හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 April 2016

සති අන්තයේ කියවන්න යමක්................................... Somthing to read at this weekend...........

රිවස් සෙන්සර් එක 

අලුතෙන් එන කාර්වල තියන රිවස් සෙන්සර් ගැන කාර් නිෂ්පාදකයෝ කයිය ගහනවා ඕසේට. නමුත් ඔය එකෙක්වත් නෙවෙයි, චීනයේ ගම්බද ගොවියෙක් තමා රිවස් සෙන්සර් එකේ සංකල්පය මුලින්ම ලෝකෙට ගෙනාවේ. රිවස් සෙන්සර් එකෙන් කරන්නේ, වාහනයක් රිවස් කරද්දී, පිටිපස්සේ බම්පර් එක මොකක හරි වැදුනොත්, මහා හඬක් නගන එක නේද? ඔය කාර් හදන ඉංජිනේරුවෝ හිතන්නේ, උන් තමයි රිවස් සෙන්සර් ගැන දන්නේ කියලා. බලන්නකෝ මේ ගොවියා අපූරු සජීවී රිවස් සෙන්සර් එකක් හදාගෙන තියන හැටි.  


හමුදාවේ කර්නල්ලා ගේ අවංක කම  

හමුදාවේ කර්නල් කෙනෙක් තනියම ඇවිදින්න ගියා ගම්බද ප්‍රදේශයක. එයාගේ ජීප් එක හදිස්සියේම කැඩුනා. හදාගන්න තැනකුත් නැහැ. ඒ පැත්තටම තිබුනේ එක ගොවිපොලක් විතරයි. කර්නල් ගියා ගොවිපොළට. එතන හිටියේ පෙනුම තියන ගෙවිලියක්. කර්නල් හිතුවා එහෙ නැවතිලා පහුවදා උදේ වාහනය හදාගන්න විදිහක් බලන්න.

කර්නල්:- මට අද රෑ මෙහෙ නවතින්න පුලුවන්ද? 

ගෙවිලිය:- අපෝ බෑ, මම විතරයි තනියම ඉන්නේ.


කර්නල්:-  එහෙම මොකුත් හිතන්න එපා මම හමුදාවේ කර්නල් කෙනෙක්.


ගෙවිලිය:- මේ ගෙදර තියෙන්නේ මම නිදාගන්න ඇඳ විතරයි.


කර්නල්:- ඒකට කමක් නෑ, මම ඔයාට කරදරයක් නොවෙන්න ඇඳේ එක පැත්තක නිදාගන්නම්.


ගෙවිලිය:- ඒ වුනාට මම නිදාගන්නේ ඇඳුම් නැතුව. එහෙම නැතුව මට නින්ද යන්නේ නෑ.


කර්නල්:- හරි හරි, මම අනික් පැත්ත හැරිලා නිදාගන්නම්.


දෙන්න නින්දට ගියා. ගෙවිලිය රෑ නිදිවරාගෙන කර්නල්ගෙන් 'ප්‍රතිචාරයක්' බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ඔහු එළිවෙනතුරු හොඳට නිදාගත්තා. පහුවදා උදේ කර්නල් අවදවී බලනවිට, ගෙවිලිය තම කුකුළු රංචුවට කෑම දමමින් හිටියා. 


කර්නල්:- ෂාහ්..හොඳ කුකුළු රංචුව. කිකිලියෝ කීයක් විතර ඉන්නවද?


ගෙවිලිය:- 100 ක් විතර 


කර්නල්:- එතකොට කුකුලෝ?


ගෙවිලිය:- එකයි


කර්නල්:- නෑ නෑ, මට පෙනෙනවා හත් අට දෙනෙක් ඉන්නවා කියලා.


ගෙවිලිය:- නෑ, එකයි ඉන්නේ, අනික් එවුන් ඔක්කොම කර්නල්ලා.



ඇම්ඩා නැවතත් කතා කරයි  

ටීචර්:- ළමා......යි, ඔයාලා හෙට එනකොට පොඩි විස්තරයක් අරන් එන්න ඕනේ, ඔයාලගේ ගෙවල් පැත්තේ කෙරෙන, අලුත් ඉදිකිරීමක්, ව්‍යාපෘතියක්, වගේ දෙයක් ගැන.

(පන්තිය ඉවර කරලා ටීචර් කිව්වා පිරිමි ළමයි යන්න ගෑණු ළමයි ඉන්න කියලා)

ටීචර්:- කෙල්ලනේ, දැන් උඹලා දන්නවනේ අර ඇම්ඩන් හැමදාම උදේට මොකක් හරි කුණුහරපයක් කියනවා කියලා. දැන් හෙට උදෙත් ඕකා එහෙම එකක් කිව්වොත්, උඹලා පන්තියෙන් නැගිටලා පලයල්ලා.  හරිද? ඉතුරු හරිය මම බලාගන්නම්.  ඉතින් ගෑණු ළමයි එකඟ වුනා. 

ඔන්න පහුවදා උදේ පන්තියේදී ටීචර් එක එක ළමයාගෙන් අහනවා, තම තමන් ගෙනා විස්තරය.

ටීචර්:- සෙව්මිණි කියන්න ඔයා හොයාගත්ත දේ. 

සෙව්මිණි:- ටීචර් අපේ පැත්තේ අලුතෙන් බස් නැවතුම්පොළක් හදනවා.

ටීචර්:- බොහොම හොඳයි. ශානිකා කියන්න.....

ශානිකා:- ටීචර් අපේ පැත්තේ අලුතෙන් ග්‍රාමීය රෝහලක් හදනවා. 

ටීචර්:- බොහොම හොඳයි, ඇම්ඩන් කියන්න.........

ඇම්ඩන්:- ටීචර් අපේ පැත්තේ ගෙදරක අලුතෙන් බ්‍රොතල් එකක් දාන්න යනවා.........

ටීචර්ගේ ඇස් උඩ ගියා. කලින් කතාවුන විදිහටම කෙල්ලො ටික පන්තියෙන් නැගිටලා යන්න හදනකොටම ඇම්ඩා කියනවා............

නැවතියව් පට්ට වේ............තොපි හිතුවද තොපි වගේ පොල්කිච්චියන්ව එතනට ගනියි කියලා. එතැනට ගන්නේ එක්ස්පීරියන්ස් තියන එවුන්. අනික තවම ඒක පටන් අරං නෑ.

කෙල්ලො ටික ගල්ගැහිලා නැවතුනා. ටීචර් කලන්තේ දාලා වැටුනා.

   

ගෙදර ගෝරි පටන්ගන්න හැටි  

පහුගිය අවුරුද්දේ, මම අපේ නැන්දම්මට, අවුරුදු තෑග්ගක් හැටියට අරන් දුන්නේ, නගර සභා සුසාන භූමියේ මිනී වලක් හදාගන්න බලපත්‍රයක්. 

මේ අවුරුද්දේ මොකුත් අරන් දුන්නේ නැහැ.

අපේ උන්දැ අහනවා, ඔයා මේ අවුරුද්දේ අපේ අම්මට මොකුත් තෑගී කලේ නැහැනේ කියලා. 

මම කිව්වා ගිය අවුරුද්දේ දුන්න තෑග්ග පාවිච්චි කලෙත් නැතුව මොකටද මේ අවුරුද්දෙත් තෑගී දෙන්නේ කියලා.

ඔන්න ගෝරියක් පටන්ගත්තා........ 



මමයි අපේ උන්දැයි ඉගෙනගත්ත මධ්‍ය මහා විද්‍යාලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වාර්ෂික සුහදහමුව ලොකු හෝටලේක තිබුනා.

අපි දෙන්නා වාඩිවෙලා හිටිය මේසෙට ළඟ මේසෙක තනියම වාඩිවෙලා හිටිය අපේ වයසේ උන්නැහේ කෙනෙක් අම්බානක බොන බවත්, අපේ උන්දෑ වරින්වර දුකෙන් වගේ ඒ මිනිහා දිහා බලන බවත්, මට පෙනුනා. 

මම:- ඔයා දන්නවද අර මෑන්ව? මටනම් මතකයක් නෑ.

අපේ උන්දැ:- (සුසුමක් හෙලමින්) ඔව් එයා හිටියේ අපේ පැරලල් පන්තියක. ඒ කාලේ මං ගැන හරියට බලාපොරොත්තු තියාගෙන හිටියා. අපේ වෙඩින් එක ගත්ත දවසේ ඉඳලම බොනවලු. පව්.

මම:- මොනවා යකෝ? ඌ මාර පොරක්නේ, අපේ වෙඩින් එක තවම සමරන්නේ? 

ඔන්න එතනම ගෝරියක් ඇදුනා. 




මම ටීවී එක බලන්න පටන්ගත්තා විතරයි, ඔන්න අපේ උන්දැත් ඇවිත් වාඩිවුනා. මම දන්නවා තවටිකකින් රිමෝට් කන්ට්‍රෝල් එක එයාගේ ග්‍රහණයට අහුවෙන බව. 

අපේ උන්දැ:- මොනවද ටීවී එකේ තියෙන්නේ?

මම:- ටීවී එක පුරාම දූවිලි තියනවා.

ඔන්න ගෝරියක් ඇදුනා........



මට පරම්පරාවෙන් අයිති වෙච්චි ඉඩමක් විකුණුවා. මෙන්න එදාම හවස අපේ උන්දැ මගේ ඇඟේ දැවටී දැවටී කියනවා මේ.........මට ඕනේ, මේ.......දිලිසෙන, සුදුපාට, තප්පර දෙක තුනකින් 0 ඉඳලා 150 ට යන්න පුළුවන් එකක් හොඳේ.

එදාම හවස මම එයාට ගෙනත් දුන්න බාත්රූම් ස්කේල් එකක්.

ඒක දැකපු ගමන් ඔන්න ගෝරියක් ඇදුනා..........


පැන්ෂන් ගත්තට පස්සේ මට හිතුනා මේ පැත්තේ සිවිල් ආරක්ෂක කමිටුවට බැඳෙන්න. ඉතින් මම ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට. ඉල්ලුම්පත්‍රය පුරවලා දුන්නට පස්සේ කවුන්ටරේ හිටිය නෝනා මගේ හැඳුනුම්පත ඉල්ලුවා. හයියෝ.......මම ඒක ගෙදර දාලා ගිහින්. 

අර නෝනා කිව්වා අයි.ඩී. එක නැතුව මොකුත් කරන්න බැහැ කියලා. මම කිව්වා,

'නෝනා දැනට ඉල්ලුම්පත්‍රය බාරගන්න මම හෙට අයි.ඩී. එක ගෙනත් පෙන්නන්නම්' කියලා. 

'එහෙම කරන්න තහනම්. අනික මහත්තයා වැඩිහිටි පුරවැසියෙකුගේ පෙනුම නැහැනේ. කොන්ඩෙත් කලුයිනේ'. 

'නෑ නෑ මම කොන්ඩේ ඩයි කරලා ඉන්නේ'. 

'මොකද කරන්නේ..............? හරි මම කියන්නද, මහත්තයා පොඩ්ඩක් මහත්තයාගේ ෂර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවන්න. 

මම ෂර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගැලෙව්වා, මගේ පපුවේ තියන සුදුපාට කේශ කලාපය දැක්ක ඒ නෝනා, 

'හරි හරි, ඉල්ලුම්පත්‍රය ගන්නම්' කිව්වා.

මම ගෙදරආව ගමන් අපේ උන්දැට මේ සිද්ධිය කිව්වා.

'හුහ්, ෂර්ට් එක ගලවලා ගෑනුන්ට පෙන්නන්න? ඇයි තමුසෙට තිබුනනේ කලිසමත් ගලවලා ඒ ගෑණිටම පෙන්නන්න. එහෙම කලානම් තමුසෙට ආබාධිතයින්ගේ සංගමේ සභාපතිකමත් ගන්න තිබුනා' 

ඔන්න තවත් ගෝරියක් ඇදුනා..........



මීට පහලින් තියන කථාව 21+ 
ඒ නිසා කැමතිනම් පමණක් බලන්න. 


 

Today is Sperm Appreciation Day, let's have a Moment of Silence in Honour of those children who were not born But were......

1. Swallowed during a Blow job
2. Thrown away in a Condom
3. Washed in trousers during Masturbation
4. Dropped on someones breast and died in tissue paper
5. Slipped on someones hips and lost with water..
6. And many more untold incidents. ...

Consider Yourself very lucky to be alive. Coz You made it!
You are a Sperm That Survived!!
You were the fastest swimmer and you made it!!
You were a Sperm that survived while billions of others Perished.

So do not feel down. Live Life and Enjoy Life. If you made it when you were a Sperm... You can make it in Life too!


This is the best motivational speech you will ever hear!

2016 අප්‍රේල් මස22 වැනි දින 1625 පැය


58 comments :

  1. මටනං මාර ලැජ්ජයි මේ කතා කියවන්න, මම එකක් වත් බැලුවේ නෑ ....

    ReplyDelete
    Replies
    1. අහ්, එහෙමද ?මං දැනගෙන හිටියෙ නෑනෙ මේ බ්ලොග් එක බේල් ක්‍රමයට කියවන්න පුළුවන් කියලා. ඒ option 1 ඉවාන්ට විතරක් වෙන්නැති, මාමා බෑණට විශේෂ සැලකිලි වෙන්නැති ?

      Delete
    2. හු ...අරින්න එපා සදරුවෝ... ඉවනයා බ්‍රේල් ක්‍රමයට ඉගන ගන්න හින්දනේ බෑණා උනේ නැත්නම් විචාගේ දුව බදින්න කැමති වෙනවද ඇස් පෙනන එකෙක්

      Delete
    3. @ ඉවාන්. බැලුවේ නැත්නම් කී බෝඩ් එකට කෙල වැක්කෙරුනේ කොහොමද?

      @ සඳරු. ඉවනයාට අපේ පැත්තේ කියන්නේ බැරි නාණා කියලා.

      @ මෙන්ඩා. අහුවෙයන්කෝ මට. උඹව බ්‍රසියර් එකක ලේබල් එකට තියලා ප්‍රින්ට් කරනවා.

      Delete
  2. පහළම කථාව ඇර අනෙක් එව්වා නම් කියෙව්ව. ඒවට වාරණ දාලා තිබුනෙ නෑනෙ ... ☺ ☺ ☺ ☺

    ගෙදර ගෝරි නම්, අත්දැකීම් වෙන්නැති නේ ? විචාරකතුමා. ☺ ☺

    ReplyDelete
    Replies
    1. පහලම කතාවට පොඩි රතු බෝඩ් කෑල්ලක් ගැහුවේ පොඩි ළමයි නරක්වෙන එක වලක්වන්න.

      අද්දැකීම් කියන්නේ 550 ස් ජාතකය තරම් පොතක් ලියන්න පුළුවන් :e

      Delete
  3. ඔය *රියා කියල බනින එකේ තේරුම කම්පනා කොලාම මෙහෙම හිතුනා..
    එක සැරේකට ලස්සගානක් එලියට ඇවිත් සාර්ථක වෙන්නෙ එකම එක ශුක්‍රානුවක් නෙ.අනික් ඔක්කොම අහක.. අපතයෝ.. එතකොට අර හරිගිය එකා අපතයින්ට කියනවාලු අනේ *රියෝ... උඹලට චෙරියෝ.. කියලා.
    අන්තිම කතාව කියවලා නෙමෙයි ඔන්න මෙහෙම හිතුනෙ හොඳේ... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, නියම කියමන. අපිත් ඉතින් එහෙම කියපු එවුන් වෙන්ඩ ඇති.

      Delete
  4. මරු කථා ටික විචා. ඉතින් අබාධිත සභාපති කම ලැබුණද? හෙහ්

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් දන්නේ ගෙදර අයනේ....... ඒකයි හරියට ම කියලා තියෙන්නේ...... ඉයන්ගේ ගෙදරිනුත් ඇහුවානං අහගන්න තිබුණා ලේකම්කමටවත් දාගන්න පුළුවනිද කියලා..... හැක්

      Delete
    2. මම තමයි දැනටමත් ඒකේ ලේඛම් හෙහ් හෙහ්

      Delete
    3. අපේ පැත්තේ ආබාධිත සංගමයෙන් මාව තෝරලා යැව්වා සමස්ත ලංකා සංගමේට. දැන් ඊළඟට තියෙන්නේ අන්තර්ජාතික සංගමේට යන එක.

      @ කුරුටු. ගෙදර විතරක් නෙවේ. අර කන්තෝරුවේ නෝනත් දන්නවා.

      Delete
    4. විචාට අන්තර්ජාතික සංගමේ නිත්‍ය නියෝජිත වෙන්න ලැබේවා...!

      Delete
    5. බොලේ.............නිත්‍ය නියෝජිත කිව්වම හැමදාම ඉන්න ලැබෙයි නේද?

      Delete
  5. ෂැහ් විචාතුමෝ මාත් මාර විදිහට මෝටිවේට් වෙලා දැන්... මමත් මාර පොරක්නේ කියලා අද තමා දැනුණේ..... ඒත් මං කල්පනා කරේ ගිය ආත්මෙන් ගිහින් මේ ආත්මේ ඉපදෙන අතර කී පාරක් අර කියපු විදිවලට මැරෙන්න ඇද්ද කියලා....... හැක්....

    ReplyDelete
    Replies
    1. මේ ආත්මෙදී පුළුවන් තරම් පිහිනීම ප්‍රගුණ කරනු. නැත්තම් 'අපතේ යනු ඇත' :e

      Delete
  6. අද උදේ පාන්දරම ෆේස්බුක් එකේ දැක්ක අර පත "දෙක" ගෝරි කතා ටික මරු. අන්තිම එක විතරක් 21+ වුනේ කොහොමද කියල කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. ඔය පින්තූරේ දැක්ක ගමන් මට හිතුනේ මූට ඌරා කියලා මදි වෙන නමක් දාන්න ඕනේ කියලා.

      අන්තිම එක ටිකක් සැර වැඩියි වගේ කියලා හිතුන නිසා 21+ දැම්මා.

      Delete
  7. මෙන්න රස කතා..ආබාධිත සංගමය ටොප්.

    ReplyDelete
    Replies
    1. හප්පේ................කොහොමද කාලෙකට පස්සේ. බොහොම සාදරයෙන් පිලිගන්නවා අරුණ. මොකවත් ලියන්න වෙලාවක් නැද්ද? තවමත් කාර්ය බහුලද?

      කතාටික ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  8. යස කතා ටික...හැපි වීකාන්තයක් වේවා !

    ReplyDelete
    Replies
    1. මේ කතා මනසේ නැවත නැවත රැව්දෙන දින කීපයක් වේවා! :e

      Delete
  9. Replies
    1. අර අන්තිම කතාවේදී හිකිස් ගාලා අහක යනවා ඇති.

      Delete
  10. මරු කතා ටික.අන්තිම එක කියවන්න තව මාස පහක් ඉන්න වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. උප්පැන්න සහතිකේ දිනේ වෙනස් කරලා අදම කියවලා බලන්න. අද අද එයි මරු පින් කරගන්නේ

      Delete
  11. ගෝරි කතා ටික මරු

    ReplyDelete
    Replies
    1. ඔව්වා විවාහක කාටත් පොදු දේවල්.

      Delete
  12. මේ ක්‍රමය හොඳයි. මේ කතා තමන්ටම වුනා කියලා මුලින්ම දාගත්තාම අපි හුඟ දෙනෙක්ගෙ බලාපොරොත්තු බිඳවැටෙනවා. නැතිනම්, මේ වෙනකොට බලන්න තිබුනා.

    I was highly motivated.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අද්දැකීම් කියන එව්වා කාටද නැත්තේ මලේ?

      Oh! really?

      Delete
  13. අඑත්තටම කාර් රිවස් කරන්නෙ කොහොමද ?

    අන්තිම එක කුණුහබ්බ හින්ද බලුවෙ නා...


    ජයඒවේවා

    ReplyDelete
    Replies
    1. යාලුවෙක්ගෙ ගෙදර බිලා තව යාළුවෙක්ව දාලා යන්න ඇවිත් එනගමන් බුලත් විටක් එක්ක ඇපල් කැල්ලක් කාලා තපේක්කට තියලා රිවස් කරන්න ඕනේ

      Delete
    2. @ C J. මම උත්තර දෙන්න කලින් මෙන්ඩා උත්තරේ දීලා. අන්න ඒ විදිහට තමයි කාර් රිවස් කරන්නේ. අපිනම් පොඩි වීදුරුවකුත් ඔලුව උඩ තියාගන්නවා රිවස් කරන වෙලාවට.

      අන්තිම එක බලලා නරක වෙන්න එපා. ඒකේ කුණුහබ්බ තියනවා කියලා පත්තරේද කිව්වේ?

      Delete
  14. අපිටනම් ආරංචි උනේ අරක උනේ කුරුණෑගල පැත්තේ මේජර් කෙනකුට කියලා අන්තිමට කොහම හරි ඒ කෙල්ලවම බැන්දා එකනේ අර ආබාදිත සංගමයට බැදෙන්න කිව්වේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, අපි ගියානම් ඔය ගෙවිලිය ආබාධිත වෙන්න ඉඩ තිබුනා.

      Delete
    2. එහෙම උනානං චීන වධ තුන ෂුවර්...!

      Delete
  15. පට්ටයි විචෝ..... වෙන කියන්න දෙයක් නෑ... අර කර්නල් කතාව නම් මරු...

    ReplyDelete
    Replies
    1. හදවතින්ම ස්තුතියි. උඹ පට්ටයි කියලා කිව්වනම් වැඩේ සාර්ථකයි කියන එක ෂුවර්.

      Delete
  16. මරුවටම තිබ්බෙ කර්නල් කතාව. උදේ පාන්දර හිනාකටයි මල් දෙකටයි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ 18 වැනි ශතවර්ෂයේ කර්නල් කෙනෙක් වෙන්න ඇති :e ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  17. Sperm Appreciation Day කතාව අන්තිම ඉහළයි. ෆොන්ට් 26 සයිස් එකෙන් ප්‍රින්ට් අවුට් එකක් ගත්තා ලැමිනේට් කරල ඔෆිස් එකේ බිත්තියෙ එල්ලන්ට. " I am a happy and contended sperm that won the race when millions failed "

    ReplyDelete
    Replies
    1. දැන් ඕක ගෑනු උදවියටත් අදාලද ?

      Delete
    2. සෙන්නා,

      එහෙනං ආය? ගෑණු කියල වෙනසක් නෑ. එයාලගෙත් මුල් ආරම්භය ශුක්‍රාණුවක්. හැබැයි එකම වෙනස පිරිමි සම්බන්ධයෙන් නම් ඒක Y වර්ගයේ ශුක්‍රාණුවක් වෙන කොට ගැහැණු සම්බන්ධයෙන් X වර්ගයෙ ශුක්‍රාණුවක්.

      Delete
    3. කොහොමද හමුදා කඳවුරු වලත් ඕක රාමු කරලා ගැහුවොත්? කී දෙනෙක් ඕක කියවලා අඬයි ද?

      Delete
  18. පලවෙනි කතාව විදානයට මඩ ගහන්න ලියපු එකක් නොවන බව කරුණාවෙන් සලකන්න

    ReplyDelete
    Replies
    1. විදානයට මඩ ගහන්න කතාව ලියල ,ඉවානයව අත් ට්‍රැක්ටරේ ටේලරේ දාගෙන යන ෆොටෝ එකක් දාල ,

      Delete
    2. @ මෙන්ඩා. ඇයි විදානේ හොඳ ගොවියෙක් නෙවෙයිද?

      @ කම්මල. ඉවානයාගේ මූණ පැහැදිලිව පේන නිසා ටක් ගාලා අඳුරගන්න පුළුවන්.

      Delete
  19. උදේ පාන්දර මේ ටික කියෙව්වේ. පට්ට කතා ටික.. අන්තිම එක ඔක්කොටොම වඩා. මොකද එතන තියන්නේ ඇත්තක් නිසා.

    ReplyDelete
    Replies
    1. හැක්. ඇත්ත කතා නිසා තමයි අන්තිමටම දැම්මේ.

      Delete
  20. අන්තිම එක බැලුවම තමයි තේරුනේ මාත් රියල් කැ--යෙක් කියලා :)

    ReplyDelete
    Replies
    1. එක අතකට බලනකොට අපි ඔක්කොම එහෙම තමා.

      Delete
  21. පෝස්ට් එක ඕපන් කරනකොටම අල්ලපු කියුබිකල් එකේ කෙල්ල ස්ක්‍රීන් එකට එබුනනෙව. විචාගේ ඌරගෙ දෙක දැකල ඒකි පණ කඩාගෙන දිවුවා. වසලා හමාරයි අද ඉතිං. අන්තිම කතාව තමා සුපිරි හොඳම එක. සෑහෙන්න මෝටිවේට් උනා :)

    ReplyDelete
    Replies
    1. ඌරගෙ එක දැකලා ඒ කෙල්ල දිව්වනම් ඒ ගැන ලිව්ව කෙනාගේ දැක්කොත් කෙල්ලව ICU දාන්න වෙනවා. (මෙච්චරම පුංචිද කියලා) :e

      Delete
  22. අන්තිම කතාව ගොඩක්ම හොඳයි...

    ReplyDelete
    Replies
    1. අන්තිම කතාව හුඟ දෙනෙකුට අල්ලලා ගිහින් තියනවා. ඇත්ත තත්වයනේ කියලා තියෙන්නේ.

      Delete
  23. හෙක්, විචා තුමාගේ කතාව අහල මටත් ඊ කලේ අහපු කතාවක් මතක් උනා. අර 21+ කතාවත් එක්ක.

    ඔන්න ඔය රේන් කෝට් වැඩේ නිසා Sperm ස්ලා යුනියන් එකක් හදා ගත්තලු. ඉතින් එකේ හොඳම උන් ටික ට්‍රේන් කරාලු කොහොම හරි රේන් කෝට් එක හිල් කරගෙන එලියට පැනල ගිහින් අයිතීන් දිනා ගන්න. ඔන්න ප්ලෑන් කරපු දවසේ කොහොම හරි රේන් කෝට් එක හිල් කරගෙන හොඳම එකා එලියට ගියාලු, හෙක් වැඩේ කියන්න මූ ගිය වෙගෙටත් වඩා ඉක්මනට ආයි ඇතුලට ආවලු, ඇවිත් කිව්වලු හම්බ උන ඩිම්බය කක්කි බෙට්ටක් වගේ කියල.

    ReplyDelete
    Replies
    1. මෙන්න උත්තරේ :e

      [im]https://jangun.files.wordpress.com/2016/04/sperm.jpg[/im]

      Delete
  24. මම අද තමයි වික්‍රම මහත්තයාගේ ෆොටෝ එකක් facebook එකෙන් දැක්කේ,කියලා වැඩක් නැහැ මාරු කථා ටික ...

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }