අම්මපා මේ හිටං කියන එක, මෑත කාලයේ ඉඳලා අපිට එකතුවුන යෙදුමක් කියලා හිටං, පෙනෙන්න තියනවා. නමුත් මේ හිටං කියන එක, සෑහෙන තරම් අතීතයක ඉඳලා හිටං, අපේ රාජ රාජ මහාමාත්‍යාදීන් විසින්, පාවිච්චි කොරලා තියනවා හිටං කියලා, මම මේ මෑතකදී තේරුම් ගත්තා හිටං. දැන් බළනකොට මේ හිටං කියන එක කිසිම අවුලක් නැති යෙදුමක් කියලා හිටං තේරෙන්නේ දැනුයි හිටං. මේ හිටං කියන යෙදුම, අපේ ජන නායකයන් විසින්, මීට අවුරුදු හැට හැත්තෑවකට උඩදිත් පාවිච්චි කොරලා තියනවා කියලා හිටං, ඔහෙලා බොහොමයක් දන්නේ නැතුව ඇති හිටං. ඉතිං අප්පා, කාටද තංතෝස කියලා මං අහන්නේ හිටං. මෙව්වා අපේ සඟිස්කුරුතියේ, පරණ කියමන් කියලා දැනුයි ඕං තේරෙන්නේ හිටං.
අපේ වර්තමාන ජනාධිපතිතුමා, හිටං කියනවා කියලා හිටං, හුඟක් දෙනෙක්, අරවා මෙව්වා කියනවා හිටං. ඒ උනාට, එතුමාටත් කලින් හිටං, හිටං කියන යෙදුම පාවිච්චි කල උත්තමයෝ හිටියා කියලා හිටං, ඔහෙලා දැනගන්නවා හොඳයි හිටං. මං මෙව්වා කිව්වට විස්වාස නැත්තං හිටං, ඔන්න ඔය පහලින් තියන, තප්පර 35 ක් විතරක් යන වීඩියෝ එක, බලනවා හොඳයි හිටං. කොම්පීතරේ ළඟ හිටගෙන හිටං.
ඕං බලනවාලා හිටං, ජාතියේ පියා කියලා කියන උත්තමයා හිටං, මේ හිටං කියන එක කියලා තියනවා හිටං. හැක්, ඉතිං කියනවලකෝ හිටං, දැං ඔහෙලා මොකද කියන්නේ හිටං?
2016 අප්‍රේල් මස 27 වැනි දින 2354 පැය
2016 අප්‍රේල් මස 27 වැනි දින 2354 පැය
ඇහෙන්ඩ ස්පීකර් සෙට් නෑ හිටං...කොහොම උණත් අපේ ජනාධිපති තුමා වාසනාවන්තයි වගේ...මොකෝ දැන් තනි නෑනෙ..උන්නැහේටත් ඕකෙ ලිංකුවක් දැම්මනං හරි
ReplyDeleteඇහෙන්ඩ ස්පීකර් නෑ, බලන්න යූ බටේ නෑ. ඉතිං කොහොමෙයි දං වළඳන්නෙ?
Delete@ වැව් ඉස්මත්ත. ඇයි අප්පොච්චියේ තමුන්නැහේගේ ජංගම පෝන් එක හෙවත් මොබයිල් දුරකතනයේ හැඩ් සැට් එක ගසන්න බැරිද ගොම්පීතෙරේට?
Delete@ රාජ්, අනේද කියන්නේ.
අප්පද බොල එහෙමත් එකක්ද
Deleteඅෆ්ෆට බොල හිටං ....ඒකාලේ ඉදන් හිටං
ReplyDeleteඑහෙනං එහෙනං, බලන්ටකෝ හිටං, මෙව්වා කොච්චර පරණ කියමන් ද කියලා හිටං.
Deleteමං අද උදේ කියවමින් ආ ගුණදාස ලියනගේ ලියූ ගමන නොනිමෙයි යන දේශපාලන වාර්තා කතාවේ ඩීඑස් ගේ කතාවක ඔය බව දැක්කා!
ReplyDeleteපොත කියවල ඉවර උනාද...
Deleteපොත කියවල ඉවර උනාම මහ අපුලක් දැනුනා අතීතය රිපීට් වෙන ගතියක් දැනිලා...
@ රසිකොලොජිස්ට්. ගුණදාස ලියනගේ ඒ පොතෙන් අපේ දේශපාලන ඉතිහාසයේ සෑහෙන පැතිකඩක් පෙන්වනවා.
Deleteමම හිතන්නේ මේ හිටං කෑල්ල මෛත්‍රීපාල මහතා කියනවිට විශේෂයෙන් කැපී පෙනීමක් සිදුවුනා කියලයි.
This is the first time I heard DS 's voice
ReplyDeleteThis is an extract I have taken from the original Video. Following is the link to full Video.
Deletehttps://www.youtube.com/watch?v=JLTSRhb0D88
@Trans Sylvanya
Deleteප්‍රවීන මාධ්‍යවේදි අසෝක තිලකරත්නයන්ගේ මේ අඩවියට ගිය විට දෙස් විදෙස් හී ප්‍රකට ජන්ප්‍රිය බොහෝ දෙනෙකුගේ කටහඬ පටයන්ට සවන් දෙන්න පුලුවන්. මෙහි ඇත්තේ කටහඬ පමනයි. අසෝක තිලකරත්නයන්ගේ මේ සේවයට ආචාර කල යුතුයි.
එතකොට හිටං කියන්නෙ නෙ පේමස් කතාවක් ඈ
ReplyDeleteහොදයි හොඳයි
ිහිහි
පේනවා නේද හිටං. අපි නොදන්නා කාලයේ හිටං මෙව්වා තිබිලා තියනවා හිටං.
Deleteඕන්න දැං බය නැතුව අපිටත් ඒක කිව්වැකි හිටං. නැත්තං එතුමටම Trade mark කියලනෙ හිතුවෙ හිටං.
ReplyDeleteඒකනේ කියන්නේ හිටං. සමහරු මේ හිටං කියන එක මෛත්‍රී මහත්තයාගේ ජීවිත බුත්තියට සවි කරන්න නේ හැදුවේ හිටං.
Deleteමාත් ඔය කතාව අහලත් තියෙනවා. ඒත් අවධානය යොමු උනේ නැහැ.. හැක් ජය
ReplyDeleteකොම්පැණිකාරයෝ හිතන දේවල් හිටං.. හැක්
අවධානයට යොමු නොවෙච්ච කතා තියනවා හිටං. ඉස්සර අපේ මුදල් අමතිතුමකුව සිටි ඇන්. ඇම්. පෙරේරා මහතා, යම්කිසි දෙයක් අවසන් වෙනවා කියන එකට කිව්වේ, 'කම්මුතු වෙනවා' කියලා 'හිටං'
Deleteකොම්පැනි කාරයෝ වැඩිය හිතන්නේ නෑ හිටං.
හිටං දැන් හිටං නැලු..
ReplyDeleteඉදං
පත්තරේ බලනවලු !
අපිවත් ගොහිල්ලා, සිටින්, ඉඳින්, අත් ඔසවන්, පහත හෙලන්, කියලා එමුද හිටං.
Deleteමම ඔය වීඩියෝ එක කලින් බලල තියෙනවා, ඒකෙ සහ දැන් ඉන්න හිටන් කතා කරද්දී හිටං කියන එක මට එච්චර අවුලක් උනේ නැත්තේ මීට කලින් අපි අතරේ "හිටං" කියල කතා කරන යාළුවො හිටපු නිසා වෙන්න ඕනේ හිටං...
ReplyDeleteමේ වගේ වචන අපේ වාග්මාලාවෙත් තියනවා නම්, අපිට එය විශේෂත්වයක් ලෙස දැනෙන්නේ නැහැ. අපි හැමදෙනාගේම කථන වාග් මාලාවේ තිබෙනවා, වෙනත් ප්‍රදේශයක කෙනෙකුට, අමුතු වචන වගේ දැනෙන දේවල්. නමුත් එයට අපහාස කිරීම හොඳ ගතියක් නෙවෙයි.
Deleteමේ වීඩියෝ එක ඉස්සර ඉඳල හිටලා රූපවාහිනියෙ යනවා.
ReplyDelete"හිටං" කියන වචනෙ ඇහුවම මතක් උනේ ඩී ඇස් උත්තමය තමයි ඒ කාලෙ.
මෙයින් පෙනෙනවා, අද කාලේ මෙය මෛත්‍රීපාල ජනාධිපතිතුමාට විශේෂ කර දක්වන්න හැදුවත්, මේ යෙදුම, අනාදිමත් කාලයක්, අපේ රටේ තිබුන සාමාන්‍ය යෙදුමක් බව.
Deleteවිචාමාමේ...........
ReplyDeleteඔය කතාව මෑතක රූපවාහිණියේ දානවා දැක්කා.... හොද ගැමි වහරකින් කතා කරන්නේ. සමහර විට ඒ කාලේ ලංකාවේ තිබුණ භාෂා ව්‍යවහාරය වෙන්නත් ඇති. මොනවා වුණත් ඔය හිටං කියන කෑල්ල හොදට මටත් මතකයි... එදා අපිත් ඔය ගැන කතා කරා. ඒ විතරක් නෙමෙයි තවත් හොද හොද සිංහල වචන වලින් තමා ඔය කතාව තියෙන්නේ.... සාමාන්‍යෙයන් කියන්නේ ඩීඑස් කියන්නේ කලු සුද්දෙක් කියලා. භාෂාවට වඩා දේශපාලනික හැසිරීමත් දේශපාලනයේ දී වැදගත්. අපේ කට්ටිය ඔය අල්ලං දගලන හිටං එකෙන්නං කරන්නට හැකි දෙයක් නැහැ....
ඔව්, ඒ කාලේ ඩී.එස්. සේනානායක අගමැති තුමා ගේ ගැමි ගතිය නිසා, අපේ රටේ කළු සුද්දෝ, එතුමාව 'කැලෑ ජෝන්' කියලා අපහාස මුඛයෙන් හැඳින්වුවාලු.
Deleteඅපි සැමදෙනාටම පවුලෙන්, පරම්පරාවෙන්, පරිසරයෙන්, උරුමවූ වාග්මාලාවක් තියනවා. එයට අපහාසකරන්නා භාෂාවක සංකීර්ණත්වය නොදන්නා මැට්ටෙක්.
මම හිතන්නේ බණ්ඩාරනායකත් හිටං කියුවා. හැම දේශපාලකයාගෙම මොකක් හරි ඔය වගේ කෑල්ලක් අල්ලාගෙන හිනා වෙන එක අපේ හැටි නොවැ හිටං.
ReplyDeleteබණ්ඩාරනායක අගමැතිතුමාගේ වීඩියෝ එකක් හෝ ඕඩියෝ එකක් හොයන්න උත්සාහ කළා හරිගියේ නැහැ. මට හිතෙනවා එතුමාත් මේ යෙදුම පාවිච්චි කරන්න ඇති.
Deleteකියන්න දෙයක් නැතිවුනාම වචනයක් හරි අල්ලගන්න එකත් අපේ ගතියනේ.
හිටං ඉන්න තව කීප දෙනෙක්ම ඉන්නවා හිටං... ඒ වගේම කොළඹ තියෙන කතාවක් තමයි... ඔමායත් කියන "ඉඳගෙන" කෑල්ල... එතකොට හිටගෙන ඉඳගෙන දෙකම තියෙනවා...
ReplyDeleteඇයි මාතේ ඔයවගේ කෑලි කොච්චර තියනවද අපේ සමාජයේ, හිටං, ඉඳන්, ඇවිල්ලා, ඒ කරලා, අහකවෙලා, මට දැනට මතක්වුනේ ඔච්චරයි.
Deleteහිටං කියලා ගිනස් වාර්තාව තියෙන්නේ කාටද ?
ReplyDeleteදයාසිරිට ඉවාන්, දයාසිරිට...
Delete@ ඉවාන්, උඹ කාගෙදෝ ගෙයක් ළඟ හිටං ඉඳලා වාර්තාවක් තිබ්බා කියලා පාද්රේ මහත්තයා කිව්වා.
Delete@ ඩ්‍රැකී. අහුවුනොත් උඹේ ලේ බොයි. බලාගෙන.
ඩ්‍රැකී හරි මල්ලි
Deleteඇත්ත තමයි.. මේ හිටන් කියන එක අපේ පැත්තේ පාවිච්චි වෙනවා.. ඒත් ඒක මීටර් උනේ ලඟදි ඉදලනෙ හිටන්..
ReplyDeleteඕන් මං පොලොන්නරුවෙ නෙවෙයි..
ඔව් මව් වගේ වචන අපේ රටේ විවිධ පැතිවල පාවිච්චි කරනවා. අල්ලගන්න දෙයක් නැතිවුනාම කාගෙහරි වචනයක් හෝ අල්ලගන්න එක අපේ සිරිතක් නේ.
Deleteඔයා පොළොන්නරුවේ නැත්තං කොහෙද ඉන්නේ හිටං?
නුවර පැත්තෙ හිටන්..
Deleteමම ඔය හිටගෙන කතාව ඇත්තටම ඇහුවේ අපේ බ්ලොග් කාරිණියකගෙන. හිටංද හිටගෙනද මන්දා. මම හිතන්නේ අර ජුවිෂ් කෙල්ලද කොහෙද ඕක නිතර කියන්න ගත්තේ.
ReplyDeleteඉඳගෙන
Deleteඑව්වට කොපි රයිට් තියේ.. අපේ බබී සල්ලි ගෙවලා කොපි රයිට් ගත්තා.. හැක්
Delete@ Dude. හුට්ට බටා. කවද්ද ඒකි යුදෙව් ජාතියට මාරුවුණේ? මේ ඊයේ පෙරේදා මට හම්බවුන වෙලාවේදීවත් කිව්වේ නැහැනේ.
Delete@ ප්‍රසන්න. ඉඳගෙනද වෙනත් ජාතියකට මාරුවෙලා තියෙන්නේ.
@ දේශ්. කොහොමද යකෝ සල්ලි ගෙවලා යුදෙව් වෙන්නේ?
ඒකනේ කියන්නේ හිටං. දැන් සෙනසුරාදට එනවැයි හිටං.
ReplyDeleteහෙනහුරාදට එන්ට වෙන්නේ නෑ හිටං. මං තමුන්නැහෙගේ බොගේ ඒ බව කියලා ඇති හිටං.
Deleteඔය හිටං කතාව ඇදිල ගිය වෙලේ ඔය වීඩියෝ එකත් එලියට දාල තිබුණ කට්ටිය හිටං.
ReplyDeleteමොනව උනත් මාත් ඔය වචනෙ ගොඩක් තැන්වල අහල තියෙනව හිටං.
ඩී එස් සෑර් අනික් එව්ව දැනගත්තෙත් පත්තරෙන්දෑ මන්ද :D
Delete@ Praසන්ன. ඒකනේ කියන්නේ හිටං. අනික් ඔක්කොටම කියන්න හොඳයි හිටං. ජනාධිපතිතුමා කිව්වොත් වැරදියි හිටං
Delete@ පත්තර මල්ලි. පත්තරේ නෙවෙයි පාද්රේ කියලා ඉතාලි මහත්තයෙක්ලු කියලා දුන්නේ. හැක්.
හැක් හිටං මට කෙලෙව්වා අපේ හාමුදුරුවනේ.
ReplyDeleteඊයේ පෙරේදා දුන්න නේද ටීවී එකෙන් මාර ටෝක්ස් එකක් හිටං.
Deleteමියන්මාරයේ නව ජනාධිපති?
ReplyDelete'හිටින් කිව්වම' වගේ නමක් නේද හිටං.
Deleteහිටං හිටං කිව්ව වගේ නෙමෙයි "හිට්ටම" සැප කණේ :D
ReplyDeleteහිටියට හිටියා … හැක හැක
ඒ කියන්නේ උඹ හිතුවා වෙඩි නොවදින වීදුරුවක් කියලා. නමුත් වීදුරුවේ හිලක් තිබිලා.
Deleteහ්ම්.........අපිටත් ඔව්වා වෙලා තියනවා හිටං, එකදාස් නවසිය බුදු ගණන් වල හිටං.
හොඳ සොයාගැනීමක්. දැන් කකුල සනීපද?
ReplyDeleteහෙහ් හෙහ්, වෙන වැඩකට යූ බටේ දිගේ යද්දී හම්බවුනේ හිටං.
Deleteදැන්නං කකුල සනීපයි හිටං. ස්තුතියි සුවදුක් විමසුවාට හිටං.
ඔය කොයි අවුරුද්දේ වගේද හිටං ?
ReplyDeleteඩී.ඇස්. සේනානායක උන්නාන්සේ අභාවප්‍රාප්ත වුනේ 1952 දී නේද හිටං. මං හිතන්නේ මේක ඒ කාලේ හිටං තියන එකක් කියලා හිටං.
Deleteඅම්මට හුඩු හිටං.....හිටන් ඉඳන් බ්ලොග කියෙව්වේ හිටං.
ReplyDeleteහෙහ් හෙහ්, හිටං ඉඳන් කියෙව්වත් කමක් නෑ, තමුන්නාන්සේගේ කොමෙන්ට් එකනේ වටින්නේ හිටං.
Deleteඒ උනාට අපේ රූපවාහිනී නාලිකාවල හිටං කැත විදියට හිටං කපනව හිටං.
ReplyDeleteදැන් තියෙන්නේ නාලිකා නෙවෙයි හිටං. දැන් තියෙන්නේ බට. එව්වා බලන අපිටයි ගහන්න වටින්නේ හිටං.
Deleteමුන්නැහැ ගැන නං ලියන්න තියෙන්නෙ මේ වගේ දෙයක් තමා කියල හිටං ගස්ලබ්බට හිතෙන්නෙ.උන්නැහැ නං මක්ක හරි කරල හිටං මලේ..
ReplyDeleteජයවේවා..!!
සේනානායක උන්නැහේ කොරපු වැදගත්ම වැඩේ හිටං, පිට රටට සත පහක් ණය නොවී ගල්ඔය ව්‍යාපාරය කොරපු එක හිටං. මෛත්‍රී උන්නැහෙත් මොකක්වත් නොකලොත් වසලා හමාරයි හිටං.
Deleteබොහොම ස්තුතියි අරුණ. ගිහිල්ලා බලන්නම්.
ReplyDeleteහිටං සහ ඉඳන් යන ප්‍රතිවිරුද්ධ තේරුම් තියන වචන දෙකම එකම අර්තයකින් භාවිතාවීම හරි පුදුමයි නේද බලන් ගියාම.
ReplyDelete1952 හිටං මුං හිටං කියලා තියනවා...
1952 ඉඳන් මුං හිටං කියලා තියනවා...
බොහොමයක් භාෂාවල මෙවැනි යෙදුම් තිබෙනවා. වාක්‍යයක යොදන ස්ථානය අනුව, අර්ථය වෙනස් වන වචන, සෑම භාෂාවකම පාහේ තියනවා. එමෙන්ම, උච්ඡාරණය කරන තානය (tone) අනුවත් අර්ථය වෙනස් වෙනවා.
Delete'මිනිහ කරයි වැඩේ' බලන්න, මේ වාක්‍යය කීප ආකාරයකට උච්ඡාරණය කරන්න පුළුවන් වෙනස් අර්ථ දෙන විදිහට.
මොනව උනත් අපේ හිටන්ගෙ(රැජිනගෙ වහලගෙ)හිටන් එකට ගහන්න හිටන් එකක් නෑ හිටන්
ReplyDeleteකියලා වැඩක් නෑ හිටං.
Deleteකලින් කොහෝ හෝ ඔය කතාව අසා තිබුනා. නමුත් පළමු වතාවට ගොඩ වැදුන නිසා සටහනක් තබා යන්නට හිතුනා.
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා. ඉඩ තිබෙන අවස්ථා වල යලිත් එන්න. අදහස් දැක්වීම ගැන ස්තුතියි.
Deleteහිටං කියන්නෙත් සෑහෙන පරන භාවිතයක්නේ හිටං
ReplyDeleteඒකනේ බලන්නකෝ හිටං ඒකෙත් හැටි හිටං.
Delete