වඩු කිරිල්ලිගෙ කතාව
අහලා නැද්ද? අහපු අයත් ඇති, නොඅහපු අයත් ඇති. අහපු අයගේ මතකය අලුත් වෙන්නත්,
නොඅහපු අයගේ රසවින්දනය සඳහාත්, විශේෂයෙන්ම අපේ දරුවන්ට කියාදීම සඳහාත්, මේ කතාව
මෙහෙම සටහන් කරන්නේ, කුඩා කාලයේදී මට මේ කතාව කියාදුන්, මගේ අම්මා බුදුවේවා! කියන
ප්‍රාර්ථනයත් සමගයි.
මගේ අම්මා ගුරු
දෙගුරු කියන දෙවර්ගයටම අයත් වෙනවා. අම්මා නිවසේදී මට දෙගුරුන් ගෙන් එක්කෙනෙකු වූ
අතර, පාසලේ පහල බාලාංශ පන්ති වලදී, මගේ පන්ති භාර ගුරුතුමිය වුණා.
ඒ කාලේ අදවගේ
රූපවාහිනී කාටූන් තිබුණේ නැති නිසා, අම්මලා, කිරි අම්මලා, ආච්චිලා, සීයලා, කිරි
අත්තලා, කියාදුන් මෙවැනි කතා වලින්, ඉතා අගනා චිත්තරූප, දරුවන්ගේ මනසේ වර්ධනය වූ
අතර, ඔවුන්ගේ චින්තනය මෙන්ම චර්යාව වෙනස් කරන්නත්, එයින් යහපත් බලපෑම් ඇතිවුණා.
හොඳයි, මෙන්න මේකයි
කතාව. හෝව්! කතාව කියන්න කලින් තවත් එක දෙයක් කියන්න තියනවා. කතාව අහන ගමන් හූමිටි
තියන්න ඕනේ. එහෙමයි ඒ කාලේ අපේ වැඩිහිටියෝ, මේ කතා අපිට කියලා දුන්නේ.
ඔන්න එකෝමත් එක රටක
වඩු කිරිල්ලියක් හිටියා. මේ වඩු කිරිල්ලී ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල
පලාගෙන ගල ඇතුළට ගියා. වඩු කිරිල්ලී දුකෙන් කෑගහමින්, උදව්වට කෙනෙක් හෙව්වා,
බිත්තරය ගල ඇතුලෙන් එලියට ගන්න. වඩු කිරිල්ලී ගියා ගල් වඩුවෙක් ළඟට, ගිහින් මෙහෙම
කිව්වා.
‘අනේ ගල් වඩුවෝ, ගල්
වඩුවෝ, මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, අනේ ඒක අරන්
දීපන් ගල් වඩුවෝ..........’ කියලා.
ගල් වඩුවා වඩු
කිරිල්ලිට කිව්වා ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා,
‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
ගල් වඩුවා කිව්වා, ‘එහෙනං
මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ
අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ඌරෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ඌරට කිව්වා,
‘අනේ ඌරෝ ඌරෝ, මම
ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල්
වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාපන් ඌරෝ............’ කියලා.
ඌරා වඩු කිරිල්ලිට
කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා,
‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
ඌරා කිව්වා, ‘එහෙනං
මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ
අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, ගිනිගොඩක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ ගිනිගොඩට
කිව්වා,
‘අනේ ගින්දරේ ගින්දරේ,
මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ
කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාපන්
ගින්දරේ............’ කියලා.
ගිනිගොඩ වඩු
කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා,
‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
ගිනිගොඩ කිව්වා, ‘එහෙනං
මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ
අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, වතුර වලක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ වතුර වලට
කිව්වා,
‘අනේ වතුරේ වතුරේ, මම
ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල්
වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව
ගිනිගොඩ, නිවලා දාපන් වතුරේ............’ කියලා.
වතුර වල වඩු
කිරිල්ලිට කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා,
‘අනේ දුප්පත් මට අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
වතුර වල කිව්වා, ‘එහෙනං
මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ
අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, අලියෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ අලියට කිව්වා,
‘අනේ අලියෝ අලියෝ, මම
ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ කිව්ව ගල්
වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ බෑ කිව්ව
ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල බීලා දාපන් අලියෝ............’ කියලා.
අලියා වඩු කිරිල්ලිට
කිව්වා, ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ කියලා.
වඩු කිරිල්ලී කිව්වා, ‘අනේ දුප්පත් මට
අටු කොයින්ද පුටු කොයින්ද, තට්ටු හතක බුලත් කොයින්ද’ කියලා.
අලියා කිව්වා, ‘එහෙනං
මට බෑ, මට බෑ,’ කියලා.
ඉතිං වඩු කිරිල්ලී අඬ
අඬා යන්න පටන්ගත්තා. යනකොට යනකොට, කටුස්සෙක් හම්බවුණා. වඩු කිරිල්ලී ඒ කටුස්සට
කිව්වා,
‘අනේ කටුස්සෝ කටුස්සෝ,
මම ගලක් උඩ බිත්තරයක් දැම්මා, බිත්තරේ ගල පලාගෙන ඇතුළට ගියා, ඒක අරන් දෙන්න බෑ
කිව්ව ගල් වඩුවාගේ, හේනේ තියන අල බතල ඔක්කොම කාලා දාන්ඩ බෑ කිව්ව ඌරව, පුච්චලා දාන්ඩ
බෑ කිව්ව ගිනිගොඩ, නිවලා දාන්ඩ බෑ කිව්ව වතුර වල, බීලා දාන්ඩ බෑ කිව්ව අලියාගේ, හොඬේ
අස්සට රිංගපන් කටුස්සෝ............’ කියලා.
කටුස්සා කිව්වා, ‘හරි
හරි මං ඒ වැඩේ කරන්නං’ කියලා.
ඔන්න කටුස්සා දුවගෙන
දුවගෙන ගියා අලියගෙ හොඬේ අස්සට රිංගන්ඩ,
අලියා බයවෙලා දුවගෙන
දුවගෙන ගියා වතුර වල බීලා දාන්ඩ,
වතුර වල බයවෙලා
ගලාගෙන ගලාගෙන ගියා ගිනිගොඩ නිවලා දාන්ඩ,
ගිනිගොඩ බයවෙලා ඇවිලීගෙන
ඇවිලීගෙන ගියා ඌරව පුච්චලා දාන්ඩ,
ඌරා බයවෙලා දුවගෙන
දුවගෙන ගියා ගල් වඩුවගෙ හේනේ තියන අල බතල කාලා දාන්ඩ,
ගල් වඩුවා බයවෙලා
දුවගෙන දුවගෙන ගිහින්, ගල පලලා, වඩු කිරිල්ලිගෙ බිත්තරේ අරන් දුන්නා.
වඩු කිරිල්ලී කටුස්සට
පින් දීලා, බිත්තරෙත් අරන්, සතුටෙන් ගෙදර ගියා.
මේ කතාවේ ආදර්ශය
කුමක්ද කියා, ඔබ කියනවානම් හොඳයි.
2016 සැප්තැම්බර් මස 5 වැනි දින 0938 පැය
‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ආවොත් කියලා දෙන්නම්
ReplyDeleteඅන්න හරි
Deleteහෙහ් හෙහ්, පගා කාරයා, පගා කාරයා, මගෙනුත් පගාව ඉල්ලනවා.
Deleteවිදානයා උඹත් පගා කාරයෙක්ද?
අහල නැති කතාවක්නෙ :) අද ෆොන්ට් එක අවුල් අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන, නෙමෙයි නේද මේක ලිව්වෙ ඒක තමයි අවුල :D
ReplyDeleteඅන්න හරි * 2
Deleteබොහොම පැරණි කතාවක්. මමත් මේ කතාව ඇහුවේ 1950 දශකයේ අග භාගයේ.
Deleteකම්මැලිකමට වර්ඩ් ලිපියක් ලෙස ටයිප් කරලා, කොපි> පේස්ට්> කළා. ෆොන්ට් එක ගැන හිතුවේ නැහැ. ඒකයි අවුල.
ආදර්ශය තමා මොකක් හරි උදව්වක් ඉල්ලුවම කොන්දේසි විරහිතව උදව්ව කරන්නේ කටුස්සෝ පමණක් බව :D
ReplyDeleteකටුස්සෝ පිස්සෝ...
Delete(මීයාගලදී අවබෝධ කොට ගතිමි..)
හෙහ් හෙහ්, එතකොට කටුස්සගේ කරේ රත්තරං බැඳපුවම මොකද වෙන්නේ?
Deleteමීයාගල කටුස්සෝ සැරද?
ඔය කියන්නෙ මේ කේස් එක ගැන.
Deletehttp://kalahitha.blogspot.com/2016/02/project-2-madness-keeps-me-sane.html
කොකසස තුමා නම් අටුත් නැතුව පුටුත් නැතුව බුලත් තට්ටුත් නැතුව මේ ප්‍රචාරය දෙන්නේ.. :)
Deleteහැක්. බුලත් කන්න ඕකගෙ කටේ දත් තියෙන්න එපායැ. ඒ කාලෙදිම දන්ත ධාතූන් වහන්සේලා, උදරය බලා වැඩමකරවලා තියනවා කවුරුහරි.
Deleteබුලත් කන්නෑ. ගල් බෝතලයක් වගේ එකක් ගැනනං සලකා බලන්න තිබ්බ. හැක්..
Deleteහ්ම්. (ඔන්න හුමිටි දුන්නා) අම්මා කියාදුන් සුන්දර කථාවලින් එකක්මේ. හැබැයි මම අහලා තියෙන්නේ ඌරට පස්සේ වැද්දෙක් ලගටත් වැද්දට පස්සේ අලියා ලගටත් කිරිල්ලී ගියා කියලයි.
ReplyDeleteජයවේවා!!!
ඔව් ඔව්, මේ කතාව තවත් විවිධ ආකාරයට කියවෙනවා. වඩු කිරිල්ලිය වටු කිරිල්ලිය කියලත් කියවෙනවා.
Deleteබොහොම ස්තුතියි.
ආදර්ශේ තමා ගෙදර හුරතලේට කටුස්සෙක් ඇති කරන්න.. කරදරේකදි උදව්වට එන්නේ කටුස්සෝ පමණි..:D
ReplyDeleteඔය තේරුම් අරන් තියෙන්නේ අර මොකාද එකා වගේ.
Deleteමාව අරගන හදාගන්නවකෝ..
Deleteහැක්. ඔන්න කොරනනම් වැඩක්.
Deleteකොහෙද අපිට හිටපු කටුස්සත් රටින් පැනලනෙ
ReplyDeleteඅම්මපා මොකෑ ඌට වෙච්චේ?
Deleteඅපේ කටුස්සව ෂේප් එකේ තියාගන්ඩ කියලනෙ මේ කියන්නෙ. අනේ ...ඌ ඉන්නකම් අපි මාසෙකට සැරයක් සෙට් උනා ඌ ආසම කරත්ත ඉංජිමක් ඩෙවල් කරල බෙදාගෙන කෑව. ඌ කොහොමත් මාත් එක්ක හොදයි.
ReplyDeleteඔය ඇත්තමද? අපරාදේ, ඉංජිමක් වෙනුවට ඔටෝ ගියර් බොක්ස් එකක් ඩෙවල් කරන්නයි තිබුණේ.
Deleteනෑ...නෑ.... දැන් මම කා එක්කවත් හොඳ නෑ
Deleteකටුස්සෝ, කා එක්ක වත් කිව්ව්ර් Car එක්ක වත් ද?
Deleteමම අහල තියෙන්නෙ වටු කිරිල්ලි කියල. දෙගල් අස්සෙ බිජු දානව කියන්නෙ ඔය කතාවෙන් ආපු එකක් දන්න තරමට.
ReplyDeleteඅනිත් අතට හැම එකාම වැඩ කරන්නෙ අල්ලසට
වටු කිරිල්ලී වඩු කිරිල්ලී දෙකම තියනවා වගේ.
Deleteඔව් දෙගල් අස්සේ බිජු දැමීම මේ කතාවෙන් එන්න ඇත්තේ. නොසැලකිල්ලෙන් ඇබැද්දි සිදුකරගන්නවා කියන තේරුම නේද?
අසරණයකුට හෙවත් පොඩි මිනිහෙකුට පිහිට වන්නේ එවැනිම කෙනෙක් පමණයි කියන එකයි මෙතන කියවෙන්නේ.
6/7ක් වැඩ කරන්නේ බය වුනාම විතරයි.
ReplyDeleteමොකක්ද ඒ 6/7?
Deleteමාත් අහලා නෑ මේ කාතාව .. ඔන්න හූමිටි තිය තිය කතාව ඇහුවා... :)
ReplyDeleteඒත් ඉතින් ප්‍රශ්නෙට උත්තරයක් නම් දන්නෙ නෑ.. :(
ඔයා අහලා නැති එක පුදුමයක් නෙවෙයි. මමත් මේ කතාව ඇහුවේ 1950 දශකයේ අග භාගයේ.
Deleteපුංචි මිනිහෙකුට පිහිට වෙන්නේ, තවත් පුංචි මිනිහෙකුම තමයි කියන එකයි, කතාවේ ආදර්ශය.
විචා අපේ බ්ලොග් ලියන කටුස්සගෙන් ගානක් අරගෙන වගේ මේක පබිලිස් කරන්න.
ReplyDeleteකොච්චර ලොකු ලොකු එවුවො හිටියත් වැඩක් කරගන්න ඕනනං පොඩි එකෙක් අල්ලගන්න කියල වෙන්ටැ කියන්නෙ.
අම්මපා දැන් කටුස්සා ආගිය අතක් නෑ නේද?
Deleteඔව්, පොඩි මිනිහෙකුට පිහිටවෙන්නේ තවත් පොඩි මිනිහෙක් තමයි, කියන එක තමා තේරුම.
වැඩේ හරියන තුරු උත්සාහය අත්හරින්න එපා .
ReplyDeleteඔව් ඒ අර්ථයත් තියනවා.
Deleteමීට පස්සේ මොකක්හරි අවුලක් උනාම වටේ යන්නැතුව ඉස්සෙල්ලම කටුස්සට කියන්න කියලනේ:d...
ReplyDeleteනංගි හරි අක්කා..
Deleteමොකටද මගේ කට. හැක් :D
Deleteගල් පැලෙන්න බිත්තර දාන්න එපා
ReplyDeleteගල™ අස්සෙ තිබිල බිත්තරේ හාෆ්බොයිල් වෙලා ඇති.
Deleteස්තුතියි..
Deleteබෑන්ඩ් ඒක ගල්
අන්න හරි. බිත්තර දානවා නම්, මෙට්ටයක් උඩට දාන්න.
Deleteඔව් බිත්තරේ තවත් පාත්වුනා නම් අකට පුස්ස දක්වා යනවා.
බෑන්ඩ් එක ගල් වුනාම බ්‍රෑන්ඩ් එකට මොකද වෙන්නේ.
වැඩක් කරගන්ඩ ඕන්නං කියන්ඩෝනැ කටුස්සට !!
ReplyDeleteMan uda yaI tawath
Deleteඑතකොට කටුස්සා ඔලුව වනනවා විතරයි.
DeleteExtra special 1k genen Mamee...
ReplyDeleteJayawewa. ..
ඩබොල් ඩිස්ටිල් එපාද?
Deleteමේ කතාව අසා / කියවා නැත. මුල පටන් අගටම රස විඳිමි. අනතුරුව "ආදර්ශය" කුමක්දැයි කල්පනා කළෙමි.
ReplyDeleteඑවැන්නක් නැත. එහෙත්,
කටුස්සා දන්නා දේටත් නොදන්නා දේටත් ඔළුව වනන සතෙකි. ඌ කිරිල්ලියගේ ඉල්ලීම හමුවේ "හරි හරි මං ඒ වැඩේ කරන්නං" කීමට වඩා ඔළුව වනා එකඟතාවය ප්‍රකාශ කිරීමේ (?) ඉඩකඩ වැඩිය. එවිට සෙස්ස පැහැදිළිය.
දැන් අපට අවශ්‍යනම් මේ කතාවට ආදර්ශයක් "පැනවිය" හැක.
මේ කතාව මම මුලින්ම ඇහුවේ 1950 දශකයේ අග භාගයේදීය.
Deleteමෙහි ඉතා ගැඹුරු අර්ථයක් තිබේ. 'අසරණයන්ට පිහිටවීම වෙනුවට, ඔවුන්ගෙන් අල්ලස් ඉල්ලන බලවතුන්, මේ ලෝකයේ සිටින බවත්, වඩු කිරිල්ලී වැනි පොඩි මිනිහෙකුට පිහිට වන්නේ, කටුස්සා වැනි තවත් පොඩි මිනිහෙකු පමණකි' යන්න, මේ කතාවේ ආදර්ශයයි.
පහත ඉකොනොමැට්ටා විසින් දමා ඇති කමෙන්ට් එකේ තිබෙන ලිපිය කියවන්න. කාතාවේ ආදර්ශය වඩාත් ගැඹුරින් විග්‍රහ කොට තිබෙනවා.
අහලම තිබුනේ නෑ මේ කතාව...
ReplyDeleteආදර්ශය නම් හිතාගන්න අමාරුයි...
සෑහෙන දෙනෙක් අහලා නැතුව ඇති කියලා හිතුන නිසයි ලිව්වේ.
Deleteඔය පහල ඉකොනොමැට්ටාගේ ලිපියේ, කතාවේ ආදර්ශය ලස්සනට විස්තර කර තිබෙනවා.
විචාරක මාව ළමා කාලයට ගෙන ගියා. ඔන්න පෝස්ට් එකක්ම දැම්මා.
ReplyDeletehttp://economatta.blogspot.com/2016/09/blog-post_5.html
ස්තුතියි ඉකොන්. ඔබේ අර්ථ කථනය බොහොම ඉහලයි.
Deleteකථාව මින් පෙර අසා තිබුනේ නැහැ...බොහොම ආසාවෙන් රස වින්දා...
ReplyDeleteආදර්ශ කිහිපයක්ම මට පෙනේ...
උත්සාහවන්තයා කෙසේ හෝ තම අරමුණ ඉටු කරගන්නා බව...
අඩු වෙහෙසකින්, නුවණ මෙහෙයවා කරන උපායශීලී ක්‍රියාවකින්, විශාල ප්‍රතික්‍රියාවක් ඇති කල හැකි බව...
අද කාලෙට හරියන්නෙත් කටුස්සාගේ ක්‍රමය තමයි, ඔය ලොකු මහත්වරුන්ගෙන් වැඩ ගන්න නම්...
බොහොම පැරණි කතාවක්.
Deleteඅසරණ දුප්පතුන්ගේ දුකට පිහිට නොවී, අල්ලස් ඉල්ලන බලවතුන් සිටින සමාජයක, එවැනි අසරණයකුට පිහිට වන්නේ, තවත් පොඩි මිනිහෙකු පමණයි කියන එකයි, කතාවේ ආදර්ශය.
:D
ReplyDeleteආදර්ශය තමා, පහසුවටත් හුරතලේටත් කටුස්සකු ඇති කරන්න කියන එක.
ReplyDeleteකටුස්සා කිවුවම මතක් උනේ. අර අපි දන්න බඩතඩි කටුස්සා දැක්කෙත් නෑ කාලෙකින්.
ඇතිකළා වගේ නෙවෙයි හොඬේ අස්සේ රිංගුවොත්.
Deleteඑහෙනම් ඒ කටුස්සා දැන්, බඩ + උස්සා = බඩුස්සා වෙලා ඇති.
හලේ මල්ලල් ලෑ හිචාරක හාමෙ. හොනව මේ හිලලල ලල් ල.හල්ලල් ලෑ.. බෝල්ලල් ලෑ. මේහ හියවල මල ලිහල් පික්ෂු වහේ හලෝ.. 😂😂😂 හේරුම නොහෙරේ..
ReplyDeleteගලග්ගල්ල එෆා ලොල්ලො.
Deleteමේ කතාවෙං ගන්ඩ තියන ආදරුසේ තමයි වයසට යන කොට හැම මනුස්සයම මහා පිස්සු මෝඩ කතා කියවනවා කියන එක
ReplyDeleteතෝ එහෙම වයසට ගියොත් අල්ලලා ඔබනවා අර තොපේ සල්ලිඳේ.
Deleteචිත්තරූප, දරුවන්ගේ මනසේ වර්ධනය වූ අතර, ///////////// මෙමගින් දරුවන් ගේ නිර්මාණශීලීතාව වැඩිවේ
ReplyDeleteඇත්තටම මේ කතා කියාදීමේ සිරිත නිසා ළමයින්ගේ නිර්මාණශීලී බව බොහොම වැඩි දියුණු වෙනවා.
Deleteමෙය මීට පෙර අසා නොතිබූ ජන කතාවක්.
Deleteඅම්මලාගේ සහ අත්තම්මලාගේ කතන්දර කීමෙන් දරුවන් නිර්මාණකරුවන් වීම ගැන මම කලකට පෙර ලියූ ලිපියක් මෙතැන තිබෙනවා.මේ කතිකාවට එය වැදගත් වේවි කියා හිතනවා.
http://patayakagepituwa.blogspot.com/2016/05/blog-post.html
බොහොම හොඳ අදහස් සහිත ලිපියක්, ඔබේ ඒ ලිපිය. මා එහි අදහස් දැක්වීමක් කළා. ඔබේ අඩවිය මගේ බ්ලොග් ලැයිස්තුවට දාගත්තා.
Deleteකියන දේත් හරි කෙනා හොයාගෙන ගිහින් කිව යුතු බව. අලින්ට කියලා වැඩක් නෑ. කෙලින්ම පාට වෙනස් කරන කටුස්සෙකුට කීවා නම් හරි.
ReplyDeleteහෙහ් හෙහ්, දැන් කොළ අලි ඉන්නවා, නිල් අලි ඉන්නවා, රතු අලිත් ඉන්නවා.
Deleteකටුස්සා හොඳා. ඌ හොරබොරු නැතුව පාට වෙනස් කරනවා.
මමත් මෙයට පෙර අසා නැති කතාවක්.බොහොම ස්තුතියි ඔබට මේ කතාව ගැන.
ReplyDeleteස්තුතියි මනෝජ්.
Deleteඅර බිත්තරෙන් ආපු එකා තමා විචාරක.. ඔව් ඉදගෙන.. හැක්
ReplyDeleteඅ ඩ් ඩො ව්........ උඹව අල්ලලා බිත්තර කටුවක දාලා යවනවා අඟහරු ලෝකෙට හරිද........?
Deleteඅවස්තාවක් ආ කල වඩුවොත් පගා ඉල්ලති
ReplyDeleteබොහෝ අය වැඩක් කර දෙන්නේ එක්කො පගාවටය නැත්නම් බයටය
ගල් උඩ බිජු දාන කිරිල්ලියන්ට වටේ යාමට වේ
හිහ් හී......අද කාලෙට ගැලපෙන අර්ථ කතනයක්.
Deleteපොඩි මෙන්ඩාට
ReplyDeleteමම අහලත් නැහැ
කමක් නෑ උඹ දැන් ඇහුවනේ. ඊළඟට කියලා දීපන් පොඩි මෙන්ඩට
Deleteහූමිටි තියන්න ඉඩ තියලා නෑනේ . ශික්
ReplyDeleteආදර්ශය - ගල් කපන්න ඇක්ස්පීරියන්ස් තිබ්බනං එවෙලේම බිත්තරේ ගන්න තිබ්බා කියන එක
Deleteමිටියක් තියා හූවක් වත් කියන්න තැනක් නෑ.
Deleteහ්ම්............කිව්වා කියලා හිතාගනින්.
පොඩි උන්ට කියලා දෙන්න ඕන මේ කතාව.
ReplyDeleteබොහෝම ස්තූතියි
ඒ අරමුණත් ඇතුව තමයි මේ ලිපිය පළකලේ.
Deleteස්තුතියි.
ලස්සන ළමා කතාවක්...
ReplyDeleteමතකයෙන් ගිලිහෙන්න කලින් අනාගත පරපුරට දායාද කර තබන්න හිතුනා.
Deleteකොමෙන්ට් වලින් අදර්ශය දැනගත්තා.. ඇත්තටම ඒ කථාව හරි.කට්ටක් කාපු එකෙක් වීතරයි ගොඩක් වෙලාවට තව කෙනෙක්ව ඒකෙන් බේරගන්න දෙපාරක් හිතන්නැතුව ඉදිරිපත් වෙන්නෙ.එහෙම නැතුව උදව් කරනවා කියන්නෙ ඒ උපරිම මනුශ්‍යත්වයක් සඳහා උත්සාහ කරන කෙනෙක්.
ReplyDeleteලස්සන කතාවක් සෑර්.. දවසක කියල දෙන්න හිතේ කොටාගත්තා.
ජයවේවා..!!
අන්න හරි. කවදාහරි උඹේ පැටියා කතන්දර අහන කාලෙට, මේක කියලා දීපන්. ඒ වෙනකොට මම ජීවතුන් අතර නොහිටියොත්, පොඩි එකාට කියපන්, එක සීයා කෙනෙක් තමයි මේ කතාව කියලා දුන්නේ කියලා.
Deleteමම ඊයේ රැ පොඩ්ඩට මේ කතාව කියලා දුන්නා විචා මම ලියලා තියෙන්නේ කියලා
Deleteබොහොම ස්තුතියි.
Deleteහරි ලස්සන කතාව විචාරක තුමා මේවගේ කතා කියා දෙන්න වර්තමාන අම්මලා දන්නෙ නෑ දැනගත්තත් ළදරු පන්තියේ ඉඳල විබාග තරගෙට පුහුණු කරන්න වෙලාතියනවා.ළමා ලෝකය විනාස යට ගිහින්
ReplyDeleteකියලා වැඩක් නෑ ගුණසිංහ මහත්තයෝ. මේ කතාවේ යටිපෙළ අර්ථයත් ළමයින්ට කියා දීම තමයි වැදගත්. හැබැයි තවමත් සුළු වශයෙන් හෝ මේ වගේ දේවල් කියාදෙන ගුරුවරු ඉන්නවා.
Deleteමමත් කලින් අහල නැහැ බං විචා මාමේ...
ReplyDeleteජිවන රටාව අනුව ඔය කුරුල්ලා වටු කුරුල්ලකු ලෙස පැවසීම සත්‍යයට වඩාත් සමීපය...
පැරැන්නෝ සත්ව හැසිරීම් මනාව අවබෝධ කරගෙන සිටි උදවිය බැවින් ඔවුනට වැරදීම් වීමේ සම්භාවිතාව අවමය...
නමුත් කාලයාගේ ඇවෑමෙන් පරිසරයෙන් තරමක් හෝ දුරස් වෙමින් පැවතී පරම්පරා කිහිපය හරහා එවැනි වෙනස් වීම් සිදුවුවා විය හැකියි නේද...
මෙව්වා මෙහෙම හරි සංරක්ෂණය කරලා තිබ්බොත් කවුරු හරි පොරෝජං ගන්නේ නැතෑ ලොකුපුතේ.
Deleteසත්ව හැසිරීම් විතරක් නෙවෙයි, අද අපිට පරිසරය රස විඳින්නත් තියන ඉඩකඩ බොහොම සීමිතයි. කෘත්‍රිමව, රූපවාහිනියෙන් මවන, ගඩොල් බිත්තිවල බිත්ති සැරසිලි වලින් මවන පරිසරයක් තමා, අද දරුවන්ට හිමිවෙන්නේ.
පුංචි එකාට කියල දෙන්න ඕනේ මේක.. අදම..
ReplyDeleteවිචා මාමා ගෙන් කියලා කියන්න
Deleteස්තුතියි ක්සැන්ඩර්. කතාව පරම්පරාවෙන් පරම්පරාවට ගලා යාමක් නොතිබුනොත් අතරමගදී නැතිවෙලා යනවා.
Deleteපොඩ්ඩි අහන්නේ දැන් ඔය කතාව විතරයි :) වටු කිරිල්ලිගේ කතාව කියන්නකෝ කියල එන්නේ. මේ ජනකතා අපි රැකගතයුතුමයි. අපේ පොඩි එවුන් නලවන්න අපිට නැත්තන් කියන්න වෙන්නේ ඉන්දියන් ටෙලි කතා මෙහෙම ගියොත්..
Deleteමෙන්ඩා, විචාරක සීයගෙන් කියල කිව්වා :) ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල් :)
අනේ මට බලයක් තියනවානම් ඔය ඉන්දියන් කතා ගෙන්වන, පෙන්වන, එවුන්ගේ පුකේ තාර ගානවා.
Deleteවිචාරක, මටයි මල්ලිටයි අම්මයි තාත්තයි නිතරම ගෙනත් දුන්නේ මේ වගේ විරල ආදර්ශයක් ගන්න පුලුවන් කතා තියන පොත් වැඩියෙන්ම.. අඩුවෙන්ම ගෙනත් දුන්නේ රැල්ලට යන රුසියන් කතා සහ සුරන්ඟනා කතා.. මේ කතාවත් මේ හා සාමාන මේ අර්ථය දෙන වෙනස් වෙනස් කතාත් මම කියවලා තියනවා මගේ පොඩි කාලේ ඒ නිසා. අපිට සමාජයේ පේන්න තියන මේ වගේ තැනුත් අපිට පෙන්නලා තේරුන් කරලා දෙන්න එයාල දෙන්නටම හොඳට වෙලාව තිබ්බා.
ReplyDeleteඅද මගේ පුතාට අම්ම වැඩිපුර තෝරන්නෙත් මේ වගේ කතා පොත්, හොයා ගන්න අමාරුයි ටිකක් දැන්...
ඇත්තටම මේ කතා මුද්‍රිතව තිබුණා. දැන් දැන්, පරිවර්තන කෘති නිසා මේවා යටපත් වෙලා. නමුත් සංරක්ෂණය කර තබන්න වටින කතා.
Deleteඇත්තටම එහම පොත් තිබුනා විචාරක.. අපිට පුරුදු කලේ පොතක් කියවලා ඒකෙන් ගන්න පුලුවන් ආදර්ශ පාඩම් ජිවිතේට එකතු කර ගන්න හැටි මිසක් ගෙදර පොත් ගොඩ ගහල තියන හැටි නෙමේ.. අපි කියවලා ඒ පොතෙන් ගන්න ඕන දේ අරන් කියලා තේරුනාම පොත් අනිත් අයට දෙන්න තමයි අපිට හුරු කලේ. ඒ නිසා අදටත් මම වත් මල්ලිවත් පොත් එකතු කරෙන්නේ නැ. කාටහරි තැගී දෙන්නත් අම්මලා තෝර ගත්තෙ මේ වගේ පොත්.
Deleteබොහොම පින් සිද්ධවෙන වැඩක්, පොත් පරිත්‍යාග කිරීම.
Deleteවිචා.. වටු කිරිලිලිගේ කතාව කියල පොතක් අලුතෙන් පල වෙලා තියෙන්න විත්තිය මං දැක්කා ඊයේ දිවයින සාහිත්‍ය අතිරේඛයේ. ඒක සරසවි ප්‍රකාශනයක්.. මාලනී විජේසිංහ වගේ නමක් තිබුනේ. ගාන දෙසීයයි..
Deleteමේ කතාවම තියනවනම් හරි වටිනවා. පොත් සාප්පුවල බලන්නම්.
Deleteමේ කතාව අහලා තිබුනා කියලා නිකං මැකිල ගිය මතකයක් තිබුනා.
ReplyDeleteකියවලා රස වින්දා.
විචාරක හැමදාම කරන වැලලිලා ගිය අතීතයේ රසවත් තැන් මතුකරන එක හරිම් වටින උත්සහයක්.
කවදා හරි දවසක විචාරකගේ බ්ලොග් එක වටිනා පුස්තකාලයක් වගේ වෙයි.
මේවා තවමත් අපි සෑහෙන දෙනෙකුගේ මතකයෙන් සම්පූර්ණයෙන් ගිලිහිලා නැහැ. නමුත් දන්න දන්න අය මේ විදිහට හරි අන්තර්ජාලයේ සුරක්ෂිත කලොත්, තවකාලයක් මේවා පවතියි.
Deleteඔබේ ඇගයීමට බොහොම ස්තුතියි.
සක්.. මම මේ අර්ථය ල;අස්සනට නිරුපණය කරලා පොස්ට් එකක් දාන්න හිටියේ.. කොහෙද මේ ඉකොනොමැට්ට ඉස්සර වෙලානේ..
ReplyDeleteඑහෙනං එහෙනං. අපි නොදන්න මොනරතැන්න කිව්වලු. හැක්.
Deleteකල්‍යාණ,
Deleteඋඹට සක් ම තමයි කියවෙන්නෙ නේද? සික්....:)
I am 100.....
අනේ ඔන්න අපිනම් දන්නෑ සක් කියන්නේ මොකක්ද කියලා.
Deleteපුංචි කාලේ කියවපු කතාවක්. කුමාරතුංග මහතාගේද? මතක් කරලා හිනාවක් මතු කලාට ස්තුතියි.
ReplyDeleteකර්තෘ වරයා කවුද කියන එක නම් දන්නෑ අජිත්. කුමාරතුංග මුනිදාස ශූරීන් වෙන්න පුළුවන්. ඉතා අගනා කතාවක්.
Deleteඇගයීම ගැන ස්තුතියි.
විචා සීයා මම ගැන කතාවක් ලියලා.... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ....
ReplyDeleteඋම්මා දීලා බේරෙන්න බෑ පුතෝ. කොමෙන්ට්කරුවන්ගේ සංගමයේ සභාපතිත් එක්ක අර බ්‍රෑන්ඩ් එකේ බඩුත් අරන් මාව හමුවීම තමයි හොඳ.
Deleteස්තුතියි කතාවට.දරුවන්ට වැදගත්. තවත් කථා තිබේනම් පළකරන්න....
ReplyDeleteඔබ මීට පෙර මෙහි ආ බවක් මතක නැහැ. සාදරයෙන් පිලිගන්නවා. හැකි සෑම අවස්ථාවකම පැමිණ අදහස් දක්වන මෙන් කාරුණිකව ඉල්ලනවා.
Deleteතවත් කතාවක් අසම්පූර්ණව මතකයේ තිබෙනවා. එය සම්පූර්ණ කලපසු ලියන්නම්.
බ්ලොග් ලොකෙට අලුත් උනත් ඔබේ ළිපි කලක සිට කියවමි. ස්තූතියි
ReplyDeletegood
ReplyDeletegood
ReplyDelete