyan
      මෙන්න මේවට ගිහින් බලන්න

      https://sinhalaunicode.gishan.net/write

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      @ Pra
      ස්තුතියි

      @ කල්‍යාණ
      අම්මෝ පෙන්නන්න එපා. කළු සර්පයෙක් නේද?

      @ බූරා
      මොනවා ගූගල් ඉන්පුට් දන්නේ නෑ? මම මේ ලියන්නේ ගූගල් ඉන්පුට් ටූල්ස් වලින්.

      මේ තියෙන්නේ.

      http://www.google.com/intl/si/inputtools/

      Delete
    12. එකම පින්තූරේ දෙවරක් වැටිලා. දෙවැනි පින්තූරේ වෙන්න ඕනේ මෙන්න මේකයි.

      [im#]https://jangun.files.wordpress.com/2015/09/screenshot-52.png[/im]

      Delete
    13. ඉතිං විචා, කෙලින්ම සිංහල යුනිකෝඩ්වලින් අපූරුවට ටයිප් කරන්ට ඇහැකි මම ආයෙ මක්කටැයි එකේක සිංග්ලිෂ් ටූල්ස් පස්සෙ දුවන්නෙ.!? ඒ නිසා ඔවැනි ඉන්පුට් ටූල්ස් ගැන මම හොයා බලන්නෙ නෑ.. :-)

      Delete
    14. @ බූරා
      හරි හරි දැන්නේ තේරුනේ. මම හිතුවේ ඔයා ඒ ගැන දන්නේ නැහැ කියලයි. ගූගල් ඉන්පුට් ගැන නොදනිමි කමියෝ කියලනේ කියලා තිබුණේ.

      Delete
    15. විචා,
      ඔය එක එක ටූල්ස් පාවිච්චි කරන්නෙ නැතුව කෙලින්ම ටයිප් කරන්න උත්සාහ කරන්න. මුලින් අමාරු උනත් පුරුදු උනාට පස්සෙ ඒක හරිම ලේසියි වගේම ඉක්මන්. මටනං යුනිකෝඩ් වගේම ටෲ ටයිප් ඒවත් කිසිම අවුලක් නැතුව ටයිප් කරන්න පුලුවන්.

      //ඩෙස්ක්ටොප් කී බෝඩ් එකේ 1 ඉලක්කමට වම් පැත්තෙන් තියක කී එකේ රේඵය තියනවා.//
      ඒක තමයි ~ ක.

      Delete
  12. ඊසොප්ගේ උපමා කතා

    ReplyDelete
    Replies
    1. ඒවමද දන්නේ නැහැ. හැබැයි ටිකක් බුද්ධාගමට බරයි වගේ නේද?

      Delete
  13. ඇත්තටම ඒ කාලෙ හෝඩියෙ පන්තියෙ එකාට උනත් දැන් වගේ සීනිබෝල කතා නැතුව කෙලින්ම කතා කරන්න උගන්නල තියෙනව.
    සර්පයා කියල ලි‍යන එකට වැඩිය සර්‍පයා කියන එක තමයි හරි වචනෙ. නමුත් දැං ඔය ‍රේපෙ භාවිතා වෙනව බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඇයි..බැඳි අකුරු ඉට්ටයිල් එක? රේපෙ ලියන එක ලේසියි බලාගෙන ගියාම :-)

      Delete
    2. බැඳි අකුරු කියලා කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ මෙවැනි වචන ද?

      නන්‍ද
      ස්කන්‍ධ
      ක්‍ෂත්‍රිය

      ඒවා ලියන්නෙ මෙහෙමයි.

      නන්ද = kkao
      නන්‍ද = kka\o

      \ key එකෙන් තමා අකුරු බැඳීම සිදු කෙරෙන්නෙ.

      Delete
    3. නැවතත් අමතක වුනා කියන්ට. '\' key එක කියන්නෙ වම් පැත්තෙ Shift key එකට වහාම දකුණු පසින් ඇති key එක.

      Delete
    4. @බුරා,
      කැන්ඩියන් බැඳි අකුරු කියල අදහස් කරල තියෙන්නෙ ඒව නෙමෙයි මම හිතන්නෙ.
      ඔය උඩ විචා දාල තියෙන කොළේ තියෙන දෂ්ට කියල තියෙන එක ෂ යන්නෙ අල් කිරිල්ල නැතුව ට යන්නට බැඳල තියෙන එක. ඒව සාමාන්‍යයෙන් කොම්පියුටරේක ගහන්න අමාරුයි. කොරල් වලනං අකුරු දෙක ලං කරන්න පුලුවන් කම තියෙනව. බණ පොත් වල අල් කිරිල්ල වෙනුවට බොහෝ වේලාවට තියෙන්නෙ ඔහොම අකුරු බැඳල තමයි.

      Delete
    5. ඒ වැඩේ කරන්ට නම් බැහැ තමා‍. ඒක ඇත්තටම විශේෂ ලිවීමේ රටාවක් මිසක් වෙනමම අකුරු නොවන නිසා ඒ ගැන අවධානයක් යොමුකිරීම අනවශ්‍ය වැඩක් හා අමාරු වැඩක් වෙනවා ඇති.

      Delete
    6. Praසන්ன, Buratheno, මම කිව්වෙත් "දෂ්ට" වගේ වචන. පරණ පොත් වලත් පාළි භාෂාවෙන් තියෙන පොත් වල තියෙන්නේ බැඳි අකුරු. දැකලා ඇතිනෙ බෝධි පූජා පිරිත් පොත්වල නියම පාළි භාෂාවේ එන විධියටම ගාථා ටයිප් කරලා නැහැ නේද?

      Delete
    7. @ ප්‍රසන්න
      රේඵය අතහැරුනේ යතුරු ලියන/පරිගණක දෙක නිසා. අපි ඉස්කෝලේ ගිය කාලේ ගුටි කමින් ඉගෙනගත්ත මෙන්න මේ වගේ වචනත් අද ටයිප් කරන්න අමාරුයි.

      [im#]https://jangun.files.wordpress.com/2015/06/scan_20150605_150850.jpg[/im]

      ඒ වගේමයි දායන්න ලියවෙන්නෙත් වැරදියට.

      @ බූරා

      පරණ පොත් වල තියනවා වගේ කම්ම, ධම්ම, වැනි වචන වල මැද තියන හල් මයන්න ඉවත් කර, මයනු දෙක එකට බැඳලා ලිවීම තමයි, බැඳී අකුරු කියන්නේ. එහෙම බැන්දම, මැද තියන අකුර ස්වයංක්‍රීයව හල් අකුරක් වන බවයි, ඒ කාලේ සම්මතය. ඒ විදිහට එන්න ටයිප් කරන්න පුලුවන්ද?

      @ ප්‍රසන්න
      හරියටම හරි.

      @ බූරා
      මමත් හොයලා බැලුවා. බැහැ.

      @ Kandyan
      මේක යුනිකෝඩ් හදනකොට සැලකිල්ලට ගෙන නැහැ. අද භාවිත නොවන නිසා.

      Delete
    8. අනිවාර්‍ය්‍ය
      සූර්‍ය්‍යයා
      කාර්‍ය්‍යාලය
      ධෛර්‍ය්‍යය

      ඔන්න විචා අමාරුයි කියාපු වචන ටයිප් කලා කෙලින්ම යුනිකෝඩ්වලින්. මම කියනවට ඔය එකේක ට්‍රාන්ස්ලිටරේෂන් ටූල්ස්වලින් අයින්වෙලා කෙලින්ම යුනිකෝඩ්වලට හුරුවෙලා බලන්ට කොච්චර ලේසිද කියලා..

      බැඳි අකුරු යුනිකෝඩ්වලට එකතුකර නැත්තේ බොහෝවිට අනවශ්‍ය විදියට ඛේත අපතේ නොයවන්නටයි. දන්නවා ඇතිනේ සීමිත ඛේත පරාසයක් (U+0D80 සිට U+0DFF දක්වා code points 128ක්) තුළ ඉඳගෙන තමා ඔය ඔක්කොම කරන්ට වෙලා තියෙන්නෙ.

      Delete
    9. @ බූරා
      නැහැ බූරා මේ ටයිප් කිරීම වැරදියි. රේඵය තියෙන්න ඕනේ යංශය උඩ.

      Delete
    10. විචා මම Chrome (Version 45.0), Firefox (Version 41.0) Opera (Version 32.0) කියන බ්‍රවුසර තුනෙන්ම චෙක් කරලා බැලුවා.. මට පෙන්නන විදියට නම් රේඵය තියෙන්නෙ යංශයට ඉහළින් තමා.. :-O

      Delete
    11. [img]http://s17.postimg.org/5g9tnokb3/Sin.jpg[/img]

      Delete
    12. මට දැන් මේක විශාල ගැටළුවක්. මේ බලන්න මට පෙනෙන විදිහ.

      [im#]https://jangun.files.wordpress.com/2015/09/screenshot-58.png[/im]

      [im#]https://jangun.files.wordpress.com/2015/09/screenshot-59.png[/im]

      [im#]https://jangun.files.wordpress.com/2015/09/screenshot-60.png[/im]

      [im#]https://jangun.files.wordpress.com/2015/09/screenshot-63.png[/im]

      ලෝකයේ ඔබ ඉන්න කොනත්, මා ඉන්න කොනත් අතර මොකක්දෝ වෙනසක් තියනවා. මා පාවිච්චි කරන්නේ Windows 8.1 x 86 එහි බලපෑමක් තිබෙනවාද දන්නේ නැහැ.

      මට කියාදෙනවද, සිංහල යුනිකෝඩ් ස්ථාපනය, නෝට් පෑඩ් එකේ ටයිප් කරන විදිහ, සහ ඕෆ්ලයින් පාවිච්චි කරන හැටි. කැමතිනම් මේ ලිපිනයට එවන්න. wmjgslsr@gmail.com

      Delete
    13. බුරා ටයිප් කරල තියෙන ඒව මටනං පෙන්නන්නෙ හරි විදියට.
      මම පාවිච්චි කරන්නෙ වින්ඩෝස් XP SP3 සහ ෆයර්ෆොක්ස් 40.0.3

      Delete
    14. විචා ඔය කියල තියෙන වචන ටික සහ නිවැරදි 'දා' යන්න කිසි අවුලක් නැතුව ටෲ ටයිප් ෆොන්ට් වල ටයිප් කරන්න පුලුවන්.
      (මට මේ බ්ලොග් වල පින්තූර දාන ක්‍රමේ තාම අහු‍උනේ නෑ)

      Delete
    15. විචා මම හිතන්නෙ මෙතන Operating System එකේ බලපෑමක් තියෙනවා. මම පාවිච්චි කරන්නෙත් Windows XP SP3.

      පරිගණකයේ සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරගන්ට මෙහෙම යන්ට.

      1. සාමාන්‍යයෙන් නම් Windows 7/8 එක්ක සිංහල යුනිකෝඩ් පැක් එක අන්තර්ගත වෙලා තියෙන්ට ඕන. Control Panel ගිහිල්ලා මේක ඇක්ටිවේට් කරගන්ට.

      2. එහෙම නැත්තම්, Sinhala-Tamil IME Setup කියන තැනින් ගිහිල්ලා අදාල මෘදුකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්ට.

      3. නෝට්පෑඩ් එක ඕපන් කරගන්ට‍. මේක නෝට්පෑඩ් එකම වෙන්ට ඕන නෑ, කෙලින්ම වෙබ් බ්‍රවුසර් එකක ටයිප් කරන්ටත් පුළුවන්. (නෝට්පෑඩ් එකේ ටයිප් කරලා සේව් කරන එකේ වාසි කීපයක් තියෙනවා. ඉන්ටර්නෙට් තියෙන්ටම ඕන නෑ/ මොකක් හරි කචල් එකක් වෙලා වෙබ් එකේ ටයිප් කරපුවා මැකිලා ගියත් බැක්අප් එකක් තියෙනවා)

      4. ඉංග්‍රීසි‍/ සිංහල භාෂා අතර මාරුවෙන්ට ලැන්වේජ් බාර් එක උඩ ක්ලික් කරලා අදාල භාෂාව තෝරගන්ට.

      5. Standard Wijesekara Keyboard Layout මෙන්න මෙතැන තියෙනවා විජේසේකර යතුරු පුවරුව.

      6. දැන් ඉතින් ටයිප් කරන්ටයි තියෙන්නෙ. මුලදි අකුරු තියෙන තැන් හොය හොයා යන්ට ඕන නිසා ටිකක් අමාරුයි වගේ දැනේවි. හැබැයි අත හුරුවුනාට පස්සෙ මේක තමා වේගවත්ම.

      7. නෝට්පෑඩ් එකේ ටයිප් කරලා සේව් කරන්ට ඕන නම් සාමාන්‍ය විදියටම නමක් දීලා සේව් කරන්ට. File type එක .txt විදියට දෙන්ට ඕන. Encoding එක ANSI නෙවෙයි, Unicode කියලා තෝරන්ට ඕන.

      Delete
    16. ප්‍රසා,

      1. කමෙන්ට් එකකට දාන පින්තූරෙ අන්තර්ජාලයේ තියෙන එකක් වෙන්ට ඕන. ඒ නිසා මුලින්ම ඔයාගෙ කම්පියුටර් එකේ තියෙන පින්තූරය අප්ලෝඩ් කරන්ට Free image upload site එකකට.

      2. ඊට පස්සෙ කමෙන්ට් කොටුවෙ මෙන්න මෙහෙම ටයිප් කරන්ට.

      [img]http://s29.postimg.org/n49d54cnr/blg.jpg[/img]

      3. කමෙන්ට් එක පබ්ලිෂ් කරන්ට, එච්චරයි.

      Delete
    17. විචා, සොරි වෙන්ටෝන කමෙන්ට් දදා මැකුවට. HTML කෝඩ් පිස්සු කෙලින්ට තියාගත්තා, ඒකයි මැකුවෙ. ඒවා සම්පූර්ණයෙන්ම මකලාම දාන්ට තරහා නැතුං.. :-D

      Delete
    18. [im#]http://i.imgsafe.org/c5a0db6.jpg[/im]

      Delete
    19. හප්පේ.....
      තෑන්ක්ස් බුරා.

      Delete
    20. ඔන්න බූරාගෙයි ප්‍රසන්නගෙයි අනවශ්‍ය කමෙන්ට් මැකුවා.

      @ බූරා
      මට දැන් වැඩේ තේරෙනවා. වින්ඩෝස් 8 වල ඔය සමහර යුනිකෝඩ් හරියට වැඩකරන්නේ නැහැ. මට හිතෙනවා ඔයා මට දාගන්න කියන එකත් හරියට වැඩ කරන එකක් නැහැ කියලා. උත්සාහ කරලා බලන්නම්.

      ඇයි තවම XP වලින් වැඩකරන්නේ. 8.1 එක ඊට වඩා පහසුකම් සහ වේගය අතින් වැඩියි.

      @ ප්‍රසන්න
      ඔය තියෙන්නේ පින්තූරේ දාගෙන. හැබැයි මතකතියාගන්න, හැම බ්ලොගර් සයිට් එකකම කමෙන්ට් වලට පින්තූර සහ වීඩියෝ දාන්න බැහැ. ඒ සඳහා, බ්ලොග් ඇඩ්මිනිස්ට්‍රේටර් විසින්, අවශ්‍ය HTML කෝඩ්ස් බ්ලොග් ටෙම්ප්ලේට් එකට, කල්තබා දාලා තියෙන්න ඕනේ. මමත් සෑහෙන්න මහන්සිවෙලා ඒවා දාලා තියෙන්නේ.

      හරියට හරි අන්න ඒක තමයි නියම දායන්න.

      Delete
  14. / මුවකු පාරේ එළවා ගිය /

    හෙහ්, ඒ දවස්වල කිසිම දියුණුවක් නෑ කිව්වට වැද්දො මුවෝ පස්සෙ එළවල තියෙන්නෙ පාරවල් දිගේ...බාගවිට හයිවේ එකක් වෙන්ටත් බැරි නෑ...:)

    ඒ කාලෙ බින්දුව වෙනුවට තිබ්බ මහ අමුතු ඩ යන්නෙ හැඩේ තියෙන අකුරක්.

    විචා…….මතකද කෑගල්ලෙ අතුකෝරළ ගොඩනැඟිල්ලෙ ඡායා හෝල් එක පැත්තෙ කෙළවරම තිබ්බ ලන්කා බැන්කු ශාඛාවෙ ( මේ කී බෝඩ් එකේ බින්දුව වදින්නෙ නෑ. ඒකයි බින්දුව වෙනුවට හල් න යන්න ලිව්වෙ ) නාම පුවරුව? පොඩි කාලෙ මම ඔතනින් යන එන ගානෙ මහ හයියෙන් කෑගහනව ලඩකා බැන්කුව කියල...:)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඒ අකුර තමයි දැනුත් FM ෆොන්ට් වල කැපිටල් X එකට තියෙන්නෙ.

      Delete
    2. අපි කියුවෙත් ලඩකා බැංකුව කියල තමයි.. :)

      Delete
    3. කළ්‍යාණ,

      නෑහ්??? උඹත් කෑගල්ලෙ හිටියද? ඒ කොයි කාලෙද බන්?...:)

      Delete
    4. යකඩෝ.. ලඩකා බැංකු තිබ්බේ කෑගල්ලේ විතරයි කියල කවුද කියුවේ?

      Delete
    5. අඩෝ කව්ද ලඞකා බැංකුවට පාට් දාන්නෙ?

      Delete
    6. @ Ravi
      මටකද අර පුංචි වෙළෙන්දා සින්දුවක් කිව්වා 'පස්ස පාරේ පන්නන්නෙපා' කියලා. කවුරුහරි ඒ පොඩි එකාට බාලාපචාරයක් කරන්න හදලා තියනවා :e

      අපොයි ඔය 'ලඩකා' බැංකුවට තමයි අපේ අප්පුච්චා ඒ කාලේ යන්නේ, ඉස්කෝලේ ගුරුවරුන්ගේ පඩිය ඇන්න එන්ඩ. හෙණ ගාණක්. රු 2000ක් විතර. :e

      @මධු
      අන්න අන්න බැංකු මැනේජරයට තදවෙලා.

      Delete
    7. දවසක් උපාසක අම්මෙක් පන්සලේ තියෙන අටවිසි බුද්ධ රූප වල තියෙන නම් කියව කියව වැඳ වැඳ යනවලු. ට්කකින් ඇහෙනවලු මෙහෙම, "දීපඩකර සාදු සාදු, මේදඩකර සාදු සාදු" කියලා.....

      Delete
    8. හිහ් හී..................උපාසක අම්මලා ගැන කතා තියනවා. මෙතන ලියන්න බැහැ. හම්බවුන දවසක කියන්නම්.

      Delete
  15. ටිකක් හොයලා බලන්න. අපිට ඉතින් මෙහෙම කියෙව්වොත් තමයි මේවා කියවන්න ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හොයනවා හොයනවා ළමයෝ. හම්බවුනොත් ටක් ගාල දාන්නම්.

      Delete
  16. මේ වගේ 'හාල්මස්සෙක්'ගෙන් මේවා අහල ඉගෙන ගන්නවට වැඩිය හොඳයි 'සර්පයෙක්' කාල මැරිලා යන එක.. හෙක් හෙක් ..

    ReplyDelete
    Replies
    1. චී චී චී, අටමට නේද ඔය කිව්වේ? ඕකාට අහුවුනොත් මහයි ඔන්න. :e

      Delete
  17. //"බොල හාල් මැස්සෝ තා අහක පල "// හැක හැක හොඳ වැඩේ පත්තරයට

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, පත්තරයා හාල්මැස්සා වගේ හෙමීට ඇවිත් උඹට ඇරලා ගියාමයි තේරෙන්නේ උගේ තරම.

      Delete
    2. හිටපිය මං තොට ඉල්ලල දෙන්න මැසිමට කියල :D

      Delete
    3. මැසිමා පැත්ත පලාතකවත් නැහැ.

      Delete
  18. සැමදේම වෙනස් වන සුළුයි කියන එකට හොඳම උදාහරණයක්...

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ පහළම පන්තිවල හිටිය කාලේ මතක්වෙනවා.

      Delete
  19. සර්පයාගේ කතාව ලස්සණයි. ඒක කාට, කොහොම, කියාගන්ට පුලුවන්ද කියලා කල්පනා කරමින්.... :P

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල වැද්දෙක් ට දෂ්ට කරලා ඉන්න වෙනවා :p

      Delete
    2. @ පොඩ්ඩි
      ඉස්සරවෙලාම අරයට කියන්නකෝ. ඊට පස්සේ බලමු.

      Delete
  20. අන්දරේ ගරු ගාම්භීරව මංගල සභාවක් අමතපු කතාව මතක් වෙනවා මේ වගේ භාශා විලාස දකිනකොට..
    හෙහ් හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ සභාවක කතාවක් පවත්වනකොට භාවිත කළ භාෂා විලාශය ඔය කඩවුණු පොරොන්දුව වගේ පරණ චිත්‍රපටිවල තියනවා.

      මට මතකයි සමහර නවකතා පොත්වලත් තියනවා එවැනි භාෂා විලාශයක්. මරු නේද

      Delete
    2. අන්දරේලා වේදිකා නාට්‍යෙය, මනෝරත්න කියනවා ලස්සනට... “සප්ත මහා සාගරයට ඔබින් පිහිටි මහා බ්‍රිතාන්‍ය... “

      Delete
  21. නියමයි! ඉස්සර රේඩියෝ එකේ ගිය ඇඩ් මතක් වුනා. ලඟදි සිටි එෆ් එම් එකේද කොහෙද වැඩසටහනක් ගියා ඔය ගැන.
    “සිත පිනවන රූ නලවන අලංකාර මෝස්තරයි, ඔබත් යන්න මනාලියනි ඔබෙ මංගලු මුදව ගන්න ....... ජුවලර්ස්//“
    අමුතුම හැඟීමක් එන්නෙ.

    ReplyDelete
    Replies
    1. පරණ රේඩියෝ ඇඩ්ස් එකතුවක් ගුවන්විදුලි සංස්ථාවේ තියනවා. ඒවා එකතු කරලා වැඩසටහනක් කළොත් හරිම වටිනවා. කරුණාරත්න අබේසේකටගේ හඬින්, නුගේගොඩ සව්සිරි වෙළඳසල් සහ බොරැල්ලේ ජයරත්න මල්ශාලාව ගැන කළ වෙළඳ දැන්වීම් 1990 දශකයේත් ප්‍රචාරය වුණා.

      Delete
    2. මධු,
      ඇයි අර 'ලංකා බැංකුවයි මේ ඔබේ - වාසනා නිධානයයි ජාතියේ' කියන එක අහල නැද්ද? මටනං පොඩිකාලෙ ඉඳලම මතකයි ඒක.

      Delete
    3. ඒ මේ ඊයේ පෙරේදනේ. 1980 දශකයේ. හාපෝ.................උඹ ඒ කාලේ ජංගි අඳින කොල්ලෙක්ද?

      Delete
    4. මධු,ආයිත් අහලා හදවත මෙව්වා වෙලා යනවා ඇහුණාම පොඩ්ඩක් හිටිං මරු බඩුවක් මතක් වුනා.
      අර දුකා ලියපු කෝමල නාරී ගමන ළතාවේ පොස්ට් එක.අම්මට උඩු අලුතින් වීඩියෝ එකත් එකතු කරලා
      දුකාටත්,තාරකාත් පින් දීපං,අපිව පිස්සු වට්ටනවට
      මේං පොස්ට් එකට,මේං වීඩියෝ එකට

      Delete
    5. @ සිරිබිරිස්
      ඒ දැන්වීමේ අගය තවත් වැඩිවෙනවා මාලනී බුලත්සිංහලගේ ප්‍රේමනීය ගායනා විලාශය නිසා.

      Delete
    6. අඩ්ඩේ, ඒ මාලනී බුලත්සිංහලද

      Delete
  22. දැන් කාලේ පොත් වල මේවා තිබුනනම් කට්ටිය අහයි මේවද උගන්නන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් මානව හිමිකම් නඩු වැටෙනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. :e

      Delete
  23. බොල විචාරකයෝ, උබට කොහොම ඉස්තුති කරන්නද මන්ද. තොට මෙහෙම කතා කලාට මට නඩු දාන්නේ එහෙම නෑ

    ReplyDelete
    Replies
    1. මොකෑ බොල මං තරහවෙන්නේ. මේ පොතේ ඉතුරු ටිකත් තිබුණා නම් තොටයි මටයි සෑහෙන්න කතාකොරන්න තිබුණා. :e

      Delete
  24. පරණ අච්චු පොත් වල තිබ්බ කතා සේරම මතක් වුනා විචෝ...

    එල එල.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ. වෙන එකක් තියා ඒ කාලේ ඉස්කෝලෙදි ගුටි කාපුවත් මතක්වුණා.

      ස්තුතියි.

      Delete
  25. විචෝ,පොත දැක්කම මතක් වුනේ කුමාරතුංග මුනිදාස මහත්තයාගේ ශික්ෂා මාර්ගය පොත් සෙට් එක.ඒවායෙත් ඔතරම් රළු බසක් නොවුනත් කිට්ටුවෙන් යන කතා තියෙනවා.ඒ යුගගේ හැටි වෙන්නැති.
    දැන් පුරස්නය.ඔබේ පොත අච්චු ගහලා තියෙන්නේ ආණ්ඩුවෙන් වගේ.මා අහලා තියෙන විදියට පප්පා ඉස්කෝලේ අච්චු පොත් නොමිලේ දෙන්න ඉස්සෙලා අච්චු පොත් සල්ලි දීලා ගන්න වෙලා තියනවා සිසුන්ට.ඒ ගැන ඔබේ මතකය අවදි කෙරුවොත් වටිනවා.මුදල් ගෙවා ගතයුතු පාසල් අච්චු පොත් ගුණසේන සමාගමෙන් මුද්‍රණය කල බවක්ද මතකයේ හොල්මන් කරනවා.

    වෙලාවක එන්න ඕනි ඔබේ පොත් එකතුව බලන්න
    පොත් කීයක් විතර තියේද හැබෑට?
    බය වෙන්න එපෝ පොත් ඉල්ලන් නැතෝ :-)

    ReplyDelete
    Replies
    1. ශික්ෂා මාර්ගය ඉතාම වටිනා පොත් පෙළක්. අප්පිරියාවක් නැතුව සිංහල ඉගෙනගන්න අද වුනත් පාවිච්චි කළහැකි අගනා නිර්මාණයක්.

      ඔව් අපි ඉස්කෝලේ ගිය කාලේ අච්චු පොත් ඔක්කොම සල්ලි දීලා ගන්න ඕනේ. එක පාසල් වාරයක් ඉවරවෙලා ඊළඟ පාසල් වාරය එන්න කලින් අලුත් පොත්. අභ්‍යාස පොත්, පෑන් (තීන්ත දමන උල්පත් පෑන් පමණයි තිබුණේ. බෝල් පොයින්ට් පෑන් වලින් ලියන්න තහනම්, අකුරු කැත වන නිසා. එය ඇත්තක්) ගන්න පෙරුම් පුරනවා. මතකද පරණ ළමා ගීයක් තියනවා,

      'අපෙ අම්මා කොළඹ ගිහිල්ලා - මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා' කියලා.

      අපි සිංහල ඉගෙනගත්තේ 'කුමාරොදය' පොතෙන්. දුප්පත් අම්මලා තාත්තලා කළේ, පරණ පොත් මිලදීගෙන දරුවන්ට දීමයි. නිකම් පොත් දීම හොඳයි, හැබැයි එයින් පොත්වලට තියන ගරුත්වය සැළකීම අඩුවුණා. ඕනෙම දෙයක් නිකම් දෙනකොට එහෙම තමයි.

      මගේ පුස්තකාලයේ පොත් තියනවා ඉතිං හැටහුටහමාරක් විතර. කෙනෙක් පොතක් ඉල්ලන විදිහෙන් කියන්න පුළුවන් ආපහු ලැබෙයිද නැද්ද කියලා.

      Delete
    2. මෙන්න තියනවා ඉහත මා සඳහන් කළ ළමා ගීතය.


      https://www.youtube.com/watch?v=mYUEIUqdmd4

      Delete
  26. ම්හ් විචා මේක නං අහලා තිබුනේ නෑ.නියම ළමා ගීයක්.ලියු කරුණාරත්න අබේසේකර මහතාගේ සංවේදීකමට හොඳ නිදසුනක් (චුට්ටක් හෙව්වා)
    //අපි සිංහල ඉගෙනගත්තේ 'කුමාරොදය' පොතෙන්
    සිංහල ඉගෙන ගන්න මේ පොත නියම කලේ රජයෙන්ද? නැත්තන් පාසලෙන්ද?
    අනෙකුත් විෂයන්ට තිබු පොත්වල නම් මතකද?
    මිල ගණන් එහෙම මතකද?
    අඩේ ඔය ටික ඔක්කොම මතකනං තව පොස්ට් එකක් ගොඩදා ගන්න පුළුවන් වගේ
    මාත්තුරුකාව - මා උගත් අච්චු පොත් :-)

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මෙවැනි හරවත්, රසවත් ළමා ගී නිතර අහන්න ලැබුනා. හොඳ ගීත රචකයන්, සංගීතඥයන්, ස්වතන්ත්‍ර නව නිර්මාණ කළා. මේවා නිසා අපේ භාෂා/සාහිත්‍ය/සංගීත/ ඥානය දියුණු වුණා.

      පොත් ගැන මතකයක් තියනවා. ඒ මතකය අවුස්සා, තවත් කරුණු හොයාගෙන ලියන්නම්.

      කුමාරොදය = ඇල්.ඊ. සමරරත්න (අමරරත්නද මන්දා) ඒ කාලේ ඇස්,ඇෆ්,ඇල්, ආදී වශයෙන් තමා ලිව්වේ.

      අංක ගණිතය සහ ජ්‍යාමිතිය - ජේ.ඊ.ජයසුරිය

      බුද්ධාගම - ජයසේකර අබේරුවන්

      භූගෝල විද්‍යාව - ඇස්. ඇෆ්. ද සිල්වා

      ඉතිහාස කථා / අපේ උරුමය - ජී.සී මැන්දිස් (මෙන්ඩිස් කියලා ලිව්වේ නැහැ)

      නවීන විද්‍යා කථා - ඊ.ඩබ්ලිව්.අදිකාරම්

      Delete
    2. ඇයි බොලේ පී. රූබන් පීරිස් මහත්මයා..ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය වගෙ පොත් මහ ගොඩක් ලියල තිබ්බ තුන්වන ශ්‍රේණියෙ ඉඳල අට වගෙ වෙනකල්. ලිපිනය තිබ්බ රෝහල පාර, කළුබෝවිල කියා. දැන් මම හිතන්නෙ ඒ පාර තමයි පී. රූබන් පීරිස් මාවත කියල යලි නම් කරල තියෙන්නෙ...

      Delete
    3. අන්න එහෙම අඩුපාඩු සම්පූර්ණ කරලා දෙනවනම් පිං.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }