හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

25 January 2016

හයිබ්‍රිඩ් යුද්දේ




   හයිබ්‍රිඩ් කාර් ගැනිල්ලත් එක අතකට යුද්ධයක් තමා. මේ සැරේ අයවැයෙන් හයිබ්‍රිඩ් කාර් මිළ වැඩිවුණා කියලා, ජනතාව මැසිවිලි නගනවා. අනේ අම්මේ........ අපි ඔව්වා දන්නේ නෑ. මේ ලිපිය ලියන්නේ හයිබ්‍රිඩ් කාර් ගැන කතාකරන්න නෙවෙයි. හයිබ්‍රිඩ් යුද්දේ ගැන කියන්නයි. මොනවා........? හයිබ්‍රිඩ් යුද්දේ කියලත් යුද්ධයක් තියනවද? මොනවද අනේ අද කාලේ හයිබ්‍රිඩ් ක්‍රමයට නැත්තේ. හයිබ්‍රිඩ් මිනිස්සුත් බිහිවෙන කාලේ, යුද්දෙත් හයිබ්‍රිඩ් වුනාම මොකද වෙන්නේ? හොඳයි, එහෙනම් කතාකරමුද හයිබ්‍රිඩ් යුද්දේ ගැන. නෑ නෑ බොරු කතාවක් නෙවෙයි. බොරු කියන්නේ ආයේ චන්දෙ ඉල්ලන්නයැ. ඇත්තටම හයිබ්‍රිඩ් යුද්දේ කියලා දෙයක් තියනවා. ඔන්න අහගන්නකො විස්තරේ. මෙය තරමක් ගැඹුරු, එමෙන්ම කෙටි ලිපියක් බවත්, සඳහන් කරන්නට කැමතියි. 

   හයිබ්‍රිඩ් යුද්දේ කියන්නේ, සාම්ප්‍රදායික සංග්‍රාමික මූලෝපාය, අසම්මත සහ අවස්ථානුකූලව සකසාගත් උපක්‍රම මෙන්ම, සයිබර් සංග්‍රාමික ක්‍රියා පදනම් කරගත් යුද්ධෝපායයක්.

   පරිගණක ක්‍රීඩා කරන අයනම් සයිබර් යුද්ධ කරලා ඇති. සයිබර් යුද්ධයක් කියන්නේ, සතුරු පාර්ශ්වයේ පරිගණක පද්ධති වල රහස් පද බිඳදමමින්, ඒ පද්ධති වලට ඇතුළුවී, ඒවා අවුල් කිරීම, අඩපණ කිරීම සහ/හෝ සම්පූර්ණයෙන් විනාශකිරීම බව, ඔබ දන්නවා ඇති. අපේ රටේ පැවති ඊලාම් යුද්ධයේදී, හයිබ්‍රිඩ් යුද්ධයේ දී ක්‍රියාකරන ආකාරයට සමාන ආකාරයෙන් කටයුතු කළ අවස්ථා තිබුණා. නමුත් බොහොම සුළු පරිමාණයෙන්. ඇත්තවශයෙන්ම වැඩිපුර ක්‍රියාත්මක වුනේ ප්‍රති ත්‍රස්තවාදී යුද්ධෝපක්‍රමයි.

   අපි හයිබ්‍රිඩ් යුද්ධය කළේ මෙහෙමයි. උදාහරණයක් වශයෙන්, සාමාන්‍ය සාම්ප්‍රදායික යුද්ධයකදී (Conventional Warfare) වගේ, සතුරාට දැනෙන්න, යුද්ධ භූමියේ, යුද ටැංකි, කාලතුවක්කු, මල්ටිබැරල් රොකට්, ස්ථානගත කරනවා. නියමුවන් සහිත/රහිත ගුවන් යානා, මගින් ඔත්තු බලනවා, නාවික ප්‍රහාරක යාත්‍රා, සතුරු ප්‍රදේශ ආසන්න මුහුදේ, මුර සංචාරවල යොදවනවා.

   අපි හිතමු මුලතිව් ප්‍රදේශය ආශ්‍රිතව මෙහෙම කරනවා කියා. එවිට සතුරා හිතන්නේ, අපි මුලතිව් අල්ලන්න එනවා කියලයි. සතුරා, තම උපරිම ශක්තිය මුලතිව් බේරාගැනීමට යොදවන අතරේ, අපි කමාන්ඩෝ හෝ විශේෂ බලකායේ කුඩා කණ්ඩායම් සතුරු ප්‍රදේශයට රිංගවා, සතුරා බලාපොරොත්තු නොවන, විනාශකාරී ප්‍රහාර එල්ලකොට ආපසු එනවා. ඊට පස්සේ කාලතුවක්කු, මල්ටි බැරල්, ගුවන් ප්‍රහාර වලින් ගහනවා. මේ අතරේ සයිබර් වැඩත් කරනවා. අපිට තිබෙනවා ලෝකයේ ඉතාම නවීන ගුවන්විදුලි උපකරණ. මේ උපකරණ මගින්, සතුරු පණිවිඩ වලට සවන්දෙන අතරම, එම සතුරු පණිවිඩ හුවමාරු යන්ත්‍ර තිබෙන්නේ, භූමියේ කොතනකද යන්න සොයාගැනීමත් කළා. ස්ථාන කීපයක සිට, අපේ සවන්දීමේ ගුවන්විදුලි යන්ත්‍ර යොදවා, ඒ ඒ යන්ත්‍රයට සතුරු පණිවිඩය එන දිසාව, එම යන්ත්‍රයේ පෙන්වන ආකාරයට සිතියමක ජ්‍යාමිතික රේඛා අඳිනවා. අපේ සවන්දීමේ යන්ත්‍ර ඇති ස්ථාන, සිතියමේ ලකුණු කරගෙනයි එහෙම කරන්නේ. අර සියලුම ජ්‍යාමිතික රේඛා, එකිනෙක කැපීයන ලක්ෂ්‍යයේ තමයි, සතුරු ගුවන්විදුලි යන්ත්‍රය තිබෙන්නේ. අපිට අවශ්‍යනම්, කාලතුවක්කු, මල්ටිබැරල්, ගුවන් ප්‍රහාර යොදවා ඒ ස්ථානය විනාශ කරනවා.

   සතුරු ගුවන්විදුලි යන්ත්‍රයෙන් කතාකරන දේ අපට වැදගත් වෙනවා. සතුරාගේ ඉදිරි කටයුතු, සතුරාගේ නායකයන්ගේ ගමන් බිමන්, සතුරු කඳවුරු ඇති ස්ථාන, අවි ආයුධ ගබඩා ඇති ස්ථාන, ආදී විවිධ තොරතුරු සොයාගතහැකි ආකාරයේ පණිවිඩ නම්, එකවර පහර නොදී, අපට අවශ්‍ය තොරතුරු හැකිතරම් ලබාගන්නාතෙක්, අහගෙන ඉන්නවා. ලබාගන්නා තොරතුරු පටිගත කොට, රහසිගතව ඉහල මූලස්ථාන වෙත ලබාදෙනවා. අපේ ක්‍රියාන්විතයක් සිදුවන අතරතුර, සතුරු ගුවන්විදුලි පණිවිඩ අවුල් (jam) කරනවා. ඒ සඳහා විශේෂ ගුවන්විදුලි යන්ත්‍ර තිබෙනවා. 









   හයිබ්‍රිඩ් යුද්ධය සමහර අවස්ථා වලදී තේරුම්ගත නොහැකිතරම් සංකීර්ණයි. උදාහරණයක් වශයෙන්, එය, හෞතිකව එල්ලවන විවිධාකාරයේ ප්‍රහාරයන් සමග, රටක් තුළ හෝ රටින් පිටත සිටින විවිධ දේශපාලන, ත්‍රස්තවාදී, බෙදුම්වාදී බලවේග මගින්, හයිබ්‍රිඩ් යුද්ධයට මැදිවී සිටින ජන සමාජයන්හි, චින්තනය, චර්යාව, වෙනස්කිරීම සඳහා, විවිධ ප්‍රචාරණ වැඩ පිළිවෙල, උද්ඝෝෂණ, වැඩවර්ජන, පෝස්ටර් ඇලවීම, පෙළපාලි යාම, සිවිල් නීති කැඩීම, වැනි නොයෙක් මුහුණුවරින් ක්‍රියාත්මක වියහැකියි.  

   එක්සත් ජාතීන්ගේ සංවිධානය, පවා පිලිගන්නවා හයිබ්‍රිඩ් යුද්ධය වරින්වර මුහුණුවර වෙනස්වන, වරින්වර උපක්‍රම වෙනස්වන, වරින්වර අරමුණු වෙනස්වන, සංකීර්ණ සංග්‍රාමික තත්වයක් බව.

   මැදපෙරදිග රටවල් ඊශ්‍රායලය සමග ඇතිකරගෙන තිබෙන ගැටුම්, අළුයට ගිනි පුපුරු මෙන් තිබෙන අතර, හිස්බුල්ලා වැනි සංවිධාන එළිපිටම ඊශ්‍රායලය සමග ගැටෙනවා. නමුත් හිස්බුල්ලා වැනි සංවිධාන, වෙනත් රටවල් විසින් නටවන රූකඩ පමණයි. ඇත්ත සතුරන් කවුදැයි එකවර හඳුනාගන්නට නොහැකිවීමත්, හයිබ්‍රිඩ් යුද්ධයේ විශේෂත්වයක්. හයිබ්‍රිඩ් සංග්‍රාමික තත්වයන්ට පැටලෙන ලෝකයේ සමහර රටවල්, කුමක් කළයුතුයි සිතාගත නොහැකිව, මානුෂවාදී නීති උල්ලංඝනය වන ආකාරයටද ක්‍රියාකිරීමට ඉඩ තිබෙනවා.

   හයිබ්‍රිඩ් යුද උපක්‍රම මගින්, ක්‍ෂණික ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීමත් විශේෂත්වයක්. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදය විසින්, අන්තවාදී මුස්ලිම් සංවිධාන ක්‍රියාත්මකව පවතින මැද පෙරදිග රටවල, ත්‍රස්තවාදී නායකයන්ගේ පණිවිඩ හුවමාරු සංඥා ග්‍රහණය කරගෙන සැක කටයුතු ස්ථාන වෙත, ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් අන්තවාදී නායකයන්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් කතාකිරීම නවත්වා දැමුනු අතර,  දිවාකාලයේ එළිමහනට පැමිණීමද අත්හැර දමන ලදී.

   මෙතෙක් අත්හදා බලා නැති, නවීනතම සහ වඩාත් දරුණු යුද්ධායුධ වර්ග අත්හදා බැලීමටත්, හයිබ්‍රිඩ් යුද්ධ යොදාගන්නවා. මෙහිදී විවිධ රසායනික අවි මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් තහනම් කොට තිබෙන, සමූල ඝාතක අවි වර්ග පවා එළියට එන්නට පුළුවන්.

   යම්කිසි රටක තිබෙන සාමකාමී තත්වය කඩාකප්පල් කොට, ඒ රටතුළ සිවිල් යුද තත්වයන් ආරම්භ කිරීමෙන්, තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමටත්, හයිබ්‍රිඩ් යුද උපක්‍රම යොදාගත හැකියි. මෙවැනි කටයුතු සඳහා යම් රටක, අභ්‍යන්තරව හෝ බාහිරව සරණාගත තත්වයට පත් මහජනතාව, පහසුවෙන් පොළඹවා ගතහැකියි. විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයන් උපයෝගී කරගනිමින්, සත්‍යය වසන් කොට මහජන චින්තනය වෙනස් කිරීමට ක්‍රියාකිරීම ද, හයිබ්‍රිඩ් යුද්ධයේදී දකින්නට ලැබෙනවා. 

2016 ජනවාරි මස 25 වැනි දින 2220 පැය

56 comments :

  1. සිංහ ලේ ත් හයිබ්‍රිඩ් එකක් ද?

    ReplyDelete
    Replies
    1. දැන්ම කියන්න බැහැ. මොකද මට පෙනෙන්නේ තවම එයාලගේ පෙකනිවැල කපලා නැහැ.

      Delete
  2. හයිබ්‍රිඩ් යුද්ධයේ ප්‍රධාන අවිය එතකොට 'තොරතුරු'? ඉන්දියාවෙ තොරතුරු තාක්ශණවේදීන් ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙලා අමෙරිකානු තොරතුරු තාක්ශණවේදීන්ට 'තරගයක්' දෙනලු හදන්නෙ. කහනවාට වෙන්ටැ..
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එදත් අදත් යුද්ධයකදී වැදගත්ම සාධකයක් වන්නේ තොරතුරු. සතුරා හඳුනාගන්නේ නැතුව යුද්ධයක් කරන්න අමාරුයි.

      ඔය ඉන්දියන් තොරතුරු උන්නැහේලා ගැන කියන කතා මම හිතන්නේ නිකම් කතා විතරයි. ක්‍රියාවට ගියාම පරණ දේ ම තමයි.

      මෙව්වා පැත්තක තියලා සපත්තු පොලිෂ් කරලා, ඇඳුම් හරිගස්සලා, මූණ නම්බර් නෝට් වැලිකඩදාසියකින් කපලා, ඔය ඉස්සරහට එන වැඩේට ලෑස්තිවෙයන්.

      අහවල් එක අද ලැබුණා.

      Delete
  3. ඔය උපකරණ ලක්ශ ගණන් වටින ඒවා නේද විචාරක තුමණි. කෙනෙක් හොරෙන් ඒ පණිවිඩ වලට සවන්දෙන බව අර පාර්ශ්වයට දැනගන්න උපකරණ නැද්ද? ඔබේ ලිපි කියවද්දි දැනෙනවා යුද්ධ කලා කියන්නේ කොටින්ව වෙඩි තියලා මරලා ඉවරකලා විතරක් නෙමේ ඒ වෙනුවෙන් හමුදාවක් සූදානම් වුණේ කොහොමද කියලා. ඊශ්‍රායලයට ඕනෙම මොහොතක න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවීමට 5% ක හැකියාවක් තියෙනවා. මමයි මේ රටේ ඔක්කොම යි එකපාර මරලා දාලා මේක ආයෙම කාන්තාරයක් කරන්න එක මොහොතක් ඇති මුස්ලිම් අන්තවාදයට මුවා වී ඇති සියලුම බලවේගයන්ට.

    ReplyDelete
    Replies
    1. බයවෙන්ටෙපා.. Iron Dome එකයි, Arrow System එකයි, David's Sling එකයි හදලා තියෙන්නෙ ඔයාලාව මිසයිල් ඇටෑක්වලින් ආරස්සා කොරන්ට තමා.. :-P

      Delete
    2. ඔව් අයන්ඩූම් තාක්ෂණය නොතිබ්බනම් මෙලහකට ෆ්ලැට්. ඒත් 5% ක අවදානම තියෙනවා අදටත්.

      Delete
    3. ඔව් අයන්ඩූම් තාක්ෂණය නොතිබ්බනම් මෙලහකට ෆ්ලැට්. ඒත් 5% ක අවදානම තියෙනවා අදටත්.

      Delete
    4. මොකෝ ඔමා ඩබොල් ඩබොල්? කම්මලේගෙ ලෙඩේ බෝවුනා ද? :-D

      Delete
    5. @ ඔමායා

      ඔව් මේ යන්ත්‍ර වල මිල ඉතා අධිකයි. ඒ අතර ආඩම්බරකාර රටවල් සමහර ඒවා අපි වගේ රටවලට මුදලටවත් දෙන්නේ නැහැ.

      අපි අපේ ගුවන්විදුලි යන්ත්‍රයකින් සංඥාවක් පිටකලොත් තමයි සතුරාට ඒ ගැන දැනෙන්නේ. අපි අහගෙන ඉන්න බව හොයාගන්න බහ. ඒ වගේම අපි සතුරා කතාකරන දේවල් අපේ අපේ ස්ථාන වලට දන්වන්නේ සතුරාට අහු නොවෙන විශේෂ අධි තාක්ෂණික යන්ත්‍ර මගින්. මෙහි අනික් පැත්තත් වෙන්න පුළුවන්. තාක්‍ෂණය සෑමවිටම දියුණු වෙමින් වෙනස් වෙනවා.

      ඊශ්‍රායලය තම රට ආරක්‍ෂා කරගන්න අනවරත අරගලයක යෙදී ඉන්නවා. එහි අභියෝගාත්මක බව දිනෙන්දින වැඩිවෙනවා.

      Delete
    6. බෲ @ ඔව් අනේ ෆෝන් එකෙන් කමෙන්ට් කරන නිසයි ඒ.:(

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. 5 මෑන් ටීම් ගැනත් ලියන්න

    ReplyDelete
    Replies
    1. හොඳම එක 8 Man Team පසුව ලියන්නම්.

      Delete
  6. දැනට ලංකාවෙ කිරියාත්මක වෙන්නෙත් මං හිතන්නෙ ඔය හයිබිරිඩ් යුද්ධයක් වෙන්ට ඕන..
    ඔව්

    ReplyDelete
    Replies
    1. බොහෝදුරට වෙන්න පුළුවන්.

      Delete
  7. 'සමහරු' නම් හිතාගෙන ඉන්නේ තාම 'හයිබ්‍රිඩ් යුද්ධයක්' තියෙනවා කියල.. හැක..

    ReplyDelete
    Replies
    1. ඒ අර හයිබ්‍රිඩ් කාර් ගන්න බැරිවෙච්චි අය මුදල් ඇමතිට විරුද්ධව කරන යුද්දේ. :e

      Delete
  8. වේලුපිල්ලේ ලග සැටලයිට් දුරකථන තිබුණ කියන්නේ ඇත්තද? ඒවාට පහර දුන්නා කියා නම් අහල නැ.

    ReplyDelete
    Replies
    1. කීවේ මෑන්ස් ගාව GPS කියන අති නවීන තාක්ෂණය තියෙනවා කියල, හැබැයි ඔය වෙනකොට ඇමරිකාව Civil GPS සිග්නල් එකට error එකක් එකතුකරල තිබ්බ නිසා මිනිහ GPS භාවිත කළා නම් රෑට පාර වැරදිලා අපේ ඒරියාවලත් කරක් ගහන්න ඇති.

      Delete
    2. Civilian version එකේ accuracy එක පොඩ්ඩක් අඩුකරලා කිබුනට ඒකෙ ලොකු වෙනසක් දැනෙන්නෙ නැහැ ඇණේ. හරියට තිතට ආසන්න සෙන්ටිමීටරේට නොගියට පාර වැරැදිලා අයාලෙ යන්ට තරම් දෙයක් ඒකෙන් වෙන්නෙ නැහැ. අදටත් Civilian GPS එකේ accuracy එක ආසන්න මීටර් 3-4කටයි තියෙන්නෙ.

      අනිත් එක accuracy එක අඩුකරලා දුන්නාට ඒක නිවැරැදි කරලා දෙන augmentation systems ඒ වෙනකොටත් පාවිච්චියට ඇවිල්ලා තිබුනා.

      Delete
    3. @ ලලිත්

      LTTE සංවිධානය සතුව චන්ද්‍රිකා දුරකථන තිබුණා. බොහෝදුරට මෙන්න මේ වගේ ඒවා.

      [im#]https://s-media-cache-ak0.pinimg.com/736x/b8/3b/4e/b83b4e59cbbe563875e9dc0560176a97.jpg[/im]

      ඉන්දියානු හමුදාව නිසා ඔවුන් දැනගත්තා චන්ද්‍රිකා දුරකථනය තිබෙන තැන චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සීම හොයාගන්න පුළුවන් කියලා. ඒ නිසා පසුකාලීනව ඔවුන් ඒවා අතහැර දමා අධිතාක්ෂණික ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර පාවිච්චි කළා. නමුත් ප්‍රභාකරන මරණයට පත්වන අවස්ථාව දක්වාම අවසාන දින කීපය තුල නොර්වේ රාජ්‍යය සමග චන්ද්‍රිකා තාක්ෂනය ඔස්සේ කතාකල බවට තොරතුරු තිබෙනවා.

      @ ඇණයා

      ප්‍රභාකරන් කවදාවත් GPS ආධාරයෙන් ඒ පැත්තේ ගමන් කළ බවට තොරතුරු ලැබුනේ නැහැ. ඔහු රාත්‍රී කාලයේදී කොහොමටවත් එහෙමෙහෙ ගියේ නැහැ අපේ කුඩා කණ්ඩායම් වලට අහුවෙයි කියන බය නිසා.

      @ බූරා

      බූරා කියන කතාව හරි. අපේ හමුදාව ඉතා බහුල ලෙස GPS උපකරණ (සිවිල් සහ මිලිටරි වර්ග දෙකම) පාවිච්චි කළා. එහි යම් වරදක් ඇතිබව භූමියේ ගමන් කරද්දී පැහැදිලි වුනා. නමුත් පසුව එය නිවැරදි කරනු ලැබුවා.

      Delete
    4. @ බූරා,
      දැන් civilian GPS වලට error එකක් දාන්නේ නෑ කියනවා නේද? 2000 මුලදී සහ ඊට පෙර අපේ අතේ ගිනිච්ච පුංචි GPS රිසිවර් වල ‍මිටර් 100ට ආසන්න වැරැද්දක් තිබ්බා,පෝස්ට් ප්‍රොසෙසිං කරලා තමා පොයින්ට් නිවැරදි කර ගත්තේ. ආරම්බයේ පැංච සුද්දෙක් හරි ෆනි එරර් කොරෙක්සන් සිස්ටොං එකකකුත් දාලා තිබ්බා, ඔෆිස් මිදුලේ එකේ සල්ලියක් හයි කරලා, හරියටම පැයෙන් පැයට ඒකේ කෝඩිනේට් ගන්නවා, ෆිල්ඩ් එකේ අයත් පොයින්ට් ගන්නේ හරියටම පැයක් පටන් ගන්න මොහොතේ, එකම මොහොතේ පොයින්ට් දෙකම ගන්න නිසා දෙකටම එකම එරර් එක කියා කීවා, 10k මැප් එකට ඒ හොඳෙටම ඇති.

      Delete
    5. civilian GPS වලට manually error එකක් දාන්නෙ නැහැ ඇණේ. ඒකෙ accuracy එක අඩු වෙන්නෙ ඉහළ වායුගෝලයේ (ionosphere) තියෙන විකිරණ නිසා satellite signal වලට බාධා ඇතිවීමෙන්. මේ වැරැද්ද අඩු කරගන්ට ඕන නිසා military GPS signal එක frequency දෙකකින් පොළවට එවනවා. එතකොට රිසීවර් එකට පුළුවන් මේ signal දෙක සසඳලා නිවැරැදි අගය ලබාගන්ට. civilian GPS signal එක එන්නෙ එක frequency එකක් නිසා මේ වැඩේ කරන්ට බැහැ. ඒත් එක්කම ඒ අවස්ථාවේ වායුගෝලයේ ස්වභාවය, අහසේ වළාකුළු ඇති-නැති බව, අවට තියෙන බාධක (උස් ගොඩනැගිලි) සහ රිසීවර් එකේ ගුණාත්මක බව වැනි හේතු නිසාත් මේ අගය වෙනස් වෙන්ට පුළුවන්. ඒකයි ඔයා කියන ඔය මීටර් 100ක වෙනස එන්නෙ.

      මුල්ම කාලෙ civilian GPS වැඩිපුරම පාවිච්චි වුනේ නාවික ගමනාගමන කටයුතුවලට නිසා මේ වැරැද්ද එච්චරටම ගනන් ගත යුත්තක් වුනේ නැහැ. නමුත් එදිනෙදා civilian GPS පාවිච්චිය වැඩිවෙද්දි මේකට විසඳුම් උවමනා වුනා. එතැනදියි augmentation systems බිහිවුනේ.

      දන්නවා ඇති නේද GPS කියන්නෙ දැනට ලෝකෙ තියෙන එක positioning system එකක් පමණයි. ඒක අයිති අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට. ඒ හා සමානව රුසියාවට අයිති positioning system එකක් තියෙනවා GLONASS කියලා. ඒ වගේම යුරෝපයට අයිති එකක් තියෙනවා Galileo කියලා. augmentation systems වලින් කරන්නෙ GPS වලට අමතරව අනිකුත් systems වලටත් සම්බන්ධ වෙලා ඒවයිනුත් දත්ත ලබාගෙන සංසන්දනයක් කරලා අර වැරැද්ද නිවැරැදි කරගන්න එකයි.

      අද කාලෙ තියෙන සාමාන්‍ය රිසීවර් එකක වුනත් මේ augmentation systems වැඩ කරනවා. උදාහරණයක් විදියට iPhone එකක තියෙන GPS chip එකට පුළුවන් GPS හා GLONASS දෙකටම සම්බන්ධ වෙන්ට. ඒ වගේම phone network එක හරහා තමන්ගෙ දත්ත නිවැරැදි කරගන්ට. මේ වගේ දේ නිසයි අද civilian GPS ආසන්න මීටර් කීපයක් තරම් දුරකට නිවැරැදි දත්ත පෙන්නන්ට සමත්වෙලා තියෙන්නෙ. GPS signal එකේ වෙනසක් නිසා නෙවෙයි.

      පලි: එදිනෙදා සාමාන්‍ය වැඩවලදි ආසන්න මීටර් කීපයක ගණනය ඇතිවුනාට සමහරවිට ඊට වඩා සියුම් දත්ත උවමනා නම් ඔයා කිවුවා වගේ post-processing වලින් ආසන්න මිලීමීටර් ගානකට යන්ට පුළුවන්.

      Delete
    6. ඇස් ලොකු වෙලා, කට රවුං උනා බුරාගෙ කමෙන්ට් එක කියවලා. ටැංකිව් බුරා...!

      Delete
    7. Buratheno is correct. The error in the civilian GPS is not intentionally implemented, but happens due to the reason explained above. And like you said, only a few knows that there are other systems like GPS. Thanks for this explanation. I’ve seen many times you have done this, a splendid job :-)

      Delete
    8. ටැංකිව් බුරා...!

      Delete
    9. බූරා ටොප් එකටම පැහැදිලි කරල තිබේ, බොහොම ස්තූතියි.

      /civilian GPS වලට manually error එකක් දාන්නෙ නැහැ ඇණේ. ඒකෙ accuracy එක අඩු වෙන්නෙ ඉහළ වායුගෝලයේ (ionosphere) තියෙන විකිරණ නිසා satellite signal වලට බාධා ඇතිවීමෙන්./

      ඇමරිකාව civilian gps වලට error දානවා කියල අපිට ලෙච්චර් දුන්න මාහාචාර්ය තුමා ගැන මගේ තිබ්බ ගෞරවේට මොකදෝ වෙලා ගියා. කොහොම උනත් උන්නැහේ ඔව්වා ගැන සංවිධානයක් පිහිටුවාන ඒක උඩම වාඩි වාඩිවෙලා ඉන්න බොහොම උගතෙක්.

      Delete
    10. මේ විදිහේ වෙනස්කම් තිබෙන බව, මම ප්‍රායෝගිකව දැනගත්තේ, වවුනියාවට උතුරෙන් පිහිටි ප්‍රදේශවල, GPS එක ආධාරයෙන් ගමන් කරන්න යාමේදීයි. මීටර් 50 ට වැඩි වැරදි තිබුණා.

      Delete
    11. @ඇණේ,

      මහාචාර්ය තුමා ගැන තිබුන ගෞරවය අඩුකරගන්ට එපා. එතුමාගෙ කතාව හරි, මමයි වැරැදි. මේ තියෙන්නෙ ඒ ගැන විස්තරයක්.

      Selective Availability

      මේක මම නොදැන හිටිය දෙයක්. ඇණේට බොහොම ස්තූතියි මේ ගැන වැඩි විස්තර හොයන්ට මාව පෙළඹෙවුවට.

      Delete
  9. එතකොට අර අන්තිම චේදේ කියන විදියට අපි දන්න කියන රටකත් වෙලා තියෙන්නේ හයිබ්‍රිඩ් යුද්ධයක්ද?

    යුද්ධය, ශ්‍රී ලංකා යුධ හමුදාව, යුධ උපක්‍රම, අවි ආයුධ ඇතුළු බොහෝ දේ ගැන ඔබගේ ළිපි කියවා තිබෙනවා. හිටපු හමුදා නිළධාරියෙක් විදියට LTTE සංවිධානය ගැන ඔබේ අදහස, ඔවුන් සමග ඔබේ අත්දැකීම් ගැන, ඔවුන්ගේ දක්ෂකම් හා මෝඩකම් ඇතුළු වෙනත් දේවල් ගැන අපක්ෂපාතී විවරණයක් ලියන්න පුලුවන්ද? In other words, in retrospect to your experience, how do you describe LTTE as your enemy to someone outside with a non-military background? ඔබ ලියූ පැරණි ලිපිවල එවැනි ලිපියක් මම දුටුවේ නෑ.

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. Wicha,thuma
      a good request from Udaya. I also agree about that.

      Delete
    2. අපි දන්නා රටේ හයිබ්‍රිඩ් යුද්ධය තිබුනා. නමුත් එය හයිබ්‍රිඩ් යුද්ධය බව මමනම් ඇත්තටම දැනගත්තේ ඇමරිකානු හමුදාව යටතේ ලංකාවේදී කල පාඨමාලාවකට පස්සේ.

      LTTE එක ගැන ලියන්නම්. කෙටියෙන් කියනවානම් ඔවුන් කෙටි කාලයක් තුළ ශක්තිමත් සංවිධානයක් බවට පත්වුණා. එඩිතරව සටන් කළා. ඔවුන් ද්‍රවිඩ තරුණ තරුණියන්ව අතිදක්ෂ ලෙස මොළ සේදීමකට ලක්කර තිබුණා. ත්‍රස්තවාදී ක්‍රියා උපරිමයෙන් කළා. නමුත් අපේ හමුදාව දියුණුවන වේගයෙන්, ඔවුන්ට දියුණු වෙන්න බැරිවුණ නිසා පැරදුනා. ඔවුන්ට ආධාර කළ රටවලින්, අවශ්‍ය සියල්ල ලබාගන්න හැකිවුනානම්, ඔවුන් ඊලාම් රාජ්‍යය පිහිටුවනවා. නමුත් අපි දුරදිග බලා අවශ්‍ය පියවර ගත් නිසා, යුද්ධය දිනුවා.

      හොඳයි සෙනරත් ඉදිරියෙදී ලියන්නම්.

      Delete
    3. Thanks Mr. Critic for accepting the request :)

      Delete
  10. පැපිලියානේ කුමාරයා කියන පොතේ තියෙනවා, ධ්වනිවාහිනී කියල යන්ත්‍රයක් ගැන. සීතාවක යුගයේ තිබූ, යොදුනක පරාසයක් තුළ සිද්ධ වන ක්‍රමන්ත්‍රණ අසා සිටිය හැකි යන්ත්‍රයක්.

    ReplyDelete
    Replies
    1. /ධ්වනිවාහිනී/ typo error, හරි නම දුවනවාහිනී. හැංඟිලා අහගෙන දුවල ගිහින් ඔත්තුව කියනවා. ඕකේ සිවිල් වර්ශන් එක (රොයිටර්) අදටත් ක්‍රියාත්මකයි.

      Delete
    2. @ ඩ්‍රැකී
      අප නොදන්නා තාක්ෂණික නිර්මාණ අතීතයෙදී තිබෙන්නට ඇති. ඒවා ගැන නොදන්නා නිසා අවඥාවෙන් බැහැර කල නොහැකියි.

      @ ඇණයා
      අපේ රටේ තියන සමහර මාධ්‍ය ඒ වර්ගයේ තමා.

      Delete
    3. ගොඩක් මාධ්‍ය දුවනවාහිනී තමා. උං රස කර කර ලියන්නෙ අපරාධ ගැන එහෙම. මිනීමරුව මැරිච්ච එකාට බැණපු හැටි. එතකොට මැරිච්ච එකාට දැනුන දේවල්. වේදනාව දැනුන හැටි එහෙම ඇහිං දැකපු දේවල් ලියන්නෙ...

      Delete
  11. වෙනදා වගේම නියම ලිපියක්. ඉස්සරහට නම් පරිගණක සම්බන්ධ සයිබර් යුද්ධයට ප්‍රධාන තැනක් හිමි වේවි. දැන් ඔය යන විදියට ගියොත්, තව අවුරුදු කීපයක් ඇතුලත තවත් ලෝක යුද්ධයක් ඇති වෙන්නත් බැරි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      ඉස්සරහදි නෙවෙයි දැනට අපේ හමුදාවත් සයිබර් යුද්ධයකට සූදානමින් ඉන්නේ. අපේ ආරක්ෂක හමුදා තොරතුරු පද්ධති වලට සයිබර් ප්‍රහාර එල්ලවේයැයි සිතා, අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

      අපට වඩා දියුණු රටවල් බොහොමයක්, පැය 24 පුරා, සයිබර් යුද්ධයකට සූදානම්ව සිටින අතර, සයිබර් ප්‍රහාර එල්ල කරන්නත්, සතුරු රටවල තොරතුරු හොරකම් කරන්නත්, උත්සාහ කරනවා.

      Delete
  12. ලෝකයේ ආරක්ෂක අංශ වැඩිපුරම තොරතුරු තාක්ෂණය මත පදනම් වෙලා සටන් උපක්‍රම සැලසුම් කිරීම නේද කරන්නෙ? දැන් තියෙන විදිහට කාලයක් ගියොත් තොරතුරු තාක්ෂණය නැතුව යුද්ධ කරන්න බැරි තත්වයක් උදා වෙන්න පුළුවන්.

    ඒ වගේම නැනෝ තාක්ෂණය දියුණු වෙන විදිහට ඉස්සරහට මොන තත්වයක් උදා වෙයිද කියන එකේ සැකයක් එනවා.

    ReplyDelete
    Replies
    1. තව ටික කාලයක් නෙවෙයි, දැනටත් තොරතුරු තාක්‍ෂණය නැත්නම් යුද්දේ පරාදයි. LTTE යුද්ධය දිනන්න අපි තොරතුරු තාක්‍ෂණය හැකි උපරිමයෙන් යොදාගත්තා.

      නැනෝ තාක්‍ෂණය මහා විප්ලවයක් කරයි කියා හිතනවා.

      Delete
  13. ISIS ත්‍රස්තවාදියෙක් සෙල්පියක් ගහලා ඒක නෙට් එකට අප්ලෝඩ් කලාම ඒකෙන් උන් ඉන්න තැන හොයාගෙන ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර එල්ල කරා නේද එක වතාවක්.ඉදිරියේදි තාක්ෂණික මෙවලම් එක්ක අලුත් අලුත් යුධඋපක්‍රම ලෝකයට ඒවි.

    ReplyDelete
    Replies
    1. ඔව් එවැනි සිදුවීමක් මා අසා තිබෙනවා. බින් ලාඩන්ටත් වැරදුනේ නොදන්නා තාක්ෂනය පාවිච්චි කරන්න ගිහින්.

      අනාගතයේදී යුද භටයන් යුදබිමට නොයවා සටන් කරන ක්‍රම එන්නට ඉඩ තිබෙනවා.

      Delete
    2. මම අසා තියන විදිහට සැටලයිට් ‍ෆෝන් එකෙන් ට්‍රැක් කරලා මරපු පළවෙනි හමුදා ලොක්කා චෙච්නියාවේ පළවෙනි ජනාධිපති දුදායේව්, එයා රුසියන් ගුවන් හමුදාවේ හිටපු ජෙනරල් කෙනෙත්, ඇෆ්ගනිස්තානයේ රුසියන් හමුදාව තලිබාන්ලාට ඉස්සරින් හිටපු මුජහදින්ලාගෙන් බේරගත්තේ එයාලු, සෝවියට් දේශය කැඩෙනකොට ඉස්සෙල්ලාම වෙන් වුනු රටවල් 3 බාරව හිටි හමුදා නායකයා, එයා මොස්කව් අණට පිටින් යමින් ජනතාවට එරෙහිව හමුදා යෙදවීමෙන් වැළකුණා. පස්සේ එයා චෙච්නියාව බෙදා වෙන්කරගන්න රුසියාව එක්ක යුද්ධකරා. එයාගේ සැටලයිට් ෆෝන් සිග්නල් රුසියන් ගුවන් හමුදාව කාලයක් තිස්සේ ට්‍ර‍යන්ගුලේට් කරගත්තත් කවුද කතා තරන්නේ කියා හරියටම කියන්න හැකි වුනේ නෑලු එන්ක්‍රිප්ෂන් හින්දා, රශියන් ගුවන් හමුදාව කියනවා කටහඩ සිග්නේචර් එකක් හොයාගෙන දුදායේව් ෆෝන් එකට ආවාම ලේසර් ගයිඩඩ් මිසයිල් යැව්වා කියල,ඒත් ජනප්‍රිය කතාව වෙන්නේ රුසියන් විපක්ෂයේ ලොක්කෙක් ලව්වා දුදායේව් ෆෝන් එකට ගෙන්න ගත්තා කියලයි.

      Delete
    3. මිනිස් මළ මුත්‍ර වලින් පිටවන වායු වර්ග ඔස්සේ 'ඉව අල්ලාගෙන' එන ඇමරිකන් මිසයිල් වලින් බේරෙන්න, වියට්නාම් වැසියන්, තමන්ගේ මළ මුත්‍ර භාජනවල බහා, කැලයේ ඈතට ගෙනිහින් දැමූ කතාවක් මා අසා තිබෙනවා.

      යුද්ද කලේ අපි ටෙලිකොම් ලයින් එකට සවිකළ රහස්‍ය දුරකථන වර්ගයක් පාවිච්චි කළා. ඒ දුරකථනය අපිට අවශ්‍ය විදිහට ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. හෑන්ඩ් සෙට් එක උස්සලා මුලින්ම කොම්බිනේෂන් එක ගහනවා. ඊට පස්සේ නොම්මරය ගහනවා. අනික් පැත්තේ එක්කෙනා කෝල් එකට උත්තර දෙන්න නම් කොම්බිනේෂන් එක ගහන්න ඕනේ. මැදින් ටැප් කලොත් එයාට ඇහෙන්නේ ස්...ස්... ස්... ශබ්දයක් විතරයි.

      Delete
  14. api wage (civil) ayata labaa gatha nohaki danumak me lipi maalawen labenne.
    yudha waarthakaranaye hiti ayagen news ekak misa danumata deyak athi lipi liyaune nathi tharam.

    aththatama yuddayak kiyanne kopamana complicated deyakda kiyala therum giye
    me lipi maalawa kiyawanna patan gaththata passe.

    a wagema saralawa therum ganeemata saha kiyaweemata aasawa athiwena hatiyata lipi (liweema) ediripath kireemata methumaage athi hakiyaawanam ethaamath ehalai.
    kiyanna thiyanne athi visistai sir kiyala thamai.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙනරත්, ලිපිය ඇගයීම ගැන.

      ඔබ ජංගම දුරකථනයකින් අන්තර්ජාලය බලන නිසා වෙන්න ඇති සිංහලෙන් ටයිප් කල නොහැකිවී තිබෙන්නේ. නමුත් සමහරවිට සිංහල අකුරු දාගන්න බැරිවෙන එකක් නැහැ. ඒ ගන දන්නා අයගෙන් අසා බලන්න.

      යුද වාර්තාකරණය කියන්නේ වෙනමම විෂයයක්. එහිදී කරන්නේ එදිනෙදා යුදබිමේ සිදුවන දේ විස්තර කිරීම පමණයි. යුද න්‍යාය ගැන වාර්තාකරුවන්ට දැනුමක් නැහැනේ.

      යුද්ධයක ඇති සංකීර්ණ බව කවදාවත් සම්පූර්ණයෙන් තේරුම්ගන්න බැහැ. යුද්ධයෙන් පසුවත් ඒ ගැන ඉගෙනගතයුතු දේ ථිබෙනවා.

      Delete
  15. එහෙම බලද්දී දැන් ලංකාවට වෙන්න යන්නෙත් ඕකම තමයි. හයිබ්‍රිඩ් යුද්ධයක්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා අමුතුම යුද්ධයක් යන්නයි හදන්නේ කියලා.

      Delete
  16. ඇයි සිරියාව? ලිබියාව?
    http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2617-2016-01-26-22-45-30

    ReplyDelete
    Replies
    1. ඔව් මැදපෙරදිග රටවල තමයි අජිත් වැඩියෙන්ම මේවා සිදුවෙන්නේ.

      බොහොම ස්තුතියි මේ ලිපියට නෙළුම්යායේ ඉඩක් ලබාදීම ගැන.

      Delete
  17. ඔව්වා මක්කද සෑර් අපේ කට්ටිය ඉන්ටනෙට් එකේ කොරන යුද්ධ නෙවැ යුද්ධ :D :D

    ReplyDelete
    Replies
    1. අම්මප ඔව් පත්තරේ, ඉන්ටර්නෙට් එක වෙලාවකට එකම යුද පිටියක්. :e

      Delete
  18. මේ දත්ත බෙදා හැරිම ගැන ස්තුතියි, මට හිතෙන්නේ උඩ දිනේෂ් කිව්වා වගේ දෙයක් උනා හරි වෙමින් පවතිනවා කියල අපේ රටෙත්...
    කොක්කෙන් බැරිනම් කෙක්කෙන් කියල කතාවකුත් තියෙනවනේ...

    ReplyDelete
    Replies
    1. හපොයි....අපේ උන්නැහේලා නිතරම කොක්කයි කෙක්කයි සූදානම් කරගෙන නේ ඉන්නේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }