හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 January 2016

පැරණි පෙම්වතියක් අප හැරදා යයි

   පෙම්වතියක් වෙන්වීම ඉවසන්නට බැරි දුකක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ. මේ පෙම්වතිය ඇත්තටම මට ජීවිතයේදී හමුවුන කෙනෙක් නෙවෙයි. නමුත් ඇය අපේ කාලයේ සදානුස්මරණීය පෙම්වතියක් බව නොකියාම බැහැ. හින්දි සිනමාවේ අතිශයින් ජනප්‍රිය, සුරූපී නිළි, සාධනා, (සාධනා ශිවදාසනී) වසර 74 ක් ආයු වළඳා, පසුගිය දෙසැම්බර් 25 වැනිදා අභාවප්‍රාප්ත වූ බව දැනගත් මොහොතේ, මගේ සිත අතීතයට ඇදීගියේ නිතැතින්මයි. හින්දි චිත්‍රපටි පිස්සුව තදින්ම වැළඳී තිබුණු, 1960 දශකයේ, අපේ සිත් තදින් පැහැරගත් හින්දි සිනමා නිලි රැජිණක් ලෙස, ඇයට අප හදවත්හි හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. මා නම් ඇය හඳුනාගත්තේ 1962 දී නිපදවුණු, එහෙත් 1966 දී පමණ ලංකාවේ තිරගතවුණු, 'අස්ලි නක්ලි' චිත්‍රපටියෙන්. ඒ චිත්‍රපටියේ ඇගේ තරුණ, සුරූපී, පෙම්වත් රංගනය පිලිබඳ හොඳ උදාහරණයක් පහත දැක්වෙන ගීතය. 




   ඇගේ රංගනය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර තවත් ජනප්‍රිය වන්නට හේතුවූ චිත්‍රපටියක් වුයේ, 1965 දී නිපදවුණු, 1967 දී පමණ ලංකාවේ තිරගතවුණු අර්සු චිත්‍රපටියයි. එම චිත්‍රපටියේ, මෙහි පහත දැක්වෙන ගීතයේ තනුවට අනුව, ජී.එස්.බී.රානි පෙරේරා ගායිකාව විසින්, 'බැඳී ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී' යනුවෙන්, ගීතයක් ගායනා කළා. එම ගීතයද පහත දක්වනවා.







ශ්‍රී ලාංකික හින්දි චිත්‍රපටි ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ සාධනා ගැඹුරින් ලැගුම් ගත්තේ, 1969 දී නිපදවුණු, 1970 දී ලංකාවේ තිරගතවුණු, ඒක් ඵූල් දෝ මාලි චිත්‍රපටියෙනුයි. බලන්න මේ ගීතය ඔබට මතකද කියා.








සාධනාගේ පැරණි පින්තූර කීපයක් පහත දක්වනවා. 



m4LiN3k
sadhana-759















ඉතා මෑතකදී ගත් සාධනාගේ පින්තූරයක් පහත දක්වනවා. 

029326aa-8f05-4052-89ef-35e38c61d85b

   සාධනාගේ අභාවය වෙනුවෙන් සොව පළකරන්නට, තවත් පැරණි, ජනප්‍රිය හින්දි නිලියන් දෙදෙනෙකු පැමිණි අවස්ථාවේදී ගත් ඡායාරූපයක් පහත දක්වන අතර, ඔවුන්ගේ තරුණ කාලයේ පින්තූර, මා එම පින්තූරයටම ඇතුළු කළා. 


ජීවිතය කියන්නේ හමුවීම් සහ වෙන්වීම් ගොඩක් බව අපි හොඳින්ම දන්නවා. නමුත් මෙවැනි ළබැඳි කෙනෙකුගේ වියෝව අපට සංවේගයක් උපදවන බවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. අපේ කාලයේ පෙම්වතියේ ඔබට මෝක්ෂ සුවය ලැබේවා!

2016 ජනවාරි මස 03 වැනි දින 0101 පැය

57 comments :

  1. 1 ඒක් ඵූල් දෝ මාලි චිත්‍රපටිය ගැන ගුවන් විදුලියෙන් ඒ කාලයේ නිතරම ඇඩ් ගියා

    2 ජරාවට පත් වීම ලෝක දහමක් බව මේ චායාරූප වලින් පේනවා

    ReplyDelete
    Replies
    1. 2. ඒක සම්පුර්ණ වෙනවා විචාරකගේත් එදා සහ අද ෆොටෝ දැම්මා නම්!

      ;-)

      Delete
    2. @ Trans Sylvania

      ඒ චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශන වාර්තා තැබූ චිත්‍රපටියක්.

      ඇත්තෙන්ම මේ පින්තූර පළකිරීමෙන් මට පෙන්වා දෙන්නට අවශ්‍ය වූ අදහස ඔබ උකහාගෙන තිබෙනවා.

      @ රසිකොලොජිස්ට්

      අපොයි, මගේ තරුණ කාලයේ සිට අද දක්වා පින්තූර දැම්මේ, දැනට වසර දෙකකට උඩදී. දැක්කේ නැත්නම් මෙතනින් බලන්න . දාන්නකෝ ඔබේ ඒ වගේ පින්තූර සැට් එකකුත්.

      @ සූටික්කා

      හෙහ් හෙහ්, එල කියන්නේ එලනවා/එලපන්/ කියන එකයි. එළ කියන්නේ ළපටි/නොමේරූ/ලා පැහැති/කියන එකයි. දැන් ඔය දෙකෙන් කෝකද මෙතනට අදාළ?

      Delete
    3. එල කියන එකේ තේරුම ඔය දෙක නම්, මුකුත් හරියන්නේ නෑනේ .... චැහ් ....

      Delete
  2. ඒක් පුල් දෝ මාලී කියන්නේ එක මලයි බඹරු දෙන්නයි කියන එක නේද? මං මුලින් ඒක හිතාඝෙන හිටියේ විරුද්ධාර්ථයෙන්!

    ReplyDelete
    Replies
    1. හිහ් හී.......එකගෙයි කෑමේ අනික් පැත්තද?

      Delete
    2. එක මලයි උයන්පල්ලො දෙන්නයි.

      සාධනා ද? සධානා ද? මට මතක පරණ ලක්ස් ඇඩ්වල එහෙම තිබුනෙ සධානා කියලා වගෙයි.

      අනේ ඒ කාලෙ ගිනිකිකිළියො ටික දැන් ඉන්න හැටි දැක්කහම දුකේ බෑ විචා.

      Delete
    3. නිවැරදි නම සාධනා. මේ බලන්න.

      https://en.wikipedia.org/wiki/Sadhana_(disambiguation)

      හලේ......ගිලි කිකිලියෝ අද දැක්කම දුකේ බැරුවා.

      Delete
  3. මට මේක කියවලා සින්දු ටික බලන කොට මතක් උනේ "භාරත ගී වින්දන".....

    ReplyDelete
    Replies
    1. භාරත ගී වින්දන හොඳ වැඩසටහනක්. නමුත් 1970 දශකයේදී, මේ ගීතවල තේරුම සහිත අර්ථවත් රසවින්දනය අපිට කියලා දුන්නේ, ජනප්‍රිය නිලි යශෝධා විමලධර්ම ගේ පියා වන, රවිලාල් විමලධර්ම මහතා ලංකා ගුවන්විදුලියේ කළ 'ගී අම දහරා' වැඩසටහනින්.

      Delete
    2. නොදන්නා තවත් දෙයක් කියා දුන්නාට විචාරකතුමා ට ස්තුතියි !

      Delete
  4. විචාගේ කෑල්ල මම දාගෙන උන්න කෑල්ල වගේමයි. ඒ තමයි මධුරි ඩික්සිත්.. ද්න නම් ලව් කරන්නේ දීපිකා පදුකෝන්ට.. උඹ මේක මධුරිටවත්, කාජල්ටවත් කියන්න එපා. දෙන්නම අපසට් යයි දැන ගත්තොත් හෙම...

    ReplyDelete
    Replies
    1. හෑ.............මහාචාර්ය මතලන්ගේ හින්දි අන්තඃපුරය කොහෙද තියෙන්නේ?

      Delete
    2. මටනම් එදත් අදත් හෙටත් අයිස්ච්ල්‍යා..... එනවනම් දරුවා එක්කම උනත් බාර ගන්නවා

      Delete
    3. මොකා? අයිස්ච්ල්‍යා? එයා සෑහෙන්න අයිස් චලනය කරනවා ඇති එහෙනං

      Delete
  5. ඒක් පූල් දෝ මාලි බැලුවනම් මතකයි ඡායා හෝල් එකේද කොහෙද..ඒත් ඔය සධානා ගැන නම් මතකයක් නැත. 74 විතර සිංහල චිත්‍රපටයක් තිරගතවුනා සධානා කියල.

    ReplyDelete
    Replies
    1. මටත් මතක රවී ඡායා එකේ බැලුවා කියලයි. නිවැරදි නම සාධනා. අම්මෝ මෙයා ලෝක ප්‍රසිද්ධ නිලියක්. මෙයාගේ නියම පිචෑර්ස් තියනවා. මේ බලන්නකෝ නියම දඟකාර නැටුමක්.

      https://www.youtube.com/watch?v=B5PwRHpqoKw

      Delete
  6. බලගෙන ගියාම විචාරකත් සිරාවටම SPBR යෙක්නෙ :-)

    ReplyDelete
    Replies
    1. හම්මෝ......ඒ කාලේ තමයි කාලේ :e

      Delete
  7. අපටත් කොයි තරම් පෙම්වතියො උන්නද සිනමාවෙ...වැඩේ කියන්නෙ ලව් කරන්න ගන්නකොටම වෙන එකියක් මැද්දට පනිනවනෙ. හැබැයි ලංකාවෙ ස්වර්ණටයි, ඉංදියාවෙ ෂබානා අස්(z)මිටයි තාමත් හොරෙන් ලව්....කී දෙනෙක් ඊට පස්සෙ ආවත්.

    ReplyDelete
    Replies
    1. ස්වර්ණා මල්ලවාරච්චිව අපේ සිනමාව තුළ නිසි ඇගයීමකට ලක්වුණේ නැහැ කියන එකයි මගේ අදහස. ඇගෙන් මීට වඩා බොහෝ දේවල් ලබාගන්න සිංහල සිනමාවට වාසනාවක් නැහැ.

      ෂබානා ආස්මි දක්ෂ චරිතාංග නිලියක්. https://en.wikipedia.org/wiki/Shabana_Azmi

      Delete
  8. ගී අමදහරා තමයි ඉතාම හොඳින් හින්දි ගීත ඉදිරිපත් කිරීම කලේ. රූපවාහිනියවත් නැති කාලයක ගුවන් විදුලියෙන් රවිලාල් විමලධර්මයන් අපූරුවට ගී අමදහරා ඉදිරිපත්කලා.
    ඔබ ඉදිරිපත්කල සියලු චිත්‍රපට මමත් නැරඹුවා. හින්දි වචනයවත් දන්නෙ නැති වුවත් හින්දි සිනමාවට අපව ඇඳ බැඳ තබා ගත්තේ සංගීතයයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, රවිලාල් ගේ, මධුර, සංයමයකින් යුත්, සංගීතමය කටහඬ, අදත් දෙසවන් තුළ රැව් දෙනවා, ඒ වැඩසටහන ගැන මතක් කලාම.

      ඇත්තෙන්ම හින්දි සිනමාව හා අප බැඳෙන්නේ සමාන සංස්කෘතිකාංග නිසා.

      Delete
  9. එතුමියගේ වියෝවට වඩා හිත සසල කලා අර එදා අද ෆොටෝ :(

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි ළමයෝ. ඔය ඉරණම අපි කාටත් උරුමයි නේ.

      Delete
  10. සමාවෙන්න විචෝ..
    අපි ට ඉතින් ඔහේ තරම් ඈත අතීතයක මතක සටහන් නැහැනේ..
    අපිට තියෙන්නේ වෙනමම අන්තස්පුරයක්....

    එත් දාල තියෙන වීඩියෝ යි, පින්තූරයි දැක්ක ගමන් හිතෙනවා රසිකයෝ කොච්චර ආදරෙයන් මේ නිළියව පිළිගන්න ඇතිද කියලා...

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට, පරපුරෙන් පරපුරට මේවා වෙනස්වීම ලෝක ස්වාභාවයනේ. ඉතින් මොකටද සමාවෙන්න කියන්නේ.

      ඉන්දියානු සිනමාව ලෝක ප්‍රසිද්ධ මහා කලාවක් මෙන්ම ව්‍යාපාරයක්. ලෝකය පුරාම මේ නලුනිලියන් අගයන අය ඉන්නවා.

      අද පරපුරේ අය, අද කාලේ ඉන්න නලුනිලියන් ගැන අනාගතයේදී මේ වගේ ලියනු ඇති.

      Delete
  11. බලාගෙන යද්දී ලංකාවේ අයට ලංකාවේ ඉන්නවට වැඩිය ආදරේ කරන්න අය ඉදලා තියෙන්නේ ඉන්දියානු හරි බටහිට හරි සිනමාවේ. කිවුවට ඉතින් අපිත් එහෙම තමා.

    ජීවිතය කියන්නේ ඉතින් හමුවීම් අතරේ හැරයාම් වලට තමයි.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. මම නම් කවදාවත් අපේ කලාකරුවන් දෙවැනි පෙළට දමා, මෙවැනි අය පළමුවැනි පෙළට ගන්නේ නැහැ. මෙතනදී මා අදහස් කළේ, අපේ තරුණ කාලයේදී, අපි ඉහලින් ආදරය කල නිළියකගේ අභාවය සිදුවූ අවස්ථාවේදී, ඇයගේ කලා ජීවිතය වෙනුවෙන් කෘතගුණ සැලකීමක් පමණයි

      Delete
  12. ලස්සන නිළියක් තමා, දුකේ බෑ. මලක් ඇති විළක් කලක් යනකොට පළක් නැති වළක් වෙනව කියන්නෙ ඕකනෙ.

    ReplyDelete
    Replies
    1. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නට මෙවැනි අවස්ථා ඉතාම සුදුසුයි.

      Delete
  13. නර්ගීස් එක්ක හැප්පෙන්න බෑ කාටවත්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්...............ලොව මෙතෙක් බිහිවූ සුපිරි නිළියන්ගෙන් කෙනෙක්. පුතාට බැරිවුණා අම්මගෙයි තාත්තගෙයි නම්බුව රකින්න.

      ඔන්න ඉන්නවා තාත්තා සුනිල් දත්, අම්මා නර්ගීස්, පුතා සන්ජේ දත්
      [im#]http://media.santabanta.com/newsite/cinemascope/feed/sunil-dutt.jpg[/im]


      [im#]https://upload.wikimedia.org/wikipedia/commons/a/a4/Nargis_in_Awaara_film.jpg[/im]


      [im#]http://s3.india.com/wp-content/uploads/2014/07/sanjay-dutt-yogen-shah71213.jpg[/im]


      Delete
  14. චිත්තරපටි ගැන වැඩි උනන්දුවක් නෑ. ඔය හොඳ විද්‍යා ප්‍රබන්ධයක් ආවොත් බලනවා ඇරෙන්න. ඇරත් හින්දි සිනමාව ගැන කිසිම උනන්දුවක් නෑ. ඒ නිසා මෙයාල නම් මම දන්නේ ඔය අද ලංකාදීපේ තිබ්බ නිව්ස් එකෙන් තමා..

    ReplyDelete
    Replies
    1. චිත්‍රපටි ගැන උනන්දුවක් නොතිබීමත් හොඳ නැහැ. ඉඳහිට හෝ කුමන භාෂාවකින් හෝ නිමවෙන හොඳ චිත්‍රපටි බැලීමෙන් ජීවිතයට හොඳ අද්දැකීම් ලැබෙනවා.

      Delete
  15. බැලුවාම කාට කාටත් නිලි පිස්සුව තිබුල.. අනිත්‍ය කාටත් පොදුයි නෙව විචා ..

    ReplyDelete
    Replies
    1. තරුණ කාලෙදී ඔය පිසුව නැත්නම්, ඒ තරුණ කාලෙන් වැඩක් නැහැ. :e

      ලොව සියල්ල අනිච්ඡ, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්ෂණයට යටත්වේ.

      Delete
  16. සින්දු අහලත් නැහැ නම දන්නෙත් නැහැ. අන්තිම සින්දුව නම් ලස්සනයි. විචා මේක 1965 දී බැලුවද? එතකොට ...හ්ම්

    ReplyDelete
    Replies
    1. 1965 දී මට වයස අවුරුදු 11 යි. නමුත් චිත්‍රපටිය මතකයි. පොඩි රහසක් කියන්නද, ඇත්තටම මේ වගේ චිත්‍රපටි අවම වශයෙන් තුන්පාරක් වත් බලලා තියනවා, ඊට පසු කාලයේදී.

      Delete
  17. Replies
    1. බොහොම ස්තුතියි අජිත්.

      Delete
  18. මම ලව් කලේ 'ෂර්මිලා තාගොර්' ට..

    ReplyDelete
    Replies
    1. හපොයි මටනම් එකක් කියලා නෑ :e

      ඇත්තටම මේ නළු නිලියන් අපිව මෝහනයට පත්කලා. ශර්මිලා තාගෝර් ලෝකයේම ජනප්‍රිය, දක්ෂ, සුරූපී නිලියක්. ඇය නිසි කාලයේදී රඟපෑමෙන් ඉවත්ව විවාහවී ජීවිතය සාර්ථක කරගත්තා. නමුත් ඇගේ පුතා නම් ටිකක් ජීවිතය අනාගත්තා වගේ.

      [im#]http://iv1.lisimg.com/image/7331704/500full-sharmila-tagore.jpg[/im]

      [im#]http://static.dnaindia.com/sites/default/files/2014/10/15/275327-saif-ali-khan.jpg[/im]

      Delete
  19. අද සහ එදා සංසන්දනය දැක්කම කළකිරෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ තත්වය සාපේක්ෂයි. අනාගතයේදීත් ඔය කියමන ඔය විදිහටම අහන්න ලැබෙනවා. කාලීනව ඒ ඒ සමාජයන් විසින් වැදගත් යයි සම්මත කරගන්නා නිර්නායකයන් අනුවයි සියල්ල තීරණය වන්නේ.

      Delete
  20. චැඃ. මං නං සධානා ට කැමති නෑ. උන්දැ මට එපා උනේ ඒක් ඵූල් දෝ මාලි එකෙම්මයි. මං ආස ආශා පාරෙක් ට. ජබ් ප්‍යාර් කිසී සේ හෝත හේ එකේ හිටිය සීදේවි ගෑණු ළමය... ඇයි එතකොට අපේ මධුමතී? අන්න කෙල්ලො. උන්දැට තියෙටන්නෙ අප‍ේ වාසගමමයි. (වයි. ජයන්තිමාලා.) දැන් නං එයත් හරි වයසයි.

    මොනව උනත්, හින්දි සිනමාව හරිම සුන්දර මතකයන් රැසක් පිරුණ ඉසව්වක්. ට්‍රාන්සිල්වේනියාවෙ ඩොකටර් මහත්තය ලියල තිබ්බ ඕං මොහොමඩ් රාෆි ගැනත්...

    ReplyDelete
    Replies
    1. හුට්ට බටා........... අදනේ දන්නේ ඔය ජයන්තිමාලා අපේ එකියක් කියලා.

      ඔන්න තමුන්නාන්ස්ගේ මනදොළ පිරවීම සඳහා, 'ජබ් ප්‍යාර් කිසිසේ හෝතා හෙයි' චිත්‍රපටියේ ගීතයකුත්, ආශා පාරෙක් ගේ පින්තූරයකුත්, අර, ජයන්තිමාලා ළමයාගේ පින්තූරයකුත් දානවා.

      https://www.youtube.com/watch?v=a08BHoTFgsY

      [im#]http://www.freevisuals4u.com/photos/2011/10/Asha-Parekh.jpg[/im]

      [im#]http://images.indiatvnews.com/entertainmentbollywood/IndiaTv1dc6d9_Vyjayanthimala.jpg[/im]

      Delete
    2. කදිමයි කදිමයි...!!!

      මං තව ආසයි ගංගා ජම්නා එකේ දිලිප් කුමාර්ගෙ රෝල් එකට. ඒක සාමාන්‍ය දිලිප් කුමාර් ගෙ රෝල් එකට වඩා හාත්පසින්ම වෙනස්... (නිකං මතක් උනාට කෙටුවෙ)

      Delete
    3. මාත් පිංතූරයක් දාන්න බැලුවා. ඒක ලොකුයි. පොඩි කරන්න තේරෙන්නෙ නෑ. මෙන්න ලිංක් එක.
      http://bollywood.celebden.com/wp-content/uploads/2015/08/Dilip-and-Vijayanthi-Mala.png

      Delete
    4. මම කියන්නම් කරන විදිහ. ඒ වැඩේ කරන්න නම්;

      1. පින්තූරය දැනට ජාලයේ අප්ලෝඩ් වෙලා තියන එකක් වෙන්න ඕනේ.

      2. අදාළ බ්ලොග් අඩවි පාලක විසින් ඒ අඩවියේ කමෙන්ට්ස් වලට පින්තූර සහ වීඩියෝ දමෙම සඳහා වශය html codes එම අඩවියේ template එකට දමා තියෙන්න ඕනේ. මේ අඩවියේ ඒ පහසුකම තියනවා.

      3. මුලින්ම ඔබට අවශ්‍ය පින්තූරයේ url එක කොපි කරගන්න. දැන් වර්ඩ් පෑඩ් එක ඇරලා එහි [ඉම#] යන්න ටයිප් කරන්න. ඊළඟට අර url එක එතනට පේස්ට් කරන්න. ඊළඟට [/ඉම] කියලා ටයිප් කරන්න.

      4. දැන් ඒ මුළු code එකම කමෙන්ට් එකට කොපි පේස්ට් කරන්න.

      පහත පින්තූරය බලන්න. ඒ විදිහට ඔබ මේ දී තිබෙන ලින්ක් එක දාන්න උත්සාහ කරන්න.

      [im#]https://jangun.files.wordpress.com/2016/01/code.jpg[/im]

      යූ ටියුබ් වීඩියෝ එකක් දානවානම්, යූ ටියුබ් එකෙන් එම වීඩියෝ එකේ url එක කොපි කරලා, කමෙන්ට් එකට පේස්ට් කරන්න. කෝඩ් මොකුත් අවශ්‍ය නැහැ.

      Delete
    5. අර කෝඩ් ටයිප් කිරීමේදී ඉම නෙවෙයි im විය යුතුයි.

      Delete
    6. ඉස්තූතියි. වැඩේ තියෙන්නෙ, මං පිතූරෙ දැම්මා. ඒක හෙණ... ලොකුයි. ඩිමෙන්ෂන් දාන්න දන් නෑ...

      Delete
    7. නහ නැහැ ඩ්‍රැකී. අර පින්තූරයේ මම පෙන්නලා තියනවනේ හතරැස් වරහන ඇතුලේ im# කියලා. ඒකයි ඊළඟට තියන වරහන් ඇතුලේ තියන /im එකයි ඇතුලට ඔබට අවශ්‍ය පින්තූරයේ url එක පරතරයක් නොහිටින විදිහට දාන්න. දැන් ඒ වරහන් ඇතුළුව ඔක්කොම කෝඩ් එක ඔබේ කමෙන්ට් එකට කොපි පේස්ට් කරන්න. එතකොට පින්තූරය ඉබේම බ්ලොග් එකේ column width එකට සෙට් වෙනවා.

      Delete
  21. ශා නියම psot එකක් මමත් සින්දුවක් අහනවනම් අහන්න කැමති පරණ හින්දි සින්දුවක් විතරයි ....පුලුවන්නම් මේවගේ පරණ හින්දි සින්දු , චිත්‍රපට ගැන පොස්ට් එකක් දාන්නකෝ....

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }