හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

07 April 2016

අපි ආමි ද? අපි ආවෙමු ද?



ශ්‍රී ලාංකික පුරවැසි විවිධ වෘත්තිකයන්, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගෙන, අධිකාරියට පත්කිරීමේ වැඩපිළිවෙලක්, දැනට ක්‍රියාත්මක වෙනවා. මෙහි පළමු අදියර, මෑතකදී නිමවූ බව, වෙබ් අඩවි වාර්තාවකින් දැනගන්නට ලැබුණා. මේ පහත දක්වා තිබෙන්නේ, එම වාර්තාවයි. මේ වාර්තාවේ සඳහන් වන්නේ, මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන තවත් රටක් වන්නේ, සිංගප්පූරුව බවයි. නමුත් මා දන්නා තරමින්, විවිධ වෘත්තිකයන් හමුදා සේවය සඳහා යොදාගන්නා රටවල් අතරින්, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, වැනි රටවල්ද ප්‍රමුඛස්ථානයක් ගන්නවා. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත පේට්‍රියට් මිසයිල් ක්‍රියාත්මක කරවන කණ්ඩායම් වල  වැඩි දෙනෙක්, ස්වේච්ඡා හමුදා නිලධාරීන්.




මෙවැනි වැඩපිළිවෙලක් මගින් අපේ රටට ගතහැකි ඵල ප්‍රයෝජන මොනවාද? 

   ඇත්තෙන්ම, මෙවැනි වැඩපිළිවෙලක් මගින්, අපට ලබාගතහැකි විපුල ඵල ප්‍රයෝජන අතර මුල්ම තැන ගන්නේ, කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කරගැනීම, කර්යෝත්පාදක ශක්තිය වැඩිදියුණු කරගැනීම, සහ යම් කාර්යභාරයකින් සාර්ථක ප්‍රතිඵල උත්පාදනය කිරීමෙහි ලා විශාල සේවයක් ඉටුවීමයි. 

එහෙනම් ඉතින් මුළු ලෝකෙම තියන උසස් කළමනාකරණ පාඨමාලා ඔක්කොම නවත්තලා හැම මිනිහවම හමුදාවට බැන්දුවානම් ඉවරයිනේ

නැහැ නැහැ,  ඔබ ඔය හිතන්නේ මහදැනමුත්තා ක්‍රමයට. මුලින් කිව්වා වගේ, මේ ක්‍රමය ලංකාවේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. ලෝකයේ තවත් රටවලත්, මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මෙයින් අදහස් කරන්නේ නැහැ, කළමනාකරණය පිලිබඳ ඉහලම පුහුණුව මෙයයි කියා. ඕනෙම ඉලක්කයකට යන්න, ක්‍රම එකකට වඩා තිබෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? ඒ නිසා විවිධ මට්ටමේ කාර්යභාරයන් ඉටුකරන, විවිධ අධ්‍යාපනික සහ සමාජයීය තලවලින් පැමිණි පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී, මෙවැනි හමුදා පුහුණුවක් තුලින් ලබාගන්න යම් යම් පරිපාලන ක්‍රමවේදයන් පිලිබඳ දැනුම, සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයන්ට වඩා ප්‍රතිඵලදායී සහ කාර්යක්‍ෂමව යොදාගතහැකි අවස්ථා තිබෙනවා. 

එහෙනම් ඔය ඉස්කෝලවල ප්‍රින්සිපල්ලාට දුන්න හමුදා තනතුරු වලින් මේ වෙනකොට පාසල් විනය අන්තිම ඉහලට ගෙනත් තියෙන්න එපායැ. කෝ එහෙම වෙලා නැහැනේ. 

අපොයි එතැනදී වුනේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක් නේ. දේශපාලන හෙන්චයියලාට තමයි වැඩිපුර ඒ වගේ තනතුරු හම්බවුනේ. පුංචි පුහුණුවක් දීලා, එකපාර කර්නල් වගේ තනතුරක් දුන්නම, කටුස්සගේ කරේ රත්තරන් මාලයක් දැම්මා වගේ වෙනවා. යුද න්‍යාය පිලිබඳ කිසිම පුහුණුවක් නැහැ. හමුදා දැනුමක් නැහැ. කළමනාකරණය, පරිපාලනය, උපක්‍රමික දැනුම යන කිසිවක් එයාලගේ පුහුණුවේ නැහැ. ඔවුන් ලබාගත් අධිකාරිය Commission යුද හමුදාවේ අධිකාරියට සමාන නැහැ. (ජාතික ශිෂ්‍යභට බලකායේ National Cadet Corps = NCC අධිකාරි ලත් නිලයන්, යුද හමුදාවේ අධිකාරියට සමාන වන්නේ නැහැ. ඊට කලින් තිබුන ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය Sri Lanka Cadet Corps = SLCC සහ ලංකා ශිෂ්‍යභට බලකායේ Ceylon Cadet Corps = CCC අධිකාරිය, යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේ) අධිකාරියට සමානයි) 

ඉතින් මේ පිං කර්නල් කෙනෙක් තමයි, අර කුරුණෑගල ඉස්කෝලෙක, අහිංසක ගෑණු ළමයෙකුට, සියදිවි නසාගන්න සැලැස්සුවේ. මේ පිං හමුදා නිළ අහෝසි කරලා, වර්තමානයේදී චක්‍රලේඛ සහ ගැසට් නිවේදන නිකුත්කර තිබුනත්, සමහරු තවමත් ඒවා පාවිච්චි කරනවා. මම දැක්කා දකුණු පළාතේ, එලගවන්න අමාරු ප්‍රින්සිපල් නෝනා කෙනෙක්, තවම මේ තනතුරු නාමය පාවිච්චි කරනවා. මේ අයගෙන් ඇහුවොත්, යුද්ධයේ මූලධර්ම දහය මොනවාද කියලා, ඇඳගෙන ඉන්න වස්තරේම පහවෙනවා. 

හොඳයි මොනවද ඉතින් මේ ආණ්ඩුවෙන් පුහුණු කරපු මේ හමුදා හෙන්චයියන්ට කරන්න පුළුවන්? 

මේ හෙන්චයියන්ගේ ලොකු වෙනසක් තියනවා, අර හෙන්චයියන්ට වඩා. වැදගත්ම දේ තමයි, මේ අයට ඉහල මට්ටමේ හමුදා පුහුණුවක් ලබාදී තිබෙනවා. ඒ කියන්නේ, හදිසියකදී මේ අයව යුද්දෙට යවන්න පුළුවන්. ඔවුන්ට ලබාදී තිබෙන අධිකාරි බලය, ත්‍රිවිධ හමුදාවේ අධිකාරි බලයට සමානයි. ඇත්තටම ඔවුන්, අර පිං නිලනාම නෙවෙයි දරන්නේ. ඔවුන්,  ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ අධිකාරි ලත් නිලධාරීන්. 

මතක තියාගන්න. ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාවට ලබාදෙන, ඉහලම වීර පදක්කම වන, 'පරම වීර විභූෂණය' පදක්කමෙන්, අපේ හමුදා ඉතිහාසයේ පළමුවරට පිදුම් ලැබුවේ, තම දිවිපුදා සටන් කල, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු වන, කපිතන් සාලිය උපුල් අලදෙණියයි. 

යුද්ධ කරන්න නම් ඉතින් නිත්‍ය හමුදාව ඉන්නවනේ. අනික දැන් යුද්ධයක් නැහැනේ. ඉතින් මොකටද මේ වගේ අය පුහුණු කරන්නේ? රාජ්‍ය/පෞද්ගලික ආයතනවල සේවක නිදහස යට කරලා, මිලිටරි පාලනයක් හදන්න නේද මේ අරඅඳින්නේ? 

ඔන්න ඕකට තමයි පැන්තාලියේ කිඹුලන් දකිනවා කියන්නේ. මිනිස්සු දැන් ඉස්සර තරම් මෝඩ නැහැ. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා, දුර තියාම මිනිස්සු දන්නවා. ඔබ හිතනවද මේ වගේ අය ආයතන ප්‍රධානීන් හැටියට පත් කරලා, මිලිටරි පාලනයක් හදාගෙන, මේ ආණ්ඩුවට හැමදාම ඉන්න පුළුවන් වෙයි කියලා? එහෙම කරන්න ගියොත්, මම නම් හිතන්නේ, විදේශීය බලවේග වල සහයත් අරගෙන, 1971, 1988, තත්වයට වඩා දරුණු, මහජන නැගිටීමක් ඇතිවෙනවා.

එහෙනම් මොන කෙහෙම්මලක්ද මේ මිනිස්සුන්ගෙන් කරන්න පුළුවන්? 

බලන්න අපේ රටේ, එක අවුරුද්දකට, වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම්, ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාර, වතු සේවක, විදුලිය, ජලය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, දුරකථන සේවා, වැනි ආයතන වල වර්ජන කොච්චර තියනවද? එයින් කොච්චර මහජන පීඩාවක් ඇතිවෙනවද. මේ වගේ අවස්ථාවල යුද හමුදාව යෙදෙව්වට, හමුදාවට පුළුවන් වෙන්නේ, ඒ ඒ ආයතනවලට යම් භෞතිකමය හානියක් වීම වළක්වාගන්න විතරයි. ඒ ආයතනයේ ක්‍රියාකාරිත්වය ප්‍රතිෂ්ඨාපනය කරන දැනුම, හමුදාවට නැහැ. මේ වගේ වෘත්තිකයන්, හමුදා නිලධාරීන් ලෙස පුහුණු කර ගත්තම, ඔවුන්ට අදාළ ක්‍ෂේත්‍රය වෙත ඔවුන්ව යොමු කරවන්න පුළුවන්. එමගින් එකී සේවාවන් බිඳ නොවැටී පවත්වාගන්නටත්, අහිංසක මහජනතාවට සිදුවන පීඩාව අවම කරගන්නටත් පුළුවන්. (ඔවුන්ට පුළුවන් අනෙකුත් හමුදා නිලධාරීන්ට හමුදා සෙබළුන්ට උගන්වන්න, කලයුතු දේ) 

ඒ කියන්නේ වැඩවර්ජන කඩාකප්පල් කරනවා? 

නෑ නෑ නෑ, වැඩවර්ජන කරන අය ඒවා කරගෙන යන්න. මහජනතාව පීඩාවට පත්වීම අවම කිරීම පමණයි, හමුදාවෙන් කෙරෙන්නේ. ඒක වැරැද්දක් ද? 

මේ වැඩපිළිවෙලේ මම අකමැති එකම එක දෙයයි තියෙන්නේ. ඒ, මේ ව්‍යාපාරයට දී තිබෙන නම. 'අපි ආමි' හා....පෝ.....අජපල් නමක්. මේ නම දැක්කම, මිනිස්සු හිතන්නෙම, මෙතන තියෙන්නේ මිලිටරිකරණය කියලා. අපි ආමි කියලා, නිකම් ආමි පාට් දැමීම සුදුසු මදි. 'අපෙන් රටට' වගේ නමක් දැම්මනම් හොඳයි. 

2016 අප්‍රේල් මස 06 වැනි දින 2322 පැය

50 comments :

  1. ඔයා කිවුව වගේ නිකන් නිලය විතරක් තියන පිනා ලා ඉන්නවා කොහොම උනත් වැඩේ නම් හොදයි.ජනතාව වෙනුවෙන්http://topnetsystem.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ පිං පිනාලා බොහොමයක් නිකම් රූකඩ විතරයි. මේ වදෙන් ජනතාවට සේවයක් වෙන්න් නම්, යථාර්ථවාදීව ක්‍රියාකළ යුතුයි.

      Delete
  2. එදා සුමිත් සහ හෙන්රි සමග ස්ටේජ් එකේ දකිද්දී මං හිතුවේ ආමි නොවෙයි නේවි කියායි.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්, මමයි සුමිතුයි = Army & Navy

      Delete
    2. නේවි කියල හිතුවට ආමි නේද?

      Delete
  3. බොහොම ස්තූතියි විචා. කපිතාන් අලදෙණියගේ වීරත්වය ගැන කාලයක සිට කියවා තිබෙනවා. ඔහුගේ රූපයක් ඇතුලත් කරන්න.
    අවුරුදු 26 දී රට වෙනුවෙන් දිවිදුන් මෙම වීරයා ගැන මෙම සයිට් එකෙත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මෙන්න ඔහුගේ පින්තූර දෙකක්

      [im]https://jangun.files.wordpress.com/2016/04/captain_saliya_upul_aladeniya.jpg[/im]

      [im]http://www.sundayobserver.lk/2011/06/12/z_p08-Kokavil-04.jpg[/im]

      Delete
  4. පරම වීර විභුෂණය පලමු වරට පුදනු ලැබුවේ හසලක ගාමිණි රණවිරුවාට නොවේද??

    ReplyDelete
    Replies
    1. මෙන්න මේකයි ඇත්ත කතාව. කපිතන් අලදෙණිය දිවි පිදුවේ 1990 ජූලි 11 වැනි දින. කෝප්‍රල් කුලරත්න දිවි පිදුවේ 1991 ජූලි 10. කපිතන් අලදෙනියට පරම වීර විභූෂණය මුලින්ම පිරිනැමුවා. නමුත් ගැසට් නිවේදනය නිසි වෙලාවට පිටවුනේ නැහැ. කෝප්‍රල් කුලරත්නගේ ගැසට් එකටත් පස්සෙයි අලදෙනියගේ ගැසට් එක පිටවුනේ. නමුත් පදක්කම මුලින්ම කපිතන් අලදෙනියගේ දෙමව්පියන්ට සහ බිරිඳ ඉයන්තා අලදෙණිය මහත්මිය වෙත පිරිනැමුණා.

      Delete
    2. බොහෝම ස්තූතියි අප නොදත් කරුණ පැහැදිලි කලාට

      Delete
  5. Replies
    1. ඔව් මෙහි කාලීන වැදගත්කමක් තියනවා.

      Delete
  6. මට මතක් උනේ Police Academy 4 - Citizens on Patrol ෆිල්ම් එක...

    ReplyDelete
    Replies
    1. පුරවැසියන්ගේ යුතුකම්. අපේ රටේ හරිම දුර්ලභ දෙයක්.

      Delete
  7. වටිනා සටහන් තමා විචාමාමේ....... ඇත්තට ම මේවා අපි කියවන්නෙත් පළමු වතාවට... ඔබ විසින් මේ ගොඩනගන දැනුම හමුදාව අතින් විතරක් නෙමෙයි රටේ සාමාන්‍ය ජනතාව අතිනුත් ඉතා වැදත්.... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. V
      වහාම මාමා කීම නවත්තනවා හොදයි

      Delete
    2. බොහොම ස්තුතියි කුරුටු. මට දෙකොනින් හිනායන්නේ, සමහර අබබ්බයෝ, මගේ ඉන්ටේක් එක මොකක්ද, මා ලබා තිබෙන අධිකාරිය කුමක්ද, කියමින්, සූකර ව්‍රතයේ යෙදීමයි.

      @ CJ. කෝ කොහෙද මේ කුරුටු කොමෙන්ට් එකේ 'වහාම මාමා' කියලා තියෙන්නේ?

      Delete
  8. විචාරක මහත්මයා. තරුණ තරුණියෝ කී දෙනෙක් යුද්දයක් මුවාවෙන් එක එකාගේ දේශපාලන අරමුණු වලට දිවි දුන්නාද . නමුත් ඒ හැම මරණයක්ම වික්කේ රට ජාතිය නමින්. දෙමළ මිනිසුන්ටත් උනේ මේකම තමා. මේකම තමා. හොඳම උදාහරණය තාජුබ්දීන් .. වලෙන් නැගිට්ටා නින්ද කඩාගෙන දඩ බඩ ගා ගෙන චන්දෙ දැම්මා අයෙත් ගියා.. මියගිය තරුණ සොල්දාදුවන් ගැන ලියනවා නම් කැමති.

    ReplyDelete
    Replies
    1. ඉතා පුළුල් ලෙස සාකච්ඡා කලයුතු මාතෘකාවක්. අවුරුදු දහස් ගණනකට ඈත අතීතයේ සිට, අද දක්වා සිදුවුණ සංග්‍රාම වලදී, දිවි පිදූ/අතුරුදන් වූ/ආබාධිත වූ/ සියළුදෙනා, එසේ කලෙත්, අද සහ අනාගතයේදී එසේ කරන්නෙත්, දේශපාලනය නිසා තමයි. වෙනත් කිසිම හේතුවක් නිසා නොවෙයි. යුද්ධය ඇති කරන්නෙත්, අවසන් කරන්නෙත් දේශපාලකයන් විනා, හමුදාව නෙවෙයි. යුද්ධයට අකමැතිම පුද්ගලයා තමා සොල්දාදුවා. මක්නිසාදයත්, සොල්දාදුවා තමයි, සියල්ලන්ටම වඩා හොඳින් දන්නේ, යුද්ධයේ ඇති කෘරබව.

      තාජුබ්දීන් කියන්නේ වසීම් තජුදීන් ද?

      මියගිය සොල්දාදුවන් ගැන ලිව්වොත්, ඔවුන්ගේ පවුල්වල අයගේ දුක නැවත අලුත් වෙනවා. අපි ඔවුන්ව නිහඬව සිහිපත් කරමු.

      Delete
  9. අපි ආමි ඔබ නේවි... මටත් ඔය ස්වේච්ඡා බලසේනාව ගැන ලොකු උණක් තිබුණා කාලයක්. කොහෙද මේ කාන්තා පාර්ශවයෙන් එල්ලවුණු දරුණු ප්‍රහාර හමුවේ උණ නිකන්ම හොඳ වුණා.

    ReplyDelete
    Replies
    1. මොකද කියන්නෙ විචා මාමත් එක්ක එකතුවෙලා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පිරිමින් බේරාගැනීමේ විශේෂ කාර්යසාධක ස්වේච්ඡා බලකායක් හදමුද?

      Delete
    2. පිස්සුද බන්...බත් පිඟානටයි තේ කෝප්පෙටයි කෙළවෙන වැඩක් ඕක :)

      Delete
    3. මූලික අයිතිවාසිකං උල්ලංඝනේ උනොත් ?:D D

      Delete
    4. ඕක බලපානව "අනාගත කාමය"ට...

      Delete
    5. මදැයි කොලා. ගෙදර උන්දැල ටික මල්ටි බැරල් බලකායක් හදයි කියල කට්ටිය බයවෙලා වගෙයි.

      Delete
    6. පිස්සු කෙලින්න එපා ණ.

      Delete
    7. @ Udaya Dissanayake ඉතින් දෙයියනේ කාන්තා පාර්ශ්වයෙන් විරෝධතා එන්න ඔයා කාන්තා බලකායටද බැඳෙන්න හැදුවේ? :e

      @ Praසන්ன. මොකද්ද බං ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ? මම නම් අපේ ගෑණිව හදලා තියෙන්නේ මගේ ලඟට දනගානෙන එන්න. (ඇයි ඉතිං බයට මම ඉන්නේ ඇඳයට නේ)

      @ පත්තරේ. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන්නේ නෑ. මමත් උඹ වගේම එයාගේ රෙදි හෝදලා දෙනවා.

      @ ඩ්‍රැකී. අනාගත කාමය තියා, දැන් අවුරුදු 25 ක් විතර ඉඳලා කාමය කියන වචනේ අපේ ගෙදරින් එලියට දාලා තියෙන්නේ.

      Delete
    8. අයිස් කැටයක් කළ හදියක්...!

      Delete
  10. හොඳ වැඩක්. වි‍ශේෂයෙන්ම අත්‍යාවශ්‍ය සේවාවල සිදුවෙන වැඩ වර්ජන වලදි එවන් ස්ථානවල ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්න මෙවන් පිරිසක් සිටිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. වැඩේ හොඳයි. හැබැයි ක්‍රියාත්මක කරවන්න ඕනේ සාධාරණ විදිහට.

      Delete
  11. භීශන කාලෙ විදිලිබල මණ්ඩලේ අංශ බිඳවැටෙද්දී හමුදාව විසින් විදිලිබල මණ්ඩල නිලධාරීන්වම හමුදා නිළ ඇඳුම් අන්දවා සේවයේ යෙදවූ බව එසේ සේවය කල ඉංජිනේරු මහතෙක් වටක් පැවසුවා.
    මේ සිද්ධ කරන්න යන්නෙ ඒකෙම නීත්‍යානුකූල වැඩසටහන වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ අද්දැකීම් නිසා තමයි මෙවැනි පුහුණුවක් වෘත්තිකයන්ට දෙන්න හිතලා තියෙන්නේ.

      ස්තුතියි.

      Delete
  12. ලංකාවේ හමුදාවලට conscription මගින් බඳවා ගැනීමට සැලසුමක් තිබුනාද?
    එසේ තිබුනානම් එය නොවුනේ ඇයි?
    ලංකාව වගේ රටක එය සාර්ථක විය හැකි වීමට ඉඩක් තිබුනාද?

    ReplyDelete
    Replies
    1. සිංහල රජකාලෙන් පසු, ඒ කියන්නේ සුද්දගේ පාලන කාලෙදිවත් බලහත්කාරයෙන් (රාජ්‍ය බලය යොදවා) හමුදාවට බඳවා ගැනීමක් සිදුවුනේ නැහැ. මා හිතන්නේ නැහැ, එය අපේ රටේදී කවදාවත් සාර්ථක වෙයි කියලා.

      Delete
  13. වැඩ පිළිවෙළ නම් හොඳයි, ඔය පුහුණුව හැමෝටම දරා ගන්ඩ පුළුවන් වෙයිද දැනට සේවයේ ඉන්න වයසෙන් වැඩි අයට ? අවි පුහුණුවකුත් දෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම කැමති හැම දෙනාටම බැඳෙන්න බැහැ ලලිත්. නියමිත වයස් සීමාවක සිටින, හමුදා වෛද්‍ය පරීක්ෂණයෙන් සමත්වන අයට පමණයි පුහුණුව ලැබෙන්නේ. අවි පුහුණුවක් ලැබෙනවා.

      Delete
  14. අගෙයි විචා මාමේ...

    ReplyDelete
  15. මටත් ආපහු යන්න හිතෙනවා වොලන්ටියර් ෆෝස් එකටවත්.. මොනවා නැතත් නිවාඩු තියෙනවනේ.. :)

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අංශයට වැඩිය නම් නිවාඩු තියනවා මගේ හිතේ. ඔයාලගේ බොස් ආමි පාට් දානවද?

      Delete
  16. අපි ආමි කියන එක එහෙම් පිටින්ම වැරදියිනෙ...

    හැබෑටම ලංකාවෙත් හමුදා සේවය අනිවාර්යය කළානම් මොකද ? අර සිංගප්පුරුවෙ ක්‍රමයක් තියනවා උන් අවුරුද්දට සති දෙකක්ද කොහෙද යන්න ඕනා.. අපේ සිංග ඔ‍ෆිස් එකේ ඉන්න උන් හිටපු ගමන් අන්තරස්දහන් වෙලා කෝ කියලා ඇහුවම කියනවා ආ එයා මිලිටරි මොකක්ද එහෙකට ගියා කියලා.. අඩු ගානේ විනයවත් හදාගන්න පුළුවන් වෙයිනෙ...

    ReplyDelete
    Replies
    1. අපි ආමි කියන තේමාව ගැලපෙන්නේ නැහැ. ඒක මහ උජාරුව පෙන්වන නමක්.

      අපේ රටේ කුමන දේශපාලන පක්ෂය බලයේ හිටියත්, අනිවාර්ය හමුදා නීතිය ගෙනාවොත්, විරුද්ධ පක්ෂය සහ ද්‍රවිඩ මුස්ලිම් පක්‍ෂ, රෙදි නැතුව ඔලුවෙන් හිටගෙන කෑගන්න පටන්ගන්නවා, මෙන්න ඒකාධිපති මිලිටරි රාජ්‍යයක් හදන්න හදනවා කියලා.

      ස්වේච්ඡාවෙන් හමුදා පුහුණුවක් ලැබීමේ වැඩපිලිවෙලක් හදනවනම් හොඳයි. ඒ සඳහා ගෙවීමක් සහ, යම් යම් වරප්‍රසාද හිමිකම්, උදාහරණයක් වශයෙන්, රාජ්‍ය අංශයේ නම්, රාජකාරි නිවාඩු සහ එක වසරක වැටුප් වැඩිවීමක් කාර්යක්‍ෂමතා කඩඉමෙන් තොරව ලබාදීම වැනි.

      Delete
  17. මමත් යනවා අපි ආමි එකට

    ReplyDelete
    Replies
    1. ආමි කෑම්ප් එක බලලා එන්නද?

      Delete
  18. ඔය ප්‍රින්සිපල් ලට දුන්නෙ විචා " බ්‍රවේ කර්නල්" කියල රෑන්ක් එකක් නේද? පොඩ්ඩක් පැහැදිලි කරනවද මොකක්ද ඒකෙ තේරුම කියල...

    මම දැක්කා ඔබ අබබ්බයෝ කියල වචනයක් පාවිච්චි කරල තියනව. ඒක Army Slang Word එකක්ද? මගේ මාමා කෙනෙක් යුද හමුදා ස්වේච්ඡා බලකායෙ නිලධාරියෙක් වශයෙන් සේවය කලා. එයා නිතරම ඔය වචනය පාවිච්චි කරනවා...හෙහ්,හෙහ්..

    ReplyDelete
    Replies
    1. අග ඉඳලා මුලට උත්තර දෙන්නම්. අබබ්බයා කියන වචනේ හමුදා වාග් මාලාවේ වචනයක්. අබබ්බයා = loss ball (person always loss in every manner) useless fellow, born idiot,

      බ්‍රවේ Brevet කියන වචනය ප්‍රංශ වචනයක්. බ්‍රවේ හමුදා නිලයක් කියන්නේ, ගෞරව දැක්වීමක් ලෙස නිල උසස් කිරීමක් ලබාදීමයි. මෙහිදී එම නිලයට අදාළ නිල ඇඳුම් අඳින්න පුළුවන්, ඒ නිලධාරියා තවම සේවයේ යෙදී ඉන්නවානම්. විශ්‍රාම යනවිට බ්‍රවේ නිලයකට උසස් කිරීමත්, ලෝකයේ සමහර රටවල සිදුවෙනවා. බ්‍රවේ නිලය දරන්නාට, එම නිලයට අදාළ බලතල හෝ වැටුප් ලැබෙන්නේ නැහැ. මෙය අපේ රටේ අතීතයේ පටන් සිදුවුනේ ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් සම්බන්ධවයි. බ්‍රවේ නිලය දරන්නන් තම නම සමග නිලය ලියන විට, එය බ්‍රවේ නිලයක් බව ලිවිය යුතුයි. එහෙම නොකලොත් එය බලවත් වරදක්. මම දැක නැහැ, ඔය විදුහල්පතිවරු එහෙම ලියනවා. උදාහරනය:- ඒ.බී.සී. ගුණපාල - කපිතන් (බ්‍රවේ)

      https://en.wikipedia.org/wiki/Brevet_(military)

      Delete
    2. (ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.09, පෙ.ව‍.8.05) රාජපක්ෂගේ වනචර දශකයේදී රටේ නමගිය පාසැල් වලට වනචර විදුහල්පතිවරුන් පත් කරමින් උනට බ්‍රැවේ කර්නල් හමුදා තනතුරු පුදමින් කරන ලද අධ්‍යාපන පිස්සු කෙළියාවේ තරම කොළඹ මහානාම විදුහලින් එළියට පැන තිබේ.

      මහානාම විදුහල්පති ප්‍රසන්න උපශාන්ත නමැති වයස අවුරුදු පනස් ගණනක් වන නාකි වනචර විදුහල්පතිවරයා එම පාසැලේ 23 වියැති තරුණ විවාහක ගුරුවරියක් සමග පෙමින් බැඳී ඇය ඇයගේ නිවසින් පන්නාගෙන ගොස් සඟවා තබා ගෙන සිටී. ඇය සමග ඇයගේ කසාද පුරුෂාට දාව උපන් වයස අවුරුදු එක හමාරක් වියැති දරුවාද පැහැර ගෙන ගොස් තිබේ. වනචර උපශාන්තට මෙම ගුරුවරියගේ වයසේම දියණියක්ද සිටීම විශේෂිත ය.

      මේ සම්බන්ධයෙන් ඇයගේ ස්වාමිපුරුෂයා තලංගම පොලිසියට පැමිණිලි කරන ලදුව එහි පැමිණි මහානාම විදුහල්පති උපශාන්ත තම බ්‍රැවේ කර්නල් කම පෙන්වමින් ගුරුවරියගේ ස්වාමි පුරුෂයාට තර්ජනයද කර තිබේ.

      මෙම ගුරුවරිය මහානාම විදුහලේ ගුරුවරියක ලෙස සේවයට පැමිණීමට පෙර ජාතික රූපවාහිනියේ උදෑසන පුවත් පත් කියවීමට යොදා ගත් නිවේදිකාවකි. එහිදී ඇය රූපවාහිනියේම සේවකයෙකු සමග පෙමින් බැඳී විවාහ වී තිබේ. ඉන්පසුව දරුවෙකු ලැබී ඇති අතර දරුවාට වයස වසර එක හමාරකි. පසුව ඇය මහානාම විදුහලේ ගුරු වෘත්තියට පැමිණීමෙන් පසුව නාකි වනචර විදුහල්පති තම බලතල පෙන්වා තරුණ ගුරුවරිය දැපනේ දමා ගෙන ඇති අතර මීට දින 4 කට පමණ පෙර ඇය සහ දරුවා නිවසින් පන්නාගෙන ගොස් සඟවා තබාගෙන සිටී.

      මොවුන්ගේ වනචර කම කොතෙක් වීද යත් ටික දිනක් මධුසමය ගත කිරීමෙන් පසු දැන් දෙදෙනාම යලිත් පාසැලට ද එති. ගුරුවෘත්තිය කෙතරම් බාල්දු කර ඇතිදැයි මෙයින් පෙනී යන අතර මොවුන්ගේ රහසිගත ප්‍රේමයට උදව් කිරීමට ද ලක ලැහැස්ති වූ ගුරුවරියන්ද මහානාම විදුහලේ සේවය කරති. එම කණ්ඩායම විදුහල්පතිගේ අසම්මත ප්‍රේමය හෙලිදරව් කළා යැයි කියා තවත් ගුරුවරියකට තර්ජනය කර ඇතැයිද වාර්තා වේ.

      ගෝඨාභයගේ බ්‍රැවේ කර්නල් ප්‍රසන්න උපශාන්ත නමැති වනචර විදුහල්පතිවරයා මීට පෙර අශෝක කණිෂ්ඨය, රාජකීය විදුහල ආදී විදුහල්වල ද සේවය කර ඇති අතර ඒවායේදී ද තම වනචර භාවය ප්‍රදර්ශනය කරන ලද අයෙකු ලෙස ප්‍රකට ය.

      ලංකා ගුරු සේවා සංගමය මේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදුහල්පති සහ ගුරුවරිය අතර අසම්මත ප්‍රේමය කලක සිටම පැවැති බවත් ඒ සම්බන්ධයෙන් විදුහලින් අධ්‍යාපන ලේකම් වරයාට පැමිණිලි කර තිබූ නමුත් ක්‍රියාමාර්ගයක් නොගත් බව පවසයි.

      Delete
    3. මේ පිංගුත්තර කර්නල් වරයා අපකීර්ති සහගත ලෙස අධිකාරියෙන් පහකළ යුතුයි. ඒ සඳහා ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ වරයාගේ නිර්දේශය ප්‍රමාණවත්. ඔහුගේ සහ අර ගුරුවරියගේ අවකල්ක්‍රියාව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙනම විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

      අපකීර්තිසහගත ලෙස සේවයෙන් ඉවත් කලාම ඒක ගැසට් පත්‍රයෙත් පලවෙනවා. මෙන්න බලන්න උදාහරණයක්.

      [im]https://jangun.files.wordpress.com/2016/04/screenshot-250.png[/im]

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }