හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

11 January 2016

රටක් වනසන්නේ මෙහෙමයි

Spy
තරහ ගන්න එපා මේ මාතෘකාව කියවලා, අලුත් අවුරුද්දක් පටන්ගත්ත ගමන්, යන්තම් යහපාලනේට අවුරුද්දක් පිරිච්චි ගමන්, රටක් වනසන හැටි කියලා දෙනවා කියලා. මොකද, අද ලෝකය පුරාම එක එක රටවල්, තමන්ට සතුරු වෙනත් රටවල් වැනසීමට ක්‍රියාකරනවා. ඒ අතර සමහර රටවල පාලකයන්, දේශපාලනික වශයෙන් රටවල් වනසනවා. විරුද්ධ පක්ෂ, සමහර රටවල් වනසනවා. මේ කරුණු නොලියාම බැහැ කියලා හිතුන නිසයි ලියන්නේ. අර උතුරු කොරියාවේ උන්නැහේ, ඊයේ පෙරේදා ටෙස්ට් එක පාස්වෙච්චි හින්දා, ඊළඟ ටෙස්ට් එක, කාගේ ඔලුවට අතාරියි ද දන්නේ නැහැ. මේ කතාව කියවන්න කලින්, අපි දන්නා පරණ කියමන් කීපයක් මතක් කරගම්මුද?

   දිය රෙද්දෙන් බෙල්ල කපනවා,

   හීන් නූලෙන් වැඩේ කරනවා,

   දිය යටින් ගින්දර ගෙනියනවා,

   මේ කියමන් වලින් දෙන පොදු අර්ථය මොකක්ද? පිටතට හොඳ මූණක් පෙන්වමින්, අනුන්ගේ විනාශයට කටයුතු කරනවා කියන එක නේද? යුද්ධයේදීත් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මීට කලකට ඉහතදී මා ඔබට කියාදුන්නා ඔලුවෙන් ගැහීමක් ගැන. මේ කියන්නට යන දේත් ඊට සම්බන්ධයි. මේ ලිපියෙන් ඔබට කියාදෙන්නේ, සංග්‍රාමික භූමිකාව තුළ, සතුරු පාර්ශ්වය විනාශ කිරීම, ඔවුන්ගේ අභිමතාර්ථ සහ අරමුණු කඩාකප්පල් කිරීම, ඔවුන්ව වැනසීම, සඳහා භාවිත කරන විවිධ උපක්‍රම පිළිබඳවයි. මෙහි ඇති මානුෂික හෝ අමානුෂික බව සෙවීම නෙවෙයි, ලිපියේ අරමුණ. 'මෙන්න මෙවැනි දේ සිදුවනවා' කියා පෙන්වාදීම පමණයි, මා කරන්නේ.

   ඔත්තු සේවා මගින් ලබාගන්නා තොරතුරු ඔස්සේ තමයි, මෙවැනි රහසිගත ක්‍රියාන්විත සිදුකරන්නේ. මෙවැනි ක්‍රියාන්විත වලදී, මානව හිමිකම් කඩවීම් සිදුවන්නට, බොහෝදුරට ඉඩ තිබෙනවා. නමුත්, මානව හිමිකම් ගැන, තමන්ගේ වාලධිය ඉහළට ඔසවාගෙන තප්පු ලන රටවල්, ලෝකයට හොරෙන්, මෙවැනි රහස්‍ය ක්‍රියාන්විත, මහා පරිමාණයෙන් සිදුකරනවා.

  • කැළඹීම් ඇතිකිරීම සහ බියගැන්වීම:-
Displaced     මේ ක්‍රමයේදී තමන්ගේ සතුරු පක්ෂය සිටින ප්‍රදේශයට හෝ රටට හොරෙන්ම රිංගවන හෝ විවිධ වේශයෙන් යවන අපි පිරිස්, අපිට සතුරු ප්‍රදේශයේ හෝ රටේ සිටින ජනතාවට හැකිතරම් බොරු කියා (ඇත්ත මෙන් කියා) ඔවුන් තුළ මානසික වශයෙන් පසුබෑමක්/අදහස් වෙනස් කිරීමක්/බිඳවීමක්/ සිදුකරනවා, ඒ රටේ හෝ ප්‍රදේශයේ ජීවත්වීම භයානකයි, පාලකයන් ඔවුන් ගැන බලන්නේ නැහැ, ඒ අතරේ කොයි මොහොතක හෝ සතුරු ප්‍රහාර එල්ලවීම නිසා ජීවිත හානි සිදුවිය හැකියි, එමනිසා වහාම මේ ප්‍රදේශය අතහැර පලායාම තමයි සුදුසු, ආදී වශයෙන්. මේ මගින්, රටක ජනගහන අසමතුලිතතාවයක් ගොඩනැගිය හැකියි. පාලක පක්ෂයට විරුද්ධ පිරිසක් බිහිකරගත හැකියි. ඔවුන්ව අපේ වාසියට යොදාගත හැකියි. ඔවුන් ඉවත්වූ පසු අපට සතුරු පක්ෂයේ ඉලක්ක වෙත මානව හිමිකම් කඩ නොකර ප්‍රහාර එල්ල කල හැකියි.
  • ගුවන් හමුදා කඳවුරු/සිවිල් ගුවන් තොටුපළ වැනසීම:-
Katunayaka   සතුරු පක්‍ෂයේ ප්‍රහාරක ගුවන්යානා නවතා ඇති ස්ථාන සහ සිවිල් ගුවන් තොටුපළ සොයාගෙන, රහසිගතව එම ස්ථානවලට ඇතුළුවී, ප්‍රහාර එල්ලකොට ගුවන් යානා වැනසීම. මේ අද්දැකීම අපේ රට අත්විඳ ඇති නිසා විස්තර කරන්න යන්නේ නැහැ. හමුදාමය වශයෙන් සහ රටේ ආර්ථිකයට, කීර්තිනාමයට, ආරක්ෂා සහිත බවට, අතිවිශාල හානියක් සිදුවනවා මෙවැනි ප්‍රහාර වලින්.





  • තාක්ෂණික ඔත්තු බැලීම:- හරිම භයානක දෙයක්. ලෝකයේ රටවල් බොහොමයක් මේ වැඩේ කරනවා. ඔත්තු බලන චන්ද්‍රිකා මගින්, ඩ්‍රොන් යානා මගින්, ඔත්තු බැලීමෙන් වැදගත් තොරතුරු ලැබෙන නමුත්, සතුරාගේ විද්‍යාගාර/පර්යේෂණාගාර වල සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැනගන්නට බහ. ඒ සඳහා කරන්නේ අපේ ඉත්තන් (mole) සතුරු පක්ෂයේ රටක තිබෙන විද්‍යාගාර/පර්යේෂණාගාර වලට රිංගවීමයි. (plant) වෙනත් රටක විද්‍යාඥයකු, උසස් අධ්‍යාපනය ලබන්නකු, එහෙම බැරිනම් වැසිකිලි පිරිසිදු කරන්නෙකු හැටියට හෝ එවැනි ඉත්තන් රිංගවනවා. සතුරාගේ යුද තාක්‍ෂණය හොරකම් කරගතහොත්, ඉතා පහසුවෙන් සතුරාට පහර දීමටත්, ඔහුගේ අනාගත සංග්‍රාමික වැඩපිළිවෙල අවුල් කරන්නත් පුළුවන් වෙනවා.


  •    සමහරවිට මේ සඳහා 'පැණි හැලි' යොදාගන්නවා. ඔන්න පහළින් තියනවා, ඒ වගේ පැණි හැලියක කතාවක්.  

    espionage

    • සතුරාට අයත් වැදගත් ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම්, බෝම්බ/මිසයිල් ප්‍රහාර මගින් වනසා දැමීම :- සංග්‍රාමික කටයුතු වෙනුවෙන්ම, දීර්ඝ කාලයක් වෙහෙසී විශේෂයෙන් ඉදිකර තිබෙන, එමෙන්ම විනාශ වුවහොත් නැවත ගොඩනැගීමට නොහැකි/අපහසු/දුෂ්කර/ පර්යේෂණාගාර ගොඩනැගිලි, යුද ගුවන් යානා කම්හල්, නාවික මධ්‍යස්ථාන, රේඩාර් මධ්‍යස්ථාන, මිසයිල් මධ්‍යස්ථාන, ආදිය වැනසීමෙන්, සංග්‍රාමික හැකියාව අතින් සතුරා දුර්වල කිරීමයි, මෙහිදී කෙරෙන්නේ. මේ හැර, මහා ජලාශ වල වේලි පුපුරවා හැරීම, මේ ගණයටම වැටෙන ක්‍රියාවක්.

    • සතුරු ඔත්තුකරුවන් නොමගයැවීම සහ වැනසීම:- සතුරු පක්ෂයක ඔත්තුකරුවන්, අපේ පාලන ප්‍රදේශයට හෝ අපේ රටට පැමිණ, ඔත්තු බැලීමේ කාර්යයේ යෙදී සිටින බව පැහැදිළිව තහවුරු වුණොත්, ඔවුන්ට බොරු තොරතුරු දී නොමග යැවීම හෝ, රහසිගතව ඔවුන්ව විනාශකිරීම සිදුකරනවා.
    • සතුරාගේ ධන සංචිත වැනසීම:-  ඉදිරි සංග්‍රාමික කටයුතු සඳහා රැස්කර ඇතැයි සිතන, (ඔත්තු සේවා මගින් තහවුරු කරන) මධ්‍යම බැංකු, රත්රන් සහ එවැනි වටිනා සම්පත් ඇති සුරක්ෂිතාගාර වෙත, බෝම්බ/ මිසයිල්/ගුවන්/ ප්‍රහාර එල්ලකොට වැනසීමෙන්, සතුරු පක්ෂයේ මූල්‍ය ශක්තිය අඩපණ කිරීම.

    Police

    • ආහාර සංචිත වැනසීම:- විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. සතුරු පාර්ශවයක් විසින් ප්‍රයෝජනයට ගැනීම සඳහා තැන්පත් කර තිබෙන ආහාර ගබඩා වැනසීම, අස්වැන්න නෙලාගැනීමට පෙර, ආහාර බෝග වගාවන් විනාශ කිරීම, ආදිය තමා මෙහිදී සිදුවන්නේ.
    • සතුරාගේ සමූල ඝාතක අවි වැනසීම:- මානුෂවාදී හැඟීම් නැති ලෝකයේ සමහර රටවල්, සමූල ඝාතක අවි නිපදවමින්, ඒවා ගබඩා කරගනිමින්, ලෝකයට තර්ජනයක් බවට පත්වෙනවා. සතුරු පාර්ශවයට අයත් එවැනි අවි, ක්‍ෂණිකව පාවිච්චි කළ නොහැකි තත්වයට පත්කිරීම හෝ සම්පූර්ණයෙන් වැනසීම මගින්, අපේ පාර්ශවයට වැඩි වාසි අත්කරගැනීම තමයි මෙහිදී සිදුකෙරෙන්නේ.  
    • ජීවවිද්‍යාත්මක ත්‍රස්තවාදී ක්‍රියා:- මෙය ඉතා අමානුෂික, ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි සැළකෙන්නේ. මෙහිදී සිදුකරන්නේ, සතුරු පක්ෂයට අයත් රටට/ප්‍රදේශයට/ විවිධාකාරයේ භයානක රසායනික ද්‍රව්‍ය මුදාහැර, පරිසරය හැකිතරම් වනසා, ඒ රටේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ මහජනතාව හැකිතරම් විශාල ප්‍රමාණයක්, සමහරවිට කිසිදිනක සුවකළ නොහැකි රෝගවලට ලක්වීමට ඉඩ හැරීමයි. ඇමරිකා එක්සත් ජනපදය විසින්, වියට්නාම් යුද්ධයේදී, ඒජන්ට් ඔරේන්ජ් නමැති විෂ රසායනිකය වියට්නාමයට මුදාහැරීමෙන්, අදටත් බලපවත්වන පාරිසරික ගැටළු ඇතිවී තිබෙනවා.

    • ඛනිජ තෙල් සංචිත වැනසීම:- සංග්‍රාමික කටයුතු සඳහා පමණක් නොව, රටක සාමාන්‍ය කටයුතු සඳහාද ඛනිජ තෙල් අවශ්‍යවන බව, අමුතුවෙන් කිවයුතු නැහැ. තමන්ට සතුරු රටක තිබෙන එවැනි තෙල් සංචිත වැනසීම, තෙල් නිෂ්පාදනය ඇණහිටින තත්වයට පත්කිරීම මගින්, ඒ රටේ සංග්‍රාමික ශක්තිය පහල දැමීමට හැකිවෙනවා. මැදපෙරදිග රටවල පසුගිය කාලයේදී ඇතිවුණු සටන් වලදී මේ තත්වය දකින්නට ලැබුණා.
       මේ ලිපිය කියවීමෙන් පසු, ඔබට යම් දුරකට පැහැදිළිවෙනවා ඇති, සංග්‍රාමයකදී, මානුෂික ක්‍රියා මෙන්ම අමානුෂික ක්‍රියා ද සිදුවන බව. හමුදා කටයුතු ගැන, මේ අඩවියේ ලියවුනු ලිපි කීපයකදීම මා සඳහන් කර ඇති, යුද්ධය ආරම්භ කරන්නේ හෝ අවසාන කරන්නේ, සොල්දාදුවා නොව, රටක පාලකයා/පාලකයන් කියා. ඒ නිසා, 'සොල්දාදුවා අමානුෂික පුද්ගලයෙකි' කියා උපකල්පනය නොකරන මෙන්, මා ඔබෙන් කාරුණිකව ඉල්ලාසිටිනවා. 

       තවත් මෙවැනි ලිපි කීපයක් සංස්කරණය වෙමින් පවතිනවා. ඉදිරියේදී ඔබ වෙත ඒ ලිපි ඉදිරිපත් කරන්නම්.

    2016 ජනවාරි මස 11 වැනි දින 1304 පැය 

    105 comments :

    1. වැදගත් කරුණු. හොඳම දෙය යුද්ධයක් වැලැක්වීම. මෙවන් දේවල් සුළු වශයෙන් හෝ ජේ වී පී අය සහ රජයේ අය අතින් 88/89 කාලෙත් සිදුවුනා. එල් ටී ටී යී අය නම් මේ පිලිබඳ කෙල පැමිණි අය හැටියටයි මගේ හැඟීම.

      ReplyDelete
      Replies
      1. යාපනයේ තිබූ හර්තාල්වලින් ද එල් ටී ටී ය පන ගහලා ආව නේද ඕනම රටක රජය දුර්වල වීම ඒ රටේ යුද්දයක් ඇති වීමට බලපාන ප්‍රධාන සාදකයක්.

        Delete
      2. මේ ලිපියේ කියා තිබෙන දේවල් අඩු වැඩි වශයෙන් ඔය කොයි පාර්ශ්වය අතිනුත් වුනා. අදත් ලෝකයේ බොහෝ රටවල වෙනවා. අනාගතයේදීත් ඒකාන්තයෙන්ම වෙනවා. ඔය මානව හිමිකම් ගැන තප්පුලන උදවිය වැඩියෙන් කරනවා. ඒක තමයි තිත්ත ඇත්ත.

        Delete
    2. විචාරකතුමා බොහොම වැදගත් ලිපයක් ගොඩක් දේවල් දැන ගත්තා.
      අපේ රටෙත් මේ සමහරක් ඒවා පසුගිය සමයේදී සිදුවුණානේ.දැනුත් මේවා සිදු වෙනවා ඇති කියලා මට හිතෙනවා.

      ReplyDelete
      Replies
      1. දැනුත් සම්පූර්ණයෙන් නැවතිලා තියෙන්නේ කියලා මමත් විශ්වාස කරන්නේ නැහැ. මේ ගැන ඉතා පුළුල් ලෙස සාකච්ඡා කලොත් තව බොහෝ දේවල් නිරාවරණය වෙනවා.

        Delete
    3. https://en.wikipedia.org/wiki/The_Art_of_War

      ReplyDelete
      Replies
      1. මේ පොතෙන් තෝරාගත් කොටස් සිංහලට පරිවර්තනය කොට, අපේ ත්‍රිවිධ හමුදාව අතර බෙදාදුන්නා, 1990 දශකයෙදී. මේ පොත ලියවෙන කාලේ, අද තිබෙන තාක්‍ෂණික පහසුකම් නොතිබුන නිසා, එහි තිබෙන සමහර උපදෙස් අදට ගැලපෙන්නේ නැහැ.

        Delete
    4. ඉතාම සරල වැදගත් ලිපියක්.. බෝම අගෙයි..

      මටත් හිතෙනවා විචා මාමාව ටෝටලි විනාස කරල දාන්න.. හැක්..

      ReplyDelete
      Replies
      1. ඇගයීම ගැන ස්තුතියි.

        උඹ ටෝටලි විනාස කරන්නේ අහවල් එකද? :e

        Delete
    5. වටිනා ලිපියක් විචාමාමේ.............. ප්‍රති ත්‍රස්තවාදය නැතිනං කවුන්ට ටෙරරිස්ම් වලත් මේ විදිහ දේවල් තියෙනවා නේද?????

      ReplyDelete
      Replies
      1. සහ කවුන්ටර්-එස්පියොනාජ්

        Delete
      2. ඇත්තටම ප්‍රති ත්‍රස්තවාදයේදී සිදුවන්නේ ත්‍රස්තවාදය සියදහස් ප්‍රමාණයකින් වැඩි කොට ක්‍රියාත්මක කිරීමයි. එතනදී සාධාරණය අසාධාරණය බලන්නේ නැහැ. නොකෑ මකුණාවත් මරනවා. ලෝකේ හැටි එහෙමයි.

        Delete
    6. 'බොරුව' කියන දේ සෑහෙන වැදගත් අවියක් බලාගෙන ගියාම..
      ජයවේවා..!!

      ReplyDelete
      Replies
      1. මිනිසා කියන සත්වයා මේ ලෝකයට පහළවුණු දවසේ ඉඳලා බොරුවෙන් වැදගන්නවා. ඒ නිසා වෙන්න ඇති සෑම ආගමකම, බොරුව පාපයක් කියලා උගන්වන්නේ.

        Delete
    7. \\\මේ ලිපිය කියවීමෙන් පසු, ඔබට යම් දුරකට පැහැදිළිවෙනවා ඇති, සංග්‍රාමයකදී, මානුෂික ක්‍රියා මෙන්ම අමානුෂික ක්‍රියා ද සිදුවන බව. හමුදා කටයුතු ගැන, මේ අඩවියේ ලියවුනු ලිපි කීපයකදීම මා සඳහන් කර ඇති, යුද්ධය ආරම්භ කරන්නේ හෝ අවසාන කරන්නේ, සොල්දාදුවා නොව, රටක පාලකයා/පාලකයන් කියා. ඒ නිසා, 'සොල්දාදුවා අමානුෂික පුද්ගලයෙකි' කියා උපකල්පනය නොකරන මෙන්, මා ඔබෙන් කාරුණිකව ඉල්ලාසිටිනවා. ///
      යුද්ධය ආරම්භ කිරීම හෝ අවසාන කිරීමට වඩා, යුද්ධය කිරීම ගැන නේද ඉහතින් අප සාකච්ඡා කරන්නේ...විචා විස්තර කරල තියෙන යුධ උපක්‍රම හරිම අමානුෂිකයිනේ...වෙන යුද්ධකරන්න විදියක් තියෙනවා කියලැයි..නැද්ද විචා...
      සමාජයක ඇති කරවන යුධ මානුෂිකත්වය හොඳ ආයුධයක් නේද පාලකයින්ට...තාමත් අපේ පාලකයින් පට්ට ගහන්නේ පහුගිය දශක තුනේ සමාජය තුලට වද්දා තියෙන ඒවන් යුධ මානුෂිකත්වය නේ..?
      සොල්දාදුවන් හිතන්න පටන් ගත්තොත් (යුද්ධයකදි ) මොනාද වෙන්නේ කියලත් මේ ගමන්ම ලිව්වනම් තමා නියම...!

      ReplyDelete
      Replies
      1. ඔබට ඉතාම ස්තුතියි චෙෆාකි. මෙන්න මේ වගේ සංවාදාත්මක කමෙන්ට්ස් තමයි මම බලාපොරොත්තු වෙන්නේ.

        ඉස්සර මිනිස්සු, මුහුණට මුහුණ ලා කඩුවෙන් සටන් කළා. කොයි තරම් ලොකු චිත්ත ධෛර්යයක් ඒ මිනිසුන් තුළ තියෙන්න ඇද්ද? දැන් අපි හුඟක් 'දියුණු මිනිස්සු' නිසා, :e හැංගිලා ගහනවා සතුරන් යයි සැක කරන ඔක්කොම මැරෙන්න. ඕක තමයි ලෝකය පුරාම තියන තත්වය.

        සාමාන්‍යයෙන්, දීර්ඝකාලීන යුද්ධයකට පැටලුනු රටක්, සාමාන්‍යකරණය වෙන්න, ඒ යුද්ධය පැවතී කාලයට ආසන්න කාලයක් ගතවෙනවා. නමුත්, පාලකයන් සාධාරණව ක්‍රියාකිරීම, (අපේ රටේ සෑම දේශපාලන පක්ෂයක්ම තවමත් යුද්ධය වවාගෙන කනවා. ලැජ්ජා නැතුව) සමාජයේ අවබෝධය වර්ධනය, අධ්‍යාපනය තුලින් චින්තනය වෙනස් කිරීම, වැනි කරුණු වලට ප්‍රමුඛත්වයක් දීමෙන්, ඉක්මන් සහනයක් ලබාගන්න පුළුවන්.

        සොල්දාදුවා යුද්ධයට ගියාම අචේතනිකයි. ඔහුගේ පුහුණුවේදී ඔහු අචේතනික කරනවා. නැත්නම් ඔහු යුදබිමේදී මැරෙනවා. අනේ මේ මම වෙඩි තියන්නේ මම වගේම ලෙයින් මසින් හැදුනු මිනිහෙකුට නේද? ඒ මිනිහාටත් මට වගේ දෙමව්පියෝ, දරුමල්ලෝ ඉන්නවා නේද කියා, තුවක්කුවේ කොකාට ඇඟිල්ල තියාගෙන හිතන්න ගියොත් සතුරා ක්‍ෂණිකව ඒ සොල්දාදුවාව මරනවා. අපි යුද්දේ පරදිනවා. ඒ නිසා සොල්දාදුවාගේ චින්තනය වෙනස් කරන්න වෙනවා. මටත් එහෙම හිතුන අවස්ථාවක් තිබුනා.

        මේ තියෙන්නේ ඒ විස්තරය

        Delete
      2. යුද්ධක් කොහෙත්ම මානුෂික වෙන්න බෑ. යුද්ධය කුරිරු මෙන්ම අතිශය අමානුෂිකයි. මානුෂික වගේ පේන පොඩි සිද්ධි පේන්න ගත්තට තවත් ජීවිතයක් විනාශ කරනව කියන එක සමස්තයක් විදිහට අමානුෂිකයි.
        අනෙක් අතට යුද්ධයකදි කවුද හරි, කවුද වැරැදී කියන එකත් සාපේක්ෂයි. යුද්ධයක් දිනනවා කියන්නෙම බලවන්තයා ජය ගන්නවා කියන එක.
        මේ ලිපියෙ කරුණු හරිම වටිනවා. නැවත නැවත හිතන්න පොළඹනවා.

        Delete
      3. යුද්ධය මුලින්ම ඇතිවෙන්නේ අපේ හිතේ. හිත අතුලේදීම ඒ යුද්ධය සමථයකට පත්කරගන්න පුළුවන්නම් කොච්චර හොඳද?

        යුද්ධයකදී සෑමවිටම දිනන්නේ බලවතා නෙවෙයි. දක්ෂයා. ඔටුවකු විසින් අණදෙන සිංහ හමුදාවක් පරද්දන්න පුළුවන්, සිංහයකු අණදෙන ඔටු හමුදාවකින්.

        ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.

        Delete
    8. හරිම වැදගත් ලිපියක්, නමුත් අද ලංකාවේ දිය රෙද්දෙන් බෙල්ල කපනවා අපුරුවට, සුක්ෂමව රටවල් අල්ලන විදි පවතිනවා http://lankasithuwili.blogspot.com/2016/01/george-soros.html
      George Soros ගෙන්න ගෙන කරන්න යන්නේ එයයි!

      ReplyDelete
      Replies
      1. මෙතනදී මම දේශපාලනික කරුණු අතෑරලා සංග්‍රාමික කරුණු පමණයි ඉදිරිපත් කලේ. ඔබ කියන ආර්ථික විද්‍යාත්මක කරුණු ඇත්තටම සමාජයේ පහළ ස්ථර වලට අවබෝධකරදීම ඉතා වැදගත්.

        Delete
    9. සිංහල වෙබ් නිව්ස් සයිට් වලින් 90%ක් ම කරන්නෙත් ඔය ඔළුවෙන් ගැහිල්ලේ ජොබ් එක නේද?

      ReplyDelete
      Replies
      1. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නමැති, ක්‍රීඩාවට/සටනට/ව්‍යාපාරයට/වෙළඳපොළට/ යොමුවී සිටින, ලෝකයේ සෑම රටකම තිබෙන ආයතන බොහොමයක් කරන්නේ, ඔලුවෙන් ගැහිල්ලක් තමා.

        Delete
    10. yudha katayuthu pilibandha karunu sahitha thawath agana lipiyak. karunu bohomayak aluthen dana gaththa.

      wicha,thuma,
      yuddhayaka aarambaya saha awasaanaya paalakayan samaga military eke ehalama mattame officersla ekathu welaa nemeidha thiranaya karanne??

      ReplyDelete
      Replies
      1. ඇගයීම ගැන බොහොම ස්තුතියි සෙනරත්.

        යුද්ධයක් ආරම්භයේදීත් අවසානයේදීත් පාලකයන් හමුදාපතිවරුන් සමග සාකච්ඡා කරනවා. එහිදී හමුදාපති වරුන් තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරනවා. නමුත් පාලකයන් තමයි අවසාන තීරණය ගන්නේ.

        Delete
    11. වියට්නාමයේ කැරෝකේ ෂොප් බ්යර් ෂොප් මුලින් පටන් අරන් තියෙන්නේ ඒවාට එන ඇමෙරිකන් සොල්දාදුවන් අල්ලා මරා දැමීමට කියා කියනවා.

      ReplyDelete
      Replies
      1. මරා දැමීම කොහොම වෙතත්, ඔවුන් සමග යහන්ගතවී, ඇමරිකානු හමුදාවේ ඉදිරි සැලසුම් දැනගැනීම සඳහා, වියට්නාම් හමුදාවේ කාන්තා ඔත්තුකාරියන් යොදවා තිබුනා.

        Delete
    12. ඉතාම වැදගත් දුර්ලභ විස්තර රාශියක් ලැබුණ ලිපියක් විචාරක තුමා.

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි ගුණසිංහ මහත්මයා.

        Delete
    13. බොහෝ කරුනු දැනගත්තා මේ ලිිපියෙන්.යුරෝපා රටවල් විසින් අරාබි රටවල් තුල ගැටුම් ඇති කරවන්නත් මෙවනි උපක්‍රම යොදාගන්නවා නේද ?

      ReplyDelete
      Replies
      1. ඇගයීම ගැන ස්තුතියි මනෝ, යුරෝපා රටවල් විසින්, මැදපෙරදිග විතරක් නෙවේ, ආසියාව, අප්‍රිකාව තුළත් විවිධ වියවුල් ඇතිකරනවා, සම්පත් ගසාකෑම, ආයුධ වෙළඳාම වැඩිකරගැනීම වැනි තිරිසන් පරමාර්ථ වෙනුවෙන්.

        Delete
    14. අර ඔත්තුකරුවන් නොමග යැවීම මම දැක්ක හොඳම අවස්තාවක් තමයි ෂර්ලොක් හෝම්ස්ගේ අන්තිම වික්‍රමය. His last bow- War service of Sherlock Holmes කතාව. මේකේ ජර්මානු ඔත්තුකරුවාව හොඳම විදියට නොමග යවනවා. ඒ විතරක් නෙවෙයි, එයාගේ සහායක ඔත්තුකරුවන්වත් විනාශ කෙරෙනවා..
      අර ආහාර සංචිත වැනසීම නම් ආදිකාලීන යුද්ධෝපක්‍රමයක් නේද?
      දෙවෙනි ලෝක යුද්ධය (වගේම පලවෙනි එකත්) හරියට හැදෑරුවා නම් මේ ක්‍රම සහ විධි ගැන සෑහෙන අවබෝධයක් ලබන්න පුළුවන්. ඇත්තෙන්ම මගේ අදහස නම්, ගොඩක් වර්තමාන යුධ උපක්‍රම වලට ආභාෂය ලැබුනේ, එහෙමත් නැත්තම් ඒවා හොයාගෙන දියුණු කෙරුනේ ඔය ලෝක යුද්ධ දෙක නිසා.

      ReplyDelete
      Replies
      1. ඔත්තු බලේම සහ සතුරන් රහසිගතව විනාශ කිරීම ඉතා ඈත කාලීන මානව ශිෂ්ටාචාරයන්හි පවා සිදුවී තිබෙනවා. මෝගල් අධිරාජ්‍යය, මහා ඇලෙක්සැන්ඩර්ගේ අදිරාජ්‍යය, ඔටෝමන් පාලන කාලය, එසන්දහා උදාහරණ. වෙන එකක් තිය උම්මග්ග ජාතක කතාවෙත්, දුටුගැමුණු කතාවෙත්, පළමුවැනි විජයබාහු කතාවෙත් විශ්මයජනක යුද උපක්‍රම තිබෙනවා. ඒවා සහ පළමුවැනි/දෙවැනි ලෝක සංග්‍රාම යන සියල්ලම වර්තමාන සංග්‍රාමෝපක්‍රම කෙරෙහි බලපා තිබෙනවා.

        Delete
      2. විජය විසින් කුවේණිගේ උදවුවෙන් යක්ෂ ගෝත්‍රික නායකයින් එක් තැනකදී සමූලඝාතනය කිරීමත් යුද උපක්‍රමයක් නේද? බයිබලය අනුව ජෙරිකෝවේ පවුරු බිඳ සමූලඝාතනය කරන්නෙත් ඇතුලෙ ඔත්තුකාරියකගේ උදවුවෙන්. ඒ වගේම, රාමා හනුමත්තාව එවන්නෙත් මූලිකවම ඔත්තුකරුවෙක් වශයෙන්නේ.

        Delete
      3. අන්න හරි. ඔත්තුකරුවන්ගේ කාර්යභාරය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරම්ම පැරණියි.

        Delete
    15. පහු ගිය කාලෙ ලංකාවෙත් හනිපොට්ස් ලාට වහ වැටුන අයත් හිටියා නේද? :-)

      ReplyDelete
      Replies
      1. හිටියා හිටියා, සමහරුන්ට ඩිස්චාර්ජ් එකට කලින් පෙන්ෂන් යන්න වුනා මතකද?

        Delete
    16. අර සීදේවි හනිපොට් මූණ දිහෑ බලාන කොහොමදෑ රහස් රකින්නෙ.චැහ්

      මම නං අදිනවා කොළබොක්කෙ ඉඳන් සේරම විස්තර :D ඕ යේස්

      ReplyDelete
      Replies
      1. දවසේ කියමන බොහොම වටිනා එකක් නිසා, මම හිතාගත්තා මේ කියමන ප්‍රින්ට් කරගෙන ඊළඟ සැරේ පත්තරේලගේ ගෙදර ගියාම පත්තරීට පෙන්නන්න.

        Delete
      2. විචාරක තුමා

        දැන් කාලේ ගොඩක් පැණි උගුල් මානලා තියෙන්නෙ සමාජය ඉදිරියේ ප්‍රසිද්ධියක් ලබා ඇති අපේ හාමුදුරුවරුන්ට. උගුලේ පැටලුනාම ඉන් ගැලවීමක් කොහෙත්ම නැහැ.බලකිරීම නිසා පැණි උගුල් විසින් පවරන හැම වැඩේම මෙලොවදී කරන්න ඕනෑ. පාරාජිකාවට පත්වීම නිසා මරණින් පසු නියත වශයෙන්ම අපාගත වෙනවා.

        සමරසේකර

        Delete
      3. හතර විලිලැජ්ජාවේ බෑ සමරේ අයියේ. ඇත්තටම ලැජ්ජයි ඔව්වා ගැන කතාකරන්න. සමහර උන්නාන්සේලාගේ විචාර බුද්ධිය කියලා දෙයක් ඇත්තෙම නැහැ. එක්කෝ සිවුරේ ඉන්න ඕනේ, නැත්තං දමලා ගහලා යන්න ඕනේ. සංඝ කතිකාවතක් වහාම ඕනේ මේවා නවත්තන්න.

        Delete
    17. //මේ ලිපිය කියවීමෙන් පසු, ඔබට යම් දුරකට පැහැදිළිවෙනවා ඇති, සංග්‍රාමයකදී, මානුෂික ක්‍රියා මෙන්ම අමානුෂික ක්‍රියා ද සිදුවන බව.// මේවා පුද්ගලිකව නොවෙයි පොදුවේ 'සතුරා'ට කිසිම අවස්ථාවක් නොදීම සඳහා යොදා ගන්න උපායමාර්ගික සටන්ක්‍රම විතරයි. ඒක නිසා ඒවා හමුදා පුද්ගලයින්ගේ අමානුෂික ක්‍රියා ලෙස හැඳින්වීම වැරදියි.
      මේ කාසියේම අනිත් පැත්තත් තියෙනවා. උපායමාර්ගික සටන්ක්රමයක් වෙනුවට යමෙක් අනවශ්‍ය විදියට අමානුෂික ක්‍රියාවල යෙදෙනවානම් උදාහරණ ලෙස නිරායුද මිනිසුන්, ළමුන් ගාතනය කිරීම කාන්තාවන් දුෂණය කිරීම වගේ දේවල්.. එවිට ඒ පුද්ගලයින් සොයා සත්‍ය වශයෙන්ම දඬුවම් දියයුතුයි.

      ReplyDelete
      Replies
      1. ඒකත් උපායමාර්ගික සටන් ක්‍රමයක් නෙවෙයි ද කමියො? psychological warfare නෙ..

        Delete
      2. ඇත්ත. මා එම වාක්‍යය ඇතුලත් කලේ, මේ ලිපිය කියවන අයගෙන් අති මහත් බහුතරය, හමුදා සාමාජිකයන් නොවන නිසා. මීට පෙර මා ලියා ඇති, සමූල ඝාතක අවි පිළිබඳ ලිපියේදීත් මා ඒ බව කියා තිබෙනවා. මා අදහස් කලේ හමුදාවේ පුද්ගලයන් අමානුශිකයි කියන එක නොවේ. හමුදා ක්‍රියාකාරකම්, සමහර අවස්ථා වලදී අමානුෂික ස්වරූපයක් ගන්නට ඉඩතිබෙනවා යන්නයි. මෙලෙස ප්‍රති තර්කයක් ඉදිරිපත් කිරීම ගැන බොහොම ස්තුතියි. මෙවැනි සංවාද නිසා කියවන අයගේ දැනුම පුළුල් වෙනවා.

        සංග්‍රාමයකදී සිදුවන මානව හිමිකම් කඩකිරීම් ගැන ඉදිරියේදී වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා.

        Delete
    18. ඇයි විචා false-flag approach එක.. ඕක සුපිරියටම කලේ මොසාඩ් එක කියලා අහලා තියෙනවා..

      ReplyDelete
      Replies
      1. ට්‍රෝජන් අශ්වයාගේ ක්‍රමයේ උපක්‍රම අදටත් පාවිච්චි කරනවා. යුදබිමේදී මියගිය තම සගයන්ගේ සිරුරු වලට බෝම්බ සවිකර ඒවා යුදබිමේ දමා යන ත්‍රස්තවාදී සංවිධාන තියනවා. එම සිරුරු ඉවත් කරන්නට හදන සතුරු පක්ෂයේ අය මියයනවා.

        Delete
    19. රටක් හදන්න මිනිස්සු අඩු උනාට වනසන්න නම් මිනිස්සු ඕන තරම් ඉදිවි.
      බොහෝම වැදගත් ලිපියක් වි‍චාරක තුමා.

      ReplyDelete
      Replies
      1. අපොයි ලෝකය පුරාම තත්වය ඒක තමා.

        ඇගයීම ගැන ස්තුතියි.

        Delete
    20. කොටි මේ සියළුම වාගේ ප්‍රහාර කරා නේද රටට එරෙහිව

      ReplyDelete
      Replies
      1. එල්ල කළහැකි සියලුම ආකාරයේ ප්‍රහාර එල්ල කළා.

        Delete
    21. Replies
      1. ඒගොල්ලෝ තවම කරන්නේ ඇනස්ලි, බර්ටි, සැමුවෙල්, කරපු විහිළුවල අනුකරණ. අලුත් විහිලු මොකුත් නැහැ.

        Delete
    22. ඔබේ මේ ලිපි පෙළම සිංහල බ්ලොග් අවකාශයට ලොකු වටිනාකමක් එක් කරන බව කියන්නම ඕන.කවද හරි දවසක මේ කරුණූ කාරණා සියල්ල පොතක් ලෙස මුද්‍රණය වනවා නම් මෙම විෂය පිළිබඳව අධ්‍යයන කරන්නෙකුට ලොකු උපකාරයක් වේවි. මේ වගේ “පැණි මුලක්“ තොරතුරු තාක්ෂණයේ Network Security විෂය තුලත් හඳුනගන්න පුළුවන් මට මතක විදියට .
      ස්තුතියි විචාරක මහත්මයා ඔබේ මේ වෙහෙස වෙනුවෙන් !

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි මහේෂ් මේ දිරිගන්වන සුළු අදහස් දැක්වීම ගැන. බ්ලොග් ලිවීම නවත්තපු දවසට මේවා මුද්‍රනය කරන්න හිතාගෙන ඉන්නවා.

        අම්මෝ network security වලදී පැණි හැලි වලට අහුවුනොත් සුනේ සුන්. :e

        Delete
    23. ඩොයිලිගෙ දිනපොත මීට හොඳ උදාහරණයක් නේද විචාරක තුමෝ? සමහරු කියනව අර දරුවො වංගෙඩියෙ දාල කොටවපු කතාව, ඇහැලේපොළ අමතක වෙන්න ඇහැළ ගස් පවා කප්පපු කතාව, ඒ සිද්ධියෙන් පස්සෙ සතියක් මහනුවර ගෙවල් වල බත් ඉදුනෙ නැති කතාව එහෙම, ඩොයිලි ප්‍රචාරය කරවපු කතා කියලා. ඒ විදිහට සංඝයා වහන්සේ, උඩරට රදළයන් සහ මහජනතාව උඩරට රජු කෙරෙහි බිඳවීමෙන්, උඩරට අල්ලගන්න පහසු වුනා කියලා හිතෙනවා.

      ReplyDelete
      Replies
      1. කියවන්න ආපාඨ පුෂ්පය.. හොද කියැවීමක් ඒකේ තියෙනවා...

        Delete
      2. භීෂණය හැකිතරම් මුදාහැරීමත් එක යුද උපක්‍රමයක්. සුද්දා මෙන්ම පරංගියාත්, ලංසියාත්, ඒ ටික කළා. දකුණු ඉන්දීය ආකරමනිකයොත් කළා. අපිත් කළා. උඩරට අල්ලගන්න සුද්ද මනෝවිද්‍යාත්මක ක්‍රියාන්විත දියත්කළා.

        දේශ්. පොත ගැන තව පොඩි විස්තරයක් දාපන්කෝ මෙතනටම.

        Delete
      3. සුසන්ත මහඋල්පත ලියපු නවකතාවක්.. ඒකේ තියෙන්නෙ ඇහැලේපොල අධිකාරම් මුරුසියේ සිරගත කරපු කාලය අලලා ඔහුගේ අතීතය ආවර්ජනය කරමින් ලියපු දේවල්.. ඇහැලේපොළගේ හැගීම් මොන වගේද කියල මනරම්ව කියා පානවා ඒකේ.. ඒ වගේම ඩොයිලිලා කෝමද මිනිසුසු රැවැට්ටුවේ කියන එකත් ඓතිහාසිකව උකහා ගත් කරුණු මතින් ඔහුගේ පරිකල්පනයත් මුසු කරල ඉදිරිපත් කරල තියෙනවා. ඉතිහාසය ගැන ආසාවක් ඇති අය කියෙව්වටට පාඩුවක් නැහැ..

        Delete
      4. බොහොම ස්තුතියි දේශ්

        Delete
      5. උඩරට ගිවිසුමේ ඇහැලේපොළගේ අත්සනත් හොරට ගැසූ එකක් බවට මතයක් තියෙනවා නේද? ඒ වගේම, ඔහුව රටින් පිටුවහල් කිරීම ගිවිසුම අත්සන් නොකළාට තරහට කළ දෙයක් බව.

        Delete
      6. පොඩි මූලාශ්‍රයක් දෙන්නකෝ ඉකෝන් ඒ තොරතුරු කියවන්න.

        Delete
    24. එකින් එක කියවද්දි , කොටි අපේ රටේ විනාශ කරපු දේපල සහ මිනිස්සු මරපුව මතක් උනා.

      ReplyDelete
      Replies
      1. ඒවා මතක්වීම ගැන ඇත්තෙන්ම කණගාටු වෙනවා. දැන් ඔය ඔක්කොම අපේ සෑම ජාතියකටම අයත් මිනිස්සුන්ගේ මතකයෙන් මකාදමන්න මොකක්හරි හොඳ වැඩපිළිවෙලක් ඕනේ.

        Delete
    25. යුද්ධ වලට විතරක් නෙමෙයි මේකේ තියෙන සමහර දේවල් ඡන්ද වලටත් පාවිච්චි කරන්න පුළුවන් නේද

      ReplyDelete
      Replies
      1. හුටා........අම්මපා බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා. අපේ රටේ ඡන්දය කියන්නේ යුද්ධයක් නේ.

        Delete
    26. මම ගහන්න ඉන්න එකාට මේ මොකක්වත් හරියන්නේ නැනේ................ මොකද කරන්නේ....... රාජගිරියට උල්කාපාතයක්වත් වට්ටන්න තමයි වෙන්නේ

      ReplyDelete
      Replies
      1. ඒකා ටික දවසක ඉඳලා සද්දයක් නැත්තේ උඹවයි පත්තරයවයි එකට තියලා අඹරන්න අලුත් ආයුධයක් ගන්න ගිහින්ලු. පරිස්සං වෙලා හිටපල්ලා.

        Delete
      2. ඉතාලියානු හනී පොට් නිසා තව මෙහෙ අඹරවන්න දෙයක් නෑ කියල ලව්පූස්තුමා කිව්ව

        Delete
      3. අන්තිමට, කොහෙද යන 'පූසිගෙ පුතෙක්' වෙයිද දන්නේ නෑ

        Delete
    27. ඔය රටවල් වනසන්න හිටපු එකෙක් ගැන තියෙන පොතක් නේද "ආර්තික ඝාතකයෙකුගේ පාපොච්චාරණ" කියලා තියෙන්නේ...?

      ReplyDelete
      Replies
      1. ඔව් යශ්, රටක ආර්ථිකය වඩාත් සාර්ථකව වනසන්න පුළුවන් හෙමින්සීරුවේ ආර්ථිකය කඩාවැට්ටවීමෙන්.

        Delete
    28. CloudPlayer used as a traditional music player. Cloud player also used as linking your one drive, Drop box and Google drive to create a giant cloud jukebox for all music gallery. Streaming or downloading of songs from your cloud accounts for offline playback.
      CloudPlayer
      Very nice site and I get very valuable information from this site.
      Keep it up admin.
      Thank you.

      ReplyDelete
    29. ආහාර සංචිත විනාශ කිරීමට සමගාමී ගේමක් තමා මාවිල්ආරු වහලාත් කලේ. තොප්පිගලදි කෑවෙත් ඒක අනික් පැත්තට කැරකිලා. මම හරිද මන්දා විචාරකතුමා.

      ReplyDelete
      Replies
      1. ඔව් ඔව් මධු, ඒ වගේම ඉරණමඩු වැවේ බැම්ම පුපුරවන්නත් ප්ලෑන් කරලා තිබුණා. ඔය කරුණා, පිල්ලෙයාන්, කේපී, ත්‍රස්තවාදීන්ගෙන් හරියට ප්‍රශ්න කලොත්, ඒ කාලේ ගොඩක් දේවල් දැනගන්න පුළුවන්.

        Delete
    30. Replies
      1. නිකං නෙවෙයි ගුඩේ ගුඩ්. අර පැණි හැලිය ගැන නේද කිව්වේ? :e

        Delete
    31. විචා, තරහ නැතුං ඔයාගෙ blog archive එකේ ෆෝර්මැට් එක වෙනස් කරන්ටකො. පරණ පෝස්ට් එකක් හොයන්ට ගියාම ඔළුව කැක්කුම හැදෙනවා..

      ReplyDelete
      Replies
      1. කරන විදිහ දන්නේ නැහැ. කියලා දෙන්න.

        Delete
      2. 1. blogger dashboard එක විවෘත කරලා වම් පැත්තේ ඇති menu අතරින් Layout menu එක click කරන්ට.

        2. එවිට දකුණු පැත්තෙ පෙන්නනවා බ්ලොග් එකේ තියෙන එක එක gadgets ස්ථානගත වෙලා තියෙන ආකාරය. ඒ අතර දකුණුපස sidebar එකේ ඇති gadgets අතරින් blog archive එක තෝරාගෙන (විචාගෙ මේක ඇත්තෙ 'සංරක්‍ෂණාගාරය' කියන නමින්) ඒකෙ තියෙන edit button එක මත click කරන්ට.

        3. දැන් ලැබෙනවා පහළ තියෙන විදියෙ popup window එකක්. ඒකෙ පෙන්නලා තියෙන විදියට අවශ්‍ය වෙනස්කම් කරලා save කරන්ට.

        [im#]http://i66.tinypic.com/3444ku9.jpg[/im]

        Delete
      3. ඒ විදිහට කළා.

        මම තවමත් බ්ලොග් ලියන්නේ වර්ඩ්ප්‍රෙස් එකේ. එතන ලියලා මෙතනට කොපි කරනවා.

        දැන් හරිද කියලා බලන්න.

        Delete
      4. වර්ඩ්ප්‍රෙස් එකේ ලියා මෙතනට කොපිකිරීමෙන් යම්කිසි අවුලක් වෙනවද දන්නේ නැහැ. හැබැයි මම බ්ලොගර් එකේදී නැවත ලිපි වර්ගීකරණ ගැජට් එකට ගිහින් වර්ගීකරණය දානවා.

        Delete
      5. wordpress එකේ ලිවුවා කියලා blog archive එකට බලපෑමක් වෙන්නෙ නැහැ. මම පහළ දාන්නම් විචාගෙ blog archive එකයි වෙනත් කෙනෙකුගෙ blog archive එකයි සංසන්දනය කරලා, බලන්ට වෙනස..

        [im#]http://i66.tinypic.com/af93ld.jpg[/im]

        පේනව නේද, වර්ෂය හා මාසය ඉස්සරහින් පොඩි ඊතල කෑල්ලක් තියෙනවා. ඒ ඊතලය click කලාම ඒ යටතේ තියෙන දේවල් expand වෙනවා. එතකොට කෙලින්ම අදාල පෝස්ට් එකටම යන්ට පුළුවන්. නමුත් විචාගෙ blog archive එකේ අර ඊතලය නැහැ. ඒ නිසා කෙලින්ම පෝස්ට් එකකට යන්ට බැහැ.

        ඒක හදන්ට අර popup window එකේ Show Post Titles කියන තැනට හරියක් දාන්ට. ඒත් එක්කම Show Older Posts First කියන තැනට දැන් වැටිලා තියෙන හරිය අයින් කරන්ට. ඒකෙන් blog archive එක උඩ-යට හැරෙනවා.

        Delete
      6. ලිපි වර්ගීකරණය කරන්ට වෙනමම ගැජට් එකකට යන්ට ඕන නැහැ. පෝස්ට් එක ලියද්දි (හෝ copy-paste කරද්දි) ඒ window එකේම දකුණු පැත්තෙ තියෙනවා Post settings කියලා තැනක්. ඒකෙ Labels යටතෙ අදාල ප්‍රවර්ගය තෝරන්ටයි තියෙන්නෙ. දැනට තියෙන ප්‍රවර්ග ඒකට යටින් පෙන්නනවා, අවශ්‍ය ප්‍රවර්ගය click කලාම ඒක අර කොටුවට එකතුවෙනවා. අලුත් ප්‍රවර්ගයක් නම් ඒක කොටුව ඇතුළෙ ටයිප් කරන්ට, එතකොට ඒක automatically ප්‍රවර්ග ගොඩට එකතුවෙනවා. මේ වෙනස්කම් කලාට පස්සෙ Done බොත්තම click කරන්ට, එතකොට ඒ වෙනස්කම් ටික පෝස්ට් එකට apply වෙනවා.

        [im#]http://i64.tinypic.com/2hr24bq.jpg[/im]

        Delete
      7. හරි හරි, දැනට එහෙම තමයි කරන්නේ.

        Delete
      8. ඔන්න සංරක්‍ෂණාගාරය ආයෙත් හැදුවා. දැන් බලලා අඩුපාඩු කියන්න.

        Delete
      9. කොහොම කලත් ඔබ කියන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ වගේ. දැන් මොකද කරන්න ඕනේ?

        Delete
      10. දැන් නම් ලෙඩා නොබලා බෙහෙත් කියන්ට බැහැ වගේ.. :-D

        script එක වැඩ කරන්නෙ නැහැ කියන්නෙ, template එකේ මොකක් හරි අර්බුධයක් ද දන්නෙ නැහැ. එහෙනං ඔන්න ඔහොම තියන්ට විචා..

        Delete
      11. ඔන්න වැඩේ හරිගියා. සම්පූර්ණ විජට් එක ඉවත් කරලා ටිකක් වෙලා ඉඳලා ආපහු ලොග් වෙලා අලුතෙන් දැම්මා. දැන් හරි නේද?

        Delete
      12. දැන් නියමයි විචා. දැන් ලේසියෙන්ම පරණ පෝස්ට් හොයාගන්ට පුළුවන්. බොහොම ස්තූතියි!

        Delete
      13. ඉස්සර නියම ගැජට් එකක් තිබුණා, ඒකෙන් තමයි මම මෙතෙක් ලියූ සටහන් කියන පේජ් එකම දැම්මේ. ඒකෙන් එකේ ඉඳලා අන්තිම එක දක්වා දාන්න පුළුවන්. ඒක බේස් වෙලා තිබුණේ yahoo pipes කියන technology එකෙන්. දැන් Yahooලා දැන් ඒ facility එක දෙන්නේ නෑ. ඒ නිසා මම ඒක අයින් කළා. අන්තිමට අහු වුණා අවසන් පොස්ට් 25ක් දාන එකක්. දැන් ඒක තමයි භාවිතා කරන්නේ.

        Delete
      14. මම තවමත් වර්ඩ්ප්‍රෙස් එකෙන් තමයි ලියන්නේ සුදීක. එතන ලියලා මෙතනට කොපි කරනවා. ඒ වගේම මම පාවිච්චි කරන්නේ ජී මේල් සහ හොට් මේල් පමණයි. yahoo එන්ජිම මම පාවිච්චි කරන්නෙම නැහැ.

        Delete
    32. අර වෙඩිතැබීම පිලිබඳ පරණ ලිපියනම් හරිම සංවේදී එකක්.

      ReplyDelete
      Replies
      1. මා හිතනවා පළමුවරට එවැනි අත්දැකීමක් ලබන හමුදා සාමාජිකයන් බොහෝ දෙනෙකුට ඒ හැඟීම දැනෙනවා ඇති.

        Delete
    33. රටක් සැබෑවටම වැනසීමට අවශ්‍යවන්නේ පුද්ගලයින් 225ක් පමණි.

      ReplyDelete
      Replies
      1. හිහ් හී..........ඒ 225 දෙනා අපිම තෝරාගන්න අය වීමයි කරුමේ.

        Delete
    34. හුගක් වටිනා තොරතුරු ඇතුලත් ලිපියක්.. ස්තුතියි විචාරක මේ විස්තර අපිට දැනගන්න ලියනවට..

      පහුගිය තිස් අවුරුද්දක යුද්දයේදී රටක හමුදාවක් විදිහට තාක්ෂනය කියන දේ භාවිතා කරේ ඉතාමත් අවමයෙන් කියල මම හිතනව විචාරක.. මට එහෙම හිතෙන්නේ ලොකු ප්‍රමාන වලින් සොල්දාදුවන් මියගිය මෙහෙයුම් තිබ්බ නිසා. මම මේ කතාකරන්නේ සම්පූර්ණම යුද්දය ගැන.
      ලංකාවේ ත්‍රිවිද හමුදාවම එක ත්‍රස්තවාදියෙක් එක්ක කරපු යුද්දය මේ තරම් දුර ඇදිලා ආව එකට එක හේතුවක් ඔලුවෙන් නොගැසීම සහ නවීන තාක්ෂනය උපරිමයෙන් භාවිතා නොකිරීම කියල මට හිතෙන්නේ. අපේ රටේ යුද්දය මෙහෙයවන නිලධාරීන් තාක්ෂනය සහ ඔලුවෙන් ගැසීම ගැන දැනුවත් කම මදිද එහෙම නැත්තම් එතනට එන්න දේශපාලන ප්‍රවාහයේ ප්‍රතිපාදන මදියිද?
      එහෙමත් නැත්තම් දේශපාලන වාසි වෙනුවෙන් මේ අභන්තර වැනසීමේ ක්‍රියාවලි ක්‍රියාවට නගන්න අවසර තිබුනේ නැතුවද???
      සමහර මෙහෙයුම් වලදී හමුදාව හමුදාවේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීම උදෙසා අනවශ්‍ය ආකාරයෙන් සොල්දාදුවන්ගේ ජීවිත කැපකරා කියල මට හිතෙන එක සාධාරණ නැද්ද???

      හමුදාවේ සමහර සාරධර්ම හමුදාවටම හානිවෙන එව්වා නෙවෙයිද.. උදාහරණයක් විදිහට කියනවනම් මියගිය සොල්දාදුවෙකුගේ මෘත ශරීරය තමුන්ට අත්පත් කරගැනීම සඳහා තවත් සොල්දාදුවන් කිහිපදෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම වගේ දේවල්..

      වරදවා හිතන්න එපා මේ හදන්නේ හමුදාවට චෝදනාවක් කරන්න කියල.. මේ මගේ පිස්සු ඔලුවේ ගොඩනැගිච්ච ප්‍රශ්න..

      ReplyDelete
    35. ඔබට බොහොම ස්තුතියි මේ දීර්ඝ අදහස් දැක්වීම ගැන. කිසිදු වැරදි වටහාගනීමක් නැහැ. ඔබ ස්වාධීනව දකින දේ කෙළින්ම ප්‍රකාශ කර තිබෙනවා. එය ඉහළින්ම අගය කරනවා. මෙන්න මේවා තමයි පිළිතුරු ලෙස කියන්න තිබෙන්නේ.

      අපේ රටේ හමුදාවට තිබෙන නවීන තාක්ෂණික පහසුකම් තවමත් බොහොම අඩුයි. උදාහරණයක් වශයෙන් ඇමරිකානු හමුදාවේ සොල්දාදුවකු අතේ තිබෙන තාක්ෂණික උපකරණ සහ දැනුම/පුහුණුව අතින් බලන කළ අපි ඉන්නේ බොහොම පසුපසින්. නවීන තාක්ෂනය සහිත දැනුම ලබාදෙන්න නම් කරුණු කීපයක් සම්පූර්ණ වියයුතුයි.

      1. අපිට ඒ තාක්‍ෂණ දැනුම ලැබී තිබිය යුතුයි.

      2. ඒ සඳහා වැයවන අධික පිරිවැය දැරීමට අපිට හැකිවිය යුතුයි.

      3. නවීන තාක්ෂණික කරුණු ඉගෙනගැනීමට තරම් සොල්දාදුවන් සතුව තරමක් ඉහල අධ්‍යාපනයක් (යටත්පිරිසෙයින් ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය සහිතව අපොස සා.පෙළ සමත්වීම) තිබිය යුතුයි.

      සජීවී චන්ද්‍රිකා ඡායාරූප වැනි පහසුකම් ලබාගන්න අපි දැරූ උත්සාහයන් සාර්ථක වුනේ නැහැ. ඒවා වැලක්වීමට අපට සතුරු විවිධ බලවේග ක්‍රියා කළා. ඒවා ලැබුනානම් යුද්ධය ඔපමණ ඇදෙන්නේ නැහැ.

      ඔලුවෙන් ගැහීම ඇත්තටම පටන්ගත්තේ යුද්ධයේ අවසාන අවුරුදු 10 ක පමණ කාලසීමාවේදී. එතෙක් ඒ ගැන නිසි අවධානයක්/අවබෝධයක් තිබුණේ නැහැ.

      යුද්ධය ඇතිකරන්නෙත් නැතිකරන්නෙත් දේශපාලනය විසින්. අපිට තියෙන්නේ හමුදා නියෝග අනුව ක්‍රියා කිරීමයි. අපි අචේතනිකයි. අපි දන්නේ හමුදා අණට යටත්ව යුද්ධ කිරීමට පමණයි.

      හමුදාවේ කීර්තිනාමය ආරක්ෂා කිරීමටනම් සොල්දාදුවන් කැපකළේ නැහැ. නමුත්, ඒ දේ නොකලොත්, රටටම ලොකු හානියක් වෙනවා කියා, ඉතා පැහැදිළිවම පෙනෙන අවස්ථා වලදී, ජීවිත ගැන නොතකා ක්‍රියාකරන්න වුණා. උදාහරණයක්:- මාවිල් ආරු මෙහෙයුම. (කොහොමටත් හමුදාව කරන සෑම ක්‍රියාවක්ම, ජීවිත අවදානම ගැන නොතකා තමයි කරන්නේ)

      ඇමරිකානු හමුදාව යුද්ධයට බැස්සම, සාමාන්‍ය ගණනය කිරීම් අනුව, මියයන්නේ මුළු සේනාවෙන් 4% ක් පමණ. අපේ ඊට බොහොම වැඩියි. අපිටත් ඉතා ඉහළ පුහුණුව හා තාක්‍ෂණය, නවීන යුද උපකරණ තියනවනම්, මෙහෙම වෙන්නේ නැහැ.

      ලෝකයේ ඕනෑම හමුදාවක්, මියගිය සගයන්ගේ සිරුරු ලබාගැනීම සඳහා සටන් කරනවා. එහෙම නොකරන්නේ, බොහෝදුරට කොමියුනිස්ට් රටවල පමණයි.

      ඔබට නැවතත් ස්තුතියි, හොඳ සංවාදයකට මුලපිරීම ගැන.

      ReplyDelete
      Replies
      1. ස්තුතියි විචාරක මගේ ප්‍රශ්න ටිකට පිළිතුරු දෙන්න දීර්ඝව ලිව්වට. මම හිතනවා අපේ සොල්දාදුවන්ට දෙන පුහුණුවේදී වැඩිම කාලයක් යොදවන්නේ ශාරීරික ක්‍රියාකාරකම් වෙනුවෙන් නිසා මේ තත්වය තවත් උග්‍ර අතට හැරෙනවා කියල. සොල්දාදුවන්ට ලැබෙන පුහුණු වලදී ශාරීරික පුහුණුව වගේම කාලයක් යොදවල සංග්‍රාම භූමියේදී මොලය පාවිච්චි කරන්නත් පුහුණු කෙරෙව්වනම් ජීවිත හානි අවම කරගන්න පුළුවන් කියල මට හිතෙනව. වැඩි ශරීර ශක්තිය තියන කෙනා දිනපු කඩු සටන් යුද්දයට වඩා ගරිල්ලා යුද්දයකදී ඔලුව පාවිච්චි කරන කෙනා යුද්දෙත් කරගෙන ජීවිතෙත් බේරාගෙන එනවා කියල මට හිතෙනවා විචාරක. ඊට අමතරව යුද්දය කළමනාකරණය කරද්දී අනාගතයේදී වෙන්න තියන පහරදීම් ගැන පෙර සූදානම බොහොම අවම මට්ටමේ තිබ්බ නිසා තමයි පහුගිය කාලේ සමහර කදවුරු අහිමි වුනේ. ඔලුව පාවිච්චි කරලා එල්ලවෙන්න තියන ප්‍රහාර ගැන උපකල්පනය කරන්න තරම් බුද්ධි සැපයුමක් තිබුනානම් හසලක ගාමිණි වගේ වීරයින්ට ජීවිත අහිමි නොවෙන්න ඉඩ තබුන නේද.. මම ඔබතුමාගේ පොස්ට් එක ඕෆ් ටොපික් අරන් යනවද මන්ද.. මම කෑම්ප් එකක ලොක්ක උනානම් මම ඉස්සෙල්ලම හිතන්නේ මම සතුරානම් මගේ කැම්ප් එකට ගහන්න පුළුවන් ක්‍රම සහ විදි මොනවද කියල හොයා බලල ඒ හැම විදිහකම ප්‍රහාරයකට මුනදෙන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් සලසන එකයි..

        Delete
      2. අග ඉඳලා මුලට උත්තර දෙන්නම්, සතුරා අපිගැන හිතන විදිහට හිතලා තමයි බොහෝ ආරක්ෂක සැලසුම් හදන්නේ. වෙන එකක් තියා සතුරාට හොරෙන් අපි අපේ බංකර් වලින් ඉදිරියට ගිහින් ආපහු හැරිලා බලනවා සතුරාට අපේ බංකර් පෙනෙන්නේ කොහොමද කියලා. එහෙම බලලා අඩුපාඩු හදනවා. ගුවනින් අපේ බංකර් පේලිය බලනවා. වරක් මාව හෙලිකොප්ටරයක දොරවල් ගැලෙව්වම මැද ඉතුරුවෙන පොල්ලට තියලා බැන්දා. එහෙම ඉඳගෙන මම මන්නාරම සිට වවුනියාව දක්වා අපේ බංකර් පේලිය වීඩියෝ ගතකලා අඩුපාඩු බලාගන්න.

        දැන් තමයි අපිට හොඳම කාලය නවීන තාක්‍ෂණය යොදාගනිමින් ඉහලම තත්වයේ පුහුණු කටයුතු ආරම්භ කිරීමට. පහුගිය යුද්ධයෙද්දේ හොඳ අද්දැකීම් ලැබූ හමුදා සාමාජිකයන් විශ්‍රාම යන්න කලින් ඔවුන් උපදේශකයන් ලෙස යොදවා ඒ පුහුණුව ආරම්භ කලයුතුයි.

        නමුත් ඔබ හිතනවාද අපේ රටේ ඉන්න ඔලමොට්ටල දෙස්පලුවෝ ඒකට ඉඩදෙයි කියලා?

        Delete
      3. ස්තුතියි නොදන්නා දේවල් කියල දුන්නට විචාරක තුමා.. අපේ රටේ වෙන හැම බුද්ධිමත් සංවාදයක්ම බොහොම ලොජිකලි ගලාගෙන ඇවිත් දේශපාලනේ ළඟ හිරවෙන එක ඇත්තටම කනාටුවට කාරණයක් විචාරක තුමා.. මේ ජරාජීරණ තුට්ටු දෙකේ පහ වසර සමත් දේශපාලන ක්‍රමය රටින් තුරන් කරලා දානකම් අපේ රටට මොනම පැත්තකින්වත් ඉදිරියට යාමක්නම් නැහැ කියල විතරයි කොයි බුද්ධිමත් සංවාදයත් අවසන් කරන්න වෙන්නේ. මේකෙන් මම අදහස් කරන්නේ නැහැ මම ඔබතුමාගෙන් බොහොම බුද්ධිමත් ප්‍රශ්න කීපයක් ඇහුව කියල . හැක් .. මම කියන්නේ අපේ රටේ පවතින ක්‍රමය ගැන. බුද්ධිමත් බවේ පරීක්ෂණයකින් සමත්වෙන පිරිසක් පමණක් පාර්ලිමේන්තු යන දවසක් ආවොත් රටට කලක් යාවි.. මී හරක් 225 දෙනාම අල්ලලා මුතුරාජවෙල හාන්න දැම්මනම් රටට ඔයිට වඩා යමක් ලැබෙනවා අනිවා..

        Delete
    36. මම හිතන්නේ අර බෝම්බ පුපුරපු තැන් වල සමනලයින් ඇඳීමත් ඔය වගේ ව්‍යාපෘතියක්. මායිම් ගම්මාන, එවාට් සීනු බෙදා දීම, හමුදාව විතරක් නෙවෙයි රටේ ජනයාගේ මානසිකෙටත් ඕවයින් පහර ගැහුවා. අපිට එක දිනන්න බෑ කියන එක දකුණේ දේශපාලකයින් ලවාම කියෙව්වා. මං හිතන්නේ බෝම්බයක් පිපිරුණාට වඩා භයානකයි මිනිසුන්ගේ චිත්ත ධෛර්යය වැට්ටුවම. අපිට ඒ වගේ ප්‍රහාර ගොඩකට මුහුණ දෙන්න වුණා NGO හරහා. දැනුත් ඒවා ක්‍රියාත්මකයි. මිලේනියම් සිටි පාවාදීමත් ඔයින් එකක් කියලයි මම හිතන්නේ. ඉස්සර අපේ හමුදාවට Honeypot spot හදලා තිබුණේ අනුරාධපුරේ.

      ReplyDelete
      Replies
      1. මනෝවිද්‍යාත්මක මෙහෙයුම් ඉතා ඈත අතීතයේ පටන් සිදුවී තිබෙනවා. අද බොහොම දියුණු තත්වයෙන් සිදුවෙනවා. චන්ද්‍රිකා නෝනට යුද්දේ දිනාගන්න බැරිවුනේ වවිධ අය විසින්, යුද්දේ දිනන්න බහ කියන හැඟීම ඇගේ ඔලුවට දැම්ම නිසයි. ඇත්තටම ඇය හොඳ යුද්ධායුධ ගෙනල්ල අවසන් සටනට සූදානමින් හිටියේ.

        අනුරාධපුරේ honeypots වලින් යුද රහස් එතරම් පිටතට ගියේ නැහැ. මොකද ඒවාට ගියේ පොඩි සොල්දාදුවෝ ටක් ටක් ගාලා යමක් කරගෙන මාරුවෙන්න. ලොකුම ලොකු හමුදා නිලධාරීන් පිරිසක් වැටී හිටියා සුපිරි පැණි හැලි වල. අන්න ඒ අය අතින් නම් සෑහෙන්න තොරතුරු යන්න ඇති.

        NGO නඩ තිබුනා පැණි හැලි කටයුතු සඳහාම හදපුවා.

        Delete
    37. හරිම වැදගත් කරුනු බොහොම ස්තූතියි දැනුවත් කරාට ෆෝන් එකෙන් බොග පස්සෙ එලවන්ට ඔප්සන් එකක් නැති හින්දා බුක්මාර්ක් එකක් දාගත්තා (තිත්දෙකක්)

      ReplyDelete
      Replies
      1. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. දිගටම එන්න. ඔබව සාදරයෙන් පිලිගන්නවා.

        Delete

    .emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }